ජපානයේ තෝකියෝ නුවර යෝයෝගි ක‍්‍රීඩාංගනයට දීප්තිමත් හිරු එළිය වැටී තිබේ. සකුරා තුරු හිස් මතින් ඇද හැලෙන සීතල සුළඟ ප‍්‍රබෝධමත් උදෑසනකට අඬගසන්නාක් මෙනි. ධජ පතාක හා සල්පිල්වලින් වැසීගිය යෝයෝගි ක‍්‍රීඩාංගනය ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරී යමින් පවතී. ජපන් ජාතිකයන් සහ වෙනත් ජාතිකයන් අමතර වශයෙනි.
![]() |
තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සභාව අමතමින්... |
”ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දිනය” .... මේ තෝකියෝ පොළොව සැරසෙමින් සිටින්නේ එයටය. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකා දිනය මෙවර දහවැනි වරට පවත්වනු ලබන්නකි. ගෙවුණු නව වසර පුරාවට දක්නට නොලැබුණු උත්සව ශ්‍රීයක් මෙවර දක්නට ලැබේ. උද්යෝගය, ප‍්‍රමෝදය වාං දමමින් තිබේ.
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ උත්සව භූමිය පුරා ඔබමොබ සැරිසරයි. තිස් වසරක යුද අග්නියෙන් සදාදරණීය මාතෘ භූමිය ගලවා ගැනීමේ මහා මෙහෙයුමේදී දළ රළ පෙළක් සේ උස්ව නැගුණු නාවික සෙබළ සේවාවන්ට අණදුන් ප‍්‍රතාපවත් රණවිරුවා යුද්ධයෙන් මුදා ගැනුණු දේශයේ යශෝරාවය ජපන් භූමිය පුරා පතුරවාලීමේ වගකීමට අනලස්ව මුහුණ දී සිටී. ඒ අභියෝගය හිතුවාටත් වඩා වේලාසනින් ජය ගත්තේය යන හැඟීම ඔහුගේ දෙනෙතේ සටහන්ව තිබේ.
අපි දනිමු!
බොහෝවිට තානාපති සේවය ඇතමකුට බඩ රස්සාවක් පමණි. නිල කාලය අවසන් වී පැමිණෙනතුරු සැපෙන් සුවෙන් සිටීමට ලැබුණ අවස්ථාවක් පමණි. එබන්දන් අතින් මවු රටට කිසිදු සෙතක් නැත. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෙසෙසින් කැපී පෙනෙන්නේ එහෙයිනි. තෝකියෝ නුවර යොයෝගි ක‍්‍රීඩාංගනයේ ඉකුත් 21 සහ 22 යන දෙදින පුරා මුළු දුන් ”ශ්‍රී ලාංකිකයන්ගේ දිනය” සැණකෙළිය එයට එක් නිදසුනක් පමණි.
ජපානය බලා කටුනායක ගුවන් තොටුපළින් නික්මෙන පළමු ඇසිල්ලේදීම පපුව සාංකාවෙන් බරවූ අයුරු මතකය. පාළු සෝබර හැඟීමකින් බරවූ බව මතකය. ඒ දින කිහිපයකට හෝ දන්නා හඳුනන මිනිස් ඇසුරෙන් මිදී නාඳුනන බිමක තනිවන්නට සිදුවන බව දන්නා හෙයිනි.
අරුමයකි!
දැන් එබඳු ළතැවිල්ලක් නැත. උපන් බිමේ, උපන් ගමේ නෑදෑ පිරිවර සමග සිටින හැඟීමකින් ළය පිරී යමින් තිබේ. නාඳුනන මුත් හඳුනන මුහුණුය. නම නොදන්නා නෑදෑවරුන්ය. කහටක් නැතිව ඔවුහු සිනාසෙති. හේතුවක් නැතිව වුවත් කතා කරති.
”මේක අපේ මංගල්‍යය අයියා. මේ දවස් දෙකේ ලංකාවේ කට්ටිය හමුවෙලා කතා බහ කරලා කාලා බීලා සිංදුවක් කියලා සතුටුවෙලා යන්න ආවේ..” ඔවුහු කියති.
