IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජේ.ආර් ගේ ව්‍යවස්ථා පෙරැළිය

1977 දී ජුනියස් රිචඩ් ජයවර්ධන දේශපාලනයේ ඉහළටම යොමුවෙමින් අග්‍රාමාත්‍යධුරයේ බලය අල්ලා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ සියලු දෑ මුළුමනින් වෙනස් වූයේය. සැවොම ජේ. ආර්. යනුවෙන් හැඳින්වූ ඔහු දේශපාලනයේත්, ආර්ථියේත්, මැතිවරණ ක්‍රමයේත් ඇතිකළ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාව පූර්ණ වෙනසකට ලක්වූයේය.

මෙම වෙනස්කම් අත්විඳින්නට ප්‍රමාණවත් වයසින් යුක්ත වූ අපි ජේ. ආර්. රැගෙන ආ පරිවර්තනය දෑසින් දුටුවෙමු. මේ අයුරින් මුළුමනින් කළ වෙනස්කම් ඔස්සේ ශ්‍රී ලංකාවට වඩා හොඳ තත්ත්වයක්  උදා වුණි ද නැතහොත් රට තවත් නරකට හැරිණි ද යන්න තවමත් විවාදාපන්න කරුණක්ව පවතී. 

1973 ඩඩ්ලි සේනානායකගේ අභාවයෙන් පසුව ජේ. ආර්. එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් වූයේය. එජාපයේ නියෝජ්‍ය නායක රණසිංහ ප්‍රේමදාස සමග එක්ව ජේ. ආර්. විවිධ ජන කණ්ඩායම් එක්කොට අර්ධ වැඩවසම් එජාපයත් ගොඩ නගා එය ජනප්‍රියත්වයට පත් කළේය. ඔහු 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පෙර නොවූ විරු ජයග්‍රහණයක් ලබන්නට එජාපය මෙහෙය වූයේය. එජාපය ආසන 168න් ආසන 141ක් ජයග්‍රහණය කළේය.

1977 දී අග්‍රාමාත්‍ය ධුරයටත්, 1978 දී පළමු විධායක ජනාධිපති ධුරයටත් පත්වීම ඔස්සේ සිදුවූ මහා වෙනස්කම් වැදගත් ක්ෂේත්‍ර තුනකට අයත් බව පෙනී යයි. පළමු වැන්න ආර්ථිකය නිදහස් කිරීම හා නිදහස් ව්‍යවසාය ක්‍රමය දිරිමත් කිරීමයි. දෙවැන්න බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වනු ලැබූ වෙස්මිනිස්ටර් මාදිලියේ පාර්ලිමේන්තු පාලනය විධායක ජනාධිපති ක්‍රමයකට පරිවර්තනය කිරීමයි. ඒ සමගම පාර්ලිමේන්තුවේ අගය පහළ වැටිණි. තුන්වැන්න, පාර්ලිමේන්තු ආසනය තුළ වැඩි ඡන්ද ලබා ගන්නා තැනැත්තා දිනීමේ කේවල මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමයි. මෙම වෙනස්කම් තුන විසින් ශ්‍රී ලංකාව සමස්ත පරිවර්තනයට ලක් කරනු ලැබීය. කෙසේ වුවද මෙම ලිපිය ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ධුරයට සහ මා පෙර ලියු ලිපි ඔස්සේ ඉතිහාස ගත කරුණු කෙරේ අවධානය යොමු කිරීමට පමණක් සීමා වනු ඇත. 

ජනාධිපති ක්‍රමයේ දැක්ම 

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ක්‍රමය පිළිබඳ තම දැක්ම ගැන මුලින්ම කරුණු කියා පෑවේ 1966 දෙසැම්බරයේය.
1965-70 ඩඩ්ලි සේනානායකගේ එජාප රජයේ, රාජ්‍ය ඇමතිව සිටිය දී ජේ. ආර්. විද්‍යාභිවර්ධන සංගමයේ දී ජනාධිපති ක්‍රමය පිළිබඳ පුරෝගාමී කතාව සිදු කළේය. 1966 දෙසැ. 14 වැනිදා එහි මුඛ්‍ය දේශනය කළ ජේ. ආර්. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සිය දැක්ම විස්තරකොට එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ පැවති ජනාධිපති ක්‍රමයට පක්ෂව තර්ක ඉදිරිපත් කළේය.

