මෙම ලිපිය මුලින්ම පළවූයේ 1978 ජූනි 11 වැනිදා ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතේය. ඩී. ආර්. විජයවර්ධනයන්ගේ අභාවයෙන් පසුව එළඹි 71 වැනි වසර සමරනු වස් එය නැවත පළ කරමු.
1950 ජූනි 13 වැනිදා ලේක්හවුස් ආයතනයට ශෝකී දිනයක් විය. එදින එහි ප්‍රාරම්භකයා වූ ඩී. ආර්. විජයවර්ධනයන් මියගිය මුත්, එහි රොටරි මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්මක වන්නට ගනිද්දී ඔහු උත්පාදනය කළ ගාමක බලය ඒ වන විටත් ආයතනය තුළ රැඳී තිබිණි.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් සහ ලන්ඩන් නීති මඩුල්ලේ කටයුතු කිරීමෙන් අනතුරුව 1912 මෙරටට පැමිණෙන විට ඔහු කොළඹ සිටි දක්ෂතම උගත් තරුණයන්ගෙන් අයෙක් වූයේය. ඔහු ඉතාමත් කඩවසම් අයුරින් ජේත්තුවට ඇඳුම් ඇඳි නිසා මිනිසුන් ඔහු හැඳින්වූයේ ඩැන්ඩි ඩික් කියාය. ඊට හේතුව වූයේ ඔහු ඇඳුම් අඳින කාරණයේ දී පවා අතිශය නිවැරදිව හැමදේම ඉහළින්ම ඉටු කරන පාරප්‍රාප්තවාදියකු ලෙස එය කළ නිසාය. ඔහුගේ නිරවුල් ක්‍රමානුකූල පෙනුම රටේ අවශ්‍යතාවකට නිසි පිළිතුරු දීමේ සුසැදි මනසින් යුතු බව පෙන්වන කැඩපතක් වූයේය.
ඔහු උපත ලැබුවේ කැලණි ගං ඉවුර සමීපයේය. එහෙත් අමරණීයත්වයට පිවිසෙන ඔහුගේ ගමන් බලපත්‍රය ඔහු හිමිකර ගත්තේ බේරේ වැවේ ඉවුර අද්දරිනි. ඔහුගේ පවුලේ මූලයන් රජයේ හිටපු ලේඛනාගාර භාරකරුවකු වූ ජේ.එච්.ඕ. පවුලස් දක්වාම යන අතර අතීතයේ ක්‍රියාකාරී මිනිසුන් බිහි කළ ඌව දනව්ව දක්වාම විහිදී යයි. ඒ බිමෙන් බිහිවුණු කැරැළිකරුවෝ පවා තම රුහිරෙන් ඉටුකරන කාර්යය මනාව ඉටු කළෝය.
මුතුන් මිත්තෝ
පවුලස් පවසන ආකාරයට විජයවර්ධනලාගේ ආදිතමයා 1656 ඌව දිසාව භාරව සිටි මද්දුමාරාලය. වසර තුන්සියයකට පෙර ජයග්‍රාහී සටන් ව්‍යාපාරය මෙහෙයවමින් හෙතෙම තම පවුල් සමූහයාගෙන් සමන්විත හමුදාවට අණදීමේ කාර්යය ඉටු කළේය.
ඔහුගෙන් පැවත එන මී මුණුබුරකු වූ දොන් රිචඩ්, පුරාණ තුඩුගල රාළලාගේ නායකත්ව ගුණාංග උරුම කරගෙන කාරිය කරන්නට හෝ මියෙන්නට සැරසෙමින් ලේක්හවුසියේ සේවය කළ සේවක ගනයාට අණදීම පුදුමු වන්නට කාරණයක් නොවේ.
මම විජයවර්ධන යුගයෙන් ශේෂවී තවමත් ජීවත්ව ඉන්නා අයගෙන් එක් අයෙක්මි. මන්දයත්, කුරිරුතර දෛවයා එල්ල කරන අසිපත් හා හී සැර පහර දරාගෙන කම්කටොලු සයුරකට එරෙහිව අවි ඔසවන්නට මා ද සූදානම්ව සිටි බැවිනි. මේ වනවිට උපදෙස් බිඳ මා ලබා ගත්තේ හැමිලට් නාට්‍යයෙන් නොව ලේක් හවුසියේ කොරිඩෝවන්හි නිතර පියමැන ගිය හර්බට් හුළුගල්ල සහ හිලායිර් ජෑන්ස් නම් දයාදර දෙපළ වෙතිනි.