”ඔයා ලංකාදීපයෙන්ද? සෑහෙන වටිනවා ආපු එක. අපි බලන පත්තරේනේ. අන්න එහා පැත්තේ ජාතික රුපවාහිනියේ කමල් කාරියවසම් හා නිසිත වර්ණසූරිය ඉන්නවා. යං යං ඒ පැත්තට යං” තරුණයෙක් මගේ අතින් අදී. ඔහුගේ නම අමිල අතුකෝරළය. ගම මොරටුව රාවතාවත්තේය. ජපානයට පැමිණ වසර නවයකි.
”මම ඉන්නේ කිලෝ මීටර් 50ක් විතර එහා. අපි අවුරුද්ද පටන් ගන්නකොටම මේකට එන්න නිවාඩු දා ගන්නවා. මේකට ආවෙ නැත්නම් මේ ජීවිතයෙන් තේරුමකුත් නෑ...” ඔහු කීවේය.
ඈතින් ජාතික ගීය ගුවනට මුසුවන හඬ ඇසේ. දෙදහස් පන්සීය වසරක අභිමානය සිරසින් ගත් සීගිරි පර්වතය පසුබිම් කොට ගත් වර්ණවත් වේදිකාවේ ඊළඟ ඇමතුම ජපානයේ අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍ය යොෂිතකෝ ෂින්තෝ මහතාගෙනි.
”ඔබේ සුන්දර රටට මම ගිහින් තියෙනවා. මේ වේදිකාවේ පසුබිම තිබෙන සීගිරිය ගල උඩටත් මම නැංගා. මම ඇත්තම කියන්නම්. ඒ සීගිරිය ගල මුදුනට ගියාට පස්සේ මට හිතුණේ මම රජෙක් කියලයි...” උද්යෝගිමත් අත්පොළසන් නාදයකින් ක‍්‍රීඩාංගනය වැසී ගියේය. ජපන් අමාත්‍යවරයා කී කතාව ඕනෑම ශ්‍රී ලාංකිකයකුට තමන් ශ්‍රී ලාංකිකයකු වීමේ අභිමානය රැුගෙන එන්නකි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ ගැඹුරු හඬ ඊළඟට රැව් දුන්නේය. ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති ඉපැරැණි සබඳතාව ඔහු පැහැදිලි කළේය. 2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවට යළි නැගී සිටින්නට ජපානය අනදුන් ආකාරය ඔහු කෘතවේදීව සිහිපත් කළේය. තිස් වසරක යුද අග්නියෙන් මේ රට මුදා ගැනීමේ මෙහෙයුමේදී ජපානය අප රටට දුන් අත සිහිපත් කළේය.
”ලෝකයේ සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි. ඔබ ඒ රටට එන්න. ඒ රටේ අසිරිය නිදහසේ විඳගන්න එන්න. අප රටේ ආයෝජන ආරම්භ කරන්න. යුද ජයග‍්‍රහණයෙන් පසුව අප රට ලබා ඇති වේගවත් දියුණුව ඔබ විමතියට පත් කරනු ඇත.” ඔහු කතාව හමාර කළේ එසේ කියමිනි. ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාසි මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගෙන් එයට ලැබුණේ උද්යෝගය දනවනසුළු ඉහළම ප‍්‍රතිචාරයකි.
දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ආයුර්වේද සංස්ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි, එයාර් ලංකා සමාගමේ ජපන් කළමනාකරු ධම්මික කුලතුංග, ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක, ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති ජී.එන්. පණ්ඩිතරත්න, ජපානයේ ශ්‍රී ලංකා වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති ඞී.ආර්. අරුණ කුමාර, ජපානයේ ශ්‍රී ලංකා අධ්‍යාපනවේදීන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය දුමින්ද පෙරේරා හා අශෝකා කරන්නාගොඩ මහත්මිය විශේෂ පීඨිකාවේ අසුන්ගෙන සිටිති.
