ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්කිකව ගොඩනැගුණු ප්‍රශ්නයකි. ඒ බව පසක් කරවන පුවත් දෙකක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.
එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ මූල්‍ය ජාවාරම්වල නිරත වෙමින් විවිධ පිරිස්වලට කෝටි ගණන් වංචා කළේ යැයි කියන චීන ජාතික කාන්තාවක් හා පිරිමින් 53 දෙනකු සහ ජපන් ජාතික කාන්තාවක් පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි කේ.ඒ. උපුල් කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවය.
වංචා කළ බව කියන කෝටි ගණනක මුදල් සහ උපකරණ තොගයක්ද එහිදී සොයාගත් බවත් ජාවාරම මෙහෙය වන බව කියන චීන ජාතික යුවල හා තවත් 13 දෙනකු නොරොච්චෝල ප්‍රදේශයේ කාමර 52කින් සමන්විත හෝටලයක් කුලියට ගෙන පදිංචිව සිට ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ පරිගණක අපරාධයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් විසි දෙදෙනකු ලැගුම් ගෙන සිටි කළුතර ප්‍රදේශයේ හෝටල් කාමරයකට මුද්‍රා තබා හෝටලයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන බවය.
මෙම සිදුවීම් සරළව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි සිදුවීම් නොවේ. නොරටුන් මෙරටට පැමිණ මෙලෙස විවිධ ජාවාරම් හි නියැලෙන්නේ නම් එය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. තත්වය වඩාත් බැරෑරුම් බව ඉකුත් සමයේ වාර්තා වූ මෙබඳු පන්නයේ සිද්ධිවලින් පැහැදිලි වේ.
ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ මර්මස්ථානයක් බවට අප රට පත්ව තිබෙන බව රහසක් නොවේ. විමර්ශකයන් පැහැදිලි කරන ආකාරයට ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය මුහුද මැද දී ධීවර යාත්‍රාවලට පටවා මෙරටට ගෙන එනු ලැබේ. ශ්‍රී ලංකාව දූපතක් වන හෙයින් එම මත්ද්‍රව්‍ය තොග නිරුපද්‍රිතව මෙරටට රැගෙන ආ හැකි බවද විමර්ශකයෝ පෙන්වා දෙති.
ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතිවා සේම පරිගණක අපරාධ හා මූල්‍ය ජාවාරම්වල තිප්පොළක් බවට මෙරට පත්ව ඇති බව පැහැදිලි වේ.
පිරමීඩ ජාවාරම්කරුවන්ගේ ගැටවලට ඉතා පහසුවෙන් හසුවන අප රටේ පුරවැසියන් නොරටුන්ගේ ජාවාරම්වලට ඉතා පහසුවෙන් ගොදුරුවීම වටහා ගත හැකි කරුණකි. ශ්‍රී ලාංකික ජනතාවගේ ශතය පවා සූරාගෙන ඔවුන් පිටව යනු ඇත. අප වැසියන්ට සිදුවන්නේ ඇඳිවතට පමණක් උරුමකම් කීමටය. මෙම තත්වය ජාතික ආපදාවකින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි.
මෙරටට පැමිණෙන්නන්ට ඒ සඳහා නීත්‍යානුකූල මාර්ග ඇත්තේ දෙකකි. පළමු වැන්න ගුවනෙනි, දෙවැන්න මුහුදෙනි. මෙම මාර්ගවලින් පුද්ගලයන් මෙරටට පැමිණෙන්නේ කවර අරමුණු වෙනුවෙන් දැයි නිරීක්ෂණයක් කළ යුතුය. ලෝකයේ දියුණු බොහෝ රටවල ඒ සඳහා විධිවිධාන තිබේ. එම රටවල එම විධිවිධාන ක්‍රියාත්මක වන්නේ සංචාරකයා පීඩාවට පත්වන ආකාරයටද නොවේ. එහෙත් තම රටේ ආරක්ෂාව අංක එක බව එම රටවල් විශ්වාස කරති.
අප රටට එන සංචාරකයන් නිරීක්ෂණය සඳහා යම් යම් විධිවිධාන ක්‍රියාත්මක වුවද එය ප්‍රමාණවත් නොවන බව ඉහත සිදුවීම්වලින් පැහැදිලිය. එම තත්වය ඉතා භයානකය. එපමණක් නොව ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට මෙම රට පත්වීමට හේතුවකි. එසේ වුවහොත් රටට අත්වන ඉරණම ඉතා පැහැදිලිය. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නියත වශයෙන්ම යොමුවිය යුතුය.
(***)
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු