IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජනපතිවරණ කීපයක අප‍්‍රසන්න අත්දැකීම්

10_SLTK_P2_Back

 

මේ රටේ විධායක බලය සහිත ජනාධිපති වරයකු ඇතිවන්නේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගිනි. එහෙත් ජනාධිපතිවරයකු තෝරාගැනීමේ මැතිවරණයක් පළමුවරට පවත්වන්නේ 1982 දීය. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව එවකට සිටි අගමැතිවරයා වූ ජේ. ආර්.ජයවර්ධන අලූතින් අවුරුදු 6ක කාලය සඳහා විධායක ජනාධිපතිවරයා බවට නිලබලයෙන්ම පත්වන්නේය. මැතිවරණයක් පවත්වා සෘජුවම ජනමතය නොවිමසා එසේ විධායක ජනාධිපති බලතල අත්පත් කර ගැනීම කොතෙක් දුරට සාධාරණ හෝ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී ද යන්න පිළිබඳව එදා නැගුණේ ඉතා දුබල හඬක් පමණි.

 


කේවල මන්ත‍්‍රී ආසන ක‍්‍රමය හා බහුපක්‍ෂ ක‍්‍රමයද යටතේ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයින් මගින් බහුතරය ලබා ගැනීමත්, සෘජු ඡන්ද විමැසීමක් මගින් සැබෑ ජනමතය ලබා ගැනීමත් දෙකකි. කෙසේ හෝ එය නොසලකා ජනාධිපති පදවියට පත්වූ ජේ.ආර්. ජයවර්ධන, ජනාධිපති තරගයකදී අභියෝගයක් එල්ල කළ හැකි ප‍්‍රධාන ප‍්‍රතිවාදියා ලෙස සැලකිය හැකිවූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප‍්‍රජා අයිතිය විශේෂ ජනාධිපති කොමිසමක තීරණයක් මගින් අහෝසි කිරීමෙන් ඉක්බිතිව සුදුසු පරිසරයක් ඉතා උපක‍්‍රමශීලීව ගොඩනගා ගැනීමෙන් පසුව පමණක් 1982දී ජනාධිපති ඡුන්දයකට මුහුණදීමට තීරණය කළේය.


එසේ කරන ලද්දේ ඒ සඳහාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි සංශෝධනයක් සම්මත කර ගනිමින් ජනාධිපති පදවියට පත්වීමෙන් අවුරුදු හතරකට පසුව සිය අභිලාෂය අනුව මැතිවරණයකට මුහුණ දීමේ හැකියාව ඇතිකර ගනිමිනි. ඒ අනුව ජනාධිපති ඡුන්ද විමැසීම් ක‍්‍රියා පිළිවෙළ සඳහා සම්මත කරගන්නා ලද 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාවේ පළමුවැනි ජනාධිපති මැතිවරණය 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වන්නේය.


මෙරට ජනතාව 1932 පමණ ඈත සිට සර්වජන ඡන්ද බලය ලබා සිටියද 1947 සිට පක්‍ෂ අනුව හා ස්වාධීනව ද ඉදිරිපත් වූ නියෝජිතයින් තෝරාපත්නකර ගැනීමට ඡන්දය පාවිච්චිකර තිබුණද ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා ඡන්දයක් පාවිච්චිකිරීමේ පලමු අත්දැකීම ලද්දේ 1982 දීය.  මාරු කළ හැකි තනි ඡන්ද ක‍්‍රමය (Single Transferable Vote System) නමින් හඳුන්වන ලද මෙම ක‍්‍රමය තුළ ඡන්ද දායකයා විසින් 1,2,3 වශයෙන් අංක යොදා මනාපය ප‍්‍රකාශකිරීමක්ද අන්තර්ගතය. මේ රටේ ඡුන්ද දායකයා පුරුදු වී සිටි කතිරය මගින් ඡුන්දය දීමට වඩා මෙය එක්තරා දුරකට සංකීර්ණ එකක් විය. ඉලක්කම් ලියා දැක්වීමේ හැකියාව නැති අයද බොහෝ වූහ. ඡන්දය ගණන් කිරීමේ නිලධාරීන්ටද මෙහිදී ගැටලූවලට මුහුණ පාන්නට සිදුවිය. පළමු පුරුද්ද කතිරය ලකුණූ කළහොත් එයට කෙසේ සැලකිය යුතුද? කතිරය හා 1 ලකුණ හෝ 2 ලකුණ හෝ දක්වා ඇති විටෙක කෙසේ තීරණය කළ යුතුද? වැනි කරුණු පිළිබඳ අපහැදිලිතාවන් බහුලවිය. කෙසේ හෝ මැතිවරණයේදී බලයෙහි සිටි ජේ. ආර්. ජයවර්ධන පළමු වටයේදීම සියයට 52.9 ක පැහැදිලි බහුතරයක් ලබාගත් නිසා දෙවැනි මනාපයන් ගණන් බැලීම ආදියෙහි අවශ්‍යතාවක් ඇති නොවීය.


