අලි ඇතුන් හා බැඳි අතිශය සංවේදී කතා ප‍්‍රවෘත්ති පිළිබඳ ඉතිහාසය කි‍්‍රිස්තු පූර්ව යුග දක්වා ඈත අතීතයට විහිදී යයි. බුදුරජුන්හට දමනය වූ ”නාලාගිරි” දුටුගැමුණු මහරජතුමන් සමඟ විජිතපුර මහා සටනට එක්වූ ‘‘කණ්ඩුල’’ සහ ඉතා දීර්ඝ කාලයක් මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී දළදා කරඬුව වැඩමවීමට වාසනා මහිමය හා පුණ්‍යවන්ත බව උරුමකරගත් ‘‘රාජා’’ නම් වූ හස්ති රාජයන් පිළිබඳව පුදුමාකාර කතා පුවත් මෙන්ම පනාමුරේ ඇත්රාජාගේ කතාව වැනි ඉතාම සංවේගජනක කතා ප‍්‍රවෘත්තිද අලි ඇතුන් සම්බන්ධ ජනප‍්‍රවාද පුවත් අතර වෙයි. හැට වසරක් පමණ මහනුවර ඇසළ පෙරහරේ විරාජමානව ගමන් කොට වයෝවෘද්ධ වී අවසන් වරට ඇසළ පෙරහර හමාර කිරීමෙන් පසුව ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දනින් වැටී දෑසින් කඳුළු වගුරුවමින් තම අවසන් දළදා වන්දනාව කළ බෝතලේ වලව්වේ ‘‘ගාමිණී’’ නම් වූ ඇත්රාජාගේ කතාවද අප‍්‍රකට එහෙත් රසවත් වූවකි. ජාතියේ පියා යන විරුදාවලිය ලත් නිදහස් ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතාද අලි ඇතුන්ට මෙන්ම සතා සීපාවන්ටද දැඩි ආදරයක් දැක්වූ අයෙකි. රාජ්‍ය නායකයකු වශයෙන් බෙහෙවින් කාර්යය බහුල ජීවිතයක් ගත කළද විවේක ලද අවස්ථාවන් හිදී බෝතලේ වලව්වට පැමිණ තම සුරතල් සතුන්ට කවා පොවා සංග‍්‍රහ කර ඔවුන්ගේ සුරතල් බලමින් කාලය ගතකිරීම ඒ මහතාගේ ප‍්‍රියතම විනෝදාංශයක් විය. එතුමන් සතුව සිටි සුරතලූන් අතර අලි ඇතුන් අශ්වයන් ආදී විවිධ සතුන් විය. ඞී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ පියාණන් වූ මුදලිඳු දොන් ස්පෙටර් සේනානායක (1848.1907) මහතාද සතුන්ට මහත් සෙනෙහසක් දැක්වූ ප‍්‍රභූවරයකු ලෙස ප‍්‍රකටය. එවකට මීරිගම, බෝතලේ වලව්වේ සිටි සුරතලූන් අතර ප‍්‍රමුඛ ස්ථානය හිමිවූයේ එහි වූ ඇත්පන්තියේ සිටි අලි ඇතුන්ටය. එතුමන් සතුව ‘‘සුරනිමල’‘ නැමැති ඇතා මෙන්ම සුරතලී නැමැති ඇතින්නිය ප‍්‍රමුඛ අලි ඇතුන් ගණනාවක්ම සිටි අතර එම සතුන් සියල්ල වර්ෂ 1943 පමණ වන විට වයස්ගතවී මිය ගොස් ඇත. ඒ සමඟම බෝතලේ වලව්වේ ඇත්ගාල පාළුවී ගියේය. තමා කුඩා කල සිට බෙහෙවින් ඇළුම් කළ අලි ඇතුන් සිටි බෝතලේ වලව්වේ ඇත්ගාල පාළුවට යාම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවූ ඞී.