IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ජනපතිතුමනි, ජනතාවට වෙච්ච බාරේ ඔප්පු කරන්න

232

 

මෛත‍්‍රීපාල සිරිසේන ජනපති ගේ හා රනිල් වික‍්‍රමසිංහ අගමැතිගේ දින සියයේ වැඩපිළිවෙළ හා ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය ගැන පොදු අපේක්ෂකයකු සොයන්නට මුල්වූ කෝට්ටේ නාග විහාරාධිපති සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමිගෙන් අපි මෙසේ විමසීමු.

   21-Page-8-M-head 

 
button ප‍්‍රශ්නය-: ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යන මූලික අඩිතාලම දැම්මේ ඔබහන්සේ. මෛත‍්‍රී පොදු අපේක්ෂක ලෙස තෝරා ගන්න ඔහු සමග කොහොමද සාකච්ඡුා කළේ?
පිළිතුර-:
මේ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු  ඕනෑ කියා අපි කිව්වේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනපති ක‍්‍රමය අහෝසි කරන්නයි. එය මහින්ද රාජපක්ෂ මහතා මගින් කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. ඉන් පසු පොදු අපේක්ෂකයකු කෙරෙහි අවධානය යොමු කරද්දි කවුරුවත් ඉදිරිපත් වුණේ නැතිනම් මා ඉදිරිපත් වනවාය කියන මතයේ හිටියේ. ඒ ගැන සියලූ පක්ෂ සමග සාකච්ඡුා කළා. අවසාන මොහොතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වුණා. ඔහු ඉදිරිපත් වන්න පෙර මා ඒ ගැන ඔහු සමග සාකච්ඡුා කර තිබුණේ නෑ. වෙන වෙන පුද්ගලයන් හරහා ඔහු ඉදිරිපත් වන බව දැනගෙන හිටියා.

 


button ප‍්‍රශ්නය:- මහින්ද පරදා මෛත‍්‍රී ජනාධිපති කළේ ඇයි?
පිළිතුර:-
අපි උත්සාහ කළේ මහින්ද පුටුවෙන් ඇද දමා මෛත‍්‍රී වාඩිකර වීමට නෙමේ. අලූත් ප‍්‍රතිපත්ති වාඩිකර වීමට. අපි අපේක්ෂා කළේ පුද්ගල මාරුවක් නොවෙයි. ප‍්‍රතිපත්ති මාරුවකුයි අපේක්ෂා කළේ.

 


button ප‍්‍රශ්නය-: මේකට සම්බන්ධ වෙද්දි රාජපක්ෂවරුන්ගෙන් තර්ජන ආවද?
පිළිතුර:-
නෑ එහෙම කෙලින්ම ආවේ නෑ. විවිධ පුද්ගලයන්ගෙන් පණිවුඩ නම් ආවා.

1


button ප‍්‍රශ්නය-: මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම ගැන සමාජයේ විවිධ මත තිබෙනවා. ඔහු ඉවත් කළ ක‍්‍රමය හරිද?
පිළිතුර:-
ඔහු නීත්‍යනුකූලව පත්වුණු කෙනෙක් නොවෙයි. ඔහුගේ පත්වීම වැරදියි එය පිළිගන්නේ නෑ කියා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය දෙවරක් දැනුම් දී තිබෙනවා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කළ විදිය වැරැුදියි. ඇය අයින් කරලා නෑ. ගිය මාසයේ තමයි ඇය විශ‍්‍රාම ගියේ. මොහාන් පීරිස් මහතා හිටපු එක වැරදි. ඔහු දුන්නු තීන්දුත් වැරදි එහෙනම්.

 


button ප‍්‍රශ්නය-: ඔබවහන්සේ මුල ඉඳන්ම හිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න  ඕනෑ කියන මතයේ. නමුත් හෙළ උරුමය ඉන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකර ඇතැම් බලතල අඩු කළ යුතුයි කියන මතයේ. මෙතන පටලැවිල්ලක් තිබෙනවා නේද?
පිළිතුර-:
අපි හැමවිටම නම්‍යශීලීයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන එක තමයි අපේ ප‍්‍රතිපත්තිය. දැන් ක‍්‍රියාත්මක වෙන්නේ දින සියයක වැඩ පිළිවෙළක්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. ජනමත විචාරණයකට කල් මදි. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කරන්න පුළුවන්.  අපි යෝජනා කරනවා එහෙම නම් 17 සංශෝධනය නැවත ක‍්‍රියාත්මක කරන්න. මේ ගමන මෙතනින් අවසන් වෙන්නේ නෑ. අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් එනවනේ අනාගතේ. ඒකෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දමා නාමමාත‍්‍රික ජනාධිපති කෙනෙක් තියමු.  

