IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජන උද්ඝෝෂණවලට පහරදී ප‍්‍රශ්න විසඳිය හැකිද?

ජන උද්ඝෝෂණ පාලනය කිරීමට ගොස් සිදුවූ තවත් ජීවිත හානියක්  හා ජීවිත අනතුරු පිළිබඳ පුවතක් පසුගිය දිනක හංවැල්ල පාදුක්ක ප‍්‍රදේශයෙන් වාර්තා විය. පොලිසිය, විශේෂ කාර්ය බළකාය,  යුධ හමුදාව  වැනි ආරක්ෂක අංශ ”නීතිය හා සාමය” පවත්වා ගැනීම සඳහා යොමුවීමේදී ඇතිවූ  මෙවැනි සිදුවීම් සහිත පුවත් මීට පෙර මෑත කාලයකදී හලාවත, කටුනායක, වැලිවේරිය යන ප‍්‍රදේශ වෙතින් ද වාර්තා විය. මෙකී සියලූ සිදුවීම් එකිනෙක විශ්ලේශණය කිරීමේ දී ඒවා අතර එක හා සමාන ලක්ෂණ මෙන්ම අසමාණ ලක්ෂණ ඇති බව යමකු හට පැහැදිලි වනවා ඇත. ඒ අනුව හෙළිවන ප‍්‍රධානතම සමාන ලක්ෂණය වනුයේ මෙක්ී සිදුවීම් ඇතිවීමට තුඩු දුන් ඒ  සියලූ උද්ඝෝෂණයන්ට කුමන හෝ යම්කිසි පොදු ප‍්‍රශ්නයක් බලපා ඇති බවය. එය ගම්බද හෝ නාගරික හෝ ආයතනික හෝ මට්ටමකින් විය හැකි අතර ඊට යම් ක්ෂේත‍්‍රයක හෝ යම් ප‍්‍රජාවක හෝ පවතින යම්කිසි ගැටලූ සහගත තත්ත්වයක් හේතු විය හැකිය.

 

තුන්නානේ ජනතා උද්ඝෝෂණය



කෙසේ වුවද මේ තත්ත්වය නව ප‍්‍රවණතාවක් ද නොවේ. එය අනාදිමත් කාලයක් පුරා තම ශිෂ්ඨාචාරය මගින්් මිනිසාගේ මනස තුළ පාරම්පරිකව ගොඩ නැගණු සංකල්ප හේතුවෙන් ඇතිවූවකි. උද්ඝෝෂණ ඔස්සේ කැරලි කෝළහලයන්ටද පසු කලෙක ඒවා විප්ලව, අරගල, යුද ගැටුම් දක්වා ලෝකය පුරා අතීතයේ වර්ධනය වූයේ ද, අනාගතයේ දී වර්ධනය වන්නේ ද, එකම අයුරිනි. ඊට හේතුව නම් මේ සියල්ල හට ගන්නේ මිනිස් මනස තුළ බැවිණි. එහෙයින් ලෝකයේ කිසිදු කලෙක නිත්‍යය වූ සාමයක් තිබී නොමැතිය කිවහොත් එය නිවැරදිය.

යුධ දර්ශන උපායශීලීීත්වයට අනුව ”සාමය” යනු ”යුධය” ඇතිවීම වැළැක්වීමයි. දහම් දර්ශන මගපෙන්වීමට අනුව යුධයත් සාමයත් යන අවස්ථා දෙකම හට ගන්්නේ මිනිස් සිතෙහිය. එසේ නම් පළමුව කළ යුත්තේ එලෙස යුධය හට ගන්නා මිනිස් මනස හඳුනා ගැනීමය. දෙවනුව එසේ හඳුනාගත් මනසෙහි යුධ, අරගල, විප්ලව, කෝලාහල, කැරලි උද්ඝෝෂණ ඇති වීමට හේතුව හඳුනා ගැනීම වැදගත්ය. ඒ අනුව යොදා ගත යුතු ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක විය යුත්තේ තෙවනුවය. ”සයිකොලොජිකල් වෝෆෙයර්” හෙවත් ”මනෝවිද්‍යාත්මක යුධ ක‍්‍රමයට” අනුව උද්ඝෝෂණ, කැරලි, කෝලාහල, විප්ලව, අරගල, යුධ යනාදිය ඇතිවීම වැළැක්වීමේදී හෝ ඒවා පාලනය හෝ නිෂ්කිිි‍්‍රය කිරීමේදී හෝ සැලකිල්ලට ගත යුතු සාධකයන් ලෙස පෙර සඳහන් පියවර පෙන්වා දී තිබේ.  
ලෝකය තේරුම් ගැනීමට ඉතාම අසීරු දෑ ලෙස හඳුන්වන්නේ මිනිස් මනසයි. බුදුදහමෙහි ”චතුරාර්ය සත්‍යය” මගින් අවබෝධකර ගනු ලබන්නේ ද එලෙස හඳුනා ගැනීමට අසීරුයැයි සැලකෙන මනස නිසි ලෙස හඳුනා ගැනීමයි. ආරක්ෂක උපායශීලීත්ව අධ්‍යයනයට අනුව මානව අර්බුද නිරාකරණයේ දී මෙන්ම මානව සම්පත් කළමනාකරණයේ දී ද එක් එක් ප‍්‍රජාවන්ගේ සංස්කෘතිය, සිරිත් විරිත්, පුරුදු පුහුණු, හැසිරීම් රටා, අපේක්ෂා, නැඹුරුතා, හැකියා, සීමා, දුර්වලතාව, කැමැති හා අකමැති දෑ යනා දී සියල්ල අධ්‍යයනය කොට තිබීම අනිවාර්ය වේ. ඒ අනුව අර්බුදයට ලක්වූ එකී ජන ප‍්‍රජාව හට බලපෑ අර්බුදයන්ට  හේතුව හඳුනා ගත යුත්තේ පෙර සඳහන් පසුබිම අධ්‍යයනයකින් යුතුව වීම වැදගත්ය.

