IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ජනපතිවරණයට සූදානම් ද?

11pg-10d--main-pgs

11pg-10d--main-pgsජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ වර්ෂ 2016 දීය. ඒ සඳහා තවත් වසර දෙකක කාලයක් ඇත. එහෙත් ඉතා ඉක්මනින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සූදානම් වන බවක් පෙනෙන්නට ඇත. ඒ පිළිබඳව රජය නිල වශයෙන් ප‍්‍රකාශයක් කර නැතත් විපක්ෂයද ජනාධිපතිවරණයට සූදානම් බවක් පෙන්නුම් කරයි. ඒ පිළිබඳව  ඇමැති ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, ඇමැති ඩිව් ගුණසේකර හා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ අදහස්ය මේ.

 


SLD_20141012_A010

mr-senewirathnaජනාධිපතිවරණය, මහ මැතිවරණයට පෙර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දැනට ඒ සඳහා මූලික කටයුතුවලට අනුකොමිටි කීපයක් පත්කර තිබෙනවා. හැකිතාක් දුරට ජනතාව හමුවී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වැඩපිළිවෙළට මුල්තැන දෙන මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කෙරෙනවා. දිස්ත‍්‍රික් කාර්යාල ඇති කර ඒවාට සම්බන්ධ මැතිවරණ කොට්ඨාස කාර්යාල රට පුරා පිහිටුවනවා. ප‍්‍රචාරක වැඩ පිළිවෙළ සඳහා අවශ්‍ය කමිටු පත්කර තිබෙනවා. මේ සියලූ කමිටු පිහිටුවීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් සංවිධානාත්මක මැතිවරණ කටයුතු කිරීමයි.
ජනාධිපතිවරණය පිළිබඳව සන්ධානයේ ඇතැම් කොටස් විවිධ මත පළකර තිබෙනවා. ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට පක්ෂ නායක හමුවක් ළඟදීම පැවැත්වේවි. එහිදී ජනාධිපතිවරණය පිළිබඳව අවසන් තීන්දුවකට එළඹේවි. සන්ධානයේ සමහර පක්ෂ ජනාධිපතිවරණයත් දැන්ම නොපැවැත්විය යුතු බවට මතයක සිටිනවා.

ජනාධිපතිවරණය ළඟදීම පැවැත්විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි. විපක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳව විපක්ෂයටම ප‍්‍රහේලිකාවක් ඇති වී තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාට මොනම ආකාරයකටවත් මේ මැතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි බවට මතයක් දරන පිරිසක්ද සිටිනවා.
මේ නිසා පසුගිය කාලය තුළ එක්සත් ජාතිකපක්ෂය ඇතුළතත් විවිධ මත දරන පිරිස් සිටින බව පෙන්නුම් කරනවා. මම එම පක්ෂයේ කීප දෙනෙක් සමගම මේ ගැන කතා කර තිබෙනවා. පොදු අපේක්ෂකයකු අවශ්‍යයි කියන මතය එම පක්ෂයේ ඇතැම් අය තුළ පතිනවා. රනිල් වික‍්‍රමසිංහට ජයග‍්‍රහණය ලැබිය නොහැකිය යන මතය මුල්කරගෙන පොදු අපේක්ෂකයකු පිළිබඳව අදහස ඇතිවී තිබෙනවා.