එස්. සේනානායක මහතා වර්ෂ 1947 දී ඉංග‍්‍රීසි පාලකයන් විසින් නිකුත් කරන ලද අලි ඇල්ලීමේ බලපත‍්‍ර හතරක් ලබා ගන්නා ලදී. ඒ අනුව පුත්තලම ප‍්‍රදේශයේ වනාන්තර කිහිපයකින් දළ ඇත් පැටවුන් දෙදෙනකු හා අලි පැටවුන් දෙදෙනකු අල්ලා ගැනීමට අවසර ලැබුණු අතර මෙසේ අල්ලා ගත් අලි ඇතුන් හතර දෙනා පුත්තලමේ සිට මීරිගම බෝතලේ වලව්ව දක්වා පයින් රැගෙන ඒමට මාසයකට වැඩි කාලයක් ගතවිය. එම දුෂ්කර ගමනේදී මෙම සුරතල් අලි ඇත් පැටවුන් පරෙස්සම්ව රැගෙන ඒමේ භාරධූර කාර්යය පැවරී තිබුණේ අලි ඇතුන් හීලෑ කිරීමේ අතිදක්ෂයකු වූ මීරිගම පස්යාල පාරේ සිටි ආරොන් බාස් උන්නැහැටය. තම වලව්ව වෙත රැගෙන එන අලි ඇත් පැටව් හතර දෙනා පිළිගැනීමට ඞී.එස්. සේනානායක මහතා මඟ බලාගෙන සිටියේ කැවුම්, කිරිබත්, හකුරු හා කෙසෙල්ගෙඩි ආදිය අතැතිවය. 1947 වසරේ අගෝස්තු මාසයේ දෙවැනි දින පෙරවරුවේ යෙදී තිබුණු සුභ මොහොතින් බෝතලේ වලව්වේ උද්‍යානයට සපැමිණි අලි ඇත් පැටවුන් සිවු දෙනා ඉතාම උණුසුම් අයුරින් පිළිගන්නා ලද්දේ කැවුම් කිරිබත් සංග‍්‍රහයකිනි. එම අවස්ථාවේදී මහා සංඝරත්නය විසින් පිරිත් දේශනා කරමින් එම අලි ඇතුන්ට සෙත්පතන ලදී. එම අවස්ථාවේදී ඞී.එස්. සේනානායක මහතා විසින් දළ ඇත් පැටවුන් දෙදෙනා ගාමිණී සහ කණ්ඩුල යනුවෙන්ද, අලි පැටවුන් දෙදෙනා ගජබා සහ නීලගිරි නමින්ද නම් කරන ලදී. ඞී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ ජීවිතයේ ඉතාම සතුටුදායක දිනයක් ලෙස සනිටුහන් වී ඇති එදින තවත් සුවිශේෂී වූ සිදුවීමක් ද විය. නොතාරිස්වරයකු මාර්ගයෙන් එම අලි ඇතුන් සිවු දෙනාගේ අයිතිය තම මුනුපුරන් තිදෙනාට සහ මිනිපිරියට නීත්‍යානුකූලව පවරා දීමයි. ඞී.එස්. සේනානායක මහතාගේ පුත‍්‍රරත්නයන් දෙදෙනාගෙන් ඩඞ්ලි සේනානායක මහතා අවිවාහකයකු වූ අතර විවාහකව සිටි රොබට් සේනානායක මහතාට ඒ වනවිට පුතුන් තිදෙනකු හා එක් දියණියක වූහ. එම පුතුන් තිදෙනා වූ දේවින්ද, රංජිත් හා රුක්මන් යන මහතුන්ට මෙන්ම රංජනී නම් වූ දියණියට මෙම අලි ඇතුන් සිවු දෙනාගේ අයිතිය හිමිවිය. මේ අනුව ගාමිණී නැමැති දළ ඇතා දේවින්ද සේනානායක මහතාටද, කණ්ඩුල නැමැති දළ ඇතා රුක්මන් සේනානායක මහතාටද, ගජබා නැමැති අලියා රංජිත් සේනානායක මහතාටද නීලගිරි නැමැති අලියා රංජනී සේනානායක මහත්මියටද ලැබුණි. (රංජනී සේනානායක මහත්මිය විවාහ වූයේ ඞී.