පාලනය, පරිපාලනය, කළමනාකරණය, තාක්ෂණකරණය, නවීකරණය යන කුමන සංකල්පයකින් හෝ වචනයකින් ඒවා හැඳින්වුවද අවසානයේ ඒ සියල්ල ගොඩ නැගෙනුයේ ද, ක‍්‍රියාත්මක වනුයේ ද, මිනිස් මනස මගිනි. එසේම උද්ඝෝෂණ කළ යුතුය යන සිතිවිලි ද එසේම එය මැඩ පැවත්වීය යුතුය හෝ එය පාලනය කළ යුතුය යන සිතිවිලි ද හට ගන්නේ මනස තුළය. එසේ නම් මෙකී දෙපාර්ශ්වය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ඒ සඳහා ප‍්‍රතිපත්ති හා ක‍්‍රමවේදයන් සකස් කළ යුතු බව හා තීරණ ගැනීම  අවස්ථානුකූලව සිදුවිය යුතු බවට ආරක්ෂක අධ්‍යයනයන් හිදී අවධාරණය කෙරේ. සැබැවින්ම මෙහි පවතින සත්‍යතාව විවිධ ආගම් ශාස්තෘවරයන් පසුබිම් කොට කථාවන් මගින් වුවද තහවුරුවේ. බුදු දහමෙහි කියැවෙන ඇතැම් ජාතක කථාවන්ට අනුව බුදුරදුන් හට මුණ ගැසුණු  අය හා තමන් වහන්සේ විසින් හමුවීමට ගොස් සිටින ලද අය හට දහම් අවබෝධය ලබාදීමට අනුගමනය කළ ක‍්‍රමවේද මුළුමනින්ම එකිනෙකට වෙනස්ය. එසේ නම් මින් පිළිබිඹු වන්නේ කුමක්ද?

ජන උද්ඝෝෂණ, ශ‍්‍රී ලංකාව ඇතුලූ ලෝකයේ සෑම රටකම පාහේ සිදුවන්නාවූ සාමාන්‍ය ක‍්‍රියා පිළිවෙතකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්වලට අනුව එය අයිතිවාසිකමකි. එහෙත් ඇතැමෙක් එය තමා හට අවැඩක් හෝ අවාසියක් වූ විට එහි සරණ පැතීමටත්,  අන් අය එසේ කළ විට එය රාජ්‍ය ද්‍රෝහී හෝ දේශ ද්‍රෝහී හෝ යනුවෙන් ලේබල් කිරීමටත්,  පුරුදුව සිටිති. ඒ අනුව යම් කරුණක් උදෙසා ඉන් අසාධාරණයක් වූ බව පවසා ජන උද්ඝෝෂණ කිරීම ”මානව හිමිකමක්” සේම එසේ රැුස්වීම හා අන් අයට බාධා වන අයුරින් එය පැවැත්වීම ශ‍්‍රි ලංකාවේ පවතින ව්‍යවස්ථානුගත නීතියට අනුව නීතිවිරෝධී ක‍්‍රියාවකි. ඒ දණ්ඩ නීති සංග‍්‍රහයේ 138 ට අනුවය. එහි වගන්ති 139 සිට 149 දක්වා මේ පිළිබඳව තව දුරටත් විස්තර දක්වයි. එසේම අපරාධ නීති සංග‍්‍රහයේ 100 වැනි වගන්්තියට අනුව පොලිසියට එවැනි උද්ඝෝෂණයක් විසුරුවා හැරිය හැකිය. පොලිසිය එසේ කිරීමට අපොහොසත් වේ නම් ඒ සඳහා යුධ හමුදාව කැඳවිය හැකිය. ඒ අපරාධ නීති සංග‍්‍රහයේ 101 සිට 104 දක්වා වගන්තිවලට අනුව හදිසි නීතිය බලනොපවත්වන අවස්ථාවන්හිදීය. එහෙත් එම විසුරුවා හැරීම කළ යුත්තේ හදිසි නීතිය බලාත්මකව පවතින වකවානුවක දී  නම් හමුදාවට එසේ කිරීමට අවැසි බලය හදිසි නීති රෙගුලාසි මගින් ලැබේ.







