IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ජිනීවා කොමිසමට ඩයස්පෝරා න්‍යාය පත්‍රය

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිය පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධ කටයුතු න්‍යාය පත්‍රයට ගැනෙන අතර 2015 දී සකස් කරන ලද 30/1 යෝජනා පදනම් කරගෙන සාකච්ඡා පැවැත්වෙනු ඇත. පැවැති රජය යටතේ ශ්‍රී ලංකාව මෙම යෝජනාවලට සම අනුග්‍රහය දැක්වූයේය. කෙසේ වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය දරන නව රජය පසුගිය වසරේ මාර්තු මාසයේ දී මෙම සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වූයේය. මෙම පසුබිම යටතේ විදේශ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මෙම සැසිය සඳහා සූද‌ානම්ව සිටින ආකාරය පිළිබඳව ඩේලිමිරර් පුවත් පතට සිය අදහස් පළ කළේය. ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය:- පෙබරවා 22 සිට මාර්තු 19 දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය සම්බන්ධයෙන් ඔබේ සූද‌ානම කෙසේද?
පිළිතුර:- එහිදී ශ්‍රී ලංකාව සියුම් ලෙස පරීක්ෂාවට ලක් වෙනවා. 2015 දී ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනා සහ එහි ප්‍රතිඵලයක් ලෙස වෙනස්ව ඉදිරිපත් වුණු යෝජනා මීළඟ වාර්ෂික සැසියේ දී සාකච්ඡා වීමට නියමිතයි. එල්.ටී.ටී.ඊ. ය සමග පැවැති යුද්ධයෙන් අනතුරුව ජිනීවා වෙත මොන යම් පොරොන්දු දී තිබුණත්, ජාත්‍යන්තර ප්‍රජාව වෙත කිනම් ආකාරයෙන් වගකීමෙන් බැඳි සිටියත් එම පොරොන්දු හා වගකීම් ඉටු කිරීමට අප අවංක, අව්‍යාජ උත්සාහයක නිරත වුණා. කෙසේ වුව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම. යුද්ධය කාලයේ දී සිදු වූ දේවලට වඩා පසුගිය අවුරුද්දේ සිදුවූ දේ ගැන වැඩිපුර කතා කරන සෙයක් අපට දැනෙනවා. එය අසාධාරණ හා යුක්ති සහගත නොවන බව අප සිතනවා. එම නිසා ඒ අනුව අපේ කරුණු ඉදිරිපත් කිරීමට අපට අවශ්‍යයි. අපට එම ගැටලුව එ.ජා. මානව හිමිකම් කොමිසම ඉදිරියේ තැබීමට අවශ්‍යයි. අප හා සමාන වර්ගයේ ගැටලු ඇති රටවල් සලකා බැලූ විට ඒ එක් එක් රටවලට විශේෂිත විසඳුම් හොඳ තත්ත්වයක නෑ. එක්සත් ජාතීන් හරහා ඇතැම් බලවත් රටවල් මානව හිමිකම් උපකරණයක් ලෙස භාවිත කොට කුඩා රටවල් සියුම්ව තමන්ගේ මතයට නම්මා ගන්නට උත්සාහ ගැනීමට ඉඩ තිබෙනවා.

