ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන 8.1ක් පමණ වෙයි. එයින් බිලියන 5.65ක් ම දුරකතන සම්බන්ධතා සහ බිලියන 5.44ක් අන්තර්ජාල සම්බන්ධතා භාවිත කරයි. මීට අමතරව බිලියන 5.07ක් පමණ සාමාජ මාධ්‍ය භාවිතයට පෙළඹී සිටිති. ඉහත කී තාක්‍ෂණයේ ප්‍රමුඛතාව සනාථ කිරීමට තවත් උදාහරණයක් මෙලෙස පෙන්වා දිය හැක.
තත්පරයකට විද්‍යුත් ලිපි (ඊ-මේල්) මිලියන 3.4ක් ද කෙටි පණිවිඩ (SMS) 4595 ක් ද මුහුණු පොතෙහි පෝස්ට් 60,000ක් පළ වෙයි. මෙම අධිභාවිතයේ ප්‍රධානතම ගැටලුකාරී තත්වය වන්නේ, අධි භාවිතය නිසා පරිශීලකයන් තාක්‍ෂණික ඇබ්බැහි වීමක් සඳහා යොමු වීමයි. මිනිසා වනාහි සමාජීය සත්වයෙකි. මිනිසාගේ එම සමාජීය හැසිරීම් රටාව සඳහා අද වන විට ඩිජිටල් තාක්‍ෂණය පමණ ඉක්මවා මැදිහත් වන බවක් පෙනී යයි. ප්‍රධානතම වශයෙන් මෙම තාක්‍ෂණික ඇබ්බැහි වීම, ස්මාර්ට් දුරකතන, අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම වශයෙන් කොටස් 03ක් දැකිය හැක. පර් යේෂකයන්ට අනුව මෙම ඇබ්බැහි වීම වඩාත් ප්‍රමුඛ වන්නේ තරුණ ප්‍රජාව අතරය. ඔවුන්ට අනුව ස්මාර්ට් දුරකතන සඳහා වන ඇබ්බැහිය ඇමෙරිකාවේ සමස්ත තරුණ ප්‍රජාවෙන් සියයට 60ක් තුළ පමණ දැකිය හැක. එලෙසම අන්තර්ජාලය සඳහා වන ඇබ්බැහි වීම, සමස්ත තරුණ ප්‍රජාවෙන් සියයට 18.1ක් බ්‍රිතාන්‍ය තුළ ද සියයට 17ක් චීනය තුළ ද සහ සියයට 26.7 හොංකොං රාජ්‍ය තුළද දැකිය හැක. ශ්‍රී ලංකාවේ මෙම ඇබ්බැහි වීම සඳහා විධිමත් අධ්‍යනයන් ප්‍රමාණාත්මකව සිදුවී නොමැත.
මෙම තාක්‍ෂණික ඇබ්බැහිවීම, මත්පැන්, හෙරොයින්, කොකේන් මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වීම තරම්ම ම ප්‍රබල ඇබ්බැහියක් වුවත් මෙහි ශාරීරික සහ මානසික බලපෑම කෙටි කාලීනව විද්‍යාමාන නොවේ. මෙහි බලපෑම දීර්ඝ කාලීන වන අතර එහි බලපෑම වක්‍රාකාරයෙන් පරිශීලකයන් තුළින් විද්‍යමාන වේ. මානසික ආතතිය, කාංසාව, සමාජයෙන් ඈත්ම වීම, අඩු ජීවන තෘප්තියක් පෙන්නුම් කිරීම, කැපී පෙනෙන වක්‍රාකාර විද්‍යාමාන වීම් වේ. මෙය සිදු වීමට හේතු වන්නේ, ඇබ්බැහි වීමත් සමග ඇබ්බැහි වූවන් නිරන්තරයෙන් මෙම මාධ්‍ය තුළ පවතින සර්ව සම්පූර්ණ යැයි හුවා දක්වන සුඛෝපභෝගී වාහන, ඇඳුම් ආයිත්තම්, ආහාරපාන පරිභෝජනය, ගැටලු වලින් තොර විනෝදකාමී ජීවිතය තමන්ද උසස් යැයි සිතා එම ජීවිතයන් තමන්ගේ වත්මන් ජීවිතය සමඟින් නිරන්තරයෙන් සංසන්දනය කිරීමයි. මේ නිසා ඔවුන්ට මානසික ආතතියක් දැනෙනුයේ ඔවුන් හට සර්ව සම්පූර්ණ යැයි සිතන එවැනි ජීවිතයක් ළඟා කර ගැනීමට තමාට නොහැකි වේ යැයි යන හැඟීම සහ එවැනි