ජනාධිපති මැතිවරණයක් පිළිබඳ අමිහිරිතම අත්දැකීම් ලැබෙන්නේ 1988 පැවති ජනාධිපති ඡුන්ද විමැසීමේදීය මේ කාලය වන විට විවිධ වූ දේශපාලන භේද හා උතුරේ ත‍්‍රස්තවාදී යුද්ධයද නිසා බෙහෙවින් අවුල් සහිත තත්ත්වයක් ඇතිවී තිබුණි. ඒ අතර 1982 ජනමත විචාරණයේ දී හා 1988 පළාත් සභා ජන්ද විමසීම්වල දී මැතිවරණ වල ස්වාධීන බව පිළිබඳව ඇතිවූ ප‍්‍රසන්න සිද්ධීන් නිසා ජනතාව තුළද කලකිරීම් හා උදාසීනත්වය ඇතිවී තිබිණ. අවුරුදු කීපයක් පුරා උතුරේත් ඉන්දු ලංකා ගිිවිසුම අත්සන් කිරීම නිසා දකුණේත් වර්ධනය වූ ප‍්‍රචණ්ඩත්වය හා තර්ජනාත්මක සිද්ධීන් ජනාධිපති මැතිවරණය ආසන්නවත්ම වඩාත් ප‍්‍රබල විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ පරිපාලනය අවුල් කර බිඳ හෙළීමේ අරමුණින් ක‍්‍රියාත්මක කරන ලද  බව පෙනුන මෙම බලවේග හා කඩාකප්පල්කාරී ව්‍යාපාර මැතිවරණ ක‍්‍රියාවලිය කෙරෙහිද බෙහෙවින් බලපාන්නට විය.


මැතිවරණ කටයුතු අවුල්කර රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් කරන ලද බියගැන්වීම් හා මනුෂ්‍ය ඝාතනද කෙළවරක් නැතිවිය. මෙම අවස්ථාවේදී පුත්තලම දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප‍්‍රධාන සහකාර නිලධාරියකු ලෙස මැතිවරණ කොමසාරිස් විසින් යවනු ලැබ සිටි මෙම ලියුම්කරු හටද මැතිවරණය ආසන්න දින කීපයේදී නොකඩවා නිර්නාමික බියගැන්වීම් ද මරණ තර්ජනද ගලා එන්නට විය. ඊට විසඳුම් ලෙස තුවක්කු රැුගත් විශේෂ බළකා නිලධාරීන් අවට තැනින් තැන යොදන ලද නමුත් එයද සැක සහ බිය තවදුරටත් වර්ධනය කරන කරුණක් විය. මක්නිසාද යත් මේ වනවිට රජයට විරුද්ධ මෙන්ම පක්‍ෂ ගුප්ත කණ්ඩායම්ද ‘කළු බළල්ලූ’, ‘කහ බළල්ලූ’ වැනි නම් වලින් විවිධ වූ පරමාර්ථයන් මත අභිරහස් මිනිස් ඝාතන කරමින් තිබීමය.


සති කීපයක් පුරා කොළඹ ඇතුළු ප‍්‍රධාන නගරවල ගමනාගමනය හා පරිපාලනය සම්බන්ධ සියලූ කටයුතු අක‍්‍රියකරනලද අවස්ථා නිතර ඇතිවිය. ඡන්ද විමැසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වරයාගේ වාර්තාවේම සඳහන් කරන පරිදි ‘මේ රටේ මැතිවරණ ඉතිහාසයේ පළමුවරට සමහර ඡන්දපොළවලට නිලධාරීන් යැවීම කිසිසේත් කළ නොහැකි විය. මොනරාගල දිස්ත‍්‍රික්කයේ ඡන්දපොළවල් 49ක්ම ඒ අනුව සම්පූර්ණයෙන්ම අක‍්‍රිය විය. එසේම මොනරාගල දිස්ත‍්‍රික්කයේ ජන්දපොළක නොකඩවා කරන ලද වෙඩිතැබීම් නිසා ඡන්ද විමැසීම නවතා දමන්නට සිදුවිය.


