ප‍්‍රශ්නය: ඔබ කවුද?
පිළිතුර: ධනුන තිලකරත්න කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට එක වසරේ සිට ගිහින් ඊට පස්සේ උසස් අධ්‍යාපනයට මම ඇමරිකාවට ගියා. වසර හතරක් අයි.ටී. මැනේජ්මන්ට් ඩිගි‍්‍රය කරලා අවුරුදු හතරක් අයි.ටී. කන්සල්ටන් කෙනෙක් විදියට වැඩ කරලා ආවේ. ලංකාවේ කොම්පැනියක් හැටියට ලංකා ඇඞ්වෙන්චර් ටේ‍්‍රනින් කොම්පැනිය ආරම්භ කරලා ව්‍යාපාරික ලෝකයට ඇතුල් වුණා.
ප‍්‍රශ්නය: සරත් ෆොන්සේකා පවුලට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?
පිළිතුර: ඒක වෙන්නේ මෙහෙමයි. මගේ තාත්තා ආමි එකේ. තාත්තා බි‍්‍රගේඩියර් කෙනෙක් විදියට තමයි විශ‍්‍රාම ගියේ. අපි ”ආමි කමියුනිටි” එකක ජීවත් වුණේ. මම ජෙනරාල් සරත් ෆොන්සේකා දන්නේ මගේ වයස අවුරුදු දහයක දොළහක කාලයක ඉඳලයි. අපි කුඩා කාලයේ ඉඳලම ආශ‍්‍රය කරපු අය.
ප‍්‍රශ්නය: එතකොට විවාහය සිද්ධ වෙන්නේ?
පිළිතුර: 2007 වසරේදී තමයි අපේ විවාහය සිදුවුණේ?
ප‍්‍රශ්නය: ඔබට එල්ල වුණු චෝදනාව තමයි හමුදාපති මාමණ්ඩිය සමග අවි ගනුදෙනු කිරීම?
පිළිතුර: ඔව්. මට ඉතා බරපතළ චෝදනා එල්ල කළා. නමුත් මං මෙහෙම කියන්නම්. යුද්දෙ පටන් ගත්ත කාලේ ඉඳන් රජය තීරණය කළා නීත්‍යානුකූලව ආයුධ ගෙන්වීමේ සමාගමක් ආරම්භ කරන්න. ලංකා ලොජිස්ටික් කියලා තමයි ඒක හැඳින්වුණේ. එතකොට ලංකාවට ආයුධයක් ගේනවා කියන්නේ ඒක ලංකාවෙ විතරක් නොවෙයි එන තැන ඉඳන්ම ”ඩොකියුමන්ට්” වෙන දෙයක්. ඒ නිසා කාටවත් කියන්න බෑ ආයුධ ගෙනාවේ හොරෙන් කියලා. ආයුධ එකක් දෙකක් නොවෙයිනේ ගෙනාවේ. ඒ ආයුධ ගන්නා තැන ඉඳලා ලංකාවේ හමුදාවට බාර දෙනකම්ම සාක්කි සාධක ඇතිවයි ගේන්නේ. මේක පාර්ලිමේන්තුවේදීත් කියැවුණා. ඒ කියන්නේ ඒ ගනුදෙනුවලට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මම ඔය ගනුදෙනුවලට සම්බන්ධනම් ඔය ලියකියවිලිවල මගේ නමක් හෝ කොම්පැනියක නමක් හෝ සඳහන් වෙන්න ඕනෑනේ. නමුත් එහෙම නෑ.
ප‍්‍රශ්නය: එහෙම සම්බන්ධ නෑ කියන්නේ කොහොමද? හයිකෝප් ගනුදෙනුවට ඔබ සම්බන්ධයි කියලයි චෝදනා නැගුණේ?
පිළිතුර: ඒකට මාව සම්බන්ධ කර ගන්නේ ඔය ව්‍යාපාරයේ කොටසක් විදියටයි. ඒක දිග කතාවක්. එක්තරා පුද්ගලයෙක් හිටියා එයා උපුල්. එයා මේ මඩ ව්‍යාපාරයට සම්බන්ධ කරන්න ආනයනය කරපු පුද්ගලයෙක්. ඔහු ගෙන්නුවේ කවුද... ඔහු ගෙන්නුවේ කොහොමද... එයාට ගෙවපු ගාන මේ ඔක්කොම විස්තර තියෙනවා. මං ඒකයි කිව්වේ ඔබ අහපු ප‍්‍රශ්නයට තියෙන්නේ ලොකු උත්තරයක් කියලා. එයා එහෙන් පිටවෙන්න කලින් පවා අපට තොරතුරු ලැබුණා. අපි ඒක විශ්වාස කළේ නෑ.