ජීවිත සමාජය විසින් පිළිගත් ජීවිතය යැයි සිතා තමාට එවැනි සමාජ තත්වයක් නොමැති යැයි සිතා සමාජයෙන් ඈත් වීමයි. එලෙසම ඔවුන්ට මෙම හේතු නිසා තම ජීවිතය පිළිබඳ අඩු ජීවන තෘප්තියක් පවතී. එලෙසම සමහර පරිශීලකයෝ තම සමාජීය ආතතිය සහ තමාට ඇතැයි විශ්වාස කරන පෞරුෂත්ව ගැටලු මෙමගින් යටපත් කර ගැනීමට උත්සහ කරති. ඔවුන් එමඟින් ඩිජිටල් ලෝකයේ ඩිජිටල් පෞරුෂයක් පවත්වා ගැනීමට උත්සහ කරයි. එහෙත් ඔවුන්ට භෞතික සමාජයේ දී එම ඩිජිටල් ලෝකය පවත්වා ගැනීමට නොහැකි වීම නිසා විශාල වශයෙන් මානසික ආතතියකට පත් වේ. එලෙසම ඔවුන් තවදුරටත් තම සැප පහසු ඩිජිටල් ලෝකය කෙරෙහි ඔවුන්ගේ භෞතික ලෝකය, සමාජය අතහැර නැඹුරු වේ. මෙම නිසා අඩු ස්වයං විශ්වාසයක් සහිත සහ සමාජීය වශයෙන් අවම සමාජීය සම්බන්ධතා සහ සමාජීය හැකියාව වන අතර සන්නිවේදනය, අන් අය වෙත ඇහුම්කන් දීමේ හැකියාව, නායකත්ව ගුණාංග, අනිකා වෙත ගරු කිරීම, ගැටලු විසදීමේ හැකියාව සහ ගැටුම් නිරාකරණය කිරීමේ හැකියාවන් අවම ප්‍රමාණයකින් ඇබ්බැහි වූවන් පෙන්නුම් කරයි. මේ සඳහා අප එදිනෙදා ජීවිතයේ සිදු වන සමහරක් සිය දිවි නසා ගැනීම්, මීනිමැරුම්, අශෝභන සමාජීය හැසිරීම් කදිම උදාහරණ වේ.
මෙම තත්වය අධ්‍යාපනය ලබන පරිශීලකයන් පෙන්නුම් කළහොත්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන තරුණ ප්‍රජාවෙන් සහ අධ්‍යාපන පද්ධතියෙන්, ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වන මානුෂීය, බුද්ධිමත්, පලදායී වෘත්තිකයා හෝ පුරවැසියාට කුමක් වේද? එය විශාල ප්‍රශ්නාර්ථයකි. එලෙසම ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු අඩාල වීමට මෙම තාක්‍ෂණික ඇබ්බැහිය සෘජුව බලපෑම් සිදු කරන බව පර් යේෂකයන් විසින් සොයා ගෙන ඇත. එලෙසම ආයතනය තුළ සිටින පරිශීලකයන් ව්‍යාකූල ලෙස තීන්දු ගැනීම, අකාර්යක්ක්‍ෂම ලෙස කටයුතු කිරීම, ඵලදායීතාව අඩු වෘත්තිකයන් බවට පත් වීම සිදු වන බවට ලොව තුළ සිදු කරන ලද පර්යේෂණ සාක්‍ෂි දරයි. එමඟින් ශ්‍රී ලංකාව වැනි රටක බලාපොරොත්තු වන ආයතන කාර්යක්‍ෂමතාව, පලදායීතාව සහ සුහද ලෙස කටයුතු කර ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකිකයාට අහිමි වී යයි. එලෙසම මෙම බලපෑම නිසා පරිපාලන පද්ධතියට මෙන්ම ආර්ථික පද්ධතියට ඇති කරන්නේ විශාල බලපෑමකි. මන්ද යත් අකාර්යක්‍ෂම, පලදායී ආයතන, පරිපාලන පද්ධතීන් පවත්වා ගෙන යෑමට අනවශ්‍ය අතිරික්ත මුදලක් වැය කිරීමට සිදු වේ. එලෙසම මතු ආයෝජනයක් ලෙස කරන අධ්‍යාපන පද්ධතිය නඩත්තු කිරීම මඟින් අවසානයේ දී බලාපොරොත්තු වන පල ලබා ගැනීමට නොහැකි වේ.