ප‍්‍රවාහන කටයුතුවලට බාධා ඇතිකරනු ලැබීම නිසා ඡන්දපොළවල් 800ක පමණ නියමිත වේලාවට ඡන්ද විමැසීම ආරම්භ කිරීමට නොහැකි වූ බවත් ඡන්ද පොළවල් 250ක් පමණ ආරක්‍ෂාව පතා වෙනත් ස්ථානයන්ට ගෙන යෑමට සිදුවූ බවත් වාර්තා වී ඇත.  දිස්ත‍්‍රික්ක රාශියකම බිය ගැන්වීම නිසා එකම ඡන්දයක්වත් ප‍්‍රකාශ කර  නොතිබුණු ඡන්ද පොළවල් 270ක් හා 100ට අඩු ඡන්ද සංඛ්‍යාවක් පමණක් ලැබී තිබුණු ඡන්දපොළ 375ක් තිබීමෙන් ඡුන්ද දායකයින්ගේ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී අයිතියට කරන ලද බාධාකිරීම් පිිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.


මෙයින් පෙනීයන්නේ 1988 ජනාධිපති ඡුන්ද විමැසීමේදී නිදහසේ සිය ඡන්දය පාවිච්චිකර රටේ ජනාධිපතිවරයා තෝරාගැනීමට තිබූ වාතාවරණය බෙහෙවින් අවුල්කර ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදයේ අංගලක්ෂණ විනාශ කර දැමීමය. එහෙත් එම තත්ත්වය ඇතිකිරීමට වගකිව යුත්තෝම අද සාධාරණ හා අපක්‍ෂපාත මැතිවරණයක් සඳහා වේදිකාවල කෙස්පැලෙන තර්ක ඉදිරිපත් කිරීම හාස්‍යජනකය. කෙසේ හෝ 1988 ජනාධිපති තරගය සඳහා අපේක්‍ෂකයින් තුන්දෙනකු පමණක් ඉදිරිපත්වීමත් එහිදී ජයග‍්‍රහණය කළ ආර්. පේ‍්‍රමදාස පළමු වටයේදීම 50.42ක ප‍්‍රතිශතයක් ලබා ගැනීමත් නිසා දෙවැනි මනාපය ගණන් බැලීම වැනි සංකීර්ණ ක‍්‍රියාවලියක අවශ්‍යතාව පැන නොනැගුණ බව පෙනේ.


1994 තෙවැනි ජනාධිපති මැතිවරණ අවස්ථාව වන විටද එතෙක් පැවති රාජ්‍ය විරෝධී බලවේග වර්ධනය මැතිවරණ කටයුතු කෙරෙහි අප‍්‍රසන්න බලපෑම් වලට හේතු වී යයි කිව යුතුය. දකුණටත් වඩා උතුරේ දේශපාලන තලය ත‍්‍රස්තවාදී කටයුතු නිසා බෙහෙවින් අර්බුදකාරී වූ අතර එහි ප‍්‍රතිඵල වශයෙන් ජනාධිපතිවරයා තෝරාගැනීම කෙරෙහි විශාල ලෙස බලපෑ සිද්ධි කීපයක්ම ඇතිවිය. මෙම මැතිවරණයට පෙනී සිටීමේ අපේක්‍ෂාවෙන් සිටි ජනාධිපති පේ‍්‍රමදාස ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලදී.  එමෙන්ම දේශපාලන ක්‍ෂේත‍්‍රයෙහි මුල්තැන් ලබා, විශේෂයෙන්ම ජනාධිපති අපේක්‍ෂක තත්ත්වයට පත්වීමට ඉඩතිබුණු බව පෙනී ගිය නායකයන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, විජය කුමාරණතුංග වැනි කීපදෙනාම ත‍්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත්වූහ. ඒ අනුව 1994 ජනාධිපති මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට තිබිය හැකි වූ ප‍්‍රබල අභියෝගයන් සියල්ල කෘතිමව නැතිවී ගිය බව පෙනේ.


බාධාකාරී වාතාවරණයක් පැවතියේ වර්ගවාදී ත‍්‍රස්තවාදීන්ගේ බලය යටතේ පැවතුන උතුරු නැගෙනහිර කොටස්වල ඡන්දදායකයින්ට පමණකි. එම කොටස්වල ස්වාධීනව ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව පැවතියේ ඉතා සීමිත කොටසකට පමණි. වැඩි කොටසක් එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණය යටතේ ඡන්දය පාවිච්චියට ඉඩ නොලැබුවන් වූ අතර සෑහෙන කොටසක් වෙනත් ප‍්‍රදේශවලට හෝ රථවලට සංක‍්‍රමණය වී ඡුන්දය දීමේ අවස්ථාව අහිමි වූ අය වූහ. මේ දෙආකාර වූ කරුණුම රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ප‍්‍රජාත‍්‍රන්තී‍්‍රයව තෝරාගැනීමට ඇතිවූ බාධකයන් ලෙස සැලකිය යුතුය.


