පිරිසුදු බව, කෘතවේදීත්වය, සෞභාග්‍ය, සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරණ උත්සවයකි. තෛපොංගල් උත්සවයේ සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ඇත. එම සමාජ විද්‍යාත්මක පැත්ත විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි.
සමාජයෙන් මතු වූ ජනවහර
“තෛපිරන්දාල් වලි පිරක්කුම්” මෙය දෙමළ ජනවහරෙහි එන සුප්‍රසිද්ධ ප්‍රස්ථාව පිරුළකි. සාමාන්‍යයෙන් ප්‍රස්ථාව පිරුළු මතුවන්නේද ජනයා තුළිනි. දෙමළ ජනසමාජය තෛ යනුවෙන් හැඳින්වූයේ දුරුතු මාසයයි. “පිරන්දාල්” යන්න ඉපදීම නොහොත් උදාවීම වේ. මෙහිදී “වලි” යනුවෙන් හැඳින්වූයේ “මාවත” පාර යන අර්ථ දේ. “පිරක්කුම්” යනු ඉපදේවි, උදාවේවි, “විවරවේ” යනුවෙන් අදහස් කෙරේ. සම්පූර්ණයෙන් මෙය සිංහලයට නැගූ විට අර්ථය නම් “දුරුත්ත ලැබූවිට මාවත විවර වේ” යනුවෙන් අර්ථවත් වේ. එදා සිට අද දක්වාම මෙම අදහස දෙමළ ජනසමාජයේ කිඳා බැස වර්ෂය මුලදී මෙවැනි අදහසක් මහ ජනතාව වෙතින් නැගෙන්නේ එදා ජනතාවගේ ධනාත්මක චින්තනය හැටියට පෙන්වා දිය හැකිය. තෛපොංගල්වල එක් කරුණක් වන්නේ ජීවිතයට අරුත ගෙන දීමයි. මෙම ප්‍රශ්නයට ඉහතින් සඳහන් කළ පිරුළ එය අර්ථවත් කරන බව පෙනේ.
කෘතවේදීත්වය
ඕනෑම අයෙකුට උපකාරයක් කළහොත් එයට උපකාර ලබන්නා කෘතවේදීත්වය දැක්වීම මනුෂ්‍ය සාරධර්මයකි. තෛපොංගල් දිනයේදී එක් පරමාර්ථයක් වනුයේ කෘතවේදීත්වය දැක්වීමයි. දෙමළ හින්දු ජනයා මෙසේ කෘතවේදී වන්නේ ස්වභාව ධර්මයට, සූර්යයාට සහ ගොවිතැනට උපකාරිවන සතාසිව්පාවන්ටය. මේ සම්බන්ධයෙන් දෙමළ ජනවහරේ ප්‍රසිද්ධ ප්‍රස්තාව පිරුළක් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රස්ථාව පිරුළ වන්නේ, “උන්ඩි්‍රකොඩුත්තෝරේ උයිර් කොඩුත්තෝර්” මෙයින් අදහස් වන්නේ “යමක් යමෙකුට උපුටා දෙන්නේ නම් ඔවුන් පණ දුන් හා සමාන වන බවය”.
මෙම ප්‍රස්ථා පිරුළ සමාජ විද්‍යාත්මකව විග්‍රහ කළහොත් යමක් යමෙකුට දෙන්නේ නැති බැරි අවස්ථාවලදීය. බඩගින්නේ ඉන්න අයෙකුට කෑම දීමෙන් ඔහුගේ ගින්න නිවේ. මෙම අදහසට අනුව එදා ජනතාවගෙන් මෙම ප්‍රස්ථාව පිරුළ නිර්මාණය වූවා යැයි සිතිය හැකිය. තවද භව භෝගවලින් සියලුම මිනිස් වර්ගයම ජීවිතයට රැකගැනීම ආහාර ලැබේ. මෙම ආහාර නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් හිරු උපකාරි වේ. මේ නිසා සූර්ය දිව්‍යරාජයාණන්ට කිරි උතුරුවා අද පූජා කොට එකල දෙමළ හින්දු ජනතාව කෘතවේදීත්වය පළකර සිටිති. දින හතරකින් යුත් තෛපොංගල්වල ප්‍රථම දිනය සූර්ය දිව්‍යරාජයාණන් උදෙසා පුද පූජා, කිරි ඉතිරවීම් කිරීම දෙමළ ජනතාවගේ සිරිතය. ඊළඟ දෙවන දිනයේදී පට්ටිපොංගල් යනුවෙන් හඳුන්වනු ලබන සතාසිව්පාවන්ට කෘතවේදීත්වය පල කරනු ලබන දිනයකි.