ප‍්‍රශ්නය: ඇයි එහෙම විශ්වාස කළේ නැත්තේ?
පිළිතුර: ඔච්චර වියදමක් දරලා ආණ්ඩුවක් ඔය වගේ පුද්ගලයෙක් ගෙන්වයි කියලා අපි හිතුවේ නැහැ. මොකද අපි හමුදා පවුල්වල අය හැටියට නීතිය සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසය තියලා තියෙන්නේ.
ප‍්‍රශ්නය: ඒ කියන්නේ ඔබ ආයුධ සම්බන්ධ ව්‍යාපාර කරලා නෑ.
පිළිතුර: ඔව්. මම එහෙම ව්‍යාපාර කරලා නැහැ. ලංකාවේ මම කරලා තියෙන එකම ව්‍යාපාරය ලංකා ඇඞ්වෙන්චර් කියන කොම්පැණියයි.
ප‍්‍රශ්නය: ඔබ එහෙම වරදක් කරලා නැත්නම් සැඟවුණේ ඇයි? ඔබ මීට කලින් කිව්වා නීතිය පිළිබඳව තමයි විශ්වාස කරන්නේ කියලා?
පිළිතුර: ඔව්! නීතිය පිළිබඳව එහෙම විශ්වාස කරන නිසා තමයි සැඟවෙන්න වුණේ. මොකද එතැන කි‍්‍රයාවලිය මුළුමනින්ම කි‍්‍රයාත්මක වුණේ නීතියට පිටින්. දැන් මේ අය ඔය මඩ ව්‍යාපාරය පටන් ගත්ත ගමන්ම මට සී.අයි.ඞී. එකෙන් එන්න කිව්වා. එතකොට මැතිවරණ ව්‍යාපාරය යනවා. එහෙම එන්න කිව්වම ඒ කියපු දවසේ කියපු වෙලාවේ මම සී.අයි.ඞී. එකට යන්න සූදානම් වුණ වෙලාවේ මට ෆැක්ස් එකක් සී.අයි.ඞී. එකෙන් එව්වා එන්න අවශ්‍ය නෑ කියලා. ඊට පස්සේ මැතිවරණය පැරදිලා අපි ගෙදරට ආවට පස්සේ මට ආයිමත් සී.අයි.ඞී. එකෙන් ලියුමක් එව්වා දවස් තුනකින් එන්න කියලා. ඒ ලියුම එන්නේ අදනම් අද ?ම සීඅයිඞී ටීම් එකක් එනවා මාව ගෙනියන්න.
ප‍්‍රශ්නය: එතැනදි මොකද වුණේ?
පිළිතුර: එතැනදි අපි කිව්වා එන්න කියලා දිනයක් නියම කරලා ලියුමක් එවලා තියෙනවා. ඒ ලියුමට අනුව එන්නයි ඉන්නේ. එහෙම තිබියදී ඇයි මෙහෙම කියලා. එතැනදි තමයි අපිට මේක මේ නීතියට පිටින් කි‍්‍රයාත්මක වෙන මෙහෙයුමක් කියලා සැකය පළමු වරට ඇති වුණේ. එදා ජනාධිපතිවරණයෙන් පස්සේ අපි හිටපු හෝටලයෙන් එළියට එනකොටත් ලොකු භීෂණයක් මවලා තිබුණේ. බැරියර් දාලා, මුහුණ වහගත්තු හමුදා සෙබළුන් දාලා, අපි ඉන්න ගෙවලූත් වට කරලා තිබුණේ. අපිට හමුදාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මෙහෙම භීෂණයක් මවලා තියෙනකොට අපි දන්නවා මේක මේ යන්න හදන්නේ කොහේටද කියලා. ඒ වටපිටාව අපට හොඳට තේරෙනවා. මගේ තාත්තත් හමුදාවේ. ජෙනරල් හමුදාවේ. එතකොට හමුදාව ඇතුළෙන්ම අපට තොරතුරු එනවා. ඒ අය කතා කරලා කිව්වා ”ඔය ගොල්ලෝ මේක සරළව ගන්න එපා. පොඞ්ඩක් පැත්තකට