IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනතාව ඡන්දෙන් දුන් පණිවිඩය

(*** සටහන - චමින්ද මුණසිංහ)

2020 මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රථම ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව යම් යම් අනුමාන විවිධ පාර්ශවවලින් ලැබී තිබුණි. එහෙත් මේ සම්බන්ධව ප්‍රධානම අනුමානය කළ හැකිව තිබුණේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමගය. එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය යම් මහ මැතිවරණයක ප්‍රතිඵලයක් යැයි උපකල්පනය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන්නේ ආසන 127 කි. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 14 ක්ද සමගය. ඒ අනුව විපක්ෂයට ආසන 98 ක් ලැබිය යුතුව තිබුණි. පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගත් ප්‍රතිඵල විශ්ලේෂණය කරන විට එම නිගමනයට එළඹෙන්නට පුළුවන.

එහෙත් එම ප්‍රතිඵලයේදී ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජනබලවේගයට බොහෝ දිස්ත්‍රික්කවලදී සියයට පහ ඉක්මවා යාමට හැකිවූයේ නැත. ඇතැම් දිස්ත්‍රික්කවල ඒ ආසන්නයට පැමිණියද මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට එය ප්‍රමාණවත් වන්නේ නැත. මේ නිසා ඔවුන්ට ලැබෙන්නේ එක් මන්ත්‍රී ආසනයක් පමණි. ඒ ජාතික ලැයිස්තුවෙනි. එසේ වූවා නම් අනිවාර්යයෙන්ම මන්ත්‍රී ආසන 96 ක් අනිවාර්යයෙන්ම විපක්ෂයට ලැබිය යුතුය. ඒ අතරින් මන්ත්‍රී ආසන 16 ක් හෝ 17 ක් දෙමළ පක්ෂවලට ලැබෙන නිසා අවම වශයෙන් ආසන 80 ක් ප්‍රධාන විපක්ෂයට ලැබීමේ අවකාශය තිබුණි. ජනාධිපතිවරණ ප්‍රතිඵලය මහ මැතිවරණයක ප්‍රතිඵලය යැයි සිතා එසේ අනුමාන කළද 2020 මහ මැතිවරණයේ දී වූයේ කුමක්ද?

පොදුජන පෙරමුණට මහ මැතිවරණයෙන් ලැබේවි යැයි අනුමාන කළ මන්ත්‍රී ආසන 127 කිසිවකුත් නොසිතූ ආකාරයට ආසන 145 දක්වා වර්ධනයවීමක් 2020 මහ මැතිවරණයේදී සිදුව තිබේ. ඒ සමග පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ තවත් පක්ෂ මන්ත්‍රී ආසන පහක් හිමිකරගෙන තිබේ. ඒ අනුව පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයෙන් ආසන 150 ක මට්ටමට පැමිණ අවසන්ය. මෙය සමානුපාතික මැතිවරණ ක්‍රමයේ දී බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයකි. සමානුපාතික ක්‍රමයේදී මෙවන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. මෙම ක්‍රමය හඳුන්වා දුන් පසු මීට ප්‍රථම වැඩිම ආසන සංඛ්‍යාව දිනාගෙන ඇත්තේ 2010 දී ය. එම සංඛ්‍යාව ආසන 144 කි. එය ලබාගත්තේද එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. ප්‍රධාන මුස්ලිම් පක්ෂද එද‌ා සිටියේ එ.ජ.නි. සන්ධානය සමග ය.

 එහෙත් මෙවර තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. ප්‍රධාන ධාරාවේ සියලු මුස්ලිම් පක්‍ෂ සිට ගත්තේ සමගි ජනබලවේගය සමගය. ලංකා කම්කරු කොංග්‍රසය හැරුණු කොට අනෙක් පක්‍ෂ සියල්ලම පාහේ සමගි ජනබලවේගය සමග කටයුතු කළේය. 2010 දී මන්ත්‍රී ආසන 144 ක් දිනාගත්තද එතැන යම් පමණක සුළු ජාතික මන්ත්‍රීවරු සිටියහ. එහෙත් මෙවර පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රී ආසන 145 තුළ සුළු ජාතික නියෝජනය බෙහෙවින්ම අඩුය. එම මන්ත්‍රී සංඛ්‍යාව පහක් පමණය. මේ අය ද පොදුජන පෙරමුණ සමගම සිටින අය බව අමතක නොකළ යුතුය.