විධායකය තෝරාගනු ලබන්නේ සෘජුවම ජනතාවගෙනි. එය ව්‍යවස්ථාදායකය පවතින කාල පරිච්ඡේදය තුළ විශේෂිත වසර කිහිපයකට ඒ මත රැඳෙන්නක් වන්නේ නැත. එවැනි විධායකයක් නිශ්චිත වසර කිහිපයකට අයත් ශක්තිමත් විධායකයක් වනවා මිස පත් කරගනු ලැබු ව්‍යවස්ථා දායකයේ ඕනෑ එපාකම්වලට යටත් වන්නක් නොවේ. පාර්ලිමේන්තුගත පක්ෂයේ වාරණයක් නිසා එය ජනප්‍රිය නොවන නිවැරදි තීරණ ගන්නට බිය නොවන විධායකයකි යනුවෙන් ඔහු කියා සිටියේය. ජේ. ආර්.ගේ දැක්මේ හරය ජනතාවගෙන් සෘජුවම තෝරාගනු ලබන විධායකයක් මිස පත්කර ගත් ව්‍යවස්ථාදායකයේ ඕනෑ එපාකම් මත තීරණය වන්නක් නොවේ’ යන වචන තුළ අන්තර්ගත වී තිබිණි. තමන්ගේ විධායක ජනාධිපති දැක්මට  සහාය ලැබෙන ආකාරයේ තථ්‍ය යෝජනා ඊට අවුරුදු 6කට පසුව 1970-77 සිරිමාවෝ බණ්ඩාරනායක සමගි පෙරමුණු රජය කාලයේ එළි දුටුවේය. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම උදෙසා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාව බවට පරිවර්තනය වූයේය. එවකට ඩඩ්ලි සේනානායක එජාප නායකයාව සිටිය දී ජේ. ආර්. විපක්ෂ නායකයා වූයේය. 

1971 ජුලි 2 වැනිදා ජේ. ආර්. ව්‍යවස්ථාදායක සභාවට යෝජනාවක් ගෙන ආයේය. එය මෙසේය. රාජ්‍යයේ විධායක බලය ජනරජයේ ජනාධිපතිවරයාට පැවරිය හැකිය. ඔහු එම බලය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව ක්‍රියාවේ  යෙදවිය යුතුය. ජනරජයේ ජනාධිපතිවරයා වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියකු​ගේම ඡන්දයෙන් අවුරුදු හතක කාල පරිච්ඡේදයකට පත් කර ගත යුතුය. ජනරජයේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ මූලාසනය දැරිය යුතුවේ.

එවකට මැද කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වූ රණසිංහ ප්‍රේමදාස ව්‍යවස්ථාදායක සභාවේ දී ජේ. ආර්ගේ යෝජනාව ස්ථිර කළේය. විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව ජේ.ආර්. ව්‍යවස්ථාදායක සභාවේ දී චතුර ලෙස තර්ක ඉදිරිපත් කළේය. එම යෝජනාව පරාජය කෙරිණි. එවකට පැවති ව්‍යවස්ථාදායක සභාවෙන් ජේ.ආර්.  ‘ප්‍රේමදාස’ යෝජනාව ප්‍රතික්ෂේප කෙරිණි. 

සමගි පෙරමුණු රජය අලුත් ජනරජ ව්‍යවස්ථාව 1972 මැයි 22 වැනිදා ගෙන ආවේය. ඊට පෙර සෝල්බරි ව්‍යවස්ථාව යටතේ තිබූ අග්‍රාණ්ඩුකාර තනතුර ඉවත්වී ඒ වෙනුවට ජනාධිපති තනතුර ආයේය. එවකට ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින් වූ පාර්ලිමේන්තුවට බලය පැවරිණි. ඒ අතර ජනාධිපති විලියම් ගොපල්ලව (නිසි බලයක් රහිත) නාමික රාජ්‍ය නායකයා බවට පත්විය. සැබෑ බලය අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක වෙතම රඳවා ගන්නා ලදී. ඩඩ්ලි සේනානායක 1973 දී අභාවප්‍රාප්ත වූ පසු එජාපයේ නායකයා බවට ජේ.ආර්. පත්විය. හෙතෙම කඩිනමින් තම නායකත්වය තහවුරු කරගෙන පක්ෂය තම පූර්ණ පාලනයට නතු කර ගත්තේය. එවිට ජේ.ආර්. තම විධායක ස්ථානාධිපති පදවිය පිළිබඳ දැක්ම හඹා යා හැකි ප්‍රබල ස්ථාවරයකට පැමිණියේය. 