වෙන්න” කියලා. ඒ වටපිටාව තුළ තමයි ආරක්‍ෂාකාරී විය යුතුයි කියන හැඟීම අපට ඇතිවෙන්නෙ. ජෙනරල් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒක කරපු විදියට අපිට ඒකාන්ත වශයෙන්ම තේරුණා මේක මේ රටේ පිළිගත් නීතියට අනුව කෙරෙන මෙහෙයුමක් නොවෙයි කියලා. එන්න කියපු පළමු දවසෙත් මම සුදු ෂර්ට් එකක් ඇඳලා ටයි දාලා යන්න හිටියේ. තාත්තා කිව්වා රැුවුලත් කපන්න කියලා. මම රැුවුලත් කපලා ඒ විදියට යන්න තමයි හිටියේ. එන්න එපා කියලා ෆැක්ස් එක ආවම තමයි මම නොගියේ. එන්න කියපු හැම දවසකම යන්න හිටියා මිසක් හැංගෙන්න හිතුවෙම නෑ. ජෙනරල් එක්ක කතා කළාම ජෙනරල් කිව්වෙත් ”ප‍්‍රශ්නයක් නෑ ධනුන.. ඔයා යන්න ලෑස්ති වෙන්න. රටේ නීතියක් තියෙනවා. ඒ නිසා කිසි දෙයකට බයවෙන්න එපා” කියලා. ඔය අතරේ හමුදා බුද්ධි අංශයෙන් කතා කරලා කියනවා මෙන්න මෙහෙම ප්ලෑන් එකක් තියෙනවා. ප්ලෑන් එක හදල ඉවරයි” කියලා.
ප‍්‍රශ්නය: ඒ ප්ලෑන් එක මොකද්ද කියලා කිව්වේ නැද්ද?
පිළිතුර: මෙහෙමයි. ඒ අය කිව්වේ ”මාව අල්ලගෙන ජෙනරල්ට විරුද්ධව ප‍්‍රකාශයක් මගෙන් ගන්න තමයි හදන්නේ. ගියොත් ඔයාට ඒ ප‍්‍රකාශය දෙනකම් එන්න වෙන්නේ නැහැ. එන්න නම් ඔයාට ජෙනරල්ට විරුද්ධව බොරු ප‍්‍රකාශ දෙන්න වෙනවා” කියලා. ඒක තමයි ඇත්තම කතාව. ඒ අයට අවශ්‍ය කතාව ඔබ දෙන තුරු මාසයක් වෙන්න පුළුවන් අවුරුදු ගානක් වෙන්න පුළුවන් ඔයාට ඇතුළේ ඉන්නත් වෙන්න පුළුවන් කියලා ඔවුන් කිව්වා. ඒ පරිසරය තුළ තමයි අපිට වෙනත් මාර්ගයක් ගැන හිතන්න සිදුවුණේ. මම ඒක කළානම් මම වෙන මනුස්සයෙකුත් අමාරුවේ දාගෙන තමයි මට ඒක කරන්න වෙන්නේ. එහෙම කරන්න බැරි නිසා තමයි ඇත්තටම ඒ තීරණය ගත්තේ.
ප‍්‍රශ්නය: ඔබ අවුරුදු පහක් සැඟවිලා හිටියා. ප‍්‍රභාකරන් පවා හොයා ගත්ත අපේ ආරක්‍ෂක අංශවලට ඇයි ඔබව හොයා ගන්න බැරි වුණේ?
පිළිතුර: ඒකට කියන්න කරුණු ගොඩාක් තියෙනවා. මාව ගෘප්ස් ගොඩාක් ආරක්‍ෂා කළා. ඒ අය මේ රටට ආදරය කරන පිරිසක්. මාව අමාරුවේ වැටුණාම ගොඩගන්න පිරිසක් හිටියා. අපි හමුදා පවුල් හැටියට ඔක්කොම ටි‍්‍රක්ස් දන්නවා. මොකද්ද වෙන්නේ? මොකද්ද කරන්න යන්නේ කියලා අපි දන්නවා.
ප‍්‍රශ්නය: ඔබ සැඟවී සිටිනවා කියලා සැක කරලා මිහින්තලේ පංසලකුත් හමුදාව වැටලූවා?
පිළිතුර: ඔව්! ඒක මට ආරංචි වුණා.
