IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඩොලර් උගුලෙන් ගැලවෙන්න මාර්ගයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැවරුණු මුල්ම කාර්යභාරය වූයේ එහි සාමාජික රටවල් විදේශ විනිමය අර්බුදයට මුහුණ දෙනවිට ඒවා විසඳා ගැනීම සඳහා සහාය දීමය. එහෙත් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකා රජයත් එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ මූලික කාරණාත්, අනෙක් සියලු කරුණුත් පරීක්ෂා කර බැලුවහොත් එය බොහෝ සෙයින් රාජ්‍ය (බදු) ආදායමට සම්බන්ධ වූවකි. එවිට (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) IMF යන්න It's Mostly Fiscal (IMF) යනුවෙන් හැඳින්වුවද වරදක් නැත.

කොහෙද යන්නෙ, මල්ලෙ පොල්

දෙවැනි ලෝක සංග්‍රාමය පැවති 1930 ගණන්වල අග භාගයේ සහ 1940 ගණන්වල මුල් භාගයේ පැවති මහා අවපාතයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1944 දී ප්‍රාරම්භක සාමාජික රටවල් 44කගේ සහභාගීත්වයෙන් අරඹන ලදී.

ආරම්භ කිරීමේ අරමුණ වූයේ එහි සාමාජික රටවල් විදේශ විනිමය අර්බුදවලට මුහුණ දෙන විට ඒවායේ ගෙවුම් ශේෂ තත්ත්වය වර්ධනය කිරීමට උපකාර කිරීමයි. වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකී අරමුණම සාක්ෂාත් කිරීමේ අදහසින් එහි කටයුතු පවත්වා ගනු ලැබුවේ යම් තරමක පරිනාමයකට ලක්වෙමිනි. එහිදී එහි වැඩ කටයුතු වෙනත් ආකාරයකට ක්‍රියාත්මක විය. එහිදී මූලික වශයෙන් සිදුවූයේ බදු ආදායම හා රජයේ වියදම් හිඟය පියවා ගැනීමට මූල්‍ය සහන සැපයීමයි.

වර්තමාන ආර්ථික අර්බුදයට මූලික වශයෙන් හේතු වූයේ විදේශ විනිමය ගැටලුව නිසා එම ගැටලුව බදු අයකිරීම් සහ රජයේ වියදම් සංශෝධනය කරමින් විසඳන්නේ කෙසේද යන්න ගැන අයෙක් කල්පනා කර බලනු ඇත. එසේ නැතහොත් අපට මූල්‍ය අංශයෙන් පහර වදින විට බාහිර වශයෙන් මුදල් යෙදවීමෙන් එම පහරේ සැර සමනය කරගත යුතු නිසාද? එසේත් නැතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතිව අප මේ සියලු උත්සාහ දරනුයේ වැරදි දිශාවකට යොමුවෙමින් දැයි අයෙක් කල්පනා කරනු ඇත. නැතහොත් අප තනිකර වෙනස් විදියේ ප්‍රශ්නයකට දෙන්නේ ‘යන්නේ කොහිදැයි ඇසූවිට මල්ලෙ පොල්’ වැනි නොගැළපෙන උත්තරයක්ද?

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉටු කරන ප්‍රතිසංස්කරණ සහයෝගීතා වැඩසටහනේ වැදගත්ම කොටස මූල්‍ය සහන ලබාදීම වන අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටින්නේ විදේශ විනිමය අර්බුදය යථා තත්ත්වයට පත් කරගත යුත්තේ ‘වෙළෙඳපොළ බලවේග ඔස්සේ තීරණය වන නම්‍ය විනිමය අනුපාතිකයක්’ යළි සකස් කරගැනීමෙන් බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ගැන වෙනත් කතා කියන්නේ නැත.

ශ්‍රී ලංකාව විනිමය අනුපාතිකය ස්ථාවර කරගැනීම සඳහා නොකඩවා ආනයන පාලනය දැඩිකොට පවත්වා ගැනීම තෝරාගෙන තිබියදී එම ප්‍රතිපත්ති උපදේශයේද අර්ථවත් යමක් නැති සේ පෙනේ.

මෙච්චර කල් ඇදලත් සොච්චමක් නේද?

