IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජූලි අහසේ අසිරිය

මෙම මාසයේ රාත‍්‍රී අහසේ ග‍්‍රහලෝක සහ තාරකා රාශි කීපයක් ඔබට දැකගත හැකිය. හිරු පෑයීමට පෙර අලූයම නැගෙනහිර අහසේ බ‍්‍රහස්පති සහ අඟහරු යන ග‍්‍රහයින් දෙදෙනා පායා තිබෙන අන්දම දර්ශනය කළ හැක. සෞරග‍්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ග‍්‍රහලෝක පද්ධතියේ අවසානයට පිහිටා ඇති අඟහරු ග‍්‍රහයා සූර්යයාගේ සිට හතරවැනි ස්ථානයේ පිහිටයි. රතු පැහැයෙන් දිස්වන අඟහරු ග‍්‍රහයා අතීතයේ සිටම පෘථිවි වාසීන්ගේ අවධානයට ලක්වූ ග‍්‍රහලොවකි. පැරණි රෝම ශිෂ්ටාචාරය අඟහරු හැඳින්වූයේ යුද්ධයට අධිපති දෙවියන් ලෙසයි. ඒ හේතුවෙන් ”මාර්ස්” (MARS) යන නාමය අඟහරු ග‍්‍රහයාට යොදා ඇත.

සිකුරු ග‍්‍රහයා
බ‍්‍රහස්පති ග‍්‍රහයා 
අඟහරු ග‍්‍රහයා

සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 249 තරම් උපරිම දුරකින් ගමන්කරන අඟහරු ග‍්‍රහයාට තම ඉලිප්සාකාර ගමන් මාර්ගය තුළදී සූර්යයාට කිලෝ මීටර් මිලියන 206 තරම් ආසන්නයටද පැමිණෙයි. සාමාන්‍ය ප‍්‍රමාණයේ දුර දක්නයකින් නිරීක්‍ෂණය කිරීමේදී අඟහරු ග‍්‍රහයා රතු පැහැති ගෝලයක් මෙන් දැකගත හැකිය.

වායුමය යෝධයකු වන බ‍්‍රහස්පති, සෞරග‍්‍රහ මණ්ඩලයේ විශාලතම ග‍්‍රහලොවද වෙයි. බාහිර සෞර ග‍්‍රහ මණ්ඩලය ආරම්භ වන්නේ බ‍්‍රහස්පති ග‍්‍රහයාගෙනි. බ‍්‍රහස්පති ග‍්‍රහයාට රෝම දෙවිවරුන්ගේ රජු හඳුන්වනු ලබන ”ජුපිටර්”  (JUPITER) යන නාමය ලබාදී ඇත. නිල් පැහැයෙන් බබළන බ‍්‍රහස්පති ග‍්‍රහයා වටා චන්ද්‍රයින් 63 ක් පමණ පිහිටා ඇති බව සොයාගෙන ඇති අතර, ඉන් ප‍්‍රධාන චන්ද්‍රයින් හතර වන යුරෝපා, ගැනිමිඞ්, අයෝ සහ කැලිස්ටෝ දෙනෙනියක් (BINOCULERS) හෝ කුඩා දුර දක්නයක් තුළින් නැරඹිය හැක. බ‍්‍රහස්පති ග‍්‍රහයා සතුව ඉතාමත් සංකීර්ණ වායුගෝලයක් පවතී. එහි නිතරම කුණාටු පවතින අතර, අකුණු ගැසීම් ද සිදුවේ. මෙම සංකීර්ණ වායුගෝලය තුළ ප‍්‍රධාන වශයෙන් අඩංගු වන්නේ හයිඩ‍්‍රජන් සහ හීලියම් වායුන් වේ. බ‍්‍රහස්පති ග‍්‍රහයා සූර්යාගේ සිට නක්‍ෂත‍්‍ර ඒකක  (AU)  5,2026 ක් දුරින් කක්‍ෂයක ගමන් කරයි. මෙහි විෂ්කම්භය කිලෝ මීටර් 1,43,200 පමණ වන අතර, සූර්යයා වටා පරිභ‍්‍රමණය වීමට පෘථිවි වර්ෂ 11.86 ක් ගත කරයි.

