පසුගිය 19 වැනිදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළ දී පාතාල නායකයෙකැයි සැලකෙන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඒ ආකාරයට මෙරට අධිකරණ ශාලාවක් තුළ දී සිදු වූ පළමු ඝාතනය නොවේ.
1990 දී විරගුල පොලිස් ස්ථානාධිපතිවරයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ව්‍යපාරිකයකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි. එම සිද්දියේ දී පොලිස් ස්ථානාධිපතිවරයාගේ මාමා කෙනකු ද ඝාතනය විය.
මෙම පොලිස් ස්ථානාධිපතිවරයා 88/89 ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ විශාල පිරිසක් වධ දී ඝාතනය කළ බව කියවේ. සුප්‍රකට වවුල් කැලේ සමූහ ඝාතනයට ද ඔහුට චෝදනා එල්ල විය.
1994 දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පාතාල සාමාජිකයකු යැයි සැලකුණු චින්තක අමරසිංහ නමැත්තා ඝාතනය කිරීමේ උත්සාහයක් වැළකිණි. එහෙත් තුවක්කුකරු බන්ධනාගාර නිලධාරියකුගේ වෙඩි පහරින් මිය ගියේය.
එහෙත් ඉන් දස වසරකට පසු 2004 ජනවාරි 9 වැනිදා අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අංක 6 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවෙ දී චින්තකගේ සොහොයුරකු වූ ධම්මික අමරසිංහ වෙඩි තබා ඝාතනය කෙරිණි. ඔහු ප්‍රකට ව්‍යාපාරිකයකුට එරෙහි නඩුවක ප්‍රධාන සාක්කිකරු විය.
2015 සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී පාතාල සාමාජිකයකු වූ සමයං ඝාතනය කිරීමේ තැනක් වැළකිණි. එහෙත් සමයං එම සිද්ධියේ දී බරපතළ තුවාල ලැබීය.
2022 අගෝස්තු 5 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී සාක්ෂි දෙමින් සිටි පුද්ගලයකුට වෙඩි තබනු ලැබීය. එහෙත් ඉලක්කය වැරදීමෙන් ඔහුගේ ජීවිතය බේරිණි.
මීට අමතරව 2000 ජුලි 5 වැනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක් අයකු මියගොස් 20 දෙනකු පමණ තුවාල ලැබූහ. 2005 දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී ද එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ.
මෙම සිදුවීම්වලින් ගනේමුල්ලේ සංජීව ඝාතනය හා ධම්මික අමරසිංහ ඝාතනය අතර සමාන කම් ගණනාවක් තිබේ. සිදුවීම් දෙකම අලුත්කඩේ දී සිදුවිය. එකක් අංක 5 අධිකරණ ශාලාවෙන් අනෙක අංක 6 අධිකරණ ශාලාවෙත් සිදුවිය. සිද්ධි දෙකේදීම නමගිය පාතාල සාමාජිකයෝ දෙදෙනෙක් මිය ගියහ. සිදුවීම් දෙකේදීම ඝාතකයා හමුදාවෙන් පළාගිය අයකු බව කියවිණි. අවස්ථා දෙකේදීම ඝාතකයා පැමිණ තිබුණේ නිතීඥයකු මෙන් හැඳ පැළඳය.
පසුගිය 19 වැනිදා අධිකරණ ශාලාවේ සිදු වූ ඝාතනයෙන් පසු ජාතික ආරක්ෂාව අනතුරේ යැයි ඇතැම් විරුද්ධ පක්ෂ කියන්නට පටන්ගෙන තිබේ. මෑත ඉතිහාසයේ නීති විරෝධී ඝාතන වැඩිම සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ රාජපක්ෂ පාලන කාලයේදීය. එහෙත් එම ආණ්ඩුවේ නායකයන්ව සිටි පිරිස් ද දැන් ජාතික ආරක්ෂාව අනතුරේ යැයි කියති. ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරයි.
දැන් කෙරෙන්නේ පාතාල කණ්ඩායම් අතර ගැටුමක් බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ මහනුවර දී පැවසීය. පාතාල ක්‍රියාකාරකම් නිසා රටේ ස්වාධීනත්වය ස්වෛරීභාවය හා භෞමික ආඛණ්ඩතාවට තර්ජනයක් නැති නිසා වර්තමානයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි හිටපු ඇමැතිවරයකු වන චම්පික රණවක මහතා ද පවසයි.