දේශීයත්වය, උරුමය හා සම්ප‍්‍රදායන් සමග නවීනත්වය මුසුකර අදීන අපරාජිත ශිෂ්ටාචාරයක අසිරිය බෙර පදයක, නර්තනයක රඳවා පේ‍්‍රක්‍ෂකයන්ගේ දෙනෙත් මතින් ඔවුන්ගේ හදවතට ආමන්ත‍්‍රණය කිරීමට සමත්කම් පාන ප‍්‍රවීණ නිර්මාණ ශිල්පී චන්න විජේවර්ධන මහතා ”ජපානයේ ශ්‍රී ලංකා දිනය” වර්ණවත් කිරීමේ මෙහෙයුම මෙවරද අකුරටම ඉටු කරමින් සිටියේය. චන්න උපුලි රංගායතනයේ නැටුම් ශිල්පීන් හා ශිල්පිනියන් විශේෂ වේදිකාව මත පාන වික‍්‍රමය මුළු ක‍්‍රීඩාංගනයම දැහැන්ගත කරවන්නට සමත්ය. ඒ සෞන්දර්යාත්මක අත්දැකීම දෙදින පුරා නොඅඩුව විඳීමේ භාග්‍ය රොද බැඳ සිටි මහ සෙනඟට හිමි විය. භාතිය හා සන්තුෂ්ගේ ගායන රිද්මය දවසේ මතකය බවට පත්වන විට නර්තනයෙන් හා ගායනයෙන් සිත් වසඟ කළ දුෂ්මන් වීරමන් ඒ වේදිකාව මත පෑ දීප්තිමත් තාරකාව විය. අපේ රටට අනන්‍ය සංස්කෘතිමය උරුමය බෙර වාදනයෙන් පමණක් නොව තුරුණු බවින් සපිරුණු ගැඹුරු කටහඬින් ජපානයට කියා දුන් ජනනාත් වරකාගොඩගේ මහන්සිය නම් අපතේ ගියේ නැත.
එක්වරම නොනවතින වේගවත් අත්පොළසන් නාදයකින් යෝයෝහි ක‍්‍රීඩාංගනය වැසී ගියේය. ඒ දේශීය නැටුම් සම්ප‍්‍රදාය නම් මේ යැයි කවියකින් කියා දෙන්නක් මෙන් සුමට බසින් කී ලාල් තිලකරත්න, ලසන්ත පුෂ්පකුමාර හා උදයපි‍්‍රය කුමාර වෙනුවෙනි. බෙර වාදනයෙන් හා අපූරු නර්තනයෙන් ඔවුන් පෑ වික‍්‍රමය වෙනුවෙනි. අසන්ති, උමාරියා සිංහවංස හා රන්දීර්ගේ ගායන විලාසයන් පේ‍්‍රක්‍ෂකයන් පිටියෙන් පිටතට නොයවා රඳවා තබා ගැනීමට සමත් වූ කාන්දමක් බඳුය. ඕෂධ කොඩිතුවක්කු මේ සියල්ලන්ට පසුබිම් සංගීතයෙන් දුන් සහාය අති මහත්ය.
ජපන් ජීවිතයේ තිස් වසරකට එපිට අත්දැකීම් සපුරා ඇති අනුර බටුවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජපන් ශාඛාවේ සභාපතිවරයා ද වේ. මෙවර ”ශ්‍රී ලංකා දිනය” සම්බන්ධයෙන් ඔහු සිටියේ නොසෑහෙන ප‍්‍රීතියෙනි.
”ජපානයේ තියෙන බොහෝ තානාපති කාර්යාල මේ වගේ උත්සව සංවිධානය කරලා තමන්ගේ රට වෙනුවෙන් මුකුත්ම කරන්නේ නෑ. එහෙම උත්සව සංවිධාන කළත් ඒවායේ කිසිම එළියක් නෑ. නමුත් අපේ මේ උත්සවය තමයි හොඳටම කරන්නේ. කරන්නාගොඩ තානාපතිතුමා ආවට පස්සේ මේ ශ්‍රී ලංකා දිනයට නොයෙක් විචිත‍්‍රවත් අංග එකතු කළා. රටේ අභිමානය වගේම වර්තමාන තත්ත්වය පිළිබිඹු කෙරෙන විදියට මේ උත්සවය සංවිධානය කරන්න එතුමා ගන්න උත්සාහය ඇත්තටම පල දරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් අපි හැමෝගෙම සහයෝගය අරගෙන ශ්‍රී ලාංකික අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් විදියට මේ උත්සවය සංවිධානය කෙරෙන නිසා ජපානයේ හැම තැනම ඉන්න ශ්‍රී ලාංකිකයන් හැමෝම නොවැරදීම මෙයට සහභාගි වෙනවා.”
තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අනගි සහයක් වෙමින් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දුත මණ්ඩල ප‍්‍රධානි ආචාර්ය සජ්.යූ. මෙන්ඩිස් මහතා උපදේශක එම්. සෝමසේන මහතා, උපදේශිකා රුවන්ති දැල්පිටිය මහත්මිය හා පළමු ලේකම් ජයන්ත බණ්ඩාර මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු.
සම්පත් බැංකුව නියෝජනය කරමින් එහි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි නන්ද ප‍්‍රනාන්දු, ආනයන හා අපනයන කළමනාකරු මනෝජි හෙට්ටිගොඩ මහත්මිය හා හෝමාගම ශාඛාවේ සභාපති සම්පත් වීරකෝන් යන මහත්ම මහත්මීහු ජපානයට පැමිණ සිටියහ. ලංකා බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍ය මහ කළමණාකරු ඞී.පී.කේ. ගුණසේකර මහතා හා ජාත්‍යන්තර අංශයේ ප‍්‍රධාන කළමනාකරු එච්. ප‍්‍රියල් සිල්වා මහතා ද ජපානයට පැමිණි සිටි අතර නේසන් ට‍්‍රස්ට් බැංකුවේ ප‍්‍රධාන නිලධාරි (ශාඛා) සංජය පෙරේරා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු දමිත සිල්වා, අලෙවි කළමනාකරු ආසිරි සම්පත් යන මහත්වරුද පැමිණ සිටියහ. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් බැංකු ගිණුම් විවෘතකරදීම හා වෙනත් ප‍්‍රතිලාභ ඔවුන්ට අත්පත් කර දීමට පැමිණි බව ඔවුහු කීහ.
ශ්‍රී ලංකා ආහාර සහිත ආපන ශාලා විශාල ප‍්‍රමාණයකින් සමන්විත උත්සව භූමියේ ප‍්‍රදර්ශන කුටි සිය ගණනකි.
තරංග අමරතුංග පැමිණ සිටියේ සීබා ප‍්‍රාන්තයේ සිටය.
”මම ජපානයට ඇවිත් අවුරුදු පහක් විතර වෙනවා. හැම අවුරුද්දකම තියෙන මේ උත්සවයට මම ඇවිත් තියෙනවා. මේ පාර නම් පුදුම සෙනගක්. අපි හිතුවාටත් වඩා වැඬේ සාර්ථකයි...” ඔහු කීවේය.
එරන්ද ජයසිරි ජපානයේ සුප‍්‍රකට වාහන ආනයනය කරන ආයතනයක් වන සයුරි ඉන්ටර්නැෂනල් හි සේවය කරන්නෙකි.
”මේ උත්සවය කරන්නේ අපි වෙනුවෙන්. ඒ නිසා අපි හැමෝම පුදුම ආශාවකින් මේකට එනවා” ඔහු කීවේය.
දෙදින ගත වූයේ කෙසේදැයි මතක නැති තරම්ය. එපමණටම ප‍්‍රීති වන්නන්ට සැදී පැහැදුණ පරිසරයක් එහි විය. තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සංචාරක අවස්ථා පුළුල් කිරීමේ මෙම ශ්‍රී ලාංකික දිනය සංවිධානය කළේනම් එය හිතුවාටත් වඩා සාර්ථක වූ බව නොබියව කිව හැකිය.
ශ්‍රී ලංකාවෙන් ජපානයට ආ පළමු හා එකම ත‍්‍රීවීරලයේ කතාව ලබන සතියට.
