ශ්රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත් ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරියුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව් යෝක් නුවර දී පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට අමෙරිකාවට ගොස් සිටින ජනාධිපතිවරයා නිව් යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එහි මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශය කර තිබිණි.
ජනාධිපතිවරයාගේ අමෙරිකානු සංචාරයේ ප්‍රමුඛ අරමුණු මහා මණ්ඩල සැසිවාරය ඇමතීම වුවද මහ ලේකම් ගුටරේස් මහතා සමඟ පැවැති හමුව මෙවැනි ඇරියුමක් කිරීමට යොදා ගැනීම අපේ රටට ඉතා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් බව කිව යුතුය. මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම කවදා හෝ සිදුවිය යුතුව තිබුණත් ඒ සඳහා ඉදිරිපත්ව කටයුතු කිරීමට කිසිම නායකයකු පෙරමුණ ගත්තේ නැත. ඒ අර්ථයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉහළින්ම අගය කළ යුතුය. මේ ඇරියුමට ඩයස්පෝරාව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිදැයි තවම කිව නොහැකි වුව ද ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම ද නොපමාව සිදුවිය යුතු යැයි අපි සිතමු.
මෙරටින් පිටව ගොස් යුරෝපයේ සහ බටහිර රටවල සමූහ වශයෙන් පදිංචිව සිටින ද්‍රවිඩ ජනසමාජය එම ඩයස්පෝරාව නියෝජනය කරයි. මේ ඩයස්පෝරාවේ සාමාජිකයෝ මෙරට වෙසෙන ඔවුන්ගේ ද්‍රවිඩ ඥාති සමූහයා සමඟ නිරන්තරයෙන් සබඳතා පවත්වති. එසේම එතෙර සිටිමින් ශ්‍රී ලංකාවේ රජයේ කටයුතු දෙස විමසුම් ඇසින් බලා සිට ප්‍රබල ලෙසට විවේචනාත්මකව අදහස් දක්වන පිරිසක් වශයෙන්ද ඔවුහු නමක් දිනාගෙන සිටිති. ඩයස්පෝරාවේ එම අදහස් දැක්වීම් සහ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන අන්තවාදී, අසාධාරණ සහ අයුක්ති සහගත හැසිරීම් වශයෙන් මෙරට බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව හඳුන්වන බව ද රහසක් නොවේ. ජනාධිපතිවරයාගේ එකී ආරාධනයේ වැදගත්කම වඩාත් කැපී පෙනෙන්නේ එබැවිනි.
ද්‍රවිඩ ඩයස්පෝරාව එතෙර සිටිමින් ශ්‍රී ලංකාවට එරෙහිව කොතරම් කෙනෙහිලිකම් කළත් ඔවුන් සමඟ සංවාදයක් ඇතිකර ගැනීමට එය බාධාවක් කර නොගත යුතු බව පෙන්වා දිය යුතුය. මෙවැනි සාකච්ඡාවකට ඔවුන් කිසියම් හෝ අනුකූලතාවක් දැක්වුවහොත් ඒ සමඟ යම් කොන්දේසි ඉදිරිපත් වීමට ඉඩ තිබෙන බව ද ඒ සමඟ වටහාගත යුතු වෙමු. ඉල්ලීම කෙරුණේ යහපත් චේතනාවෙන් නම් එවැනි කොන්දේසි පිළිබඳ වැටහීමක්, අවබෝධයක් ඇතිව ක්‍රියාකිරීම අවශ්‍ය වනු ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ මෙරට බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බවත් එය මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ කැපී පෙනෙන පෙරළියක් වූ බවත් කාටත් අමතක නැත. මේ බව වඩාත් හොඳින් දැනෙන්න ඇත්තේ උතුරේත් නැගෙනහිරත් දේශපාලන නායකයන්ටය.
තමන්ගේ සහායක් නොමැතිව රජයක් පිහිටුවිය නොහැකි බවට සුළු ජාතික නායකයන් තුළ මුල් බැසගෙන තිබූ ආකල්පය වෙනස් වීමට ද එම මැතිවරණ ප්‍රතිඵලය හේතු විය. එහෙත් එම අවස්ථාවෙන් ලද වාසිය මෙරට ජනතාව විසින් විසඳාගත යුතු වන අභ්‍යන්තර ගැටලුවලට විසඳුමක් සෙවීම සඳහා සාර්ථකව යොදාගත්තා ද යන්න සැක සහිතය. ශක්තිමත් පදනමක සිටිමින් ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සහ දුක් ගැනවිලි ආමන්ත්‍රණය කිරීමට තිබූ හොඳම අවස්ථාවක් වත්මන් ආණ්ඩුව අතහැර දමා ඇති බවක් පෙනෙන්නට තිබිණි. ජනාධිපතිවරයාගෙන් ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡාවට එන්නැයි ඇරියුමක් කෙරෙන්නේ එවැනි පසුබිමකය.
ජාතීන් අතර සැකය සහ අවිශ්වාසය පවතිද්දී අභ්‍යන්තර ගැටලුවලට තිරසාර විසඳුමක් සෙවීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමකි. මුලින්ම කළ යුත්තේ සැකය සහ අවිශ්වාසය දුරුකර ගැනීමය. යුද්ධය අවසන් වී වසර 10ක් ඉක්ම වී ගියත් තවමත් එවැනි ප්‍රවේශයක් ගැනීමට නොහැකි වීම රටේ ඉදිරි ගමනට අවාසියකි. එයට සිංහල නායකයන් පමණක් නොව ද්‍රවිඩ නායකයන් ද වගකිව යුතුය. අඩුම තරමින් යුද්ධයට තුඩු දුන් හේතු සහ යළිත් එවැන්නක් සිදු නොවීමට ඇතිකර ගත යුතු සංහිඳියාව පිළිබඳ විමර්ශනය කොට සකස් කෙරුණු උගත් පාඩම් සහ සංහිඳියාව පිළිබඳ කමිටුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද සැබෑ උනන්දුවකින් ක්‍රියා නොකිරීමෙන් එය හොඳින්ම පැහැදිලි වෙයි.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව උතුරේ ද්‍රවිඩ පක්ෂ නායකයන් විසින් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් සඳහා ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් විය. එහෙත් ඒවාට ආණ්ඩුවෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවක් දැන ගන්නට නැත. වරක් ටී.එන්.ඒ. නායක ආර්. සම්පන්ධන් මහතා ඇතුළු නායකයන් කිහිප දෙනකු ඉල්ලා තිබූ සාකච්ඡාවක් සඳහා අවස්ථා ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වුව ද අවසන් මොහොතේ දී එය වැළැක්වී ගියේය. රටේ අභ්‍යන්තර ගැටලු, අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගැනීමට ජනාධිපතිවරයා තුළ තිබෙන ඕනෑකම එවැනි සිදුවීම්වලින් තවදුරටත් අධෛර්යවත් වන බව කිව යුතුය. ඩයස්පෝරාවට කෙරුණු ඇරියුමට ද ඒ ඉරණම අත් නොවනු ඇතැයි ද එය රටේ ගැටලු විසඳා ගැනීමට යහපත් ප්‍රවේශයක් වනු ඇතැයි ද අපි සිතමු.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩයස්පෝරාවට කළ ඇරියුම අත් නොහළයුතු ප්‍රවේශයක්