IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනාධිපතිවරණය පෙනි පෙනී මහ මැතිවරණයක් කුමටද

හදිසි පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනතාවගේ අනුමැතිය ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇතැයි සති අන්තයේදී මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. මේ වසර අගභාගයේදී පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසීමට තිබෙන නීතිමය හැකියාව පිළිබඳව මේ වනවිට නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබෙන බවද එම වාර්තාව සඳහන් කරයි.

රට තුළ දැනට පවතින විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර මතුවී තිබෙන අර්බුදවලට මහමැතිවරණය විසඳුමක් වනු ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කරන බව මේ කතාවේ යටිපෙළ වශයෙන් හඳුනාගත හැකිය. ඉතාම පැහැදිලිව මේ වසරේ දෙසැම්බර් මස 07 වැනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක කළ මතය විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ වසර 05කින් ධුර කාලය අවසන් වන බවය. ඒ අනුව ලබන වසරේ ජනවාරි 8 වැනිදා වනවිට නව ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය දිවුරුම් දී සිටිය යුතුය. මේ නිසා ජනාධිපතිවරණය ඊට මාසයකට පෙර පවත්වා අවසන් කර තිබීම අවශ්‍යය. 

ජනාධිපතිවරණය පැවැත්වීම ඉර හඳ මෙන් පැහැදිලි කාරණාවක් තිබියදී ඊට පෙර කඩිමුඩියේ මහමැතිවරණයක් පැවැත්වීමට අදහස් කිරීම තේරුම්ගත නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේ 17 වැනිදායින් පසුව ඕනෑම දිනයක මහමැතිවරණය පැවැත්වීමට අවකාශ තිබේ. වත්මන් පාර්ලිමේන්තුවේ පාලන කාලය වසර 4 1/2 ක් ගෙවීයාමෙන් පසුව එය ඕනෑම මොහොතක විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනාධිපතිවරයාට බලය තිබීම ඊට හේතුවය. එවැනි තත්ත්වයක් තුළ මහමැතිවරණයක් හදිසියේ කැඳවීමට අදහසක් ඇතිකර ගැනීම ලිහන්න තිබෙන මල්ල ඔබා බැලීමක් නොවේදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. 

මහමැතිවරණය පැවැත්වීමට මහජනතාවගේ අදහස් විමසීමේ ජනමත විචාරණයක් පැවැත්වීම ද ආවාට ගියාට කළහැකි දෙයක් ද නොවේ. එය තවත් මැතිවරණයකි. ඒ සඳහා මහජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි 400කට වැඩි මුදලක් වැය කළ යුතුය. “එදා වේල ටුවර්ස්” තත්ත්වයක ආර්ථිකයක් පවතින රටකට එවැනි වියදමක් දැරීම කෙසේවත් ඔරොත්තු නොදෙනු ඇත. රටේ පාලනය භාරව කටයුතු කරන පාර්ශ්ව දෙකේ ගැටලු විසඳා ගැනීමට නොහැකි වීම මහජනතාවගේ වැරැද්දක් නොවේ. එය අරමුණු කර ගනිමින් එතරම් මුදලක් වැය කිරීමෙන් කිසිම පලක් නැත. මේ රටේ විසඳීමට තවත් විශාල ගැටලු_ පවතිද්දී එවැනි පල රහිත ක්‍රියාවකට වැයකරන කාලය පවා අපරාධයකි. අනෙක් අතට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වඩා තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මේ ආකාරයට තීරණවලට එළඹීම ද යුක්ති සහගත නැත. 

හදිසි මහ මැතිවරණයක් කැඳවීමේ වෑයමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩිව විරෝධය පළකරන බවද අසන්නට ලැබිණි. මේ පක්ෂ දෙකම ප්‍රකාශ කර ඇත්තේ නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම අවශ්‍ය බවය. රටේ මහජනතාව වෙතින් ද මේ අවස්ථාවේදී මහ මැතිවරණයකට යායුතු බවට හඬක් නැඟෙන්නේ නැත. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර යළිත් වරක් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් වශයෙන් ජනමත විචාරණයක් යොදවා ගැනීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවද පැවසීමට කැමැත්තෙමු.

