IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් පොලිස්පතිට දෝස්මුරයක්

(පරිවර්තනය : කෝවිද ගුණසේකර)

අගමැතිවරයාට එරෙහිව එල්ල කළ බරපතල වාග් ප‍්‍රහාරයෙන් පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නැවත වරක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාමදානව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ පසුගිය අඟහරුවාදා රාති‍්‍රයේ පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවසේ දී පැය දෙකහමාරකට ආසන්න කාලයක් දෙදෙන අතර පැවැති සාකච්ඡාවකින් පසුවය. 

දෙදෙනා අතර පවතින ගැටළු මෙන්ම සභාග රජයේ ප‍්‍රධාන පාර්ශවයන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ලෙස පක්ෂ අතර පවතින ගැටළුද මෙහි දී සාකච්ඡාවට බදුන් විය. බරපතල තත්ත්වයේ වූ ගැටළු අඩුම තරමේ දැනට හෝ, විසඳී ඇත.

ජනපතිවරයා සහ අගමැතිවරයා අතර මෙම සාකච්ඡාව සංවිධානය කිරීමේ ගෞරවය හිමිවන්නේ සභාග රජය එහි අවසානය දක්වාම පැවැතිය යුතු බවට දැඩිව විශ්වාස කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු සිව්දෙනෙකුටය. මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, මහින්ද අමරවීර, සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරු ඔවුහුය.

මෙය නායක දෙපළ සාමදාන කිරීමට ඔවුන් මැදිහත් වූ දෙවන අවස්ථාවයි.

අගමැති වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කැරුණු විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වූ වහාම එක්සත් ජාතික පක්ෂය බල කර කියා සිටියේ එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රන් 16 දෙනට කිසිදු අමාත්‍යධූරයක් ලබානොදිය යුතු බවයි. එම අවස්ථාවේ දී මේ සිව්දෙනා සිරිසේන මහතා සහ වික‍්‍රමසිංහ මහතා අතර සම්බන්ධතාවය පවත්වාගනිමින් පසුව සාකච්ඡාවක් කැඳවීමට සමත් වූහ.

එහි දී විශ්වාසභංගයට පක්ෂව පෙනී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා සමග එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට ඉදිරියට කටයුතු කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ අදහස ජනපතිවරයා පිළිගත්තේය. නමුත් ඒ වන විටත් 16 දෙනාගේ කණ්ඩායම තමතමන් එතෙක් දරමින් සිටි තනතුරුවලින් ඉල්ලා අස්වන බවටත්, විපක්ෂයේ අසුන් ගන්නා බවටත්, දන්වා ජනපතිවරයා වෙත ලිපි එවා තිබිණි.

පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සිව්දෙනා සහ රජයේ ඔවුන්ගේ සගයින් වන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු තිදෙනෙක් පසුගිය සතියේ ස්ටැන්මෝර් චන්ද්‍රවංශකයේ පිහිටි මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායකවරයකු ලෙස අභිනවයෙන් පත් කෙරුනු මංගල සමරවීර මහතාගේ නිල නිවසේ විශේෂ සාකච්ඡාවක නියැලූණහ.

සමරවීර, කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන මහත්වරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළෝ වූහ. එම අගහරුවාදා රාති‍්‍රයේදීම ජනපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ දෙදෙනා අතර සාකච්ඡාවක් සංවිධානය කිරීමට ඔවුහු සමත් වූහ.දෙපාර්ශවය වෙන්ව නොයන බවත්, වෙනස්කම් පසෙක තබා ඉදිරියටත් කටයුතු කිරීමට සූදානම් බවත්, සාකච්ඡාවේ කැපී පෙනුනු කරුණු ද්විත්වය විය.

සාකච්ඡුාව සංවිධානය කළ අමාත්‍යවරුන්ට අමතරව, අධිකරණ ඇමැතිනී තලතා අතුකොරළ, නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ධීවර, ජලජ සම්පත් සහ ග‍්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාද ජනපති සහ අගමැති අතර පැවැති සාකච්ඡවට එක්ව සිටියහ. පවත්නා ගැටළුවලට අමතරව සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුවූයේ 2015 ජනපතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ සහ සංවර්ධන සැළසුම් කි‍්‍රයාත්මක කිරීම කඩිනම් කළ යුතුවීම යන කරුණු කෙරෙහිය.

