මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 73 වැනි ගුණ සමරු දිනය හෙටට (22) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1884 ඔක්තෝබර් මස 20 වැනිදා හාපිටිගම් කෝරළයේ උඩුගහපත්තුවේ පිහිටි බෝතලේ නම් ගම උපන් ඩී.එස්. යන කෙටි නාමයෙන් කවුරුත් ආදරයෙන් සිහිපත් කරන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ දැක්ම හා ගමන් මග වූයේ සරු සාර ලක් පොළොවේ කෘෂිකර්මය නගා සිටුවීමත් ජනතාව සුඛිත මුදිත කර බලශක්තියෙන් හා විධිමත් තාක්ෂණයෙන් දියුණු කර රට සෞභාග්‍යවත් කිරීමත්ය. මේ අරමුණ ඇතිව එතුමා නිදහසින් පසුව පළමු රජයේ ප්‍රමුඛතාව ලබාදුන්නේ මෙතෙක් සහනාධාර මත යැපුණු රට සියලු අයුරින් සංවර්ධනය කිරීමටයි. එතුමා අද කාලයේ ඇතැම් බුද්ධිමතුන් ලෙස අඳුනාගන්නන්ට වඩා විශිෂ්ට ගණයේ බුද්ධිමතකු ලෙස දුරදක්නා නුවණින් ද ප්‍රායෝගිකව කටයුතු කරන්නට විශිෂ්ට හැකියාවකින්ද හෙබි නායකයෙකි. ගැමියන් අතර ගැමියකු ලෙසත් ගොවියන් අතර ගොවියකු ලෙසත් ගැමි ජනවහර මැනවින් පරිහරණය කරන්නකු ලෙසත් එතුමා ජනතා හදවතට ළං වූවෙකි.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ‘ජාතියේ පියා’ යන විරුදාවලියෙන් සම්මානයට පත්වීමට සුදුස්සකු වූයේ ලක් මාතාවට තිරසාර ආර්ථික සංවර්ධනය ලබාදීමට ස්ථිර සාර අඩිතාලමක් සැකසීමට තමා දුටු සිහිනය ලක් පොළොවේ යථාර්ථයක් කිරීමට නොපැකිළිව ඉටුකළ සුවිශේෂ මෙහෙවර නිසාමය. ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහියට නගන විට එතුමා කරන ලද අමරණීය සේවාව පිළිබඳ මතක සටහනක් මෙලෙස කොටියෙන් පෙළ ගස්වන්නට අදහස් කළේ ජන හදවත් කළ අභිමානවත් සම්මානනයට ලක් කිරීමේ අපේක්ෂාවෙනි. තුන් කල් දුටු ශ්‍රේෂ්ඨ ජනහිතකාමි නායකයකු ලෙස එතුමා ඇරඹූ යුග මෙහෙවර අද බොහෝ දෙනාට අමතක වෙමින් ඇතත් වර්තමානයේ පවා එම ක්‍රියාදාමයේ ඵල අප භුක්ති විඳින බව සිහිපත් කළ යුතු වේ.
1915 දී ඇරැඹුණු සිංහල - මුස්ලිම් කෝලාහලය වකවානුවේ දී එෆ්.ආර්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එවකට දිවයිනේ ප්‍රබල මහජන සංවිධානයක්ව පැවති අමද්‍යප මහ සභාව, පරම විඥානාර්ථ සමිතිය, තරුණ බෞද්ධ සමිතිය එකට එක්ව ශක්තිමත්ව ක්‍රියා කරනු දුටු බ්‍රිතාන්‍ය රජය, සේනානායක තුන්පල (ඩී.එස්.,එෆ්.ආර්.,ඩී.සී.) වහාම සිරබාරයට ගනු ලැබීය. සති ගණනාවක් එතුමා ඇතුළු පිරිස මෙලෙස කටුක සිරබත් කෑවේ සිංහල ජාතිය නිදහස් කරගැනීමේ පරම අදිටනින් යුතුවය.