සෝභිත හාමුදුරුවො පොදු අපේක්ෂකයකු පිළිබඳව මුල සිටම කතා කළ කෙනෙක්. සෝභිත හිමියන් ඉදිරිපත් වුවහොත් ජනාධිපති ධුරයේ වගකීම් පිලළිබඳව ප‍්‍රශ්න මතු වෙනවා. පොදු අපේක්ෂක සංකල්පය අප තුළ නැහැ. ආගමික පූජකවරයෙක්, උගතෙක් ජනතාව අතර ප‍්‍රචලිත පුද්ගලයෙක් වූ සෝභිත හිමියන්ට ජනාධිපති ධුරය තරම් වගකිව යුතු ධුරයක් දැරීමට දේශපාලන සමාජීය වශයෙන් අත්දැකීම් තිබෙනවාද කියන එක බොහෝ දෙනෙක් තුළ පවතින ප‍්‍රශ්නයකි.
දෙමළ සන්ධානය රනිල් වික‍්‍රමසිංහට සහයෝගය නොදෙන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. වෙනත් පොදු අපේක්ෂකයකුට සහායදීමට ඔවුන් සූදානමින් ඉන්නා බව ආරංචියි. සිංහල x බෞද්ධ ඡුන්ද කඩන්න පුළුවන් අපේක්ෂකයකු ඉදිරිපත් වුණොත් ඡුන්ද කඩන්න පුළුවන් බව ඔවුන්ගේ විශ්වාසය වී තිබෙනවා. මේ සඳහා සෝභිත හිමියන් හෝ චන්ද්‍රිකා මැතිනිය කෙරෙහි ඔවුන් අවධානය යොමුකර තිබෙන බව ආරංචියි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරණය පිළිබඳව කතා කිරීමේදී විපක්ෂයේ තත්ත්වයත් කතා කළ යුතුව තිබෙනවා. හේතුව ජනාධිපතිවරණයට අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වන නිසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය දිනාගත් පසුවත් රටේ සංවර්ධණයට කළ වැඩකටයුතු මේ රටේ ජනතාවට අමතක කළ නොහැකියි.

බදුල්ලේදී හරීන්ට මනාපයක් දාල මනාප ගොඩ වැඩි කළත් දිස්ත‍්‍රික්කය දිනාගන්න බැරි වුණා. මැතිවරණයේදී ජය පරාජය මනින්නෙ අවසාන ප‍්‍රතිඵලයෙන් මිසක් හීන බලමින් නොවෙයි. මනාප වැඩිවුණා කියල ඔවුන් ඊළඟ මැතිවරණය දිනාවි කියල ඔවුන් හීන බලනවා.අපි 1994 ආණ්ඩු බලය ලබා ගන්නේ මුළු දකුණු පළාතම දිනලා. හම්බන්තොට, මාතර, ගාල්ල දිස්ත‍්‍රික්ක සියල්ලකම මැතිවරණ කොට්ඨාස දිනුවා. ඒ අහලකටවත් එන්න එජාපයට බැරි වුණා.
පළාත් සභා සියලූ මැතිවරණවල මම හිටියා. දිස්ත‍්‍රික්ක ගණනාවක් බාරව හිටියා. නමුත් කිසිම ප‍්‍රදේශයක ඌවෙ තත්ත්වය මම දැක්කේ නැහැ. හැම ප‍්‍රදේශයකම හිටපු මන්ත‍්‍රීවරු ජනතාව සමග කටයුතු කරන බව පැහැදිලි වුණා.

අනික 2009 පළත් සභා ඡුන්දය එක්ක අනිත් මැතිවරණ සැසඳීම සුදුසු නැහැ. එදා අපි යුද්ධයක් දිනල හිටියේ. අන්තවාදි නායකයා පරාජය කරලා. ඉන්පසුව පැවැති මැතිවරණවලදී යුද ජයග‍්‍රහණයක් අමන්දානන්දයට පත්වූ ජනතාව පක්ෂ භේදයකින් තොරව මහින්ද රාජපක්ෂට ඡුන්දය දුන්නා. ඒ ප‍්‍රවණතාවය දැන් අඩුයි. සාමාන්‍ය දේශපාලන හා සමාජ කරුණු පදනම් කරගෙන ඡුන්දය දෙන ප‍්‍රවණතාවයට ජනතාව පත්වෙලා. 2009 ඡුන්ද යළි රජය ලබා ගත යුතුයි කියලා කවුරු හරි කියනවා නම් ඒක විහිළුවක්. ඒ නිසා බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් එජාප ලැබූ ඡුන්ද ප‍්‍රතිඵල ඉලක්ක කරගෙන අපි කලබල විය යුතු නැහැ.
ජේ.ආර්. ජයවර්ධනට විරුද්ධව එදා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අසීරු වුණා. අපෙන් ඉදිරිපත් වූ නම් පිළිබඳව නැවත නැවතත් සලකා බලන්න වුණා. ඒ දවස්වල මධ්‍යම කාරක සභාව මාස දෙකක් විතර රාත‍්‍රි 11.00, 12.00 වනතුරු රැුස්වී සාකච්ඡුා කළා. අපි තීන්දු ගන්නකොට ජේ.ආර්.ල මැතිවරණය බොහොම දුර ගිහිල්ල හටියා. නාමයෝජනා දෙන්න දින දෙකකට විතර කලින් තමයි අපේක්ෂකයා තේරුවෙ. අද එක්සත් ජාතික පක්ෂය ඇතුළත තියෙන්නෙත් ඒ තත්ත්වය. අපි ජනාධිපතිවරණයට අපේ අපේක්ෂකයා තෝරල ඉවරයි. අපේ පැත්තෙන් එහාට මෙහාට කකුලෙන් ඇදිලි නැහැ. පක්ෂ විපක්ෂ කියල නැහැ. ඉදිරිපත් වන පුද්ගලයා පිළිබඳව අවුලක් නැහැ. අපේ ජයග‍්‍රහණයත් ඒ වගේමයි.


 

 

SLD_20141012_A0100

mr-kiriellaඌව පළාත් සභා ප‍්‍රතිඵල වලින් එක්සත් ජාතික පක්ෂය තුළ විශාල පුනර්ජීවයක් ඇති වුණා. අතහැර ගොස් සිටි පාක්ෂිකයො විශාල වශයෙන් යළි පැමිණ සිටිනවා. ඌව ඡුන්දයෙන් අපට සියයට 40ක් ලැබුණා. ඒ ඡුන්දයට පෙර සිටම බොහෝ දෙනා කියමින් සිටියේ එක්සත් ජාතික පක්ෂය සියයට 40ක ඡුන්දයක් ගත්තොත් රජය දුර්වල තැනක සිටින බව තහවුරු වනු ඇතැයි කියායි. ඒක දයාන් ජයතිලකත් ඔහුගේ ලිපියක සඳහන් කර තිබුණා.

ඒ බලාපොරොත්තුව සියයට 40 ලැබුණා. මැතිවරණ කාලයේ සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. රුපියල් 2500 බැගින් බෙදුවා. හැඳුනුුම්පත් එකතු කළා. අක‍්‍රමිකතා රාශියක් මැද එක්සත් ජාතික පක්ෂය සියයට 40ක ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

විපක්ෂයෙන් අපේක්ෂකයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. සජිත් පේ‍්‍රමදාස මහතා දෙවැනි තැනට සිටිනවා. අපි ජනාධිපතිවරණයකට  ඕනෑම මොහොතක සූදානම්.

නීතියේ හැටියට වසර හතරක් පසුවු පසු ජනාධිපතිවරයා කැමැති අවස්ථාවක ජනාධිපතිවරණය පැවැත්වීය හැකියි. අපි ඉක්මන් මැතිවරණයකට බොහොම කැමැතියි. එයට ප‍්‍රධානම හේතුව නම් රජය දෙන ලද පොරොන්දු ඉටු නොකිරීමයි. උදාහරණයක් වශයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කිව්වත් එසේ කළේ නැහැ.

ස්වාධීන කොමිෂන් සභා පත් කරනවා කිව්වා. ඒක කළේ නැහැ. රජය ජනතාවට දෙනව කිවු ආර්ථික ප‍්‍රතිලාභ එකක්වත් දීල නැහැ. ජීවන වියදම අඩු කරනව කිව්වා. ඒත් ජීවන වියදම අඩු කරල නැහැ. විරැුකියාව අඩුවෙලා නැහැ. හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම කර්මාන්ත ශාලාවක් බැගින් විවෘත කර රැුකියා 500 ගානෙ ලබා දෙනව කිව්වා.

අඩුගානේ එක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකවත් කාර්මාන්ත ශාලාවක් හදල නැහැ. නිවාස යෝජනා ක‍්‍රමය මුළුමනින්ම අඩාළයි. මේ පොරොන්දු කිසිවක් ඉටු කරල නැහැ. ඉක්මන් මැතිවරණයකට යන්න අපි  ඕනෑම මොහොතක සූදානම්.

ජනාධිපතිවරයාට තුන්වරක් ඉදිරිපත් විය නොහැකි බවට විවිධ කතා පැතිරී තිබුණත් අවසාන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයි. අපි මොනවා කිව්වත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නැමීමට අපිට සිදු වෙනවා. කැමැත්තෙන් වුවත් අකමැත්තෙන් වුවත් එය එසේ සිදුවිය යුතු වෙනවා. ජනාධිපතිවරණයට අපි දැන් සිටම සූදානම් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වෙනස් කළ නොහැකි නිසයි.

ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනවා. කවුරු මොනවා කිව්වත් මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එක්සත් ජාතිකපක්ෂයට පමණයි. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළත් මහින්ද රාජපක්ෂට ඊළඟ පිම්ම පනින්න බැහැ. යුද්ධය අවසන් කළාට ආර්ථිකය ජය ගන්න බැරි වුණා. අපේ රටේ වාර්ෂික ආදායම අඩු වෙලා. ණය වාරිකයයි පොලියයි ගෙවන්න රටේ ආදායම ප‍්‍රමාණවත් නැහැ.

ඉතිහාසයෙ ප‍්‍රථම වතාවට මේ දේ සිදුවුණේ. රටේ ආදායම ණය වාරිකය, පොළියයි ගෙවන්න ප‍්‍රමාණවත් නැහැ. වසරින් වසර රටේ ආදායම අඩු වෙනවා. බදු එකතු කිරීම අඩු වෙනවා. අපනයන අඩු වෙනවා. මේ තත්ත්වය යටතේ ආර්ථිකය කිසිසේත්ම ගොඩගත නොහැකි තත්ත්වයට පත් වෙලා. ආයෝජන අඩුවෙලා. මහ බැංකු වාර්තාවට අනුව ගිය වසරට වඩා මේ වසරේ ආයෝජන අඩුයි. ආර්ථිකය පඹ ගාලක පැටලිලා.

ඡුන්දය කිට්ටු නිසා මෙවර අයවැයෙන් යම් යම් සහන දේවි. එක පැත්තකට සහන දෙන කොට අනිත් පැත්තෙන් ඒක අල්ලන්න වෙනවා. හේතුව ආණ්ඩුවට ප‍්‍රමාණවත් ආදායමක් නොවීමයි. ආදායමක් නොමැති නිසා එක පැත්තකින් සහන දෙනකොට අනිත් පැත්තෙන් කුමන හෝ ක‍්‍රමයකින් ඒ අඩුව පියවා ගැනීමට සිදුවෙනවා.

රජයට දැන් යන එන මං නැතිවෙලා. ඌව මැතිවරණයෙන් රජයේ බංකොලොත් බව තහවුරු වුණා. මහ ඇමැති අපේක්ෂකයා නොව ජනාධිපතිවරයා සති දෙකක් නැවතිලා ඉඳගෙන මහ ඇමැති වගේ වැඩ කළා. එහෙම කරලත් රජයට බලාපොරොත්තු ඉලක්කවලට යන්න බැරි වුණා.

ජනාධිපතිවරණයට මුහුණදීමට අපි කමිටු ගණනාවක් පත් කර සිටිනවා. මැතිවරණ ප‍්‍රකාශය, ප‍්‍රචාරය, තරුණ කටයුතු, විදේශ කාන්තා කටයුතු, ආර්ථික සංවර්ධන ආදි වශයෙන් කමිටු පත් කළා. දැන් ඒ අය පැය 24 පුරාම වැඩ කරනවා. අපේ වැඩ පිළිවෙළ ඉදිරියට යාමට මේ කමිටු කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ දුන් පොරොන්දු ඉටු කරල නැහැ. පෝෂණ මල්ලෙ ඉඳල පොරොන්දු ඉටු කරල නැහැ. සියයට 80ක්ම ඉටු කරල නැහැ.

එක්සත් ජාතික පක්ෂය රට පාලනය කළ වසර 2ක කාලය තුළ ආර්ථිකයේ හොඳ සංවර්ධනය තිබුණා. ආර්ථිකයෙ ස්ථාවරත්වය පෙන්නුම් කළා. අපි ඇහුව හැකියාව තියෙනවා. ජාත්‍යන්තර සහයෝගය හොඳාකාරව අපට තියෙනවා. මහින්ද රාජපක්ෂට විදේශවලින් ලැබුණේ ණය විතරයි. ආධාර ලැබුණේ නැහැ. ඒ ණය හැම ශතයක්ම ආපහු ගෙවන්න  ඕනෑ පොලියත් එක්ක.

චීනයෙන් ලැබුණු හැම ශතයක්ම ණය. නමුත් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වුණොත් ණය නොව ආධාර ලැබෙන බව අපට විශ්වාසයි. ආපසු නොගෙවන ප‍්‍රදානයන් අපට ලබා ගන්න පුළුවන්. මහවැලිය සියයට 80ක්ම ප‍්‍රදානයක්.