ප‍්‍රශ්නය: ඔබ ඒ පංසලේ හැංඟිලා හිටියේ නැද්ද?
පිළිතුර: නෑ... නෑ මම එහෙ හිටියෙ නෑ.
ප‍්‍රශ්නය: ඔබ හිටියේ කොළඹමද? කොළඹින් බැහැරවද?
පිළිතුර: ඕ... ඕ... ඕ.. තැන් කිහිපයක. මුළු ලංකාවේ හැම තැනම හිටියා කියලා කිව්වොත් හරි.
ප‍්‍රශ්නය: ඔබව දුටු තැන අල්ලන්න පෝස්ටර් ගහලා තිබුණා.
පිළිතුර: ඔව්! මම එහෙම යනකොට ඒ පෝස්ටර් දැක්කා.
ප‍්‍රශ්නය: මාර්ග බාධකයකදී හෝ ඔබව පරීක්‍ෂාවට ලක්කළේ නැද්ද?
පිළිතුර: ඔව්! ඒ දවස්වල රට පුරාම චෙක් පොයින්ට් තිබුණා. පොලිස් චෙක් පොයින්ට් දෙක තුනක නැවැත්තුවා. නේවි චෙක් පොයින්ට් එකක නැවැත්තුවා.
ප‍්‍රශ්නය: ඔබ තනියෙන්ද හිටියේ?
පිළිතුර: තව පිරිසක් සමග. තනියෙන් හිටපු අවස්ථාත් තියෙනවා.
ප‍්‍රශ්නය: මේ කාලය ඇතුළත ඔබ හිටියේ මොනවගේ හැඟීමකින්ද? බියක් දැනුණද? එහෙම නැත්නම් ගානක් නැතිව හිටියද?
පිළිතුර: මරණ බයක් නම් දැනුණේ නැහැ. මම හමුදා පවුලක සාමාජිකයෙක්නේ. මම දැකලා තියෙන්නේ ජීවිතය පුරාවටම යුනිෆෝම් ඇඳගත්ත අය. තුවක්කු ගත්ත සෙබළු තමයි වටේට හිටියේ. ඒ අය අපිව ආරක්‍ෂා කළේ අපිව දන්න කාලේ ඉඳන්. ඒ අය අපේ පස්සෙන් එනවා කිව්වම එක්තරා විදියකට අදහා ගන්නත් බැරිවුණා. ඒත් ඒ අය ආවට ප‍්‍රශ්නයක් නැහැ කියලත් හිතුණා. තත්ත්වය දරුණු වෙනකොට මම ගෙදර අයට කිව්වෙත් මාව දෙනවානම් දෙන්න ආමි එකට කියලයි. වෙන කාටවත් දෙන්න එපා... ඒ වගේ තැනකට යන්න මට කිසිම බයක් තිබුණේ නෑ.
ප‍්‍රශ්නය: ඔය අතරෙදි ජෙනරල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නවා?
පිළිතුර: ජෙනරල් අත්අඩංගුවට ගන්නතුරුම අපි හැමදාම උදේට සාකච්ඡුා කරනවා තත්ත්වය ගැන. ජෙනරල් ඒ හැම අවස්ථාවකදීම කිව්වේ සීඅයිඩිය එන්න කියන දවසට බය නැතිව යන්න කියලයි. හැබැයි ජෙනරල් අත්අඩංගුවට ගත්තට පස්සෙ ජෙනරල් ඒ කතාව කිව්වේ නැහැ. මේ වගේ මනුස්සයෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒක නීති විරෝධියි. උසස් නිලධාරියෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන්කම තියෙන්නේ ඊට වඩා උසස් නිලධාරියෙකුට විතරයි. තරු තුනේ ජෙනරාල්වරයෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්නේ තරු හතරේ ජෙනරාල්වරයකුට පමණයි. ඒ අනුව මේක හමුදා නීතියට පටහැනියි. ජෙනරාල්ට එරෙහිව කි‍්‍රයාත්මක වෙන්නෙත් නීතියට පිටින්නම් මං වගේ කෙනෙකුට මොකද වෙන්නේ කියන ප‍්‍රශ්නය මතු වුණා. ඒක තමයි මම එන්නේ නෑ කියන තීරණයට සෘජුවම බලපෑ ප‍්‍රධානම සාධකය වුණේ.
ප‍්‍රශ්නය: ඔබ ජෙනරාල් බලන්න ගියාද?
