අහස් ගැබේ නිල් තරු කැට එකින් එක මෝදු වෙමින් තිබිණි. කිසිම කිසිවක් නැති නිසල අවකාශය තිබුණේ උඩින් නිල් අහසත් යටින් සයුරත් පමණකි. පස්වරු 7ට රෝමය අසබඩ ‘සිවිටාවෙඩියා’ වරායෙන් පිටත් වූ ”කොස්වා කොන්කෝඩියා” නෞකාව මධ්‍යධරණි මුහුද ඔස්සේ යාත්‍රා කරමින් තිබිණි. සුන්දර නිවාඩුවක් අපේක්ෂාකරන තුන් දහස් දෙසිය හයක් වන සංචාරක පිරිසකුත් කාර්ය මණ්ඩලයට අයත් එක්දහස් විසි තුන් දෙනෙකුත් මේ නෞකාවේ ගමන් කරමින් සිටියහ. ඔවුන්ගෙන් වැඩි පිරිස ඉතාලි ජාතිකයන් වූ අතර ප්‍රංශ ජර්මන් සභා ස්පාඤ්ඤ ජාතික සංචාරක ඔවුන්නොවුන්ගේ භාෂාවන්ගෙන් රාත්‍රී අහසේ චමත්කාරය ගැන දොඩමළු වූහ. සමහරු නැව් අංගන මත සිටියත් තවත් පරිසක් සිටියේ අවන්හල්වලය. වැඩි දෙනෙක් සිටියේ රාත්‍රි භෝජනයට සූදානම් වෙමිනි. කානිවල් සමාගමට අයත් වූ කොස්වා කොන්කෝඩිය නෞකාව වූ කලී ඉතාලියට අයත් විශාලතම මගී නෞකාවලින් එකකි. ලෝක මගී නෞකාව වූ කලී ඉතාලියට අයත් විශාලතම මගී නෞකාවලින් එකකි. ලෝක මගී නෞකා ලැයිස්තුවේ දහතුන් වැනි විශාලතම නෞකාව වූ මෙය දිගින් අඩි 952 ක් විය. තට්ටු 17 සහිත මෙහි මගීන් 3700 ටද ගමන් කළ හැකි විය. 2006 ජූලි මාසයේදී සිය මංගල ගමන ඇරඹූ කෝස්වා කොන්කෝඩියා නැව 2008 වසරේ නොවැම්බර් 22 දා දැඩි සුළඟකට අසුව පැමාමෝ වරායේ ජැටියක හැප්පිණි. ඉන් වූ ”තුවාල” වලට වහාම පිළියම් කෙරුණු අතර ඉක්මනින්ම යළිත් මුහුදු ගමන් ආරම්භ කළේය. 2012 ජනවාරි 13 කොන්කෝඩියා නෞකාව බාරගෙන දැනට වසර දහයකි. ඒ දස වස පුරා ඔහු මධ්‍යධරණී මුහුද ඔස්සේ මගීන් දස දහස් ගණනක් රැගෙන ගියේය. ඔහු නේපල්ස් හි පිහිටි සිය නිවෙසට ඇමතුමක් ගත්තේය. අම්මා රෝස් කතා කළාය. අම්මා මම දැන් ඉන්නෙ ගිගිලියෝ දූපතට කිට්ටුවෙන්. අද පුදුම විදිහට සීතල දවසක්. මෙය සත් දින ගමනකි. මාර්ෂෙල් සහ බාසිලෝනා වරායවල නතර කර තැබීමටද නියමිත වන මේ සංචාරයට එක්ව සිටි වැඩිදෙනෙක් තම නිවාඩුව ප්‍රිතියෙන් ගතකිරීමට පැමිණියවුන්ය. රාත්‍රි අඳුර කෙමෙන් මෝරා එමින් තිබිණි. මුහුදු සුළඟ වඩාත් සීතලට හමා ගියේය. දැඩි අඳුර නිසාදෝ ඈත විශ්වයේ වූ දසදහසක් තරු කැටවල දීප්තිය තරමක් වැඩිය. පරිසරයට පෙම් බැඳි සංචාරකයෙක් අහස දෙස බලා සිටි නමුත් වැඩිදෙනෙක් සිටියේ අවන්හල්වල හා ඔවුනොවුන්ට අයත් කාමරවලය. නෞකාවේ ඒ ඒ තට්ටුවල අවන්හල් 17කුත් බොජුන් හල් 17කුත් විය. මේ හැම