IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජිනීවා ඡන්දයේ අමිහිරි යථාර්ථය

 

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පසුගියදා සම්මත විය. බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 06ක් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබිණි. එම යෝජනාව සම්මත වීමේදී ශ්‍රී ලංකාව සමඟ දීර්ඝකාලීනව සබඳතා පවත්වන රටවල් වන දකුණු කොරියාව සහ යුක්‍රේනය වැනි රටවල් පවා ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමත් ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව සහ බහරේන් වැනි රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් කැපී පෙනිණි. චීනය, රුසියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ පිලිපීනය ඇතුළු රටවල් 11ක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එම රටවල්වලට

ශ්‍රී ලංකාවේ ගෞරවය පිරිනමන බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු  ලැබුවේ සාධාරණ සහ නිවැරදි තොරතුරු සහ සංඛ්‍යාලේඛන මත පදනම් වූ පිළිගත හැකි වාර්තාවක් නොව අසාධාරණ, අයුක්තිසහගත, වැරදි වාර්තාවක් බව රජයේ මතය විය. එය එසේම බව අපගේද පිළිගැනීමය. එසේ වුවද මහා බ්‍රිතාන්‍යය ඇතුළු බලවත් රටවල් ගණනාවකගේ මෙහෙයුමෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාවක් සම්බන්ධයෙන් රජය ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දී මීට වඩා රාජ්‍යතාන්ත්‍රික මට්ටමකින් කටයුතු කළ යුතුව තිබුණු බව අපගේ වැටහීමය. ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද පෙනි පෙනී තිබියදීත් කොරෝනා මෘතදේහ ආදාහන - භූමදාන ගැටලු‍වට එක හඬකින් කතා කිරීමට අසමත් වීමත් බුර්කා, නිකාබ් තහනමක් පිළිබඳ ‘වොයිස් කට්’ දේශපාලනයක නිරතවීමත් ඊට උදාහරණ දෙකකි. රජය තම විදේශ ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකිරීම මෙවැනි තත්ත්වයකට හේතු වූවාද යන ගැටලු‍වද මෙහිදී මතු වෙයි.

 

දැන් ඡන්දය අවසන්ය. එහෙත් ඡන්දය නිමවීමෙන් පසුව එළඹෙන තත්ත්වයටද පූර්ව සූදානමක් ඇතිකර නොගතහොත් අනාගත අභියෝග ජය ගැනීමට අවශ්‍ය අඩිතාලම දමාගැනීම පහසු නොවනු ඇත. ජාත්‍යන්තරයට අභියෝග කිරීමෙන් හෝ අපට ඡන්දය නොදුන් රටවල් සමඟ විරසක ඇතිකර ගැනීමෙන් හෝ රටට ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. ඒ බව මුලින්ම තේරුම් ගත යුතුය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හුදෙකලා විය යුතු රටක් නොවේ. ජාත්‍යන්තරයේ සැබෑ මිතුරන් හඳුනාගන්නා අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සෙසු සියලු‍ රටවල් සහ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමද මෙහිදී වැදගත් වෙයි. මේ පිළිබඳව නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම සියලු‍ බලධාරීන්ගේ වගකීම වෙයි.

 

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව කෙටුම්පත් කළ මහා බ්‍රිතාන්‍යය පමණක් නොව මානව හිමිකම් කවුන්සිලයේ නොසිටියද පිටතින් සිට ඊට සහාය දැක්වූ අමෙරිකාවටද මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ඇත්තේ පිරිසුදු නොවන වාර්තා බව යථාර්ථයයි. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට දායක වූ මේ රටවල් දෙකම කොටි ත්‍රස්තවාදී අපරාධ සහායකයන්ට සෙවණ ලබාදෙමින් ඔවුන් සුරතල් කළ බව රහසක් නොවේ. එසේම ජාත්‍යන්තරයේ සිදු කළ යුද ආක්‍රමණවලදී මේ දෙරටම විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ වෙනම වාර්තා තිබේ. ඒවා කිසි කලෙකත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ අවධානයට යොමුවන්නේ නැත. කොටි සංවිධානය වෙනුවෙන් ළමා සොල්දාදුවන් පුහුණු කොට ඔවුන්ගේ කරේ සයනයිඞ් කරල් එල්ලා ඔවුන් ඇවිදින බෝම්බ බවට පත් කළ ඇඩෙලා බාලසිංහම් අද මහා බ්‍රිතාන්‍යයයේ සියලු‍ රැකවරණ සහිතව වෙසෙයි. කොටි කාන්තාවන් යුද්ධයකට පුහුණු කළ ත්‍රස්තවාදී නායිකාවක් වුවත් ඇයට මහා බ්‍රිතාන්‍යයෙන් කිසිම නඩුවක් නැත. මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් චෝදනාද නැත. ජාත්‍යන්තර දෙබිඩි දේශපාලනයේ කටුක යථාර්ථය එයයි.