මීට අමතරව මෙම තාක්‍ෂණික ඇබ්බැහිවීම ඇති වන නවතම සංසිද්ධිය ලෙස හුවා දක්වන්නේ යන සංසිද්ධියයි. මෙම ඇත්තෙන්ම වියුක්ත වූවකි. මෙහි සරල තේරුම වන්නේ ප්‍රධාන වශයෙන් ස්මාර්ට් දුරකථන සහ එවැනි ස්මාර්ට් යෙදවුම් නිසා තම අවට පරිසරය සහ පුද්ගලයන් නොසලකා හැර දුරකතනයම හෝ එම යෙදවුමට අවධානය ලබා දීමයි. මීට කදිම උදාහරණයක් වන්නේ පසුගිය දිනවල සිදු වූ සිව් දරු මවක් නිසා තම දරුවන් සහ තම පවුල අතහැර දැමීමයි. මෙම සංසිද්ධිය අඩු වැඩි වශයෙන් අපි සියලු දෙනා අතර පවතී. මෙම සංසිද්ධියේ අධි තත්වයන් සමාජීය වශයෙන් සහ තනි පුද්ගල වශයෙන් ගැටලුකාරී තත්ව මතු කරනු ලබයි. මෙහි ඛේදනීය තත්වය වන්නේ, පරිශීලකයාට නොදැනීම තමන්ගේ සමීපතමයන් තමාගෙන් ඈත් වීමයි. විශේෂයෙන් පවුල තුළ තම මව, පියා, බිරිඳ, දරුවන් නොදැනීම ඈත් වීම සිදු වේ. එලෙසම මෙය තදින් ඇබ්බැහි වූ විට ඔවුන්ට තම සමීපතමයන්ගෙන් අවශ්‍ය මානසික සහයෝගය, ගැටලුවක්, තම දුකක් දෝමනසක්, තම ආතති තත්වයක් සමීපතමයන් සමඟ බෙදා හදා ගැනීමට අවශ්‍ය නොවේ. එලෙසම පවුල තුළ සැමියා, බිරිඳ සමඟ ඇති මානසික බැඳීම සහ කායික බැඳීම පවා මෙම නිසා බිඳ වැටීම සිදු වේ. තම මානසික සමතුලිතතාව සහ අනෙකුත් අවශ්‍යතා ඔවුන් තම ස්මාර්ට් දුරකතනයට පමණක් සීමා කර ගනු ලබයි.
මෙමඟින් මානසික ආතතිය වැඩි වීම, කාංසාව, සමාජයෙන් ඈත් වීම තමන් නොදැනුවත්වම සිදු වේ. ඉන් පසු තවරදුටත් තම මානසික සමතුලිතතාව ස්මාර්ට් දුරකතනයෙන් තුලිත කර ගැනීමට නොහැකි වූ විට ඔවුන් මානසික පිරිහීම, සමාජයෙන් ඈත් වීම, විශාදය සහ ඇතැම් අවස්ථාවල තම ජීවිතයෙන් පවා එයට වන්දි ගෙවීම සිදු කරති. සමාජයේ කුඩාම ඒකකය වන්නේ පවුලය. එම ඒකකය එකිනෙකාට එකතු වීමෙන් රටක සමාජය ගොඩනැගේ. එවිට, කුඩාම සමාජීය ඒකකයක් මෙලෙස තාක්‍ෂණික ඇබ්බැහිය නිසා දෙදරා යයි නම්, එහි විශාල ඒකක ගැන අප විමසා කිසිදු තේරුමක් නොමැත. එම නිසා ශ්‍රී ලංකාව තුළ ද මෙම තත්වය කොපමණ ප්‍රමාණයකින් ව්‍යාප්තව ඇත් ද? එහි ප්‍රබලතාව කුමක් ද? යන්න පිළිබඳව විද්‍යාත්මක පදනමකින් සොයා බැලිය යුතු කාලය එළැඹි ඇත. නැතහොත් අප ශ්‍රී ලාංකිකයන්. ලෙස මෙම ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහිය යන සංවේදී කාරණාවේ දී ද මන්දගාමී ලෙස හෝ ප්‍රමාද වී අවශ්‍ය කරන තීණ්දු තීරණ ලබා ගනු ඇත.
