IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


ජනපතිවරණ පොරපිටියේ සංවාද තේමාව

රට මැතිවරණ කාලයකට ගමන් කිරීම මේ වනවිටත් ආරම්භ වී ඇත. මැතිවරණ කොමිෂන් සභාව මේ පිළිබඳව ප්‍රකාශයක්  කර තිබුණි. ව්‍යවස්ථාව ප්‍රකාරව මේ වර්ෂයේ ජූලි මස 17 වැනිදා සිට ආරම්භ වන මාස 03ක් තුළ ජනාධිපතිවරණයක් සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය විය යුතුයි. ඔක්තෝබර් 17 වැනි දිනට පෙර නව ජනාධිපතිවරයා  පත්කර ගත යුතුය.

මෙවර ජනාධිතිවරණය අනෙක් කාලයක පවත්වන මැතිවරණයක් මෙන් සාමාන්‍ය එකක් නොවන බව ඉතාමත් පැහැදිලි ය. රටේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණය වෙන කවරදාටත් වඩා වෙනස් එකක් බවට පත්වී ඇත. ඒ නිසාම ඒ ගැන සාකච්ඡා කිරීම තවදුරටත් අවශ්‍ය ය.

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ රටේ ආර්ථිකය සම්බන්ධ කරුණු කීපයක් ය. ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රකාශ තුළ ආමන්ත්‍රණය කළ යුතු කරුණු කීපයක් පිළිබඳව ය.

 

විදේශ මුල්‍ය ගැටලුව

මෙහිදී මුලින්ම අවධානය කළ යුතු කාරණය වන්නේ රට හමුවේ තිබෙන ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳවය. 2022 සිදුවූ දේශපාලන වෙනස්කම් හෙවත් අරගලය යැයි කියන්නේ ප්‍රශ්නයේ එක පුපුරායාමක් මිස රට හමුවේ තිබෙන ප්‍රශ්නය නොවේ.

රටේ ප්‍රශ්නය ආකාර කීපයකින් තේරුම් ගත හැකිය. පළමුව රටේ ආර්ථික ක්ෂේත්‍රයේ බරපතළ කඩා වැටීමකට අපි මුහුණ දී සිටින්නෙමු. නිදහසින් පසු ගෙවුණු වසර 76ක කාලය තුළ ක්‍රියාත්මක කළ සමහර ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකයේ බරපතළ කඩා වැටීමක් සිදුවී තිබේ. මේ වසර 76ක කාලයෙන් අපේ සැලකිල්ලට භාජන විය යුතු වැදගත්ම කාලය වන්නේ 1977 න් පසුව ක්‍රියාත්මක කරන විවෘත වෙළඳපොළ ක්‍රමය සම්බන්ධයෙන් ය. මේ වසර 47ක විවෘත ආර්ථික යුගයේදී ඒ ඒ ආණ්ඩු සමහර තීරණ ගත්තේ තමන්ගේ වසර 05ක ආණ්ඩු කාලය අවුලකින් තොරව තල්ලු කර ගැනීමට ය. ඒ නිසා මේ වසර 47ක කාලයේ විදේශ මූල්‍ය වර්ධනය, රාජ්‍යයේ ආදායම් වර්ධනය, ආනයන පාලනය, අපනයන ක්ෂේත්‍ර වර්ධනය වැනි දේවල් ගැන සිතුවේ ‘එදා වේල සරිකර ගන්න’ සිතනවා වගේය.

මේ නිසා රටේ විදේශ මූල්‍ය වත්කම් හෙවත් ඩොලර් ආදායම වැඩිකර ගැනීමට ස්ථාවර ප්‍රතිපත්ති රාමුවකට ගියේම නැත. අපනයන ක්ෂේත්‍රයේ විවිධාංගිකරණය සිදුකළේම නැත. නව අපනයන ආයෝජන ක්ෂේත්‍ර හඳුනාගත්තේම නැත. ඒ සඳහා නව දැනුම හෝ නව ආයෝජන දිරිමත් කළේම නැත. ඒ නිසා ඒ ඒ ආණ්ඩු තමන්ගේ කාලයේ පැවැත්මට අවශ්‍ය ප්‍රමාණයට විදේශ සංචිත ටිකක් සොයා ගැනීමෙන් එහාට විදේශ මූල්‍ය වත්කම් ගොඩනැගුවේ නැත.

