IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තංගල්ල හෙල්ලූ උක්කුවා කපෝති

   

”අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යන කියමන කොතෙක් දුරට සත්‍යයක් දැයි පසක් වන්නේ පසුගියදා දකුණේ ප‍්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන පල්ලික්කුඩාවේ උක්කුවාට සිදු වූ ඉරණමෙනි. පසුගිය කාලය පුරා තංගල්ලේ භීෂණය වැපිරවූයේ ඔහු බව කවුරුත් දන්නා කරුණකි.

 

පල්ලික්කුඩාවේ උක්කුවාගේ කෙරුවාව පිළිබඳව ඉකුත් වසරේ ජූනි මස 15 වන දින ඉරිදා ලංකාදීප පුවත්පතින් මා හෙළිදරව් කළේ සමස්ත සමාජයේම සුබසිද්ධිය වෙනුවෙනි. ”තංගල්ලේ පාතාලය මෙහෙයවන්නේ කවුරුන්ද? යන සිරස්තලය යටතේ පළ වූ ලිපියට සටහන් කළ ලෙස මා නම ඇතුළත් නොකළේ ඔහු ගැන තවත් ලිපියක් ලිවීමට මා ජීවත්ව සිටිය 01-Page-7-S2--(2)යුතු නිසාය. විශේෂ වාර්තාකරුවකු ලෙස නිර්නාමිකව ඉදිරිපත් කළ එම ලිපිය අවසන් කර තිබුණේ තංගල්ලේ අලූත් පාතාලයේ ගැටුමෙන් පල්ලික්කුඩාවේ උක්කුවා ජය ගනීද? එසේත් නොමැති නම් ආමි අමිලට ජය හිමිවේද? යන්න ප‍්‍රශ්නයට පිළිතුරු ඉදිරි කාලයේදී දැකබලා ගත හැකිවේය යන්න අනාවැකියක් ද පලකරමිනි.


එහෙත් එය ඒ ආකාරයෙන්ම සිදුවිය. පල්ලික්කුඩාවේ උක්කුවා ඝාතනය කර ආමි අමිල තාවකාලික ජයක් අත්පත් කර ගත්තේය. එනමුත් ආමි අමිලට වඩා ධනයෙන් බලයෙන් මෙන්ම දේශපාලන රැකවරණයෙන් පෙරමුණ ගෙන සිටියේ පල්ලික්කුඩාවේ උක්කුවාය. ඉකුත් ජනවාරි මස 08 වැනි දින සිදු වූ ආණ්ඩු මාරුවක් උක්කුවාට අවාසනාව ගෙන දුන්නේය. ඊට හේතුව ඔහු පසුගිය රජයේ ප‍්‍රබල චරිත සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ නිසාය.


ජයවීර පටබැඳිගේ ප‍්‍රසන්න ඉන්දික නිලූෂ නොහොත් පල්ලික්කුඩාවේ උක්කුවා (37) ඉපදී ඇත්තේ 1978 ජූලි මස 27 වැනි දින තංගල්ලේදීය. ඔහුට පල්ලික්කුඩාවේ ඉන්දික යයි ද කියති.


තංගල්ල මහ විද්‍යාලයෙන් 10 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති උක්කුවා ඉන්පසුව සංචාරක මගපෙන්වන්නෙකු ලෙස රැකියාව කර ඇත. ඔහුගේ නීත්‍යනුකූල බිරිඳට සහ ඔහුට දරුවෝ තිදෙනෙක් සිටිති.


සංචාරකයන්ගෙන් කීයක් හෝ ලබාගෙන ජීවිකාව කරගෙන ගිය උක්කුවාගේ අනාගතය නව මගකට යොමු කළේ ඔහුගේ බි‍්‍රතාන්‍ය ජාතික අනියම් පෙම්වතියයි. එංගලන්ත පුරවැසිභාවය සහිත ඉමාලියා දීර්ඝ කාලයක සිට උක්කුවා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස අතමිට සරු වී නිතර එංගලන්තයට යාමට ද ඔහුට හැකියාව ලැබී තිබිණ.