උද්ඝෝෂණයන් විසුරුවා හැරීමේදී ද ප‍්‍රායෝගිකව සිදුවන්නේ මිනිස් ගැටුමකි. එහිදී උද්ඝෝෂකයන් තම උද්ඝෝෂණය  මානව හිමිකමක් හා තම අයිතිවාසිකමක් හැටියට ද  පොලිසිය හෝ හමුදාව එය නීතිය හා සාමය කඩකිරීමක් හැටියට ද දකීී. එසේ වුවද ඒවා ඇතිවීමට හේතුවන යථාර්ථය අනෙකකි. එනම් මෙම ගැටුම සැබැවින්ම ”මානව හිමිකම් හා අයිතිවාසිකම්” සහ ”නීතිය හා සාමය” අතර පවතින සංකල්පමය ගැටුමකි. මෙකී ද්වී සංකල්පයේ නිර්මාතෘවරයා අන් කවරෙකු හෝ නොව මිනිස් මනසයි. නැති ප‍්‍රශ්න ඇති කරනුයේ ද ඇති ප‍්‍රශ්න නැති කරනුයේ ද මනස තුළ හට ගන්නාවූ මෙකී සංකල්පයි.
මිනිසා තම සංකල්ප මත ලෝකයේ අවිද්‍යාව හේතුවෙන් මුලාවට පත්ව ඇති හෙයින්,  මෙසේ සිදුවීම් ඇතිවීම සම්බන්ධයෙන් කුමන අයුරින්් හෝ ඒ සඳහා යමෙකු හට චෝදනා එල්ල කළ හැකිය. එහි ”කරන්නකු” ඇත. ”කරවන්නෙකු” ද ඇත . එසේ නමුත් සත්‍යයට අනුව එය එසේ නොවේ. එහි කරන්නකු  හෝ කරවන්නකු  හෝ නැත. ඒ සියල්ල සිදුවන්නේ සංකල්ප (හේතූන්) මගින් ඇති කරනු ලබන පුරුද්ද (ඵලය) හෙවත් ”පටිච්ච සමුප්පාදය” (හේතු ඵල දහම) මුල්කොට ගෙනය.  ඒ අනුව පුරුද්ද යනු ”පුද්ගලයා” හෝ ”මම” හෝ ”මගේ ආත්මය” හෝ නොවේ. එය හුදෙක්ම අනිත්‍ය තත්ත්වයකි. සිද්ධාර්ථ ගෞතමයාණන් තම දහම මගින් අවබෝධ කරදීමට උත්සාහ ගත්තේද මෙයයි.

කෙසේ වුවද සංකල්පමය වශයෙන් රූපය, පුද්ගලයා ලෙස හැඳින්වුව ද සැබැවින්ම සැලකිල්ලට ගන්නේ  ඔහුගේ හෝ ඇයගේ පුරුද්දෙන්  ඇති කරගත් ගති ලක්ෂණයි. ආරක්ෂක උපායශීලී හා උපක‍්‍රම අධ්‍යයනයට අනුව යුධ අරගලවලදී හා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී, තම ප‍්‍රතිවාදියා හෝ සතුරා ගේ පුරුදු, ගැඹුරු විශ්ලේෂණයකට ලක්කර ඔහුගේ එකී පුරුදු සංකල්පමය වශයෙන් කැමති හා අකමැති, හැකියා හා දුර්වලතා, යනාදී ලෙස වර්ගීකරණය කර නිසි ලෙස ඔහුගේ චරිතය හා හැසීරිම් රටාව හදුනා ගැනීම සිදුවේ. ඒ අනුව කිසි විටෙකත් ප‍්‍රතිවාදියා හෝ සතුරා අපේක්ෂා කරන අන්දමින් හැසිරීම නොකළ යුතුවේ. එහෙත් එය එසේ සිදුවේ නම් ඉන් සාර්ථක වන්නේ ප‍්‍රතිවාදියා හෝ සතුරාය. උද්ඝෝෂණයන්හි දී උද්ඝෝෂකයන් ක‍්‍රියා කරන්නේ එකී ක‍්‍රියාකාරකමකින් තම පණිවිඩය අදාල පුද්ගලයන් හා අංශ වෙත ලබා දීමටය. එය සාමකාමි වුවහොත් ඇතැම් විට ප‍්‍රශ්නයට ලැබෙන විසªම් ප‍්‍රතිචාර අල්ප විය හැක යන මතය බොහෝ විට කා අතරත් පවතී. එහෙයින් සැම විටකදීම උද්ඝෝෂකයන්, පොලිසිය හා හමුදා ප‍්‍රකෝප කරවන අයුරින් හැසිරීම, සාමාන්‍යයෙන් සිරිතක් මෙන්ම පුරුද්දකි. එසේම එහිදී ඔවුන්, පොලිසිය හා හමුදාව තමන්ගේ එම හැසිරීම් රටාව කෙසේ හෝ මැ`ඩපැවැත්වීම සඳහා විවිධ ප‍්‍රහාරාත්මක ක‍්‍රමවේද භාවිත කරන බවද දනී. එසේ ඔවුන් දැනුම ලබා ඇත්තේ පෙර සිදුවූ උද්ඝෝෂණයන් ඔවුන් සිය මනසින් අත්දැක ඇති හෙයිනි. මේ අනුව පොලිසිය හෝ ඒ සඳහා කැඳවූ විශේෂ කාර්යය බළකාය හෝ යුධ හමුදාව හෝ උද්ඝෝෂකයින් විසින් අපේක්ෂා කරනු ලබන අන්දමින් තම ප‍්‍රහාරාත්මක බලය භාවිත කිරීම අවාසිදායක විය හැක.