කටයුතු හොඳින් සිදුවුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි විස්තීර්ණ ණය පහසුකම් යටතේ මාස 48ක කාලසීමාවක් තුළදී මාස 6 කොටස්වලට වෙන්කොට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක් ප්‍රදානය කිරීමට සූදානම් වේ. රට තුළ සිදුවූ මෙහෙයුම් කටයුතු අවසන් කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය ඔස්සේ මෙම පුවත මුදාහල විට මට හමුවූ ඇතැම් උදවිය බැම හකුළා ප්‍රතිචාර දැක්වූහ. ඔවුන්ගෙන් බොහෝ අය, ‘ඔය තරං කල්ගත කරලත් ඔය ලැබෙන එක සොච්චමක් නෙවෙයිද?’ කියා ඇසුවෝය.

ඇත්ත වශයෙන්ම මෙම කනස්සල්ලේ අර්ථය අපට වටහාගත හැකිය. අප අවුරුදු දෙකකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වූයේ නම් කටයුතු මේ තරම් නරක අතට වැරදී යන්නේ නැත. එසේ නම් අප අද මුහුණ දෙන ආකාරයේ බැරෑරුම් අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවන්නේ නැත. අප පමාවෙන්නට පමාවෙන්නට නොමැරී පණ පිටින් හුස්ම ගනිමින් හිඳීම සඳහා අවශ්‍ය කරන උපකාරයද විශාල වන්නට ගත්තේය.

එහෙත් අප දැන් ගමනාන්තයට පැමිණ සිටියත් දිගින් දිගටම ඇදවැටීම නිමා නොවන්නේ මාස 48ක් තිස්සේ ලැබෙන ඩොලර් බිලියන 2.9 න් සාමාන්‍යයෙන් අවුරුද්දකට ලැබෙන්නේ ඩොලර් මිලියන 725ක් වැනි මුදලක් නිසාය. අපගේ විදේශ ණය කල් පිරෙන විට ගෙවිය යුතු ණය වාරික හා පොලී උදෙසා අපි අවුරුද්දකට ඩොලර් බිලියන 5–6 ක් පමණ වියදම් කළෙමු. ඒ අතර තවත් ඩොලර් බිලියන 3–4 ක් ඉන්ධන උදෙසා අපි ගෙවීම කළෙමු. විස්තීර්ණ ණය පහසුකම් අනුව ලැබෙන ණය මුදාහැරෙන්නේ වසරකට දෙවර ගානේය. එසේ කරන්නේද අප අනුගත වෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඇගයුම් කිරීමකින් පසුවය.

කොන්දේසි සහිත විස්තීර්ණ ණය පහසුකම්

විස්තීර්ණ ණය පහසුකම් ලැබෙන්නේද කොන්දේසිවලට යටත්වය. ශ්‍රී ලංකාව එහි නිල සහ පෞද්ගලික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළකට අවතීර්ණය වී නිසි පරිදි දරාගත හැකි අයුරින් කලට වේලාවට ණය ගෙවාගත හැකිද යන්න පෙන්විය යුතුය. එම නිසා එය පමාවී ලැබෙන සොච්චම් ණයක් පමණක් නොව, එය ලබාගැනීමද අතිදුෂ්කර වනු ඇත.

ඒ කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් අනුමත වී තිබීම වටනේය. විස්තීර්ණ ණය පහසුකම් ලැබෙන්නේ, රටේ විදේශ ණය ගෙවා දැමීමට හෝ ආනයන වියදම් දැරීමට පමණක් නොවීම ඊට පළමු හේතුවයි. එම ණය ලබාදෙන්නේ මහ බැංකුවේ විදේශ සංචිත තත්ත්වය වර්ධනය කරගැනීම සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහයෝගය දැක්වීමද අරමුණු කරගෙනයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකඟතාව අනුව ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, රටේ ජාත්‍යන්තර තත්ත්වය නංවාලීම සඳහා ඉතා වැදගත් වේ. පළමු කොටම ප්‍රතිසංස්කරණ වැඩසටහනකට එළැඹ තිබීමම යහපත් ක්‍රියාවක් වන්නේ අප 1990 ගණන්වලින් අනතුරුව කිසිම අයුරකින් ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හොඳින් කර නැති නිසාය.