මුලදී කුඩා කබානා තංගල්ල වෙරළේ ඉදිකරමින් සංචාරකයන්ට ආහාර පාන සපයා මුදල් හරිහම්බ කරගත් උක්කුවා සිය අනියම් පෙම්වතියගේ උදවු ඇතිව තංගල්ල මුහුදු වෙරළ අයිනේ හෝටල් දෙකක් ඉදිකර ගත්තේ අනවසරයෙනි. සාමාන්‍යයෙන් ලී කැබැල්ලක් වෙරළේ සිටුවන විටත් ගලවා දැමීමට එන වෙරළ සංරක්ෂණ නිලධාරියෝ ඇතුළු වගකිව යුතු බලධාරීහු ඇස් කන් නැති ආකාරයට ඒවා දෙස බලා සිටියහ. ඒ හැර කිසිදු විරුද්ධත්වයක් ඉදිරිපත් නොකළහ.

01-Page-7-S2--(1)

 උක්කුවා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවක්.

 


ඒ ආකාරයට අනවසර ඉදිකිරීම් සිදුකිරීමට උක්කුවාට පසුගිය රජයේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේ ආධාර උපකාර නොඅඩුව ලැබුණු බව කවුරුත් දන්නා රහසකි. යම් අයෙකු උක්කුවාට විරුද්ධව කටයුතු කළේ ද ඔහුට සිදුවූයේ අතපය කඩාගෙන සිටීමට හෝ ජීවිතයෙන් වන්දි හෝ ගෙවීමටය. තමන්ට අනුග‍්‍රහය දක්වන දේශපාලනඥයන්ට උක්කුවාද සිය පණ දෙන්නට වුවද සූදානමින්  ඕනෑම තක්කඩි ක‍්‍රියාවක් කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2011 වසරේදී පමණ උක්කුවා ප‍්‍රදේශයේ දාමරිකයෙකු වී නිතර නිතර රිමාන්ඞ් භාරයට පත්විය.


එහිදී ඔහුට දිවයිනේ ප‍්‍රසිද්ධ පාතාල කල්ලි නායකයන් මෙන්ම සාමාජිකයින් ද ඇසුරු කරන්නට හැකියාව ලැබිණි. ඒ අනුව තමන් මෙතෙක් ආ ජීවන ගමන වෙනස් කළ උක්කුවා තංගල්ල හා ඒ අවට ප‍්‍රදේශ බිය වද්දමින් අලූත් පාතාලයෙකු බවට පත්විය.

01-Page-7-S2--(6)

පල්ලික්කුඩාවේ උක්කුවා ගැන ඉරිදා ලංකාදීපය 2014 ජූනි 15 දින පළ කළ ලිපිය.


ඒ සෑම අවස්ථාවකදීම නීතියට අභියෝග කරමින් කටයුතු කිරීමට උක්කුවාට හැකිවූයේ දේශපාලනඥයන්ගේ බලතල හේතුවෙනි. තංගල්ල මූලස්ථාන පොලිසියට යම් ස්ථානාධිපතිවරයකු පැමිණියේද ඔහු ද ඉතා ඉක්මණින් උක්කුවාගේ අණසකට යටත් විය යුතු කාලයක් තිබිණි. එසේ නොමැතිව නීතිය අකුරට ඉටුකරන පොලිස් ස්ථානාධිපතිවරයකු පත්වූ විට ඔහු ද උක්කුවාට අවනත නොවුණහොත් ඒ නිලධාරියාට ඊට පසු දිනම උතුරු-නැගෙනහිර ප‍්‍රදේශයට ස්ථාන මාරුවීම් ලැබුණේය.


ඔහුට එක්තරා බළකායක ප‍්‍රධාන තනතුරු හිමි වූ බවද පැවසේ. එම බලය උපයෝගී කරගෙන විරුද්ධ දේශපාලන මත දරන්නන් මර්දනය කිරීම, ඡන්ද කාර්යාල ගිනි තැබීම, නීතිවිරෝධී පෝස්ටර්, කටවුට් සවිකිරීම, විරුද්ධවාදීන්ගේ දේපොළවලට අලාභ හානි සිදුකිරීම, විරුද්ධ දේශපාලන මත දරන්නන් බිය වැද්දවීම ආදී ප‍්‍රචණ්ඩක‍්‍රියා සිදුකිරීමට උක්කුවාට හැකියාව ලැබිණි.


2014 මැයි මස 22 වන දින තංගල්ල අධිකරණය ඉදිරිපිටදී අමිල නිරෝෂන් රාජපක්ෂ හෙවත් ”ආමි අමිලට” වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළේ ද ඔහු යැයි පොලිසිය කියයි.