රතුපස්වල හමුදා ප‍්‍රහාරය


එසේම උද්ඝෝෂකයන් තමන් අපේක්ෂාකර නොකළ පරිදි ආරක්ෂක අංශ හැසිරේ නම්, ඔවුන් එම ආරක්ෂක අංශ ප‍්‍රකෝප හා කුපිතවන අයුරින් අනිවාර්යයෙන් විවිධ ක‍්‍රියා කිරීමට පෙළඹෙනු ඇත. මෙහිදී උද්ඝෝෂකයන් විශේෂයෙන් පොදු දේපල ඉලක්ක කොටගත් ප‍්‍රහාර කිරීමට පෙළඹෙන්නේ් එබැවිනි. 87, 88 හා 89 භීෂණ සමයේ දී, එවකට විප්ලවවාදී කඩාකප්පල්කාරීන් විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයන් හා පෙළපාලි හිදී හමුදාව ප‍්‍රකෝප හා කුපිත කිරීම සඳහා විවිධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුකෙරිණි. වැල්ලවාය හා කුඩාඔය මාර්ගයේ පැවැත්වූ උද්ඝෝෂණ පෙළපාලියකදී ඔවුන් සැඟවී හමුදාව දෙසට වෙඩි තැබූහ. ඉන් ඔවුන් අපේක්ෂා කලේ ඊට ප‍්‍රතිචාර ලෙස හමුදාව පෙරලා උද්ඝෝෂකයන්ට හා පෙලපාලිකරුවන් හට වෙඩි තබයි යන්නය. නිලධාරින් ඇතුලූ භට පිරිස්  ඒ සියල්ල අපේක්ෂාවෙන් සිටි හෙයින් ඔවුනට කිසිදු හානියක් සිදු නොවිනි. විප්ලවවාදී, කඩාකප්පල්කාරින් අපේක්ෂා කළ අන්දමින් භට පිරිස් වෙඩි තැබූවේ නම් යම් පිරිසක් ඉන් තුවාල වී හෝ මිය යාමට ඉඩ තිබිණි. ඒ සියල්ල උද්ඝෝෂණ පෙළපාලිය සඳහා බිය කිරීමෙන් හා බලයෙන් යොදා ගත් අය වීමත්, ඉන් කිහිප දෙනෙකු ආරක්ෂක අංශයන්හි නියැලූන අයගේ දෙමව්පිය හා සහෝදර සාහෝදරියන් වීමත්, මෙහි ඇති විශේෂත්වය විය.

එහෙත් මොණරාගල ඇතිමලේ පැවැති එවැනි වෙඩි තැබීමකදී අදාළ නිලධාරියා තම භට පිරිස් හට ප‍්‍රතිප‍්‍රහාර දීමට අණ දුනි. ඉන් සිදුවූයේ සිවිල් වැසියන් කිහිප දෙනෙකු හමුදා වෙඩි පහරට ලක්වීමය. ඒ සියල්ල ප‍්‍රතිවාදීන් අපේක්ෂා කළ අයුරින් සිදුවූ හෙයින්  විප්ලවවාදී කඩාකප්පල්කරුවන් විසින් ”හමුදාව සිවිල් වැසියන් ඝාතනය  කරයි” යනුවෙන්  අති විශාල ප‍්‍රචාරයක් ඊට ලබා දුනි. මෙම සිදුවීම සම්බන්ධයෙන් හමුදා මූලික පරීක්ෂණ උසාවියක් ද කැඳවිණි. මින් උගත යුතු පාඩම වනුයේ සත්‍ය අවබෝධ කොටගත් අය හැර අන් සියලූ අය කටයුතු කරනුයේ ”අපේක්ෂාව හා පුරුද්ද” මුල් කොටගෙන මිස අවබෝධයෙන් නොවන බවත්, එසේ අවබෝධයෙන් කටයුතු කරයි නම් තැනට සුදුසු අයුරින් කටයුතු කිරීමට අවැසි ”ප‍්‍රඥාව” පහළවන බවත්ය.

