IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


ජනපතිගේ ඉන්දීය ගමනේ අභියෝග

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයන් විශ්වාස කරන බව පෙනේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසී ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති අතර ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුරුමු මහත්මිය ද හමුවීමට නියමිතය. ජනාධිපති අනුර හා ඉන්දීය අගමැති මෝදි මහතා ගේ නිල හමුවීම සමග දෙරටට වැදගත්වන ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.

 

ජලයට වඩා ඝනකම රුධිරය ගැන පාඩම

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ ගැඹුරු සබඳතාවක් තිබේ. පරස්පරතා ද ඇත. ආසන්න රටවල් වශයෙන් තරගකාරී හා එකිනෙකා දෙස ප්‍රතිපාර්ශවිකව බලන ස්වභාවයක් ද තිබේ. කෙසේ වෙතත් එම සියලු පැති අතර රටවල් දෙකට අනන්‍ය වූ මිත්‍රශීලීභාවයක් ඇත. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් එම සම්බන්ධය වතුරට වඩා රුධිරය ඝනකම බව දක්වමින් අර්ථදක්වා තිබේ. ඉන්දීය ප්‍රතිපත්තිය අනුව අසල්වැසියාට ප්‍රථමයෙන් යන සංකල්පය ද සහිතවය. ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, සංවර්ධනය හා භූ දේශපාලනික රාමුව අරමුණු කරගෙන දෙරට අතර සබඳතා අලුත් වටයකින් ඉදිරියට ගෙන යන ප්‍රයත්නය ඉතා වැදගත්ය.

ආර්ථික අර්බුදයකට මුහුණ පෑ ශ්‍රී ලංකාවේ අරගලකාරී තත්වය දෙස ඉන්දියාව වඩා අවධානයෙකින් යුතුව කටයුතු කළේය. ඉන්දීය විදේශ අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය එක්ව ඇමරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවා ගිය හදිසි ආධාර ප්‍රමාණයක් පිරිනැමීය. ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයාව සිටි මිලින්ද මොරගොඩ මහතා අනුගමනය කරන ලද රාමුවෙන් පිටත සැලැස්ම හේතු කොටගෙන ආහාර, ඖෂධ, පොහොර සමග ලැබුණ අනුබලය නොවෙන්නට ශ්‍රී ලංකාවේ පැවැත්ම අතිශය දුෂ්කර තත්වයකට පත්වීම නොවැළැක්විය හැකිව තිබුණි. මෙහි දී ආධාර, ගෙවුම් ශේෂය මගහැර ගැනීම සඳහා පහසුකම්, සංචාරක දියුණුව, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු වෙනත් ආයෝජන වශයෙන් අංශ හතරකට එය විහි දී ගියේය.

හදිසි ආධාර ලබාගැනීමේ අවශ්‍යතාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදී මතු වූ අතර ඉන් පසුව අතරමැදි කාලය තුළ බලයට පත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය නිල සංචාරයේ දී රටවල් දෙක අතර නාවික, ගුවන්, බලශක්ති වෙළඳ, ආර්ථික, මුල්‍ය හා ජන කොටස් අතර සබඳතා තවත් දියුණු කරන අරමුණ ඇති අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කළේය. වසර තුනක කාලයක් ඇතුළත ඉන්දියාවට ගමන් කරන ශ්‍රී ලංකාවේ තුන්වැනි ජනාධිපතිවරයා වශයෙන් මෙතෙක් පැමිණි ගමන දෙස විචාරාත්මකව සහ පැතිරුණු අවකාශයක් සහිතව අවධානයට ගැනීමේ වගකීමක් දිසානායක ජනාධිපතිවරයාට ඇත.

 

පළාත් සභා ක්‍රමය ගැන ඉන්දියාවට පණිවුඩයක්

ඉන්දියානු ව්‍යාප්තවාදය ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව අවධාරණය කරන ලද කරුණකි. 1982 වසරේ සිට 1990 දක්වා ඔවුන් ගෙනගිය අරගලය තුළ එය සටන් පාඨයක් විය. 1987 ඉන්දු ලංකා ගිවිසුම එහි උච්චතම අවස්ථාවය. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති උතුරේ සන්නද්ධ ත්‍රස්තවාදී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා අතර බලය බෙදාහරින පළාත් සභා ක්‍රමය එහි ප්‍රධාන යෝජනාවක් විය. ජේ.ආර්. ජයවර්ධන හා රජීව් ගාන්ධි අතර තිබුණ අවබෝධය අනුව ව්‍යවස්ථාවට ගෙන එන ලද දහතුන් වැනි සංශෝධනයෙන් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. එයට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක්‍රමය වර්ජනය කරන තීන්දුවක් ද ගත්තේය.