සෞරග‍්‍රහ මණ්ඩලයේ අලංකාරම ග‍්‍රහයා වශයෙන් හඳුන්වන සෙනසුරු, වළලූ පැළඳි මනාලිය ලෙසින්ද හඳුන්වනු ලබයි. සූර්යයාගේ සිට හයවැනි ස්ථානයේ ගමන් ගන්නා සෙනසුරු පියෙවි ඇසට පෙනෙන අවසන් ග‍්‍රහලොවද වෙයි. මේ දිනවල රාත‍්‍රී 8.00 ට පමණ නැගෙනහිර අහසේ දකුණට බරව අංශක 90 ක් පමණ ඉහළින් කන්‍යා රාශිය තුළ පිහිටා ඇති සෙනසුරු ඔබට නිරීක්‍ෂණය කළ හැකිය. 1659 දී ක‍්‍රිස්ටියන් හයිජන්ස් නමැති තාරකා විද්‍යාඥයා විසින් සෙනසුරු සතුව වළලූ පද්ධතියක් ඇති බවට මුලින්ම හෙළි කරනු ලැබීය. සෙනසුරු ග‍්‍රහයා සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 1429.4 දුරින්වූ කක්ෂයක ගමන් කරයි. මෙහි විෂ්කම්භය කිලෝ මීටර් 1,20,536 ක් පමණ වේ. සූර්යයා වටා එක් වටයක් යෑමට සෙනසුරුට පෘථිවි වසර 30 කට ආසන්න පමණ කාලයක් ගතවේ. ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් සෙනසුරුවෙත යානාවන් රැුසක් යවා ඇති අතර, එමගින් ග‍්‍රහයා සහ එය වටා පිහිටා ඇති වළලූ පිළිබඳව තොරතුරු රැුසක් හෙළිදරව් කරගෙන ඇත. කුඩා දුරදක්නයක් මගින් නරඹන විට සෙනසුරු වටා පිහිටා ඇති අලංකාර වළලූ පද්ධතිය ඔබට දැකගත හැකිය.

මේ දිනවල සැන්ඳෑයාමයේ හිරු බැස ගිය පසු බස්නාහිර අහසේ දීප්තිමත්ව බබලමින් පවතින සිකුරුග‍්‍රහයා ඔබට පහසුවෙන් දැකගැනීමට ලැබෙනු ඇත. ආදරයේ දෙවඟන වන වීනස් Venes යන නාමය සිකුරුට දී ඇත. චන්ද්‍රයා හැරුණු විට රාත‍්‍රි අහසේ දීප්තිමත්ම වස්තුව වනුයේ සිකුරුයි. මෙම සිකුරු ග‍්‍රහලෝකය ඉරබටු තරුව මෙන්ම පහන් තරුව ලෙසද සාමාන්‍ය ජනවහරේ හැඳින්වෙයි. ඊට හේතුව වන්නේ සිකුරු සමහර කාලවලදී ඉරපායා ඒමට පෙර නැගෙනහිර අහසේත්, තවත් කාලයකදී හිරු බැස ගිය පසු බටහිර අහසේත් දිස්වීමය. සෞරග‍්‍රහ මණ්ඩලයේ සියලූම ග‍්‍රහයින් බටහිර සිට නැගෙනහිරට භ‍්‍රමණය වුවත් සිකුරු ග‍්‍රහයා පමණක් නැගෙනහිර සිට බටහිරට භ‍්‍රමණය වෙයි. සිකුරු ග‍්‍රහයා මතදී හිරු බටහිරින් පායා නැගෙනහිරින් බැස යනු දැකගත හැකි වනු ඇත. සිකුරු සතුව ඉතා ඝන වායුගෝලයක් පවතින අතර එය කාබන්ඩයොක්සයිඞ් සහ සල්ෆියුරික් යන අම්ලයන්ගෙන් වැසී පවතී. සිකුරු සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 108.2 ඈතින්වූ කක්‍ෂයක ගමන් කරන අතර, එහි විශ්කම්භය කිලෝමීටර් 12100 කි. හිරුගේ සිට හිරු වටා ගමන්ගන්නා දෙවැනි ග‍්‍රහලොව සිකුරු වන අතර, කුඩා දුර දක්නයක් තුළින් නරඹන විට අපේ හඳේ මෙන් කලාවන් ඇතිවන අයුරු දැකගත හැකිය.

රාත‍්‍රි 8.00 ට පමණ නැගෙනහිර අහසේ දකුණට බරව වෘශ්චික රාශිය පිහිටා ඇති අන්දම ඔබට නිරීක්‍ෂණය කළ හැක. තාරකා විද්‍යාවේදී ස්කොපියස් Scorpius   යනුවෙන් හඳුන්වනු ලබන වෘශ්චික රාශිය ගෝනුස්සා නමින්ද හඳුන්වනු ලැබේ. රාශි චක‍්‍රයේ රාශීන් අතුරින් පහසුවෙන් වටහාගත හැකි අන්දමින් පිහිටා ඇති වෘශ්චික රාශිය අහසෙහි විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී ඇති අන්දම දැක ගත හැක. ගෝනුස්සාගේ හදවත සනිටුහන් කර දීප්තිමත් රතු යෝධ තරුව ඇන්ටාරස් නම් වෙයි. එය ආලෝක වර්ෂ 600 ක් දුරින් පිහිටා ඇත. ගෝනුස්සා තාරකා රාශිය හරහා ක්‍ෂීරපථයෙහි කොටසක් වැටී ඇත. එය ඔබට දැකගත හැකි වන්නේ දුම්වළාවක් ලෙසිනි.