1977 ජූලි පාර්ලිමේන්තු මැතිවරණය 

1977 ජුලි මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයේ එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙසේ සඳහන් වී තිබිණි. විධායක බලය මහජනයා විසින් කලින් කලට පත් කරනු ලබන ජනාධිපතිවරයකුට පවරනු ලැබේ. ව්‍යවස්ථාව ඔස්සේ අපට සුපුරුදු පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරනු ලබන අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය හොබවනු ලබන පක්ෂයෙන් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයකු තෝරාගනු ලැබේ. කැබිනට්  අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් පත් කරනු ඇත. 

අගමැති ක්‍රමයෙත්, විධායක ජනාධිපති ක්‍රමයකට මාරුවීම 1977 එජාප මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් කී ප්‍රධාන කාරණයක් විය. ආසන 168න් 141ක් දිනා ගනිමින් එජාපය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. 1977 ජුලි මාසයේ ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයා බවට පත්විය. ඔහු මහත් ආසාවෙන් සිතේ රඳවාගෙන සිටි විධායක ජනාධිපතිධුරයට පත් වීමට අවශ්‍ය කටයුතු ඔහු ලහි ලහියේ කරන්නට ගත්තේය. විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීමේ අරමුණ කරා යන්නට අවශ්‍ය කටයුතු ප්‍රමුඛ පෙළේ නීතිඥයකු වූ මාර්ක් ප්‍රනාන්දු (පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) සමග එක්ව ජේ.ආර්. ජයවර්ධනත්, පක්ෂයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් කිහිප දෙනකුත්  කරන්නට යුහුසුළු වූහ. ඊට අදාල මූලික සාකච්ඡා 1977 අගෝස්තු 7 වැනිදා පැවැත්විණි. පළමුව කෙටුම්පත් කරන ලද්දේ 1972 ජනරජ ව්‍යවස්ථාවට ගෙනෙන සංශෝධනයකි. එම සාකච්ඡාවෙන් පසු එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට හදිසි ජාතික අවශ්‍යතාවක් ලෙස තහවුරු කරන ලදී. 

පළමු විධායක ජනාධිපති 

ඉන් අනතුරුව කතානායකවරයා විසින් එය ව්‍යවස්ථාමය අධිකරණයට යොමු කරන ලද්දේ හදිසි පනත් කෙටුම්පතක් ලෙසයි. ඒ අනුව ව්‍යවස්ථාමය අධිකරණය පැය 24ක් ඇතුළත කෙටුම්පත අනුමත කරන ලදී. ඉන් අනතුරුව එය විවාදය සහ ඡන්ද විමසීම උදෙසා ජාතික  රාජ්‍ය සභාවට ඉදිරිපත් කෙරිණි. ඉන් අනතුරු  එම කෙටුම්පත 1977 සැප්. 22 වැනිදා එවකට ජාතික රාජ්‍ය සභාව විසින් දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස පිළිගන්නා ලදී. විධායක බලය ජනාධිපතිවරයා වෙත මාරු කරන ලදුව ජේ. ආර්. ජයවර්ධන 1978 පෙබරවාරි 4 වැනි නිදහස් දිනය දා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් වූයේය. 