 


button ප‍්‍රශ්නය: පසුගිය ආණ්ඩුවේ විවිධ පුද්ගලයන්ට දූෂණ චෝදනා එල්ල වූ බව කිව්වත් මේ ආණ්ඩුවෙන් තවම ඒවා හරි හැටි හොයන්න පටන් අරගෙන නෑ නේද? ඇයි හොරු අල්ලන්න මන්දගාමී?
පිළිතුර:-
ඒකේ දුර්වලකමක් තියෙනවා. මන්දගාමියි. නමුත් මැතිවරණයේ දී 2ප‍්‍රධානම මාතෘකාව ඒක. අපේ මහා ධනස්කන්ධය කොල්ල කාලා, අපේ සල්ලි උදුරගෙන තියෙනවා, මංකොල්ල කාලා තියෙනවා කියා තමයි මිනිස්සු නැගිට්ටේ. මිනිස්සු ඡුන්දය දුන්නේ ඒකටයි. ඒ නිසා මේක මන්දගාමී ස්වභාවයෙන් යන්න දෙන්න එපා. අපට වාහන නෑ, අපට නිලධාරීන් නෑ, අපට කාර්යාල පහසුකම් මදි කියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අය කියනවා. ඒකයි මේවා හොයන්න කල්යන්නේ කියනවා. පහුගිය කාලේ පාවිච්චි කරපු වාහන මහ පාරේ ගොඩ ගහලා තියෙනවා දකිනවානේ. ඒවා මේකට දෙන්න. රස්සාවල් ඉල්ලන සුදුස්සො ඉන්නවා. විශ‍්‍රාම ගිය උසස් නිලධාරීන්ට අඩ ගැහුවොත් ඔයාලා එන්න අපට උදව් කරන්න කියලා පඩි නැතුව එනවා. රජය මීට වඩා වැඩි අවධානයක් මේකට යොමු කරන්න  ඕනෑ. මෙහෙම ගියොත් හොරු පැනලා යනවා. ෆයිල් ඔක්කොම අතුරුදන් වේවි. තිබිච්ච කුඩු වාෂ්ප වෙලා යාවි. ලෙඩා මැරෙන්න කලින් මේක කරන්න. මේකට ප‍්‍රමුඛස්ථානය දෙන්න.

 


button ප‍්‍රශ්නය-: ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අතුරු අයවැය ගැන සෑහිමකට පත් විය නොහැකි බව සමහරුන් කියනවා. ඔබ සෑහීමකට පත්වෙනවාද?
පිළිතුර:
ඇත්තටම තවම ගත වුණේ මාසෙකුයි දවස් කිහිපයයිනේ. තෙල් මිල අඩුවුණා. කිරිපිටි මිල අඩුවුණා. ආහාර ද්‍රව්‍ය රැුසක මිල අඩුවුණා. වීවල සහතික මිල රුපියල් 50ට නැග්ගා. තේ නිෂ්පාදකයන්ට මිලක් නියම කළා. හිතුවට වඩා හුඟක් දේවල් සිද්ධ වුණා. මේවා ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමේ දී යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවා හදා ගන්න  ඕනෑ. නමුත් මේ සහන නිසා මාසෙකට රුපියල් පන් දහසක පමණ ඉතිරියක් තිබෙනවා මිනිහෙකුට.

