IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ජනතා විරෝධතා දිනයේ කටුනායක ‘ගොන්කම’

ඉකුත් 29 වැනිදා අප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ ‘‘රටම කොට උඩ’’ යන්නය. මුළු රටේම තත්ත්වය එම සිරස්තලයෙන් පිළිබිඹු වේ. එම සිරස්තලය අදටත් වලංගුය. ප්‍රශ්නය වන්නේ එය හෙටටත් වලංගු වේද යන්නය. රට හමුවේ තිබෙන බරපතළම ප්‍රශ්නය එයය.

රටම කොට උඩ ගියේ ඇවිළී ගිය ජන සටන් හේතුවෙනි. ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වහා ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් මෙම ජන සටන් ඇවිළී යමින් තිබේ. 28 වැනිදා ජන සටන ඉතිහාසයේ දැවැන්තම විරෝධය ලෙස ද සටහන් වී තිබේ. දැවෙන ප්‍රශ්නවලට ක්ෂණික හා නිවැරදි විසඳුම් නොලැබෙන විට සටන් වදිනු විනා වෙනත් විකල්පයක් ද නැත. 

රට තිබෙන්නේ ගිනි කන්දක් මතය. ගිනි කන්ද පුපුරා යාමට ආසන්නය. ඒ බවට සංඥා කරමින් දුම් දමමින් තිබේ. ඒ සංඥාව නිවැරදිව හඳුනා ගත යුතුය. නොඑසේනම් විනාශ වන්නේ මුළු රටමය. එබඳු විනාශයකදී කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවනු ඇත. වහා වටහා ගතයුතු පරම සත්‍ය එයයි.

අරගලකරුවන් වෙතද පණිවිඩයක් දීමට තිබේ. මෙම අරගල මාදිලිය නැවුම්ය. විචිත්‍රය. එමෙන්ම ආගන්තුකය. ප්‍රචණ්ඩ හා ප්‍රවේගකාරීත්වයෙන් දුරස්වීම ප්‍රශස්තය. එහෙත් මාර්ග අවුරා සිදු කරන විරෝධතාවලින් පීඩාවට පත්වන්නේ අරගලකරුවන් විඳින වේදනාව කිසිඳු වෙනසකින් තොරව විදින ජනතාවමය. තමන් බඳුම ජනතාවකට අතිරේක පීඩාවක් ගෙනදීම සාධාරණ නැත. යුක්තිගරුක නැත.

විනාශය, විනෝදයක් හා වින්දනයක් කරගත් පිරිසක් ද සිටින බව පැහැදිලිය. මහ ජනයාගේ සාධාරණ අරගලය මතට වසුරු හෙළන්නෝ ඔවුහු වෙති. ඉකුත් 28 වැනිදා විරෝධතාවේදීද එබන්දන්ගේ ‘ගොන්කම්’ රැසක් ප්‍රදර්ශනය විය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යන මාර්ගය අවුරා විරෝධතා පැවැත්වූ බැවින් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය. විදෙස්ගත වන්නන් ද මෙරටට පැමිණ යළිත් තම රටට යාමට ගුවන් තොටුපොළට යමින් සිටි විදේශිකයන්ටද තම කඳමලු කර තබාගෙන බොහෝ දුර පයින් ඇවිද යාමට සිදුවිය. එම විදේශිකයන්ට අපගේ ආදරණීය මෘතෘ භූමිය සම්බන්ධයෙන් කවරාකාර හැඟීමක් ඇතිවන්නට ඇද්දැයි සිතා ගැනීම අසීරු නැත.

ලෝක සිතියමේ ඇබැටක් තරම් වුවද මේ රට සංචාරක පාරාදීසයකි. නවෝත්පාදන ආර්ථිකයක් සම්බන්ධයෙන් අවධානය යොමු නොවුණ රටක අපට විදෙස් විනිමය උපයාගත හැකි එක් ප්‍රධාන මාවතක් වන්නේ ද සංචාරක ව්‍යාපාරය වේ. කොවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය වළපල්ලට ගියේය. අප රටට මෙවැනි දුක්ඛිත ඉරණමක් අත්වීමට එයද එක් ප්‍රධාන හේතුවකි.