2021 වසර ගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතුරින්  වඩාත් සාමකාමී වූ රටක්. අප දන්නවා හොඳින් සංවර්ධනය වන රටවල තත්ත්වය ඒවායේ විනාශකාරී ක්‍රියා, ආයතනවලට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන්ට හා පුරවැසියන්ට ප්‍රහාර එල්ල කිරීම සිදුවෙනවා. ඒ අතින් බැලූ විට ශ්‍රී ලංකාව ඉතාමත් සාමකාමී රටක්. අප යුද වැදුණේ අවුරුදු 12 කට කලින්. ඒක සාමාන්‍ය යුද්ධයක් ලෙසයි සැලකිය යුත්තේ. ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සමග අවුරුදු 30 ක් තිස්සේ යුද්ධයක පැටලී සිටියා. එම කාලය තුළ එල්.ටී.ටී.ඊ. ය කුඩා කල්ලියක තත්ත්වයේ සිට කුඩ නාමික හමුද‌ාවක් සහ ඉතා කුඩා ගුවන් හමුද‌ාවක් සහිත සම්ප්‍රද‌ායික යුද හමුද‌ාවක තත්ත්වයට වර්ධනය වුණා. එක්සත් ජනපදයේ විමර්ශනවලට අද‌ාළ ෆෙඩරල් බියුරෝව 2008 දී පවසන ආකාරයට එය ලෝකයේ වඩාත් කුරිරු ත්‍රස්තවාදී සංවිධානය බවට පරිනාමය වුණා. එල්ටීටීඊය, මරාගෙන මැරෙන ත්‍රස්තවාදය, මරාගෙන මැරෙන ජැකැට්ටු භාවිත කිරීම, මරාගෙන මැරෙන කාන්තා සාමාජිකයන් යොද‌ා ගැනීමට පුරෝගාමීවත්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුත්, ඉන්දියානු අගමැතිවරයාත් මරා දැමුවා වූත් සංවිධානයක් ලෙස එම වාර්තාවේම හඳුනාගෙන තිබුණා. මහා පරිමාණයෙන් ළමා සොල්ද‌ාදුවන් යොද‌ා ගත්තා.

ජනවර්ග වාසභූමිවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊය චෝදනා ලැබුවා. ඔවුන් පැය 24 න් උතුරෙන් ඉවත්වන ලෙස මුස්ලිම් ජනයාට දැන්වූවා. සිංහල ජනයා විශාල සංඛ්‍යාවක් උතුරේ වාසය කළත් යුද්ධය ඇරඹීමෙන් පසුව එම සංඛ්‍යාව ශුන්‍ය වුණා. ජනයා වර්ග තෝරා සිය වාස භූමිවලින් එළවා දැමූ නිසයි එසේ සිදුවූයේ.

රටේ පහරදිය හැකි සෑම ඉලක්කයකටම ඔවුන් ප්‍රහාර එල්ල කළා. බොහෝ විට පුරවැසියා ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළා. ඉන්පසු 1985 සිට එකින් එක පැමිණි ආණ්ඩු ද්‍රවිඩ මිලිටරිකරණයට විසඳුම් සෙවීමට උත්සාහ කළා.

සාමය උදෙසා පියවර ගත් සෑම අවස්ථාවකම එල්ටීටීඊය එම අවස්ථා අවභාවිත කරමින් සටන් විරාම ගිවිසුම් තම වාසිය තකා යොද‌ාගෙන, නැවත අවි ආයුධ සපයා ගන්නට, නැවත පිරිස් බලය තරකර ගන්නට එම අවස්ථා උපයෝගි කරගෙන වඩාත් විනාශකාරී ප්‍රහාර දියත් කළා. 2005 බලයට පැමිණි රජය පවා සටන් විරාම ගිවිසුම යටතේ එල්ටීටීඊය සමග සාම සාකච්ඡාවලට යොමුවුණා. ස්කැන්ඩිනේවියානු නිරීක්ෂකයන් සමග ශ්‍රී ලංකා නිරීක්ෂණ මෙහෙයුම් එවිට ක්‍රියාත්මක වුණා. එල්ටීටීඊ හමුද‌ා සිදුකළ සටන් විරාම ගිවිසුම කඩ කළ අවස්ථා විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ නිරීක්ෂණයට හසුවුණා. රජය සටන් විරාම ගිවිසුමට ගරු කරමින් කටයුතු කළත් එල්ටීටීඊය නොකඩවා දුෂ්ට ක්‍රියාවල නිරතවූවා. අවසානයේ එල්ටීටීඊය මාවිල්ආරු සොරොව්වේ ගේට්ටු වසා දමා ගම්වැසියන් 25,000 කට ජලය අහිමි කළ විට රජයට ප්‍රතිප්‍රහාර දීමට සිදුවුණා. එල්ටීටීඊය සිවිල් වැසියන් මානව පළිහක් ලෙස යොද‌ා ගත්තා.

