මුදල් හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමටත් අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙළෙඳ ණයක් ලබාදීමටත් ඉන්දියාව එකඟතාව පළ කර ඇත් ද?
ඉන්දියාවෙන් ඉල්ලා ඇති ආධාරවලට අවශ්‍ය කටයුතු තවමත් අවසන් කර නොමැති බවක් පෙනෙන්නට තිබේ. රටේ විදේශ (බාහිර) මූල්‍ය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන නිසාත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට රට ට ඇති නොහැකියාව නිසාත් ඉන්දියාවේ ආධාරය ඉතා වැදගත් වේ. කෙසේ නමුත් ගෙවුම් ශේෂයේ තිබෙන අසමතුලිතාවට එය මධ්‍යකාලීන විසඳුමක් නොවේ.
අවිනිශ්චිතතාව
මෙම ලිපිය ලියන මොහොතේදී, මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගොස් ඉල්ලූ ආධාරය ලැබී ඇත් ද? සාකච්ඡාවලින් එම ප්‍රදානය හෝ ආධාරය ලබාගැනීමට සමත්ව ඇත් ද? තවදුරටත් සාකච්ඡා සිදුවනවා ද? යන්න පැහැදිලි නැත. විශේෂයෙන්ම ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් ව නොමැති නිසා අදාළ ආධාර හෝ ණය පහසුකම්වලට හෝ අදාළ කටයුතු අවසන් වී ඇත් ද නැත් ද යන්න පැහැදිලි නැත.
ඉන්දීය සංචාරය
ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දීය සංචාරයකින් පසුව, දෙසැම්බර් 3 වැනිදා නැවත මෙරටට පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දියාව සමඟ මූල්‍ය ගිවිසුමක් ඇති කරගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. මෙමඟින් රට මේ වන විට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය තරමක් දුරට නිරාකරණය කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. කෙසේ නමුත් තවමත් නිල නිවේදනයක් හෝ ආණ්ඩුව පාර්ශ්වයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත?
එම නිසා අදාළ ආධාර පැකේජවලට අදාළ කටයුතු අවසන් වී ඇත් ද නැත් ද යන්න සම්බන්ධයෙන් අනුමාන සහ මත ඉදිරිපත් වෙමින් තිබේ. මෙම ආධාර ලබාගැනීමට අදාළව දැඩි කොන්දේසි තිබේ ද?
වගවීම
ඉන්දීය ආණ්ඩුවේ මූල්‍ය වගවීම සහ ප්‍රඥාව (නුවණක්කාර බව) මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි කොන්දේසියක් පැනවීමේ ඉඩක් තිබේ. එනම් ඉන්දියාවේ අදාළ ආධාර පැකේජය ලබාගැනීමට නම්, කොන්දේසියක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු වේ ද? මුදල් හුවමාරු ගිවිසුමටත් (Currency Swap) එය අදාළ වේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ කෙරෙන ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් ද කොන්දේසි ඉදිරිපත් වනු ඇති අතර ඒවා සම්බන්ධයෙන් තවමත් එකඟතාව පළ වී නැත.
අවශ්‍යයෙන් කළ යුතු දෑ
ශ්‍රී ලංකාව රටේ තිබෙන දුර්වල විදේශ මූල්‍ය (බාහිර මූල්‍ය) තත්ත්වය මඟ හරවා ගැනීමට නම් ඉන්දියාවෙන් ප්‍රමාණවත් මූල්‍ය සහාය ලබාගත යුතු වේ. ඉන්දියාවෙන් ලබාගන්නා මූල්‍ය සහායෙන් දැනට පවතින ආහාර, ඖෂධ, පෙට්‍රෝලියම්, ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අවසන් කළ හැකි ය.