ලෝකයේ මීට පෙර සිදු කරනු ලැබූ පර් යේෂණ මඟින් මෙම ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහි වීම සහ සංසිද්ධියට බලපාන ප්‍රධාන සාමාජීය සාධක ලෙස, සමාජීය සම්බන්ධතා ජාලකරණය (Social Networking) සමාජීය සහයෝගීතාව (Social Support), ස්වයං පාලනය (Self Control) සහ යමක් නැති වීම කෙරෙහි වූ බිය (Fear of Missing Out /FOMO) පෙන්වා දෙයි. මෙහි සමාජීය සම්බන්ධතා ජාලකරණය යනු, ජාලගත ක්‍රමවේද ඔස්සේ නොමැතිව භෞතිකව සමාජීය වශයෙන් සමායෝජනය සහ එක්ව කටයුතු කිරීමේ හැකියාව වේ. මෙහි සමාජීය සහයෝගිතාව යනු, සමාජීය වශයෙන් පුද්ගලයකුට සහයෝගය ලබා දීමට උදව් උපකාර කිරීමට සිටින පුද්ගල සම්බන්ධතා ප්‍රමාණය වේ. මෙහි ස්වයං පාලනය යනු තමාට තමාව පාලනය කරගනිමින් මෙම යෙදවුම් හා සම්බන්ධ වී කටයුතු කිරීමේ හැකියාව වන අතර යමක් නැති වීම කෙරෙහි වූ බිය (FoMo) නම් වන්නේ තමාට යම් කරුණකට සහභාගී නොවීමෙන්, යම් කරුණක් නොදැන සිටීම නිසා සමාජයෙන් තමා හුදකලා වේ යැයි තමා සිතා සිටීම නිසා තමාට ම ඇති වන බිය වේ. එම බිය නිසා තමාට අනවශ්‍ය වුවත් අකමැති වුවත් එම අදාළ කරුණ සඳහා සහභාගී වීම හෝ එම අදාළ කරුණ පිළිබඳ දැනුවත් වීමට උත්සහ කරයි.
මෙම ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහිය, සංසිද්ධිය සහ ඊට අදාළ සමාජීය සාධක පිළිබඳ පර්යේෂණයක් මීට පෙර ලෝකයේ සිදු වී ඇත. එම පර්යේෂණ සහ එම සොයා ගැනීම් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මේ සම්බන්ධයෙන් සිද්ධි අධ්‍යනයක් සිදු කොට ඇත. මෙම සිද්ධි අධ්‍යයනය අවසන් වසර සිසුවකු වන කේ. බී. සී. ගුණරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. එම්. සී. බී. කරල්ලියද්ද මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඒ. එම්. කේ. ආර්. බණ්ඩාර මහතා සිදු කර ඇත.
මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත්තේ තරුණ ප්‍රජාවගේ සහ උපාධි අපේක්‍ෂකයන් අතර මෙම ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහි වීම, සංසිද්ධිය සහ සමාජීය යහැපැවැත්ම (Social Wellbeing) අතර හැසිරීම අධ්‍යනය කිරීමයි. මෙම අධ්‍යයනයට අනුව ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහිය සහ සංසිද්ධිය අතර අනුලෝම සෘජු සම්බන්ධතාවක් පෙන්නුම් කරයි. එනම්, ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහිය වැඩි වන විට සංසිද්ධියද වැඩි වේ.