1970 සිට 2009 මැයි දක්වා දිනකට ජීවිත 250 බැගින් ශ්‍රී ලංකාවට අහිමි වුණා. ඒ දෙමළ, සිංහල, මුස්ලිම්, හමුද‌ාවේ හෝ එල්ටීටීඊයේ මිනිස් ජීවිත, 2009  මැයි වලින් පසුව කිසිවකු යුද්ධයෙන් මිය ගියේ නෑ. රජය ජනතාවගේ ජීවිතාරක්ෂාව තහවුරු කළා. දැන් අවුරුදු 12 කට පසුව අපට මානව හිමිකම් කඩ කළ බවට චෝදනා එල්ල වෙලා. ඒක බොහොම අසාධාරණ බව අපට හිතෙනවා.

ප්‍රශ්නය:- දෙමළ ඩයස්පෝරා කණ්ඩායම්වල ශක්තිය ඔබ කෙසේ තක්සේරු කරන්නේද?
පිළිතුර:- එල්ටීටීඊයේ ඩයස්පෝරාවට අයත් අය විශාල සංඛ්‍යාවක් බටහිර ප්‍රධාන නගරවල සිටිනවා. ඒ අය සතුව මුදල් බොහෝ සෙයින් තිබෙනවා. මොකද ඒ අය ත්‍රස්තවාදයට මුදල් යොදවන මුදල් විශුද්ධකරණයේ යෙදෙන අපරාධවලට හවුල් වෙන සමූහයන්ට අයත්. දැන් ඒ ඒ රටවල පදනම සකස් කරගන්නට දේශපාලන පක්ෂවල ජනයා එවැනි ක්‍රියාමාර්ග හරහා පෙළෙඹවනවා. පසුගිය නොවැම්බර් මාසයේ කැනඩාව, ඇමෙරිකාව, එක්සත් රාජධානිය හා යුරෝපා රටවල එවැනි මහා පරිමාණ සිදුවීම් මෙහෙයවනවා  අප දුටුවා. ඔවුන් ත්‍රස්තවාදය, මරාගෙන මැරෙන ප්‍රහාර, ළමා සොල්ද‌ාදුවන් බඳවා ගැනීම, කාන්තාවන් මරාගෙන මැරෙන සාමාජිකයන් බවට පත් කිරීම ආදිය කීර්තිමත්භාවයට නැංවූවා. ඔවුන් මුදල් එකතු කිරීමේ යෙදුණා. ඔවුන් දෙමළ ඊළම ගැන පින්තූර ප්‍රදර්ශනය කළා. කොටි  හිසයි, තුවක්කු දෙකයි උණ්ඩයි තියෙන දෙමළ ඊළම් කොඩිය නිරූපණය කළා. ඒක තමයි ලෝ​කෙ මාරාන්තිකම ත්‍රස්තවාදී සංවිධානයේ සංකේතය. ඔවුන්ට තිබෙන නිදහස අවභාවිත කරගෙන බටහිර රටවල අග නගරවල ඒවා ප්‍රදර්ශනය කළා. කිසිම අනුමැතියක් ලබා නොගෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙ එල්ටීටීඊයෙ සංකේතය වුණු මාරාන්තික නියඟලා මල ඔවුන් ප්‍රදර්ශනය කළා. ඔන්න ඔය කියාපු ව්‍යාපාරය තමා ඩයස්පෝරාව ගෙනියන්නෙ. ඔවුන් අන්තර්ජාතික ආයතනවල ඉලක්කයට ශ්‍රී ලංකාව නතු කරවන්න බලපෑම් කරන්න උත්සාහ දරනවා.

