IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ජපානය ජයගත් සුන්දර ව්‍යවසායකයා

   31_SLTK_P4_Back

 

ගම්පහ, රදාවාන ගැන කතා කිරීමේදී නිතැතින්ම මතකයට නැගෙන්නේ හෙළ සාහිත්‍යය කලාව පෝෂණය කළ මහගම සේකරයන්ගේ නාමයයි. ප්‍රියන්ත ධර්මසිරි සල්පිටිකෝරාළ යන ඔහුද ඉපිද හැදී වැඩුණේ ගම්පහ රදාවානේදීය. පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද මහ විදුහලෙනි. කවියට, ගීතයට, කලාවට ඇලුම් කළද ප්‍රියන්ත පාසලේදී වඩා දක්ෂකම් දැක්වූවේ විද්‍යා විෂයයන් වෙතය.


උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට මුහුණ දුන් ඔහුගේ එකම අරමුණවී තිබුණේ වෛද්‍යවරයකු වීමටය. නමුත් වෘත්තීය ජීවිතය පටන් ගැනීමට සිදුවූවේ වැවිලිකරුවකු ලෙසිනි. එසේ වුවද ජීවිතයේ ඔහුට නතර වීමට සිදුවූවේ ජපානයේය. අද ජපානය ඔහුට ඔහුගේ මහගෙදර මෙනි. බිරින්දෑද, දරුවෝද වෙසෙන්නේ ජපානයේය. ඒ අරුමය ඔහු උදාකර ගත්තේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතු ව්‍යවසායකයකු ලෙස නැගී සිටි හෙයිනි. මේ කියන ප්‍රියන්ත ධර්මසිරි සල්පිටිකෝරාළ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා හඳුනන්නේ (Matrix) මෙට්රික්ස් ආයතනයේ සභාපති ලෙසය. එම ආයතනය බිහිකොට ඉන් නොනැවතී ජපානය ආක්‍රමණය කොට එහිදී ව්‍යාපාර ස්ථාපිත කළේය. එතැනින්ද නොනැවතී අද ජපානයේ සිට තවත් රටවලට වාහන අපනයනය කරන ව්‍යවසායකයකු බවට පත්වී සිටී. එලෙසින් ජීවිතය ජයගත්තෙකු වූ ප්‍රියන්ත ධර්මසිරි සල්පිටිකෝරාළ යනු කිසිවිටෙකත් තමා ගැන අතිශයෝක්තියකින් කතා කරන චරිතයක් නම් නොවේ. නමුදු ව්‍යවසායකත්වයෙන් ජීවිතය සොයා යාමට ප්‍රයන්ත ගන්නා බොහෝ දෙනෙකුට ඔහු ජීවිතයේ මෙතෙක් පැමිණි ගමනේ කතාව කිව යුතු යැයි අපි හඟිමු.

 

30-Page-04-S2-5
● ජපානයේ මිනිස්සු ඔබ දැන හඳුනාගෙන සිටින්නේ කොහොමද?
ජපානයේ සිට වාහන අපනයනය කරන ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයකු ලෙසයි.

 


● ජපානයේ ස්ථාපිත ඔබගේ ව්‍යාපාරයේ විස්තර කිව්වොත්?
SK ඉන්ටර්නැෂනල් කෝපරේෂන් නමින් එය නගෝයාහිදී ආරම්භ වුණේ 1990 දී විතර. නවීන සහ භාවිත කරන ලද වාහන මෙන්ම වාහන යන්ත්‍රෝපකරණ අපනයනය කරන සමාගමක් ලෙසයි එය පටන් ගත්තෙ. මේ වන විට එංගලන්තය, නවසීලන්තය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපයේ තවත් රටවලට අපනයන කටයුතු සිදුවෙනවා.