1931පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට මිනුවන්ගොඩ ආසන නියෝජිතයා ලෙස නිතරගයෙන් පත්වූ එතුමාට කෘෂිකර්ම ඇමති පදවිය හිමිවිය. ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තියට නව මුහුණුවරක් ලබාදුන් සේනානායක කෘෂිකර්ම ඇමතිතුමා 1933 දී ඉඩම් පනත සම්මත කරගත්තේය. 1934 දී මින්නේරිය ගොවි ජනපද ව්‍යපාරයට අඩිතාලම දමා ඇරැඹුණු ජනපද ව්‍යාපාරය වවුනියාවේ සිට සිංහල පත්තු දක්වාද ගල්ඔය මිටියාවතේ සිට පොතුවිල දක්වා ද කන්තලේ, සේරුවිල, අල්ලයි, පුල්මුඩේ වැනි ප්‍රදේශ දක්වා ද කඩිනමින් ව්‍යාප්ත කෙරුණි. අක්කර 1700ක ප්‍රදේශයක් පුරා පැතුරුණු කහගම කොලනියද, බලලුවැව වාරි ව්‍යාපාරයද මිනිපේ ව්‍යාපාරද, ගල්ඔය සේනානායක සමුද්‍රයද, ඩී.එස්. සේනානායක මැතිතුමා කෙටි කලක් තුළ මෙරට කෘෂිකර්මයට මෙන්ම සිරිලක සියලු ජාතීන්ට කළ මෙහෙවර පිළිබිඹු කරන විශිෂ්ටවූත් අනගිභවනීයවූත් සිහිවටනයන්ය.
1939 වසරේදී පන්නල් ඔය ව්‍යාපාරය දියත් කිරීම සඳහා අඩිතාලම දැමූ එතුමා කළ කතාවේ දී වියළි කලාපයේ ජනතාවට පානීය ජලය අත්‍යවශ්‍ය බව හා දරුවන්ට ඉගෙනීමට බාධා නොවන පරිදි පානීය ජලය ප්‍රමුඛතාවෙන් යුතුව ලබාදීමට ක්‍රියා කළ යුතු අයුරු පෙන්වා දුණි. වසර 75කට වැඩි කාලයක් ගතවී අදත් ජනතාව දුක් විඳින්නේ පානීය ජලය නොමැතිවය. මේ වනවිට ඩී.එස්. සේනානායක ප්‍රතිපත්තිය නොසලකා හැරීමේ සරදමට අප මුහුණ දී ඇති අයුරු මෙසේ පෙන්වා දිය හැකිය. 1946 දී ඩී.එස්. තම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජාතියේ නිදහස් සටන වඩාත් තීව්‍ර කරමිනි. ඒ සමගම එක්සත් ජාතික පක්ෂය බිහිකිරීම සඳහා ක්‍රියාකරමින් එවකට සිංහල මහ සභාව ලංකා ජාතික සංගමය, මුස්ලිම් සංගමය වැනි දේශපාලන සංගම් මෙන්ම ඉන්දියානු හා ලංකා දෙමළ නායකයන් රැසක් එකට එක් කිරීමටද එතුමාට හැකිවිය. මෙවන් එකමුතුවක් තුළින් ඉදිරියට පා තැබූ එතුමා 1948 පෙබරවාරි 4 දින ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසට තේරී පත්විය.
එතුමා ජාතික සමගිය ඉහළින්ම අගය කළ අතර ශ්‍රී ලාංකික ජාතික අනන්‍යතාව ගොඩනංවන්නට අත්‍යවශ්‍ය සාධක මැනවින් අඳුනාගෙන, දුර දක්නා නුවණින් යුතුව ගොවිජනපද ව්‍යාපාර හා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම තුළින් සුවිසල් මෙහෙවරක් ක්‍රියාත්මක කළේය. එහෙත් ගොවිජනපද ව්‍යාපාරයත්, ආර්ථික සංවර්ධන ක්‍රියා දාමයත්, ජාතින් අතර සමගියෙන් ඉදිරියට යන්නට බිහිකළ එක්සත් ජාතික පක්ෂයත් ඒ අයුරින්ම පවත්වාගෙන යාම පටු දේශපාලන ඉලක්ක හඹාගිය විවිධ නායකයන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ඉතා දරුණු ලෙස පරිහානියටත් කඩා කප්පල් වීමටත් පත්විය. මෙය පසු කාලීන සිද්ධින් හා ඇති වූ විනාශකාරි කුරිරු යුද්ධයටත් මග පෑදු ප්‍රධාන කරුණක් වූ බවට අද බොහෝ දෙනාගේ මතය වී ඇත.