ඉල්ලීම
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරුවක් (Currency) සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයන සඳහා ණය පහසුකමක් (Credit Line) ඉල්ලා ඇත. රට දැනට මුහුණ දී තිබෙන දුර්වල විදේශ මූල්‍ය තත්ත්වයෙන් සහ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන යනාදියේ හිඟය අවසන් කිරීමට එම මුදල් ප්‍රමාණවත් වේ.
මුදල් හුවමාරු ගිවිසුම (Currency Swap)
ශ්‍රී ලංකව ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරු පහසුකම මීට කලකට පෙර ඉල්ලන ලද්දකි. එහෙත් එය සිදුවන බවක් පෙනෙන්නට නොතිබිණි. ඇතැම් විට ඉන්දියාව ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි කියනවා වන්නට පුළුවන. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ලබාගන්නා ණය ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇප ණය පැකේජයක් (IMF Bailout Package) ලබාගැනීමට එකඟතාව පළ කරන්නැයි ඉන්දියාව, ශ්‍රී ලංකාවට අවධාරණය කරනු ඇත.
කොන්දේසි
අපේ රටේ විදේශ මූල්‍ය මේ වන විට ඉතා අවදානම් සහගත සන්ධිස්ථානයකට පැමිණ තිබේ. එම නිසා මේ මොහොතේ දී අපට ද ඉන්දියාව කියා සිටින ඕනෑම කොන්දේසියකට එකඟ වීමට සිදු වේ. උපායමාර්ගික කර්මාන්ත සහ සේවාවල කෙරෙන ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් අපට එකඟතාව පළ කිරීමට සිදුවනු ඇත.
උපකාරී නමුත් ප්‍රමාණවත් නැහැ
ඉන්දියාවෙන් ලැබෙන ආධාරය කෙටි කාලීන සහනයකි. එහෙත් රටේ විදේශ මූල්‍යයේ තිබෙන මූලධාර්මික දුර්වලතාව විසඳෙන්නේ නැත. මේ නිසා අප, විදේශ මූල්‍යයේ තිබෙන දුර්වලතාව විසඳා ගැනීමටත් ඉදිරි මාස 12ක කාලයේ දී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට වඩා වැඩි ණය නැවත ගෙවීමේ වගකීම් ඉටු කිරීමටත් හැකි වන ආකාරයේ ප්‍රමාණවත් සහ ප්‍රායෝගික විසඳුමක් සෙවිය යුතු වේ.
කොළඹ පැවැති ආර්ථික සමුළුවේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන් පරිදි ප්‍රමාණවත් විදේශ මූල්‍ය මඟින් සහනයක් ලබාදෙන්නේ ගෙවුම් ශේෂයේ දැනට ඇති හිඟයට පමණක් නොවේ. ඉදිරි වසර හතරත් පහත් අතර කාලයේදී ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන හතරට වඩා වැඩි ණය ගෙවීමට ද මෙමඟින් පහසුවක් සලස යි.
විසඳුම
විදේශ මූල්‍යයේ තිබෙන අභියෝගය ට පිළියම සෙවීම සඳහා දැනට මධ්‍යකාලීන විසඳුමක් අවශ්‍ය බව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කළේ ය. ඒ සඳහා වේදනාකාරී නොවන විසඳුමක් නොමැති බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. “අපිට ක්‍රමයක් හොයාගන්න වෙනවා, අපට හොයාගන්න වෙනවා වේදනාව අඩු ක්‍රමයක්” යැයි හිටපු අධිපතිවරයා තවදුරටත් පැහැදිලි කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ගෙවුම් ශේෂයට සහයෝගය දක්වාවි” යැයි ද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේ ය. ලෝක බැංකුව, ඉන්ටර්-ඇමෙරිකන් ඩිවලොප්මන්ට් බෑන්ක් (IDB), ආසියානු සංවර්ධන බැංකුව හෝ ද්විපාර්ශ්වීය ප්‍රදාන එකකින් හෝ දෙකකින් ඍජු මූල්‍ය හෝ අයවැය සහාය ලබාගැනීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය ශ්‍රී ලංකාවේ ණය විශ්වාසී බව (ණය දීමට සුදුසු/ ණය ලබාගැනීමට සුදුසු) ද ඉහළ දමනු ඇත. එමඟින් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳපොළට පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබෙනු ඇත.