 


● ඇයි ඔබට ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න හිතුණේ?
ඒක මම හිතන්නෙ මගේ බාප්පාගෙන් ලැබුණු අත්දැකීම් නිසා සිදුවූ දෙයක්. බාප්පා ව්‍යාපාරික කටයුතුවල යෙදුණා. තම ව්‍යාපාරික ගමන දියුණු කරගත්තෙ බිංදුවෙන් පටන්ගෙන. ඒ ජීවිතය ඇතුළෙ මගේ ජීවිතයට ගත හැකි බොහෝ දේ තිබුණා. සමහර අවස්ථාවලදී බාප්පා මාව විදේශ සංචාරවලට පවා එක්කගෙන ගියා. නමුත් මගේ පළමු රස්සාව වුණේ ව්‍යාපාර ක්ෂේත්‍රය නොවෙයි. වැවිලිකරුවකු ලෙසයි. මතුරට සහ මාතලේ වතුයාය අයත් වුණේ මගේ බාප්පා වූ ගාමිණී සල්පිටිකෝරාළ හටයි. AIA ආයතනයේ ආරම්භක පුරුක වුණෙත් අපේ බාප්පා. එයාට වැවිලි කර්මාන්තය ඇතුළු ව්‍යාපාර අටක් විතර තිබුණා. මගේ ජීවිතයේ ව්‍යාපාර ලෝකයේ අත්පොත වුණේ බාප්පයි.

 


● ඉගෙන ගත්තෙත් ව්‍යාපාර කිරීමේ අරමුණින්ද?
ඇත්ත වශයෙන්ම මට අවශ්‍ය වුණේ වෛද්‍යවරයකු වීමටයි. ඒ අරමුණ ඇතිව ඉගෙන ගත්තෙ ජීව විද්‍යා අංශයෙන්. පාසලේදී බාහිර ක්‍රියාකාරකම් බොහොමයක යෙදුණ නිසා වෛද්‍යවරයකු වීමේ අවකාශය අහිමි වුණා. නමුත් කොළඹ ආනන්දය කියන්නෙ ඇත්තටම පුණ්‍යවන්ත භූමියක්. එවකට අපේ විදුහල්පති වුණේ කර්නල් ජී.ඩබ්. රාජපක්ෂ මහත්මයායි. එතුමා යටතේ අනඳ පුතකු ලෙස ලද අත්දැකීම් මුළු ජීවිතයම ජයගැනීමට ප්‍රධාන සාධකයක් වුණා. ආනන්දය ඇත්තටම වාසනාවන්ත භූමියක්.

 


● වැවිලිකරුවකු වූ ඔබ ව්‍යවසායකත්වයට ගියේ කොහොමද?
බාප්පාගෙන් ලද පන්නරය එක්ක මට මගේ දෙයක් කළොත් හොඳයි කියලා හිතුණා. මිනිහෙකුට ස්වාධීන ගමනක් අවශ්‍යයි. ඒ ගැන මට හිතන්න ඕනෑ වුණා. ඒ හැරත් අපේ බාප්පා මාව හදා වඩා ගත්තෙ එයාගෙම දරුවකු ලෙසයි. ඒ අපූරු ව්‍යාපාරික අත්පොත මම මගේ චින්තනය එක්ක සක්‍රීය කරන්න හිතුවා.

 


● ඔබගේ මව්පියන් මොනවද කළේ?
තාත්තා ව්‍යාපාරික කටයුතුවල යෙදුණා. අම්මා ගෘහිණියක්. පවුලේ මමයි අයියයි විතරයි. අපේ ළමා කාලය ගෙවුණෙ ගම්පහ ගමේදියි. ඒ ළමා කාලය ඇත්තටම සොඳුරුතම අවදියක් වුණා. පොතට වගේම බාහිර ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම ස්වභාවධර්මයට නතුව සෞන්දර්යය උපරිමයෙන් අත්වින්දා. ජීවිතයේ ඉදිරි ගමනක් යාමට සොඳුරුතම පාලම හැදුණෙ මම හිතන්නෙ එතැනින් කියලයි.