රටේ මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සඳහන්ය. ඒ ගැන යම් අපැහැදිලි තත්ත්වයක් පැවතිණි නම් ඒ තත්ත්වය ද පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පසුව උද්ගත වූ අර්බුදයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුවල පැහැදිලිව සඳහන් වෙයි. ඇතැම් නීති විශාරදයන් පෙන්වා දෙන්නේ මහමැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබියදී සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද කරුණු නිරාකරණය දී තිබියදී ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් අදහස් විමසීම නිවැරැදි ක්‍රමවේදය නොවන බවය. ව්‍යාවස්ථාවේ සඳහන් කරුණුවලට පටහැණි දේ පිළිබඳ මතය විමසීම සිදුනොකළ යුතු බව ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී තිබේ. මේ අනුව පෙනෙන්නට තිබෙන්නේ හදිසි මහමැතිවරණයට යාම සඳහා ජනාධිපතිවරයා තුළ යම් අදහසක් ඇත්නම් එයට දේශපාලන වශයෙන් පමණක් නොව නීති අංශවලින්ද දැඩි විරෝධයක් එල්ලවනු ඇති බවය. එය රටේ තිබෙන ප්‍රශ්න විසඳීමක් නොව තවත් ප්‍රශ්න රැසක් ඇතිකිරීමට හේතුවනු ඇත.

ජනාධිපතිවරණයකට පෙර මහජන මතය විමසීමට අවශ්‍යම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට කෝටි සියගණනක් වැයකර කාලයත් කා දමනවාට වඩා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයක් තිබේ. එනම් තවදුරටත් කල්දමමින් තිබෙන පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීමට කටයුතු යෙදීමය. ඒ සඳහා මුදල් වෙන්කර තිබෙන බැවින් අතිරේක මුදලක් වැයවන්නේ ද නැත. එය මහ මැතිවරණය අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කිරීමට යොදවා ගතහැකි හොඳම “ජනමත විචාරණය” බව අපගේ වැටහීමය.



අදහස් (9)

ජනාධිපතිවරණය පෙනි පෙනී මහ මැතිවරණයක් කුමටද

lalithm Friday, 21 June 2019 07:42 AM

බලය?

:       5       17

chandima Friday, 21 June 2019 11:53 AM

ජනාධිපතිවරණයට පසුව රටේ බොහෝමයක් විධායක බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයාටයි. මේ පවතින පාර්ලිමේන්තුව මෙවැනි බලයක් ලබාගැනීම සඳහා ජනතාව විසින් පත්කළ පාර්ලිමේන්තුවක් නොවෙයි. අගමැතිවරයා රටේ බහුතරයකින් බලයට පත් පුද්ගලයෙකුත් නොවෙයි. අනිත් අතින් පවතින රජය නිසිකලට මැතිවරණ පවත්වා බලය තහවුරු කරගත් හෝ තමන් වැඩි විශ්වාසයක් දිනාගත් පිරිසක් බව මෑතකදී තහවුරු කරගෙන හෝ නැහැ. එවැනි අවස්ථාවක අප පැමිණ ඇත්තේ රටේ භෞම්ක අඛණ්ඩතාවය, ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබඳව තීරණාත්මක තීරණ ගැනීමට අවශ්‍ය අවධියකටයි. තවද පවත්නා රජය මේ මැතිවරණ උණුසුම වෙනුවෙන් රටේ කිසියම් වැඩ කොටසක් කිරීමට උත්සාහ දරනවා විනා පසුගිය කාලය පුරාවටම කිසිඳු ආර්ථික සංවර්ධනයකට දායක වුණු පිරිසකුත් නොවෙයි. මෙවැනි අඳුරු යුගයක කිසිදු බලතලයක් නොමැති ජනාධිපතිවරයෙකු පත්කිරීමට මැතිවරණයක් පවත්වා කුජිත වූ පිරිසකට අතයටින් බලය මාරුකරනවා වෙනුවට මහා මැතිවරණයක් පවත්වා නිසි ජනතා කැමැත්ත ඇතිව ඒ සියලු බලතල සහිත රජයක් පත්කිරීම සුදුසු නොවන්නේද?