ශාලාවක්ම පිරී තිබිණි. වේලාව පස්වරු 8.35 මෙතෙක් වේලා දකින්නට තිබුණේ නිල් අහසත් මහ මුහුදත් පමණකි. එහෙත් එක් වරම ගොඩබිමක දර්ශනය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගත්තේය. ඒ ගිග්ලියෝ නම් වන දූපතට අයත් සමුද්‍ර ස්වභාවික රක්ෂිතයයි. වේලාව රාත්‍රි 9.30 නෞකාව සේන්දු වන්නේ ගිග්ලියෝ දූපතට මීටර් 300 ක් තරම් ඔබ්බෙනි. එක්වරම ඇසුණේත් දැනුණේත් දැඩි කම්පනයක් සහ තියුණු හඩකි. නැව යම් කිසිවක ගැටුණු බව නියමුවාට සිතිණි. වේලාව රාත්‍රී 9.35 නෞකාව අඳුරෙහි ගිලිණි. එහි විදුලිය සැපයුම කිසියම් හේතුවක් නිසා අඩාල වූ නිසාය. බොහෝ සංචාරකයෝ උන් හිටි තැන් වලින් නැගිට්ටාහ. වේලාව රාත්‍රී 9.45 අනතුරු හඟවන නලාහඬ නිකුත් විය. දිගු ඛණ්ඩ දෙකකින් සහ කෙටි ඛණ්ඩයකින් සමන්විත වූ මේ නලා හඬ නාවික කාර්ය මණ්ඩලයට කියන්නේ නෞකාව කිසියම් ගැටලූවකට මුහුණ දී ඇති බවයි. වේලාව රාත්‍රී 9.50 නැවෙන් නැගුණු අනතුරු හැඟවීමේ නලා හඬින් බය භිරාන්තව සිටි සංචාරකයෝ එකිනෙකාගේ මුහුණ බැලූහ. මොකද වුණේ. මිනිස්සු එකිනෙකාගෙන් අසා ගත්හ. බොජුන් හල් මේස මත වූ ආහාර බඳුන් සහ පිඟන් බිම වැටුණේ සංචාරකයන්ගේ සිරුරු පවා ඉඳුල් වලින් නහවමිනි. කලබල වූ සංචාරකයෝ තම තමන්ගේ කාමර කරා දිව ගියේ ආරක්ෂිත කබා පැළඳ ගැනීම පිණිසය. ආරක්ෂිත කබාවලින් සැරසුණු සංචාරකයනට පුංචි තිරයෙන් දුටු ටයිටැනික් චිත්‍රපටය සිහියට නැගීය. ලේකයේ වඩාත්ම ආන්දෝලනාත්මක නෞකා විනාශය වූයේ ටයිටැනික්ය. ගීතයට චිත්‍රපටයට නවකතාවට නැගුණ ටයිටැනික් සිද්ධිය ලෝකවාසීන්ගේ දෙනෙත් අග කඳුළු පුරවාලන්නට සමත් වූවකි. එකී බිහිසුණු නෞකා විනාශය සිදුවී දැන් සියවසකට කිට්ටුය. ටයිටැනික් සියවස සමරනු වස් තවත් එවැනිම විනාශයක් සිදුවේ යැයි කිසිවෙක් සිතුවේ නැත. වේලාව රාත්‍රි 10 යි. ඇතැම් සංචාරකයෙක් හතරවැනි තට්ටුව කරා දිවගියේය. ජීවිතාරක්ෂක බෝට්ටු රඳවා තිබුණේ මේ හතරවැනි තට්ටුවෙහි වන නිසාය. මේ අතර නැවේ කපිතාන් උත්සාහ කරමින් සිටියේ නැව ගිලීයාමෙන් වලක්වා ගැනීමටය. ගිග්ලියෝ වෙරළ කරා රැගෙන ගියහොත් නැවට ගිලීයන්නට ඉඩක් නැත. සර්චෙට්ටිනෝ සිය මවට යළිත් ඇමතුමක් ගත්තේය. නැව වැලිකන්දක හැපුණා. ඒත් හැමදෙයක්ම සංසුන්ව සිද්ධවෙනවා. මං හදන්නේ මගීන් බේරාගන්නයි. මට ආයේ කතාකරන්න බැරිවුණොත් අම්මා කලබල වෙන්න එපා. වේලාව රාත්‍රි 10.10 කෙටි