පිළිතුර: නෑ. මට යන්න ලැබුණෙ නෑ. ජෙනරල් අත්අඩංගුවට ගන්න කලින් ඒ ආසන්නම දිනවල තමයි මම සැඟවෙන්න තීරණය කළේ. ඇත්තටම සැඟවුණේ ජෙනරල් අත්අඩංගුවට ගත්තට පස්සේ. ජෙනරල් අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි මාව අත්අඩංගුවට ගැනීමේ වොරන්ට් එක එන්නෙත්.
ප‍්‍රශ්නය: ඔබ සැඟවී සිටියදී ඔබේ මව, ඔබේ නැන්දා අත්අඩංගුවට පත්වෙනවා?
පිළිතුර: ඔව්! ඒ අය අම්මිට කේස් එකක් දානවා. අත්අඩංගුවට ගන්නවා. රිමාන්ඞ් එකේ දවසක් ඉන්නවා. ඒ නඩුව තවමත් යනවා. නැන්දවත් අත්අඩංගුවට ගන්නවා. හේතුව තමයි මම එහෙ දවසක් හිටියා කියන එක.
ප‍්‍රශ්නය: ඔබේ මවත් නැන්දනියත් අත්අඩංගුවට ගනිද්දිත් ඔබ අධිකරණයට ඉදිරිපත් නොවන්නේ ඔබේ හිත බයයි ඉදිරිපත් වෙන්න?
පිළිතුර: නෑ බයට නොවෙයි. නෑ.. මට දිගටම අම්මිගෙන් වගේම නැන්දාගෙනුත් මැසේජස් ආවා. ”මෙහෙම දේවල් වෙනවා. මෙහෙම දේවල් වෙන්න යනවා. හැබැයි මොනවා වුණත් ඔයා එළියට එන්න එපා මේවා අපිට දරා ගන්න පුළුවන් කියලා. මගේ නැන්දගේ වයස අවුරුදු 82 යි. අපේ ෆැමිලි ටීම් එක හරි ස්ට්‍රෝන්ග්. මෙතැනදි එක්කෙනෙක් හරි හඬා වැළපුනා නම් මට එන්න වෙනවා සහ තවත් ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මට ඒ දවස්වල දවසට දෙතුන් පාරක් පණිවිඩ ආවා. අපි හිටියේ ඒ ලින්ක් එක හදාගෙන. නැන්දාගෙන් විතරක් නොවෙයි ගෙදර හිටපු මෙහෙකරුවන්ගෙනුත් ප‍්‍රශ්න කළා. මගේ මිත‍්‍රයන් පවා අත්අඩංගුවට ගත්තා. ඩ‍්‍රයිවර්ලා පවා ප‍්‍රශ්න කිරීම්වලට ලක් වුණා. මගේ මිත‍්‍රයන් ගත්තොත් 30ක් විතර. ඔවුන්ගෙන් පවුල් 10ක් 12ක් ගෙන් දරුණු විදියට ප‍්‍රශ්න කිරීම්වලට ලක් වුණා. මගේ අම්මිගේ රූපලාවන්‍යාගාරයට එන අයගෙන් ප‍්‍රශ්න කරනවා ඒක ඇතුළේ. ඒ අයත් එන්න බය වුණා.
ප‍්‍රශ්නය: හමුදාව එහෙම ආවේ ඔබ හිටපු තැන්වලටද?
පිළිතුර: මම හිටපු තැන්වලටත් ආවා. ආවා කියන්නේ මම ඉන්නකොට නොවෙයි මම ගියාට පස්සෙ ඇවිත් තියෙනවා. ඒ අයත් ලයින් එකක් දිගේ ආවා.
ප‍්‍රශ්නය: ආරක්‍ෂාවෙලා ඉන්න ඔබට පිහිට වුණේ කවුද?
පිළිතුර: නම් වශයෙන් කියන්න බෑ දැනට. ඉදිරියේදි මම කියන්නම්.
ප‍්‍රශ්නය: ඔය අතර කාලයේදි මොකද වෙන්නේ?