සිංහල ජන කොටස නිරන්තරයෙන් ම බෙදී සිටින පසුබිමක මෙවන් ජයක් ලැබීම හිනයක් වී තිබුණි. එහෙත් මෙවර එම හීනය සැබෑවීමක් පොදුජන පෙරමුණ ලැබූ ජයෙන් පෙන්නුම් කෙරේ. මන්ත්‍රී ආසන 137 ක් ලැබේවි යන අනුමානයක් ද තිබුණි. ඒ ජනාධිපතිවරණයක දී පරාජය වන ඇතැම් දිස්ත්‍රික්ක මහ මැතිවරණයක දී ජයගත හැකිය යන නිගමනය අනුව ය. මෙවර මැතිවරණයේ දී සියයට හැටකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. 2010 මහ මැතිවරණයේ දී ද ලබාගත්තේ සියයට හැටක පමණ ප්‍රතිශතයකි. මන්ත්‍රී ආසන 150 ඉක්මවායාමට නම් සියයට 65ක වත් ඡන්ද ප්‍රතිශතයක් ගත යුතුය. 2009 දී මෙන්ම 2020 දී ද සියයට 60 ක පමණ ප්‍රතිශතයක් රාජපක්‍ෂ ආණ්ඩුව ලබාගෙන තිබුණ ද එය ලබාගත් සංයුතිය වෙනස් වී තිබේ. 2009 දී ලබාගත් ඡන්දවලට මුස්ලිම් ජනයාගේ ද සැලකියයුතු දායකත්වයක් ලැබී තිබුණි. එහෙත් අද එය බෙහෙවින්ම අඩුවී තිබේ. එනිසා 2020 ලබාගෙන ඇත්තේ සුවිශේෂි මැතිවරණ ජයකි.

තුනෙන් දෙකක බලයක් තමන්ට දෙන ලෙස පොදුජන පෙරමුණේ නායකයෝ ජනතාවගෙන් ඉල්ලීම් කළහ. එම ඉල්ලීම මූලික වශයෙන්ම කළේ 19 වැනි සංශෝධනයෙන් පසු රටේ ඇති වී තිබෙන සුවිශේෂි දේශපාලන අර්බුදය නිමාකර ගැනීමේ සංකල්පය මත ය. එහෙත් සමගි ජනබලවේගයත්, එ.ජා.පයක්, ජ.වි.පෙත් කියා සිටියේ 19 වැනි සංශෝධනය රටට සුබඵල ලබාදී ඇති නිසා එයට අත නොතැබිය යුතු බවය. එනිසා ආණ්ඩුවට තුනෙන් දෙකක් නොදිය යුතු බවය. සමගි ජන බලවේගය උත්සාහ කළේ සජිත් අගමැති කරවා ආණ්ඩුවක් පිහිටුවීමටය. එහෙත් ජනතාව ඉටු කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම කළ ඉල්ලීමය.

එම ඉල්ලීම ඉටුකළා පමණක් නොව මන්ත්‍රීවරුන් තේරීමේදී විශේෂ වරණයක් කිරීමටද ජනතාව කටයුතු කර තිබේ. කීප දෙනකුට යම් යම් හේතුමත ජයගැනීමට නොහැකි වුවත් බොහෝ විට නිවැරැදි වරණයකට ජනතාව ගොස් තිබේ. මීට පෙර දිගාමඩුල්ලේ දේශපාලනය කළ සරත් වීරසේකර මහතා මෙවර කොළඹින් ප්‍රථම ස්ථානයට පත්වීම එක් උදාහරණයකි. කොළඹ කොට්ඨාසය හැරුණුවිට ඉන් පිට කඩුවෙල, මහරගම, හෝමාගම, කැස්බෑව, අවිස්සාවේල්ල ආදි ප්‍රදේශවල බහුතරය සිංහල බෞද්ධය. සිංහල බෞද්ධ නායකයන් පාර්ලිමේන්තුවට පත්කර යැවීමේ වුවමනාව ඔවුන්ට තිබුණි. ගම්පහ දිස්ත්‍රික්කයේ නාලක ගොඩහේවා ආධුනිකයෙකි. එහෙත් ඔහු ජනාධිපතිට දුන් ශක්තිය ජනතාව අගය කර තිබේ. ගම්පහ යනු බණ්ඩාරනායක බලකොටුවකි. එහෙත් මනාප තුන්ලක්‍ෂ විසිපන්දහසක් පමණ ලබාගෙන ප්‍රථමයා වීමට ඔහුට හැකිවුණි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තුන්වැනි තැන ගත්තේ ද ආධුනිකයෙකි. මේ අනුව බලන විට මෙවර මැතිවරණයේ දී ජනතාව බුද්ධිමතුන් කෙරෙහි සැලකිල්ලක් දක්වා තිබේ. ඒ වගේම අවශ්‍ය සංශෝධන කිරීමට ඥානය සහිත පුද්ගලයන් තේරීමට ද ජනතාව කටයුතු කර ඇති ආකාරයක් දැකගත හැකිය. සෑහෙන කාලයකට පසු වෛද්‍යවරු හය දෙනෙක් පත්ව සිටිති. ඉංජිනේරුවෝ හයදෙනෙක් පමණ ද පත්ව සිටිති. ඒ වගේම තවත් වියතුන් මේ අතර සිටින බව අමතක නොකළ යුතුය. අලුතින්ම පත්ව ඇති මන්ත්‍රී සංඛ්‍යාව හැට ගණනකි. දැවැන්ත යැයි අප සිතා සිටි විපක්ෂයේ බොහෝ පිරිසක්ද පරාජයට පත්වීම කැපී පෙනෙන සාධකයකි.