ව්‍යවස්ථා සංශෝධන සඳහා තේරිම් කමිටුවක් 

මේ අතර 1972 ව්‍යවස්ථාව මුළුමනින් ඉවත්කොට ඒ වෙනුවට නව ව්‍යවස්ථාව ගෙන එමේ අරමුණ  උදෙසා ජේ. ආර්. ක්‍රියා කළේය. 1977 ඔක්තෝබර් 20 වැනිදා එවකට  කතානායක  ආනන්ද තිස්ස ද අල්විස් හට ව්‍යවස්ථාමය සංශෝධන සිදු කිරීම උදෙසා තේරීම් කමිටුවක් පත් කිරීමේ හැකියාව ලැබෙන යෝජනාවක් ජාතික රාජ්‍ය සභාව සම්මත කළේය. තේරීම් කමිටුවට ප්‍රධාන වශයෙන්ම බලය පැවරුණේ ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව සහ වෙනත් අනෙකුත් ලිඛිත නීති සංශෝධනය උදෙසා අවශය කරුණ සලකා බැලීමය. 1977 නොවැම්බර් 3 වැනිදා පාර්ලිම්න්තු තේරීම් කමිටුව නිවේදනය කෙරිණි. මුල් කාලයේ එහි සභාපතිවරයා වූයේ එවකට පාර්ලිමේන්තුවේ බටහිර කොළඹ නියෝජනය කළ ජේ.ආර්. ජයවර්ධනයි. 

කෙසේ වුවද 1978 පෙරබවාරියේ ජනාධිපති පදවියේ දිවුරුම් දීමෙන් පසුව ජේ.ආර්. ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අත්හරින්නට සිදුවිය. තේරීම් කමිටුවේ කටයුතු කරමින් සිටි රණසිංහ ප්‍රේමදාස 1978 පෙබරවාරි 23 වැනිදා එහි සභාපතිවරයා ලෙස කතානායකවරයා විසින් පත් කරන ලදි. එසේම ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරයට ද පත්විය. 

‘ජේ.ආර්. ව්‍යවස්ථාව’ 

කලින් දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ආ විධායක ජනාධිපති ධුරය මේ වනවිට අලුත් කෙටුම්පත් කළ ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබිණි. ඒ අනුව විධායක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා බවටත් ආණ්ඩුවේ ප්‍රධානියා බවටත් පත්විය. කලින් 1978 සැප්තැම්බර් 7 වැනිදා ප්‍රකාශයට පත් කළ අලුත් ව්‍යවස්ථාව ‘ජේ. ආර්. ව්‍යවස්ථාව’ ලෙස ජනතාව අතර ප්‍රසිද්ධියට පත්විය. 

එයින් පෙනී යන්නේ ජේ.ආර්. ජයවර්ධන මුලින්ම විධායක ජනාධිපති ධුරය අලුත් ව්‍යවස්ථාවෙන් රැගෙන ආවේ නැති බවයි. ඔහුට තුනෙන් දෙකේ බහුතර බලය තිබිය දී විධායක ජනාධිපති ධුරය ගෙන එන අලුත් ව්‍යවස්ථාව එනතුරු ඉවසා ඉන්නට හොඳටම අවස්ථාව තිබිණි. ජේ. ආර්. එසේ කළේ නැත. ඔහු යම් තරමින් හෝ කාලය අපතේ නොයවා දෙවැනි ව්‍යවස්ථා  සංශෝධනය ප්‍රකාශයට පත් කොට ජනාධිපති පදවිය තහවුර කර ගත්තේය. අලුත් ව්‍යවස්ථාව ගෙන ඒමට පෙර ජේ. ආර්. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම විශාල ලෙස විවේචනයට ලක්විය. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ ඔහුට තිබුණ හදිසිය නිසාමය. 

ලසසප නායක ආචාර්ය එන්. එම්. පෙරේරා 

පරිණත ට්‍රොස්ට්කිවාදීයකු වූ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා, එවකට පාර්ලිම්න්තු මන්ත්‍රීවරයකු නොවූ අතර මෙම කාරණය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල  ප්‍රසිද්ධ දේශනයක දී පළ කළේය. එම දේශනය පොත් පිංචක් ලෙස ප්‍රකාශයට පත්විය. එහිදී ආචාර්ය එන්. එම්. පෙරේරා මෙසේ ප්‍රකාශ කළේය. 