ඛණ්ඩ හතක් සහ දිගු ඛණ්ඩයකින් යුත් නලා හඬ ඇසිණි. එම සංඥාවේ අරුත නැව අතහැර යන්න යන්නයි. ඒ සමගම ජිවිතාරක්ෂක බෝට්ටු නැවෙන් මුහුදට පතිත විය. ඒවනවිටත් නැවෙන් නික්ම යන්නට සූදානම්ව සිටි සංචාරකයෝ වහ වහා බෝට්ටුවලට නැග ගත්හ. තවත් සමහරෙක් බෝට්ටුවලට ගොඩවන්නට වෙහෙසුනහ. වේලාව රාත්‍රි 10.20 නැව් මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ විය. වෙරළාරක්ෂක අධිවේගී බෝට්ටු සහ හෙලිකොප්ටර් අනතුරට පත් නෞකාව වෙත ළඟා වූහ. ගිග්ලියෝ දූපතේ ශක්ති සම්පන්න මිනිස්සු ද වෙරළට එක් රොක්ව සිටියහ. බෝට්ටු වලින් හෙලිකොප්ටර් වලින් රැගෙන එන මගීන් තුවාලකරුවන් බාර ගැනීමට ඔවුහු බලා සිටියහ. ගීග්ලියෝ දූපතේ වෙරළ මෙන්ම නෞකාව ද අතිශයින්ම කලබලකාරීය. ගිලෙන නැවක් සමග මුහුදු බත් වන්නට අකමැති වූ ඇතැම් මගියෙක් තමාට බේරී යන්නට අවස්ථාව එනතුරු බලාසිටිය නොහැකිව මුහුදට පැන්නාහ. මුහුද අතිශය සීතල වතුරින් පිරී තිබුණත් ඒ සීතල අතරේ ඔවුහු ජීවිතය පතා පිහිනූහ. මෙසේ මුහුදට පනිද්දී සමහරුන්ගේ අත් පා බිඳිණි. නැව අවට වූ කොරල් පරවල සමහරු වැදුණු අතර ඔවුනට තුවාල සිදුවිය. වේලාව රාත්‍රි 11.15 ප්‍රථම ජීවිතාරක්ෂක බෝට්ටුව දූපතට සේන්දු විය. බෝට්ටුවෙන් ගොඩබිමට පිවිසි මගීහු තම තමන්ගේ ඥාතීන් දුවා දරුවන් මව් පියන් ගැන සිතූහ ඔවුන් ඊළඟ බෝට්ටුවකින් දූපතට ළඟා වනතුරු බලා සිටින්නට වූහ. ජීවිතාරක්ෂක බෝට්ටු එකක් පස්සේ එකක් වශයෙන් දූපතට ළඟා වන්නට විය. වේලාව රාත්‍රි 11.40 නැවේ කපිතාන් ප්‍රැන්සෙස්කෝ ස්චැටිනෝ සොයා ගැනිණි. ඒ වනවිටත් හොදටම කලබලයට පත්ව සිටි ඔහු සිටියේ බෙහෙවින්ම විඩාපත්වය. ජනවාරි 14 සෙනසුරාදා වේලාව අලූයම 1.30 මියගිය තිදෙනකුගේ සිරුරු හමු විය. ඉන් දෙකක් ප්‍රංශ ජාතික සංචාරකයන්ගේ වූ අතර එකක් පේරුවියානු නාවික කාර්්‍ය මණ්ඩල සමාජිකයකුගේය. වේලාව අලූයම 2.30 තවත් මිනිසුන් 300ක් තම ජීවිත ගලවාගැනීමේ අපේක්ෂාවෙන් යුතුව බලා සිටියි. ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම තවදුරටත් සිදු කෙරෙයි. වේලාව අලූයම 6.00 අනතුරට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරවූ එන්නියෝ අකුයිල්නෝ පැවසුයේ නෞකාවේ සිරවී සිටි තවත් පුද්ගලයකු බේරාගත් බවයි. ඔහු කිසියම් අනතුරකින් කකුලක් කැඩුණු තැනැත්තෙකු බවයි. ඔහුගේ සේවකයන් විසින් මිනිසුන් සියයක් පමණ දෙනා මුහුදේ පිහිනමින් සිටියදී බේරාගනු ලැබූ බවද කීවේය. තවත් දෙනෙකු පමණ නැවේ සිර වී සිටියදී බේරා ගනු ලැබිණි. ජනවාරි 15 ඉරිදා පෙරවරු 12.15 නෞකාවේ සිරවී සිටි තවත් මිනිසුන් දෙදෙනෙකුගේ ජිවිත බේරාගන්නට හැකිවිය. පෙරවරු 12.58 29 හැවිරිදි දකුණු කොරියානු යුවලක් ඔවුන්ගේ කුටියේ සිරවී සිටියදී බේරාගනු ලැබිණි. සදාකාලික සිහිවටනයක් වනු පිණිස තම මධුසමය ගතකිරීමට පැමිණි මේ යුවල දකුණු කොරියානුවෝ වූහ. ඉයන් සහ ඩොනෙන් නම් වූ මේ යුවළ මධුසමයේ ප්‍රීතිය භුක්ති විදිමින් තම කාමරය තුළටම වී සිටියහ. ඔවුන්ද හරියටම ටයිටැනික් නෞකාවේ සිටි බව කියන රෝස් සහ ජැක් යන පෙම්වතුන් යුවළ වැන්න. ටයිටැනික් නෞකාවට එකී පෙම්යුවළ ගෙන ආවේ පසුකාලීන චිත්‍රපටය වෙනුවෙන් වුවත් ඩොනෙන් යුවළ නම් අනතුරට පත් නෞකාවේ සිටි සැබෑම පෙම්වතුන්ය. මතු දවසක කොස්වා කොන්කෝඩියා නෞකාවත් චිත්‍රපටයට නැගුණහොත් මේ පෙම් යුවළට හිමිවනුයේ අමරණීයත්වයකි. වේලාව පෙරවරු 7 නැවේ තුන්වැනි තට්ටුවෙන් බිහිසුණූ හඩක් නැගිණි. මධ්‍යහ්න 12.00 හෙලිකොප්ටරයක් මගින් නෞකාවේ ආරක්ෂක නිලධාරී මැරිකෝ ජිම්පියොට්රෝනි බේරාගනු ලැබිණි. ඔහු සිටියේ කකුලක් කැඩි නැගිට ගැනීමටවත් නොහැකිවය. පස්වරු 1.15 මගීන් 11ක් කාර්ය මණ්ඩලය සාමාජිකයන් 6 ක් අතුරුදන්ව තිබේ. පසු සටහන නාවික අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නැවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගනු ලැබිණි. නැව අනතුරට පත්වූයේ පේනරේටරයේ වරදක් නිසා බව කියැවුණත් නිවැරදි හේතුව අනාවරණය කරගැනීමට දැන් පරීක්ෂණ පැවැත්වේ. නැවේ දත්ත ගබඩාව වන කළු පෙට්ටිය හමු වූ විට නාවික අනතුරට නිවැරදි හේතුව සොයා ගත හැකිය. මේ වනවිට මළසිරුරු 11ක් හමුවී ඇති අතර අතුරුදන් වූවන්ගේ ගණන 26 කි. නවකතාකරුවන්ට හා චිත්රපටකරුවන්ට මේ සිද්ධිය ද ස්වකීය නිර්මාණ සඳහා කදිම අත්දැකීමක් විය හැකිය. එහෙත් ඒ සියල්ල අයිති හෙටටය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටයිටැනික් සියවස සමරමින් මුහුදුබත් වූ "දෙවන ටයිටැනික්"
කේ.ජී. බුද්ධිකා Monday, 23 January 2012 08:09 PM
මම ගොඩාක්ම කම්පා වුණා
ප්‍රේමලාල් පෙරේරා Thursday, 26 January 2012 02:19 PM
කිසිදු කෙනෙකුට මෙවන් විපත් වෙන්න එපා. නමුත් තමන්ගෙ කර්ම විපාක ඉදිරියට ආවාම කාටවත් ඒකෙන් ගැලවෙන්න බැහැ