 


● තාත්තගෙ ව්‍යාපාර තිබියදී ඇයි ඔබ රස්සා කරන්න ගියේ?
පවුලේ දේ තිබූ බව ඇත්ත. නමුත් 88 දී රටේ ඇතිවෙච්ච කලබල නිසා මගේ හිත කිව්වේ රස්සාවක් කළොත් හොඳයි කියලයි. අන්න ඒ නිසයි බාප්පා සතු වූ වැවිලි කර්මාන්තයේ රස්සාවකට ගියේ. ඉන්පසුව මම මගේ ව්‍යවසායකත්ව ගමන පටන් ගත්තෙ බිංදුවෙන් කිව්වොත් හරි.

 


● වෛද්‍යවරයකු වීමට නොහැකිවීම ගැන ගෙදරින් මොනවද කිව්වෙ?
මොන දේ කළත් උසස් පෙළට මුහුණ දුන්නෙ නම් වෛද්‍යවරයකු වීමේ අදහසින්මයි. ඒත් ඒකට ලකුණු කීපයක් මදි වුණත් මම සැලුණේ නැහැ. මම කිව්වනෙ බාහිර ක්‍රියාකාරකම්වල යෙදී සිටි බව. වාහන අලුත්වැඩියාව ගැන හොඳ අවබෝධයක් මට තිබුණෙ. ඒ අංශයේ සමහර දේ මට හිතලා කරන්න පුළුවන් වුණා. 91 දී විතර මගේ ඥාති සහෝදරයා වන මහින්ද සල්පිටිකෝරාළ එක්ක එකතුවී කටයුතු කරන්න ලැබුණා. එයා නිසා මට ජපානයට යාමේ අවකාශයක් ලැබුණා. ඊට පෙර බාප්පා නිසා ලෝකය මොන වගේද යන්න අත්දැකීම් ලබාගෙන තිබුණෙ. වතු පරිපාලනයෙන් අයින් වෙලා වාහන ගෙන්වීමේ කටයුත්තට මුල පිරුවෙ මගේ මිතුරකු සමගයි. පසුකලෙක මම ජපානයේදී ව්‍යාපාරය පටන් ගැනීම දක්වා එය දීර්ඝ ගමනකට මුල පිරුවා.

 


● ඇයි ඔබට ජපානයට යන්න අවශ්‍ය වුණේ?
බාප්පා සහ මගේ ඥාති සහෝදරයා නිසා 90  මුල් භාගයේ ඉඳලාම ඒ අත්දැකීම් ලබා තිබුණා. 91 සිට ජපානයේ සිට වාහන ගෙන්වීමේ සබඳතා තිබූ නිසා ජපානය තවදුරටත් මට අමුතු තැනක් වුණේ නැහැ. ජපානයට ගිහින් මුලින්ම ජපාන ජාතික ව්‍යාපාරිකයකු සමඟ එකතුවී වාහන අලුත්වැඩියා කරන තැනක් පටන් ගත්තා. ඉන්පසුව තමයි 95 දී මගේම ව්‍යාපාරය පටන් ගත්තෙ. SK ඉන්ටර්නැෂනල් නමින්. පළමු වතාවට වාහන 10ක් විතර එරට සිට ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට පුළුවන් වුණා. එය ඉතා සුළුවෙන් පටන් ගත්තෙ කිව්වොත් නිවැරදියි.

 


● ජපානයට ගිහින් භාෂාව නොදැන ව්‍යාපාර කිරීමට අපහසු වුණේ නැද්ද?
මගේ ව්‍යාපාරික සගයා ජපාන ජාතිකයකු වුවද ඔහුට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි වුණා. නමුත් ඔහුගේම සරණ යන්න බැහැ. ඒ නිසා මම ජපාන භාෂාව ඉගෙන ගත්තා. මාස 6කදී මට ඒ භාෂාව හොඳින් හැසිරවිය හැකි වුණා.