ජෑන්ස් දැන් මිය ගොසිනි. කෙට්ටු ශරීරයකින් හෙබි ප්‍රියමනාප පෙනුමකින් යුතු වූ ඔහු වසර විස්සක් පුරා ඔබ්සර්වර් පුවත්පත සංස්කරණය කළේය. පුවත්පත් කලාවේ ක්‍රියාකාරී ලෙස වසර තිස්හයක් නියැලීමෙන් අනතුරුව ඔහු 1954 විශ්‍රාම ගත් අවස්ථාවේ ඔහු කටයුතු කළ පුවත්පත සමග කරට කර තරග කළ පුවත්පතක් වූ
ද ටයිම්ස් ඔෆ් සිලෝන් හි බහු විධ (ඕපාදූප) කතා බහ රචකයෙක් (මා සැක කරන අයුරු ඒ ටෝරි ද සෝසාය) ඔහු ගැන ඉතා නිර්ලෝභ අයුරින් අගය කිරීමක් කර තිබිණි.
හිලායිර් ජෑන්ස් යනු පුවත්පත් ව්‍යාපාරයේ කුරිරු කාව්‍යකරණයේ වඩාත් සාරසර්භ වූත් හාස්‍ය මුසු කරනු ලැබුවා වූත් ලිපි රචනා කළ රචකයින්ගෙන් කෙනෙකි.
ඔහු ව්‍යාජ නම්වලින් ලියූ අතිශය ඵලදායී ලිපිවල සැඟවී ඇති රහස් අනාවරණය කර ගන්නට මසක පමණ කාලයක් පුරා විමර්ෂක කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවන්නට සිදුවන සෙයක් පෙනේ.
හුලුගල්ල
ඩේලි නිව්ස් පුවත්පතේ වඩාත් අසීරු වූ දාහත් වසරක් පුරා හුලුගල්ල එය සංස්කරණය කළ ද (දෙවියන්ගේ පිහිටෙන්) ඔහු තවමත් ජීවත් වේ. මැන්චෙස්ටර් ගාර්ඩියන් පුවත්පතේ සී.ජී. ස්කොට්මෙන් ඔහුද කියවීමේ හැකියාවේ යුක්තිගරුක බව ආරක්ෂා කළේය.
තරුණ වියේ දී හුළුගල්ල ද ශරීර පෙනුමෙන් ජෑන්ස් හා සමාන වූයේය. ඒ නිසා බොහෝ පටලැවිලි ඇතිවිය. වෙනකක් තබා එවකට ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතුවරයාණන් වූ ක්‍රොවිදර් (crowther)ටද දෙදෙනා වෙන්කොට හඳුනා ගැනීම අසීරු වූයෙන් හුළුගල්ලට එල්ලවූ චෝදනාවකට වැරදීමෙන් ජෑන්ස්ට ඔහු හොඳටම දෙහි කැපුවේය.
එක් ස්වාමිපුරුෂයකු අනෙකාට බෙහෙවින් සමාන යයි කී විට ඔවුන්ගේ භාර්යාවෝ ද විමතියට පත් නොවූහ. ඔවුහු එය හොඳින් දත්හ.
සංස්කරණය පැත්තේ එවැනි මිනිසුන් දෙදෙනකු සිටීම විජයවර්ධනගේ වාසනාවකි.
කළමනාකරණය පැත්තෙන්ද ඔහු විසින් ගොඩ නගන ලද දැවැන්ත ඥාන කෝෂ්ඨාගාරය උසුලා සිටීමට නුවණින් පරිපූර්ණ කුලුනු තුනක් ඔහු සතුවිය. එනම් ජෝර්ජ් වී පෙරේරා, පී. සී. ඒ. නෙල්සන් සහ ඊ. ඊ. සී. අබේසේකරය. ඔවුහු තිදෙනාම පල්ලියට හිතැත්තෝ වූහ.
ජී.වී. පෙරේරා කෙටි වුවද හැඩිදැඩි සිරුරකින් යුක්ත වූ අධිනීතිඥවරයෙකි. ඔහු ඩේලි නිව්ස් පුවත්පතේ කළමනාකාර ධුරයේ බොහෝ කල් කටයුතු කළේය. සාමාන්‍ය අවස්ථාවල කාර් බහුල මිනිසකු වූ ඔහු යම් තරගකාරී බවකින් ජය ලබන්නට සිදුවූ විට දිවා රෑ නොබලා වැඩ කළේය.