මෙම පනත් කෙටුම්පත  කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරය නිසා එය යම්තරමින් අපගේ සැකයට භාජන විය. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඔය තරම් හදිසියක් ඇයි ? ව්‍යවස්ථා සංශෝධන අවුරුද්දක හෝ දෙකකට බලපාන්නක් නොව සදාකාලිකව බලපාන්නට ඒ තුළ විභවතාව ඇත. ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථා සංශෝධන කරන්නට කඩිමුඩියේ කටයුතු කළ ආකාරයෙන් කටයුතු කළ වෙන කිසිම රටක් ගැන මට සිතාගත නොහැකිය. බොහෝ ව්‍යවස්ථා සංශෝධන ඵල දරන්නට අවුරුදු ගණන් කල් ගතවේ. බොහෝ රටවල් ඊට බලපාන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර ජනමත විචාරණ පවා පවත්වයි. මේ රටේ බොහෝ දෙනා ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩුවක් ගැන වෙනස් මතයක් බොහෝ සෙයින් දරන්නට ඉඩ  තිබේ. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම මත ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඇති අයිතියට බාධා කරන්නේ ඇයි ? මේ රටේ ජනතාවට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මත පළ කිරීමට ඇති අයිතිය කෙරේ සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි ? 

එජාප රජය අලුත් ව්‍යවස්ථාවකින් විධායක ජනාධිපති ක්‍රමය ගෙන එනු වෙනුවට කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධනයකින් එම ක්‍රමය ගෙන එන්නේ ඇයි ද යන තාර්කික ප්‍රශ්නය බොහෝ සාකච්ඡා කවවල දී මතු කෙරිණි. මෙකී විවේචනාත්මක ප්‍රශ්න සියල්ල  තිබිය දී ඒවා නොසලකා හැර ජේ. ආර්. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු කරගෙන ගියේය. 

ජේ. ආර්. එතරම් කඩිමුඩියේ කටයුතු කළේ ඇයි? 

ජේ. ආර්. ජයවර්ධන එතරම් කඩිමුඩියකින් කටයුතු කළේ එජාප කඳවුරේ සිටි මන්ත්‍රීවරුන් සමග කිසිම අවදානමක් දැරීමට ඔහුට නොහැකිවූ නිසයි. අගමැතිවරයාගේ බලතල අඩු කරන පාර්ලිමේන්තුවේ අගය පහත හෙළන තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගත වන බලයක් ස්ථාපිත කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමට සියලු පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ගැනීම එඩිතර වූ අවදානම් සහිත සුදූ ක්‍රීඩාවක් හා සමානය. එය සිය කැමැත්තෙන් දංගෙඩිය  මත ගෙල තබන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්  ඉල්ලා සිටීමකි.

එම නිසා හැකි ඉක්මනින් විධායක ජනාධිපති ක්‍රමය ගෙන ඒම අත්‍යවශ්‍ය විය. එය පමා කිරීමෙන් එය සැක කිරීමට හා ඊට විරුද්ධත්වය පෑවේ අවස්ථාවකට ඉඩ සැළසෙනු ඇත. එම නිසා ජේ. ආර්. බලගතු වීමට කෙතරම් ශීඝ්‍රයෙන් ඉදිරි කටයුතු ඒ සඳහා කළේ ද යත් රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ මන්ත්‍රීවරු ඊට ‘ජයවේවා’ කියා ඔල්වර නැගූහ.  

තමා අගමැතිවරයා බවට පත්වීම ගැන ප්‍රේමදාස අමන්දානන්දයට පත්විය. අගමැති තනතුරු කීර්තිමත් නමකින් හෙබි කාර්යාල කාර්ය සහයකයකුගේ තත්ත්වයට පත්ව ඇති බව ඔහු දැනගන්නා විට කල් පමා වූවා වැඩිවිය. දේශපාලනය යනු කල දුටු කල වල ඉහ ගැනීමේ කලාවකි. එම නිසා අලුත් ව්‍යවස්ථාවකින් විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට වඩා ව්‍යවස්ථා සංශෝධනයකින් එකී තනතුරට පත්වීම ජේ.ආර්. තෝරා ගත්තේය.

තවත් කොටසක් මීළඟට...

ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි


“2022/9/14 Daily FT පත්‍රයේ පළ වූ Srilanka was Changed utterly by JR Jayawardane” ලිපියේ පරිවර්තනය-  සමන් පුෂ්ප ලියනගේ.



අදහස් (1)

ජේ.ආර් ගේ ව්‍යවස්ථා පෙරැළිය

Jagath Sunday, 06 November 2022 09:28 AM

කාලකන්නි ව්‍යවස්ථාවක් ගෙනල්ලා රට කෑවා.

:       3       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 147 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 800 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1326 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 182 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 417 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 585 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site