 


● විදේශිකයකු හැටියට එරටට  ගිහින් ව්‍යාපාරයක් ඇරඹීමේ අවකාශය එහි තිබුණද? ඔවුන් විදේශිකයින් දිහා බැලුවේ කොහොමද?
තමන්ගේ ආයෝජනවලින් ව්‍යාපාර ඇරඹීමේ නිදහස අවකාශය එහි තිබුණා. ඒ හැරත් මම එය පටන් ගත්තෙ සුළුවෙන්. බාප්පගෙන් මම ඉවත් වුණේ ජීවිතයට අභියෝගයක් අරගෙන. එහෙම නැත්නම් චැලේන්ජ් එකක් අරගෙන. ඒ නිසා එන සෑම අභියෝගයක්ම හමුවේ මට ඒ ගමන යා යුතු වුණා. ආපසු හැරීමක් තිබුණෙ නැහැ.

 


● ජපානයේදී ව්‍යාපාරය පටන් ගැනීම සඳහා ඔබට ආර්ථික පරිසරය සකසා දුන්නෙ කවුද?
අවුරුදු දහයක් තිස්සේ බාප්පා ළඟ සහ මා කළ රස්සාවෙන් උපයාගත් සන්තකය සුරක්ෂිත කරගෙන තිබුණෙ. ඒ ප්‍රාග්ධනයෙන් තමයි අලුත් ගමනට මුල පිරුවේ.

 


● එතකොට මෙරටදී මේට්රික්ස් (Matrix) ආයතනය පටන් ගත්තෙ ජපානයේ ව්‍යාපාරයට පෙරද?
වාහන ගෙන්වීම සහ වාහනවලට අදාළ බොහෝ දේ ගැන දැනුවත් වෙද්දී මෙරටට මොනවා හරි දෙයක් කළ යුතුය කියා හිතුවා. තවත් අමතර කොටස් විකුණන තැනක් නොවී, වාහන පරිහරණය සහ භාවිතයේදී මෙන්ම අලුත්වැඩියා කටයුතු සඳහා අනර්ඝත්වයක් ගෙන දීම සංකල්පය වුණා. ජපානයේ ව්‍යාපාරය ස්ථාපිත කරන අතරේදීම මෙරටදී මේට්රික්ස් (Matrix) ආරම්භය සනිටුහන් කළා. අද වන විට  වෙළඳ නාම කීපයක දේශීය නියෝජිත ලෙසත් මේට්රික්ස් සමාගම කටයුතු කරනවා. මෝටර් රථ අංශයේ පිරිසැකසුම් සේවාවේ සිට භාණ්ඩ ඔසවා තබන ඔසවනයන් මෙන්ම දොඹකර ආදිය පවා මෙරටදීම පිරිසැකසුම් සහ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ පවා අද මේට්රික්ස් ව්‍යාප්තව තිබෙනවා.

 


● ඇයි ඔබ ඔබගේ ව්‍යාපාර ජාලයට වාහන පස්සෙම පැන්නුවේ?
ඒක මගේ ආසාව වුණා. මම ඕනෑම කෙනෙකුට කියන්නෙ තමුන් ආසා කරන දේට මුල්තැන දෙන්න කියලයි. මම කළේ එයයි.

 


● ජපානයේදී පටන් ගත්ත SK ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාව හැර වෙනත් රටවලට වාහන අපනයනය දක්වා ව්‍යාප්ත කළේ කොහොමද?
ඒක එක දවසකින් කළ දෙයක් නෙවෙයි. ටිකෙන් ටික හෙමින් ගිය ගමනක්. ශ්‍රී ලංකාව හැර නවසීලන්තය, අප්‍රිකානු කලාපයේ රටවල් කීපයකට වගේම තවත් රටවල් දක්වා එය ව්‍යාප්ත කරන්න පටන් ගත්තා.

 


● ජපානයේ කොතැන සිටද ඔබගේ ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත වන්නේ?
මධ්‍යම ප්‍රාන්තයේ නගෝයා ප්‍රදේශයේදීයි. ටොයෝටා සමාගමත් තිබෙන්නෙ එහි. ඒකත් අපගේ කටයුතුවලට වාසියක් වුණා.