මාර්ටින්
ඔහු යම් තරමකින් ඇකිලුනේ විජයවර්ධනගේ පෞද්ගලික කාර්යාල සහායක මාර්ටින්ගේ හෙවනැල්ල ඔහුගේ කාර්යාලය දෙරකඩට වැටුණු විටය.
මාර්ටින් යනු අප බොහෝ දෙනකුට නරක ආරංචියක් පිළිබඳ පෙර නිමිති පාන්නෙකි. සුදට සුදේ බැබලෙන තනි සුදු ඇඳුමකින් සැරසී සිටි මාර්ටින්ගේ හිසේ කැස්බෑ ලෙලි (කටු) වලින් තැනු නැමි පනාව ගසා තිබුණි. එයින් ඔහුට ලැබුණේ නිරන්තරයෙන් අං දෙකක් හිසේ පැළඳ උන් සතකු හෙවත් ලුසිෆර් හෙවත් යක්ෂයාය.
ඉනේ බැඳි කට්ටකළු ඉන පිටිය ඔහුගේ ඇඳුම පරිපූර්ණත්වයට පත් කළේය.
මාර්ටින් ඇත්තෙන්ම සැමට හිතැති පුද්ගලයකු වුවද, තම ස්වාමියාගේ කෝපය තමාගේ මුහුණින් හා දේහ ලක්ෂණ වලින් තවත් අයෙකු වෙත ගෙන ගොස් ප්‍රදර්ශනය කිරීමේ නරක පුරුද්ද ඔහුට තිබුණේය.
මාර්ටින් ඉහළ මාලයට පැමිණ ප්‍රධාන කතුවරයාට හෝ උපකතුවරයාට හෝ වාර්තාකරුවකුට පහළ තට්ටුවේ ඉන්නා ඔහුගේ ප්‍රධානියා කතා කරන බව කියන විට මාර්ටින්ගේ දෑස් ඉදිරියට නෙරා එයි. නාස් පුඩු වෙව්ලයි. පෙර නොතිබු දිස්නයක් ඔහුගේ නාසයේ දිස් වෙන්නට ගනී. ‘කතාකරනවා’ යන්න ගොරහැඩි හඬින් කියනා විට ඔහුගේ කටහඬෙන් ඉදිරියේ සිදුවන මහත් ව්‍යසනයක පෙර නිමිති හැඟවේ. ඔහු කියන එම වැකිය කෙටි වුව ද ග්‍රීක ශෝකාන්තයක ඇති සියලුම අවාසනාවන්ත මූලාංග ඒ තුළ ගැබ්වේ. වෙනත් වචන වලින් කිවහොත් විජයවර්ධන අඬන විට මාර්ටින් හොටු පෙරාගෙන වැළපෙන්නේය.
මාර්ටින් ගැන කතා කරන විට මගේ මතකයට නැගෙන තවත් දෙයක් ඇත. එනම් බොහෝ දෙනාගේ ගෞරව සම්ප්‍රයුක්ත බිය විජයවර්ධනගේ නම ඇසූ සැනින් ඇවිස්සීමය. බොහෝ දෙනා කීවේ විජයවර්ධන මාර්ටිනට් වෙනවා කියාය. (මාර්ටිනට් යන්නේ අරුත දැඩි ලෙස වින්‍යානුකූලව ක්‍රියා කරන්නා යන්නය) එහෙත් ඔහු තුළ වූ මානුෂීය ගුණ ඔහු ඉදිකළ දැවැන්ත ආයතනයේ බිත්ති සීමාවේ පවා නොරැඳී ඉන් ඔබ්බට යන්නක් විය.
ධනපාල
ඩී.බී. ධනපාල සමග මම ලේක් හවුසියේත් ඉන් අනතුරුව ස්වාධීන පුවත්පත් සමාගමේත් සේවය කර ඇත්තෙමි. ස්වාධීන පුවත්පත් සමාගම් ඔහු හා සේවය කළ කෙටි කාලය ඉතාමත් සතුටින් ගත වූවකි. ඔහු නිතරම විජයවර්ධන පිළිබඳව කාරුණික වදනින් කතා කළේය.