දෙවනුවට, පසුගිය අවුරුදු 2–3 තිස්සේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික අස්ථාවරභාවය වඩාත් දරුණු වීම, ණයගැති භාවය උග්‍රවීම, මූලික අවශ්‍යතා උදෙසා ද්විපාර්ශ්වික ණය හිමියන් මත රැඳීම සහ අවසාන වශයෙන් විදේශ ණය ගෙවීම පැහැර හැරීම යන කාරණ නිසා ජාත්‍යන්තර වශයෙන් හිමිව තිබූ ස්ථානය පිරිහී යාම සහ හානිකර තත්ත්වයට පත්වීමය. ජාත්‍යන්තර වශයෙන් එසේ අහිමිව ගිය ස්ථානය නැවත ලබාගැනීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන උපකාර වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අවතීර්ණ වීම ඔස්සේ ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවකාශ සැලසේ. අයවැය හිඟය කළමනාකරණය කරගැනීමේ හැකියාව කරා පැමිණීම අරමුණු කරගත් මූල්‍ය සහන සඳහා වඩාත් අවශ්‍ය මූලික ප්‍රතිපත්තිමය පියවර අනුගමනය කිරීමද ඊට ඇතුළත්ය. එක් අතෙකින් රජයේ ආදායම් වැඩිකර ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ ඊට අවශ්‍යය. එය මේ වනවිටත් අතුරු අයවැයෙන් යෝජනා කර තිබේ.

පිරිවැය පියවා ගන්නා මිල ක්‍රමයද මේ වන විටත් ඉන්ධන සහ විදුලි බලය උදෙසා ක්‍රියාත්මක කොට ඇත්තේ ණය බරෙන් පීඩා විඳිමින් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායවලට ඉස්පාසුවක් ලැබෙන ආකාරයෙනි. මීට අමතරව සමස්ත රාජ්‍ය ව්‍යවසාය සියල්ලම උදෙසා වෙළෙඳපොළ පදනම් කරගත් පිළියම් සහ නියාමන යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට තිබේ.

මේ අතරතුර වර්තමාන ආර්ථික අර්බුදය සමාජයේ වඩාත් දුප්පත්, ඊට ගොදුරුවීමට බර කොට්ඨාසවලට වඩාත් හානිකර බලපෑම් ඇති කරතැයි බලාපොරොත්තු වේ. සමාජ සුබසාධනය උදෙසා කරන වියදම් වැඩි කළ යුතු වුවද ඒවා පියවා ගන්නා විධි වර්ධනය කළ යුතුය. අතීතයේදී දේශපාලන මැදිහත්වීම් සහ පරිපාලන අකාර්යක්ෂමතා හේතුවෙන් එම වියදම් නිවැරදි ඉලක්ක වෙත යොමු නොවූ නිසා එම තත්ත්වය නිවැරදි කරගත යුතුය.

මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය මූල්‍ය සහනයන්හි සහයෝගය ලබමින් මුදල් අච්චු ගැසීමෙන් හා අයවැය හිඟයට මුදල් යෙදවීමෙන් වැළකී සිටීමය. උද්ධමනය නම්‍ය ලෙස පවත්වාගැනීම ඉලක්ක කරගැනීමෙන් මහ බැංකුව මිල ස්ථාවරත්වය නම් මධ්‍යගත අරමුණ පවත්වා ගත යුතුවීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව සිහිපත් කොට තිබේ. එය මහ බැංකුව දැඩි අවධාරණයෙන් පවත්වාගත යුතු ස්වාධීනත්වයකි.

දූෂණයට ගොදුරුවීමේ හැකියාව, මූල්‍ය විනිවිදභාවය ඔස්සේ හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ඔස්සේ අවම කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අවධානය යොමුකර ඇති අලුත් ක්ෂේත්‍රයකි. එහි දැඩි දූෂණ විරෝධී පියවර හඳුන්වා දෙමින් රජයේ මූල්‍ය ව්‍යාධි පිළිබඳ රෝග විනිශ්චය කිරීම් පවත්වා ගැනීමට නියමිතය.

