IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන හෙළිනොවූ රහස්

 

 

දේහය පිළිබඳ වෘත්තාන්තය
රාහුල හිමි අපවත්වීමට පෙර ඉතා වටිනා ඖෂධයක් පාවිච්චි කළ බවත්, ඒ බලයෙන් සිරුර දින කෝටියක් නරක් නොවී තබාගත හැකි බවත්, එම සිරුර පෘතුගීසීන් විසින් රැුගෙන යනු ලැබූ බවත් අද ගෝවේ ශාන්ත සේවියර් තුමාගේ යැයි ප‍්‍රදර්ශනය කරන දේහය වෙන කාගේවත් නොව රාහුල හිමියන්ගේම යැයි සිංහලයන් තරයේ විශ්වාස කෙරෙයි.

ඇත්ත වශයෙන්ම ගෝවේහි, ජේසු ජන්ම බැසිලිකා නම් පල්ලියෙහි දාසයවැනි ශත වර්ෂයේ විසූ ශාන්ත සේවියර්ගේ යැයි විශ්වාස කෙරෙන දේහයක් ඇති අතර, වාර්තාවලට අනුව මෙම දේහය කිසි දිනක ”එම්බාම්” කර නොමැති බොහෝ කලක් ඉතාම හොඳ තත්ත්වයේ පැවත දැන් කෙමෙන් කෙමෙන් දිරාපත්වීමට පටන්ගෙන ඇති බවට වාර්තාවේ.

කතෝලික බැතිමත්හු මෙම දේහය ශාන්ත සේවියර් නමැති, 1552 නොවැම්බර් මස 20 වැනි දින චීන වෙරළබඩ ආසන්න දුපතක් වන ”සැන්ක්ෂන්” නමැති දුපතේදී මියගිය, ”සංචාරක පූජක” තුමාගේ දේහය යැයි පවසති.

ශාන්ත සේවියර් පූජකතුමා සම්බන්ධයෙන් ලියූ පොත පත අනුව ඔහුගේ ඉතිහාසය සැකෙවින් මෙසේය. ප‍්‍රැන්සිස් සේවියර් උපත ලැබුවේ 1506 අපේ‍්‍රල් මස 7 වැනි දින ස්පාඤ්ඤයේ නවාරා යන පෙදෙසෙහිය. 1537 ජුනි මස 24 වැනි දින ඔහු රෝමයේදී පූජකයකු බවට පත්වූ අතර පාප් වහන්සේ ඔහු දුරස්ත නැගෙනහිර දිශාවේ තම නියෝජිත/පණිවිඩකරු ලෙස පත්කර හැරියේය. එතැන් පටන් ප‍්‍රැන්සිස් පියතුමා බොහෝ දුර සංචාරය කරමින් ශුද්ධ වූ බයිබලය උගන්වමින්, ගෝවේ තම මූලස්ථානය කර ගනිමින් ආගමික කටයුතුවල නිරතවිය. ඒ කටයුතු නිසාම ඔහුට ”සංචාරක පූජකතුමා” යැයි නමක්ද පටබැඳිනි. අවසාන කාලයේ ඔහු ජපානයට ගිය අතර, වර්ෂ 1552 දී චීනයට ගියවිට අසනීපයට පත්වී ”සැක්න්ෂන්” දුපතෙහි 46 වියෙහි දී අභාවප‍්‍රාප්ත විය.
කැතලික් මැසෙන්ජර් නම් පුවත්පතෙහි (1931 දෙසැම්බර් 1 දා) මෙම දේහය පිළිබඳ පහත දැක්වෙන පරිදි විස්තර සඳහන් වෙයි. එම විස්තර ලබාගෙන ඇත්තේ ටි‍්‍රචිපොලෙහි පූජක කැස්ටස් පියතුමා විසින් සම්පාදනය කරන ලද ”කෘති‍්‍රම එම්බාම්කරණයෙන් තොරව මළ සිරුර නරක් නොවී සකස් කිරීම” යන කෘතිය ආශ‍්‍රයෙනි.

ස ප‍්‍රැන්සිස් පියතුමාගේ දේහය සැන්ක්ෂන් දුපතේ සිකුරාදා සිට ඉරිදා දක්වා තබා, රළු මිනී පෙට්ටියක බහා එහි විශාල ප‍්‍රමාණයක් හුණු දමා (සිරුර නරක්වීමේ කි‍්‍රයාවලිය වේගවත් කිරීමට* කුඩා කන්දක් යට වළලනු ලැබීය.

සස මාස දෙකහමාරකට පසුව එනම් 1553 පෙබරවාරි 13 වන දින සැන්ක්ෂන් සිට මලක්කාවට නෞකා යාත‍්‍රා කිරීමේ කාලය පැමිණ ඇති බැවින් පියතුමාගේ ඇට කටු ඉන්දියාවට යැවීමට සැළම්කොට මිනීවළ විවෘත කරන ලදී.

සසස මිනී පෙට්ටිය විවෘත කොට හුණු ඉවත් කළ විට සිරුර ඉතාම හොඳ තත්්ත්වයෙන් තිබෙනු නිරීක්ෂණය කරන ලදී. එසේම මිහිරි සුවඳක් ද ඉන් වහනය වන්නට පටන්ගෙන තිබිණ. එය සනාථ කිරීම සඳහා කකුලේ කලවයට තුවාල කළ විට පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. සිරුර යළි පෙට්ටියට දමා හුණුවලින් ආවරණය කොට ”සැන්ටාක්‍රෝසෙ” යන නෞකාවට පටවන ලදී.

