IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජපන් කුමරියට රජ මැදුරක් වූ කණ්ඩලමේ කාමරය

 

කතිකාව ශාලාවට අවට සුන්දරත්වය පෙනෙන අයුරු...

 

ඉකුත්දා ලංකාවට පැමිණි ජපන් රජකුමරිය මහනුවර ඇසළ පෙරහර බැලීමටද ගියාය. ඒ ගමනේදී ඇය නතරව සිටි ස්ථාන අතර කණ්ඩලම හෝටලයද වෙයි. ජපන් කුමරිය කණ්ඩලම හෝටලයේ නැවතී සිටියේ රෝයල් ස්වීට් නම්වූ සුපිරි රාජකීය කාමරයේය.

විවිධ වර්ගීකරණයන්ට අනුව වෙන්වූ කාමර එකසිය පනස් ගණනකට වඩා ඇති කණ්ඩලම හෝටලය සතු අති සුවිශේෂ කාමරය වන්නේද මෙම රාජකීය කාමරයයි. මෙරට මෙන්ම එතෙරින් මෙහි පැමිණෙන ප‍්‍රභූන් සඳහාම විශේෂයෙන් වෙන්කරවා ගත හැකි සුපිරි ස්ථානය ලෙස මෙය සඳහන් කළ හැකිය. පස්වැනි මහලේ තනා ඇති මෙය පුංචි මන්දිරයකට හෝ මාලිගයකට සමකළ හැකිය. සීගිරි අන්තය එක් පසෙකට දර්ශනය වන අතර, දඹුල්ල අන්තය අනෙක් පසට දර්ශනය වන අයුරින් සහ කණ්ඩලම වැව මෙන්ම අවට පරිසරය දර්ශනය වන ලෙස මෙම රාජකීය කාමරය තනා ඇත. නාන කාමර දෙකකින්ද යුතු මෙහි එක් අන්තයක නාන කාමරය සඳහා සීගිරි අන්තය දර්ශනය වේ. අනෙක් අන්තයේ ඇති නාන කාමරයට දඹුල්ල අන්තය දර්ශනය වේ.

ඉපැරණි රාජකීය මන්දිරයකදී දැකගත හැකිවූ අයුරින් රාත‍්‍රිය ඉටි පහන් ආලෝකයෙන් ආලෝකවත් කෙරේ. ඒ රාජකීය ආලෝකය විදුලි පහන් ආලෝකයට වඩා ගරු ගාම්භීරය. රාජකීය අමුත්තන් භෝජන සංග‍්‍රහයේ යෙදෙමින්, කතිකාවේ යෙදෙමින් රාත‍්‍රියේදී අවට පරිසරයේ හැඩ බැලීමටද රිසි බව කිව හැකිය. මෙලෙසින් වෙන්වූ මෙම රාජකීය කාමරය වෙන්ව ඇත්තේ ප‍්‍රභූන්ටම පමණක් නොවන අතර රාජකීය අයුරින් මධුසමය ගත කිරීමට මෙන්ම රාජකීය රාත‍්‍රියක පහස රිසිසේ විඳගැනීමට කැමති යුවළකට ලැබුණු මහාර්ඝ අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය. මෙහි පැමිණෙන අමුත්තන්ට සම්මන්ත‍්‍රණවලට සහභාගි විය හැකි අලංකාර සම්මන්ත‍්‍රණ ශාලාවක්ද අලූතින්ම තනා තිබේ. එය නම්කර ඇත්තේ කතිකාව නමිනි.

”කතිකාව” තනා ඇත්තේ කණ්ඩලම හෝටලයේ 6 වැනි මහලේය. එතැනට මෙහි පිවිසීම සඳහා වෙනමම පිවිසුම් ස්ථානයක් ඇත. එම පිවිසුම් ස්ථානයේ සිට ආ පසු බිම් මහලේ තනා ඇති කල්පනා, කිරුල, කිනිත්ත සහ කරඳ යන කාමර දැකගත හැකිය. ඒවා නවාතැන් පහසුව සඳහා තැනූ කුටි නොවේ. කතිකාවේ සම්මන්ත‍්‍රණ සඳහා පැමිණෙන අමුත්තන්ගේ පහසුව සඳහා තැනූ ඒවාය. ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක් නම්, එය පැවැත්වීමට පෙර සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධානීන්ට පෙර සූදානමක් වීමට මෙන්ම පුද්ගලික වශයෙන් සාකච්ඡුා පැවැත්වීමට සහ විධායක මට්ටමේ සමුළුව සඳහා ඒවා කදිම ස්ථානය. කල්පනා කුටියට වී සම්මන්ත‍්‍රණය හෝ කතිකාවේ පැවැත්වෙන දේ ගැන කල්පනාවේ යෙදී සිටින අතරේ  ඕනෑ නම්, මෙම යාබද භූමියේ ඇති කිරුල, කරඳ ආදී වෘක්ෂයන්ගේ හරිත පහස ලැබිය හැකිය.