ශ‍්‍රී ලංකාවේ පැවැති සහ පවතින තත්ත්වයන්ට අනුව පෙර සඳහන් මූල ධර්මයන් යොදා ගත්  විට,  ඉන් දෙනු ලබන විසඳුම ඉතා අගනේය. එනම් 71 කැරැුල්ල මෙන් තවත් විප්ලවකාරි අරගලයක් හෝ උතුරු හා නැගෙනහිර ඇතිවූ සන්නද්ධ ගැටුම මෙන් තවත් බෙඳුම්වාදී  යුධ සටනක්  හෝ  87 සිට 90 වර්ෂය දක්වා ඇතිවූ  කඩාකප්පල්කාරි ක‍්‍රියා මෙන් තවත් භීෂණකාරි අවධියක් හෝ  ඇතිවීමට ඉඩ නොතබන පරිදි ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර හා බාහිර භූ දේශපාලනික උපායශීලීත්වයට ගැලපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් ඇති කිරීම යන අවශ්‍යතාව ”ජාතික සැලැස්ම” යන මූල ධර්මය මගින් නියෝජනය වීම. දේශපාලන, ආරක්ෂක, ආර්ථ‘ක, ආගමික, අධ්‍යාපනික, සමාජිය, සෞඛ්‍යමය යනාදී සාධක මුල්කොට ගෙන ඇතිවූ අසහනකාරි හා ගැටලූමය තත්ත්ව හේතුවෙන්  ඇතිවන්නාවූ ප‍්‍රචණ්ඩකාරි ජන උද්ඝෝෂණ හා පෙළපාලි, වර්ජන, කෝළාහල හා ගැටුම්, විවිධ අපරාධ හා මිනීමැරුම්, මංකොල්ලකෑම් යනාදිය ද නාස්තිය, දුෂණ හා වංචා, අකාර්යක්ෂමතාව යනාදී විෂමතා ද ඇතිවීම අවම කිරීම යන අවශ්‍යතාව  ”යහ පාලනය” මූල ධර්මය මගින් නියෝජනය වීම ද ජාතික සැලැස්ම හා යහපාලනය යන මූල ධර්මයන් යටතේ ඇති කිරීමට උත්සාහ ගන්නා විසඳුම් ලබා ගැනීමට හා එකී තත්ත්වයන් ළ`ගාකර ගැනීම සඳහා අවැසි අඛණ්ඩ ජන සහාය ලබා ගැනීම යන  අවශ්‍යතාව  ”මහජන සහාය”  යන මූල ධර්මයෙන් නියෝජනය වීම ද මින් ලබාගත හැකි විසඳුම්ය.

එහෙත් වර්තමාන ශ‍්‍රී ලංකාවේ මෙකී විසඳුම්වලට හා තත්ත්වයන්ට ගැලපෙන පරිදි එවන් පරිවර්තනයක් ඇති වෙමින් පවතීද? එය එසේ පවතී නම් නොබෝදා සිදුවූ උද්ඝෝෂණය සමථයකට පත් කිරීම උදෙසා පොලිසිය හෝ විශේෂ කාර්යය බළකාය හෝ  කැඳවීමට අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.
     
දේශපාලන, ආරක්ෂක, ආර්ථ‘ක, ආගමික, අධ්‍යාපනික, සමාජිය, සෙෘඛ්‍ය යනාදී රාජ්‍ය පාලනමය සාධක සම්බන්ධව ඇතිවන්නා වූ  ගැටලූ මුල්කොටගත් උද්ඝෝෂණ විසුරුවා හැරීමට හෝ සමථයකට පත් කිරීමට ආරක්ෂක අංශ යොදා ගැනීමේ දී ඇතිවන ප‍්‍රධාන අපහසුතාව වනුයේ උද්ඝෝෂකයන්් විසින් ඉල්ලනු ලබන  විසඳුම් සම්බන්ධයෙන් ගත යුතු තීරණ ගැනීමට හැකියාවක් හෝ බලයක් ඔවුන් හට නොතිබීමය. එබැවින් උද්ඝෝෂණවලදී මහජන නියෝජිතයන් පැමිණීම ඇතැම්විට අවදානමක් ලෙස ඔවුන් සැලකීමට පුලූවන.

එහෙත් එවැනි තත්ත්වයක් ඇතිවීම බොහෝ විට මහජනයාගෙන් ඈත්වූ නියෝජිතයන්ට පමණක් සිදුවීමට ඉඩ ඇත. කෙසේවුවද 1977 වර්ෂයෙන් පසු දේශපාලනයේ යෙදුනු සෑම අයකුගේම  පාහේ  සිරිත වී ඇත්තේ විපක්ෂයේ හෝ පරාජයව සිටිනවිට දී  මහජනතාව ආශ‍්‍රය කිරීමටත්,  බලයට  පත්වූ පසු තම බලය මහජනතාවට ප‍්‍රදර්ශනය  කිරීමටත්ය.

බොහෝ එවැනි  අය හට බලය හා තම ආරක්ෂාව, මහජනයා හට හිරිහැර හා ඔවුන්ගේ නිදහසට බාධා වන අයුරින් හැසිරීම වර්තමානයේ එක්තරා මෝස්තරයක් වී ඇත යයි කිවහොත් නිවැරදිය. එය මින් පෙර නොදුටු චර්යා රටාවක් මෙන්ම එය බෙඳුම්වාදී සටන නිම වීමෙන් පසුව  ඇතිවූ ”මෝහයක්” හා ”මානයක්” ලෙස හැඳින්වූවාට වරදක් නැත. එහි බැරෑරුම් දෑ වන්නේ මහජනයා වෙත ඉන් ලබා දෙන අයහපත් පූර්වාදර්ශයයි. පොදුවේ  ගත්කල බහුතරයක් වූ මහජනයා දේශපාලනය ද එහි යෙදෙන්නන් ද ප‍්‍රතික්ෂේප කරන්නේ එහෙයිනි. එවන් තත්ත්ව යටතේ උද්ඝෝෂණ ඇතිවීම වැළැක්වීමට නොහැකිය.  

