IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඩලස් ජනපති වෙන්න සූදානමින්

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඩලස් අලහප්පෙරුම මහතා විශේෂ නිවේදනයක් කරමින් මේ බව පවසා ඇත.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයින් ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තොරා පත් කර ගත යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.

ශ්‍රි ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන,ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගතකරමින් සිටී.

ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැඟුණු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරින් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන් ම මේ වන විට ජනතා අපේක්ෂාවන් ගේ දිශානතිය වෙනස් වී ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි.

කුඩා පාසල් දරුවා ගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසාර විසඳුමක් ලබාගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූල දේශපාලන රාමුවක් තුළ ය.

දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විටම මෙරට ජනතාව ගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි.

වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි. පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන් ගේ සහ වෘත්තියවේදීන් ගේ සහය ලබාගත යුතු ය.

මා ඔවුන් සියලු දෙනාගේම සහය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි ය.

දේශපාලන පාට කණ්නාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව මම මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය ද අපේක්ෂා කරමි.

නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

 



අදහස් (38)

ඩලස් ජනපති වෙන්න සූදානමින්

suneth Friday, 15 July 2022 03:45 PM

ලස්සන වචන මාලාවක්. කෝ ආර්ථික ප්‍රතිපත්ති? වැඩ පිළිවෙල? වැඩේ කරලා ඉවර වෙලාද වතුර සොයන්න ඉන්නේ?

:       9       105

NalindaFriday, 15 July 2022 05:22 PM

මෙයාව ජනාධිපති කරනවා කියන්නේ මහින්දව ආයේ ජනාධිපති කළා හා සමානයි. ඩලස් කියන්නේ රාජපක්ෂලගේ සුවච කීකරු බලු කුක්කා.

:       4       9

abFriday, 15 July 2022 05:46 PM

ඩලස් ජනාධිපතිවීම කෙසේ වෙතත් වර්තමාන පර්ලිමෙන්ටුවෙ සිටින නායකයකු 20 වෙනිදා චන්දයට ඉදිරිපත්ව ජනාධිපති වීමට ඩලස්ගේ ඉදිරිපත්වීම වැදගත්වනු ඇත

:       2       2

නිහාල්Saturday, 16 July 2022 10:07 PM

කපටිකම කෙස් ගහේ ඉඳලා දෙපතුල දක්වාම බේරෙනවා. කිසි වැඩකට නැති මනුස්සයෙක්... ළඟ හිටපු කීයෙන් කීදෙනාද වැඩක් කරගත්තේ...? අපට අප්පිරියයි. රටටත් ළඟදී අප්පිරියා වෙයි.

:       0       0

අතුල සෞදි Friday, 15 July 2022 04:05 PM

ව්‍යවස්ථානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල සියල්ල සිදුවිය යුතු අතර එය බහුතර ජනතාවගෙ අයිතිවාසිකම හා මතය ද වේ.

:       0       3

Nalin Friday, 15 July 2022 04:06 PM

ඔබතුමාව නෙවෙයි ඔය ඉල්ලන්නේ...!

:       0       0

JAYAWEERA BANDARA Friday, 15 July 2022 04:12 PM

හොරාකාපු සල්ලි සහ දේපල පවරා ගැනීමට හැකිද.එය සමස්ත ජනතාවගේ බලාපොරොත්තුවයි. එසේ නතුව ණය ගැනීමෙන් පමණක් රට තවත් අඝාදයට යයි..

:       1       2

Ruwan Friday, 15 July 2022 04:13 PM

රට වෙනුවෙන් මෙතෙක් කල වැඩ මොනවාද? ජනාධිපති කියන්නේ රටක් මෙහෙයවිම.. අවංක කම විතරක් මදි නෙ. පලපුරුද්දක්, සැලසුමක් ඕන නේද?

:       1       7

රනේ Friday, 15 July 2022 04:17 PM

ජය වේවා! රනිල්ගෙන් අපිව ගලවා ගනිත්වා!

:       6       6

බද්රානි Friday, 15 July 2022 04:28 PM

අර කොහෙන්ද මන්දා හිනායනවා මේ විපරිත කතා ඇහුවාම. "නායකත්වයේ ලක්ෂණ" කිසිදා නොපෙන්වූ පුද්ගලයෙක් මේ රටේ නායකයා වුණොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි මේ රටේ ජනතාවට.... "අර කැහි ගෑණි දීලා හොටු ගෑනි ගත්තා"වගේ වෙයි...!

:       3       57

විපරමා Friday, 15 July 2022 04:28 PM

මහින්ද චින්තනේ 1,2 ලියලා දීලා බලය ගන්න පාර කපපු කෙනා... ඩලස් චින්තනේ ඉදිරිපත් කෙරුවා නම් හොඳ නැද්ද?