 

ශ්‍රී ලංකාවට එරෙහිව වාර්ෂිකව වාර්තා ගෙන ඒමට දායක වන රටවල් එසේ කරන්නේ මානව හිමිකම් කඩකිරීම් නිසාම නොවන බව ඉහත උදාහරණයෙන් පැහැදිලි වෙයි. මෙහි ඇත්තේ යටි අරමුණුය. ඇතැම්විට ශ්‍රී ලංකාව, අමෙරිකාව මගින් බලකෙරුණු එම්.සී.සී. ගිවිසුම හෝ සෝෆා ගිවිසුම හෝ අත්සන් කළා නම් මෙවර මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව දියාරු කිසිදු රටක අවධානයකට ලක් නොවන වැඩකට නැති එකක් වීමට ඉඩ තිබිණි. එසේම ගෝලීය භූ දේශපාලනය තුළ තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහාද අමෙරිකාවෙන් කුඩා රටවල්වලට මෙවැනි බලපෑම් එල්ල වෙයි. ඉන්දීය සාගර කලාපය තුළ චීනයේ බලපෑම් බැලන්ස් කිරීම සඳහා අමෙරිකාව ශ්‍රී ලංකාවට මෙවැනි රාජ්‍යතාන්ත්‍රික හිරිහැර සිදු කිරීමට ඉඩකඩ තිබෙන බවද මෙරට බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතුය.

 

ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසුව වහාම සිදුවන වෙනසක් නැත. එමගින් කළ හැක්කේ යෝජනාවේ සඳහන් වගන්ති ක්‍රියාවේ යෙදවීමට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම පමණි. අපේ රටට එරෙහිව සිටින රටවල් සමඟ අමනාප වීමෙන් ඊට පිළිතුරු සොයා ගැනීමට නොහැක. අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රට ගොඩදාගැනීමට කටයුතු කිරීමය. ඒ සඳහා අධිෂ්ඨානයක් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. විධිමත් වැඩපිළිවෙළක්ද තිබිය යුතුය.

 

(***)



අදහස් (8)

ජිනීවා ඡන්දයේ අමිහිරි යථාර්ථය

GAMUNU Friday, 26 March 2021 10:57 AM

මාස 10ක් පමණ කාලයක් පස්සර මාර්ගයේ වම් පසට කඩා වැටුණු කළු ගල ඉවත් කර ගැනීමට නොහැකි රජයකට ජිනීවා ඡන්දය දිනාගත හැකිද?

:       2       16

GAMUNUSaturday, 27 March 2021 12:55 PM

ජිනීවා ඡන්දයේ පරාජය රජය බාරගත යුතුවේ. රජයේ උද්දච්ඡකම පරාජයට මූලික හේතුව වේ...

:       2       7

ase Friday, 26 March 2021 11:39 AM

තව තවත් උද්දච්ච අදහස් නොලියා අපේ වැරදි සාදා ගැනීමට වගබලා ගනිමු නේද? මේ රට ඇතුලේ සිදුවන සමහර දේවල් නොවිය යුතුයි නේද?

:       2       14

GAMUNUFriday, 26 March 2021 01:45 PM

අදහසේ කිසිදු උද්දච්ච බවක් නැත. සත්‍ය අවබෝධ කරගන්න. ප්‍රශ්න දෙකේදීම රජය ෆේල් වී ඇත. කොහොමත් මේ ආණ්ඩුව පිළිවෙතක් නොමැති හැමෝටම වැළඳෙන අසනීපය වැළඳී ඇත.