1994 න් පසුව ඇතිවූ ජනාධිපති මැතිවරණ වලදී එල්ල වූ කෘති‍්‍රම බාධක අවම වුවද දක්නට ලැබෙන ඉතා අප‍්‍රසන්න ලක්‍ෂණයක් වන්නේ ජනාධිපති තරගය සඳහා ඉදිරිපත්වන අපේක්‍ෂකයින්ගේ සංඛ්‍යාව බෙහෙවින් වැඩිවී යාමය. මෙයින් වැඩි දෙනකු ජනාධිපති අපේක්‍ෂක යන නම ලැබීමට පවා ලැජ්ජාවිය යුතු නිකමුන්ය. 1999 ජනාධිපති ඡන්දය සඳහා අපේක්‍ෂකයින් දහතුන්දෙනෙකු ඉදිරිපත් වූ අතර එයින් දහදෙනෙකුටම මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට දශම පහකටත් ඡන්ද ප‍්‍රමාණයක් ලබාගත නොහැකි විය. 2005 මැතිවරණයටද අපේක්‍ෂකයින් දහතුන්දෙනෙකු ඉදිරිපත් වූ අතර එයින් 11 දෙනෙකුටම සියයට දශම පහකවත් ඡුන්ද සංඛ්‍යාවක් ලබාගත නොහැකි විය. 2010 ඡුන්දය සඳහා ජනාධිපති අපේක්‍ෂකයින් 22ක් ඉදිරිපත් වූහ. එයින් 20කටම ලබා ගත හැකිවූයේ මුළු සංඛ්‍යාවෙන් සියයට දශම පහට අඩු ඡන්ද ප‍්‍රමාණයකි. හත්වැනි ජනාධිපති මැතිවරණය සඳහාද දහනම දෙනෙක් ඉදිරිපත්වී සිටිති. මෙයින් පෙනීයන්නේ රටේ ජනාධිපතිවරයා තෝරාගැනීම වැනි උත්තරීතර කාර්යයක් සමච්චලයට පත් කිරීමේ ප‍්‍රවනතාවයයි.


ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ  ඕනෑම සුදුසු පුරවැසියකුට ජනාධිපති තනතුර සඳහා තරග කළ හැකිය. එහෙත් එම අයිතිය භුක්තිවිඳීමේ සදාචාරයක් ඇත. ජනාධිපතිවරයා වීමට තබා ප‍්‍රාදේශීය සභාවක සභිකයකු වීමටවත් ප‍්‍රමාණවත් මහජන ඡන්ද පදනමක් නැති අය මෙසේ ඉදිරිපත් කිරීමෙන්ම අප රටේ දේශපාලන පක්‍ෂවල සදාචාරවත් බව හා දේශපාලන අවබෝධය පිළිබඳව වටහාගත හැකිය.


දියුණු ලෝකය ඉදිරියේ අප සමච්චලයට පත්වන මෙම අප‍්‍රසන්න ලක්‍ෂණ ඉවත් කිරීමට ඊනියා දේශපාලන පක්‍ෂ හා දේශපාලන ක‍්‍රියාකාරීන් අසමත් වන්නේ නම් ඒ සඳහා කෘතිමව හෝ අධෛර්වත් කිරීම් සඳහා ක‍්‍රියාමාර්ග ගත යුතුවේ. සමහර රටක ව්‍යවස්ථාදායක සභාවේ එක් නියෝජිතයකු හෝ නොමැති දේශපාලන පක්‍ෂයකට ජනාධිපතිවරණයකදී තරග කිරීමේ ඉඩ නොලැබේ. මෙම ලියුම්කරු විසින්ම 2000 වර්ෂයේදී ලියා පළකරන ලද ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය මහජන මතය හා ශ්‍රී ලංකාවේ මැතිවරණ’’ (විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය) යන පොතෙහි, ජනාධිපතිවරණය අවතක්සේරු කරමින් සමච්චල් කරන මුවාවෙන් ඉදිරිපත්වන තරගකරුවන් අධෛර්යවත් කරන උපක‍්‍රමයක් වශයෙන් ඡන්ද සංඛ්‍යාවෙන් සියයට එකක්වත් ලබා ගත නොහැකි වන්නන්ගෙන් රුපියල් ලක්‍ෂ 10ක් හෝ 20ක් වැනි ඇප මුදලක් හෝ වන්දියක් ලබාගැනීම කළ යුතු යැයි යෝජනා කර ඇත. එය අදට වඩාත් ගැලපෙන්නේ යැයි සිතමි.

 

m



අදහස් (0)

ජනපතිවරණ කීපයක අප‍්‍රසන්න අත්දැකීම්

සිල්වා Wednesday, 14 January 2015 09:52 AM

2005 උතුරේ ඡන්ද දාන්න බැරිවීම ගැන කතාවක් නැත්තේ ඔබේ පක්ෂග්‍රහී බව නිසා නේද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1118 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4586 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 126 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 511 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 414 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site