 


buttonප‍්‍රශ්නය-: දින සියයේ වැඩසටහන ගැන මොකද හිතන්නේ? එය හරියට වෙනවද?
පිළිතුර-
අපේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කළේ හය මාසයක් තුළ මෙය ඉෂ්ට කරන්න කියලයි.  හය මාසයක් කල් දුන්නේ. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම කිව්වා හයමාසයක් දෙන්න බෑ මේකට. අපි දින සියයෙන් කරන බව.  අපි කිව්වා දවස් සියයකින් නොවෙයි දවස් දෙකකින් කරන්න තිබුණත් අපි කැමතියි කියා. කරන්න බැරි කමයි අපි කතා කළේ. දවස් සියයකින් කරන්න පුළුවන් නම්, ඔවුන් වටා අපට වඩා නීති විශාරදයෝ ඉන්නවානේ. ඔවුන් කියනවා නම් හරි අපි එකඟ වෙන්නම්. එය හරි දුෂ්කර වැඩක්.

 


button ප‍්‍රශ්නය-: මැතිවරණ ක‍්‍රමය දින සියය තුළ වෙනස් කරයිද?
පිළිතුර:-
ඒක තමා ඔවුන් කියන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න දින සියය තුළ කල් මදි කියලා. ආසනවලට භූමි සීමා තීරණය කරන්න  ඕනෑ. ජනගහන සීමා හදන්න  ඕනෑ. ඒක තමයි අපි කිව්වේ හය 3මාසයක් ගන්න කියලා. දැන් මදි කියන කතාව කියන්න එපා. මේක දෙයියන්ට වුණු බාරයක් වගෙයි. විහාරමහා දේවි උද්‍යානයට  ඕගොල්ලෝ අපි රැුස්වෙලා දේශපාලන පක්ෂ, කණ්ඩායම් 49ක් එතැන මුළු මහත් ජනතාවට බාරයක් වුණා. අපි දින සියයක් ඇතුළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා, දින සියය ඇතුළේ 17 වැනි සංශෝධනය නැවත ක‍්‍රියාවට නංවනවා, අපි දින සියයක් ඇතුළේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කර අලූත් මැතිවරණ ක‍්‍රමයකට යනවා කියා ජනතාවට බාරයක් වුණා. මේක දෙයියන්ට වුණු බාරයක් වගෙයි. ඒ බාරේ ඔප්පු කරන්න හරියටම දින සියයයි තියෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමා වෙච්ච බාරේ ඔප්පු කරන්න හරියට.
දෙයියන්ට බාර වෙලා, නිකන් කුණු ඇපල් ගෙඩියකුයි කුණු අන්නාසි ගෙඩියකුයි දීලා දෙයියෝ රවට්ටන්න එපා. ජනතාව රවට්ටන්න එපා. බාරේ හරියට ඔප්පු කරන්න.

 


button ප‍්‍රශ්නය-: ඉදිරි මැතිවරණය පැවැත්විය යුත්තේ පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ ද?
පිළිතුර-
: අපි නොවෙයි එතුමා පොරොන්දු වුණානේ අලූත් ඡුන්ද ක‍්‍රමයක් යටතේ තියෙනවා කියා. කියපු දේ කරන්න.

 


button ප‍්‍රශ්නය:- 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් මොකද කියන්නේ?
පිළිතුර-:
මේ සංශෝධන ටික එන්නේ 19 වැනි සංශෝධනය යටතේයි.

 


button ප‍්‍රශ්නය:- ශ‍්‍රීලනිපයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් කර ගත්තා. ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද ද? නිමල් සිරිපාල ද? අලූත් කෙනෙක් ද?
පිළිතුර:
මේක මහත්තයෝ මෙලෝ මිනිහෙකුට තේරුම් ගන්න බැරි තත්ත්වෙක ඉන්නේ. දැන් අන්ධ මන්ද වෙලා අපි ඔක්කොම ඉන්නේ.  ජනාධිපතිතුමා සිරිසේන මහත්මයා ලබන ඡුන්දෙදි රැුස්වීම්වලට යනවා ද? ගියහම යූඇන්පී එකට බණිනවාද? එතකොට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයට විරුද්ධව වැඩ කරනවද කියා ප‍්‍රශ්නයක් එනවා. ඊළඟ මැතිවරණය පක්ෂ වශයෙන් තරඟ කරනවා ද?

