IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඩබ්ලිව් හතරේ හිතුවක්කාරයා

ප්‍රවීණ රංගධරයකු, තිර රචකයකු, ගීත රචකයකු වූ ඩබ්ලිව්. ජයසිරි කලාකරුවාගේ අවසන් කටයුතු අද (24) බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.

‘‘ඩබ්ලිව් අකුර මුලකුරට පාවිච්චි කළ සහ කරන අය අපේ රටේ ඕනෑ තරම් ඇත. එහෙත් ඩබ්ලිව් ජයසිරි සම්බන්ධයෙන් ඩබ්ලිව් යනු මුලකුරක් නොව තනිකරම නමකි. අනන්‍යතාවකි.

ලංකා වේදිකාවේ සිනමාවේ රූපවාහිනියේ ඩබ්ලිව් අයිතිය මූලික වශයෙන් තහවුරු වී ඇත්තේ ජයසිරිටය.

ඩබ්ලිව් ජයසිරි යනු අකුරු හතරේ නම් දෙකකි. ඔහු මාගේ වැඩිහිටි මිත්‍රවරයෙකි. මා ඔහු ඇසුරු කරන්නට භාග්‍යය ලද, ඔහුට පසු පරපුරක සාමාජිකයෙක්මි.

වරෙක, නෙත් ගුවන් විදුලියේ විකාශය වූ සත්‍යා ගුවන් විදුලි නාට්‍යයේදී, මාගේ පිටපතකට ඔහු අධ්‍යක්ෂණය කරන්නට වරම් ලැබූවෙමි. ඔහු එහි ගුණපාල මුදලාලි වන විට, මා ඔහුගේ රියැදුරා වන ප්‍රේමසිරි වූයෙමි. ඒ වූකලී, මා වැනි ලිලිපුට්ටකු ලද ගලිවර ඇසුරකි. දුලබ අවස්ථාවකි.

ඩබ්ලිව් ජයසිරි කුළුඳුල් ප්‍රාසාංගික ටෙලි නාට්‍යය වන ‘මුරුගසං‘ අධ්‍යක්ෂණය කරන විට එය තිර රචනය කිරීමේ භාග්‍යය ද ලදිමි. මා එයට තෝරාගැනීම ගැන ප්‍රසිද්ධියේ මෙසේ තුති පුදමි. ඔහු විසින් මා ද මා විසින් ඔහු ද සම්මුඛ සාකච්ඡාවලට ලක්කරනු ලැබ තිබේ. වරෙක නිවේදකයකු රහිත සාකච්ඡාවකට අපි දෙදෙනාම සහභාගි වීමු. ඒ වී එෆ් එම් හි ‘දන්න දෙන්නෙක්‘ වෙනුවෙනි.

කුඩා මා සහ විශාල ජයසිරි අතර, නිර්මාණ හා බැඳුණු කෙටි ඉතිහාසය එසේය. ඉතින් මට පෙනෙන ඩබ්ලිව් ජයසිරි කවුද? එය මෙසේ පැහැදිලි කරමි.

ඩබ්ලිව් කියා සිංහලෙන් ලියද්දී අකුරු හතරයි. මම ඩබ්ලිව් අකුරු හතරකින් පටන් ගන්නා ඉංග්‍රීසි වචන හතරකින් ඔහු හඳුනාගන්නට වෙර දරමි.

1️ පළමු ඩබ්ලිව් සහිත වචනය,

Wise (වයිස්)

ඩබ්ලිව් ජයසිරි සම්බන්ධයෙන් මේ වචනය මැනවින් ගැලපේ. ඔහු  කල්පනාකාරීය. දැනමුතුය. ප්‍රඥාවන්තය. ඔහුගේ ඇසුරට අප ලොල් වන්නේ එහෙයිනි.

2️ දෙවැනි ඩබ්ලිව් සහිත වචනය Warm (වෝම්)

ඔහු හිතවත්ය. උණුසුම්ය. මිත්‍රශීලීය. අප ජයසිරි අයියා කියන විට ඔහුට අප මචං ය. කලාතුරකින් හමුවන සංස්කෘතික මචංවරයෙකි ඩබ්ලිව් ජයසිරි. ඔහු සමග සල්ලාපය අධ්‍යාපනික ය.