සමගි ජනබලවේගයට යම් පිරිසක් ඡන්දය දී තිබුණද ජනතාව එය කර ඇත්තේද තෝරා බේරා ගෙනය. කොළඹ දිස්ත්‍රික්කයේදී ආචාර්ය හර්ෂද සිල්වා ලබාගත් ඉහළ මනාප සංඛ්‍යාව ඔහුගේ වියත්කමට ලැබුණු ඡන්දයකි. ඒ අනුව බලද්දී ජනතාවගේ තේරීම විශිෂ්ට තත්ත්වයකට පත්ව තිබේ.

ප්‍රධාන පක්ෂ දෙක සැම විටම උත්සාහ කළේ සුළු ජාතික ඡන්ද ලබාගෙන අවශ්‍ය බහුතරය සකස්කර ගැනීමටය. එහෙත් සුළු ජාතික සහයෝගයක් එතරම් ලබානොගෙන සුවිශේෂී ජයක් ලැබීමට මෙවර හැකිවීම එක්තරා ආකාරයකට වෙනස්ම තත්ත්වයකි. සුළු ජාතින් සමග එක් වී කටයුතු කිරීමට යාමෙන් සමගි ජනබලවේගය අද මුහුණ දී සිටින අර්බුදය සැමටම පෙනෙන්නකි. එම පක්ෂයෙන් පත්ව සිටින මන්ත්‍රී 44 දෙනා අතර සුළු ජාතික මන්ත්‍රී ගණන 16 කි. එය ආසන්න වශයෙන් තුනෙන් එකකි. කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වූ හය දෙනාගෙන් තිදෙනෙක්ම සුළු ජාතිකයෝය. මහනුවර දිස්ත්‍රික්කයෙන් පත් වූ හතර දෙනාගෙන් තිදෙනෙක්ම සුළු ජාතිකයෝය. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පත්වූ දෙදෙනාගෙන් එක් අයකු සුළු ජාතිකයකු වීම කැපී පෙනෙන්නකි. මෙයින් පෙනෙන්නේ රටේ ඓතිහාසික නගරවලින් පවා සිංහල අපේක්ෂකයන් පරද‌ා සුළු ජාතික අපේක්ෂකයන් ජයගෙන ඇති ආකාරයකි. පොදුවේ ගත් විට මෙහි වරදක් නැත.

එහෙත් සමගි ජනබලවේගය තුළ රැඳී සිටින මේ කොටස් බොහෝ දුරට විපක්ෂයේ රැඳී සිටීමට කැමැති අය නොවෙති. දැනටම යම් යම් කොන්දේසි පනවමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට අරගල කරන්නේ ඒ නිසාය. මේ සුළු ජාතික නායකයන්ට ඇමැතිධුර, නියෝජ්‍ය ඇමැතිධුර නැතිව සිටීමට නොහැක. ඒ නිසා ඉදිරි කාලයේ ජාතික ආණ්ඩු හැදීමේ යෝජනා පවා මේ අයගෙන් ඉදිරිපත් වන්නට පුළුවන.