 


button ප‍්‍රශ්නය:- ඉදිරි මැතිවරණයේ දි සිදුවිය යුත්තේ කුමක් ද?
පිළිතුර:
අපි අදහස් කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ස්වාධීනව සිටිය යුතුයි. එතුමාට පුළුවන්නම් ආරාධනා කරන්න ඔක්කොම පක්ෂවලට පොදු සන්ධානයක් හදන්න, පක්ෂ න්‍යාය පත‍්‍ර වෙනම තියා ගන්න. නෙල්සන් මැන්ඩෙලා කළා වගේ ඔක්කොම එකතු වෙන්න. දෙමළ, මුස්ලිම් හැමෝමත් එකතු කරගෙන අවුරුදු පහක් හොඳට ආණ්ඩුව කරන්න. ව්‍යවස්ථා සංශෝධන කරන්න. එතකොට මෛත‍්‍රීපාල සිරිසේන මහතා උත්තරීතර මනුස්සයෙක් වෙනවා.

 


button ප‍්‍රශ්නය:- මේ පක්ෂ වෙන වෙනම ඉල්ලූවොත් ඔබවහන්සේගේ සහයෝගය ලැබෙන්නේ කාටද?
පිළිතුර:
කිසිම පක්ෂයකට මගේ සහයෝගය ලැබෙන්නේ නෑ. මා කිසිම පක්ෂයකට අයිතිත් නෑ. පක්ෂ දේශපාලනයට සහයෝගය දෙන්නෙත් නෑ.

 

m



අදහස් (0)

ජනපතිතුමනි, ජනතාවට වෙච්ච බාරේ ඔප්පු කරන්න

සිංහ Friday, 27 February 2015 12:47 AM

අද සිංහලයා අමාරුවේ වැටිලා. කවදාහරි තමන්ගේ හෘද සාක්ෂියට උත්තර දෙන්න වෙයි (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 25 February 2015 08:01 AM

මව්බිම කොටි හිවලුන්ට පාවා දුන්දාට ගහන්න ඕන් මං නම් හොදට අතට අහුවෙන ගල්ගෙඩි අටක් දහයක් වෙන්කර තබා ගත්තා, පහුවෙන කොට හොයා ගන්න අමාරුවෙයි හිතලා. (බ)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 25 February 2015 08:15 AM

මටත් අහන්න තියෙනේ ජයසේකර මහත්තය අහපු දේම තමයි හාමුදුරුවනේ......! (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 25 February 2015 08:27 AM

පිස්සුද ජයසේකර මහත්තයෝ..එහෙම රට දැය ආගම ගැන හිතපු සෝභිත හාමදුරුවෝ අපවත් වෙලා ගොඩක් කල් ..මේ ඉන්නේ එදා හිටපු සෝභිත හාමදුරුවෝ නෙමෙයි..රැවටෙන්න එපා (බ)

:       0       0

ජයසේකර Monday, 23 February 2015 01:31 PM

ඔබ වහන්සේට පේන්නේ නැද්ද උතුරේ වෙන දේවල්. කුරගල වගේ සිද්දීන් කතාකරන්නකෝ සමහර අන්තවාදීන්ගෙන් එල්ලවෙන බලපෑම් ගැන විධායකය ගැනම එල්ලිලා ඉන්නේ නැතිව. කට්ටියම පන්සලේ ඇතුලේ දාගෙන ආණ්ඩුවක් පෙරලා ගත්තා වගේ නෙමෙයි සිංහල ජාතියට බුද්ධ සාසනේට වෙන දේවල් ගැනත් කතා කරනකෝ. (නදී)

:       0       0

වරුණ Friday, 27 February 2015 02:29 AM

දැන්නම් අපිට මේ කතා ඇතිවෙලා හාමුදුරුවනේ! (නි)

:       0       0

සමන් Friday, 27 February 2015 02:31 AM

පිවිතුරු යහපාල,තමුන්ට ඔය වගේ කරන්න වෙනවා තව අවුරුදු 20 ක් විතර. මොකද තමුන් බලාපොරොත්තු වුණාට මහින්දට ආයෙත් බලයට එන්න කවුරුවත් දෙන්නේ නැහැ. (නි)

:       0       0

නිම්මි Tuesday, 24 February 2015 03:41 PM

ඔබ වහන්සේ හිතාගෙන ඇති මහින්ද පරද කරලා හරි ලොකු දෙයක් කර කියල. තමුන්ගේ ජාතියට වල කපපු ඔබ වහන්සේලාට අනාගත දරුවෝ මොනවා කියයිද (අ)

