IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


ජනමතය උරගා බැලීමක්

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියමිත කාලය පසුවී වසර දෙකහමාරක් ගත වූ පසුවය. ඒ මැතිවරණයේදී නව පක්ෂයක් ලෙසින් පොදුජන පෙරමුණ අති දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් බව බොහෝ අයට මතකය.

මෙවර ඒ මැතිවරණය පවත්වන්නේ නියමිත කාලයට වසර තුනක් (3) පමණ පමා වෙලාය. ඒ පමාව සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු රජය ඒ මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමූ නිසාය.

වත්මන් ආණ්ඩුව තමන් පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් පසුව ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මැතිවරණ වහාම පවත්වන බවය. මේ මැතිවරණය පවත්වන්නේ ඒ තත්වය යටතේය.

 

පළාත් පාලන මැතිවරණයේ වැදගත්කම

රටේ පාලනය සම්බන්ධයෙන් සලකා බලන විට ඉතාමත් වැදගත් ආයතන පද්ධතියක් වශයෙන් පළාත් පාලන ආයතන සැලකිය හැකිය. ග්‍රාමීය පරිපාලනය සහ නගර පරිපාලනය එයට අයත් වපසරියන්ය. යුරෝපයේ සමහර රටවල නගර සභාවේ ප්‍රධානියාට අතිවිශේෂ බලයක් ලැබෙන අතර ඔහුව හඳුන්වනු ලබන්නේ His Holiness කියාය. ඒ කියන්නේ ‘ශුද්ධතම පුරපතිතුමා’ කියාය. රාජ්‍ය පාලනයේ එතරම් වැදගත්කමක් මේ තනතුර සඳහා ලබා දෙන්නේ එය රටේ හා නගරයේ ජනතාවටව තිබෙන බලපෑමේ ස්වභාවය මතය. ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාගේ බලයත් ඒ වගේම ඉතාමත් විශේෂ එකක්ය. ජනාධිපතිවරයාගෙන් පසුව විධායක ආකාරයේ බලයක් තිබෙන තනතුර වන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරය.

පසුගිය වසර තුනක (3) කාලයක් පුරා ඒ ඒ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ පාලනය කරනු ලැබුවේ රාජ්‍ය නිලධාරීන් විසින්ය. නගර සභාවක් පාලනය කරනු ලැබුවේ නාගරික කොමාසාරිස්වරුන් විසින්ය. ඒ පාලන අතර සමහරුන් ඉතාමත් යහපත් ආකාරයෙන් පාලනය කරගෙන ගිය බව සැබෑය. එහෙත් බහුතරයක් නිලධාරීන්ගේ පාලනය ගැන සමාජයේ එතරම් පිළිගැනීමක් නැත.

මේ ප්‍රාදේශීය සභා යාන්ත්‍රණය පටන් ගන්නේ 1989 රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ හඳුන්වා දුන් පනතට අනුවය. ඒ පනත 2018 දී වෙනස් වූ අතර මේ වන විට එහි තවත් වෙනස්කම් කීපයක්ම සිදුකර ඇත.

 

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය වැදගත් වන විශේෂ කාරණයක් ඇත. එනම් වත්මන් මාලිමා රජය පිළිබඳව ජනතාවගේ විවේචනයක් ඉදිරිපත් කිරීමේ ඉඩක් මේ අනුව හිමිවීමය. වත්මන් රජය පත්වී මේ වන විට මාස 06 කට ආසන්නය. ඒ අයගේ පොරොන්දු සහ ඒවා ඉටුකිරීමේ හැකියාව පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් මේ වන විට ගොඩ නැගී ඇත. ආණ්ඩුවේ අය කථා කරන තරම් ලොකුවට ක්‍රියාත්මක වන්නේ නැති බව මගේ නිරීක්ෂණයය. ‘කථාව දෝළාවෙන් ගමන පයින්’ කියා පැරණි කියමනක් තිබේ. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළත් ඒ වගේය. මම කියන්නේ පොලිසියෙන් පවත්වන පරීක්ෂණ ගැන නොවේ. ඒවා නම් විශාල වශයෙන් සිදුවන බව පෙනෙන්නට තිබේ. එහෙත් මූලිකවම අවශ්‍ය වන්නේ ආර්ථික තලයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව රජයේ ක්‍රියාකාරීත්වය කෙසේද යන්න විමසීමය.

 

ආර්ථිකය කොයිබටද?

අපේ රටේ මේ කාලයේ ප්‍රධානතම දේශපාලන අභියෝගය වන්නේ ආර්ථික තත්වය ස්ථාවර කිරීමය. මේ ආණ්ඩුව බලයට පත් වූයේම රටේ තිබූ බරපතළ ආර්ථීක ගැටලුව නිසාය. ‘වසර 76 ක ශාපය’ යැයි කීවේ මෙතෙක් බලයේ සිටි සියලුම ආණ්ඩු ආර්ථිකය නිවැරැදිව ක්‍රියාත්මක නොකළ බවයි. ඒ නිසා වත්මන් ආණ්ඩුව පසුගිය වසර 76 ආණ්ඩු ක්‍රියාත්මක කළ ‘වැරදි ආර්ථිකය’ වෙනුවට ‘අලුත් ආර්ථිකයක්’ ක්‍රියාත්මක කරන බවට සහතික විය යුතුය. සහතික වෙනවා පමණක් නොව එම අලුත් ආර්ථිකය මිහිපිට ‘බිම’ ක්‍රියාත්මක කළ යුතුය.