ධනපාල පෙරදිග චින්තනයේ කෙළ පැමිණියකු වූයේය. ඔහු ලියූ අකුරු පුරාණ පන්සලක පුස්කොළ පොත්වල අකුරු වැනිය. පත්තරකාරයන් වනාහි මිනිසකුගේ හිසෙන් රැස් වළලු විහිදෙන්නට ශීර්ෂ පාඨයක් ලියන්නකු සේම මිනිසකු බිම ඇද වැටෙන්නට පාඨ ලිවිය හැකි අමුතු වර්ගයේ ගෝත්‍රික පිරිසකැයි කීවේ ඔහුය.
කල්කටාවේ පත්තර කන්තෝරුවක අවපාතයක වූ පැටලැවිල්ලකින් ඔහු බේරාගත් හුළුගල්ල ඔහුට ලේක්හවුස් ආයතනයට සම්බන්ධවන ලෙස ආරාධනා කළේය. ධනපාලගේ වර්ණවත් ඉංග්‍රීසි ශෛලියටත්, සිංහල කලා ලැදියාවටත් විජයවර්ධන බෙහෙවින් ආකර්ෂණය වී ඔහුට හොඳින් සැලකුවේය.
විජයවර්ධන කුරිරු වහල් හිමියෙකුයි බොහෝ දෙනා අතර හැඟීමක් පවතින අතර ඔහුට සාධාරණ ලෙස සැලකුවේ කිහිප දෙනෙකු පමණකැයි, ධනපාල නිතර කියා සිටියේය. ඉඳහිට දියතලාවේ පිහිටි ආර්කේඩියා නම් ඔහුගේ නිවාඩු නිකේතනයට විජයවර්ධන ධනපාලත් කැඳවා ගියේය. ඉතා සුන්දර නිවහනක් වූ එහි නිවී සැනසිල්ලේ තම ප්‍රධානියා ඇතුළු පවුලේ උදවිය සමග ඔහු සති අන්තයක් ගත කළේය.
මිතුරෝ
ඉහළම වර්ගයේ ඕට්ස් වර්ගවල සිට සියලුම ධාන්‍ය ඔහුගේ එම නිකේතනයේ මුළුතැන්ගේ (පෑන්ට්‍රියේ) තිබුණ ද උදය ආහාරය සඳහා විජයවර්ධන ප්‍රිය කළේ පොල්කිරි කැඳය. ඒවා පිළිස්සු අබ කුඩු වලින් රස ගන්නා තිබිණි.
ඉන් පැහැදිලිව පෙනී යන්නේ විජයවර්ධන සරල දෑ ප්‍රිය කළ සරළ මිනිසකු බවය. ඉඳහිට කළාතුරකින් ෂෙරී (වයින්) පානය කළොත් මිස ඔහු මත්පැන් හෝ ධූම පානය කළේ නැත. එහෙත් ඔහුගේ මත්පැන් ගබඩා කුටියේ ඉස්තරම්ම ප්‍රංශ වයින් සහ ස්කොච් වෝල්ට් විස්කි වර්ග පුරවා තිබිණි.
ඔහුගේ ගැටලුව වූයේ ඔහු දුසිරිතෙන් තොර වීමයි. ඔහුගේ සුචරිතවත් ගතියට පදනම් වී තිබුණෙත් චාම් දිවි පෙවෙතක්, ඉහළම චින්තනයත්ය. එම ස්වභාවය ඔහුගේ මිතුරු කවයේ රුචි අරුචිකම්වලට ගැලපුනේ නැත.
ඔහුගේ මිතුරු කවයේ පිරිස කෙමෙන් කුඩා වෙද්දී අවසානය දක්වාම ඔහු හා එක්ව හරවත් බවෙන් පිරි මිතුරු පිරිසක් රැඳී උන්හ.
විජයවර්ධන උද්යෝගීමත් බෞද්ධයකු වුවද ඔහු පමණට වඩා ආගමට ලැදියාව පෙන්වන අයෙක් නොවූයේය. ඩී.එස්. සේනානායක හැරුණු විට ඔහු සමග කුලුපඟව සිටි සියලු දෙනා සහ උපදේශකයන් බෞද්ධයන් නොවීම විමතියට කරුණකි.
