IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජාතියට අහිමි වූ පොලිස් විරුවා

පොලිසිය සම්බන්ධයෙන් බොහෝවිට ලිවීමට සිදුවන්නේ ඉහළ – පහළ පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් සම්බන්ධයෙනි. පිහිටක්, පිළිසරණක්  පතා පොලිසියට යන සාමාන්‍ය ජනයාට සිදුවන නොසලකා හැරීම් ගැනය. එහෙත් අද අපට ‘පොලිස් විරුවකු’ පිළිබඳව ලිවීමට සිදු වී තිබේ. එහෙත් තමන් පිළිබඳව ලියැවෙන මෙම සටහන කියැවීමේ වරම ඔහුට අහිමිය. ඒ පොලිස් රාජකාරිය වෙනුවෙන් සිය භද්‍ර වූ යෞවන ජීවිතය ඔහු පූජා කර ඇති හෙයිනි.

චාවකච්චේරියේ, තැපැල් කන්තෝරුව පාර පළමු පටුමග පදිංචි ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන්නේ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් මහමෙරක් උසට බලාපොරොත්තු සහිතවය. පොලිස් පුහුණුවෙන් පසුව පොලිස් ස්ථාන ගණනාවක රාජකාරි කළ ඔහු අවසන් වරට සේවය කරමින් සිටියේ ජා ඇළ පොලිස් ස්ථානයේය.

ඉකුත් 23 වැනිදා ඔහු සේවයට වාර්තා කළේය. නිති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට ජා ඇළ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු අත්විලංගු සමගින්ම පොලිසිය ආසන්නයේම ඇති ජා ඇළ ඇළට පැන ඇත. ඒ බේරී පලායාමටය. පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ද වහා ඇළට පැන සැකකරුට පැන යාමට ඉඩ නොදී තම ග්‍රහණයට ගැනීමට කටයුතු කළහ. මෙම පොලිස් පිරිස අතර ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් ද සිටියේය. ඇද හැලෙන මහ වැසි නිසා ජා ඇළේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

සැඩ දිය පහර බොහෝ සෙයින් අනතුරුදායක බව ක්‍රිෂ්ණ මූර්තිට තේරුම් යන්නට ඇත. එහෙත් රාජකාරිය සතු වගකීම ඊටත් වඩා හොඳින් ඔහුට දැනෙන්නට ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පිරිස සමත් වුවද ක්‍රිෂ්ණ මූර්ති සැඩ දිය පහරේ ගසාගෙන ගියේය. ඔහුගේ සිරුර ඊට පසු දා සොයා ගැනිණි.

රාජකාරිය, දේවකාරියටත් වඩා උසස් යැයි සැලකූ එහෙයින්ම රාජකාරිය අවංකව හා උපරිමයෙන් මෙන්ම වගකීමෙන් ඉටු කළ යුගයක් තිබිණි. එහෙත් පසුකාලීනව මෙම තත්ත්වය වෙනස් වී ඇති බව ඉතා පැහැදිලිය. බොහෝ දෙනකුට රාජකාරිය යනු මාසේ පඩිය ලැබීමට අවස්ථාවක් පමණි. ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් වීරයකු වන්නේ එම රාජකාරිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ හෙයිනි.

ඕනෑම අයකුට තමන්ගේ ජීවිතය තරම් වටිනා අන් යමක් මෙලොව නැත. අප සියලු දේ කරන්නේත්, සියලු බලාපොරොත්තු ගොඩ නගා ගැනෙන්නේත් ජීවිතය වෙනුවෙනි. ඒ ජීවිතය තම රාජකාරිය වෙනුවෙන් පූජා කළ හැකි නම් හෙතෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විරුවෙකි.

අප රට තිබෙන තැන සම්බන්ධයෙන් කිසිවකුට හෝ සතුටු විය නොහැකි බව ඒකාන්ත සත්‍යයකි. රට මෙම දරුණු ඉරණමට ගොදුරු වූයේ තම තමන්ගේ යුතුකම් සහ වගකීම් නිසි රිසි ලෙස ඉටු නොකළ නිසාය යන්නත් එපමණටම සත්‍යයකි. මෙම චෝදනාව පාලක පාලිත දෙපාර්ශ්වයටම පොදුය. අවසානයේදී පිළිතුර වශයෙන් ආදේශ කරගෙන ඇත්තේ රටින් පලා යාමය. දුරු රටකට ගොස් දුක් විඳීමය.

ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් අපට සුවිශේෂී වන්නේත් අගනා වටිනා ආදර්ශයක් බවට පත්වන්නේත් රාජකාරිය වගකීමකින් යුතුව ඉටු කළ නිසාය. රාජකාරියක් වෙනුවෙන් ජීවිතය පූජා කළ යුතු නැත. එහෙත් අවශ්‍ය වන්නේ නම් එම ජීවිත අවදානම බාරගත යුතුය. එම ආදර්ශය සපයමින් දිවියෙන් සමුගත් ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන්ට අපගේ ආචාරය මෙසේ පුද කරමු.

(***)



අදහස් (4)

ජාතියට අහිමි වූ පොලිස් විරුවා

Perera Tuesday, 28 November 2023 06:10 PM

පොලිසියේ ඇතැම් ඉහළ තනතුරු දරන නිලධාරීන් මෙතුමාව නිදසුනකට ගත්තොත් පොලිස් දෙපාර්තමේන්තුවේ නැතිවී තිබෙන කීර්ති නාමය නැවත ගොඩනගාගැනීමට හැකිය.

:       0       4

ආරියපාල ටී. හේවගේ Tuesday, 28 November 2023 07:30 PM

තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීමට කැප වූ ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් මහතාට/ විරුවාට ශ්‍රී ලාංකික සැමගේ ගෞරවය හිමිවිය යුතුයි. එසේ වන්නේ... ශ්‍රී ලංකාව අද තිබෙන තත්වයට වැටී ඇත්තේ විශේෂයෙන්ම රජයේ සේවය කරන අති බහුතරය තම වගකීම් කොටස නිසිලෙස ඉටු කිරීමට කැප වී නොමැති බැවිනි. එම තත්වය තුළ ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් රටට අවශ්‍යම මිනිසෙකි, පුරවැසියෙකි, රජයේ සේවකයෙකි. රජය ඔහුගේ පවුලේ අයට සෑහෙන ප්‍රමාණයේ වන්දියක් ගෙවීම සිදුකරනු ඇතැයි සිතමි. එය රජයේ යුතුකමකි. එමෙන් ම ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් විරුවාව පොලිස් විරුවන්ගේ නාම ලේඛනයේ ලියැවිය යුතුයි. ඔහුට උසස් වීමක් ද ලබාදිය යුතුයි...!

:       0       6

Ahamed Wednesday, 29 November 2023 10:12 AM

අපිට මේ වගේ පොලිස් නිලධාරීන් අවශ්‍යයි.

:       0       6

Vijaya Monday, 04 December 2023 03:19 PM

හොඳයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1071 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4558 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 412 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site