IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජන සමාජයට ආයුධ ලැබුණු හැටි


ටී 56 තුවක්කුවක් රැගෙන දන්සලකට කඩාවැදී එහි සංවිධායකවරු දණගැස්වූ බව කියන හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝරළගේ මහතා ඉකුත් දා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී රුපියල් පනස් දහසක ඇප මත නිදහස් කෙරිණි.


අලූත්ගම පොලීසිය ඉකුත් දා පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත්තේ පෙට‍්‍රල් බෝම්බ 56ක් ද සමගය. මේ අවි සමාජයට කොහෙන්ද? අද සමීක්ෂණය ඒ පිළිබඳවය.

දිගුකාලීන යුද හා සන්නද්ධ ගැටුම් මගින් ඒවා අත්විඳිනා ප‍්‍රජාවන් තුළ විවිධ මනෝමය බලපෑම් ඇති කළ හැක. ගැටුම් අවසන් වීමෙන් පසුව, එම බලපෑම් තුළින් ඇතිවන ප‍්‍රතිඵල සමාජයට අහිතකර විය හැක. යුද ගැටුම් සඳහා ඍජුව සම්බන්ධ වූ පාර්ශ්වයන් මෙන්ම එය අත්විඳි සියලූ ප‍්‍රජාවන්ගේද ”මනස” යථා තත්ත්වයට රැුගෙන ඒම සඳහා වූ මනෝවිද්‍යාත්මක මානව සංවර්ධනයක් සිදුකිරීම මගින් එම තත්ත්වය වැළැක්විය හැක.

තිස් වසරක් පුරා පැවැති යුද ගැටුම අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය අධ්‍යයනය කිරීමේදී පෙර සඳහන් වගන්තිය ඉතා වැදගත් බව පෙනේ. දශක තුනක යුද ගැටුම හා එම ගැටුම පවතින කාල වකවානුව පුරා, වර්ෂ දෙකකට ආසන්න කාලයක් තුළ හටගත් භීෂණ සමය යනාදී සන්නද්ධ ක‍්‍රියාකාරකම්හි අතුරු ප‍්‍රතිඵලයක් ලෙස මිනීමැරුම්, පුද්ගල ඝාතන, මංකොල්ලකෑම් යනාදී සාපරාධී ක‍්‍රියා ක‍්‍රමයෙන් වර්තමාන සමාජය තුළ වර්ධනය වීම දැක්විය හැක. ගැටුම් පවතින සමයේදී අත්දුටු තත්ත්වයන් මනෝවිද්‍යානුකූලව ප‍්‍රජාවන්ගේ මනස තුළට උත්පේ‍්‍රරණය විය. ඉන්පසුව, ඊට අදාළ මානසික තත්ත්වයන් හා හේතූන් තම මනස තුළ සකස් වන විටදී එහි ඵලය ලෙස වර්තමාන සමාජය තුළ සිදුවන්නා වූ සාපරාධී ක‍්‍රියාවන් දැක්විය හැක. ”හේතුව හා ඵලය” ලෙස බුදු දහමෙහි මෙම මනෝමය ක‍්‍රියාවලිය පැහැදිලි කර ඇත.

යුද ගැටුමේදී හා භීෂණ සමයේදී ටී. 56 ගිනි අවිය හා ජේ.ආර්. වර්ගයේ අත්බෝම්බය බෙහෙවින් භාවිතයට ගැනිණි. පිස්තෝලය හා රිවෝල්වරය විවිධ ඝාතනයන් සිදුකිරීම සඳහා යොදා ගැනිණි. මෙකී සියලූ ගැටුම් ඇතිවීමට හේතු පොදු හා සාමුහික ප‍්‍රශ්න හා අර්බුදයන්ය. එහිදී ඇතිවූ පුද්ගලික ප‍්‍රශ්න විසඳීම සඳහා ද අවි හා බෝම්බ යොදාගැනිණි. වත්මන් සමාජයේ පැන නගින දේශපාලන, ආර්ථික, සමාජීය යනාදී පුද්ගලික හා සාමූහික ප‍්‍රශ්න විසඳාගැනීම සඳහා ද ඇතැමුන් එකී අවි වර්ග හා බෝම්බ යොදාගැනීමට පෙළඹීම තුළින් හෙළිවන්නේ පෙර සඳහන් මානසික තත්ත්වයයි. මෙහි පවතින බරපතළකම වනුයේ එසේ ඇතිවන ”ඵලයන්” තවත් අය හට ”හේතුවක්” වීමය. ”අන්‍යෙන්‍ය රඳා පැවැත්ම” ලෙස හඳුන්වන මෙම මනෝමය සංසිද්ධිය, වර්තමානයේ සුලභව භාවිතයට ගන්නා ”රැල්ල” (ටෙ‍්‍රන්ඞ්) යන වචනයෙන් අර්ථ දැක්වෙන සමාජ බලපෑම හෝ තත්ත්වය ඇති කිරීමට හේතුව ලෙස තවදුරටත් පැහැදිලි කළ හැක.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු, පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර තිබූ රිවෝල්වරයක් නීතිවිරෝධි ලෙස භාවිතයට ගනිමින් සිදු කළ මුල් ඝාතනය ලෙස 1959 දී සිදු වූ එවක ”අගමැති ඝාතනය” දැක්විය හැක. එම වකවානුවේදී සිදු වූ කොළඹ තුරඟ තරග පිටියේ මුදල් මංකොල්ලය හෙවත් ”හාරලක්ෂ මංකොල්ලය” ප‍්‍රථම මංකොල්ලය ලෙස දැක්විය හැක. මෙහි විශේෂත්වය වූයේ මුදල් ප‍්‍රවාහනය කිරීමට යොදාගත් ටැක්සි රියදුරු (පුත්තලම -විල්පත්තු මාර්ගයේදී) ඝාතනය කිරීම සඳහා ”ගෑස් මුහුණු ආවරණයක්” යොදාගැනීමය. මංකොල්ලකෑම් හා ඝාතනයක් සඳහා ගිනි අවි එවක සමාජය තුළින් සොයාගැනීම පහසු දෙයක් නොවන බැව්ද, ඉන් තහවුරු වේ.