තංගල්ල, කදුරුපොකුණ, ලැබීම පදිංචි ආමි අමිල නඩු වාර්තාවක් ලබා ගැනීමට අධිකරණය වෙත යමින් සිටියදී වෙඩි ප‍්‍රහාරයට ලක්විය. ඔහු ඊට පෙර පල්ලික්කුඩාවේ උක්කුවාගේ ගජ මිතුරෙකි.


එම දෙදෙනා අතර විරසක වීම ඇතිවූයේ තංගල්ල මුහුදු වෙරළේ පැවැති මත්පැන් සාදයක් අතරතුරදීය. සුළුවෙන් ආරම්භ වූ වචන හුවමාරුව ගැටුමක් දක්වා දුරදිග ගියේය.

1
එහි ප‍්‍රතිඵලයක් ලෙස එකම පාතාල කල්ලිය දෙකට කැඞී ගියේය. උක්කුවාගේ ගෝලයන් පිරිසක් ආමි අමිලගේ ගෝලයෙකුට පහර දී තිබූ අතර ආමි අමිල ද ඊට විරුද්ධව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. එමනිසා ආමි අමිල ඝාතනය කිරීමට උක්කුවා සැලැසුම් සකස් කරමින් සිටියේය. එහෙත් පළමු උත්සාහය අසාර්ථක විය.


ආමි අමිලගේ ගෑවිච්ච හැම කෙනාම මරා දමන බවට උක්කුවා ප‍්‍රසිද්ධියේ තොරතුරු පතුරුවා හැර තිබිණි. ඒ නිසාම ආමි අමිල වෙඩි වැදී තංගල්ල හා කරාපිටිය රජයේ රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ සාත්තුවට ළඟ සිටි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු වූ සමරප්පුලිගේ ප‍්‍රභාත් චන්දන (35) මහතාට ද සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.


යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල බස් නැවතුම්පොළේදී ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබිණි. එම අපරාධයට චෝදනා එල්ල වූයේ පල්ලික්කුඩාවේ උක්කුවාටය.


ආමි අමිලට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම හා ඔහුගේ මිතුරකු වූ බස් කොන්දොස්තරවරයා ඝාතනය කිරීම යන චෝදනා දෙකටම පල්ලික්කුඩාවේ උක්කුවා ඇතුළු හත්දෙනෙකු ඉකුත් වසරේ ජූනි මස 07 වන දින තංගල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.


එම අවස්ථාවේදී උක්කුවා භාරයේ තිබී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානයේ බුද්ධි අංශ භාවිත කළ මයික්‍රෝ වර්ගයේ කුඩා පිස්තෝලයක් හා විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ තුවක්කුවක් පොලිසිය සොයා ගත්තේය. ඉන්පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු උක්කුවා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.


එම අපරාධවලට අමතරව 2011 වසරේ අපේ‍්‍රල් මස 20 වැනි දින වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම, 2012 ජනවාරි මස 22 වන දින පිරිසකට පහර  දී තුවාල සිදුකර නිවසකට හා ත‍්‍රිරෝද රථ දෙකකට අලාභහානි සිදුකිරීම, එම වසරේ ජූනි මස 07 වන දින රබර් හෝස් හා කඩුවකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදුකිරීම. එම මාසයේම 27 වන දින තවත් අයෙකුට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීම, 2014 වසරේ ජනවාරි මස 12 වන දින වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ආදී අපරාධ රැසක් පල්ලික්කුඩාවේ උක්කුවාට එරෙහිව පොලිස් පොතේ සටහන් වී ඇත. ඊට අදාළ නඩු සියල්ලම තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතී.


පොලිස් නිල සංඛ්‍යා ලේඛන එසේ වුවද උක්කුවාගේ අනුදැනුම මත නිල නොවන ආකාරයට සිදු වූ මිනීමැරුම් ආදී අපරාධ ගණන ඊටත් වඩා වැඩි බව කියති. ඒවාට ඔහු සම්බන්ධ බවට සනාථ කිරීමට හැකි සාක්ෂි ඉතිරි නොවීම එම අපරාධයට යාමට හේතුවිය.