සටහන: ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් ජපානයේ තෝකියෝ නුවර සිට ඡායාරූප - සාගර ලක්මාල් ද මැල් |
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දිනය
සජිත් Friday, 11 October 2013 01:49 PM
අරුණ රටේ ගෞරවය ඇඟේ කොටස් පෙන්වලද රැකගන්න ඕනෑ. ඒ ළමයින්ට ඇඟ පෙන්නේ නැති ඇඳුමක් අන්දවලා නටවන එක තමයි හොඳ ..... (ස)
සුගත් Sunday, 06 October 2013 06:18 AM
සෙන්තිල් වගේ කුහකයෙක් මම නම් කවදාවත් දැකලා නැහැ. පුදුම ඉරිසියාවක් තියෙන්නේ. (නි)
ඩියෝ Tuesday, 08 October 2013 09:35 PM
අති සාර්ථකවම තිබුණා (නි)
අරුණ Tuesday, 08 October 2013 01:07 AM
අහද්දී දකිද්දි අපේ රට ගැන ආඩම්බරයි. ඒ වගේම අපේ රටේ ගෞරවය රැකගන්න ඕනෑ (නි)
දීප කුමාර Sunday, 06 October 2013 09:27 AM
මේ වගේ උතුම් මනුස්සයෙක් අපිට හුගක්ම වටිනවා ඒක මේ රටේ ජනතාවට තම දැනිලා නැහැ. (නදී)
චන්දි අලුත්වල Tuesday, 08 October 2013 10:16 PM
කටුනායක ගුවන් තොටුපලින් ජපානෙට යන්න විතරක් නෙවි .., ඕනෑම රටකට යන්න කියල ඇවිත් , තමන්ගේ දුවා දරුවා ,අම්ම තාත්තා සහෝදර,සහෝදරියන්ගෙන් ,වගේම උපන් බිමෙනුත් වෙන් වෙලා යන විට දැනෙන වේදනාව කියන්න වචන නැහැ (මගේ අම්ම තියන විලාපය තාමත් ඇහෙනවා වගෙයි )ජපානේ සිදුකල මේ දෙය අගේකරමි ,11 වෙනි වාරයේදී මීටත් වඩා ලස්සනට කටයුතු කෙරේවා'' යනු මගේ පැතුමයි (අ)
දසුනි Tuesday, 08 October 2013 01:29 AM
විසා තිබෙන ,හොද වැටුපක් ගන්න අයව බැංකු වලින් හොයාගෙන ඇවිල්ලා.හරි නම් මේ වගේ රටක අසරණ වෙලා ඉන්න වීසා නැති අය ගැනයි බලන්න ඕනෑ. (නි)
චමත් Thursday, 10 October 2013 07:56 PM
මමත් යන්න ආසම රටක් තමයි ජපානය. (නි)
මාටින් Tuesday, 08 October 2013 01:31 PM
ජපානය බලා කටුනායක ගුවන් තොටුපළින් නික්මෙන පළමු ඇසිල්ලේදීම පපුව සාංකාවෙන් බරවූ අයුරු මතකය. පාළු සෝබර හැඟීමකින් බරවූ බව මතකය. ඒ දින කිහිපයකට හෝ දන්නා හඳුනන මිනිස් ඇසුරෙන් මිදී නාඳුනන බිමක තනිවන්නට සිදුවන බව දන්නා හෙයිනි. මෙය මට වසර 12 ක පමණ සිට නොකඩවා ඇතිවන සිතිවිල්ලකි ..කටුනායක ගුවන්තොටුපල තුලට ඇතුල් වූ සැනින් මේ සිතිවිල්ල මා වෙලා ගනී .. (ස)
චමිලා Monday, 07 October 2013 05:54 AM
සුභ පැතුම්! (නි)
සෙන්තිල් Sunday, 06 October 2013 01:18 AM
සිංහල අය එහෙටත් ගිහින් ඉන්නවාද? අනේ මෙයාලා නැති තැනක් දැන් ලෝකයේම නැහැ වගේ (නි)
තිලක් Friday, 11 October 2013 02:26 AM
මේ රටවල ලංකාවේ සමහර අය හරිම දුක් විදිනවා. (නි)