කෙතරම් දැඩි ආරක්ෂාව තිබෙන රටක වුවද බරපතළ හුදෙකලා මිනිස් ඝාතන හෝ විශාල දේපළ විනාශ සිදුවිය හැකිය. සිදුවී ද ඇත. එහෙත් ඒවා රණවක මහතා පවසන පරිදි රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට තර්ජයක් නොවන නිසා දෝ එවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඒ ඒ රටවල නායකයන් හැඳින්වූයේ නැත.
1984 ඔක්තෝබර් 12 වැනිදා අයර්ලන්ත සමූහාණ්ඩු හමුදාව හෙවත් අයි.ආර්. ඒ නම් වූ කැබලි කණ්ඩායම එවක බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් එරට බ්‍රයිටන්හි ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති සිය පක්ෂයේ රැස්වීමකට සහභාගිවී සිටිය දී විශාල බෝම්බයක් පුපුරුවා හැරියේය. එහෙත් තැචර්ද දිවි ගලවා ගත්තාය. එම වසරේම ඔක්තෝබර් 31 වැනිදා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිට ඇගේම ශරීර ආරක්ෂක භටයෝ දෙදෙනෙක් වෙඩි තබා ඇය ඝාතනය කළහ.
1991 මැයි 21 වැනිදා කොටි සංවිධානය හිටපු ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි ඝාතනය කළේය. මේ හුදකලා සිදුවීම්වලින් ඒ ඒ රටවල ජාතික ආරක්ෂාව බිඳවැටී ඇති බවක් හෝ තර්ජනයට ලක්වී ඇති බවක් හෝ කිසිවකු කීවේ නැත. 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබුණු පාස්කු ඉරිදා දින කිතුනුවන් ඉලක්කකොට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ප්‍රකාශයක් කළ එවක හමුදාපති මහේෂ් සේනානායක මහතා ‘‘ලෝන් වුල්ෆ් ඇටෑක්ස්’’ (තනි වෘකයාගේ ප්‍රහාර) ලෝකයේ කුමන රටක වුව ද ඕනෑම වේලාවක සිදුවිය හැකි යැයි කීවේය.
පාතාල ලෝක ක්‍රියාකාරකම්වල අක් මුල් සොයාගෙන යන්නේ නම් 1977 දක්වා අතීතයට යා යුතුය. 1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයට විසඳිය හැකිව තිබූ ජනවාර්ගික ප්‍රශ්නය හා එම ආණ්ඩුව වගකිව යුතු දකුණේ සන්නද්ධ කැරැල්ල ද මේ ප්‍රශ්නයට ඇදී තිබේ.
ජයවර්ධන ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද විවෘත ආර්ථික ක්‍රමයේ හොඳ නරක දෙකම ඇත. මෙරට ආර්ථිකය වැඩි වැඩියෙන් ලෝක ආර්ථිකය හා සම්බන්ධ වීම හොඳ පැත්තයි. එහෙත් එමගින් බිහි වූ මධ්‍යම පන්තියේ සාපේක්ෂ සුඛ විහරණය පහළ පන්තිවල අසහනයට හේතුවිය. ඒ සමඟම එම ආර්ථික ක්‍රමය නිසා මෙරටට විවිධ විදේශීය මත්ද්‍රව්‍යද ගලා ආවේය. ඒවා බෙදා හරින්නට යොදා ගනු ලැබුවේ අසහනයට පත් පහළ පන්තිවල කණ්ඩායම්ය.
ජයවර්ධන ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නය නොවිසඳුවා පමක් නොව 1983 දෙමළ විරෝධි ප්‍රහාරවලට මඟ පැදීමෙන් උතුරේ කැරැල්ල විශාල වශයෙන් ශක්තිමත් විය. එම සිද්ධිය හා ආණ්ඩුවේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්ති නිසා දෙමළ කැරලිකරුවන්ට ඉන්දියාවේ මූල්‍යමය හා යුදමය ආධාර ද ලැබිණි.