මේ තත්වය තුළ සමහර ආණ්ඩු කෙරුවේ හැකි හැම පැත්තෙන්ම විදේශ ණය ලබාගෙන ඒ ඒ කාලවල රටේ විදේශ මූල්‍ය සංචිත ‘අල්ලාගෙන’ යන්නටය. ඒ නිසා මෑත ඉතිහාසයේ කවදාවත් ඩොලර් බිලියන 10කින් එහාට විදේශ සංචිත ගොඩනගා ගන්නට ඒ කිසිම ආණ්ඩුවක් උත්සාහ කළේ නැත. ඊට අමතරව 2009 න් පසුව ආණ්ඩු (2010-15 මහින්ද රාජපක්ෂ සහ 2015-19 මෛත්‍රීපාල/ වික්‍රමසිංහ ආණ්ඩු) දෙකම විදේශ මූල්‍ය වෙළඳපොළට වැඩි පොලියක් ගෙවන්නට සිදුවන පරිදි ස්වෛරී බැඳුම්කර නිකුත් කළේය.

ඒවා හරහා බලාපොරොත්තු වූයේ විදේශ මූල්‍ය සංචිත ටිකක් හොයාගෙන තමන්ගේ ආණ්ඩු කාලය ගෙවා දමමින් ප්‍රශ්නය ඉදිරියට තල්ලු කිරීම ය. මේ වැඩේට ඉතිරි මදිපාඩුව ඒ ඒ ආණ්ඩු සපුරා ගත්තේ සමහර රාජ්‍ය ආයතන විකුණා දැමීමෙන් ය. හම්බන්තොට වරාය විකුණුවේ එසේ මූල්‍ය සංචිත තර කර ගැනීම සඳහා යැයි 2015 පත්වූ යහපාලන ආණ්ඩුව උජාරුවෙන් කී ආකාරය අපට තවමත් මතක ය.

මහින්දගේ සහ මෛත්‍රී/ රනිල්ගේ ආණ්ඩු දෙක (2010-15 සහ 2015-19) මෙසේ ඉතාමත් අපරිණත ආකාරයෙන් ස්වෛරී බැඳුම්කර විකුණමින් සහ රාජ්‍ය ආයතන විකුණමින් විදේශ මූල්‍ය ශක්තියක් පවත්වාගෙන ආ අතර ගෝඨාභයගේ ආණ්ඩු කාලය වනවිට ඒ උපක්‍රම දෙකම භාවිතා කළ නොහැකි තත්වයට රටේ ආර්ථිකය ගමන් කර තිබුණේය. මේ තත්වයට ශක්තිමත් පිළිතුරක් නිර්මාණය කරන්නට ගෝඨාභය රාජපක්ෂයට තිබූ අවස්ථාව ඔහුගේ දුර්වලකම් රාශියක් හේතුවෙන් ඔහු වෙතින් ගිලිහී ගියේ ය.

ඒ අනුව රටේ විදේශ මූල්‍ය ශක්තිය බිංදුවට කඩා වැටුණු අතර, එය හමුවේ 2022 වර්ෂයේ එක් පැත්තකින් ආනයනික භාණ්ඩ (ඉන්ධන/ගෑස්/ගල්අඟුරු) නොමැතිවීමෙන් රාජ්‍යය බංකොලොත් වූ අතර 2022 අප්‍රේල් මාසයේ ණය වාරිකයක් ගෙවන්නට නොහැකිවීම මත ආර්ථිකය බංකොලොත් වූ බවට පත්විය.