එහෙත් මහපොළවේ දේශපාලනය මගින් පෙන්නුම් කරන්නේ එවැනි අලුත් ආර්ථිකයක් ක්‍රියාත්මක කරන බවක් නොවේ. පසුගිය මාසයේ කියවූ අය වැය ලේඛනය දෙස බලන්න. ආණ්ඩුවේ ආර්ථිකය යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථිකයයි. එයින් පිට එක අකුරක්වත් ලියැවී නැති බව මගේ නිරීක්ෂණයයි. අය වැය ප්‍රකාශයෙන් පසු පැවැති විවාදයට පැමිණි ජනාධිපතිවරයා කළ ප්‍රධානම ඉල්ලීම වූයේ ‘මේ ආර්ථික ක්‍රියාදාමය අවුල් වෙන කිසිම දෙයක් කරන්න එපා.’ කියාය. මේ කියන ආර්ථික ස්ථාවරභාවය යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ගැළපීමම මිස වෙන දෙයක් නොවේ. IMF සංවිධානයේ ආකෘතියට අනුව ආර්ථික වර්ධනය පිළිබඳ උපමාන මත යන මේ ගමන් මාර්ගය තුළ අලුත් ආර්ථික ක්‍රියාදාමයක් මතුවන්නේ නැත. IMF එකඟතාව මත යා යුත්තේ යම් ආකාරයක නව දැක්මක් සහිත උපාය මාර්ගික ආර්ථික දැක්මක් සහිතව මිස ඔහේ යන්නන් වාලේ ගමන් කිරීමෙන් නොවේ. එහෙත් වත්මන් ආණ්ඩුව ආඩම්බරයෙන් වගේ කියන්නේ ඒ අය ගමන් කරන්නේ වික්‍රමසිංහ මහතා ගිය පාරේම බවයි.

 

කථා විශ්වය හා සැබෑ ලෝකය

ආණ්ඩුවේ ප්‍රධානීන් නඩත්තු කරන්නේ සැබෑ ලෝකයට සම්බන්ධ නැති කථා විශ්වයක්ය. තමන්ගේ සිත සතුටු වන පරිදි වූ කථා විශ්වයක් ඔවුන් නිර්මාණය කරන අතර ඒ කථා විශ්වයේ විවිධ වචන ආඩම්බරයෙන් උච්චාරණය කරනු ලබයි. කථා කිරීමේදී තමන්ට ලැබෙන ප්‍රීතියක් මිස ඒ කියන බොහෝ කථාවලට සැබෑ ලෝකයේ කිසිදු වටිනාකමක් නැත. උදාහරණයක් ලෙසින් ආර්ථිකය පිළිබඳව ඔවුන් නිර්මාණය කර ඇති කථා විශ්වයේ උච්චාරණ සලකා බලන්න. ‘අපි ඇවිත් ආර්ථිකය ස්ථාවර කළා.’ යැයි කියන ප්‍රකාශයේ කිසිදු පදනමක් සැබෑ ලෝකයේ නැත. ඒ බව රටේ හැමෝමත් ආණ්ඩුවේ හැමෝමත් දනිති. ඒත් ආර්ථිකය ගැන කථා කරද්දී ආණ්ඩුවේ ප්‍රධානීන් කියන්නේ වික්‍රමසිංහ ආණ්ඩුව කළ දෙයක් නැති බවත් ඔවුන් (වත්මන් ආණ්ඩුව) ආර්ථිකය ස්ථාවර කළ බවත්ය. ණය ප්‍රතිව්‍යූහගත කළ බවත්ය. මේවා කියන්නේ ‘ඇහෙද්දී තමන්ට සතුටක් ලබා ගැනීමට’ මිස සැබෑ ලෝකයේ යථාර්ථය ලෙසින් නොවේ.

අනෙක් බොහෝ ක්ෂේත්‍රවල තත්වය මේ වගේමය. අලුත් දේවල් කරන්නට මීට පෙර ඉල්ලූ සහාය නැවත නැවතත් ඉල්ලමින් සිටිනවා මිස අලුත් දෙයක් කරන්නේ නැත.