මීට අමතරව සංසිද්ධිය අවම කිරීමට නම් ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහිය අඩු කළ යුතු අතර ස්වයං පාලනය වැඩි කළ යුතුය. ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහිය අවම කිරීමට නම් ස්වයං පාලනය සහ ඉංග්‍රීසි සාක්‍ෂරතාව වැඩි කළ යුතු අතර FoMO අඩු කළ යුතුයුය. එලෙසම මෙම අධ්‍යයනයට අනුව ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහිය සහ සමාජීය යහැපැවැත්ම (Social Wellbeing) අතර ප්‍රතිලෝම සෘජු සම්බන්ධතාවක් පෙන්නුම් කරයි. මීට අමතරව සමාජීය යහැපැවැත්ම වැඩි කිරීමට නම් සමාජීය සහයෝගීතාව සහ ඉංග්‍රීසි සාක්‍ෂරතාව වැඩි කළ යුතු අතර ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහිය සහ FoMO අඩු කළ යුතුය. මෙහිදී සංසිද්ධිය සහ සමාජීය යහැපැවැත්ම අතර සෘජු සම්බන්ධතාවක් නොමැති බව නිරීක්‍ෂණය කොට ඇත. ඉහත සාධක සියල්ල ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහි වීම, මෙම අධ්‍යයනයට අනුව සංසිද්ධිය සහ සමාජීය යහැපැවැත්ම වෙත බලපාන ප්‍රධානතම සාධකයන් ලෙස පෙන්වා දිය හැක.
මීට අමතරව මෙම සාධක සහ සංසිද්ධියේ සහ ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහි වීම, සමාජීය යහපැවැත්ම අතර වක්‍රාකාර සම්බන්ධතා සහ එකිනෙකා අතර අන්තර් සම්බන්ධතා රාශියක්ම මෙම අධ්‍යනය මඟින් නිරීක්‍ෂණය කොට ඇත. මෙම සොයා ගැනීම්, ජාතික වශයෙන් තහවුරු කර ගැනීමට මෙම අධ්‍යනයේ දිගුවක් සිදු කළ යුතු බව, පර් යේෂකයෝ පවසති. මීට අමතරව මෙම අධ්‍යයනය වෘත්තිකයන්, පාසල් සිසුන් වැනි විවිධ නියැදි යොදා ගෙන සිදු කළ යුතු බවත් එමඟින් ඔවුන්ගේ හැසිරීම් රටා සහ වටිනා නිරීක්‍ෂණ සහ සම්බන්ධතා අනාවරණය කර ගත හැකි වීම පර් යේෂකයෝ වැඩිදුරටත් පවසති.
ඉහත අධ්‍යයන සහ එහි සොයා ගැනීම් සලකා බැලූ විට මෙම ඇබ්බැහි වීම සහ ඊට අදාළ සංසිද්ධීවල බරපතලභාවය ඔබට වැටහෙනු නොඅනුමානය. මෙහි බරපතල බව කෙසේදයත් ඕස්ට්‍රේලියානු රජය විසින් අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම අවශ්‍ය නීති රෙගුලාසි පසුගිය දිනකදී සම්මත කරගන්නා ලද අතර එම නීති රෙගුලාසි උල්ලංඝනය කරනු ලබන එකී සමාජ මාධ්‍ය සමාගම් සඳහා ඩොලර් මිලියන 33 ක් දක්වා දඩ නියම කිරීමට තීරණය කොට ඇත.
එලෙසම මෙහි බරපතල බව වටහා ගත් ආසියානු කලාපයේ සංවර්ධිත රටවල් මේ සඳහා විවිධ උපක්‍රම සහ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. මෙහි ප්‍රධානතම උපක්‍රමය වන්නේ මහජනයා දැනුවත් කිරීමය. ජපානය මේ සඳහා මාධ්‍ය, රූපවාහිනී දැන්වීම් සහ අධ්‍යාපනික උපකාරක මාධ්‍යය යොදා ගනී. මේ සඳහා ඔවුන්ගේ ප්‍රධාන පාඨය වන්නේ ස්මාර්ට් දුරකතන අපව පාලනය නොකරන ජීවිතයක් අප ගොඩ නගමු යන්නයි. (Let’s create a life where smart phones don’t control us) මෙහා සමාන ක්‍රියා පිළිවෙතක් දකුණු කොරියාව ද අනුගමනය කරයි. මීට අමතරව දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිවානය ඩිජිටල් විෂ නාශක වැඩසටහන් (Digital Detox Programmes) පවත්වනු ලබයි. මෙහි දී ඔවුන් තරුණ ප්‍රජාව ස්මාර්ට් දුරකතන සහ එහි යෙදවුම් වලින් ඔවුන් විසන්ධි කොට තබා ගනිමින් සමාජීය ක්‍රියා සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා යොදවයි.
