IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන්දය භාවිත කිරීමේ සුදුසුකම් ලබා සිටිති. ජනාධිපතිවරණ වියදම රුපියල් කෝටි 800ක් පමණ වනු ඇතැයි ප්‍රකාශයට පත්ව තිබේ. මෙම වියදම එළැඹගත් සිහියෙන් යුතුව හොඳින් මතක තබාගත යුතුය.

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතිහාසයේ පැවැත්වූ සෑම ජනාධිපතිවරණයකටම ඉඳුරාම වෙනස්ය. මරණය අතින් ගෙන ජනාධිපතිවරණ පැවැත්වූ ඉතිහාසයක් ද අපට තිබේ. ඡන්ද පොළට යෑම සොහොන් බිමට යෑමේ කෙටි මගක් බවට එහිදී පත් විය. එම මාරක අභියෝග මැද වුවද ජනාධිපතිවරණය පවත්වා රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගැනීමට මෙරට ජනයාට අවස්ථාව උදා විය.

ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙම ජනාධිපතිවරණය වෙනස් වන්නේ වෙනත් අර්ථයකිනි. අප රට බංකොලොත් බව ලොව හමුවේ ප්‍රකාශ කිරීමට සිදු විය. එය නින්දා සහගත අත්දැකීමකි. එහෙත් යථාර්ථය එය විනා අන් යමක් නොවේ.

අපට අප රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට සිදු වූයේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේය. අපට විදේශ විනිමය නැති විය. එහෙයින් ඉන්ධන, ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩ ආනයනය කළ නොහැකි විය. ඉන්ධන නෞකා රට ආසන්න මුහුදේ දවස් ගණන් කරක් ගසා නැවත හැරී ගිය අවස්ථා තිබිණි.

මෙම පරිසරය තුළ දින ගණනාවක් දිවා රෑ වෙනසකින් තොරව සාපිපාසිතව ඉන්ධන හා ගෑස් පෝලිම්වලද කිරිපිටි පෝලිම්වලද නිරා දුක් විඳීමට මෙරට ජනයාට සිදු විය. කෙසේ වුවද එම තත්වය මේ වනවිට යම් පමණකට සමනය වී තිබේ.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ආර්ථික අර්බුදය එසේ යම් පමණකට සමනය වී ඇති පරිසරයකය. එසේ නොමැතිව ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණයක් පැවැත්විය හැකි පරිදි ආර්ථික අර්බුදය සහමුලින්ම සමනය වී ඇති තත්වයක නොවේ.

එබඳු පරිසරයක රුපියල් කෝටි 800ක් මෙම ජනාධිපතිවරණයට වියදම් කිරීමට සිදු වී තිබේ. මෙම මුදල් කන්දරාව යනු ජනතාවගේ ආර්ථික තත්වය ඉහළට ඔසොවා තැබීමට වියදම් කිරීමට ඇති මුදලකි. ඉහළ ගොස් ඇති බඩු මිල පහත හෙළීමට, විදුලිය බිල, ජල බිල්පත පහළට ගැනීමට වියදම් කළ හැකි මුදලකි. එහෙත් ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු හෙයින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය කළ යුතුවම තිබේ.

ඉහත තත්වය තුළ අප අවධාරණය කරනු ලබන්නේ ජනාධිපතිවරණය සඳහා වියදම් කරන අතිවිශාල මුදල් කන්දරාව නාස්තියක් බවට පත් නොකරන ලෙසය. එම ඉල්ලීම සියලුම දේශපාලන පක්ෂවලින් හා ප්‍රජාතන්ත්‍රවාදී අභිලාසයන්ගෙන් අනූන පොදු මහජනතාවගෙනි.

ඡන්දය සෙල්ලමක් බවට පත් කර නොගත යුතුය. අනික් අතට සාමකාමී සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්විය යුතුය. ඡන්දයට යට කළ මහ මුදල් කන්දරාව නාස්තියක් හෝ අපරාධයක් නොවන්නේ එමගින් පමණි. අපි ඒ දෙස අවධානයෙන් බලා සිටිමු.

 

(***)



අදහස් (0)

ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 448 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 983 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 907 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 161 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 104 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 987 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16094 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site