විදේශ විනිමය ගැටලුව සම්බන්ධයෙන් පරිපූර්ණ ප්‍රතිපත්ති දාමයකින් සහාය ලබමින් වෙළෙඳපොළ ඔස්සේ තීරණය වන නම්‍ය විනිමය අනුපාතිකයක් පවත්වාගනිමින් විදේශ සංචිත යළි ගොඩනගා ගැනීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන ගැටලුව

ඇත්ත වශයෙන්ම ප්‍රධාන ගැටලුව වන්නේද වෙළෙඳපොළ ඔස්සේ තීරණය වන නම්‍ය විනිමය අනුපාතිකයක් පවත්වා ගනිමින් විදේශ සංචිත යළි ගොඩනගා ගැනීමයි. වර්තමාන ආර්ථික අර්බුදයේ මුඛ්‍ය ගැටලුවක් වන්නේද විදේශ විනිමය ගැටලුවයි. විදේශ විනිමය හිඟකම නිසා ආනයන සීමාකරණ පනවනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන සැපයුම් හිඟයද සැලකිල්ලට නොගෙනයි.

විදේශ විනිමය අනුපාතිකයේ සිදුවන අධිතක්සේරුව නොතකා එම අනුපාතිකය තීරණයට මැදිහත්වීම් සිදුවිය. අත්විඳින්නට සිදුවන හානිකර ප්‍රතිඵල නොතකා විදේශ ණය ගෙවීම පැහැර හරින්නට සිදුවිය. ඒ හේතුවෙන් ද්වීපාර්ශ්වික මූලාශ්‍ර ඔස්සේ දිගින් දිගටම ණය ගැනීමට සිදුවූයේය. මේ සියල්ල විදේශ විනිමය හිඟකම හේතුවෙන් උත්පාදනය වූ ගැටලුය.

මූලික වශයෙන් ‘මූල්‍ය සහන’ ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහනකින් විදේශ විනිමය ගැටලුවට විසඳුම් සැපයෙන්නේ කෙසේද?

අයවැය හිඟය වැඩි වූ බවත්, මහ බැංකුව එම හිඟයට මුදල් යොදවමින් සහයෝගය දෙන්නේය යන්නත්, ඒ හේතුවෙන් සිදුවන ගෙවුම් ශේෂ අසමතුලිතතාව ඔස්සේ විනිමය අනුපාතිකයට පීඩනයක් එල්ල වෙන බවත් සත්‍යයකි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ඔස්සේ මූල්‍ය සහනවලින්, ගෙවුම් ශේෂයට සහ විනිමය අනුපාතිකයට යම් අස්වැසිල්ලක් ලැබෙන්නේ වුවද එයින් විදේශ විනිමය ගැටලුව විසඳෙන්නේ නැත.

නිසි පිළිතුර ලැබෙන්නේ පරිපූර්ණ ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කිරීමෙනි. එය ආයෝජන ප්‍රවර්ධනය ඔස්සේ අපනයන ඉපැයුම් උත්පාදනය ඉලක්ක කරගත් එකක් විය යුතුය. මෙම සමස්ත ක්‍රියාදාමයේ අප ඉටු කළ යුතු කාර්යභාරය එය බව මම විශ්වාස කරමි. මක්නිසාද යත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන විදේශ විනිමය අර්බුදයට හෝ විදේශ ණය අර්බුදයට විසඳුම නොවන බැවිනි.

මූල්‍ය සහන සහ සහයෝගීතා මූල්‍ය ප්‍රතිපත්තිය අපනයනය මූලික කරගත් වෙළඳ ක්‍රමයක් පවත්වා ගැනීමට උපකාරී විය හැකිය. විදේශ විනිමය අර්බුදයෙන් මිදීමට හා චිරස්ථායී වර්ධනීය මාවතකට පිවිසීමට හැකි බව සහතික කළ හැකි එකම ක්‍රමය අපනයනය මූලික කරගත් වාණිජ ක්‍රමයක් පවත්වා ගැනීම පමණි. අප අපගේ කාර්ය කොටස ඉටු කිරීමට සූදානම් නොවේ නම්, නැවත 18 වැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්නට සිදුවීම වළකාගත හැකි නොවනු ඇත.

2022/09/11 වැනිදා Sunday Times පත්‍රයේ පළවූ IMF and the IMF ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න



අදහස් (0)

ඩොලර් උගුලෙන් ගැලවෙන්න මාර්ගයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1635 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10192 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 496 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 875 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 919 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 475 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site