පට්ටිපොංගල්
පට්ටිපොංගල් යනුවෙන් හඳුන්වන්නේ ගොවියන්ගේ ගොවිතැනට උදව් උපකාර කරන සියලුම සතාසිවුපාවුන්ට කෘතවේදීත්වය දැක්වීම මෙහිදී පෙන්වා දිය හැකිය. දකුණු ඉන්දියානු සුප්‍රසිද්ධ කවියෙකු වන කවිංජන් කන්නදාසන් එළදෙනකු පිළිබඳ තම කවියට මෙසේ නගයි.
“සත්‍යම් නීයේ
ධර්ම තායේ
කුලන්දෛ වඩිවේ
දෙයිව මහලේ”
මෙහි සිංහල තේරුම මෙසේ වේ.
“සත්‍යයය නුඹමයි
ධර්මයේ මමමයි
ළදරුවෙකු විලසින්
දෙවි දුවක් වේ”
මෙම කවියෙන් ඔහු කියාපෑමට උත්සාහ ගෙන ඇත්තේ එළ හරකෙකුට ඇති භක්තිය නොවේද? එළ හරකුන් සීසෑමට ගොන් නාම්බන් ලබා දෙනවා පමණක් නොව සියලුම පස්ගෝරසය ලබා දෙන්නේ එළදෙනය. මේ නිසා උන්ට කෘතවේදීවීමට දෙමළ හින්දු ජනයා අමතක නොකරති. මෙම කෘතිවේදී පුද පූජාවේදී ඔවුන් මුලින්ම හරක්පට්ටි, එළුපට්ටි සුද්ධ පවිත්‍ර කොට එම පට්ටිවල ගොමමැටි පිරියම් කොට එම පට්ටිය ඉදිරිපස තැනක කෝලම් රටා දමා පට්ටිය වටේට ගොක්කොළවලින් ද සරසා එහි ලිපක් සාදා එය මොලවා කිරි උතුරවා කිරිබතක් පිස ප්‍රථමයෙන් දෙවියන්ට පුදන්නේය. ඊට පසු තමන්ගේ ගොවිතැනට උපකාරිවන හරකුන්ට කවා ඔවුන්ව සතුටු කරනු ලැබේ.
මෙම කිරිබත කැවීමට පෙර සියලුම ගවයන් නහවා පිරිසුදු කිරීමද සිදුකරනු ලැබේ. ඊට පසු උන්ගේ අං නොයෙක් වර්ණවලින් ආලේපිත කර අලංකාර කරනු ලැබේ. මෙම දිනය සත්‍යවශයෙන්ම ගොවිතැනට උදව් උපකාර කරනු ලබන සතුන්ට කෘතවේදීත්වය පුදකරන දිනය වේ.
දෙමළ සාහිත්‍යයේ තෛපොංගල්
දෙමළ සාහිත්‍ය ලොව අනාදිමත් කාලයක සිට පෝෂණය වූවෙකි. මෙම සාහිත්‍යයේ පත්තුපාඩල් යන කෘතියට ඇත්තේ සුවිශේෂි වූ තැනකි. මෙම කෘතියේ එන එක්තරා කාව්‍ය කාණ්ඩයක මෙසේ සඳහන් වේ.
“උලහම් උවප්පවලන් ඒර්පු තිරුතරු පලර් පුනල්යිරු”
මෙහි තේරුම වන්නේ ලෝකය පැවතීම සඳහා සූර්ය ශක්තිය ලබා දෙමින් වැජඹේ යන්නය. මෙයින් කියැවෙන්නේ සූර්යා නොමැති කලට සියලුම ජීව රාශිවලට පැවැත්මක් නොමැති බවය.
දෙමළ සාහිත්‍යයේ එන තවත් කෘතියකි. “තිරුමුරු කට්ටෘප්පාඩෛල්” මෙම කෘතිය තෛපොංගල් ගැන මෙසේ සඳහන් කරයි.
“ඥායිරු උදයමාකුවදෛ මක්කල් මහල්ච්චියුඩන් වරවේට්කින්රනර්, අවන් වරුකෛ උලකත්තන් ජීවරාගිකල් අනෙත්තුම් ආනන්දත්තෛ කොන්ඩාඩුකින්රණ”
මෙහි තේරුම වන්නේ සූර්ය උදාව ජනතාව ආනන්දයෙන් පිළිගනිති. ඔහුගේ පැමිණීම ලොව සියලුම ජීවීන්ට සතුටක් ඇතිකරගෙන එම සතුට උත්සවාකාරයෙන් සමරණ බවය.