ප්‍රශ්නය:- ඔවුන් එම රටවල දේශපාලන බලපෑම ලබාගෙන තිබෙන බව ඔබ සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඊට විරුද්ධව ගෙන තිබෙන පියවර මොනවාද?
පිළිතුර:- ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුළ අප මොනවා කිව්වත් මූලික වෙන්නෙ ඡන්දයයි. දේශපාලනඥයකු ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබා නොගන්නා තාක් බලයට එන්නේ නෑ. වඩා වැදගත් දේ වන්නේ ඡන්දයයි. අප එල්ටීටීඊ ය විසින් සිදුකරනු ලැබූ ම්ලෙච්ඡ ක්‍රියා ගැන දහදොළොස් වතාවකට වඩා විස්තර ඇතිව සඳහන් තොරතුරු පිටපත් අද‌ාළ රටවලට දුන්නා. ඔවුන් සැමරුම් කළ සෑම රටකටම පහේ අපි ඒවායේ පිටපත් දුන්නා. මෙරට ඇති එම රටවල තානාපති කාර්යාලවලටත්, එම රටවල ප්‍රධාන නගරවල අපේ තානාපති කාර්යාලවලටත් එම තොරතුරු යැව්වා. සමහර රටවල් ඩයස්පෝරා ක්‍රියාධරයන් කළ දේ නීති විරෝධී බවට පත් කළා. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නියඟලා මල ප්‍රක්ෂේපණය කිරීම නීති විරෝධි ක්‍රියාවක්.
ත්‍රස්තවාදී සංවිධානයකට අයත් මෙවලම් ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි ක්‍රියාවක්. ඒ ගැන අවධානය යොමු කරන ලෙස අප එරට රජයෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රශ්නය:- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සෑම සාමාජික රටකම ඡන්දය අපට බලපානවා. ඒ සම්බන්ධයෙන් ඇති සැලසුම් මොනවාද?
පිළිතුර:- සාමාජික රටවල් 47 ක් ඊට අයත්. එහි සංකලනය බැලුවහොත් ගෝලීය දේශපාලනයේ උත්තර ප්‍රදේශවල ආධිපත්‍යය එහි බලවත්. අප අයත් වන්නේ දේශපාලන වශයෙන් දකුණටයි. ලෝකය දේශපාලනික වශයෙන් උතුරු - දකුණු ලෙස බෙදී  තිබෙනවා. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ න්‍යාය පත්‍රය බලෙන්ම ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සකස් කරාවී දෝයි යන්න ගැන බියක් අපට තිබෙනවා. එය ඉතා වැදගත්. මන්ද යත් සාගර ආශ්‍රිත නාවික වෙළඳ කටයුතු වලදීත් ආරක්ෂාව හා සමෘද්ධිමත්භාවය සම්බන්ධයෙනුත් ඉන්දියානු සාගරය මර්මස්ථානයක් බවට පත්ව තිබෙනවා. භූගෝලීය මූලෝපාය අතින් ශ්‍රී ලංකාව ස්ථානගතව ඇත්​තේ අති වැදගත් ස්ථානයකයි. මෙම තරගකාරී බවෙන් ඈත් වී අපට තාක්ෂණික වශයෙන් නොබැඳි රටක් ලෙස පැත්තක් නොගෙන ඉන්නට අවශ්‍ය බව අප පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඔවුන් සමග ඔවුන්ගේ වාසියට ඔවුන් හා සන්ධානගතව යුදමය වශයෙන් ඔවුන්ගේ හවුල්කාරයකු ලෙස එක්වෙතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. අපට කිසිම රටක් සමග උපක්‍රමික මිලිටරි සන්ධානයකට එක්වන්නට අවශ්‍ය නැහැ. අපේ රටට උපරිම යහපත උද‌ාවෙන ආකාරයට තනිව තීරණ ගත හැකි පිළිවෙතක් අපට අවශ්‍යයි. ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කිරීම උදෙසා වේදිකාවක් ලෙස භාවිත කර ගැනීමට හේතුව මෙයයි.

ප්‍රශ්නය:- ඊට මුහුණ දීම සඳහා රජය ගෙන ඇති පියවර කුමක් ද?
පිළිතුර:- අප ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සහාය කණ්ඩායමක් පත්කර තිබෙනවා. අප ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා විදේශ අමාත්‍යවරයාට ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කොට ඔවුන්ගෙන් මාර්ගෝපදේශ ලබා ගන්නවා. අපේ ජිනීවාහි නිත්‍ය ලේකම් සමග අප නිරන්තර සම්බන්ධතා පවත්වනවා. එසේම නිව් යෝර්ක් හි නිත්‍ය ලේකම්වරයා සමගත් අපේ තානාපති කාර්යාල සමගත් අප නිරතුරුව අදහස් හුවමාරු කරනවා. අප දැන් කළ යුත්ත කුමක්දැයි සාකච්ඡා කරනවා.