කොවිඩ් වසංගතයේ මාරාන්තික පෙනුම තුරන් වී යාමත් සමඟ සංචාරක ව්‍යාපාරය නව පණක් ලැබුවේය. එහෙත් රටේ නිර්මාණය වූ ඉන්ධන හිඟය, විදුලිය විසන්ධිය නිසා මෙන්ම ගම් නගර ජනපද සිසාරා ඇවිළී ගිය ජන සටන් නිසා යළිත් සංචාරක ව්‍යාපාරයට කණකොකා හඬා තිබේ. මෙම තත්ත්වය ඉක්මනින්ම වෙනස් කර ගත යුතුව තිබෙන්නේ එහෙයිනි.

අතිශය ප්‍රියමනාප හැඟීමකින් සංචාරය සඳහා මෙරට තෝරාගෙන පැමිණෙන විදේශිකයන්ට රටේ තත්ත්වය සම්බන්ධයෙන් කම්පනයක් ඇති වීම වැළැක්විය නොහැක. එමෙන්ම මෙරටට පැමිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් බලවත් පසුතැවීමක් ඇති නොවන්නේ නම් එයද විමතියකි. එබඳු මනසක් යළිත් වරක් මෙරටට පැමිණීමට තීරණය නොකරනු ඇත. එමෙන්ම මේ රටට පැමිණීමට කැමැත්තෙන් සිටින කෙනකුට වචනයකින් හෝ දිරි නොදෙනු ඇත. අලාභය රටටය. රටේ පැවැත්මටය.

විනාශය, විනෝදයක් හා වින්දනයක් බවට පත් කරගත් ඔලමොට්ටලයන් රටට කළ හානිය අතිවිශාලය. රටේ යම්තමින් හෝ ඉතිරි වි ඇති කීර්ති නාමයට නින්දා සහගත කැළලකි. සටන් යනු එබඳු විපත් රැගෙන එන්නක් නොවිය යුතුය.

සටන් කිරීමද කලාවකි. එහෙයින් සටන් කළ යුත්තේ එම කලාව ප්‍රගුණ කර හා ප්‍රගුණ කරගනිමින්ය. සටන් කළ යුත්තේ කෙසේදැයි නොදන්නේ නම් පළමුව කළ යුත්තේ සටන් නොකර ඉඳීමය. සටන් වදින අයුරු නොදැන සටන් කිරීමෙන් සිදුවන්නේ සටන ‘‘අල’’ වීමය.

තරුණයන් ඇතුළු අප සියලු දෙනාම රටට ආදරය කරන පිරිස් වෙති. රට හා බැඳුණු විසල් මනසක් අප සියල්ලන්ටම තිබේ. ජනයා සටන් වදින්නේද ඒ රටට තිබෙන ආදරය නිසාමය. එහෙත් එම සටන් යහපත් ප්‍රතිඵල අත්කර දෙන සටන් විනා රටට හතුරුකම් කෙරෙන රටට අලාභය රැගෙන එන සටන් බවට පත් නොවිය යුතුය. අවධාරණය කළ යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ ‘‘නොදන්නාකම විනාශය වළක්වා නැති’’ බවය. ඉතිහාසය ඉගෙනගත යුතු වන්නේ ද ඒ වෙනුවෙනි.

(***)



අදහස් (1)

ජනතා විරෝධතා දිනයේ කටුනායක ‘ගොන්කම’

බද්රානි Wednesday, 04 May 2022 03:07 PM

ගුවන් තොටුපොල මාර්ගය අවහිර කරමින් කල උද්ගෝෂණය ඔලමොට්ටල ක්‍රියාවක් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි. නමුත් කොරෝනා වසංගත සමයේ ශ්‍රී ලාංකිකයින්ට මුළු ගුවන් තොටුපොලම වසා තිබීම ඔලොමොට්ටලයින් විසින් සිදුකල ඉතාම නින්දිත ක්‍රියාවක් නොවෙයිද? සංචාරක කර්මාන්තය හා සුද්දන් රස්තියාදු වීම පිලිබදව කිඹුල් කඳුළු හෙලන අය, ශ්‍රී ලාංකිකයින් පිටරටවල නන්නත්තාර කල අමන ඔලමොට්ටල පාලකයින් ගැන වචනයක් හෝ කතා නොකළේ ඇයි? ලංකාවේ එකෙක් නම් මොන තරාතිරමක හිටියත් ඒකා, කිසිම මනුස්සකමක් නොදත් තිරිසන් මිලේච්ජ සිතුවිලි සහිත අවලම් ඔලොමොට්ටලයෝම තමයි.

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 106 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 379 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 118 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 116 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 287 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 547 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 105 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site