එතුමා ආගමික පුනරුදයක් ඇති කිරීමට වෙහෙර විහාර නවීකරණයට කටයුතු කර මහියංගන පුදබිම ප්‍රතිසංස්කරණය ද ඇරඹීය. ඩී.එස්. සේනානායක මහතාගේ සුවිශේෂ වූ කාර්යභාරයන් හි ප්‍රතිඵලයක් ලෙස අද මහියංගන නගරය ගොඩනැගෙන්නේද එම අඩිතාලම මතයි. ත්‍රිපිටකය මුද්‍රණයට මූලික අත්තිවාරම දැමීය. අනුරාධපුර නවනගරය ඇති කළේය. රුවන්වැලි සෑරදුන් ප්‍රතිසංස්කරණයට ප්‍රබල නායකත්වයක් දුන්නේය. එතුමා ශාසනයට කොතරම් කැපවුණිද යත් තම මුතුන් මිත්තන්ගේ පරපුරෙන් පැවති ඉඩකඩම් රැසක් එකතු කරමින් සුවිශේෂ වූ සෙනසුනක් වන සල්ගල ආරණ්‍ය මුල් කොට බුදු සසුනට පුදනු ලැබීය.
නිදහස් මන්දිරය තැනීමත්, ඒ අවට පෙදෙස නිදහස් චතුරශ්‍රය ලෙස නම් කිරීමත් එතුමා ගේ කාලයේදීම සිදුවිය. කොළඹ ක්‍රමය ද එකල ඇරඹූ ශ්‍රී ලංකාවට මහඟු සේවාවක් වූ ව්‍යාපාරයකි. එතුමා මාධ්‍ය නිදහස අගය කළ නායකයෙකි. 1946 වනවිට ජනතාවට මාධ්‍ය ළංකරමින් මෙරට ගුවන් විදුලිය ඇරඹීමට කටයුතු සම්පාදනය කළේය.
උඩවලවේ ජලාශ යෝජනා ක්‍රමය පිළිබඳ මූලික පිඹුරුපත් සකසන්නේද 1948 ඩී.එස්. අගමැතිතුමාගේ කාලයේදීය. එහි මූලික සමීක්ෂණ වාර්තාව 1954 දී එළිදක්නට හැකිවිය. පසුකලකදී ක්‍රියාත්මක කෙරුණ මිනිපේ ඇළ, කාගම සංවර්ධන ව්‍යාපාරය, තෝපා වැව සංවර්ධනය, හුරුලු වැව ප්‍රතිසංස්කරණය ආදි වැදගත් ව්‍යාපෘතීන්ද ඇරඹීය. අදටත් රිදී බැඳි ඇළ ව්‍යාපාරය මගින් ප්‍රතිලාභ ලබන ජනතාව දහස් ගණනකි.
වනසතුන්, වෘක්ෂලතා ඇතුළු පරිසරය සංවර්ධනයේ නමින් විනාශ නොකොට මතු පරපුරට සුරක්ෂිතව භාරදීමට අපේක්ෂා කළ එතුමා 1938 වැනි ඈත කාලයක රුහුණු (යාල) හා විල්පත්තු අභය භූමි නිත්‍යනුකූලව ස්ථාපිත කළේය.