සංවර්ධන කටයුතු සදහා පොදු වැඩපිළිවෙළක් සකස් කර ඉදිරියේ පවත්වන්නට යොදාගත හැකි රැස්වීම්වල දී ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකරගැනීමට දෙපාර්ශවය කැමැත්ත පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට වඩා වැඩි කාලයක් වැය කැරුනේ දැනට ජනතාව වෙනුවෙන් ඉටුකර තිබෙන පොරොන්දු සම්බන්ධයෙනි.

2006 වසරේ දී යුක්රේනයෙන් මිල දී ගෙන තිබෙන මිග් යානා සම්බන්ධයෙන් කළ ගනුදෙනුව පිළිබඳව පැවැත්වෙන පොලිස් විමර්ශණය, වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිකිරීමේ දී සිදුව ඇතැයි කියන මුල්‍ය අවභාවිතය, කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සිදුව ඇතැයි කියන මුල්‍ය අක‍්‍රමිකතා, කොළඹ හිල්ටන් හෝටලයට විරුද්ධ දෙසින් ට‍්‍රාන්ස්වර්ක් නිවස්නයේ ඉදිකර තිබෙන බහුමහල් නිවාස සහ වෙළද සංකීර්ණය, යනාදිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය, ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය සංස්කාරක කීත් නොයාර් මහතාට එල්ල කළ ප‍්‍රහාරයද, දේශපාලන කාටූන් ශිල්පී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඝාතනය කර තිබෙන බවට පළව තිබෙන වාර්තා, ජාතික රග්බි පිලේ හිටපු කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය, සහ වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් ද දෙපාර්ශවයේ අවධානය යොමුවිය.

වසර අවසානයට පෙර මෙම සිදුවීම්වලින් බහුතරය විසදා අවසන් කළ යුතුව තිබෙන බවට ප‍්‍රතිපත්තිමය එකඟතාවයකට ජනපතිවරයා සහ අගමැතිවරයා එළැඹුනු අතර, එම කටයුතු එසේ සිදුවනු ඇති බවට සහතික කැරනු වස් පොලිසිය සකී‍්‍රය කිරීමට ද තීරණය කෙරිණ.

වහාම පොලිස්පති පූජිත් ජයසුන්දර අමතා මෙම රැස්වීමට සහභාගීවන ලෙස පැමිණෙන්නැයි දැනුම්දෙන ලෙස ජනපතිවරයා තම කාර්යමණ්ඩලයට උපදෙස් දුන්නේ ය. ඒ අනුව පොලිස්පතිවරයා එහි පැමිණියේය. ජනපති සිරිසේන මහතා පොලිස්පතිවරයා ඇමතුවේ දැඩි ස්වරයෙනි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයන් සිදුනොකළ යුතු බවත්, දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා ලෙස පෞද්ගලික කරුණු කාරණා ප‍්‍රසිද්ධ වේදිකාවන්ට ගෙන ඒම, පොලිස්පති තනතුරට නුසුදුසු බවත්, ජනපතිවරයා දැඩිව අවධාරණය කළේය. මේ දිනවල පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක්ම තමාට පැමිණිලි කර තිබෙන බවද ඔහු කියා සිටියේ ය.

පදනම් විරහිත චෝදනා නඟමින් තමන්ව අපහසුතාවට පත් කැරෙමින් තිබෙන බව එම ඇතැම් පොලිස් නිලධාරීන් ජනපතිවරයා හමුවේ පවසා තිබිණ. එවැනි දේ වහාම නැවැතිය යුතුව තිබෙන බව අවධාරණය කළ ජනපතිවරයා, වසර අවසානය වන විට ප‍්‍රමුඛ පෙලේ විමර්ශනයන් සියල්ල අවසාන විය යුතු බවට එදින සාකච්ඡාවේ දී ගැනුනු තීරණය පොලිස්පතිවරයාට දැනුම්දුන්නේය.