ප්‍රශ්නය:- ඊට එක්වෙන අමාත්‍යාංශ මොනවාද?
 පිළිතුර:- විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ජාතික බුද්ධි අංශ ප්‍රධානී, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මාධ්‍ය අංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඊට අයත්. අප මෙය අධ්‍යයනය කරමින් සිටින්නේ. අපට බොහෝ දෙනා වෙතින් ප්‍රතිචාර ලැබෙනවා. අප රට හා සමාන තත්ත්වයේ ඉන්නා අය වෙතින්.

ප්‍රශ්නය:- අප හා සමාන රටවලින් කෙබඳු සහයෝගයක් ලැබේවිද?
පිළිතුර:- අප ඔවුන්ගෙන් ඒ සඳහා ඉල්ලීම් කරන්නට බලාපොරෝතුවෙන් ඉන්නෙ. අපේ කතාව ඔවුනට කීමට අපට අවශ්‍යයි. අද අප සිටින තත්ත්වයට හෙට ඔබ පත්වන බව අපට ඔවුනට කීමට අවශ්‍යයි. එම නිසා ජාත්‍යන්තර සංවිධාන වල තර්ජනාත්මක උප්පරවැට්ටිවලට එරෙහිව අප එකමුතු වීම අවශ්‍ය වෙනවා.

ප්‍රශ්නය:- පසුගිය අවුරුද්දේ සිදු වූ දේවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කරළියේ කතාබහ වෙන බව ඔබ සඳහන් කළා. ඔවුන් කියන කිනම් දේ ඔබේ අවධානයට නතු වූයේ ද?
පිළිතුර:- ශ්‍රී ලංකාව තුළ භයානක ප්‍රවණතාවක් පවතිනවා යයි ඔවුන් කියා සිටිනවා. කිසිදු භයානක ප්‍රවණතාවක් අපට නම් දැනෙන්නේ නෑ. අපට පෙනෙන්නේ මේ රට කොරෝනා බලපෑම්වලින් මිදෙන්නට අරගලයක යෙදෙන  ආර්ථික වශයෙන්  පසුබෑමකට ලක්වුණු, සාමකාමී රටක් හැටියටයි. රටේ කිසි තැනක ප්‍රචණ්ඩකාරිත්වයක් නැහැ. ශ්‍රී ලංකාව භයානක රටක් ලෙස හඳුන්වා දීම අසාධාරණයි. බහුත්වවාදී කථිකාවක් ගැන ඔවුන් කතා කරනවා.

බහුත්වවාදී කථිකාවක ආරම්භ වූයේය 2015, 30/1 යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීමත් සමගයි. ඒ වනතුරු අප බහුත්වවාදී කථිකාවක් ගැන කතා කළේ නෑ.  අප ජනතාවට සිතීමේ නිදහස හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක්. රටේ භෞමික අඛණ්ඩතාවට පහර ගැසූ විට ජනතාව, ජාතියක් හැටියට ඒ ගැන සිතනවා. බහුත්වවා දී කථිකාවතකට මේ නිසා මග පෑදෙනවා. අපට බහුතර කථිකාවක් නෑ. අපේ පාර්ලිමේන්තුවේ දෙමළ, මුස්ලිම් අය ප්‍රමුඛ අමාත්‍ය ධුර දරනවා.

