ලාදුරු රෝගය වැළඳුණ වනගත රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේදී සොයාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම රෝගය වැළඳුණ සත්වයකු මෙරටින් සොයා ගැනුණේ පළමු වතාවට බවත් ප්‍රදේශයේ බිම වැටී සිටි රිළවකු ගම් වැසියකු දැක වනජීවී නිලධාරීන්ට බාර දී ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
සංවර්ධනය හා සොබාදහම සම්බන්ධයෙන් ඉතිහාසයේ නොවූ විරූ තරමේ බලගතු දියුණු සංවාදයක් රට තුළ පැන නැගී තිබේ. එය ඉතා වැදගත් ප්‍රවණතාවකි. මෙම තත්ත්වය තව තවත් උස් මහත් කළ යුතුය. විශේෂයෙන්ම සොබාදහම ද ආරක්ෂා කරගනිමින් මානව ප්‍රගතිය අත්පත් කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙම සංවාදය යොමු වන්නේ නම් එය ඉතා යහපත්ය. එහිදී අන්තවාදී නොවී මැදහත්ව මෙම මාතෘකාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.
අප රටෙහි ජීවත්වන ජනයා විවිධ සමාජ, ආර්ථික, දේශගුණික ප්‍රශ්නවලට මුහුණ දෙති. ඒවා පළාතෙන් පළාතට වෙනස්ය. එක් පළාතක ජීවත් වන ජනයා නියඟයෙන් බැට කද්දී තවත් ප්‍රදේශයක ජනතාවගේ ජීවිතවල ඉරණම විසඳමින් තිබෙන්නේ ගංවතුරය. වන අලින්ගේ නිර්දය ප්‍රහාරයෙන් තම ජීවිත, වගා හා දේපොළ ආරක්ෂා කර ගැනීමේ නොනවතින සටනක එක් පළාතක ජනයා නියැළී සිටින විට තවත් පළාතක ජනයා අලි බලන්නට දුරකතර ගෙවාගෙන වනෝද්‍යානවලට යති. ‘ප්‍රශ්නය අනෙකාගේ වන තරමට පිළිතුර දාර්ශනික’ වන්නේ ඒ අනුවය.
මෙරට සාතිශය බහුතරයක් ජනයා ගොවිතැනින් ජීවත් වෙති. වී ගොවියෝ ද එළවළු ගොවියෝ ද හේන් ගොවියෝ ද ගෙදර වත්ත පිටියේ කොස්, දෙල්, අඹ, රඹුටන් ආදී නොයෙකුත් වගා කරගෙන ජීවිතය සරිකර ගන්නෝ ද ඒ අතර ප්‍රධාන වෙති. මේ ගොවීන් ගොවිතැනෙහි යෙදෙන්නේ වචනයට නැගිය නොහැකි තරමේ දුෂ්කරතා විඳිමිනි. එක් ගොවි පිරිසකට ජලය නැත. තවත් ගොවි පිරිසකගේ අභියෝගය ගංවතුරට මුහුණ දීමය. සේනා දළඹුවා වැනි කෘමීන්ගෙන් එල්ල වන අභියෝග ඉහටත් උඩින්ය. මේ සියලු බාධක මැද පොහොර සහනාධාරය කලට වේලාවට නොලැබීම, කෘෂිකාර්මික උපකරණවල මිල ඉහළ යාම පමණක් නොව අතරමැදියන්ගේ සූරාකෑමට ද ගොවියාට මුහුණ දීමට සිදුවෙයි. මෙම සියලු අභියෝගවලට මුහුණ දී දුක්ඛිත අවසානයක් කරා ළඟාවන ගොවියාට මඩ සෝදාගත් පසු සිහසුනට නොව සුසානයට යාමට සිත් පහළ වුවහොත් එය විමතියට කරුණක් නොවේ.
ලාදුරු රෝගය වැළඳුණ වනගත රිළවකු ඇතිමලේ ප්‍රදේශයෙන් හමුවීම ගොවියා මුහුණ දෙන තවත් දුක්බර ඉරණමක් සම්බන්ධ සාක්ෂියකි. ස්වභාවික උවදුරුවලින් තම බවභෝග ආරක්ෂා කර ගැනීමට අමතරව රිළවුන්, වඳුරන්, ඉත්තෑවන්, වල්ඌරන් හා මොණරුන් වැනි සතුන්ගෙන් හා වන අලින්ගෙන් එල්ල වන අභියෝග ජය ගැනීමට ද ගොවියාට සිදු වේ.
මෙම රජයේ කැබිනට් මණ්ඩලය අපූරු සංයුතියකින් සමන්විත විය. මැටි, වේවැල්වලට මෙන්ම බතික්වලට ද ඇමැතිවරු පත් වූහ. මෙම පසුබිම් තුළ ඩිලාන් පෙරේරා ඇමැතිවරයා ප්‍රකාශ කළේ ‘මට රිළා ඇමැතිකම දුන්නත් මම සතුටෙන් බාර ගන්නවා’ යනුවෙනි. ඇතැමෙක් එම ප්‍රකාශය විහිළුවට ගත්හ. මන්ත්‍රීවරයා විහිළු කරන්නේ යැයි සිතූහ. එහෙත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය තුළ මෙරට ගොවි ජනතාව මුහුණ දී සිටින අර්බුදය අන්තර්ගත වී තිබේ. මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙම සතුන් නිසා බවභෝග සෑහෙන ප්‍රමාණයක් විනාශ වන බවය. එය අපරාධයක් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. සැබැවින්ම ගොවි ජනයා මුහුණ දී සිටින අර්බුදයේ ප්‍රමාණයට අනුව ඇමැතිවරයකු පත්කර එයට විසඳුම් සෙවිය යුතු තරම්ය.
පරිසරය හා බැඳුණු ජීවන ගමනක් යනු වන සතුන් සමග ජීවත් වීම නොවේ. වන සතුන් පාලනයකින් තොරව වර්ධනය වීමට ඉඩහැරීම සාමාන්‍ය ජීවිතයට තර්ජනයකි. ඇතිමලේ ප්‍රදේශයේ ලාදුරු වැළඳුණු රිළවකු හමුවීමෙන් පැහැදිලි වන්නේ තත්ත්වය බෙහෙවින් භයංකර බවය. සතුන්ගෙන් භයානක වයිරස ආසාදනය වන බව සෞඛ්‍ය විද්‍යාත්මක මතයකි. කොරෝනා මාරාන්තික වයිරසය චීනයේ සතුන්ගෙන් ආරම්භ වූ බවට සැකයක් මතු විය. මෙම තත්ත්වය නොසලකා හරිමින් කටයුතු කළ නොහැකිය.
ජන ජීවිතයට ඇති බාධා එකින් එක හඳුනාගත යුතුය. එම බාධා එකින් එක තුරන් කළ යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩපිළිවෙළ වැදගත් වන්නේ ද එහෙයිනි. එහෙත් එහිදී මෙම ඇත්ත ගැටලු සාකච්ඡාවට බඳුන් වන්නේ ද යන්න විමසිය යුතුය. එබඳු දියුණු සාකච්ඡාවක් ඇති වන්නේ නම් බොහෝ ගැටලු නිරාකරණය කරගැනීමට හැකිවනු ඇත.
(***)
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජන ජීවිතයට ඇති බාධා ඇති සැටියෙන් වටහා ගනිමු
Ananda Tuesday, 16 February 2021 09:38 AM
හොඳ ලිපියක්....