 

 

 



අදහස් (0)

ජපන් කුමරියට රජ මැදුරක් වූ කණ්ඩලමේ කාමරය

අශෝක Thursday, 19 September 2013 02:19 PM

ජෙෆ්රි බාවාගේ කලාකාමී නිර්මාණ අසමසමයි. (නි)

:       0       0

රූපවති Friday, 13 September 2013 08:23 AM

පිටිගල මිලානෝ, ඔබ හරි, සුන්දරත්වයක් නොවේ කෘතීම ලස්සනක් තමා මෙහෙ ඇතුලාන්තයේ තියෙන්නේ. නියම සෞන්දර්ය බලන්න සල්ලි ඕනේ නැහැනේ. රටේ ගම්බද පළාත් වල ඇවිදල බලන්න.(අ)

:       0       0

උපාලි Friday, 13 September 2013 08:28 AM

බලන්න සල්ලි ගෙවා ලබන මන්දිරයේ සුවයද සල්ලි නොගෙවා ලබන අවට පරිසරයේ සුවයද හොඳ කියල. මෙවන් ලස්සන රටක ඉඳගෙනත් රටට ගරහන අය මේවා බලල වත් මවුබිමට ආදරයක් ඇති කර ගන්න. පොඩි වැරද්දක් දැකපු ගමන් ගම කනවා,රට කනවා, ජාතියත් කනවා.(අ)

:       0       0

සපුමල් Tuesday, 17 September 2013 11:00 PM

පිටිගල ඇත්තෝ, මේක ඕවා කතාකරන්න වෙලාවක් නොවෙයිනේ. මේ ලිපිය නැවත කියවන්න. මොකද ඔයා ඔය කියන පිටරට ගිය ගොඩේ ඔයත් ඉන්නවනේ. මම දන්නේ නැහැ ඔබ කොස් වලට ජැක ෆ්රුට් කියනවද නැද්ද කියලා. (නි)

:       0       0

ටිරල් Wednesday, 11 September 2013 02:52 PM

ලංකාව කොපමණ අලංකාරද ?? (ස)

:       0       0

ප්‍රේම කුමාර Saturday, 21 September 2013 08:34 PM

මම රූපවතී අක්කත් එක්ක කන්ඩලමේ ගියාම නැවතිලා හිටියෙත් මේ කාමරේම තමයි.(නදී)

:       0       0

කෙනත් Tuesday, 17 September 2013 11:32 PM

ජෙෆ්රි බාවා නම් ඒ අද්වීතිය වාස්තු විද්‍යාඥයා, නිදහසින් පසු සිරිලක වාස්තු විද්‍යාවට කර ඇති මෙහෙය විශිෂ්ටයි. නිදහස ලබන විට අප බ්‍රිතාන්‍ය කොලෝනියල් වස්තු විද්‍යා පන්නයකට හැඩගැසී සිටි අතර එය අපේ දේශගුණයට හෝ සංස්කෘතියට ජීවන රටාවට නොගැළපෙන්නක් වූ අතර එක ධනවාදී පැලැන්තියකට සීමා වුවක් විය. නිදහසින් පසු අපේකම සොයමින් සිටි ජාතියකට මොහු ගැමි සුවද මුසු වූ , නවීන සහ දේශගුණයට අපේකමට ගැලපෙන නාගරිකත්වයකට ඔබින නිර්මාණයන් කරමින් අපේ වස්තු කලාව ජාත්‍යන්තර කීර්තියකට ගෙන ගියා. (නි)

:       0       0

සමන් Thursday, 12 September 2013 10:38 AM

මෙහි කියන සුන්දරත්වය දැක බලා ගන්න මමත් ආසයි නමුත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒවා හීනයක් විතරයි (දී)

:       0       0

රසාදරී Friday, 13 September 2013 07:36 PM

මේ රුපවතිලා පිටිගල මිලානෝලා, සරත්ලා මොනවා ගැනද කියන්නේ? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 16 September 2013 12:45 AM