:       0       0

සොපී Tuesday, 24 February 2015 05:51 PM

අනේ මන්දා හාමුදුරුවනේ, රට යන්නේ කොහාටද කියලා දෙවියෝ තමයි දන්නේ (නි)

:       0       0

අබේපාල Monday, 23 February 2015 02:36 PM

දැන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු තේරුම් අරගෙන ඉන්නේ දේශපාලකයෝ පක්ෂ විපක්ෂ බේදයක් නැතුව එකට සම්බන්ධවෙලා ඉන්නේ කියලා. (නි)

:       0       0

ධම්මික වික්‍රමසිංහ Tuesday, 24 February 2015 08:07 AM

එක සුදුස්සෙකුට සුදුසු තැන දුන්න කියල පත්තරේ තිබුනා. ජනාදිපති ගේ මල්ලි ට ටෙලිකොම් සභාපතිකම දුන්න කියලා. (නදී)

:       0       0

සුජාන් Tuesday, 24 February 2015 08:17 AM

යහපාලනය තුල හොරු ඇල්ලීම දේශපාලකයාගේ කාර්ය නොවුවත්, ජනතාවගේ මතය කෙසේ හෝ හොරු ඇල්ලිය යුතුය යන්න නම් දේශපාලකයා විසින් ඒ මතය ගරු කල යුතුයි. මා සිතන ප්‍රජාතන්ත්‍රවාදය එයයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු වැඩි දෙනාගේ කැමැත්තයි.(නදී)

:       0       0

කපිල රාජපක්ෂ Monday, 23 February 2015 04:08 PM

හොද ආණ්ඩුවක්.සහන වැඩිත් එක්ක ! (අ)

:       0       0

නිමල් Monday, 23 February 2015 04:38 PM

ඒක ඇත්ත (නි)

:       0       0

සදුන් Thursday, 26 February 2015 03:48 AM

හාමුදුරුවනේ, කෝ අහෝසි කරනවා කිව්ව විධායක ජනපතිකම? (නි)

:       0       0

ශිරන්ති Wednesday, 25 February 2015 11:32 AM

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බණ විතරක් අහලා හරියන්නේ නැහැ. ප්‍රවීණ දේශපාලන විශේෂඥයන්ගේ උපදෙස් විමසිය යුතුයි.නැත්නම් රට දෙකඩවිය හැකියි (නි)

:       0       0

ශිරන්ති Thursday, 26 February 2015 04:08 AM

විධායකය අහෝසි කිරීම හෝ බලතල අඩු කිරීම කල යුත්තේ ප්‍රවීන දේශපාලන විශේෂන්ඥයන්ගේ උපදෙස් මත මිස මෙතුමාගේ බණ මත නොවේ. රට දෙකඩ වීමේ අවදානම එදාට වඩා අද වැඩියි.(නදී)

:       0       0

මහින්ද Wednesday, 25 February 2015 01:09 AM

රටට වෙන්න යන සියළුමදේට සියළුම දෙනා වගකියන්න ඕනෑ (නි)

:       0       0

ජ‍ානක Saturday, 28 February 2015 06:33 PM

ඇත්තටම හාමුදුරුවනේ, වී වලට සහතික මිලක් ලැබුනද? (නි)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 07:32 AM

කොහොම වුණත් ජනතාව සුදුස්සාට සුදුසු - නිසි තැන දෙන බව මට විශ්වාසයි (නි)

:       0       0

පිවිතුරු Wednesday, 25 February 2015 01:51 AM

ඔබ වහන්සේට තිබුණු ලොකුම ප්‍රශ්නය විධායක ජනපතිකම නම් තාමත් ඒ පදවිය එහෙමම තිබෙනවා. ඒක අහෝසිකරන වගක් නම් පෙනෙන්න නැහැ. (නි)