ආර්. විජයවර්ධන මහතාගේ පුත් සීමාසහිත විජය පුවත්පත් සමාගමේ වත්මන් සභාපති රංජිත් විජයවර්ධන මහතා සමඟය.) මෙම අලි ඇතුන් සිවු දෙනා අතුරින් කුඩා කල සිටම නායකත්වය ගත්තේද බෙහෙවින් කැපී පෙනෙන ගති ලක්ෂණ ප‍්‍රකට කළේද ගාමිණී නැමැති ඇතාය. වසර හැත්තෑ පහකට ආසන්න කාලයක් ජීවත් වෙමින් එම දිගු කාලය තුළදී ආගමික, සංස්කෘතික හා ජාතික කටයුතු සඳහා අප‍්‍රමාණ ලෙස දායක වෙමින් ගාමිණී ඇත් රාජා කැපී පෙනෙන මෙහෙරවක් ඉටුකළේය. තම අයිතිකරු වූ දේවින්ද සේනානායක මහතාට දැක්වූ භක්තිමත් ආදරය, ඇත්ගොව්වාට දැක්වූ කීකරු බව, කෙළෙහිගුණ සැලකිමේ ගුණය, බුද්ධිමත්බව, ඉවසීමේ ලක්ෂණය, සන්සුන්බව මෙන්ම උපශාන්ත ගමන් විලාශය සහ මඟුල් ඇතකුගේ තිබිය යුතු සියළුම අංග ලක්ෂණයන්ගෙන් සම්පූර්ණවීම නිසා ගාමිණී ඇත් රාජයා බෙහෙවින් ජනප‍්‍රිය චරිතයක් බවට පත්ව සිටියේය. ගාමිණී ඇතා පෙරහරකට හෝ වෙනයම් උත්සවයකට හෝ ගෙන්වා ගැනීමට ඒවා සංවිධාන කරන පිරිස් දැක්වූයේ පුදුමාකාර කැමැත්තකි. මත්පැන් පානය කර තමන් අසලට පැමිණෙන අය නුරුස්සන ගාමිණී ඇතා මහා සංඝරත්නය කෙරෙහි දැක්වූයේ අප‍්‍රමාණ වූ ගෞරවයක් මෙන්ම පූජනීය වූ භක්තියකි. ඞී.එස්. සේනානායක මහතාගෙන් පසුව මෙම ඇතාගේ හිමිකරු වූ දේවින්ද සේනානායක මහතා ප‍්‍රකාශ කරන්නේ පුණ්‍යවන්ත ඇතකු වූ ගාමිණී කිසිම දිනක කිසිම පුද්ගලයකුට හෝ දේපලකට සුළුවෙන් හෝ හානියක් කර නොමැති බවය. මෙම හස්තිරාජයා පසුගිය මාසයේ මියයන තෙක්ම වසර හැටකට අධික කාලයක් මහනුවර ශ්‍රී දළඳා මාළිගාව, අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය, සබරගමුව මහා සමන් දේවාලය, හුණුපිටිය ගංගාරාම විහාරය, කෝට්ටේ රාජමහා විහාරය, කැලණිය රාජමහා විහාරය, නවගමුව පත්තිනි දේවාලය, බෙලිගල රාජමහා විහාරය, බෙල්ලන්විල විහාරය සහ බෝතලේ විහාරය ඇතූළු දිවයිනේ වෙනත් විහාර හා දේවාල ගණනාවකම වාර්ෂිකව පවත්වනු ලබන පෙරහරවල කරඬුව හා දේවාභරණ වැඩමකරවීම සඳහා සහභාගී වූ බවද දේවින්ද සේනානායක මහතා ප‍්‍රකාශ කරයි. ගාමිණී ඇත්රජු 1947 වසරේදී බෝතලේ වලව්වට රැගෙනවිත් හීලෑ කොට වසර විස්සකට අධික කාලයක් රැකබලාගන්නා ලද්දේ ආරොන් බාස් උන්නැහැ විසිනි. ඔහුගේ මරණින් පසුව අරනෝරිස්, තලගම හේරත්, පිංචි අප්පුහාමි සහ විපුලසේන යන ඇත්ගොව්වන් විසින් එම කාර්ය භාරය ඉටුකරනු ලැබ ඇත. මෙම සියළුම ඇත්ගොව්වන් ඇතා බාර ගැනීමට පෙර දේවින්ද සේනානායක මහතා සමඟ ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය විය. නිසි පරිදි ඇතා රැකබලා ගැනීමේ නීති හා කොන්දේසි රැසක් මේ ගිවිසුමට ඇතුළත් විය. එයින් එක් කොන්දේසියක් වූයේ සෑම සති අන්තයකම කොළඹ වුඞ්ලන්ඞ්ස් මන්දිරයේ සිට බෝතලේ වලව්ව වෙත පැමිණෙන දේවින්ද සේනානායක