කන්‍යා රාශිය සහ තුලා රාශියද මේ දිනවල දකුණට බරව මුදුන් අහසේ ඔබට දැකගත හැකිවනු ඇත. කන්‍යා රාශියේ දීප්තිමත්ම තාරකාව වන ස්පයිකා (SPICA) නම් වන අතර, එම තාරකාවට නුදුරු ස්ථානයක අඳුරු කහ පැහැයෙන් සෙනසුරු දිස්වේ. සමකය වැටී ඇත්තේ කන්‍යා රාශිය හරහාය.
තුලා ලග්නයේ රුප සටහනක තරාදියක හැඩයක් නිරූපණය කරන අතර මෙහි පෙනෙන දීප්තිමත් තරු තුන සමපාද ත‍්‍රිකෝණයක ශීර්ෂවලට පිහිටා තිබේ. ගෝනුස්සා තරකා රූපය රාත‍්‍රි අහසෙහි ඉතාමත් පහසුවෙන් සොයා ගත හැක. එහි හිස කොටස ආසන්නයේ පිහිටි සමපාද ත‍්‍රිකෝණයේ හැඩයට පිහිටි දීප්තිමත් තරුතුන හඳුනාගෙන ඒ අවට පායා ඇති අනිත් තරු සොයාගැනීමෙන් ඔබට තුලා ලග්නයේ තාරකා රූපය හඳුනාගත හැක.

 

වෘශ්චික රාශිය
 
සෙනසුරු ග‍්‍රහයා

 

වලාකුළුවලින් තොර පැහැදිලි අහසක් යටතේ ඉහත සඳහන් කළ ග‍්‍රහලෝක සහ තාරකා රාශි මේ මාසය පුරාවටම ඔබට දර්ශනය කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත.

 

 

දයාසිරි පෙරේරා - තාරකා විද්‍යාඥ, බණ්ඩාරවෙල

 



අදහස් (0)

ජූලි අහසේ අසිරිය

අනුරාධ Thursday, 18 July 2013 05:29 PM

විශ්වයේ දැනුම තව තවත් ලබාදෙන්න. ඔබට ස්තූතියි දැනුම වර්ධනය කළාට.(නදී)

:       0       0

විජේ Sunday, 14 July 2013 03:45 PM

පාසල් දරුවන්ට මෙන්ම අනෙකුත් සියලු දෙනාටම ඉතා වටිනා ලිපියකි. ලංකාදීප කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය. (දී)

:       0       0

ජයී තිසර Sunday, 14 July 2013 03:57 PM

වාර්තාව අගය කරමින් කර්තෟ මණ්ඩලයට ස්තුති කරමි. නවග්‍රහයින් සූර්යාගේ සිට මතක තබා ගැනීමට පහත සඳහන් ඉංග්‍රීසි වාක්‍යය ආධාර කර ගනිමි. මේ හා සමාන සරල සිංහල යමක් ඇතොත් දැන ගැනීමට කැමත්තෙමි. "My very elderly mother just sat up near pluto" ( Mercury Venus Earth Mars Jupiter Saturn Uranus Neptune Pluto) ප්ලූටෝ දැන් ග්‍රහයෙක් වශයෙන් ගණන් නොගනී. (දී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 July 2013 08:34 PM

මේ වගේ ලිපි වැඩි වැඩියෙන් පලවෙන්න ඕන. (අ)

:       0       0

රිෂාන් Wednesday, 17 July 2013 03:02 PM

නියමයි. මේ ගැන තව විස්තර කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.(ස)

:       0       0

අනු බංඩාර Sunday, 14 July 2013 05:40 PM

මගේ ගුරුතුමා වන තාරක තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහතාණෙනි, සෑම සතියකම ලිපියක් තබන්න එය ලංකාවාසී අපට මහත් අත්වැලකි.(නදී)

:       0       0

අනුර බංඩාර Monday, 15 July 2013 08:13 AM

වාර්තාව අගය කරමින් කතෘ මණ්ඩලයට ස්තුති කරමි. තාරකා විද්‍යාව සදහා තවත් ඉඩ වැඩි කරන්න.(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 18 July 2013 12:29 PM

දයාසිරි පෙරේරා මහතාට සහ ලංකාදීපයට තුති අපගේ දැනුම වර්ධනය කලාට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5628 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 806 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1386 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39139 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site