:       4       52

sharm warn Friday, 15 July 2022 04:28 PM

මෙයත් ඇමෙරිකන් පුරවැසියෙක් කියලා දන්නේ කීයෙන් කී දෙනාද? අහුවෙන්න නම් එපා. පොහොට්ටුවේ ගෑවිච්චි කෙනෙක් හරි ඉන්නවා නම් හොරෙක් මිසක් සුදනෙක් වෙන්නේ නැහැ මේ ආත්මෙට...

:       7       48

අමිල Friday, 15 July 2022 04:28 PM

අනේ ආයෙමත් නන්නත්තාර වෙච්ච කෙනෙක් ගේන්න එපා. මෙයාට ගෙදර පාලනය ගැනවත් තේරුමක් නැහැ..!

:       5       59

විරාජ් Friday, 15 July 2022 04:29 PM

අනිවාර්යයෙන් ඔබ ජනාධිපති වෙනවා...

:       60       11

Prabath Friday, 15 July 2022 04:32 PM

කොහොමත් කතාවට නම් දක්ෂයිනේ... වැඩ නැහැ. ඔය බළලා එළියට පැන්නේ. ඒකට ඉඳගෙන කන අයට නම් දෙන්න එපා.

:       1       50

Lelwala Friday, 15 July 2022 04:37 PM

රට්ටු හිනස්සන වැඩ... දොරටුපාලයා රජ වූ හැටි කතාව මතක් වෙනවා. ඔහුට මාස තුනක්වත් රජකමේ ඉන්න ලැබුණේ නැහැ. රජකම නොදැන හිටි නිසා...!

:       2       52

HARAMANIS Friday, 15 July 2022 04:38 PM

පුතාණෝ නැතිව වෙන අයෙක්... ෆොන්සේකා වගේ කෙනෙක් නම් හොඳයි.

:       30       37

K Perera Friday, 15 July 2022 04:38 PM

ඉතුරු අවුරුදු දෙකත් රනිල්ම ජනාධිපති ධුරයේ හිටපුදෙන්...!

:       22       63

දයාරත්න Friday, 15 July 2022 04:45 PM

පතෝල වගෙයි. ගුණත් නෑ. අගුණත් නෑ. ඔය තනතුරට එහෙම කෙනෙක් හරියන්නෙත් නෑ...!

:       2       44

pakeer Friday, 15 July 2022 04:54 PM

වැඩපිළිවෙළ මොකක්ද? ආර්ථික ප්‍රතිපත්තියක් එහෙම තියෙනවද? අඩුගානේ එක ඩොලර් එකක් හොයාගන්න විදිහක්...

:       3       44

යෝගා Friday, 15 July 2022 05:04 PM

අනේ අපිව තවත් අමාරුවේ දාන්නේ නැතුව කොනකට වෙලා ඉන්න ඩලස්. පහුගිය කාලේ කිසිම දේකට කට හොල්ලපු නැති ඔයා ඇවිල්ලා මොනවා කරන්නද?

:       5       57

Achini Friday, 15 July 2022 05:12 PM

රනිල් ජනාධිපති වෙනවා, පොහොට්ටුවේ එකම ගැලවුම්කරු රනිල්...

:       17       41

Aruna Friday, 15 July 2022 05:28 PM

අනේ මෙහෙමත් රටක්. අරගල කරල ජීවිතත් පූජා කරල අන්තිමට ජනපති ඩලස් වෙලා අගමැති සජිත් ‌වෙයි. මට මතක් උනේ අර කියමන.. ඒකක් කඩතොලු මකාගන්නට ගොසින් මට උන කාරියා, දෙකක් කඩතොලු හදා දුන්නයි කම්හලේ ආචාරියා

:       1       4

සිල්වා Friday, 15 July 2022 05:40 PM

ඔබතුමා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් පමණයි සුදුස්සෙක් වන්නේ. එයයි අද මහජනතාව ඉල්ලන්න සිස්ටම් චේන්ජ් එක.

:       1       4

ගමේ එකාලා Friday, 15 July 2022 06:14 PM

පොහොට්ටුවේ වෙන සුදුසුකම් ඇති අය නැතුවයැ. රත්තරන්, ජොනී, අප්‍රසන්න, කුඩු ලන්සා එහෙම...

:       4       25

මයුර Friday, 15 July 2022 07:20 PM

දකුනේ කෙනෙක් නමි ආයේ එපෝ. බෙන්තර ගගින් මෙහාට ඇස් ඇරපු නැති බලල් පැටියෙක්වත් ගෙනාවෙි නැ මුතුන්මිත්තෝ.