එවකට හමුදාවන් හා පොලීසිය සතුව ”303” රයිෆලය, එස්.එම්.ජී. යනුවෙන් හැඳින් වූ    ”උප යාන්ත‍්‍රික තුවක්කුව” හෙවත් ”ස්ටෙන්” මැෂින් තුවක්කුව හා රිවෝල්වරයද තිබුණි. 303 අවිය, වත්මන් අවිවලට වඩා බරින් හා දිගින් වැඩි ස්වයංක‍්‍රීය වර්ගයේ නොවූ අවියක් වූ අතර සැරයන්ට පහළ නිලයන් විසින් භාවිත කරනු ලැබූ අවියක් විය. ස්ටෙන් අවිය සැරයන්ගෙන් ඉහළ නිලයන් ද රිවෝල්වරය නිලධාරින්ගේ පුද්ගලික (ආරක්ෂක) අවියක් ලෙස ද භාවිතයට ගැනිණි. නිත්‍ය හමුදා නිලධාරින් සියල්ලම පාහේ රිවෝල්වරය වෙනුවට, පසුව පැමිණි ”බ‍්‍රවුනින්” වර්ගයේ පිස්තෝලය භාවිත කළහ. මෙහි විශේෂත්වය වූයේ මෙකී සියලූ අවි වර්ග හමුදාවේ හා පොලිිසියේ දැඩි අණ හා උපදෙස් හා ස්ථාවර නියෝගයනට අනුව පරිහරණය, නඩත්තුව, කළමනාකරණය වීමය. එහෙයින්, මෙකී අවි ආයුධ අස්ථානගත වීම, පැහැරගැනීම, සොරාගැනීම, කොල්ල කෑම් හා ඝාතනයන් සඳහා යොදාගැනීම යනාදී ක‍්‍රියා සිදු නොවීය. මීට එවකට සේවයේ සිටි නිලධාරින්ගේ සහ සෙසු නිලයන්ගේ යහපත් පවුල් පසුබිම හා ගුණාත්මක බව හේතු වී ඇති බවද පෙනේ. එසේම, එදා සමාජය තුළ පැවැති අපේක්ෂාවන් එදා තිබූ ආර්ථික හා සමාජ තත්ත්වයට අනුව ඉතා සීමිතය. එවැනි තත්ත්වයන් තුළ හමුදාවේ හා පොලිසියේ ගිනි අවි සාපරාධී ක‍්‍රියා කිරීම සඳහා යොදාගැනීමක් සිදු නොවිණි.

1971 වර්ෂයේදී ඇති වූ කැරැුල්ල ගිනි අවි නීති විරෝධී ලෙස සාමුහික වශයෙන් භාවිතයට ගත් පළමු අවස්ථාව විය. කැරලිකරුවන්ගේ පොදු අවිය එවකට ඇතැම් පුද්ගලයින් වෙත නිකුත් කර තිබූ බෝර 12 වර්ගයේ ”තනි කාණු” හා ”ද්වි කාණු” වර්ගයේ තුවක්කුව විය. ඔවුන් පොලිසිය ඉලක්ක කොට ගෙන දියත් කළ මුල් ප‍්‍රහාරයන් මගින් 303 වර්ගයේ රයිෆල්, ස්ටෙන් අවි හා රිවෝල්වර් කිහිපයක් පැහැරගත් බව වාර්තා විණි. කැරැුල්ල මැඩපැවැත්වීම පිණිස කරනු ලැබූ හමුදා මෙහෙයුම් වලදී ඉන් සමහරක් නැවත සොයාගත් බවට වාර්තා වුවද ඉතිරි අවි වලට කුමක් වූවාදැයි කිසිවකු නොදනී.