 


● ව්‍යාපාරය දියුණු කරගැනීමට ඔබ අනුගමනය කළ විශේෂිත ක්‍රම මොනවාද?
ලංකාවේදී මේ ව්‍යාපාරය කිරීමට මුල පිරුවෙ මටයි. මගේ යාළුවටයි අවශ්‍ය වුණේ වාහන මත්තෙම නොයා කර්මාන්ත අංශයෙන් යමක් පටන් ගැනීමටයි. හැමෝම වාගේ වාහන අපනයනය ආනයනයට එද්දී එතැනින් එහාට යන්න අපට අවශ්‍ය වුණා. මේට්රික්ස් පටන් ගත්තෙ ඒ දැක්ම නිසයි. පැය 24 පුරාම ග්‍රාහකයාට සේවය සපයන ආයතනයක් බවට එය පත් කළා.

 


● ව්‍යාපාරයක් කිරීමේදී ඔබ මුහුණ දුන් අසීරුතා ගැනත් කිව්වොත්?
අසීරුතා දුෂ්කරතා අසීමිතයි. ව්‍යාපාරයකදී ප්‍රධාන දේ වන්නේ ව්‍යාපාර කිරීමම නෙවෙයි. එයින් ලැබෙන මුදල් රැකගැනීමයි. ලංකාවේ පසුබිම ගත්තොත් කාලයෙන් කාලයට ආණ්ඩු මාරු වෙනවා. බදු ක්‍රම එනවා. ඒ වගේ දේ නිසා ලොකු පාඩුවලට මුහුණ දුන්නා. ඒවා විඳ දරා ගෙන තමයි ඉදිරියට ආවේ. සමහර විට ලාභ ලැබුණා. සමහර විට නොලැබුණා. රටින් රටට වාහන යැවීම හිතන තරම් ලෙහෙසි දෙයක් වුණේ නැහැ. වෙලාවට වැඩකරන හැටි විශ්වාසය තබාගන්නා හැටි මම ජපානයේදී ඉගෙන ගත්තා. ජපානය දියුණු වුණේ කොහොමද කියන චින්තනය දැක්ම සොයා බැලුවා. ඒවා ජීවිතයට පන්නරයක් වුණා. සමහර දිනවල උදේ 8 ට පටන් ගත්තාම රාත්‍රී 12 දක්වා වැඩ කළා.

 


● තනියම ඒ සියල්ල කිරීම අපහසු වුණේ නැද්ද?
ඒ විදියට ජීවිතය ගෙවෙන විට මට මගේ බිරිඳ හමුවුණා. ඇය ජපාන ජාතික කාන්තාවක්. ඇය උගත්තෙ නීතිඥවරියක වීමටයි. එසේ වුණත් දරුවන් ලැබුණාම මම ඇයට කිව්වෙ ජීවිතය කියන්නෙ මුදල්ම නෙවෙයි. ඒ නිසා අපි ලැබෙන දෙයින් ජීවිතය ගැටගහගෙන යමු කීවා.

 


● ඇය කැමැති වුණාද?
සත්තකින්ම ඔව්. අපට පුතාලා දෙදෙනයි. දියණියකුයි සිටිනවා. ලොකු පුතා මේ වසරේ සරසවි යාමට සූදානමින් සිටින්නේ. නගෝයාවල තමයි අපි පදිංචිය.

 


● ජපානයෙන් විවාහයක් කරගැනීම ඔබ මොන විදියට ද දකින්නෙ?
මම ජීවිතයේ කර ගත්ත හොඳම දේ තමයි ජපානයෙන් බිරිඳක් තෝරා ගැනීම.

 


● ඇයි ඔබ එහෙම කියන්නෙ?
මගේ ජීවිතයේ මේ තත්ත්වයට ඒමට ලොකුම ශක්තිය වුණේ ඇයයි.

 

30-Page-04-S2-4

 


● එයින් ඔබ කියන්නේ ආර්ථික ශක්තිය ගැනද?
අපෝ නැහැ. මට මේ සියල්ල කරන්න මගේ ජීවිතය  පිටුපස සිට ඇය ලබා දුන්න ශක්තියයි. මා ගැන තැබූ විශ්වාසයයි.