අනෙක් අතට කිසිදු සාක්ෂියකින් තොරව 1983 දෙමළ විරෝධි ප්‍රහාර පිටුපස ජනතා විමුක්ති පෙරමුණ සිටි බවට චෝදනා කොට එම වසරේ ජුලි 20 වැනිදා ආණ්ඩුව එම පක්ෂය සහ තවත් පක්ෂ දෙකක් තහනම් කළේය. වසර තුනක්ම තහනම ඉවත් කරන ලෙස සාමකාමීව උද්ඝෝෂණය කළ ජවිපෙ ඉන්පසු අවි අතට ගත්තේය. එම කැරැල්ලේ උච්චතම අවස්ථාවේ දී 1988 මැයි 10 වැනිදා ජවිපෙ තහනම ඉවත් කෙරුණ ද කැරැල්ල නතර වූයේ නැත.
මේ කැරැලි දෙක නිසා ඒ වනවිටත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදී සිටි පිරිස් ඇතුළු විවිධ කණ්ඩායම්වල පුද්ගලයන් අතට නවීන ආයුධ ලැබිණි. ඒ අනුව හයෙන් පහක බලයෙන් මත්ව ජයවර්ධන ආණ්ඩුවේ ඇතැම් නායකයෝ තමන් යටතේ මැර කණ්ඩායම් පවත්වාගෙන ගියහ. පාතාලය නොනැසී පවතින්නේ මත්ද්‍රව්‍ය ව්‍යපාරය, ආයුධ හා දේශපාලන බලය යන තුනේ සංකලනයෙනි.
උතුරේ යුද්ධය වාර්තා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගෙන ජයවර්ධන ආණ්ඩුව එවක මෙරට බී.බී.සී. වාර්තාකරු වූ හම්ප්‍රි හෝක්ස්ලි මෙරටින් පිටුවහල් කළේය. බ්‍රිතාන්‍යයට ගිය හෝක්ස්ලි මෙරට බෙදුම්වාදී කැරැල්ල පිළිබඳ බී.බී.සී. ගුවන්විදුලියේ සංවාදයක දී පැවසුවේ සුළු අවි සමාජය තුළට කන්දුවීමේ ප්‍රශ්නය නිසා බෙඳුම්වාදී කැරැල්ල දිග්ගැසුණහොත් ශ්‍රී ලංකාවේ සමාජයට බරපතළ ප්‍රතිවිපාකවල මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය. එය සැබෑ වීමට එතරම් කල් ගියේ නැත. අද අප අත්දකින්නේ ද එම ප්‍රතිවිපාකයයි.
සුළු අවි ව්‍යාපෘතිය පිළිබඳව සොයා බලන්නට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටිය දී කොමිසමක් පත් කෙරිණි. එම කොමිසම ද උතුරේ යුද්ධය නිසා සමාජය තුළට ආයුධ කාන්දුවීම ගැන සටහන් කරමින් ආයුධයක් ලබා ගැනීම පිළිබඳ මහජනයාගේ දැනුමේ මට්ටම ඉතා ඉහළ යැයි ද ප්‍රකාශ කොට තිබිණි.
ජයවර්ධන පාලනය අවසන් වීමෙන් පසු ද බලයට පත් වූ සෑම ආණ්ඩුවක් යටතේම පාහේ රාජ්‍ය අනුග්‍රහය ලත් පාතාල කණ්ඩායම් තිබිණි. සොත්ති උපාලි, ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව හා ජුලම්පිටියේ අමරේ වැනි පාතාල නායකයන්ගේ නම් කියවෙන විට මෙරට වැඩිහිටියන්ට සිහිපත් වන දේශපාලනඥයෝ පිරිසක් ද සිටිති. මෙවැනි මැරවරයෝ දේශපාලන කටයුතු සඳහා ද යොදා ගනු ලැබූහ. ජයවර්ධන පාලන කාලයේ දී බියගම, මහියංගනය හා කැකිරාව වැනි ප්‍රදේශ විරුද්ධ පක්ෂවලට තහනම් කලාප විය. එකල එම අභියෝගයට මුහුණ දුන්නේ ජවිපෙ පමණි.