1971 කැරැුල්ලෙන් පසුව, සාමාන්‍ය මිනීමැරුම් හා මංකොල්ලකෑම් සිදු විය. නමුත් ඒ කිසිවක් සඳහා, 71 කැරැුල්ලේදී භාවිතයට ගත් හෝ පැහැරගත් හෝ අස්ථානගත වූ හෝ අවි යොදාගත් බවට වාර්තා නොවිණි. ලංකා ඉතිහාසයේ මිනීමැරුම් හා මංකොල්ලකෑම් සඳහා පොලිසියට අවශ්‍යව සිට ප‍්‍රසිද්ධියට පත් වූ කිහිපදෙනෙක් සිටී. ඒ බි‍්‍රතාන්‍ය පාලන සමයේ සිටි උතුවන්කන්දේ සරදියෙල්, අනුරාධපුරයේ සිරිපාල හෙවත්         ”මරුසිරා”, මරදන්කඩවල යකඩයා හා ”කළු ඇල්බට්” යන නමින් හැඳින්වූ පුද්ගලයින්ය. මොවුන්ගෙන් පළමු තිදෙනා විසින් බෝර තුවක්කුව ද හතරවැන්නා විසින් 38 රිවෝලරවය ද භාවිතයට ගන්නා ලදී. එම අවි පුද්ගලයින්ගෙන් පැහැරගත් ඒවා විය.

බෙදුම්වාදී අරගලයේ සන්නද්ධ නැගිටීමත් සමග ශ්‍රී ලංකාව නව ගිනි අවි සංස්කෘතියකට යොමු විය. 1974 වර්ෂයේදී, සිව කුමාර් නමැත්තා කෝපායි බැංකුව මංකොල්ලකෑම සඳහා රිවෝල්වරයක් යොදාගත්තේය. එහිදී ඔහු පොලිසියට හසු වීමට යාමේදී ”සයනයිඞ්” කා මිය ගියේය. 1975 වර්ෂයේදී එවකට නගරාධිපති දොරේඅප්පා ඝාතනය කිරීම සඳහා යොදාගත්තේද රිවෝලරයකි. ඉන්පසු 1976 දී පුතූර් බැංකුවද 1977 දී මනිපායි බැංකුවද 1978 දී තිරුණවේලි බැංකුවද 1981 දී කිළිනොච්චි බැංකුවද කොල්ලකෑමට ලක් විණි. එසේම, 1981 දී බැංකු මුදල් රැුගෙන යමින් සිටියදී නිර්වේලිහිදී මංකොල්ලයට ගොදුරු විය. මෙකී මංකොල්ලයන් සඳහා යොදාගත් අවි පිස්තෝලයේ සිට 303 රයිෆලය හා එස්.එම්.ජී. දක්වා වර්ධනය වූයේ සන්නද්ධ කල්ලි විසින් විටින් විට සිදු කළ ප‍්‍රහාරයන් මගින් පැහැරගත් අවි උපයෝගි කරගනිමිනි. මෙහිදී, එල්.ටී.ටී.ඊය විසින් 1978 වර්ෂයේදී පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ ඇතුළු පිරිස ඝාතනය කර ලබාගත් අවි හා ටෙලෝ සංවිධානය විසින් 1981 වර්ෂයේදී අනාකොට්ටේ පොලිසිය වෙත එල්ල කළ ප‍්‍රහාරයේදී පැහැරගත් අවිද යොදා ගැනුණි.


 

1981 වර්ෂය වන විට හමුදාව විසින් පුද්ගලික අවිය ලෙස අවි වර්ග තුනක් භාවිතයට ගන්නා ලදී. මින් පළමුවැන්න පැරණි 303 අවිය වූ අතර දෙවැන්න 71 කැරැුල්ල මැඩපැවැත්වීම සඳහා ආනයනය කරන ලද 7.62 අර්ධ ස්වයංක‍්‍රීය අවිය විය. මෙහි තෙවැනි අවිය වූයේ ටී. 56 අවියයි. 1981 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ.ය කොන්ඩාවිල්හිදී (හමුදාවට) එල්ල කළ ප‍්‍රථම ප‍්‍රහාරයේදී 303 රයිෆලයක් ද 1981 වර්ෂයේදී ප්ලොට් සංවිධානය කුරිකඞ්ඩුවාන්හිදී එල්ල කළ ප‍්‍රහාරයේදී එස්.එල්.ආර්. අවියක් ද 1982 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ.ය කන්දරමඩහිදී එල්ල කළ ප‍්‍රහාරයේදී ටී. 56 අවියක්ද  පළමු වරට පැහැරගන්නා ලදී. මෙලෙස සන්නද්ධ කණ්ඩායම්හි වර්ධනය වීමත් සමග හමුදාව හා පොලිසිය ඉලක්ක කොට ගත් ප‍්‍රහාරයන් උත්සන්න විය. පැහැර ගනු ලැබූ අවි සංඛ්‍යාවද ඒ අනුව ඉහළ ගියේය. 1987 වර්ෂය වන විට උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශයන්හි ගිනි අවිය හා එහි භාවිතය සාමාන්‍ය දසුනක් විය. සන්නද්ධ හමුදාවන්ට හා පොලිසියට මෙන්ම සන්නද්ධ කණ්ඩායම්වලද සංඛ්‍යාත්මක අගය ඉහළ යාම ඊට හේතුව විය.

1987 වර්ෂය අවසන් භාගයේදී හටගත් භීෂණය ලාංකික ඉතිහාසයේ ගිනි අවි සංස්කෘතියට තවත් අලූත් පරිච්ෙඡ්දයක් එක් කෙරිණි. මිනිස් ජීවිතයක් සතු වටිනාකම ඉතාම පහත් තත්ත්වයකට ඇද දැමූ යුගයක් ඉන් උදා විය. ඉන් ඇති කළ බලපෑම වර්තමානයටද රැුගෙන විත් ඇත. භීෂණ සමයේදී දහස් ගණනකගේ ජීවිත අහිමි වීම හා ඉන් ඇති කළ බලපෑමෙන් අඛණ්ඩව පරිහාණිය කරා යමින් සිටින එකම ජන වර්ගය සිංහල ප‍්‍රජාව වීම මෙහි පවතින විශේෂත්වයයි. බෙදුම්වාදී අරගලය දමිළ ප‍්‍රජාව තුළින් හටගත්තද, ඉන් අති විශාල වශයෙන් ගිනි අවි එකී සමාජය තුළ සංසරණය සිදු වූවද, එම අවි පෞද්ගලික පළිගැනීම, පුද්ගල ඝාතන, සොරකම් හා මංකොල්ලකෑම් යනාදිය සඳහා යොදාගැනීම් වාර්තා නොවූ තරමටය.

ගිනි අවි හා බෝම්බ සංස්කෘතිය වත්මන් සිහළ ප‍්‍රජාව තුළට රැුගෙන ඒමේ ආරම්භක සිදුවීම 1987 වර්ෂයේදී සිදු විය. ඒ හමුදාව විසින් භාවිතයට ගනු ලැබූ ජේ.ආර්. වර්ගයේ බෝම්බයක් පාර්ලිමේන්තුව තුළදී දේශපාලනඥයින් කිහිපදෙනකු ඝාතනය කිරීම පිණිස යොදාගැනීම හා ටී 56 ගිනි අවියක් භාවිත කර එවකට එ.ජා.ප. මහලේකම් හර්ෂ අබේවර්ධන හා සහකාර පොලිස් අධිකාරි ටෙරන්ස් ගුණවර්ධන ඝාතනය කිරීම යනාදි සිදුවීම්ය. එදා සිදු කළ එකී සියලූ ඝාතනයන් සඳහා (ටේ‍්‍රලර් වර්ගයේ) යතුරුපැදිය යොදා ගැනිණි. ඉන් ලබාදුන් මනෝවිද්‍යාත්මක උත්තේජනය අදටත් ක‍්‍රියාකාරීය. ටී 56 ගිනි අවිය, බෝම්බය, පිස්තෝලය හා රිවෝල්වරය හා යතුරුපැදිය මෙලෙස ආරම්භ වූ ඝාතන සංස්කෘතියේ ප‍්‍රධාන අංගයන් බවට පත් විය. ඉන් ඇරඹි මෙකී සංස්කෘතිය මුදල්, මැණික්, රත්ත‍්‍රන්, ස්වර්ණාභරණ හා නිදන් වස්තු යනාදිය කොල්ලකෑම දක්වා වර්ධනය විය. මේ සඳහා යොමු වූ අය ගෙන් කොටසක් ආරක්ෂක සේවාවල පැන ගිය අයවලූන් වීමද ඇතැමෙක් සේවය කරන අය වීමද කිහිපදෙනකු සේවයෙන් ඉවත් වූ අය විමද විශේෂත්වයකි. එසේම, භීෂණ සමයේදී හමුදා සේවයේ යෙදී සිටි ඇතැම් සෙබළු තම අවි සමගින් පැන ගියහ. ඇතැමෙක් අවි පැහැරගැනීම සඳහා එකී භීෂණකාරින් වෙතම සහාය දුන්හ.