බටහිර රටවල් සමග ගණුදෙනු කිරීමේ ක‍්‍රමය අපි දන්නවා. මහින්දට ඊළඟ පිම්ම පනින්න බැහැ. ජාතික සමගිය ඇති කරන්න බැරි වෙලා තියෙනවා. ජාතීන් අතර ඒකාග‍්‍රතාවක් ඇති කරන්න බැරි වෙලා තියෙනවා. ආර්ථික පිම්ම පන්නන්නත් බැහැ. 1970 සමගි පෙරමුණ මානසිකත්වයෙන් මේ රජය තවම වැඩ කරන්නේ. කොම්පැණිකාරයො, ජාත්‍යන්තරය අපේ රට සූරාගෙන කනවා කියන මතයෙන් තමයි තවම ඉන්නේ.

රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ රජයට බැහැ. ඒ සඳහා එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ජනාධිපතිවරණයට අපි සූදානම්. එසේ සූදානම් වෙන්නේ මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමටයි.



 

SLD_20141012_A01001

mr-gunasekaraජනාධිපතිවරණය පැවැත්වීමට තව වසර දෙකක කාලයක් තිබෙන නිසා ඊට පෙර ජනාධිපතිවරණය නොපවත්වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වගේම, ලංකා සම සමාජ පක්ෂයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණත් මේ ඉල්ලීම ඒකාබද්ධව රජයට ඉදිරිපත් කර තිබෙනවා.

වසර දෙකක් තවදුරටත් බලයේ සිටීමට පුළුවන්කම තියෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්ද රජය සතුයි. මහින්ද චින්තනයට අනුව අවසන් කිරීමට තවත් කරුණු ඉතිරිවී තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය, ආර්ථික සංවර්ධන කටයුතු ඉටු කිරීමට තව වසර දෙකක් ඉතිරි වී තිබෙනවා. ඒ තරම් කරුණු ඉටු කිරීමට තව වසර දෙකක කාලයක් ඉතිරි වී තිබියදී හදිසි මැතිවරණයකට යාම තේරුම්ගත නොහැකි කරුණක්.

මේ ඉල්ලීම විරෝධයක් නොවෙයි. ප‍්‍රධාන පක්ෂ ගන්නා තීරණයට අපට විරුද්ධ විය නොහැකියි. එහෙත් දේශපාලන පක්ෂ වශයෙන් අපේ මතය අපි ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ රජය මේ වනතෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම පිළිබඳව තීරණයක් ගෙන නැහැ. නමුත් ජනාධිපතිවරණයට සූදානම් වීමේ කටයුතු කෙරෙමින් පවතින බවක් පෙන්නුම් කරනවා.

ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ පැවැත්වීමට නියමිතව ඇත්තේ 2016දී. ඉතිරිව ඇති නිල කාලය තුළ අයවැය ලේඛන දෙකක් ඉදිරිපත් කළහැකියි.

සමාජ ආර්ථික සංස්කෘතික ක්ෂේත‍්‍රයන්හි ඇති ජනතා අභිලාෂයන් ඉටුවන තෙක් ජනතාව අපේක්ෂාවෙන් බලා සිටිනවා. මේ බලාපොරොත්තු ඉටු කිරීමට රජයේ කඩිනම් අවධානය යොමුවිය යුතුව තිබෙනවා.

මේ සැබෑ තත්ත්වය අපි රජයට පෙන්නුම් කළා. කඩිනමින් ජනාධිපතිවරණය පැවැත්වීම ගැන අපේ විරෝධයක් හෝ විරෝධය ප‍්‍රකාශ කිරීමක් නැහැ. ඉල්ලීමක් කළා පමණි.

මෙම අදහස් ඇතුළත් කර ඉල්ලීමක් කළා. සමාජවාදී ජනතා පෙරමුණ නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පක්ෂයේ ප‍්‍රධාන ලේකම්වරුන්ගේ අත්සනින් මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා

 

daya



අදහස් (0)

ජනපතිවරණයට සූදානම් ද?

ලෙස්ලි ජයවර්ධන Wednesday, 15 October 2014 11:19 PM

කලබල වෙන්න එපා. ව්‍යවස්ථාව කියවා බලන්න. 2016 දක්වා ජනපතිවරණ තියන්න බැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5026 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 695 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1267 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site