රසාදරී, එයාලා වැරදි දෙයක් කිවුවද? නැහැනේ. ඔයා කලබල වෙන්න එපා. අපි කතා කරන්නේ ස්වභාව සෞන්දර්යය ගැන (නි)

:       0       0

දිසානායක Monday, 16 September 2013 04:19 PM

සිරිපා තබල ගම මිනිපේ මින්නීරි ..මහා වැඩ වලින් දිඔයවල් ඇදෙ මින් බේරි ...සරු කෙරුවෙ කුබුරු නිල් පැහැ යෙන් බේරි ...මගේ ලක් මෑණි යන්දා හරි පින්කාරී ..... (ස)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 22 September 2013 09:29 PM

සිරියලතා, මම මිලානෝ වල රැකියාව කරනවා.ලොක්කට සර් කියන්නවත්, දේශපාලකයෙක් ළඟින් ගියත් දෙකට නැමෙන්නවත්,කෙවිටක් අරන් ළමයි පොඩි කාලයේ පටන් ටියුෂන් යවන්නවත් මට අවශ්‍යතාවක් නැහැ. පෘෂ්ට වංශිකයෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙනවා. (නි)

:       0       0

ලක්මාල් Sunday, 15 September 2013 07:13 AM

කට්ටියක් ඔය හෝටලය හදනවට විරුද්ධ වුණා මතකද? (නි)

:       0       0

කෙනත් Thursday, 12 September 2013 12:44 AM

මෙම විශිෂ්ට නිර්මාණය අද ජාත්‍යන්තර තලයේ එකක් බවට පත්ව ඇත. ඇමෙරිකාවේ වාස්තු විද්‍යා නිර්මාණ වල පරිසර හිතකාමීබව සහ බලශක්ති පිරිමැසීම සම්බන්ධයෙන් නිර්දේශ සහ ප්‍රමිතිකරණය කරනා මුලික ආයතනයක් වන ඇමෙරිකානු හරිත ගොඩනැගිලි ප්‍රමිති කවුන්සිලය මගින් මෙයට සම්මාන පවා ලබා දී ඇත. මේ උසස් වස්තු නිර්මාණය කළේ අන් කවරෙකුත් නොව ලක්දිව පහළ වූ අග්‍රගණ්‍ය වාස්තු විද්‍යාඥයකු වූ "ජෙෆ්රි බාවා" විද්වතායි. (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 12 September 2013 10:09 PM

පිටිගල ඔබේ අදහසම තමයි මමත් දරන්නේ . (දී)

:       0       0

සෙනරත් Friday, 20 September 2013 09:25 AM

පිටිගල මිලානෝ, රූපවති, සරත්, මමද ඔබ මෙන්ම සංචාරක බංගලාවකට වඩා ග්‍රාම්‍ය සුන්දරත්වය අගය කරමි. (ස)

:       0       0

සරත් Saturday, 14 September 2013 10:45 AM

රසාදරී නංගි, ඔයාට තේරුම් කරන්න නම් ටිකක් අමාරුයි වගේ පෙන්නේ . (දී)

:       0       0

රුසෙල් Friday, 13 September 2013 09:24 PM

ගමේ ගොඩේ සුන්දරත්වයක් තිබෙනවා තමයි. නමුත් විදේශිකයෙක්ට නවාතැන් යටිතල පහසුකම් හොටෙල් එකකින් හැර කොහෙන්ද ගන්නේ ? (නි)

:       0       0

පි. Thursday, 12 September 2013 04:54 PM

කෙනත්ට ස්තුතියි. මමත් දවස් දෙකක් කන්ඩලමේ නැවතිලා හිටියා. හරිම සුන්දර මනස්කාන්ත තැනක්. ටිකක් ගාන නම් වැඩි තමයි. මගේ හැම විදේශික යාලුවෙකුටම මම උපදෙස් දෙන්නේ කන්ඩලමේ නවතින්න කියලා. (නි)

:       0       0

සිරියලතා Monday, 23 September 2013 06:49 PM

පිටිගල,ඉතින් ඕක කරන්න බැරිද ඔයාගේ සුන්දර ගම්මානේ? මේ වගේ මිනිස්සු තමා ඔය වගේ කතා කියන්නේ. (නි)