එමඟින් ඔවුන්ගේ සමාජීය සම්බන්ධතා සහ පෞරුෂත්වය වර්ධනය කරයි. තායිවානයේ මෙම කටයුත්ත විවිධ ආයතනවල වෘත්තිකයන් සඳහා ද සිදු කරයි. සිංගප්පූරුවේ දී ශිෂ්‍යන්ගේ විෂය නිර්දේශයේ කොටසක් ලෙස ම මෙම ඩිජිටල් තාක්‍ෂණික සාක්‍ෂරතාව සහ එය දිවි පැවැත්මට බාධාවක් නොවන අයුරින් පවත්වා ගෙන යෑම පිළිබඳව උගන්වනු ලබයි. එලෙසම ඔවුන් පාසල තුළ මෙම ඩිජිටල් තාක්‍ෂණය මනාව නැඹුරුවන් ශිෂ්‍යයන්, තාක්‍ෂණික යහපැවැත්මේ තානාධිපතිවරුන් (Digital Wellness Ambassdors) ලෙස පත්කර අනෙකුත් ශිෂ්‍ය ප්‍රජාවට ආදර්ශයක් සපයනු ලබයි. එලෙසම තායිවානය තුළ පාසල තුළ සහ අධ්‍යාපන ආයතන තුළ ස්මාර්ට් දුරකතන මුක්ත කලාප පවත්වා ගෙන යනු ලබයි.
මීට අමතරව චීනය වැනි රටවල මේ සඳහා දැඩි නීති සහ රෙගුලාසි පවත්වා ගෙන යනු ලබයි. ඔවුන් කුඩා ළමයින්ට අදාළව අන්තර්ජාලය, අන්තර්ජාල ක්‍රීඩා සහ ඊට අදාළ ඇප් සඳහා කාල රාමුව, පාලක මඟින් පාලනය කරනු ලබයි. මීට අමතරව ජපානය සහ අනෙකුත් සංවර්ධිත රටවල දී මවුපියන් තම දරුවාගේ දුරකතනය මවුපිය පාලක ගිණුම් (Parental-Control Accounts) මගින් නිරීක්‍ෂණය සහ පාලනය කරනු ලබයි.
මෙම විශේෂාංග සියලුම තම ස්මාර්ට් දුරකථන තුළ බොහෝ විට අඩංගු වන අතර සේවා සපයන ආයතන මගින් සැපයීම සිදු කරයි. ශ්‍රී ලංකාව තුළ ද අන්තර්ජාල සහ දුරකතන සේවා සපයන ආයතන මෙම සේවා සපයන අතර එය කොතෙකුත් දුරට මවුපියන් භාවිත කරනවාද යන්න ගැටලුවකි.
මෙමගින් දරුවාගේ ස්මාර්ට් දුරකථනය සතු සියලුම හැසිරීම් රටා නිරීක්‍ෂණය කළ හැකි අතර මවුපියන්ට අවශ්‍ය ලෙස ස්මාර්ට් දුරකතනයේ ඇප් සඳහා දවසේ නිශ්චිත කාලයක් සඳහා පමණක් භාවිතා කිරීමට අවසර ලබා දිය හැක. මීට අමතරව දරුවාගේ අන්තර්ජාල ඩේටා පරිභෝජනය මවුපියන්ට අවශ්‍ය පරිදි සකසා ඊට අදාළව ඩේටා සීමා පැනවිය හැක. එලෙසම දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල් මෙසේ ඇබ්බැහි වූ දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා මෙන්ම මෙම ඇබ්බැහි වීම් පිළිබඳ වෙන් කරනු ලබයි.
මීට අමතරව ඔවුන්ව එයින් මුදා ගැනීමට අවශ්‍ය පුහුණු කඳවුරු, වැඩමුළු සහ Digital Detox වැනි වැඩසටහන් සඳහ විශාල මුදලක් වෙන් කිරීම සිදු කරයි. මෙම සියලු උපක්‍රම සහ වැඩසටහන් ඉතාමත් ප්‍රායෝගික ඒවා වේ. එලෙසම ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකාවට ද අවශ්‍ය නම් මෙම උපක්‍රම සහ වැඩසටහන් අනුගත කර ගැනීමට හෝ විකරණය කර ගැනීමට හැක.