ත්‍රස්තවාදය උත්සන්නවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය අගමැති රජීව් සිය ජීවිතයෙන් වන්දි ගෙවන ලද අතර එම වන්දියෙන් ආරක්ෂා වූ පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් රට තුළ තහවුරු කරගන්නට මෙරට දේශපාලනය සූදානම් වූයේ නැත. දහ තුන හා දහතුනට වැඩි බලතල වශයෙන් දීර්ඝ සාකච්ඡා සිදු වූ නමුත් අවසානයේ දී පළාත් සභා ක්‍රමය රටට උචිත නැති බව පිළිගෙන තිබේ. පළාත් සභා මැතිවරණ නොපැවැත්වුණ කාලසීමාව සහ ඉකුත් මහ මැතිවරණයේ දී උතුරේ දෙමළ ජනතාව ගෙන ඇති තීරණය අනුව පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු ද යන ගැටලුව ඇතිවේ.

ඉන්දීය ජාතික කොන්ග්‍රස් නායකත්වයේ සිටි රජීව් අගමැතිවරයා ශ්‍රී ලංකාවට පනවන ලද පළාත් සභා ක්‍රමය භාරතීය ජනතා පක්ෂ අගමැති නරේන්ද්‍ර මෝදි සලකා බලන ආකාරය උපායශීලීව යෝජනා කරන අවස්ථාවක් ජනතා විමුක්ති පෙරමුණට පදනම් වූ ජාතික ජන බලවේගයට ලැබී ඇත. ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට වෙනම බලතල සැපැයීමෙන් ඉන්දීය ව්‍යවස්ථාව ගෙන තිබුණ තීරණය අධිකරණ තීන්දුවක් ඔස්සේ ආපසු හැරවීමට මෝදි අගමැතිවරයා 2019 වසරේ දී පියවර ගත් බව ද මෙහි දී මතක් කළ හැකිය. ඉන්දු ශ්‍රී ලංකා සබඳතා නවතම පියවරකට ප්‍රවේශවන අවස්ථාවක රටට බරක් වී තිබෙන පළාත් සභා අහෝසි කර පළාත් පාලන ආයතනවලට මහජන සේවය සඳහා වැඩි වපරිසරයක් නිර්මාණය කිරීම උචිත ස්වභාවයක් වනු ඇත.

 

ආර්ථික දියුණුවට ඉන්දීය සහයෝගීතාව

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම් දෙකක් ඇත. එකක් ආර්ථික ගිවිසුමක් වන අතර අනෙක සේවා අංශය දක්වා එය ප්‍රසාරණය කිරීම වේ. දෙරට අතර ගනුදෙනුවල දී බදු අඩු කළහොත් මහජනතාවට එහි වාසියක් ලැබේ. අනෙක් අතට වෙළෙඳාම දියුණු කෙරේ. තෝරාගත් අංශවලට කරන මෙම බදු ඉවත්කරන හා නිදහසේ ව්‍යාපාර සඳහා ඉඩ දෙන වාතාවරණය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ආර්ථික අවශ්‍යතා සලකා තීරණයකට යා යුතුවේ.

ඉන්දියාව සියයට හයක පමණ ආර්ථික වර්ධනයක පසුවේ. සියයට දහය දක්වා වේගවත් කරන සැලසුම් සාකච්ඡා වෙමින් පවතී. ව්‍යවසායකත්වයට හා ආයෝජනයට වහාම ඉඩ දෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන්දීය ජාතික ගුවන් සේවය පෞද්ගලීකරණය කළේය. රක්ෂණ, බැංකු හා මුල්‍ය අංශ පෞද්ගලික අංශයට පැවැරේ. ලෝකයේ වෙනත් රටවලින් එන ආයෝජනවලට දොරටු විවෘත කරමින් සිටී. පසුගිය දා පත් වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීනයෙන් එන අපනයනවලට බදු පනවනු ඇති බව උපකල්පනය කරන ව්‍යවසායකයෝ සිය ආයෝජන වෙනත් රටවල ස්ථාන ගත කරමින් සිටිති. ඉන්දියාව එය අවස්ථාවක් කරගෙන තිබේ. ප්‍රධාන පෙළේ ආයෝජන සඳහා බදු සහන, යටිතල පහසුකම් සැපැයීමට ඉන්දීය රජය සූදානම් වේ. මෙම අවස්ථා ඉදිරියේ ඉන්දු ශ්‍රී ලංකා සහයෝගීතාවක් ඇති කරගත හොත් ශ්‍රී ලංකාවට වාසිදායක විය හැකිය.