පන්සලක පැවැත් උත්සවයක දී සුදු ඇඳගත් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස්පති ජයසුන්දර කර තිබූ ප‍්‍රකාශයක් ජනපතිවරයා විමසුමට ලක් කළේය.

තමා කිසිදු පුද්ගලයකු ඉලක්ක නොකළ බව කියා සිටි පොලිස්පතිවරයා පැරණි ජනකතාවක් ආදර්ශයට ගනිමින් එවැනි සඳහනක් කළ බව පැහැදිලි කළේය.

මෙහිදී හ`ඩ අවදි කළ දුමින්ද දිසානායක අමාත්‍යවරයා, එය එසේ වන්නට හැකිවෙතත්, එවැනි ප‍්‍රකාශයක් හමුවේ යම් වැදගත් පුද්ගලයකු ඉලක්ක වීමට, විශේෂයෙන් ජනපතිවරයාව පවා ඉලක්ක වීමට පවා ඉඩ තිබෙන බව පෙන්වා දුන්නේය.

රාජපක්‍ෂ පාලන සමයේ සිදුවී ඇතැයි චෝදනා නැගෙන වංචා,ඳුෂණ සහ වෙනත් අයථා කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන ප‍්‍රධාන පෙලේ විමර්ශනයන් ප‍්‍රමාද කරමින් සිටින්නේයැයිද එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රහාරයට ලක්වෙමින් සිටින බවද ප‍්‍රසිද්ධ කරුණකි. එක්සත් ජාතික පක්ෂය  තරයේම බැහැර කළ ද, ජනපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී එම චෝදනා නැවත නැවතත් ඉස්මතු වූයේ ඒවාට යම් පදනමක් ද සකසා දෙමිනි.

පසුගිය අගහරුවාදා පාර්ලිමෙන්තුව අමතමින් අගමැති වික‍්‍රමසිංහ කියා සිටියේ මෙවැන්නකි.

”අපේ රජය කිසිම අවස්ථාවක අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ නැහැ. සමාජයේ හිමිව තිබෙන තැන කුමක් වුනත්, පක්ෂය කුමක් වුනත්, වෙනත් කුමන හෝ කරුණක් වුනත්, වංචා හා දුෂණවල නියැලී ඇති කවරෙකුට වුනත් නීතිය කි‍්‍රයාත්මක කළ හැකි වන පරිදි අදාළ ආයතන ශක්තිමත් කරන්නට අපි පියවර ගෙන තිබෙනවා. නීතිමය හේතු නිසා ඇතැම් අවස්ථාවල ප‍්‍රමාදයන් තිබෙන්නට පුලූවන්. නමුත් එවන් අවස්ථා කඩිනම් කරන්නට අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.” යයි අගමැතිවරයා කීවේය.

අගමැතිවරයා එවැනි ප‍්‍රකාශයක් කිරීමට යොමුවූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ අදහස් දැක්වීමකි.

මුල්‍ය අපරාධවලට සම්බන්ධ මුත්, නීතිය මගහරිමින් සිටින පුද්ගලයින් තිදෙනෙකු සිටින බව දිසානායක මහතා කීවේය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලෙස ඔවුන්ව හඳුන්වාදුන් ජනතා විමුක්ති පෙරමුණ් නායකයා, මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් රජය කටයුතු කිරීමට යන ආකාරය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ඉදිරියට මෙම පුද්ගලයින්ව පැමිණවීම සදහා රජය ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් විමසා සිටියේ ය.

 

----------- මතු සම්බන්ධයි  --------------

 



අදහස් (10)

ජනපතිගෙන් පොලිස්පතිට දෝස්මුරයක්

ravi Thursday, 14 June 2018 12:31 PM

අලුත් රජය ආපු දවසේ ඉඳලා, අද වෙනකන් යම්කිසි දෙයක් හරියට ක්‍රියාත්මක වුනානම් ඒ පොලිසිය පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම වැටලීම් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ යටතේ ක්‍රියාත්මක උනා යැයි කිව්වොත් මම , නිවැරදියි ..!