 


● ඇය ඔබට මුලින්ම හමුවුණේ?
මම ජපානයට ගිහින් වසරකට විතර පසුව ඇය හමුවුණේ. එවිට ඇය පාසල් අධ්‍යාපනය හමාර කරලා තිබුණෙ නැහැ. දිනෙක ඇය අපේ ව්‍යාපාරයට පැමිණියා. ඒ දැන හැඳින ගැනීම විවාහය දක්වා දුරදිග ගියා. අද මා ව්‍යාපාරික ලෝකයේ ජයක් ලබා ඇත්නම් එහි ප්‍රධාන ශක්තිය වුණේ ඇයයි. අපි සෑම වසරකදීම ලංකාවට එනවා. ඇයට මට වඩා හොඳට සිංහල කතා කරන්න පුළුවනි. අපේ දරුවන්ටත් එහෙමයි.

 


● ඇය කොහොමද සිංහල ඉගෙන ගත්තෙ?
අපෙ අම්මා ජපානයට ඇවිත් සිටියාම අම්මාගෙනුත් වචන දැනගත්තා. ඊට පසුව ඇය පොත් පරිහරණය කළා. ඇය නුවණක්කාරයි.

 


● ව්‍යාපාර සාර්ථක කරගන්නා නමුත්, සමහර ව්‍යාපාරිකයින්හට පවුල සාර්ථක කරගන්න බැහැ කියලා සමහරු කියනවා. ඔබ කොහොමද පවුල් ජීවිතය සාර්ථක කරගත්තෙ?
මගෙ පළවැනි දේ වුණේ පවුල් ජීවිතයයි. විවාහයෙන් පසුව බිරිඳට දරුවකු ලැබුණාම බොහෝ දෙනා මුල්තැන දෙන්නේ දරුවාටයි. නමුත් මගේ ජීවිතයේ මුල්තැන වුණේ බිරිඳයි. මොකද දරුවට කලින් මට ඇය ජීවිතයට ආවේ. දරුවන් අත්‍යාවශ්‍යයි. ඒත් බිරිඳට පළමු තැන. අදටත් අපි දෙදෙනාට තියෙන ප්‍රධාන දේ අන්‍යොන්‍ය බැඳීමයි. අපේ විවාහ ජීවිතයට විසි වසරක් සම්පූර්ණයි.

 


● ජපානයේ පවුල් ජීවිතය මොන වගේද?
ලංකාවට වඩා බොහෝ වෙනස්. හොඳ දේ ලෙස ගත්තොත්, ඒ රටේ විවාහයට පෙර තිබූ ජීවිතයත්, විවාහයෙන් පසු ජීවිතයත් එකක්. ලංකාවේ එහෙම නැහැ. ජපානයේ යුවළක් අනවශ්‍ය තැන්වලදී කතා නැහැ, අනවශ්‍ය විදියට මැදිහත්වීම් නැහැ. ඒ නිසා විශ්වාසය නිරන්තරයෙන්ම බැඳී පවතිනවා.

 

30-Page-04-S2-2


● එරට ගෘහිණියත් කුස්සියටම මුල්විය යුතුද?
එහෙම නැහැ, මට ඕනෑ වුණාම මාත් උයනවා. මගේ ප්‍රතිපත්තියක් හැටියට මොන තරම් වැඩ තිබුණත්, සෑම සෙනසුරාදාවකම උදේ 9 සිට දවල් 12 දක්වා අපි දෙදෙනාම විතරයි. අපි දෙදෙනා එතෙක් පැමිණි ජීවිතය වගේම අපි දෙදෙනා ගැන තමයි කතා කරන්නෙ. ළමයින්වත් ඊට ගාව ගන්නෙ නැහැ. පැය තුනක කතාවක් අපි දෙදෙනා අතර වෙනවා. මොන තරම් වැඩ තිබුණත් ඉරිදා දිනය පවුලේ අය සමගයි.

 


● මේ ඔබ උපයන ධනය කුමකට කියලද හිතන්නෙ?
මුදල ගැන මුල් කරගෙන නෙවෙයි, මම ජීවිතය ගෙන යන්නෙ.