3️ තුන්වැනි ඩබ්ලිව් සහිත වචනය, Worthy. (වර්දි)

ඔහු අපට වටනේය. රංගනයේ අයනු ආයනු සොයන්නන්ට ජයසිරි අධ්‍යයනය ඉහළතම පාඨමාලාවක් වනු නිසැකය. එහෙයින්ම ඔහු ගරු කටයුතුය.

4 සිවුවැනි ඩබ්ලිව් සහිත වචනය Wild. (වයිල්ඩ්)

මේ, ඩබ්ලිව් ජයසිරිට හරියටම ගැලපෙන ඩබ්ලිව් අකුර විය හැකිය. 

ඔහු වචනයේ අර්ථයටත් එහා වයිල්ඩ්ය. දඩබ්බරය. හිතුවක්කාර ය. කට කෑවත් කියන්න තියෙන දේ කියයි. හිත රිදෙයි කියා ඇත්ත නොකියන්නේ නැත. කතාවද වැඩද කෙළින්ය. කෙළින් ඉන්නට බැරිම වුණොත්, බැරි වුණ බව පිළිගන්නවා මිස එකක් තියාගෙන වෙන දෙකකින් කෙළින්න යන්නේ නැත.

ස්ථාපිතය ඉදිරියේ ඩබ්ලිව් ජයසිරි දමනය නොවේ. නොදැමුණු ය. සාන්තුවර සංස්කෘතිය ඉදිරියේ ඔහු පට්ට වල් ය. එහෙත් ඔහු කිසිවිටෙකත් ඇල් නැත.”

මේ සටහන මම ලිව්වේ, ජයසිරි සොයුරා වෙනුවෙන් සුදර්ශී සහෘදයන් සංවිධාන කළ උපහාර උළෙලේදී ඉදිරිපත් කරන්නටය.

ඔහුගේ සගයන් ජීවිතයෙන් නික්ම යන සෑම මොහොතකම ඔහු මෙසේ පැතුවේය.

“සුබ සිහින දකින දිගු නින්දක් පතමි !”‍

අද ඔහු වෙනුවෙන් අපට එයම ලියන්නට සිදුව තිබේ. 

පුරාවෘත්තයක් වූ වැඩිහිටි මිත්‍රයා, මතක සාගරයක් අප වෙත ඉතිරි කර තබා, ඈත සිතිජයෙන් එපිටට ගොස් ඇත.

ජයසිරි අයියේ, සමාජයක් හැටියට දුටු සුබ සිහින සැබෑ වෙමින් පවතින මොහොතක, ඔබ දිගු නින්දකට යෑම, ශෝකය වැඩි කරවයි. හද බර ය. සෝ බර ය.

 

(*** විමල් කැටිපෙආරච්චි)



අදහස් (1)

ඩබ්ලිව් හතරේ හිතුවක්කාරයා

මැක්ස් Wednesday, 25 September 2024 10:27 AM

අමුතු මිනිහෙක් ගැන අමුතු විදිහට ලියන්න ඕනෑ යැයි සිතමින් සිංහල ව්‍යාකරණ පිළිබඳ නොසැළකිල්ලෙන් තම දේශපාලන සගයා උත්කර්ෂයට නැංවීමට ලියුවකි. ඩබ්ලිව් ජයසිරි කලාකරුවාට නිවන් සුව අත් වේවා!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 44 0

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 57 0

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


​ජනතා සිහින සැබෑවේද?
2024 සැප්තැම්බර් මස 25 77 0

තවත් වසර පහක කාලසීමාවකට අදාළව නව විධායක විධායක ජනාධිපතිවරයකු ජනතාව විසින් පත් කර ගනු ලැබ අවසන්ය. නව ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලන තන්ත්‍රය හමුවේ ඇති ප්‍ර


ඩබ්ලිව් හතරේ හිතුවක්කාරයා
2024 සැප්තැම්බර් මස 24 904 1

ප්‍රවීණ රංගධරයකු, තිර රචකයකු, ගීත රචකයකු වූ ඩබ්ලිව්. ජයසිරි කලාකරුවාගේ අවසන් කටයුතු අද (24) බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.


ජනපතිගේ අනාගත අභියෝග
2024 සැප්තැම්බර් මස 24 1110 0

ගාලු මුවදොර පිටිය පිරෙන්න රැස්වීම්වලට සෙනඟ ගෙනාවත් මෙතෙක් මැතිවරණවල ඡන්ද ගණන් කළ විට ලක්ෂ 04 ට 05 ට වඩා ඡන්ද නොලැබුණු පක්ෂයක් මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම


අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 2809 3

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36908 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24348 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site