ඇතැම් විට උක්කුවාගේ විරුද්ධවාදීන් පාතාල කල්ලි අතින් ඝාතනයට ලක්වූයේ ඔහු එංගලන්තය හා ඉතාලිය වැනි රටවලට ගොස් සිටියදීය. ඒ ආකාරයට ඉතා සූක්ෂම හා රහසිගත ලෙස මිනීමැරුම් සිදුවිය.


අවසානයේදී වසරකට වැඩි කාලයක් රිමාන්ඞ් භාරයේ සිටි උක්කුවාට ඉකුත් ජූනි මස 24 වන දින දැඩි ඇප කොන්දේසි යටතේ මහාධිකරණයෙන් ඇප නියම විය. ඔහුට සෑම මසකම අවසන් ඉරු දින තංගල්ල පොලිසියට ගොස් අත්සන් කිරීමට ද නියම කර තිබිණි.


ඇප ලබාගෙන පිටතට පැමිණියත් උක්කුවා නිතරම සිටියේ සැකයෙනි. ඒ ආමි අමිලගෙන් කොයි මොහොතේ හෝ කරදරයක් සිදුවේය යන බියෙනි.


ධනය, බලය හා දේශපාලන රැකවරණය නොමැති වුවද ආමි අමිල හොඳ වැඩකාරයෙක් බව උක්කුවා දැනගෙන සිටියේය. වර්තමානයේ දැහැමි ජීවිතයක් ගතකරන අමිලගේ අතීත කෙරුවාවද රතු ලේ ගැලීම්වලින් පිරුණකි. ඔහු ද සොරකම්, මංකොල්ලකෑම් හා මිනීමැරුම් රැසකට සම්බන්ධ වූ පුද්ගලයකු බව පොලිසිය කියයි. දකුණ කැලඹූ පාලංකඩ හීනා, බැදිගම උක්කුවා, ආමි ජිනේ ආදී නමගිය පාතාලයෝ ආමි අමිලගේ අතීත ගජ මිතුරෝය. තමා සමඟ සෙවණැල්ල මෙන් සිටි ඔවුන් එකිනෙකා ඝාතනයට ලක්වන විට ආමි අමිල එම අපරාධවලින් මිදී කාලයක සිට දැහැමි දිවි පෙවෙතකට හුරුවිය. ඒ නිසා ඔහුට මේ දක්වා ජීවත්ව සිටීමේ වාසනාව උදාවිය.


පල්ලික්කුඩාවේ උක්කුවා ඇප ලබා පැමිණ සිටීම තමාගේ ජීවිතයට ද දැඩි තර්ජනයක් බව ආමි අමිල සිතුවේය. තම ප‍්‍රතිවාදියා ගැන උක්කුවාද ඒ ආකාරයටම සිතුවේය.


ඉකුත් 26 වනදා ඉරු දින පල්ලික්කුඩාවේ උක්කුවා මහාධිකරණ නියෝගයට අනුව තංගල්ල පොලිසියට ගොස් අත්සන් කර තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ ත‍්‍රිරෝද රථයකින් ඔහුගේ හෝටලය වෙත පැමිණෙමින් සිටියේය. ඒ වන විට සුදු පැහැති හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙක් එම හෝටලය ඉදිරිපිට මාන බලමින් සිටියහ. ත‍්‍රිරෝද රථය ඒ අසලට පැමිණෙන විටම වෙඩි වරුසාවක් එල්ල විය.

ssfsf
ටී - 56 වර්ගයේ ගිනි අවි හා නොම්මර 12 පතොරම් තුවක්කුවලින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයෙන් පල්ලික්කුඩාවේ උක්කුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විණි. ඔහුගේ මිතුරන් වූ අම්බලන්තොට මාමඬල පදිංචි අබේධීර පටබැඳිගේ තිවංක තේජාන් හා බෙලිඅත්ත සිටිනාමළුවේ වේරදුව කංකානම්ගේ චාමර සම්පත් යන දෙදෙනා බරපතළ තුවාල ලැබූහ. ඔවුහු දැනට තංගල්ල හා මාතර මහ රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටිති.


මෙම අපරාධය සඳහා ආමි අමිල පැමිණ තිබෙන බව මේ වන විට සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. ඝාතනයට උපයෝගී කරගත් මෝටර් රථය අගුණුකොළපෑලැස්ස 11 ඇල ප‍්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබිණි.