:       180       434

rohan dayadara PARIS Thursday, 14 June 2018 02:34 PM

අනේ මන්දා මෙහෙමත් රටක් පොලිස් ප්‍රධානියාට යමක් කතාකරන්න නිදහස නැත්තම් මහජනයාට කුමන කතා ද ..? මේකද යහපාලානේ ..ඉදිරියේ කුමන මැතිවරණයක් උවද ජනතාව සීරුවෙන් ..ජනතා පරමාධිපත්‍ය සියල්ලටම වඩා බලවත් බව සිතන්න .

:       168       70

josap Friday, 15 June 2018 03:35 PM

පොලිපතිතුමාටත් නිදහසක් නැති රටක මහජනයාට මොන නිදහසක්ද..? එ්කත් අමතකද යහපාලනේ... රටට ගිය කලක්...

:       91       29

iraan pereraa Friday, 15 June 2018 03:40 PM

ඩබල් ඩොක්ට අචාර්ය එන්.එම්. පෙරේරා මහත්තයා කිව්වා විධායක ජනාධිපතිකම උගත්, බුද්ධිමත් කෙනෙකුට ගියොත් හොඳයි... නැත්නම්.?. කියා ඔබලාට මතකද?

:       0       42

asoka silwa Friday, 15 June 2018 03:42 PM

මේවා දකිනකොට.. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොච්චර හොඳද?

:       1078       1627

daya samarawira Friday, 15 June 2018 03:45 PM

පොලිස්පතිතුමාගේ ඒ කතාවේ මට නම් කිසිම වරදක් පෙන්නේ නැත. ඉතා කාලෝචිත ඉතා හොඳ කතාවක්...

:       14       30

iranth alwis Friday, 15 June 2018 03:47 PM

රටක නායකයෙක්ද මේ? හද්දෙයියනේ... අපොයි අපොයි !!!

:       89       33

maheshika Sunday, 17 June 2018 07:29 AM

පොලිස්පතිටත් වැඩ කරන්න සිද්ධවෙලා තියෙන්නේ මෙහෙමද? අනික අපේ පොළොවෙන් මතුවුණු එක්කෙනා තවම දන්නේ නැහැ. එයාගේ විධායක බලය පාවිච්චි කරන්නේ කාටද කොහොමද කියලා. ඔහොම යමු... අපේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ ඔය පාර්ලිමේන්තුවේ ලොකු පුටුවල ඉන්න කට්ටියට විතරයි. හැමදාම යාලු වෙවී තරහ වෙවී ඉන්න. රට වැසියාට හාමතේ ඔය විගඩම් බලල ඇතිවෙලා. පූජිත කියපු ජනවහරේ එන කතාවට කට්ටියම සලිත වෙලා වගේ. තොප්පිය හරියන කට්ටිය දාගෙන ඉන්නේ... පොලිස්පතිතුමෝ, ඔබගේ කාරිය හරියට කරන්න යන්න, මහජනයා ඔබ සමගයි...

:       50       6

raygam priyaa Sunday, 24 June 2018 09:13 PM

නීතිය හා සාමය ෆොන්සේකාට දෙන්නේ නැතුව දැන් පොලිස්පතිට බැනලා වැඩක් නැහැ...........මිනිස්සු ඕවට හිනාවෙන්නේ අනිත් පැත්තෙන්

:       12       512

Nuwan Amarsinghe Friday, 29 June 2018 07:56 AM

නීතිය ගැනනම් කියලම වැඩක් නැ........ විශේෂයෙන් ම මාර්ග නීති බල්ලටම ගිහින් තියෙන්නෙ ත්‍රී රෝද රථ,මෝටර් සයිකල්, වලින් බේරිලා ගමනක් යන්නම බැරි තරම් පාරවල් උන් බදු අරන් තියෙන්නෙ..අනිත් කට්ටිය පෞද්ගලික බස් කාරයො..අපිටනම් දෑන් ලංකාවම අපායක් වගේ තමා

:       0       93

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 148 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 16 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site