ගලා යන ගංගා හරස් කර ජල විදුලි නිපදවීමට ආරම්භක පියවරක් ලෙස ලක්ෂපාන විදුලි බලාගාරය රටට හඳුන්වා දුන්නේ එතුමාගේ කාලයේදීය. 1923 දී ඇරැඹුණු සමුපකාර ව්‍යාපාරය ද එතුමාගේ සංකල්පයකි. එය ගොවි ජනපද ව්‍යාපාරයටද, දෙවැනි ලෝක යුද සමයේදීත් පසුකාලීනවත් මහත් සේවාවක් කරන ලදී. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම ද එතුමා ආරම්භ කළ උඩරට ගැමියාට මහඟු උපකාර වූ වැඩපිළිවෙළකි. ඩී.එස්. සේනානායක මහතා තුන්කල් දුටු ජනනායකයෙකි. එතුමා නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ඇති කළේය. නිදහස් අධ්‍යාපනය තුළින් බිහිවූ විද්වතුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් අද රටටම ආඩම්බරයකි. ලොවේ සෑම තැනකම අපේ නැණවතුන් කීර්තිමත් ලෙස බැබළෙන්නේ ඩී.එස්. සේනානායක නාමය ද සදානුස්මරණීය ලෙස බබළවමිනි.
නිදහස් සෞඛ්‍ය මගින් ජනතාව සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහිකිරීම එතුමා දුටු තවත් ශ්‍රේෂ්ඨ සිහිනයකි. 1951-57 සය අවුරුදු සැලැස්ම තුළින් එතුමා අායෝජන වැඩ පිළිවෙළක්ද ඇරඹූ අතර එතෙක් තිබූ මුදල් මණ්ඩලය ක්‍රමය වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව ඇරැඹීමට සියලු කටයුතු සකසා තිබුණි.
වස විස නැති රටක් මුලින්ම ගොඩනගන්නට, රජරට සහලින් සමෘද්ධිමත් කරන්නට මුල්අඩිතාලම දැමුවේ එතුමා විසිනි. රජරට වැව් යළි ගොඩනගා, කුඹුරු අස්වද්දා, ජනපද පිහිටුවා, නව ගම්බිම් හා නගර උදා කිරීමේ නිදහස් ශ්‍රී ලංකාවේ මුල් සැලසුම්කරුවා, නියමුවා නිර්මාතෘවරයා ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණෝය. එතුමා අප්‍රතිහත ධෛර්යයෙන් ගොඩනැගූ ගොවිජනපද ව්‍යාපාර බොහෝ ප්‍රශ්නවලට පිළියම් බවට අද පෙනුණත් ඒ බව නොසලකමින් පෙන්නුම් කරන පිරිසක් බිහිවී ඇත. රටේ ජනනායකයන් පවා බිහි කරන්නට තරම් වටිනාකමක් හා ප්‍රභවයක් එම ජනපද ව්‍යාපාරය තුළ තිබෙන බව වර්තමානයේ සක්සුදක් සේ පෙනෙන කරුණකි.
අතීතයේ මෙන්ම වර්තමානයේ ද අනාගතයේ ද ඩී.එස්. නාමයට හිස නමා කෘතගුණ පූර්වක ආචාර කිරීම යුතුකම් හා සාරධර්ම ගරුකරන්නන්ගේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන මහත්මා ගුණයකි. ගල්ඔය මිටියාවතේ ජනතාව අදටත් දේවත්වයෙන් පුද සත්කාර පවත්වමින් වන්දනාමාන කරනුයේ ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ටයි.
(***)
ඩී.එස්. සේනානායක ගුණ සමරු කමිටුවේ
මහලේකම් ආචාර්ය අයි. දිසානායක.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 73 වැනි ගුණ සමරු දිනය හෙටට (22) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් වන පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය පැවැත්වීමට මේ වන විට නාම යෝජනා කැදවමින් තිබේ. රටේ මධ්‍යම ආණ්ඩුව ට ඍජුවම ඉ
කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “
බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත
මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ ප
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ජාතියක් අවදි කළ ජාතියේ පියා ඩී.එස්.