මෙහිදී දේශපාලනයෙහි යෙදෙන්නන් ඇතුලූ ජනයා අධ්‍යනයකර වටහා ගත යුතු වැදගත් කරුණක් ඇත. එනම් බෙඳුම්වාදී සටන නිම වීමෙන් පසු කාලයේ දී, සමස්ථ ශ‍්‍රී ලාංකික සමාජයේ ද්වේශය, මිත්‍යා දෘෂ්ඨ‘න්හි එල්බ ගැනීම, කලහකාරි හා ප‍්‍රචණ්ඩ බව, අසහනකාරි බව හා මානසික ආතතිය, මත්පැනට ලොල්වීම, ලිංගික අසහනය, සමාජයේ විශ්වශනීයත්වය බිඳවැටීම යනාදී  ලක්ෂණ අතින් වර්ධනයක් ද මිනීමැරීම්,  මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දුෂණ, සිය දිවිනසා ගැනීම්, රථ වාහන හා විවිධ අනතුරුවලට ලක්වීම යනාදී සිදුවීම් වාර්ථාවීම අතින් පෙරට වඩා වර්ධනයක් ද පෙන්නුම් කිරීමයි.

මෙසේ වීමට හේතු කවරේද යන්න විමසීම වටී. ඇතැම් විට මෙය ශ‍්‍රී ලාංකික සමාජයේ පමණක් නොව සමස්ත ලෝක සමාජය පුරා සිදුවෙමින් පවතින තත්ත්වයක් ලෙස ද දැකීමට පුලූවන. සංකල්ප පිළිගැනීමට අනුව සත්‍ය අවබෝධ කළ අය හැර අන් සියල්ල මෙකී වෙනස හා විපර්යාසය දකින්නේ බාහිරෙන් සිදුවන දෙයක් ලෙස වූවද, සැබැවින්ම මෙය පුද්ගල මනස තුළ සිදුවන්නා වූ තත්ත්වයකි. එසේ හෙයින් මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු විමසිය යුතුය. මෙවැනි තත්ත්වයක් අන් රටවල ද ඇත යනුවෙන් පවසා එය සතුටුවීමට හෝ ඉන් නිදොස් වීමට එය හේතුවක් නොකරගත යුතුය. සමස්තයක් සේ ගත් කල ආගමික අධ්‍යාත්මිකවරුන්ගේ ද, දේශපාලකයන්ගේ ද, විවිධ ක්ෂත‍්‍රයන්හි යෙදී සිටින සියලූ වෘත්තීයමය තනතුරු හොබවන්නන්ගේ ද, ශිෂ්‍ය පරපුරේ ද උගත් හා නූගත් යන මෙකී සියලූ අයවලූන්ගේ ද ”සමස්ත විනය” බිඳ වැටී ඇත යයි කිව හොත් නිවැරදිය. මේ පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා කරන්නේ ප‍්‍රධාන සිදුවීම් පමණි. වාර්තා නොවන එ්වා අසීමිතය.

උද්ඝෝෂණ හා පෙළපාළිවලදී පමණක් නොව සුළු දෙයකදී පවා කලහකාරි ලෙස හැසිරීම, නොරිස්සුම් ස්වභාවය, අන් අය නිසා බිය වීම හා අන්් අය බිය ගැන්වීම වැනි ලක්ෂණ වර්තමාන දේශපාලකයන් ඇතුලූ සමාජයේ බහුතරයක් වෙත දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. භෞතික සංවර්ධනය කොතෙක් දුරට සාර්ථක වූවද ඊට සමගාමීව මානව අධ්‍යාත්මික සංවර්ධනය සිදුනොවේ නම් එකී රාජ්‍යය නියත වශයෙන්ම පිරිහුනු හා විවිධ අසහනකාරි තත්ත්වයන් ගෙන් පෙලෙන රටක් බවට පත්වේ. දහමට අනුව, ”දුක්ඛ” හෙවත් ”විඳීම” අත් විඳින්නෝ් එවන් රාජ්‍යයක ජීවත් වෙති. ඔවුහු ”අෂ්ඨ ලෝක ධර්මයෙන්” අධික ලෙස කම්පා වන්නෝ වෙති. අසීමිත ආශාවලින්  පිරුණු මනස සංතෘප්ත කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ඔවුන් සැමවිටම අසහනයෙන් සිටී.  එසේ හෙයින්  දේශපාලකයන් මූලිකව වටහා ගත යුතු දෙයක් ඇත. එනම්, රට හෝ රාජ්‍ය යනු භූමිය නොවන බවත් මිනිසුන් නොමැති භූමියක්, රටක් නොවන බවත් එය ”පුද්ගලයාගේ මනස” මිස පුද්ගලයා ද නොවන බවත් ය.  සැබැවින්ම, මෙය සමාජ සංහිදියාව හා සංයුතිය බිඳීමට හේතුවන තත්ත්වයක් වූ බැවින් එ් පිළිබඳව කරුණු සොයා බලා ඊට පිළියම් සෙවීම කාලීන අවශ්‍යතාවක් මෙන්ම රජයක වගකීමකි.