:       1       3

sampath Friday, 15 July 2022 08:00 PM

ඔය හැමෝම සතියෙ දවස් 5 මාරුවෙන් මාරුවට ජනාධිපති තනතුරෙ වැඩ බැලුවනම් නරකද මොකද දැන් හැමෝටම ආසාවක් ඇතිවෙලා ඝො ගමක් හදාගන්න . මෙ රටට ඔ් ඩොලර් හොයාගන්න පුලුවන් සහ අඩුම එය සම්බන්දීකරනය කරන්න පුලුවන් කෙනෙක් . දැන් ඔය සියලු ඩෙනාම තවත් ජනතවට පව් නොදී ගෙවල් වලට වෙලා ලැබෙන පින් විශ්‍රාම වැටුපත් අරන් හිටියනම් හැමෝම හොදයි 94 ඉදන් මෙයාල රටට කරපු වැඩ 5ක් පිලිවලින් කියන්න. හැම පනතටම අත උස්සපු අය විශේෂයෙන් 19, 20 මොන කතාද මෙව අනෙක් සියලු දෙනාගෙ අද්‍යාපන සුුසුකම් ප්‍රසිද්ධ කරන්න වත්කම් ප්‍රසිද්ධධ කරන්න, දැන් හැමෝගෙම ගැලරි ටෙ නවත්තමු.

:       0       0

channa Friday, 15 July 2022 08:09 PM

මේ වෙලාවේ කරන්නට හොඳම දේ තමයි මැතිවරණයක් පවත්වා සැබෑ ජනතා නියෝජිතයින් පත්කර ගැනීම.

:       0       6

Lelwala Friday, 15 July 2022 09:29 PM

රනිල් කියන්නෙ බුද්දිමත් නායකයෙක්, JR ගේ රජය කාලේ දක්ෂ ඇමතිවරයෙක්. අධ්‍යාපන හා ය්‍යවන කටයුතු ඇමතිවරයා සිටි කාලයේ ඔහු ඉතා අගනා සේවයක් කලා අදටත් තරැණ තරුණියන් එවැනි දේ වලින් ප්‍රතිලාබ ලබනව. පාලකය රැකඩයක් විය යුතු නැත. මේ රටට අවශ්‍ය කරන්නෙ සක්තිමත් නායකයෙක්. එවැන් නායකත්වයක් රනිල් ට ඇත.

:       3       5

Pathmasiri Perera Saturday, 16 July 2022 05:09 AM

හොඳ දේශපාලකයෙක්...!

:       0       0

Saththaya Saturday, 16 July 2022 06:50 AM

ඉක්මනට ජනාධිපති සුට් මහගන්න . අරයනම් සෑහෙන කලක ඉදල පියානෝ වායනා කර කර බලාගෙන ඉන්නේ සුට් මහගෙන . සුබ පාර්ථනා කරනවා .

:       0       0

ප්‍රියා Saturday, 16 July 2022 07:07 AM

මෙයා එහෙම වැඩක් කරපුකෙනෙක්වත් චින්තනයක් තියෙන කෙනෙක්වත් නෙවෙයි බොරු කතාව විතරයි

:       0       2

මොට්ටපාල Saturday, 16 July 2022 07:19 AM

මෙයාට වඩා මුල්ලේරියාවෙ රෝහලේ සිටින ටිකට් කපන්න ආසන්න කෙනෙක් නම් කලොත් හොදයි පීරිස් මහත්තයෝ එහෙම කෙනෙක් පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් අරගෙන බලන්න

:       0       4

de silva Saturday, 16 July 2022 09:47 AM

රත්තරන්ගේ මගපෙන්වීමෙන්, කුඩු ලංසාගේ උපදෙස් පරිදි, ජොනීගේ දර්ශණයෙන්, බැසිල්ගේ ආශිර්වාදයෙන් ලංකාව හොරුන්ගෙන්, කුඩ්ඩන්ගෙන් ස්වයංපෝෂිත රටක් කරාවි...

:       1       5

gamaathi Sunday, 17 July 2022 08:41 PM

රටට දෙයියන්ගේම පිහිටයි..

:       0       3

Sethuhami seeya Sunday, 17 July 2022 11:04 PM

ජනාධිපති කමට කොට වැඩි... ටිකක් උසට හිටියානම්...!

:       0       0

Sisira Katugampola Monday, 18 July 2022 11:12 AM

මෙයා ජනාධිපති වෙන්ඩ හදන්නෙ රනිල් ඉල්ලපු IMF ලෝන් එක හොරකම් කර ගන්ඩද?

:       0       4

ganegoda Monday, 18 July 2022 04:58 PM

ජනතාවගේ බදුමුදල් වලින් සුඛෝපභෝගී ජීවිත ගත කරන්න කවුද අකමැති...?

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1999 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11389 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 520 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 896 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 958 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 484 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site