කෙසේ වුවද, ආරක්ෂක අංශ සාමාජිකයින් හට නිකුත් කර තිබූ ගිනි අවි නීති විරෝධී ක‍්‍රියාවන් සඳහා යොදාවාගැනීම පළමු වරට වාර්තා වූයේ එවකට සිටි ග‍්‍රාම ආරක්ෂක භටයින්ගෙනි. බෝර 12 ”රිපීටර්” තුවක්කුව ඔවුන්ගේ පුද්ගලික අවිය විණි. 1985 වර්ෂයේදී ග‍්‍රාම ආරක්ෂක සංකල්පය බලගැන්වූ අතර අදාළ අවිද ඒ අනුව නිකුත් කෙරිණි. වර්ෂයක කාලයක් පිරීමට හෝ ප‍්‍රථම ඇතැමෙක් තම අවි විවිධ නීති විරෝධී ක‍්‍රියාවන් සිදු කිරීම සඳහා යොදවා ගත්හ. පුද්ගලික පළිගැනීම්, ආරවුල් විසඳීම්, තර්ජනය කිරීම්, සීමිත කොල්ලකෑම්, පුද්ගල පැහැරගැනීම්, සතුන් දඩයම් කිරීම, අවිය කුළියට හෝ අන් අයට පරිහරණය කිරීමට ඉඩ දීම් වැනි නීතිවිරෝධී ක‍්‍රියා රැුසක් ඔවුන්ගෙන් ඇතැමෙක් විසින් සිදු කරන ලදී. මෙය අන් ආරක්ෂක අංශ සාමාජිකයින් හට උත්තේජනයක් මෙන්ම පූර්විකාවක් විය. වර්තමානයේ වුවද, ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයින් පෙර සඳහන් ක‍්‍රියාවන් සිදුකිරීම සඳහා පෙළඹීම ඇතිවන්නේ ද එකී සංසිද්ධියේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

අතීතයේ, එනම් 1987 වර්ෂයේ සිට ටී 56 අවිය ඝාතනයන් සඳහා යොදාගත් විශේෂිත වූ අවියක් විය. මෙම අවියේ කඳ නැමිය හැකි වර්ගය මීට යොදා ගනී. සැහැල්ලූ බව, පහසුවෙන් රැුගෙන යාමට හැකි වීම, මාරාන්තික ප‍්‍රතිඵල ගෙනදීමට ඇති හැකියාව, පහසුවෙන් අදාළ අවිය හා උණ්ඩ ලබාගැනීමට හැකි වීම යනාදි වාසිදායක කරුණු කිහිපයක් හේතුවෙන් මෙම අවිය ඝාතනයන් සඳහා බහුලව යොදාගනී. මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමාවූ තත්ත්වයක් ද නොවේ. ටී. 56 අවියට අමතරව වෙනත් අවිද සමාජය තුළ රහසිගතව සංසරණය වෙමින් හෝ රහසිගතව සඟවා හෝ තිබිය හැක. එස්.එම්.එජී. ස්ටෙන් අවිය, එම් 16, ටී 81, ජී 3, සාර් 80, එෆ්.එන්.සී. එච්.කේ. යනාදි අවිද බ‍්‍රව්නින් හා චීන වර්ගයේ පිස්තෝල වර්ගයන් හා රිවෝල්වර් වර්ගයන්ද මින් ප‍්‍රධාන වේ. මෙකී සියලූ අවි හා පිස්තෝල හා රිවෝල්වර් වර්ගයන් විටින් විට විවිධ තත්ත්වයන් යටතේ සමාජයට ගලා ඒම සිදුවිණි.

ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී ලෙස ගිනි අවි සංසරණය බෙදුම්වාදී සන්නද්ධ අරගලය ක‍්‍රමයෙන් නැගී සිටීමත් සමග ආරම්භ විය. මින් උතුරු හා නැගෙහනිර ප‍්‍රදේශයේ සිට දකුණු ප‍්‍රදේශයට අවි රහසිගතව ප‍්‍රවාහනය වීම 1984 වර්ෂයේ සිට සිදුවිය. 1984 නොවැම්බර් 10 දින පිදුරුතලාගල රූපවාහිනී කුළුණට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ය විසින් ගිනි අවි යොදාගනු ලැබීම මීට සාක්ෂියකි. එසේම, ආරක්ෂක අංශයන් හට හසු නොවූ එල්.ටී.ටී.ඊ. විසින් දකුණේ විවිධ ප‍්‍රහාරයන් සිදුකිරීම සඳහා යොදා ගනු ලැබූ ගිනි අවි ගණන කොපමණ ද ඒවාට කුමක් වීද යනාදි කිසිවක් මේ දක්වා කිසිවෙකුත් නොදනී.

