සිනහා නොවන මෙන් ඉල්ලමින් මෙහි ආරම්භක වැකිය සටහන් කරමු. එනම් රටේ උත්තරීතරම ආයතනය පාර්ලිම්න්තුව යන්නය. පාර්ලිමේන්තුව එසේ රටේ උත්තරීතර ආයතනය වන්නේ එය නියෝජනය කරන කඳ බඩ උස් මහත් ගරු කටයුතු මහජන නියෝජිතයන් නිසා නොවේ.
නීති සම්පාදනය කිරීමේ බලයත් එම නීති සම්මත කිරීමේ බලයත් පාර්ලිමේන්තුව සතු හෙයිනි. එමෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධ බලය පැවරී ඇත්තේද පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජයකට එක ශත පහක් හෝ වියදම් කළ නොහැකි තරමට පාර්ලිමේන්තුව හා මූල්‍ය විනය අතර සම්බන්ධය ඉතා බලවත්ය. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු කටයුතු මහජන නියෝජිතයන්ගේ වගකීම එමගින් මනාව පැහැදිලිය.
කරුණු කාරණා එපරිදි වුව ද අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතාට බැණ වැදී පහර දීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසුව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරනු ලැබූ බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු ප්‍රතිපත්ති සම්පාදකයෝ වෙති. එහෙත් පාර්ලිමේන්තුවේ සිදු නොවන්නේ ද එයමය. ඒ වෙනුවට පෞද්ගලික ජීවිතවල සදාචාරාත්මක වැහැරිම්, අනියම් සබඳතා ආදී ජුගුප්සාජනක දෑ වලින් ගහ බැණ අඬගැසීම් මිස හරවත් සාර ගර්භ අදහස් දැක්වීමක් අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. දුරාතීතයේ පැසුණු දේශපාලනඥයන්ගේ පාර්ලිමේන්තු කතාවක් යනු පුස්තකාලයක් පරිශීලිනය කළා බඳුය. දැන් පාර්ලිමේන්තු කතා යනු හුදී ජනයා නොදන්නා ඇසැබි වදන් දැන ගැනීමට ලැබෙන අවස්ථාවකි.
නිමල් ලංසා-චමින්ද විජේසිරි පන්නයේ ගැටුම් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු සිදුවීම නොවේ. 80 දශකයේ දී වාසුදේව නානායක්කාර විපක්ෂයේ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම පහර දෙනු ලැබුවේ හැඳ සිටි ඇඳුම් කීතු කිතු කර ඉරා දමමිනි.
කුප්‍රකට දින පනස් දෙකේ පාර්ලිමේන්තු කාලය තුළ ගරු කටයුතු මහජන නියෝජිතයන්ගේ තරම රටටම දැක ගත හැකි විය. උත්තරීතරම ආයතනය ලෙස සැලකෙන පාර්ලිමේන්තුව එකල මදාවියන්ගේ තිප්පොළක් බවට පත්විය. පොත් හා පුටු වතුර බෝතල් ආදියෙන් ප්‍රති පාර්ශ්වයට පහර එල්ල කිරීම් ද මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරමින් ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ගරු කටයුතු මහජන නියෝජිතයන් කටයුතු කළ ආකාරය මුළු රටම දුටුවේය. ප්‍රති උත්තර ලෙස දක්නට ලැබුණේ එක් මහජන නියෝජිතයකු හැඳිවත ඔසොවා පාර්ලිමේන්තු සභා ගර්භයට තම නිරුවත ප්‍රදර්ශනය කිරීමය.
රට තිබෙන්නේ අර්බුද පොකුරකය. යථාර්ථය එයය. මේ රටේ ජනයා පෝලිම්වල අපා දුක් වින්දාහ. ඇතැම් පුරවැසියෝ එකී දුක දරාගත නොහැකිව පෝලිම්වල මියගියහ. තවමත් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ කිව් ආර් ක්‍රමයටය. එයින් සෑහීමට පත්වීමට වාහන හිමියන්ට සිදුවී තිබේ. බඩු මිල අහස උසට නැග තිබේ. වේල් දෙකක් කැප කර එක වේලකින් සෑහීමට පත්වීමට බොහෝ පවුල්වලට සිදුවී තිබේ. රටේ තිබූ අර්බුද සුළියට තාවකාලික විසඳුම් ලැබී තිබේ. එහෙත් අළු යට ඇති මෙම ගිනි පුපුරු මහා ගිනි ජාලාවක්ව කොයි මොහොතේ මතු වේදැයි යන දෙගිඩියාවෙන් කලදවස ගෙවා දැමීමට ජනතාවට සිදුවී තිබේ.
එක් දිනකට කෝටි ගණන් වියදම් කර පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය යුත්තේ මෙකී ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමටය. වඩාත් විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණ දිය හැකි පරිසරයක් පුරවැසියාට නිර්මාණය කරදිය යුතුය. මහජන නියෝජිතයන්ගේ පරම වගකීම එයය. එම වගකීම ඉටු නොකර එකිනෙකා මරා ගන්නා තැනක් බවට පාර්ලිමේන්තුව පත්වේ නම් එබඳු පාර්ලිමේන්තුවකින් රටට අත්වන සෙතක් නැත.
‘‘225 ම එපා’’ යනුවෙන් සමාජයේ පතුල බිඳගෙන මතවාදයක් නිර්මාණය වූයේ අහම්බයෙන් නොවේ. එයට මෙම මහජන නියෝජිතයන්ගේ හැසිරිම බරපතළ ලෙස බලපෑවේය. ඒ මහ ජනයා සිතන ආකාරය තේරුම් ගැනීමට මහජන නියෝජිතයන් අසමත් වන්නේනම් එහි ප්‍රතිඵලය අතිශයින්ම කනගාටුදායක විය හැකිය.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනතා විශ්වාසය පළුදු කරන්න එපා
ganegoda Saturday, 26 November 2022 05:56 PM
දැන් කවුද මේ අයව විශ්වාස කරන්නේ?