 

ගොඩබිම සම්බන්ධතා ඇති කරන උපාය මාර්ගය

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන අලුත් ව්‍යුහයක් ගැන ද සාකච්ඡා වේ. එයට අනුව අඩුම දුරක් ඇති සහ ප්‍රායෝගික ස්ථානයකින් ගොඩබිමින් යා කෙරෙනු ඇත. එහි දුම්රිය හා වාහන මාර්ග පහසුව ඇති කෙරේ. දෙරට අතර භාණ්ඩ හා මගී ප්‍රවාහනයට ගුවනින් හා මුහුදෙන් ඇති අවස්ථා වඩාත් පහසු කිරීම අරමුණ වී ඇත. මෙම යොජනාව සාක්ෂාත් කරගැනීම සඳහා දශක ගණනක් තිස්සේ සාකච්ඡා පැවැත්වේ. මෙම දැවැන්ත බහුකාර්ය යෝජනා ක්‍රමය ආම්භ කළහොත් එය සඳහා ආධාර සපයන ව්‍යාපෘතියක් සලකා බලන්නට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත. එය ගමනාගමනය වේගවත් කරන අතර විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංවර්ධනය සඳහා වැඩි බරක් ඇති කරන බව නිසැකය. එයට සමාන්තරව විදුලිය, ඉන්ධන හා ගෑස් නල මාර්ග සම්බන්ධ කරන්නට ද සංකල්පමය වශයෙන් එකඟ වී තිබේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කනෙක්ටිවිටි  අදහස සම්බන්ධයෙන් විවිධ පැතිවලින් සලකා විද්වත් වාර්තාවක් පාත්ෆයින්ඩර් පදනම සකස් කොට ඇති අතර එය ඔවුන්ගේ වෙබ් අඩවියෙහි ඇත. එහි දී මෙම උපායශීලී පියවර තුළ ඇති වාසි හා අවාසි සාකච්ඡා කොට තිබේ. දැනටමත් කොළඹ වරායේ සිදු කෙරෙන මෙහෙයුම්වලින් සියයට හැත්තෑවක් පමණ ඉන්දියානු භාණ්ඩ බව දැක්වේ. ඒවා කුඩා නැව්වලින් ප්‍රති අපනයනය වේ. දුම්රිය මාර්ගය ඔස්සේ යා කළහොත් වියදම අඩුවන අතර ගමන වේගවත් වේ. කාර්යක්ෂමතාව හේතුකොටගෙන කොළඹ වරායේ මෙහෙයුම් තවත් දියුණු කළ හැකිය.

බොරතෙල් මිල දී ගැනීම ඒවා ත්‍රිකුණාමලයේ පිරිපහදුවක් මාර්ගයෙන් නිෂ්පාදන බවට හරවා නැවත නල මගින් අපනයනය ද යෝජනා වේ. එය ත්‍රිකුණාමලය බලශක්ති කේද්‍රස්ථානයක් වශයෙන් දියුණු කරන පිළිවෙළකි. ඉන්දියාව දියුණුවන අතර වසර 2030 වන විට බලශක්ති අවශතාව සියයට තිහකින් ඉහළ යනු ඇතැයි සැලකේ. මැදපෙරදිග රටවල් සමග සහ රුසියාව සමග ඉන්ධන වෙළෙඳාමේ යෙදෙන ඉන්දියාව ශ්‍රී ලංකාව සමග කටයුතු කළහොත් එහි වාසියක් රටට ලබාගත හැකිය. පේසාල ප්‍රදේශයේ කිලෝ මීටර් පහක් ගැඹුරු මුහුදේ ඇති බොරතෙල් පිටතට ගැනීමේ ව්‍යාපෘතියකට වඩා එය වහාම ලාභ අත්පත් කරදෙන ව්‍යවසායයකි. අනෙක් අතට නැගෙනහිර ප්‍රදේශයේ යෝජිත සුළං බලාගාරවල නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණය දැනට මෙරට අවශ්‍යතා මෙන් පස් ගණයක් බව දැක්වේ. විදුලිය ග්‍රිඩ් සම්බන්ධතාවකින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති ජාලයක් ගොඩනැගිය හැකි වනු ඇත.