තවද වර්තමාන බොහෝ කවීන් මෙම තෛපොංගල්වල සමාජ විද්‍යාත්මක පැත්ත පෙන්වා දීමට කාව්‍ය, ගීත නිර්මාණය වී ඇත. දකුණු ඉන්දියානු කවියෙකු වන ගීත රචකයෙකු වන කන්නදාසන්, එක්තරා ගීතයක මෙසේ කියයි.
“ඒර් මුනෛක්කු නේර් ඉංගේ එදුවූවේ ඉල්ලෛ” යන්නයි.
මෙහිදී “ඒර්” යන්නෙන් අදහස් කරන්නේ ‘නඟුල’යි. “මුනෛ” යනු ‘නඟුලෙහි කෙළවරයි’. මෙම නඟුලෙහි කෙළවරට වඩා කිසිවක් නොමැති බව ඔහු පෙන්වා දෙයි. එනම් නඟුලෙන් සී නොසානවා නම් අස්වැන්නක් ලැබෙන්නේ නොමැති බව මෙම ගීතය පෙන්වා දෙයි.
දකුණු ඉන්දියාවේ ප්‍රබලතම කවියා වන්නේ “මහා කවි භාරදියාර්ය” ඔහු විසින් නොයෙක් අවස්ථාවල තෛපොංගල් උත්සවය ගැන තම කාව්‍ය නිර්මාණවල සඳහන් කර ඇති අවස්ථාවක් මෙසේ පෙන්වා දිය හැකිය.
“උළවුක්කුම් තොළිලුක්කුම් වන්දනෛ සෙයිවෝම් - විනිල් උණ්ඩු කලත්තිරුප්පොරෙ නින්දනෛ සෙයිවෝම්”
“සීසෑමටත් රැකියාවටත් වන්දනා කරමු. අප, එයට නින්දා කරන්න වුන් පැත්තකට කරමු. මෙහිදී ගොවිතැන රැකියාව වශයෙන් කරන මානවයන් හට උසස් තැනක් දීමට උත්සාහ දරා ඇති බව පෙනේ.
තෛපොංගල්වල අවසාන කරුණ හැටියට අප විසින් සලකන ලද්දේ සතුට හා සෞභාග්‍යයි. මෙම කරුණ තෛපොංගල්වලදී පිළිඹිබු කරන්නේ මෙසේය.
තෛපොංගල් අවසාන දින වන හතරවන දිනයේදී සියලුම දෙමළ හින්දු කාන්තාවන් බතක් හත්මාළුවක් එකට මිශ්‍රකර පිසගත් ආහාරය පිණ්ඩ කර කපුටන් ඉන්නා තැනකට ගෙන ගොස් එම පිණ්ඩ කපුටන්ට දානයක් සේ දෙති. කපුටන්ට මෙම ආහාර පිණ්ඩ දෙනවිට ඔවුන් කරන ප්‍රාර්ථනයක් වේ.
“කාක්කා පොඩි වෛත්තේන්
කානුම් පොඩි වෛත්තේන්
උන්කූඩම් කලෛන්දාලුම්
එන් කූඩම් කනෙලයාදු”
මෙම කවියෙන් කියැවෙන්නේ.
“කපුටන් හට බත් පිඬක්
හොඳට අනපු බත් පිඬක්
නුඹේ කූඩුව විසිර ගියත්
මගේ කූඩුව විසිර නොයයි.”
මෙයින් දෙමළ හින්දුන් අදහස් කරන අර්ථයක් ඇත. එනම් යම් කිසි ගෘහයක වෙසෙන මිනිසුන් එකට විරසක නොවී සමඟියෙන් සිටීමට වාසනාව ලැබේවා යැයි කපුටන් හට මේ බත් පිණ්ඩ දමා කරන ප්‍රාර්ථනයක් මේ තුළින් ඉස්මතු වේ.
කපුටන් කොහේ සිටියත් ගොදුරකට ඒකරාශි වෙති. එහෙත් එම ගොදුර අවසන් වූ පසු විසිර යති. ඒ ආකාරයෙන් එසේ නොවිසිරී එම ගෘහයේ වෙසෙන මිනිසුන් සාමයෙන් සමගියෙන් ජීවත්වීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ඔවුන් ප්‍රාර්ථනා කිරීම තුළින් පෙනී යන්නේ තම පවුලත් ඉන් අනතුරුව එය ගමටත් ගමින් නගරයටත් එයින් පසු පළාතටත් රටටත් සමගියේ ප්‍රාර්ථනයක් වීම මෙහි සමාජ විද්‍යාත්මක පැත්තය. සැමට සමගියේ තෛපොංගලක් වේවා !
ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මොළිවිත්තහර්
මඩුළුගිරියේ විජේරත්න
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
2023 සැප්තැම්බර් 5 වැනිදා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර”
ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජන සමාජය ඔපවත් කරන තෛපොංගල්