 


● එහෙම නම්?
මගේ ජීවිතයේ සියලු දේ කරන්නෙ එකම අරමුණක් ඇතිවයි. එනම් මම නිරතවන කුමක් හෝ වේවා එහි උපරිමය කිරීමයි. සියයට සීයක්ම සාර්ථක කර ගැනීමයි.

 


● ව්‍යාපාර කියන දේ ඔබ දකින්නෙ මොන විදියටද?
මම දකින විදියට නම්, ව්‍යාපාර යනු යහපත් ලෙස කළ යුතු රස්සාවක්. කවරෙකු හෝ ව්‍යාපාරයක් කළත්, රස්සාවක් කළත්, එයට සියයට සීයක්ම දායකත්වය දීම වැදගත්. මගේ ජීවිතයේ එක් අංගයක් වන්නෙ පොත් කියවීමයි. ලෝකය ජයගත් මිනිස්සු, ව්‍යාපාර දියුණු කරගත් මිනිස්සුන්ගෙ චරිතාපදාන කියවීමට මම හරි ආසයි. අලුත් දේ සොයා යාම සහ අපි කොහොමද අලුත් දේ කරන්නෙ කියන අදහස්වලට යන්න මම ආසයි. විශ්වාස කරන්න මම මගේ ව්‍යාපාර භාවිතයේදී කැල්කියුලේටරයක්වත් භාවිතා කරන්නෙ නැහැ. මගේ මතකය මගෙ මනසෙ රඳවා ගන්න ආසයි.

 


● ඒ කියන්නෙ ‘ජීවිතයෙ’ සියල්ල ඔබ ‘මනසෙ’ ලියවගත්තෙ කිව්වොත් නිවැරදිද?
හරියටම හරි. පොතපතක සටහන් කරගෙන සාකච්ඡා කරන්න මම කැමති නැහැ. අවංකවම ඒ මොහොතට පෙනී සිටීම තමයි වඩා වැදගත් වෙන්නෙ.

 


● ඔබ ඔබගෙ ජීවිතය දියුණු කරගන්න ජපානයෙන් ගත්ත හොඳ දේ හැටියට දකින්නෙ?
ප්‍රධානම දේ වෙලාවට වැඩ කිරීම. විශ්වාසය සහ ඊළඟට කරන දේ කෙරෙහි ඇති විශ්වාසය. ජීවිතය ජයගන්න මේ කරුණු තුන හොඳටම ප්‍රමාණවත්.

 


● ජපානයේ සිට ජීවිතය දියුණු කරගත් ඔබ ශ්‍රී ලංකාවේ හෙට දවස දකින්නෙ කොහොමද?
ශ්‍රී ලංකාවට හෙට සුබ අනාගතයක් තිබෙන්නෙ. දළ ජාතික සංවර්ධිත දර්ශකය දිහා බැලුවාම එය කිව හැකියි.

 


● ජපනා හපනා කියලා කියනවනෙ. ඇයි ලංකාවට හපනා වෙන්න බැරි?
ජපාන මිනිසුන් කරන දේ සියයට සීයක්ම අවසන් ඵලය දක්වා කිරීම කරනවා. නමුත් අපි 70% ක් කළාම හරි කියලා හිතන්නෙ. ව්‍යාපාර ලෝකයේ මගේ පරමාර්ථය වන්නේ එය ඉහළටම ගෙන යාමයි. ඒ මගින් මම ජීවත්වනවාට වඩා, ඒ ව්‍යාපාර ජාලය එක්ක බැඳී රස්සා කරන පවුල්වල අයගෙ අනාගතය රැඳී ඇති බව මගේ විශ්වාසයයි. මට සියලු දේ මගේ සාක්කුවට දාගන්න අවශ්‍ය නැහැ. මගේ ජීවිතයේ ලොකුම සැනසීම තමයි මගේ බාප්පා දියත් කළ සමාජ සේවය කිරීම. එතුමා වෛද්‍යවරු 500 කට විතර ශිෂ්‍යත්ව සාදා දුන්නා. ඒ ක්‍රමය දැන් මා පවත්වාගෙන යනවා. මා අත දුන් දෙදෙනෙක් අද වෛද්‍යවරු වෙලා. සරසවි යනතෙක් සම්පූර්ණ වියදම් දරා ඉංජිනේරුවකු බිහිකිරීමට මට හැකිවුණා. කෘෂිකර්ම අංශයේ ගැහැණු දරුවකු සරසවි යැවීමට කටයුතු කළා. අද ඇය පර්යේෂිකාවක්. තවත් වෛද්‍යවරු සතරදෙනෙකු බිහිකිරීමට මා කටයුතු කරනවා. ඒ මගින් ලබන ආත්ම තෘප්තිය හරිම ඉහළයි.