බෙදුම්වාදී සන්නද්ධ සටන නිම වී වර්ෂ පහකට ආසන්න කාලයක් නිම වෙමින් පවතී. දශක තුනක සන්නද්ධ හා ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් මගින් පෝෂණය වූ ශ‍්‍රී ලාංකීය මනස තුළ, සටන අවසන් වීමෙන් අනතුරුව හට ගෙන ඇත්තේ හිස් බවකි. සටන පවතින වකවානුව තුළ මනසට ආ ප‍්‍රචණ්ඩකාරි සිදුවීම් පිළිබඳ තොරතුරු  වර්තමානයේ  අත්දැකීමට නොමැත. අපේක්ෂිත තත්ත්වය නොමැති වූ විට ඇතිවන්නේ අසහනයකි. යුධ සටන් හා ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් පවතින විටදී එහි අවසානයක් නොදැකීම හේතුවෙන් මනස අසහනකාරි වනවා සේම එම තත්ත්වය අවසන් වීමෙන් මනසේ ඇතිවන හිස් බව මෙම අසහනකාරි තත්ත්වයට තවත් හේතුවකි.  

බහුතරයක්වූ පුරවැසියෝ උතුරු නැගෙනහිර යුධ ගැටුම අවසන් වීමෙන් පසු  ජිවන වියදම පහළ යාම, තම වැටුප් හා දීමනා ඉහළ යාම, වෙනත් ආදායම් මාර්ග ඇතිවීම යනාදි ප‍්‍රතිලාභ ඇති විය හැකි බවට අධික විශ්වාසයකින් පසු වූහ. එලෙස අපේක්ෂිත අයුරින් පෙර සඳහන් කිසිවක් සිදුනොවීම ද මීට තවත් හේතුවකි. කෙසේ වූවද ඉතා සුළු කොටසකට මෙම තත්ත්වය එසේ නොවිය හැකිය.

බෙදුම්වාදී යුධ ගැටුම අවසානයේ පැමිණි කාලය ”පරිවර්තන යුගයයි”. එහෙයින් භෞතික සංවර්ධනය මෙන්ම පුද්ගල මනස, අධ්‍යාත්මිකව සංවර්ධනය කිරීම සඳහා වූ සුදුසු ”ජාතික සංකල්පමය වැඩ සටහනක්” ද, ඒ සඳහා අවැසිය. මනස පරිවර්තනමය වැඩසටහනක්, ”සයිකොලොජිකල් හෝ මයින්ඞ් වෝ ෆෙයාර්” ලෙස හඳුන්වන අතර, විශේෂයෙන් අභ්‍යන්තර යුධ ගැටුමක් අවසානයේ එවැන්නක්  කිරීම වැදගත් බව ආරක්ෂක අධ්‍යයනයේ දී පෙන්වා දෙයි.  1977 වර්ෂයේ දී මේ හා සමාන පරිවර්තන යුගයක් ආරම්භ විය. එය එතෙක් පැවැති ”සංවෘත ආර්ථ‘කය” වෙනුවට ”විවෘත ආර්ථ‘කය” හඳුන්වා දීමේ ප‍්‍රතිථලයක් වශයෙනි.

එහෙත් එවකට ආණ්ඩුව එම පරිවර්තනය නිසි ලෙස කළමනාකරණය නොකළ බව ඉන් පසු ඇතිවූ තත්ත්ව විශ්ලේෂණය කිරීමේ දී පෙනේ. වර්තමානයේ කර්මාන්ත මුල් කොටගත් උද්ඝෝෂණයන් ඇතිවීම එහි තවත් ප‍්‍රතිථලයකි. ඊට හේතුව නම් ශ‍්‍රි ලංකා භූමිය දේශපාලන, ආරක්ෂක, ආර්ථ‘ක, ආගමික, පාරිසරික, සංචාරක, කර්මාන්ත, ගෘහස්ථ යනාදී වශයෙන් වර්ගීකරණයට ලක් කොට භෞතික සංවර්ධනය නොකිරීමයි. කෙසේ වුවද 1977 වර්ෂයේ දී  ඇති කළ ”ආර්ථ‘ක පරිවර්තනය”ට සමගාමීව ”මනස සංවර්ධනය” නොවූවා සේම වර්තමාන තත්ත්ව යටතේ ද එසේ වීමට ඉඩ හැරීම අනුවණ කමක් බව කිව යුතුය.
කිසිදු විචාරයකින් හා අත්දැකීමකින් තොරව යමක් පිළිබඳ නිගමනයන්ට ඒම අවාසිදායක මෙන්ම භයානකය. එසේම, විද්‍යාව හා තාක්ෂණය ඒ සඳහා පවතින එකම සත්‍ය පදනම ලෙස පිළිගැනීම ද  මුලාවක් බව කිව යුතුය. ඊට හේතුව වර්තමාන ලෝක වැසියන් බහුතරයක්ම පාහේ විද්‍යාව හා තාක්ෂණය භාවිතයට අමතරව එය දෘෂ්ඨ‘යක් කරගෙන සිටීමයි. එවිට එය හුදෙක්ම සංකල්පයක් පමණක් නොව සත්‍යයක් ලෙස ද  දකී. සැබැවින්ම මුලාවීමේ ආරම්භය මෙයයි. එම තත්ත්ව යටතේ ඇතැමෙක් එකී මත හා සංකල්ප රැවටීම හා මුලාකිරීම ඔස්සේ දේශපාලන, ආරක්ෂක, ආර්ථ‘ක, ව්‍යාපාරමය යනාදී වශයෙන් වාසි ලබා ගැනීමට ද යොදා ගනී. ඇමෙරිකාවේ ධනය හා බලය ආරක්ෂා කරන ”සී අයි ඒ” එවැනි එක් සංවිධානයකි. ශ‍්‍රී ලංකා වාසීන් ද ඔවුන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ඇතැම් සංකල්පමය වැඩ සටහන් මගින් රැවටීමට හා මුලාවට පත් වූ තවත් එක් ජන කොටසක් ලෙස හැඳින්විය හැක.