:       3       8

aseSaturday, 27 March 2021 04:44 AM

මෙම ලිපියේ උද්දච්චකම සත්‍ය සහ යථාර්තය අවබෝධ නොකොට තවමත් අනුන්ට වරද පැටවීම නේද? මේ අදහස් වලින් අපිට අනාගතයක් නැතිවී ගොස් ඇති තරම්ම නේද?

:       0       7

dalit Saturday, 27 March 2021 11:34 AM

ජිනීවා වල ඉන්දියානු පෙන්දන් වන එංගලන්තය, කැනඩාව වැනි ඉන්දියානු කොලනි වලට අපි තවත් වඳින්න ඕනෑ නැහැ. චීනය අමෙරිකාවට කෙලින් කතා කෙරුවා ඇලස්කාවේදී. පුටින්ට මිනීමරුවා කියපු බයිඩන්ට පුටින් කිව්වා.. කියන කෙනා ඉස්සෙල්ලාම එහෙමයි කියලා. රුසියාවත් චීනයත් එකතුව බටහිරට කිව්ව ඉස්සර අපි නුඹලගේ පදෙට නැටුවා.. දැන් අපි නටන්නේ අපේ පදේට.., ඒ කියන්නේ ලෝකෙම (UN, UNSC) ගහන පදේට කියලා. මිනිස් අයිතිවාසිකම් පල්ලියේ, පන්සලේ,කෝවිලේ අලුත් පූජකයින් දෙන්නෙක්, රුසියාව හා චීනය. මේ දෙන්නම අපිට ඡන්දෙ දුන්නා. ඉන්දියාව දෙපැත්තේ ඉන්න දෙන්නම අපිට... ඉන්දියානු කොලනි කාරයින්ගේත් ත්‍රස්තයින් වන දෙමලුත්, ජෙප්පෝත්, ඉන්දියාව මොලේ හූරපු සහරානුත් කලේ සිංහල සංහාරයට සම්මාදම් වීමයි. සිංහල අපි වටහා ගනිමු, එක්වෙමු ඉන්දියාවටත්, ඉන්දියානු කොලනි කාරයින්ට එරෙහිව නැගී සිටිමු.

:       11       4

Nishan Sunday, 28 March 2021 04:19 AM

යුද්දේ කාලෙට වඩා ඉතා දරුණු විදියට මානව හිමිකම් උල්ලංඝනය වෙනවා දැන් රට පුරාම. 20 වෙනි සංශෝධනයම මානව හිමිකම් උල්ලංඝනයක්. රාජ්‍ය ආයතන වලට හමුදා නිළධාරීන් යොදවා සේවකයන්ව අනියමින් බිය වද්දා ක්‍රමයෙන් හමුදා පාලනයකට නතු කිරීම තවත් උග්‍ර මානව හිමිකම් උල්ලංඝනයක්. මානව හිමිකම් කොමිසම අක්‍රීය කරලා හීලෑ කරගෙන, අනෙකුත් සියලු කොමිසම් හීලෑ කරගෙන ඒකාධිපති ගමනක් යනවා චන්ඩිකමෙන්.

:       0       0

Nishan Monday, 29 March 2021 01:15 AM

යුද්දේ කාලෙට වඩා ඉතා දරුණු විදියට මානව හිමිකම් උල්ලංඝනය වෙනවා දැන් රට පුරාම. 20 වෙනි සංශෝධනය තනිකරම මානව හිමිකම් උල්ලංඝනයක්. රාජ්‍ය ආයතන වලට හමුදා නිළධාරීන් යොදවා සේවකයන්ව අනියමින් බිය වද්දා ඔවුන්ගේ කටයුතු ගැන ඔත්තු බලමින්, ක්‍රමයෙන් හමුදා පාලනයකට නතු කිරීම තවත් උග්‍ර මානව හිමිකම් උල්ලංඝනයක්. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතන වලට මරණ තර්ජන එල්ල කරනවා නම්, පාඩම් උගන්වන හැටි කියනවා නම් මානව හිමිකම් රකියිද? මානව හිමිකම් කොමිසම අක්‍රීය කරලා හීලෑ කරගෙන, අනෙකුත් සියලු කොමිසම් හීලෑ කරගෙන ඒකාධිපති ගමනක් යනවා චන්ඩිකමෙන් සහ මිලිටරිවාදයෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1099 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 530 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 163 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4444 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12845 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 728 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38401 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site