ඒ අනුව ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීමේදී රටේ විදේශ මූල්‍ය සම්පත් ශක්තිමත් කරන්නේ කෙසේ ද යන කාරණයට සෘජුවම පිළිතුරක් මේ ජනාධිපතිවරණයේ ඒ ඒ අපේක්ෂකයන් විසින් ලබාදිය යුතුව ඇත.

 

රාජ්‍ය මූල්‍ය ගැටලුව

ඉහතින් සඳහන් කළ විදේශ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීම සම්බන්ධව මීළඟ ජනාධිපතිරණයේ දී කළ යුතු මැදිහත්වීමට අමතරව ඊළඟ වැදගත් කාරණය වන්නේ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමයි. ඒ කියන්නේ ආණ්ඩුවේ සේවා සඳහා අවශ්‍ය මුදල රටේ ක්‍රමානුකූලව බදු ප්‍රතිපත්තියක් හරහා ලබාගන්නා ක්‍රමය සහ ඒ ඒ ක්ෂේත්‍රවලට නිසි පරිදි ආයෝජනය කිරීමේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීමය.

පසුය ආණ්ඩු කීපයම  (2005 සිට අද දක්වා) එක පැත්තකින් ආණ්ඩුවේ වියදම් සිදු කරන්නේ කිසිදු විවෘත හා කළමනාකරණමය පදනමකින් නොවේ. ඒ ඒ ජනාධිපතිවරුන් හෝ ආණ්ඩු තමන්ගේ ‘හිතේ සෝදිසියට’ නව ව්‍යාපෘති හඳුන්වා දෙමින් රාජ්‍ය මුදල් කාබාසිනියා කරන්නේ තරගයක මෙන් ය.

අනෙක් අතට රාජ්‍ය සේවය යැයි කියා බඳවා ගැනීම් කරන්නේ කිසිදු වගවිභාගයකට හෝ විද්‍යාත්මක පදනමකට අනුව නොවේ. මේ වනවිට රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට අධික වී ඇති අතර එම රාජ්‍ය සේවයට ඵලදායි පුහුණුවක් ලබාදීමට කිසිදු උත්සාහයක් නොගෙන ඉතාමත් අකාර්යක්ෂම යාන්ත්‍රණයක් බවට පත්කර ඇත.

තවත් පැත්තකින් යටිතල පහසුකම් වර්ධනය පැත්තෙන් ආණ්ඩුවේ මුදල් දූෂණයට හා සොරකමට විවෘත කර ඇත. යටිතල පහසුකම් කාණ්ඩ කීපයක් යටතේ රජයක් යටතේ සංවිධානය වේ. එක පැත්තකින් සමාජ යටිතල පහසුකම් ලෙසින් අධ්‍යාපනය, සෞඛ්‍යය, මාර්ග සංවර්ධනය, වාරිමාර්ග වැනි දේවල් තිබේ.

IMF ආයතනය කියන පරිදි රටේ මූල්‍ය නීතිය වෙනස් කිරීමට යාමෙන් බරපතළ අර්බුද රාශියක් ඇතිවීමට නියමිතය. (ඒ පිළිබඳව වෙනම ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි).

ආණ්ඩුවේ ආදායම විධිමත් හා විද්‍යානුකූලව ලබාගැනීමේ විවෘත හා සමාන ලෙස ක්‍රියාත්මක වන බදු ක්‍රමයක් හඳුන්වාදීම මේ ප්‍රශ්නයේ දී අංක එකේ අවශ්‍යතාවක් ය. අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවය, යටිතල පහසුකම් වර්ධනය, සුබසාධනය (අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි) සමාජ ආරක්ෂණ ජාලය (අස්වැසුම, වැඩිහිටි ආධාර වැනි) ක්ෂේත්‍ර දේශපාලනඥයාගේ සිහිනවලට අනුව නොව විද්‍යාත්මක පදනමකට අනුව ක්‍රියත්මක විය යුතු ය. එසේම රාජ්‍ය වියදම කිසිදු තර්කානුකූල පදනමකින් තොරව සිදු කරමින් ණය මත ආණ්ඩුව පවත්වාගෙන යාමේ සම්ප්‍රදායෙන් ඉවත්වීම මේ වනවිට අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත.