මින් බොහොමයක් සෞඛ්‍ය, වෛද්‍ය, ඖෂධ, ආහාර යනාදි මිනිසා ගේ මූලික අවශ්‍යතාව ද විශ්වය හා ලෝකයේ පැවැත්ම පිළිබඳ විවිධ සිද්ධාන්ත ද මිනිසා බියට පත් කළ හැකි අද්භූත විශ්වාස ද යනාදිය ඉලක්ක ගත කොට ඇත. ලෝ ජනයා ව්‍යාකුල කිරීම මෙකී වැඩ සටහන්වල එක් අරමුණකි. වරෙක ඇතැම් ආහාර ඇතුලූ ඇතැම් පාරිභෝජන ද්‍රව්‍ය සෞඛ්‍යට හිතකර බව පැවැසීම හා තවත් වරෙක ඒවා අහිතකර බව පැවැසීම මීට උදාහරණයකි. මෑතක දී පරිසරය, සෙෘඛ්‍ය, ආහාර යනාදිය මුල් කොට ගෙන සමාජයේ ඇතිවූ ව්‍යාකූල තත්ත්ව හා උද්ඝෝෂණ එම වැඩ සටහන්වල ප‍්‍රතිඵලයි. ඒ සියල්ල විචාරක බුද්ධියෙන් විමසා පිළිගැනීම හෝ ප‍්‍රතික්‍ෂේප කිරීම මීට ඇති එකම විසදුම වන අතර බුදු දහමෙහි ”කාලාම සූත‍්‍රය” මගින් මෙය වඩාත් පැහැදිලි කරයි.   

 

 



අදහස් (0)

ජන උද්ඝෝෂණවලට පහරදී ප‍්‍රශ්න විසඳිය හැකිද?

චාමික Wednesday, 26 March 2014 08:25 PM

රතුපස්වලට හමුදාව කැඳවීම කල කෙනා සගවන්න හදන උත්සහකරන හැටි.(නදී)

:       0       0

චන්දන Wednesday, 26 March 2014 04:33 PM

ඉතාමත් වටිනා ලිපියක්. ස්තුතියි.! (ස)

:       0       0

රොහාන් Wednesday, 26 March 2014 05:01 PM

උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අයිතියක්.අන් අයට හිරිහැර වන විදියට එය කිරීම අන් අයගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක්. (ස)

:       0       0

කලීල් Saturday, 29 March 2014 02:24 AM

පහරදීමෙන් විසඳන ප්‍රශ්න සාර්ථක නොවේ. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 29 March 2014 02:24 AM

බැහැ කොහෙත්ම බැහැ.අදාල ප්‍රශ්නය තේරුම් ගෙන නිසි පිළියමක් දිය යුතුය. (නි)

:       0       0

ලලිත් Saturday, 29 March 2014 05:52 AM

ලෝකයේ දියුණු රටවලත් ජන උද්ඝෝෂණ තිබෙනවා. නමුත් උද්ඝෝෂණ මුවාවෙන් රටේ පවත්නා කිසිම නීතියක් කඩන්නට ගියොත් සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් ලැබෙනවා. උදාහරණයක් ලෙස බෝඩ් අල්ලාගෙන පාර අයිනේ සිටීම වරදක් නොවුණත් එසේ සිටිමින් පාරට පැන පාර අවහිර කිරීම, මඟීන්ට හිරිහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. විරෝධතා සටන් පාඨ කීම වරදක් නොවුණත් ශබ්ද විකාශන යොදාගෙන අහල පහල නිවැසියන්ට හෝ ව්‍යාපාර වලට හිරිහැර වෙන ලෙස හැසිරීම වරදක්. උද්ඝෝෂකයන්ගේ අයිතිවාසිකම් වගේම රටේ අනිකුත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම්ද එක හා සමාන ලෙස ගරුකළ යුතු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site