නැතිනම් වක්‍රව ආණ්ඩුවට සහාය දෙන්නට ඉඩ තිබේ. ඒ නිසා ඉදිරියේදී තව දුරටත් විපක්ෂය දුර්වල විය හැකිය. ජාතික සමගි ජනබලවේගයට ඇත්තටම සහාය දක්වන පිරිස එලෙස අඩුවීම රටක් වශයෙන් විපක්ෂයක් වශයෙන් හොඳ නැත. හොඳ ආණ්ඩුවකට සෑම විටම ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය ය. ඒ නිසා ඉදිරියේදී අපට දක්නට ලැබෙන්නේ බොහෝ වෙනස්වීම් සහිත රටක් බව මාගේ විශ්වාසයයි.
19 වැනි සංශෝධනය ඉවත්කර විශාල බලයක් සහිත ජනපතිවරයකු නැවත නිර්මාණය කිරීමට ආණ්ඩුව සැරසෙනවා කියන මතය බොහෝ විදෙස් ප්‍රවෘත්තිවල විකාශය වූවකි. මෙය මෙරට සමාජයෙන්ම කවුරුන් හෝ ලබාදෙන වැරැදි චිත්‍රයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී ආණ්ඩුවේ සිටින සුළු ජාතික මන්ත්‍රීවරුන් යම් බලපෑමක් කරනු ඇත. සියලු දේ වෙනස් කිරීමට ඔවුන් එකඟ නොවන්නට පුළුවන. ඒ නිසා යම් පාලනයක් සිදුවන බව පැහැදිලිය. එය යහපත් තත්ත්වයකි. විපක්ෂය ඉදිරියේදී දුර්වල වූවොත් ඒ එහි සිටින සුළු ජාතික නායකයන් ආණ්ඩුවට එක්වීමට ගන්නා උත්සාහය හේතුවෙනි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් සකස් කිරීමේ දී සුළු ජාතිකයන්ට අතිශය අහි තකර ව්‍යවස්ථාවක් නිර්මාණය වේ යැයි සිතිය නොහැක. අපට ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ ව්‍යවස්ථාවකට වඩා හොඳ මැතිවරණ ක්‍රමයක් සකස්කර ගැනීම ය. ඒ නිසා කළ යුතු වන්නේ  මනාප ඡන්ද ක්‍රමයක් සමග තව දුරටත් ඉන්නවාද නැද්ද කියා තීරණය කිරීමය. නැති නම් සාධාරණ මනාප ක්‍රමයක් කෙරෙහි සිතා බැලීමය. පළාත් සභාවලට කරන්නේ කුමක්දැයි නිගමනයකට එළැඹිය යුතුය. ඒ අනුව සාධාරණ මැතිවරණ ක්‍රමයක් සකස්කර ගැනීමට සිදුවන බව පැහැදිලිය.

ඒ වගේම ස්වාධීන යැයි කියන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවට යම් බලයක් හෝ කාලය අඩු කිරීමක් අවශ්‍ය විය හැකිය. මේ සාමාජිකයන් නිවැරැදිව කටයුතු නොකරන්නේ නම් ඔවුන් ඉවත් කිරීමට සහ වෙනත් අය පත්කර ගැනීමේ යම් ක්‍රමවේදයක් අවශ්‍ය ය. ඒ හැරුණු විට පවත්නා ව්‍යවස්ථාවේ විශේෂ වෙනසක් අවශ්‍ය ද යන ප්‍රශ්නය තිබේ. කෙසේ වුවත් සමස්තය ගැන සිතා රට පාලනය කිරීම අවශ්‍ය ය.

මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ජාතිවාදී බෙදුම් රේඛා යළි තහවුරු කළාදැයි යම් කෙනකු ප්‍රශ්න කළ හැකිය. එහෙත් එලෙසම සිතන්නට හේතුවක් නොමැත. මැලේසියාව ආදී රටවල රැකියාදීම ආදිය සිදුවන්නේ ජන ප්‍රතිශතය අනුවය. එහෙත් මෙරට එවැන්නක් නැත.

රැකියාවලට, විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට වැඩි අවකාශය ඇත්තේ සුදුස්සාටය. හැකියාව ඇති කෙනාටය. මෙවර මැතිවරණ ප්‍රතිඵලය දෙස බලන විට රටේ සුළු ජාතික නියෝජන සැලකිය යුතු මට්ටමක තිබේ. එහෙත් එහි යම් අඩුවීමක්  දැකගන්නට පුළුවන. එය තීරණය වී ඇත්තේ ඔවුන් ඡන්දය පාවිච්චි කළ ආකාරය අනුව වන්නට පුළුවන. කෙසේ වුවත් සුළු ජාතික මන්ත්‍රීවරුන් වැඩි පිරිස සිටින්නේ විපක්ෂයේ බව පැහැදිලිය. මෙහි බලපෑම තීරණය වන්නේ ඉදිරියේ දී ය. මේ හා සමානම තත්ත්වයක් ඉන්දියාවේ ද නිර්මාණය වූයේ ය. ඒ නිසා මෙය ඇතැම් විට දකුණු ආසියානු ප්‍රවණතාවක් විය හැකිය. ඒ නිසා මෙරට සුළු ජාතික පක්ෂ නායකයන් ද නිරීක්ෂණ නුවණින් තීරණ ගන්නවා නම් එය වඩාත් හොඳ ය.