මෙම ඩිජිටල් තාක්‍ෂණික ඇබ්බැහි වීම නිසා, මිනිසා නම් වූ සුන්දර සමාජීය සත්වයා, හැඟීම් නොමැති, හදවතක් නොමැති ඩිජිටල් රොබෝවකු බවට පත් වීමේ සම්භාව්‍යතාවක් ඉදිරි අනාගතයේ දී පෙන්නුම් කරනු නොඅනුමානයි. ශ්‍රී ලංකාව වැනි සාරධර්ම වලින් පිරිපුන් ආත්මීය වශයෙන් සුන්දර සමාජීය වශයෙන් එකිනෙකා හා ඉතා ලෙන්ගතුව බැඳුණු පරෝපකාරයට ලොව පුරාම ප්‍රචලිත සමාජයකට සහ මිනිසුන්ට මෙය ඉතාමත්ම සෘණාත්මකව හා ප්‍රබල ලෙස බලපානු නොඅනුමානය.
එම නිසා මෙම ඩිජිටල් තාක්‍ෂණය ඇබ්බැහිය සහ ඒ හා බැඳුනු සංසිද්ධීන් පිළිබඳව ශ්‍රී ලංකාව වශයෙන් විද්‍යාත්මකව තවදුරටත් සොයා බැලිය යුතු අතර ඊට අදාළ ප්‍රතිපත්තිමය සහ රෙගුලාසිමය තීන්දු තීරණ ද ගත යුතුය. ඩිජිටල් තාක්ෂණය අපගේ එදිනෙදා ජීවිතය කාර්යක්‍ෂම සහ සුවපහසු කිරීමට මිනිසා තැනූ මෙවලමකි. එහි භාවිතයේ කිසිදු වරදක් නොමැත.
හැකිතාක් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් කාර්යක්‍ෂම පලදායී සුහුරු මිනිසකු බිහිකළ හැකි අතර අනාගතයේ විශ්ව ගම්මානයේ පුරවැසියකු ලෙස ජීවත් වීමට එය අත්‍යවශ්‍යම සාධකයක් වනු ඇත. එහෙත් ඇබ්බැහි වීම මෙහි හානිකර තත්වය වේ. එම නිසා එයින් අත්මිදී ඩිජිටල් තාක්ෂණය හරියාකාරව මනාව යොදා ගැනීමට මිනිසා හුරුපුරුදු විය යුතුය. ඇබ්බැහියෙන් මිදී සුහුරු ශ්‍රී ලාංකිකයකු වීමට දැන් කාලය එළැඹ ඇත.
(*** සුධාරිකා ගුරුසිංහ)
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
පාඨකයෙක් Friday, 21 February 2025 10:35 AM
අප රටේ ඩිජිටල් තාක්ෂණික ඇබ්බැහිවීම බහුලවම සිදුවන්නේ ස්මාට් ජංගම දුරකථන ආශ්‍රිතවය. කෝවිඩ් සමයේ දුරස්ථන අධ්‍යාපනය සඳහා එම උපකරණ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්වීමෙන්, ඉතා අඩු වයස් කාණ්ඩවල දරුවන් පවා ඒවා භාවිතයට යොමු වූ බව නොරහසකි. එලෙස හුරු වූ පසු ඔවුන් එම උපකරණ ආශ්‍රිත ක්‍රීඩා ආදියට ඇබ්බැහි වෙති. පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ සිදු කළ පර්යේෂණයකට අනුව, ගැටවර වියේ පිරිමි ළමුන් එල්ල කර නිපදවා ඇති ස්මාට් ජංගම දුරකථන ක්‍රීඩා මගින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හුරු කරවන බව සොයාගෙන තිබේ. ස්වයං පාලනයක් නොමැතිකම, රැල්ලට කටයුතු නොකිරීමෙන් අගතියට පත් වනු ඇතැ'යි බියවීම ආදිය දරුවන්ගේ පෞරුෂය සමග බැඳී පවතී.