මහතා විසින් රැුගෙන එනු ලබන පළතුරු හකුරු හා උක්ගස් ආදිය පිළිගැන්වීමටත්, පශු වෛද්‍යවරයකු ලවා සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමටත් ඇතා සූදානම් කර තැබිය යුතුය යන්නය. පශු වෛද්‍ය විශේෂඥ ආචාර්ය අශෝක දංගොල්ල සහ පාරම්පරික හස්ති වෛද්‍ය ප‍්‍රදීප් මියනපලාව යන මහත්වරුන්ගේ පරීක්ෂාවට නිතර ගාමිණී ඇත්රාජා යොමු කිරීමට දේවින්ද සේනානායක මහතා උනන්දු විය. වසර හැටක් පමණ මහනුවර ශ්‍රී දළදා පෙරහරට සහභාගීවී ඇති ගාමිණී ඇතා 2010 වසරේදී එම පෙරහරට සහභාගී වූයේ අසනීප තත්ත්වයෙන් සිටියදීය. තම මුඛයේ දත් ගෙවීයාම හේතුවෙන් ආහාර ජීර්ණය නොවීමේ ගැටළුවකට මුහුණ පා සිටි ගාමිණී ඇතා එවර පෙරහර හමාර කර දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණ කඳුළු පිරි දෙනෙතින් යුතුව දණ නමා නමස්කාර කරන ලද්දේ තමාට යළි කිසිදිනක මහනුවර ශ්‍රී දළදා පෙරහරට පැමිණෙන්න නොලැබෙන බව දළදා හාමුදුරුවන්ට පවසා සිටින්නාක් ලෙසිනි. තම ජීවිතයේ අවසන් වර්ෂයේදී ශරීරය දුර්වලවීම නිසා ඇන්දක (ආධාරකයක) උපකාරයෙන් ඇත් ගාලේම කාලය ගතකළ ගාමිණී ඇතාගේ සුවය පතා දේවින්ද සේනානායක මහතා විසින් සෑම කාර්යයක්ම ඉටු කරනු ලැබුවද පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වැනි දින වසර හැත්තෑ දෙකක් පමණ ආයු වළඳා එම ඇත්රජු අවසන් හුස්ම හෙළුවේය. ගාමිණී ඇතා මියගිය පුවත මෙරට අලි ඇතුන්ට ආදරය කරන සියලූ දෙනාගේම සිත් කම්පා කරන්නක් විය. මියයන විට ගාමිණී මෙරට සිටි වයෝවෘද්ධම හස්තියා විය. ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මතක වස්ත‍්‍ර පූජාකර ගාමිණී ඇත්රජු බෝතලේ වලව්ව පිහිටි භූමියේම මිහිදන් කරන ලදී. තම අතිශය හිතවත් බෝසත් ගුණ සපිරි ඇත් රජුගේ වියෝවෙන් බෙහෙවින් කම්පාවට පත්ව සිටින දේවින්ද සේනානායක මහතා පවසන්නේ ගාමිණී ඇත් රජු යළි කිසිදු ආත්මයක තිරිසන් සතකු වී උත්පත්තිය නොලබනු ඇති බවය. බෝසත් ගුණ සපිරි ගාමිණී ඇත් රජුට අපිද නිවන්සුව පතමු. මෙම ලිපිය සැකසීමට සහාය වූ දේවින්ද සේනානායක, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂ ක‍්‍රිෂාන්ත හිස්සැල්ල, ප‍්‍රදීප් මියනපලාව, අනෝමා අල්ගම සහ සම්පත් බණ්ඩාර යන මහත්ම මහත්මීන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩී.එස්.ගේ ඇත්ගාලේ නායකයා වූ "ගාමිණී" ඇත්රාජා
ප්‍රභෝත් Sunday, 29 January 2012 07:26 PM
මේ වගේ ලිපි දිගටම පල කරන්න ගොඩාක් වටිනවා