පිළිතුර: මගේ තාත්තා ඔය කාලය වෙනකොට හමුදාවෙන් විශ‍්‍රාම ගිහින් පෞද්ගලික ආරක්‍ෂක සමාගමක සී. ඕ. කෙනෙක් විදියට කන්ට‍්‍රෑක් අත්සන් කරලා තිබුණේ. නමුත් ඒකෙන් එළියට යන්න වුණා. තාත්තිගේ කේස් එක විතරක් ගත්තොත් තාත්තිට ඔක්කොමත් එක්ක ලක්‍ෂ 2ක පැකේජ් එකක් තිබුණ කියලා හිතුණත් මේ අවුරුදු පහට විතරක් ලක්‍ෂ 120ක විතර පාඩුවක්. අම්මිගේ සැලෝන් එකට තර්ජනය කළා. සේවකයෝ අයින්වෙලා ගියා. ආපු අයට ප‍්‍රශ්න ආවා. මල්ලි වැඩකරන තැන්වලට ගිහින් ප‍්‍රශ්න ඇති කරලා තිබුණා. අපේ පවුලට විතරක් නඩු හතරක් දාලා තිබුණා. ඒවාට වියදම් කොච්චර යන්න ඇතිද? මට තිබුණ කොම්පැනියත් ගිනි තියලා විනාශ කළා. ඒකට නඩුව තවම යනවා.
ප‍්‍රශ්නය: ඔය අතර කාලයේදී ඔබේ බිරිය ඔබට මුණ ගැහුණේ නැද්ද?
පිළිතුර: නෑ. ඇත්තටම ඒ ගොල්ලෝ යූඑස්ඒවල වැඩ කරමින් ඉන්නේ. ජනාධිපතිවරණයෙ අන්තිම සති දෙකේදි ඒ දෙන්නා ලංකාවට ආවා. මේ තත්ත්වයත් එක්ක බිරියයි, එයාගෙ නංගිත් හිටියා. ඒ දෙන්නම යැව්වා.
ප‍්‍රශ්නය: කොයියම්ම හෝ මොහොතක ඔබ රටින් පිට වුණේ නැද්ද?
පිළිතුර: ඒකට මම පස්සේ උත්තර දෙන්නම්. ජාත්‍යන්තර පොලිසියටත් මේ අය දැනුම්දීලා තිබුණේ.
ප‍්‍රශ්නය: ඔය අතරවාරයෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ජෙනරල් සරත් ෆොන්සේකාට නිදහස ලබා දෙනවා. ඒ කිසියම් එකඟතාවකට අනුව?
පිළිතුර: ඇත්තටම මම ඒ වෙනකොට මේ ප‍්‍රධාන දහරාවෙන් එළියේ හිටියේ. කොහොම වුණත් මම හිතන්නේ නෑ එහෙම එකඟතාවක් ඇති වුණා කියලා. ඉන්ටර්නැෂනල් ආපු ප්‍රෙෂර් එක හින්දා ඒක කරන්න ඇති කියලයි මම හිතන්නේ.
ප‍්‍රශ්නය: ඔබ එකවරම අධිකරණයට ඉදිරිපත් වෙනවා. ඔබට ඇප දෙන්න විරුද්ධ වෙන්නෙත් නෑ. මහින්ද රාජපක්‍ෂ රජය සමග යම් එකඟතාවක් නොතිබුණා නම් එහෙම වෙයිද?
පිළිතුර: මමත් ඔය කතාව දැක්කා. එකඟතාවක් තිබුණෙම නෑ. මෙතැනදි වෙන්නේ... මම ආපු නැති එකට තමයි මාව හිර කළේ. පස්සේ මම නීතිඥ තුමන්ලාත් එක්ක සාකච්ඡුා කරලා තමයි ඉදිරිපත් වුණේ!
ප‍්‍රශ්නය: ඔබ එළියට එන්නේ ජනාධිපතිවරණය කාලෙදියි?
පිළිතුර: ඒකම තමයි ප‍්‍රධාන හේතුව වුණෙත්. ඒ වගේ වෙලාවකදි මම ආවම ඒ අයට මාව බේල් කරන්න බෑ. එහෙම වුණොත් ඒක ඒ අයටම අවාසියක් වෙනවා. ඒ වාසිය තමයි මම මෙතැනදි ගත්තේ.
ප‍්‍රශ්නය: ජයන්ත කැටගොඩ මන්ත‍්‍රීවරයා හරහා...
පිළිතුර: අපොයි නෑ. ඒ පුද්ගලයා මම දැකලත් නෑ. කතා කරලත් නෑ. මෙහෙමනේ මේ වගේ දෙයක් වුණාම ඒකෙන් වාසි ගන්න අය ඉන්නවනේ. ඒකත් ඒ වගේ කතාවක්. එහෙම නැතිව ඒකේ කිසිම ඞීල් එකක් නෑ.