ප්‍රශ්නය:- අද මුස්ලිම් සංවිධාන, අන්තර්ජාතික දෙමළ කණ්ඩායම් හා එක්වී ශ්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් ක්‍රියා කිරීමට මාන බලන බවක් පෙනෙනවා. ඔවුන් භූමද‌ානය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් රජයට විරුද්ධයි. මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේ ද?
පිළිතුර:- මුස්ලිම්වරුන්ගේ භූමද‌ානය කිරීමේ ගැටලුව පිළිබඳව සලකා බැලූ විට එය අවාසනාවන්ත තත්ත්වයක්. එය විද්‍යාත්මක කාරණා පදනම් කරගත් හා සෞඛ්‍ය නියාමනයන්ට අද‌ාල කාරණයක්. එය දේශපාලන ගැටලුවක් නෙවෙයි. එය ජනවාර්ගික ගැටලුවක් නොවෙයි.

මේ රට තුළ පවතින, එක් එක් ජාතීන්ට අසාධාරණව සැලකීමක් ලෙස මෙය එල්ටීටීඊ ඩයස්පෝරා කණ්ඩායම් හුවා දක්වන්නට උත්සාහ කරන බවක් මට පෙනී යනවා.
කිසිම අසාධාරණයක් සිදුවෙනු මට පෙනෙන්නේ නෑ. එය විද්‍යාත්මක කරුණක්. එම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

ප්‍රශ්නය:- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මෙවර වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට විරුද්ධ යෝජනාවක් කිරීමට සැලසුම් කරනවා ද?
පිළිතුර:- මෙවර මේ දක්වා අප අපගේ ක්‍රියා පිළිවෙළ පිළිබඳ තීරණයක් ගෙන නැහැ. දැනට අප දන්නා දේ නම් ජිනීවා හි මූලික කණ්ඩායම වන එක්සත් රාජධානිය, කැනඩාව, මැසිඩෝනියාව, ජර්මනිය හා මොන්ටිනිග්‍රෝව පොදු එකඟතාවෙන් යුතු විසඳුම් යෝජනා ගෙන ඒම සඳහා ක්‍රියාකරන බවයි. එය කෙටුම්පත් කරන තුරු අප බලා සිටිනවා. මේ  මොහොතේ ක්‍රියා කරන්නේ ඒ සඳහා පමණයි. එවැනි පොදු එකඟතාවෙන් යුතු සම්මුතියක් පිළිබඳව තීරණ ගත යුත්තේ ශ්‍රී ලංකාවත්, මූලික කණ්ඩායමත් යන දෙපාර්ශවයම එක් වී යන්නට අප එකඟතාව පළකර තිබෙනවා.

ප්‍රශ්නය:- මෙම කාරණය සම්බන්ධයෙන් ඇ. එක්සත් ජනපදයේ දේශපාලන වෙනස කෙසේ බලපාවි යැයි ඔබ දකින්නේද?
පිළිතුර:- දැනට ශ්‍රී ලංකාවට එය බලපාවි යයි මා සිතන්නේ නෑ. එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටක් නොවෙයි. එය දේශපාලන පක්ෂපාතිත්වය සහිත ගවර වලක් බව කියමින් එරට එ.ජා. මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වුණා. එහෙත් ඔවුන් තමන්ට හිමි ආදේශක බලය හරහා බලපෑම් කරනවා. මා සිතන පරිදි එක්සත් ජනපදයට ඇමෙරිකාවේ හොඳ නම නැවත ගොඩ නගාගන්නට තව බොහෝ කාලයක් අවශ්‍ය වේවි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රිය ආයතන යළි ගොඩනගා ගන්නට, නීතිමය පාලනය ආපසු ගෙන එන්නට කොරෝනාවට එරෙහි සටනට එළඹෙන්නට ඔවුනට තව කාලයක් ගතවේවි. ඔවුන් ඇමෙරිකාවේ තත්ත්වය වඩා යහපත් කිරීම පිණිස වැඩි අවධානයක් යොමු කරාවි යැයි මා සිතනවා.


(***)
2021 ජනවාරි 25 වැනිදා Daily Mirror
සාකච්ඡා කළේ - කැළුම් බණ්ඩාර
පුවත්පතේ පළවු ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

ජිනීවා කොමිසමට ඩයස්පෝරා න්‍යාය පත්‍රය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 126 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 129 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 950 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 192 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 469 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1115 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site