එය කොළඹ ප‍්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් කුලී පදනම මත ලබා ගැනුණු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. ආමි අමිල ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත මාතර සහ හම්බන්තොට නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වසන්ත කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

01-Page-7-S2--(7)
කෙසේ වෙතත් තංගල්ලේ අලූත්ම පාතාලය මෙහෙය වූ පල්ලික්කුඩාවේ උක්කුවාට සිය අණසක පතුරුවා ගෙන යාමට තවදුරටත් නොහැකි විය. ධනය බලය හා දේශපාලන රැකවරණ මත ගොඩනැගුණු ඔහුගේ චරිතය සම්පූර්ණයෙන්ම පොළොවට පස්විය. අපරාධයක් කර ජයග‍්‍රහණයක් ලබාගත් කිසිවකුත් මේ මිහිපිට නොමැත.


මේ රටේ  ඕනෑම පුරවැසියකුට නිදහසේ ජීවත් වීමට නිදහසේ ගමන් බිමන් යාමට මානව අයිතියක් ඇත. කුමන අපරාධකරුවෙකුට හෝ පාතාලයෙකුට හෝ ඒ මානව අයිතිය අහිමි කළ නොහැකිය. ඒවා ගණන් නොගෙන තවත් අයෙකුගේ ජීවත්වීමට තිබෙන මූලික මානව හිමිකම් අයිතිය අහිමි කරන අයට ස්වභාව යුක්ති ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙනු ඇත.


තංගල්ලේ පාතාලය මෙතැනින් අවසන් වේය යන්න කිසිවකුටත් කිව නොහැකිය. එහෙත් අවි ගත්තෝ අවියෙන්ම නැසෙන විට තංගල්ලේ පාතාලය ද අවසන් වනු ඇත.

m



අදහස් (0)

තංගල්ල හෙල්ලූ උක්කුවා කපෝති

ප්‍රියදර්ශන Monday, 03 August 2015 01:05 PM

කර්ම විපාකයෙන් ගැළවීමට හැකි කිසිදු ජගතෙක් මේ මිහිපිට නොමැත (නි)

:       0       0

ද සිල්වා Monday, 03 August 2015 09:02 PM

මේවට මුල කවුද කියලා අපි දන්නවා. මේපාරත් ගහමුද මනාපය? (නි)

:       0       0

කමල් Wednesday, 05 August 2015 10:01 AM

නීතිය හරියටම ක්‍රියාත්මක කරවන්න දේශපාලන බලවතුන් ඉඩ දෙනවා නම් ලංකාවේ මෙහෙම වෙන්නේ නැ. (ම)

:       0       0

චන්න බුවනක Tuesday, 04 August 2015 03:52 PM

පාතාලයන්ට වැඩි කල් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ.(නදී)

:       0       0

පෙඩ්රික් Saturday, 08 August 2015 11:44 PM

අපරාධයක් කර ජයග‍්‍රහණයක් ලබාගත් කිසිවෙකුත් මේ මිහිපිට නොමැත. (නි)

:       0       0

දොඹගොඩ Tuesday, 04 August 2015 10:12 AM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)

:       0       0

ආශා Monday, 03 August 2015 05:36 PM

මෙයාට රැකවරණය ලැබුනේ නිල බලකායෙන් වෙන්නැති. (නදී)

:       0       0

ගුණවර්ධන Tuesday, 04 August 2015 05:48 PM

දේශපාළනය කරන අය රටට කරන අපරාධ කොතෙක්ද ? දැන්වත් මේවට ඉඩ දෙන්න එපා. ලංකා පොලිසියට මාගේ ගෞරවය විශේෂයෙන් ජනාධිපති තුමා මිට වඩා ක්‍රියාශීලී විය යුතුයි (නදී)

:       0       0

වසන්ත Tuesday, 04 August 2015 07:00 AM

පාතාලයේ ආරම්භයේ ගුරා ගැන දන්නවා ඇති නේද ? මේ පාරත් ඡන්දෙ දෙන්න. (නදී)

:       0       0

මාලි Saturday, 08 August 2015 02:12 AM

වාරියපොල කෙල්ලෝ, තංගල්ලෙ කොල්ලෝ අනේ මන්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3708 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 437 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1056 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 95 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 183 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 242 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1033 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site