ප‍්‍රශ්නය: ඔබ දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ?
පිළිතුර: මට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ මට තියෙන නඩු ටික ඉවර කරගෙන... මගෙ ගිණුම් පවා තාම තහනම් කරලා තියෙන්නේ. පාවිච්චි කරපු වාහනය තාම පොලිසියේ. පාස්පෝට් එක තහනම් කරලා තියෙන්නේ. මට ඕනෑ මේ ටික නිරවුල් කර ගැනීමයි. නීතිය පිළිබඳව මම සම්පූර්ණ විශ්වාසය තියලා බලාගෙන ඉන්නවා.
ප‍්‍රශ්නය: ඔබ දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද?
පිළිතුර: මම හිතලා නෑ තාම.
ප‍්‍රශ්නය: ඔබ ඉන්නේ ඔබට හතුරුකම් කළා කියලා හිතන පිරිස් සමග වෛරයෙන්ද?
පිළිතුර: කොහෙත්ම නෑ. මම හිතන්නේ මේක මේ ඒ අයගේ පරිණත නොවනකම නිසා කරපු දෙයක් කියලා. මෙච්චර පවර්ෆුල් පවුලක් මේ වගේ හිනායන දේවල් නොකළ යුතුයි කියලයි මම හිතන්නේ. මේ දවස්වල යන නිවුස් බලලා මට ඇත්තටම නාමල් රාජපක්‍ෂට කතා කරලා කියන්න හිතුණා. ”මල්ලි කලබල වෙන්න එපා... අසාධාරණයක් වෙනවානම් මම මල්ලි වෙනුවෙන් වුණත් පෙනී ඉන්නවා. අසාධාරණ ලෙස මුකුත් වෙන්න දෙන්නේ නෑ” කියලා. මම හිතන්නේ එහෙමයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනරාල්ට විරුද්ධ බොරු ප‍්‍රකාශයක් මගෙන් ගන්නයි හැදුවේ
කේ. සිරි Wednesday, 18 February 2015 06:14 PM
ඉතා අවංකව පිළිතුරු දී තිබෙනවා කියලයි පෙනෙන්නේ. තමන්ට හතුරුකම් කළ අයටත් මෛත්‍රී කරන්න පුලුවන් නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒක තමයි නියම මෛත්‍රිය. දේශපාලනයේදී හැමෝටම දැන දැන වුණත් වැරදි කරන්න වෙනවා. (නි)
ගිහාන් Friday, 20 February 2015 07:49 AM
ඒකට අර පාස් පෝට් එකේ වැරදි තොරතුරු තියෙන ළමාතනි තාම ගෙදර සුවසේ ! අනිත් මිනිස්සු ජීවිතාරක්ෂාවට රට වටේ හැන්ගෙනවා. (හේ)
දුමින්ද Thursday, 19 February 2015 08:40 AM
මේවා හොඳද -නරකද. කවුද දන්නේ.(හේ)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 18 February 2015 11:45 PM
ඔබ වැනි නිර්දෝෂී මිනිසුන්ට හිරිහැර කල අමනයන්ට දඬුවම් දෙන්න ක්‍රමයක් නැද්ද (අ)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 18 February 2015 11:45 PM
ඔබ වැනි නිර්දෝෂී මිනිසුන්ට හිරිහැර කල අමනයන්ට දඬුවම් දෙන්න ක්‍රමයක් නැද්ද
මාලක සිල්වා Friday, 20 February 2015 01:35 PM
ඇත්ත කවදා නමුත් හෙළි වෙනවා (දිල් )
සංජු Saturday, 21 February 2015 06:36 PM
මෙයාගේ මොන අහිංසක කමක්ද, යුද්දේ කාලේ කරපුවා, රටේ සල්ලි නාස්ති කරපු විදිහ අපිනේ දන්නේ. දැන් ඉතින් උපසාක පුසෝ (නදී)
සම්පත් Tuesday, 24 February 2015 02:39 AM
අයුක්තිය අසාධාරණය ආත්මාරක්ෂාවේ හේතුවක් ලෙස මෙන්ම ඵලය ලෙසද ඍජුවම බලපායි. කී දෙනෙක් මේ පවට හවුල් වුණාද? කී දෙනෙකුට මතුවට මේ පවු ගෙවන්න සිද්ධවෙයිද? (නි)