 

තවත් උපාය මාර්ග ගණනාවකට ඉඩ

ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනය සහිත රටවන අතර වේගවත් ආර්ථික වර්ධනය සමග මැදි ආදායම් ජන කොටස ඉහළ නගිමින් සිටිති. මෙම පිරිස ඉන්දියාවෙන් බැහැරට සංචාරක අවස්ථා සොයති. දැනටත් මෙරටට වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණෙන බව සංචාරක දත්ත දක්වයි. ආර්ථික අර්බුදයකට පසු තාවකාලික ස්ථාවරභාවයක් අත්පත් කරගෙන සිටින ශ්‍රී ලංකාව ඉන්දියාවට කරන සංචාරයේ දී විනිමය අවශ්‍යතා සලකා දෙරට අතර සංචරණයට පියවර යෝජනා කිරීම අවශ්‍යය. ඉන්දියාව සමග ගෙන යන ශ්‍රී ලංකාව ඔසවා තබන සැලැස්මක් යොජනා කිරීමෙන් පසු ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඉදිරියෙන් තැබිය යුතුවේ. ඉන්දියාව ලබා ඇති තොරතුරු තාක්ෂණයේ දියුණුව ද අමතක කළ නොහැකි අංශයකි.

පසුගිය කාලය තුළ ඉන්දියාව මෙරට සහනාධාර ක්‍රම තාක්ෂණයට හැරවීම සඳහා සහාය ලබා දුන් අතර ඉන්දියාවේ දිළිඳු ජනතාවට කෙළින්ම රජයේ ආධාර ගිණුමට යැවිය හැකි පරිදි සකස් කරන ලද ආධාර ක්‍රමය හා සමාන පිළිවෙළක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන පනස් පහක් පිරිනමා ඇත. උතුර නැගෙනහිර හා වතු නිවාස ඉදිකිරීම, සූර්ය තාප විදුලිය උත්පාදනය,  උතුරු දුම්රිය මාර්ගය නවීකරණය ඇතුළු අංශ වෙත ද ඉන්දීය ආධාර ලැබී තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබිය යුතු විශ්වාසය තහවුරු කරගන්නා අතර තාවකාලික පදනමකින් ගන්නා ආධාර වෙනුවට ද්වී පර්ශවිකව වැදගත් වන ව්‍යාපෘති සඳහා රටවල් දෙකටම ජය අත් කරගත හැකි උපාය ගැන නැඹුරුවීම සුදුසුය.

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (0)

ජනපතිගේ ඉන්දීය ගමනේ අභියෝග

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආනයනික සහලේ අලකලංචිය
2024 දෙසැම්බර් මස 16 405 0

සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ


ජනපතිගේ ඉන්දීය ගමනේ අභියෝග
2024 දෙසැම්බර් මස 16 529 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ


බෞද්ධ විමුක්ති මාර්ගය සංවර ඇඳුමින් පැලඳුමින් වාරණය නොවේ
2024 දෙසැම්බර් මස 14 252 0

ඇඳුම් පැලඳුම් භාවිතයෙහි ඉතිහාසය ඉතා දීර්ඝය. ඇඳුම් යනු වස්ත්‍ර වන අතර පැලඳුම් යනුවෙන් විවිධ ආභරණ ගැන සඳහන් වෙයි.මානව සමාජයෙහි ආරම්භයේ සිටම ඇඳුම් පිළිබ


උපාධි ප්‍රශ්නයෙන් රට යවන හාල්-පොල් මිල
2024 දෙසැම්බර් මස 14 558 1

ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්


එංගලන්තයේ බිලියනපතියාගෙන් මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
2024 දෙසැම්බර් මස 13 3111 0

ක්‍රීඩාවේදී “මහත්වරු” ගැන කතාකරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී මහත්මා ගුණය ගැන වඩවඩාත් කථාකරයි. මහත්හොරු ගැන කතාබහට ලක්වන යුගයක මහත්වරුන් සොයාගැනීම අසීරු


බ්‍රිතාන්‍යයන් මිහිදන් කළ ගැරිසන් සොහොන
2024 දෙසැම්බර් මස 13 1244 4

මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ දක්නට ඇති බොහෝමයක් තැන්වල වැදගත්කම කෙබඳු දැයි අවබෝධ කරගත් පිරිස අතළොස්සක් බව නම් නොරහසකි. මහනුවර දළදා මාලිගාව අභියස කෞ


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21321 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13824 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 264 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 256 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 118 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site