එල්.ටී.ටී.ඊ.ට අමතරව, එදා සිටි අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වල සිටි සාමාජිකයින්ද විටින් විට ගිනි අවි රහසිගතව කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කර විවිධ පාතාල සාමාජිකයින් හා කල්ලි වලට අලෙවි කළහ. ඒවා අදටත් භාවිතයේ තිබිය හැක. 90 දශකය ආරම්භ වීමත් සමග ඇතිවූ උග‍්‍ර යුද සටන් හේතුවෙන් හමුදාවන් පුළුල්වීම හා ප‍්‍රතිසංවිධානය වීම ඇරඹිණි. නිලධාරින් හා සෙබළුන්, කඩිනමින් හමුදාවන්ට බඳවාගත් නිසා බහුතරයකගේ පවුල් පසුතලය හා චරිතය මැන බැලීමට අවස්ථාවක් නොතිබිණි. මේ හේතුවෙන්, ඇතැමෙක් විවිධ පෞද්ගලික දුෂ්කරතාවයන් හේතුවෙන් සේවය අතහැර පැන ගියහ. මින් සමහරෙක්, තමන් වෙත නිකුත් කර තිබූ අවියද රැගෙන පැන ගියහ. මෙවැනි සිදුවීම් බොහෝමයක්ම පාහේ එවකට වාර්තා වූයේ උතුරු හා නැගෙනහිර ක‍්‍රියාන්විත ප‍්‍රදේශයන් වෙත භූමි මාර්ගයෙන් ගමන් කිරීමට හැකි වූ ප‍්‍රදේශයන්හි සේවය කරමින් සිටි ඒකකයන් වෙතිනි. යාපන අර්ධද්වීපය, කිළිනොච්චි, අලිමංකඩ, මුලතිව් වැනි ප‍්‍රදේශයන් හා කඳවුරු, දකුණු ප‍්‍රදේශය හා ගුවනින් හා මුහුදින් පමණක් සම්බන්ධ වීම හේතුවෙන් රහසිගතව හා අනුමැතියකින් තොරව අවි රැුගෙනයාම පෙර සඳහන් ප‍්‍රදේශවල මෙන් කිසිසේත්ම පහසු නොවීය.

එසේම, ප‍්‍රහාරයන්හිදී නැති වූ හෝ අස්ථානගත වූ හෝ පැහැරගත් හෝ අල්ලාගත් හෝ අවි ආයුධ උසස් මූලස්ථාන වෙත ඉදිරිපත් කිරීමේදී එය නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් පිස්තෝල වර්ග හා සැහැල්ලූ ස්වයක‍්‍රීය වර්ගයේ හුරුබුහුටි කුඩා අවි විවිධ අයුරින් දකුණු ප‍්‍රදේශයෙට රැුගෙන ආ අවස්ථාවන්ද වාර්තා වී තිබේ. ඇතැමෙක් ඒවා සිහිවටන ලෙස ද, ඇතැමෙක් ඒවා තම පුද්ගලික ආරක්ෂාව පිණිස ද තවත් අයකු ඒවා විවිධ නීති විරෝධී කි‍්‍රයාවන් සඳහා හා අලෙවි කිරීමේ අටියෙන්ද රැුගෙන විත් ඇත. පෙර සඳහන් යුද හමුදා පනතේ අංක 115ට අනුව අත්පත් කරගත් අවි පිළිබඳව නොකියවේ. එහෙත් එය අදාළ ක‍්‍රියාන්විත ප‍්‍රදේශයේ ”ගැරිසන් මූලස්ථාන අණ හා උපදෙස්” අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

හමුදා පුහුණුවීම් හා අභ්‍යාසයන්හිදී ජීව පතරොම් හා බෝම්බ නිසි පරිදි ගණනය කර භාවිතයට ගැනීම හා භාවිතයෙන් පසු හිස් කොපු හා බෝම්බයේ ආරක්ෂිත මුද්ද හා ඇණය නැවත බාරදීම, ස්ථාවර නියෝගයන්ට අනුව අනිවාර්යය. එයින්, ඒවා නීති විරෝධී ලෙස ළඟ තබාගැනීම වැනි වරදවල් කිරීමට නිලධාරින් හා සෙසු නිලයන් පෙළඹීම වළකාලයි. එහෙත්, යුද ගැටුම් උත්සන්න වීමත් සමගම මෙකී ක‍්‍රියා පිළිවෙත් සියල්ලම පාහේ ප‍්‍රායෝගික නොවූ හෙයින්ද, ප‍්‍රායෝගිකව වූ අවස්ථාවන්හිදී ඒවා නොසලකා හැරීමෙන්ද සිදුවූයේ පෙර සඳහන් වරදවල් කිරීමට ඉඩ හැරීමකි.