නිතර පාහේ කාර්යාලයටත් නිවසටත් ඔහු මුණ ගැසෙන්නට පැමිණි උදවිය අතර දේවගැති ඩබ්.ඊ. බොතේජු, එස්.ජී. පෙරේරා පියනම, ආචාර්ය ඇන්ඩ්‍රීස් නෙල්, ආචාර්ය එස්.සී. පෝල්, ඊ.ඩබ්. පෙරේරා, එල්.එම්. ද සිල්වා, එස්. මහාදේව, සර්. එච්.එම්. මාකන් මාකර්, ඒ.ආර්.එච්. කනකරත්න සහ ඕබරි මාර්ටිනස් යන අය වූහ.
තමාට විශ්වාසදායි අය තෝරා ගැනීමේ දී කුලභේද , වර්ණභේද, ජාතිභේද ආදී කිසිවක් ඔහුගේ සිතට නැගුණේ නැත. ඔහුගේ හොඳම මිතුරන් වූ බී.එෆ්. ද සිල්වා ඔහුගේ පෞද්ගලික වෛද්‍ය සර් ෆ්‍රෑන්ක් ගුණසේකර සහ ඔහුගේ නීති උපදේශක ඊ.ජේ. සමරවික්‍රම යන සියල්ලෝ භක්තිමත් කිතුනුවෝ වූහ.
කෝර්බට්
විජයවර්ධනගේ අධ්‍යයනාගාරයේ එල්ලා තිබුණේ ඔහුගේ පියාගේ සහ එෆ්.එච්.එම්. කෝබර්ට්ගේ ඡායාරූප පමණකි. කොර්බට් යනු ශ්‍රී ලංකාවේ උපන් ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහු බැරිස්ටර්වරයකු ලෙස කටයුතු කළේ ලන්ඩනයේය. ප්‍රිවි කවුන්සලයේ බොහෝ අභියාචනාවලට ඔහු පෙනී සිටියේය.
විජයවර්ධනගේ මස්සිනා වූ විනිසුරු ඊ.ඩබ්. ජයවර්ධන (ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පියා) මෙම ඉංග්‍රීසි ජාතික මහත්මා බෙහෙවින් අගය කළ අතර ඔහු තමාගේ දෙවැනි පුත්‍රයාට තැබුවේ ද එම කෝර්බට් යන නමයි.
කෝබට් මෙරට බොහෝ දෙනා සමග දැඩි ලෙස මිත්‍රශීලීව පසු වූ අතර ශ්‍රී ලංකාවේ බොහෝ ශිෂ්‍යයන්ගේ පියකු මෙන් ඔහු කටයුතු කළේය. එංගලන්තයේ සිටි කාලයේ දී කෝබර්ට්ගේ කාරුණික සැලකීම් විජයවර්ධන කිසි විට අමතක කළේ නැත.
විජයවර්ධන කෝර්බට් වෙතින් ඉගෙන ගත් එක් දෙයක් නම් නිදහස කරා වැටී ඇති මග ස්වාධීන වූ පුවත්පත් නිදහසකින් තොරව හමු නොවේය, යන්නයි. ඔහු සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ හිමිකරු වූ සර් හෙක්ටර් වෑන් කුයිලන්බර්ග් හට කේබල් පණිවිඩයක් යවා එම පුවත්පත තමාට විකුණන්නේ ද? යන්න අසන තරමට දුර දිග ගියේය. සර් හෙක්ටර් එය ප්‍රතික්ෂේප කළේය. බර්ගර් ජනයාගේ නායකයා වූ ඔහුට අවශ්‍ය වූයේ එය තමන්ගේ ප්‍රජාවේ අයකුටම හිමිකර දීමටය.
පසු කලෙක සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් රජය වෙත පමණට වඩා යැපෙන්නක් බවට පත් විය. එහි පාඨක සංඛ්‍යාව අඩුවේගෙන යද්දී පුවත්පතේ අයිතිය අලෙවිය සඳහා වෙළෙඳ පොළට ඉදිරිපත් වූයේය.
විජයවර්ධන එය මිලට ගෙන එහි විජාතික බව මරා දැමුවේය.
(***)
ඊ.සී.බී. විජේසිංහ
2021 ජූනි 13 වැනිදා Sunday Times හි පලවු when DRW Swayed life at Lake House
නමින් පළවු ඊ.සී.බී. විජේසිංහ 1978/6/11 වැනිදා ලියා පළ කළ ලිපියේ පරිවර්තනයකි.
පරිවර්තනය: සමන් පුෂ්ප ලියනගේ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩී.ආර්. විජයවර්ධනයන්ගේ ලේක්හවුස් දිවිය