:       0       0

අප්පුහාමි Friday, 27 February 2015 06:19 AM

අනේ හාමුදුරුවනේ! ඔබ වහන්සේ ආණ්ඩු පෙරලන්න මුලික උනා වගේම මේ විනාශ වීගෙන යන සිංහල බෞද්ධ අයිතීන් සහ උරුමයන් ආරක්ෂා කර දෙන්නත් මුලික වනවානම් තමයි හොඳ.. නැතිනම් අර කලින් කොමෙන්ට්ස් වල තියන විදිහට මේ ඉන්නේ කලින් හිටපු සෝභිත හාමුදුරුවෝ නෙමෙයි කියලා තමයි හිතන්න වෙන්නේ. අටසිය පහළොව නැවත ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවයි පෙනෙන්නේ. අපේ සමහර අය යහපාලනේට ගිනිකන වැටිලයි ඉන්නේ (බ)

:       0       0

සනත් නාකන්ඩල Thursday, 26 February 2015 03:34 PM

මෙයා පන්සිල් පදවල තේරුම දන්නේ නැහැ (අ)

:       0       0

සිරිල් Tuesday, 24 February 2015 12:41 AM

විධායකයේ බලතල අඩුකරන්න වසර 25ක් ඔබ වහන්සේ කළ සටනට නවසීලන්ත සිංහලයන්ගේ නමස්කාරය (අ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 01 March 2015 04:06 AM

සමන් මහත්තයෝ වැඩිය ඉදිමෙන්න එපා.. පිපිරේවි..අටලෝ දහම කැරකෙන්න වසර ගණන් යන්නේ නැහැ..දින 100 ත් ඇති. (නදී)

:       0       0

අබේරත්න ටෝකියෝ Tuesday, 24 February 2015 01:37 AM

කොහොම හරි බලය ගනිල්ලා . අරගෙන ඔබලාම ඕන විදියට පාලනය කරන්න. ලංකාවේ මිනුසුන් හැමදාම ඔය කතන්දර අහනවා. ඔවුන් හැමදාම දුකෙන් . අනේ හාමුදුරුවනේ දේසපාලකයන්ට බන කියල වැඩක් නැ නේද ? (අ)

:       0       0

කුමාරි Wednesday, 25 February 2015 04:34 AM

ගෞරවනීය සෝභිත හිමියනි, ඔබවහන්සේ යන පාරේ දිගටම ගමන් කරන්න. එම මාර්ගය අවංක චේතනාවෙන් ,ජනතාවගේ සුබසිද්ධියට සහ අනාගතයේ දේශපාලනයට යහපතක් වෙන සුගන්ධවත් මාර්ගයක් බව අපිට පැහැදිලි වී හමාරයි. (නි)

:       0       0

ක්‍රිස් Tuesday, 24 February 2015 02:38 AM

ඔබගේ අදහස් වලට ගරුකරනවා. ඔබ නියම මානවවාදියෙක්. ඕස්ට්‍රේලියාවේ අපි ඔබ සමඟයි (නි)

:       0       0

පෙරේරා Tuesday, 24 February 2015 03:51 AM

ඔබ තුමාට කරන්න තියෙන්නේ දේශපාලනය නෙමෙයිනේ. පන්සලකට වෙලා ආගමික දෙයක් කරගෙන ඉන්න. ආගම නගා සිටු වීම වෙනුවෙන් කරපු එකක් කියන්න බලන්න? (නදී)

:       0       0

සුමුදු Tuesday, 24 February 2015 04:55 AM

රට ගැන ආදරයක් තියෙන සියලුම දෙනා සෝභිත හාමුදුරුවන්ට උදව් කරන්න ඕනෑ. උන් වහන්සේ මේක පටන් ගත්තේ ඉතාම ඈත කාලෙක. කව්රුවත් ගණන් ගත්තේ නෑ. නමුත් උන් වහන්සේ ඒක අත ඇරියේ නෑ. දැන් ඒකෙ ප්‍රතිඵල හැමෝටම පෙන්න තියෙනවා. (දිල්) 

:       0       0

වික්‍රම Thursday, 26 February 2015 09:34 PM

දැන් වෙන්න තිබෙන දේවල් බොහොමයක් සිදුව අවසානයි (නි)

:       0       0

චමිලා Tuesday, 24 February 2015 01:38 PM

මේ ආණ්ඩුව කරන හොද හෝ නරකට හැමදේටම වග කියන්න ඕන . අනිත් අයට ඇගිල්ල දික්කරල ඒ වග කීමෙන් මිදෙන්න බැහැ. .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4683 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 612 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1197 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 105 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 253 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25547 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site