 

පරපීඩන කාමය මාර්කට් කිරීම

මේ අතර පසුගිය මැතිවරණ වේදිකාවේදී මතු වූ තවත් වැදගත් තත්වයක් වන්නේ සාමාන්‍ය ජනතාවගේ මනස ‘පද්ධති විරෝධයක්’ හෙවත් Anti Establishment එකක් ලෙසින් ගොඩ නැගීමය. කාට හරි වරද පටවා එසේ වරද පැටවීම හරහා ජනතා මනස සතු කිරීම සිදුවන්නේ මේ අනුවය. මේ විරෝධයේ විෂය වස්තුව එක එක තැනට අනුව වෙනස්ය. එක තැනකදී මේ විරෝධය පදනම් කරන්නේ රාජපක්ෂ මතය. තවත් තැනකදී එය පදනම් කරන්නේ බණ්ඩාරනායක මතය. තවත්තැනකදී එය පදනම් කරන්නේ වික්‍රමසිංහ මතය. තවත් තැනකදී එය පදනම් කරන්නේ තවත් කෙනකු මතය. මෙසේ පද්ධති විරෝධය පුද්ගලයාගෙන් පුද්ගලයාට අලවමින් පරපීඩක කාමය මාර්කට් කිරීම මිස වෙන යමක් සමහරුන් කරන්නේ නැත. රටේ ජනතාවගේ සිත තුළ නිර්මාණය කර ඇති ‘වසර 76 ශාපයේ’ වරදකරුවා වෙනස් වෙමින් පැටව් ගසමින් ඉදිරියට යයි’ මේවාට කියන්නේ ‘අලංකාරික දේශපාලනය’ කියාය. එයින් ගැලවීමක් මේ වසර කීපය තුළම නැති බව ඉතාමත් පැහැදිලිය.

 

පළාත් පාලන මැතිවරණය නැවතත්

මා මුලින් ලියන්නට පටන් ගත් පළාත් පාලන මැතිවරණය ගැන තවත් යමක් පැවසිය යුතුය. මේ මැතිවරණය ඉතාමත් වැදගත් වන්නේ ආණ්ඩුවේ පැත්තෙන් හෝ විපක්ෂයේ පැත්තෙන් නොවේ. ආණ්ඩුව සහ විපක්ෂය මැතිවරණයක් ගන්නේ තමන්ගේ ‘හයිය’ පෙන්නීමටය. ඒත් මම සිතන්නේ මේ මැතිවරණය වඩාත් වැදගත් වන්නේ රටේ ජනතාවගේ පැත්තෙන් කියාය. පසුගිය මැතිවරණ දෙකේදීම රටේ ජනතාව තමන්ගේ බහුතර මතය කුමක් දැයි පෙන්නා දී ඇත.

ඔවුන් බහුතරයක් ඡන්දය දුන්නේ මාලිමාවටය. ජාතික ජනබලවේගයටය. එය ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතියකි. ඒත් දැන් මේ මැතිවරණය හරහා ජනතාවට තමන් වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනයක් ගෙන ඒමට අවස්ථාව ලැබී ඇත. තමන් ඡන්දය ලබා දුන් රජයක් නිවැරදි කරගත හැක්කේ මහ ඡන්දයෙන් පසුව එන අතුරු මැතිවරණවලදී ආණ්ඩුව පරාජය කිරීමෙන් යැයි පිළිගැනීමක් බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ තිබේ. අපේ මැතිවරණ ක්‍රමය තුළ දැන් අතුරු මැතිවරණ අදාළ වන්නේ නැත. අනුපාත ක්‍රමය තුළ අතුරු මැතිවරණ සංකල්පයක් නැත. මේ පළාත් පාලන මැතිවරණය යොදාගත යුත්තේ පසුගිය මැතිවරණ දෙක මගින් පත් කළ රජයේ ක්‍රියාදාමය පිළිබඳව ශක්තිමත් විවේචනයක් ගොඩ නැගීමට බව මගේ අදහසය.

ඒ අනුව මා යෝජනා කරන්නේ වත්මන් රජයෙන්  යම් අභිලාෂයක් (වැඩක්) කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින අයෙක් වෙතොත් ඔහු පවා කළ යුත්තේ මේ ඡන්දයේදී ආණ්ඩුවට විවේචනයක් මතු කිරීම බවයි.

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (0)

ජනමතය උරගා බැලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 175 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


බටහිර දෙබිඩි පිළිවෙත්
2025 මාර්තු මස 29 215 0

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට හා කොටි සංවිධානයේ හිටපු නායකයකුට එරෙහිව තහංචි පනවමින් බ්‍රිත්‍යාන්‍ය රජය පසුගිය සඳුදා (24) නිකුත් කළ නිවේදනයට ආණ්


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 193 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


ප්‍රාඥයකුගේ නික්ම යෑම
2025 මාර්තු මස 27 515 0

අභාවප්‍රාප්ත මහාචාර්ය ගණනාථ ඔබේසේකර සූරීන්ගේ අවසන් කටයුතු ඊයේ (26) සිදුකෙරිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


දෙමලිය - වන්දම අලි නිජබිම් සමාගම්වලට බදු දීලා?
2025 මාර්තු මස 27 193 0

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලි - ඇතුන් ගේ නිජබිම් මේ වෙන විට ව්‍යාපාරිකයන්ට බදු දී තිබේ. දෙමලිය, වන්දම, කුඩා


රිය අනතුරු වළකන නීති ප්‍රමාණවත්ද?
2025 මාර්තු මස 27 190 0

මාර්ග අනතුරු සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම වැඩි වශයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. මෙම අනතුරුවලින් රටට අහිමි වූ මිනිස් ජීවිතවල මෙන්ම දේපළවල වටිනා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 629 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 735 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1476 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site