:       138       804

Bishan Friday, 21 June 2019 12:26 PM

මේ පාරත් ජනාධිපති ඉල්ලන් කන්න යන්නේ...

:       0       109

athula Friday, 21 June 2019 04:12 PM

වෙනම එකඑක මැතිවරණ පවත්වනවා වෙනුවට එකම මැතිවරණයකදී සියලු ප්‍රශ්න අඩංගු ඡන්ද පත්‍රිකාවක් දීමෙන් සියලු මැතිවරණ එකටම පැවැත්විය නොහැකිද? එකම අමතර වියදම වන්නේ එක එක පළාතට වෙනස් මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුවීමයි...

:       0       10

Chanak los angeles Saturday, 22 June 2019 10:22 PM

මගේ ප්‍රශ්නය 19 වෙනි සංශෝදනය අනුව විධායක බලතල රහිත නාමිකව පමණක් පත්වෙන ජනපතිවරයෙක්ව තෝරාගන්න මොකටද බිලියන ගණනක් මුදල් නාස්ති කර ජනපතිවරණයක් පවත්වන්නේ ?එදා විලියම් ගොපල්ලව පත්කරා වගේ වියදමක් නොකර කරන්න පුළුවන් නේද ?

:       0       3

චමින්ද Sunday, 23 June 2019 01:20 AM

දැනගන්න තියෙනවා දේශයට කැමති ...තුමෙකුත් ආසන සංවිධායක කමක් ලබාගෙන මැතිවරණයට එනවා කියල. ඔහුගේ උපදෙස් අනුව මෙම ඉල්ලීම කරනවා ඇති.

:       0       0

de silva berlin Sunday, 23 June 2019 01:40 PM

මහපක්ෂ දෙකේම නායකයෝ දෙතුන්දෙනා කරන්නේ සුළුපක්ෂ ටික පිරිවරාගෙන ඡන්දෙට කලින් බොරු පොරොන්දු දීලා අපිව රවටලා බලේ අරගෙන අපිව ටිකෙන් ටික සූරාකන එක... මේ රට ගොඩගන්න ඕනේ නම් ඔය දේශපාලන පක්ෂ දෙක තුනටම නැති නාගානන්ද කොඩිතුවක්කු, කුමාර සංගක්කාර, කාදිනල්තුමා වගේ රට, ජාතියට ආදරය කරන දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති කෙනෙක් නිර්පාක්ෂික ජනපති ලෙස පත්කරගන්න ඕනේ... ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරවලා දමලා, විද්වත් හොර බොරු නැති කණ්ඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට පත්කරගෙන මධ්‍යම යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ජපානයේ තිබෙන ආකාරයට නීතියේ අධිපත්‍යය රටේ ස්ථාපිත කරන්න ඕනේ... නඩුකාරවරු වැඩියෙන් බඳවාගෙන අල්ලස් නඩු, ඉඩම් නඩු, මිනීමැරුම් නඩු ඇතුළු සියලුම නඩු වර්ග යුරෝපයේ සිදුවන පරිදි මාස කිහිපයකින් තීන්දුව දෙන්න ඕනේ... නැතුව අපි පසුගිය අවුරුදු 70දී කළා වගේ මහපක්ෂ 2-3 දේශපාලකයන් මාරුවෙන් මාරුවට බලයට ගෙනඑමින් ඉදිරියටත් ඔවුන් පසුපස ගියොත් තව අවරුදු 10-15 කින් අපේ රට සෝමාලියාවේ තත්වයට වැටෙනු ඇත.

:       7       69

mara Monday, 24 June 2019 09:36 AM

මෝඩයෙක් පත්කරගන්නට ඇයි මෙච්චර සෙල්ලම්? අඹේවෙලින් එකෙක්ව ගන්න පුළුවනි. දැන් ඉන්න කෙනාට වැඩිය හොඳ...

:       0       1

අවසන් හුස්ම Monday, 24 June 2019 11:17 AM

දෙකම එකට තිබ්බා නම් ඉවරනේ???

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 537 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1042 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 973 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 177 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 116 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1006 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18732 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site