ආර්ථික උපදේශය
රට මුහුණ දී තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනක් අනුගමනය කිරීම සඳහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැන්නැයි ආර්ථික විද්‍යාඥයෝ සියලු දෙනාම පාහේ ආණ්ඩුවට උපදෙස් දී ඇත. මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය ප්‍රේමචන්ද්‍රා අතුකෝරාළ, මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, ආචාර්ය සරත් රාජපතිරණ සහ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන යන ආර්ථික විද්වත්හු ඒ අතර වෙති.
අඩුම පිරිවැයක් ඇති වඩාත් වැඩි ප්‍රතිලාභයක් ඇති විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම යැයි බොහෝ ආර්ථික විද්වත්හු සහ මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ආණ්ඩුවේ උපදේශකයන් සිතන්නේ එහි අනෙක් පැත්ත ය.
වේදනාවක් නොමැති විසඳුමක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීම වේදනාව අඩු වඩාත් වාසිදායක ම විසඳුම යැයි කොළඹ ආර්ථික සමුළුව අමතමින් මහ බැංකුවේ හිටපු අධිපති කුමාරස්වාමි මහතා පැවැසීය. විදේශ මූල්‍ය දැනට තිබෙන අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීමටත් ණය නැව ව්‍යුහගත කිරීමටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සලකා බැලිය යුතු යැයි ද හෙතෙම කීවේ ය.
සාරාංශයක්
ගෙවුම් ශේෂ අර්බුදය ඉතා දරුණු තත්ත්වයකට පැමිණ තිබේ. ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරු පහසුකම සහ ණය පහසුකම ලබාගත්ත ද ඒවා මේ මොහොතේ පවතින දුෂ්කරතාවලින් ගැලවීමට අවශ්‍ය අත්‍යවශ්‍ය සහනයක්/ පහසුකමක් පමණි. එය ගෙවුම් ශේෂයේ තිබෙන අර්බුදයට දිගු කාලීන විසඳුමක් නොවේ.
අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමටත් හැකියාව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් මඟින් පමණි. එමඟින් අපගේ ආර්ථිකයේ ස්ථාවරත්වය සහ වර්ධනය තහවුරු කළ හැකි ය. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනකට එකඟ වීම ඉන්දියාවෙන් ආධාර පැකේජය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවට එකඟ වීමට සිදුවන කොන්දේසියක් වනු ඇත.
නිගමනය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගන්නවා ද නැද්ද යන කාරණය කාලය විසින් තීරණය කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ නොගසන බවට හපන්කම් කීම (ආඩම්බරයෙන් කීම) ඉවත දැමීමට සිදුවනු ඇත.
අවම පිරිවැයකින් වැඩි වාසියක් ලබාගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වේදනාකාරී නමුත් ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කොන්දේසියකි.
ඉන්දියාවෙන් ලැබෙන ආධාරය කෙටි කාලීන සහනයකි. එහෙත් රටේ විදේශ මූල්‍යයේ තිබෙන මූලධාර්මික දුර්වලතාව විසඳෙන්නේ නැත. මේ නිසා අප, විදේශ මූල්‍යයේ තිබෙන දුර්වලතාව විසඳා ගැනීමටත් ඉදිරි මාස 12ක කාලයේ දී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට වඩා වැඩි ණය නැවත ගෙවීමේ වගකීම් ඉටු කිරීමටත් හැකි වන ආකාරයේ ප්‍රමාණවත් සහ ප්‍රායෝගික විසඳුමක් සෙවිය යුතු වේ.
ආචාර්ය නිමල් සඳරත්න විසිනි
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩොලර් අර්බුදයට හුවමාරුව පිළියමක්ද?