 

මේ කාරණ පිළිබඳව ශක්තිමක් අදහසක් ඒ ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතු ය.

ණය අර්බුදය

ඉහතින් සඳහන් කළ ක්ෂේත්‍ර 02කට අමතරව මේ ජනාධිපතිවරණයේ දී අවධානය යොමු කළ යුතු අංශය වන්නේ රට හමුවේ තිබෙන විදේශීය හා දේශීය ණය ගෙවීමේ ආකෘතියකට ගමන් කිරීමය. වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මහන්සි වෙන බව පෙනෙන්නේ මේ කාරණය පිළිබඳව මිස ඉහතින් සඳහන් කළ අනෙක් අර්බුද දෙක පිළිබඳව නොවේ.

ණය ගැනීම යනු සාමාන්‍යයෙන් අර්බුදයක් නොවන බව ඉතාමත් පැහැදිලි ය. එහෙත් ගත් ණය ගෙවන්නට නොහැකි වන්නේ නම් අර්බුදය ඇති වෙන්නේ එතැනය. අපේ රටට සිදුවී තිබෙන්නේ එවැන්නක්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව වත්මන් ආණ්ඩුවටත් සැලකිය යුතු ප්‍රගතියක්  අත්කර  ගැනීමට හැකිවී නැතැයි ඔවුන්ගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වී ඇත. මේ ගැටලුව විසඳන ආකාරය පිළිබඳව බරපතළ මැදිහත්වීමක් අනාගත ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතුය.

 

තවත් වැදගත් ගැටලු කීපයක්

ඉහත සඳහන් ක්ෂේත්‍ර තුනට අමතරව එම ක්ෂේත්‍ර සමග ගැට ගැසී ඇති තවත් ප්‍රශ්න කීපයක්ම පිළිබඳව මෙවර ජනාධිපතිවරණයේ දී අවධානය යොමු කළ යුතුය. ඒවා අතරින් 1. ධනෝත්පාදන හා නවෝත්පාදන රාජ්‍යයක් බවට පරිවර්තනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවකට එකඟවීම 2. දේශපාලන ප්‍රතිසංස්කරණ පද්ධතියක් හරහා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම 3. ජාතින් අතර ශක්තිමත් එකඟතාවක් ඇතිවන පාලන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, 4. ආර්ථික ක්‍රියාකාරකම් සහ වෙළඳපොළ යාන්ත්‍රණය සඳහා සමාන අවස්ථා ගොඩනැගීම 5. විරැකියාව අවම කිරීමේ යාන්ත්‍රණයක් වෙළඳපොළෙන් ගොඩ නැංවීම. 6. ඵලදායක රාජ්‍ය සේවයක් සහ සමාජ සුබසාධන යාන්ත්‍රණයක් සඳහා රාජ්‍ය ආයෝජනය විධිමත් කිරීම  සහ 7. සමාජයේ පරිධියේ සිටින කණ්ඩායම් වෙ​ෙළඳපොළ යාන්ත්‍රණයට ඇතුලත් වන පරිදි සැලසුම් කළ සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම වැදගත් ය.

මෙවැනි සංවාදයක් මෙවර ජනාධිපතිවරණ   මැතිවරණ වේදිකාව තුළට ගෙන ආ යුතු බව මගේ මේ සතියේ කිවිදා දැක්ම ය.

(***)
මහාචාර්ය චරිත හේරත්



අදහස් (0)

ජනපතිවරණ පොරපිටියේ සංවාද තේමාව

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 186 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 592 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 282 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 970 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 440 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 310 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 311 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 978 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site