:       0       0

රුවිනි Saturday, 05 October 2013 04:41 AM

අපේ පුංචි ශ්‍රී ලංකාව කොච්චර ලස්සනද කියලා බලන්න. රට තුල ඉන්නකොට අපිට නොයකුත් ප්‍රශ්න නිසා මොනම සුන්දරත්වයක්වත් පෙනෙන්නේ නැහැ. අපි හැමෝම ලංකාවේ සුන්දරත්වය රැකගන්න ඕනෑ. ඒ වගේම අපිත් සරල ජීවිත වලට පුරුදු වෙන්න ඕනෑ. එවිට තවත් අපේ රට ලස්සන වෙනවා. (නි)

:       0       0

රෝහණ Friday, 13 September 2013 04:07 PM

ලංකාවේ සුන්දරත්වය නිදහස විඳගන්න. (ස)

:       0       0

සපුමල් Monday, 16 September 2013 07:16 AM

පිටිගල, දැන් ඔය කියන එක විදගන්න දුම්බර මිටියාවතට එන පිටස්තරයෙකුට හෝ විදේශිකයෙකුට සුවපහසු නවාතැනක් සපයන්නේ ඔයාගේ ගෙදරින්ද? ඒකට තම හෝටල් ඕනෑ, හෝටල් කිව්වට කොන්ක්‍රීට් කුට්ටි නොවෙයි මෙන්න මේ වගේ පරිසර හිතකාමී දියුණු අපේම වස්තු නිර්මාණයන් අපට අවශ්‍යයි. අපි ටිකක් පුළුල්ව සහ යථාර්ථවාදීව සිතමු නේද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 September 2013 03:21 AM

සපුමල් මහත්මයෝ, මම අදහස් කළේ ගමේ ඉපිද, වෙල් ඉපනැලි වල දුව ඇවිද, පාසල් සහ දහම් පාසලෙන් පෝෂණය වී, ආර්ථික වාසි වලට කොළඹ හෝ පිටරට ගොස් 'ගමේ ගතිය' සොයා මහා ධන කන්දරාවක් දී සිය පවුල සමග මෙම කොන්ක්‍රීට් අට්ටාල මත අතරමං වන වරකා ගෙඩියට වැල ගෙඩියට 'ජැක් ෆ්රුට්' කියන අපේම අයයි. (නි)

:       0       0

සරත් Friday, 13 September 2013 11:38 AM

පිටිගල, ඔබ කියන සුන්දරත්වය අත්විදි කෙනෙක් මා. මා කැමතිම බත් පත කෑවේ කමතේදී (ඇලහැර ප්‍රදේශයේ). එහි ව්‍යංජන වුයේ කිරි කොසුයි, හොද්දකුයි, කමතෙන් කඩාගත් අමු මිරිස් කරලකුයි. ඒ සුන්දරත්වය අපේ දරුවන්නට අත්විදින්න නොලැබෙන එක ගැනයි මට දුක.(නදී) .

:       0       0

හේමන්ත Thursday, 12 September 2013 07:51 AM

කන්ඩලම හරිම සුන්දරයි. පරිසරය මනස්කාන්තයි. මගේ රට මොනතරම් ලස්සනද. රැකගෙන සුන්දර පරිසරය දායාද කරමු මතු පරපුරට. (නි)

:       0       0

සිරියලතා Thursday, 19 September 2013 07:16 PM

පිටිගල ඔච්චර හොද තැන් දාලා ඔයා මිලානෝ වලට වෙලා මොකද කරන්නේ,අනේ ඉතින් මගේ කට ළග හිටියා නම් දන්නවා කටට කරන දේ (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 17 September 2013 03:10 PM

පිටිගල ගේ කතාව හරියට හරි. සපුමල්ටයි , රසාදරිටයි මට හිතෙනවිදියට ටිකක් පැටලිලා වගෙයි නමුත් කලබල වෙන්න එපා.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 September 2013 06:30 PM

ලංකාවේ සුන්දරත්වය එක රැයකට රුපියල් තිස්දාහක් අයකරන මෙම කොන්ක්‍රීට් මාලිගා වල නැත. ඇත දුම්බර මිටියාවතේ ගමකට ගොස් මිදුලේ කොහොඹ ගස සිසාරා හමා එන මද නලේ පවස විඳ, ලිඳෙන් නාලා, පිලේ ඉඳන් කන ආදරය කරුණාව පමණට යොදා උයන බත් පතේ රස දන්නේ කී දෙනෙක්ද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 258 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 46 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 101 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 195 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 229 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 887 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site