සමාජය තුළට ගිනි අවි ගලා ඒමේ තවත් ප‍්‍රධාන ප‍්‍රවාහයක් වූයේ, දේශපාලකයින්ගේ ආරක්ෂාවට නිකුත් කරන ලද අවි හා පතරොම්ය.

දේශපාලකයින්ගේ ආරක්ෂාව සඳහා අවි නිකුත් කිරීමට එදා ඇති වූ භීෂණය හේතු විය. කිසිදු පාලනයකින් හා අධීක්ෂණයකින් තොරව ක‍්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ අනුගාමිකයන් හට අවි දරමින් ආරක්ෂකයින් ලෙස පෙනී සිටීමට අවස්ථාව ලැබුණි. මින් බහුතරයක් හට ඉතා කෙටිකාලීන අවි පුහුණුවක් ලැබුණ ද ඔවුන් අවි පරිහරණය පිළිබඳ නිපුණත්වය ලද අය නොවීය. අවි නිපුණත්වය සමග ගොඩනැගිය යුතු අනෙක් සාධකයන් වනුයේ විනය, ආරක්ෂාව, දැනුම හා බුද්ධියයි. මෙකී වටිනාකම්වලින් ඔවුහූ සන්නද්ධ නොවූ හෙයින් ඔවුන්ගේන් බහුතරයක් තම අවි විවිධ නීති විරෝධී හා සාපරාධී ක‍්‍රියාවන් සඳහා යෙදවූහ. එපමණක් නොව, එවක ආණ්ඩුවේ අනුදැනුම මත භීෂණකාරීන් පමණක් නොව තම දේශපාලන විරුද්ධවාදීන් ද ඝාතනය කිරීම සඳහා ඇතිකළ ”ඝාතන කල්ලි” වෙත නිකුත් කරන ලද අවිද පසු කලෙක සමාජයේ සාපරාධී ක‍්‍රියා සිදුකිරීම සඳහා යොදා ගැණිනි. එලෙස, නිකුත් කරන ලද අවි කොපමණ ද ඒවායින් කොපමණක් නැවත භාර ගැනීමට හැකිවුණාද යන විස්තර පිළිබඳව නිවැරදිව දන්නා අයකු වර්තමානයේ සිටීද යන්න ප‍්‍රශ්නයකි.

නීති විරෝධී අන්දමින් මෙරටට අවි ආනයනය හෝ ප‍්‍රවාහනය කිරීම ජාවාරමකි. බොහෝ විට මෙම අවි මුහුදු මගින් රැුගෙන එයි. කල්පිටිය-හලාවත මුහුදු ප‍්‍රදේශ මීට ප‍්‍රසිද්ධය. මෙලෙස රැුගෙන එන අවි ඉතා සැහැල්ලූ, නවීන හා ස්වයංක‍්‍රීය වර්ගයේ කුඩා අවි වේ. විවිධ පිස්තෝලවර්ග මෙම ගණයට ගැනේ. මෙකී අවි බොහොමයක් ධනවතුන් උදෙසා ඉහළ මිලකට ගෙන එන ඒවාය. කෙසේ වුවද, ඇතැම් කුඩා සැහැල්ලූ අවි කුඩා කොටස් වලට ගැලවීමෙන් පසු ඒවායේ එක් එක් කොටසේ අනන්‍යතාව හෙළි නොවන පරිදි තම ගමන් මලූ වල අසුරා ගුවනින් වුවද ප‍්‍රවාහනය කළ හැක.

ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස සැහැල්ලූ ගිනි අවි හා අත්බෝම්බ භාවිතයෙන් සිදුවන සාපරාධී ක‍්‍රියා හා සියදිවි නසා ගැනීම් මුලිනුපුටා දැමීම පිණිස ජාතික වශයෙන් වැඩසටහනක් ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. ඊට ”ලියකියවිලි සම්පාදනය” ඉතා වැදගත්ය. අවි ආනයනය, අවි අංක අනුව ලියාපදිංචි කිරීම හා ලැයිස්තුගත කිරීම, නිකුත් කිරීම, අලාභහානි වූ නැති වූ විනාශ කර දැමූ යනාදි වශයෙන් වර්ගීකරණයට අනුව තොරතුරු හා දත්ත සැකසීම හා ඒවා අධීක්ෂණය කිරීම යනාදිය මින් සිදුවිය යුතු වේ. ආරක්ෂක අංශ සතු ගිනි අවි අස්ථානගත වීම හා ඒවා නීත්‍යානුකූල නොවන ලෙස භාවිතයට ගැනීම හෝ ඉවත් කිරීම යනාදිය වැළැක්වීම සඳහා පෙර තිබූ ස්ථාවර නියෝගයක් වර්තමානයට ගැලපෙන පරිදි සකසා එය බලාත්මක කිරීම මෙහි තවත් පියවරකි. ඒ සමගම, නීති විරෝධී අවි ආනයනය හා අවි සංසරණය වැළැක්වීම සහ සොයා නොගත් අවි සොයාගැනීම සඳහා වැඩසටහනක් ද මේ සඳහා අවැසිය. අවි හා බෝම්බ යොදාගනිමින් පුද්ගල ඝාතන හා මංකොල්ලකෑම් සිදු කිරීම සමාජයෙන් තුරන් කිරීම අරමුණු කොටගත් ”මනෝවිද්‍යාත්මක හා අධ්‍යාත්මික” වැඩසටහන් ද ඊට සමගාමී ”මානව සංවර්ධන” වැඩසටහන් ද ආරක්ෂක සේවය අතහැර ගොස් සිටිනා සියලූ අය හට පොදු සමාවක් දී නීත්‍යානුකූල ලෙස ඔවුන් සේවයෙන් ඉවත් කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ද මේ සඳහා ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුට අනුව 2003 වර්ෂයේදී හමුදාවලින් පලා යන පුද්ගලයන් විසින් අවි 30,000කට සමීප සංඛ්‍යාවක් රැගෙන යන්නට ඇත. ප‍්‍රකාශිත ආකාරයට සන්නද්ධ සේවා සඳහා අලූතෙන් බඳවාගත් විශාල පිරිසක් හමුදා අත්හැර පලා ගිය අතර තමන්ට නිකුත් කොට තිබූ ආයුධ භාවිතාකළ මොවුහු ගැටුම් ප‍්‍රදේශවලින් පිටතදී බරපතළ අපරාධ සිදු කළහ. එපමණක් නොව, මොවුන් පාතාල අපරාධකරුවන් ලෙස පොදුවේ හඳුන්වන අපරාධ සංවිධාන සමග සහයෝගයෙන් හෝ ඒවාට එක් වී හෝ ක‍්‍රියා කර ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය විය. පොලිසිය ඇස්තමේන්තු කරන ආකාරයට, චීනයේ නිෂ්පාදිත ටී 56 ස්වයංක‍්‍රීය රයිෆල්, මි.මී. 9 පිස්තෝල සහ අත්බෝම්බ නිශ්චිත නොකරන ලද සංඛ්‍යාවක් වැනි අවි විශාල ප‍්‍රමාණයක් මෙම පලා යන්නන් සතුව ඇති අතර ඔවුහු ඒවා මත්ද්‍රව්‍ය සම්බන්ධ කටයුතු, කුලියට මිනී මැරීම, මංකොල්ලකෑම සහ සොරකම් ආදියට යොදා ගනිති.

 



අදහස් (0)

ජන සමාජයට ආයුධ ලැබුණු හැටි

අමිල සිංග Monday, 30 June 2014 02:59 PM

මෙය ජාතික මට්ටමේ ඉතා වැදගත් වාර්තාවකි. ලංකාවේ දශක ගානක සමාජ පෙරළිය නුපුරුදු කෝනයකින් අර්ථ දැක්වීමකි. (දිල්)

:       0       0

ප්‍රසන්න කුමාර Thursday, 03 July 2014 09:06 PM

හොඳ ප්‍රවෘත්තියක් (නදී)

:       0       0

සෑම් Tuesday, 24 June 2014 04:21 PM

මතක ඇති කාලෙකින් කියවපු වැදගත් ලිපියක්.ලංකාවට වෙලා තියන දේ ගැන නියම පැහැදිලි කිරීමක් මේ ලිපියේ අඩංගුයි. (ස)

:       0       0

පාලිත Friday, 27 June 2014 04:00 PM

තව ඉස්සරහට ඔයිට වැඩි වෙනවා සමාජ පරිහානිය (දී)

:       0       0

ඉන්දික Thursday, 26 June 2014 02:39 PM

මම කියවපු හොඳම ලිපිය මේ සතියට. සුසන්ත මහත්මයාගේ ලිපි කියවන්න ආසයි. ගොඩක් විස්තර උදාහරණ සමග විග්‍රහ කරලා තියනවා. ගොඩක් ස්තුතියි ලංකාදීප පත්තරේට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1103 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4579 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 414 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site