එ.ජා.පයට කිසිදු ආසනයක් ජය ගැනීමට නොහැකි වේ යැයි කිසිවකුත් සිතුවේ නැත. ඉදිරිපත් වූ බොහෝ අනුමානවල එ.ජා.පයට මන්ත්‍රී ආසන හයේ සිට විසි පහ දක්වා ගණනක් දක්වා තිබුණි. එහෙත් ලැබුණු ප්‍රතිඵලය එ.ජා.ප. නායකයන්ට සහ අනෙක් පක්ෂවල නායකයන්ට පවා සිතාගත නොහැකි ය. සිංහල බෞද්ධ පදනම ඇමතිය හැකි නායකයන් එ.ජා.පයේ සිටියේ අල්පවශයෙනි. එය මේ ප්‍රතිඵලයට විශේෂ බලපෑමක් කළේ ය. ඒ වගේම මෙතෙක් කලක් එ.ජා.පයට ශක්තියක් වී තිබූ සුළු ජාතික පක්ෂ එම පක්ෂයෙන් ඉවත්වීම ද මෙම දරුණු පරාජයට හේතුවකි. මෙම කාරණ නිසා කිසිදු දිස්ත්‍රික්කයක සියයට පහ ඉක්මවන ප්‍රතිඵලයක් ලබාගැනීමට එ.ජා.පයට හැකි වූයේ නැත.

මෙය අනපේක්ෂිත ප්‍රතිඵලයකි. ඒ වගේම ඡන්ද පාවිච්චිය ගණනය කරන විට එ.ජා.ප. සැලකිය යුතු පිරිසක් ඡන්දපොළට නොපැමිණි බව සිතන්නට පුළුවන. ඡන්දපොළට නොපැමිණි පිරිසෙන් සියයට හැටක් පමණ එ.ජා.ප. පාක්ෂිකයන් යැයි සිතිය හැකිය. එ.ජා.පයේ සිදුවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් කිසිවක් සිදුනොවීම ද මේ අනපේක්ෂිත ප්‍රතිඵලයට හේතු වී තිබේ. මේ ප්‍රතිඵලය එ.ජා.පයට වැදගත් පාඩමකි.



අදහස් (5)

ජනතාව ඡන්දෙන් දුන් පණිවිඩය

rana Wednesday, 12 August 2020 09:37 AM

ඔබ දෙන්න යන පණිවිඩය කුමක්ද? මහත්තයෝ මේක කාල තුවක්කුවකින් ගේ කුරුල්ලන්ට වෙඩිතැබීම වැනි දෙයක්නේ...

:       116       127

shyamalie de Silva Friday, 14 August 2020 05:25 AM

ඉතාම මැදහත් විවරණයකි.

:       142       127

කංචන Friday, 14 August 2020 06:28 AM

මෙම ලිපියෙන් යමක් කියන්න හදන්නේ කාටද? නැත්නම් ලකුණු දා ගැනීමට ලියන ලද්දක්ද? ජනතාව ඡන්දය දැම්මත් ජනතාව දන්නවා පත්කර යවන මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් වැඩ නොකරන බව. ඔහුට වෙලා තියෙන්නේ ඊට උඩින් ඉන්න කිහිප දෙනා වෙනුවෙන් වැඩකර තමන්ගේ වැඩටික කරගෙන ලකුණු කපාගන්නේ නැතිව ඉන්න. ජනතාව හැම වෙලාවේම රැවටුණා. ඔබතුමාලා කඩේයන්නේ නැතිව ජනතාව බේරගන්නවා නම් හොඳයි..

:       158       186

එරා Saturday, 15 August 2020 03:02 PM

වැඩබලන උප කුලප‍ති, කුලපති වීමට කල නීච උත්සාහයක්...

:       39       106

lalith Tuesday, 18 August 2020 02:27 AM

ජනතාව ඡන්දෙන් කිව්වේ, මට උපකුලපති කමත්, මගේ නෝනාට යූජීසී සභාපති කමත් දෙන්නනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 64 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1383 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 641 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4628 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12964 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site