m



අදහස් (13)

ජපානය ජයගත් සුන්දර ව්‍යවසායකයා

රුවන්ක Wednesday, 03 August 2016 04:15 AM

ඔබට ජයවේවා. අපේ රටේ මිනිස්සුන්ට තවත් උදව් කිරීමට හැකිවේවා. (ම)

:       0       1

ශෂික Monday, 01 August 2016 04:29 PM

ඔබ ශ්‍රේෂ්ට මිනිසෙක්.දිනෙන්දින දියුණු වේවා....(රේ)

:       0       1

දමයන්ති Monday, 01 August 2016 08:51 PM

හරිම අගෙයි. ඔබට ජය! (නි)

:       0       1

සමන්ත Saturday, 06 August 2016 12:56 AM

ඔබගේ අරමුණ ඉටු වේවා!! (නි)

:       0       0

නිරේෂා Tuesday, 02 August 2016 02:26 PM

බොහොම සන්තොසි සර්.(අ)

:       0       0

මාධව Saturday, 06 August 2016 03:28 PM

ඉතාම ශ්‍රේෂ්ඨයි! තව තවත් දියුණු වේවා! අපේ රටේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් කුමන හෝ සේවයක් කරන්න (නි)

:       0       0

රිෂාඩ් Wednesday, 03 August 2016 05:06 PM

අගනා අදහස් ඇති මහත්මයෙක් (නි)

:       0       0

අමල් Tuesday, 02 August 2016 03:33 PM

ඔබට‍ ජය පතමි.ඔබ අපට ආදර්ශයක් (අ)

:       0       0

ඉන්දුක සුරේෂ් Friday, 05 August 2016 08:46 AM

ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. දිනෙන් දින දියුණු වේවා....(බ)

:       0       0

රජින්ද Sunday, 07 August 2016 09:17 AM

මම ආසම මෙන්න මේ කොටසටයි, \"මගෙ පළවැනි දේ වුණේ පවුල් ජීවිතයයි. විවාහයෙන් පසුව බිරිඳට දරුවකු ලැබුණාම බොහෝ දෙනා මුල්තැන දෙන්නේ දරුවාටයි. නමුත් මගේ ජීවිතයේ මුල්තැන වුණේ බිරිඳයි. මොකද දරුවට කලින් මට ඇය ජීවිතයට ආවේ. දරුවන් අත්‍යාවශ්‍යයි. ඒත් බිරිඳට පළමු තැන. අදටත් අපි දෙදෙනාට තියෙන ප්‍රධාන දේ අන්‍යොන්‍ය බැඳීමයි. අපේ විවාහ ජීවිතයට විසි වසරක් සම්පූර්ණයි. \" හුගක් අගය කරනවා.....(රේ)

:       0       0

දිනුක Monday, 08 August 2016 02:14 PM

අගය කරනවා නමුත් ලංකාවේ ඉදල අපනයනය කරන්න හැදුවා නම් ගොඩක් වටිනවා කියලත් හිතෙනවා (හේ)

:       0       0

සුරන් Wednesday, 03 August 2016 03:52 AM

ඔබට සුබ පැතුම් (ම)

:       0       0

Nimsara disanayaka Friday, 16 September 2022 10:53 PM

කරුණාකර මට කතා කරන්න සර්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 333 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 65 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 944 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 117 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 163 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 415 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 705 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 349 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 498 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site