1982 ජනාධිපතිවරණයේ දී හා එම වසරේම පැවැති ජනමත විචාරණයේ දී රාජ්‍ය අනුග්‍රහය ලත් මැරවරයෝ ඡන්ද පොළවලට කඩා වැදී වෙනත් පක්ෂවල ඡන්ද නියෝජිතයන් පළවා හැර, මැතිවරණ නිලධාරීන් බිය ගන්වා ඡන්ද පත්‍රිකාවලින් ඡන්ද පෙට්ටි පිර වූහ. ඇතැම් තැන්වල ලකුණු කරන ලද තම ඡන්ද පත්‍රිකාව ඔවුන්ට පෙන්වා ඡන්ද පෙට්ටිවලට දැමීමට ඡන්ද දායකයන්ට සිදු වූ බව මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවක සඳහන් වේ. හොර ඡන්ද මැර ඡන්ද බවට පත් වූයේ ඒ කාලයේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූ නඩරාජා රවිරාජ්, ත්‍යාගරාජා මහේස්වරන්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ආදින්ගේ ඝාතන හා ජනමාධ්‍යවේ දී උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත ආදීන්ට පහරදීම් යන සිද්ධිවලට චෝදනා එල්ල වූයේ හමුදා සාමාජිකයන්ටය.
අනෙක් අතට දකුණේ ප්‍රාදේශීය සභාපතිවරයකු කාන්තාවන් සිය දෙනකු දූෂණය කිරීමේ සතුට සැමරීම සඳහා උත්සවයක් පැවැත් වූ බව කියවේ. තවත් ප්‍රාදේශීය සභාපතිවරයකුට බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. එහෙත් වසරකට පසු බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු (වත්මන් රජු) මැදිහත් වන තෙක් එම දේශපාලනඥයා අත්අඩංගුවට ගනු ලැබුවේ නැත. ඔවුනට ලැබුණු දේශපාලන පිටුබලය එතරම් ප්‍රබල විය. දේශපාලනඥයන් තම නිවෙස්වල හා වෙනත් තැන්වල මැරවරයන් යොදාගෙන වධකාගාර පවත්වාගෙන ගිය බවක් ද 1988/89 කාලයේ දී අසන්නට ලැබිණි.
පාතාලයට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ බරපතළ ප්‍රතිවිපාකය නම් දණ්ඩ මුක්තියයි. එනම් වැරැදිකරුවන්ට දඬුවම් නොලැබීමයි. එම සහතිකය ලැබුණු පසු පාතාලයේ ඉදිරි ගමන නවතාලීමට කිසිදු පොලීසියකට හෝ හමුදාවකට නොහැකිය. ඉන්පසු අපරාධ ඇත. එහෙත් අපරාධකරුවන් නැතැයි යන තත්වයක් ඇතිවේ. ශ්‍රී ලංකාවේ සිදු වූයේ ද එයයි. සර්පයාට කිරි පෙවූ පුද්ගලයෝ දැන් සර්පයා පෙන්වමින් දේශපාලනය කරති.
(*** එම්.එස්.එම්.අයුබ්)
පසුගිය 19 වැනිදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළ දී පාතාල නායකයෙකැයි සැලකෙන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඒ ආකාරයට ම
සම්මානනීය ප්‍රවීණ අංග රචනා ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු ද වූ වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අද (මාර්තු 01) පස්වරු 4.00 ට බොරැල්ල සුසාන භූමියේ දී සිද
’ග්ලෝබල් සවුත්’ හෙවත් අඩු සංවර්ධනයක් පෙන්නුම් කරන සහ සංවර්ධනය නොවූ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් චීනයේ මැදිහත් වීම පිළිබඳ විශේෂ කථිකාව
ඇස් දෙක පියාගත්තාම මට මනෝරාණිව මැවිලා පේනවා. ඇය කොණ්ඩේ පිච්ච මල් ගැහුවා. මනෝරාණි කොයි වේලාවකවත් ඉන්දියානු සාරි ඇන්දේ නැහැ. ඇය ඇන්දේ ඒ කාලේ ලංකාවේ හැමෝම
වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ
විදේශ තානාපති සේවය දේශපාලනීකරණය කිරීම නවත්වා ඒ උදෙසා වෘත්තිය ප්‍රවීණත්වයත්, කුසලතාවත් පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ජාතික ආරක්ෂාව අනතුරේද?