සඩ 1553 මාර්තු 27 වැනි දින සැන්ටාක්‍රෝසෙ නෞකාව මලක්කාවට සේන්දු වූ අතර එම මිනී පෙට්ටිය ඉතාම අලංකාර වර්ණවත් උත්සවයකින් ”අවර්ලේඩි ඩි මොන්ටෝ” යන පල්ලියට ගෙන යන ලදී. මිනීපෙට්ටිය විවෘත කොට යළිත් දේහය ඉතාම හොඳින් තිබෙන බැව් නිරීක්ෂණය කොට (පැළඳු ඇඳුම් ද සහිතව) නැවත වරක් පල්ලියේ භූමියේ භූමදාන කරන ලදී.

දේහය මෙවර භූමදාන කළ අයුරු විස්තර කර ඇත්තේ මෙසේය. ”දේහය ඉවතට ගෙන ඝන රෙද්දකින් ඔතා, තෙත බරිත වූ පසෙහි, මිනී පෙට්ටියක්ද නොමැතිව, හිසට කුඩා මෙට්ටයක් තබා මුහුණ කුඩා රෙදි කැබැල්ලකින් ආවරණය කොට බහාලන ලදී. මිනීවළ දේහයට වඩා ටිකක් කුඩා වූ බැවින් එය බලෙන් ඇතුළට ඔබා පස් දමා තදකරන ලදී. මේ අවස්ථාවේදී සිරුරෙහි බෙල්ල කැඞී තුවාලයක් සිදුවී රුධිරය පිටවූ අතර එයින් මිහිරි සුවඳක් ද වහනය වන්නට පටන් ගති.

ඩ එම වසරේම අගෝස්තු මස සේවියර් පියතුමාගේ හොඳ මිතුරකු වූ ජෝන් ඞී බර්ස් නමැති පියතුමා මලක්කාවට පැමිණ දේහයට ගෞරවනීය භූමදානයක් දෙනු පිණිස එය යළි ගොඩගන්නා ලදී. එතරම් අගෞරව ලෙස කිසිදු ආරක්ෂාවක් නොමැතිව තෙත බරිත පස් ගොඩක මාස 5 ක පමණ කාලයක් තිබූ සිරුර කිසිසේත්ම නරක් නොවී තිබෙනු ඔහුට නිරීක්ෂණය විය. එසේම ඔහු පහත සඳහන් ලෙස සිරුරේ තුවාල ද සටහන් කරගති.

පස් දමා තද කරන විට තියුණු ගලක කොනක් වැදීම නිසා මුහුණේ වම් පැත්තේ ගැඹුරු තුවාලයක් ඇතිවී ඇති අතර නාසය තැලී හීරී ඇත. මුහුණු ආවරණය කළ රෙදි කැබැල්ල සහ හිසට තැබූ කුඩා මෙට්ටය ලෙයින් නැහැවී ඇත. ශරීරය ඇතුළේ සිදුවී ඇති තුවාලය නිසා රුධිරය මුවින් පිටවී ඇත.” යනුවෙනි.
ඩස පියතුමා සිරුර ඉන්දියාවට යැවීමට සැළසුම් සූදානම් කරන ලදී. ඒ සඳහා සේවියර්ගේ ධනවත් මිතුරකු වූ ඩියාගෝ පෙරේරා උදව් වීය. ඉතා හොඳ අලංකාර මිනී පෙට්ටියක් සාදා එහි තැන්පත්කොට ඉන්දියාවට යැවීමට යාත‍්‍රාවක් එනතුරු බලා සිටියහ. ඩසස දින 18 කට පසුව එනම් 1553 සැප්තැම්බර් මස යාත‍්‍රාව මලක්කාවෙන් පිටත්වූ අතර 1554 දී මාර්තු මස 15 වැනි දින එය ගෝවේට ළඟාවිය. දේහය රාජකීය ගෞරවයෙන් පිළිගෙන ගරු කටයුතු අලංකාර ඇඳුම් අන්දවා උත්සවශ්‍රීයෙන් ශාන්ත පෝල් ඉපැරැුණි පල්ලිය වෙත ගෙන යන ලදී. එහි දින 3ක් බැතිමතුන්ගේ ගෞරවය සඳහා තබන ලදී. මෙහිදී ඉතා උසස් දෝන ඉසබෙලා ටී කැරොන් නමැති රාජකීය කාන්තාව දේහයේ පාදය සිඹින මුවාවෙන් පාදයේ කුඩා ඇඟිල්ල මුවින් හපා වෙන් කර ඇත. එවිට රුධිරය ගලා ඒමට පටන්ගති. ජනතාවගේ බුහුමන් අවසානයේ මිනී පෙට්ටිය වසා දමන ලදී.

ශාන්ත සේවියර් පියතුමාගේ දේහය පිළිබඳව ලියා ඇති බොහෝ පොත්පත් සහ පුවත්පත්වල සඳහන්ව ඇති විස්තර එනම් ඔහු චීනයේ සැන්ක්ෂන්වල මිය ගිය දින සිට ගෝවේට ගෙන එනතුරු සිදුවූ සිදුවීම් දක්වා ඇත්තේ ඒ අයුරිනි.

 

 


දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා
දැනට තිබෙන වාර්තා අනුව මෙම දේහය පිළිබඳව වෘත්තීමය නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් වරින් වර පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ පිළිබඳව වාර්තා පහත සඳහන් පරිදි වේ.

 


වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝගේ මරණ පරීක්ෂණ
වර්ෂ 1558 නොවැම්බර් මස වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝ විසින් දේහය පරීක්ෂා කොට ඇති අතර ඔවුහු දිවුරුම් මත ඉදිරිපත් කර ඇති වාර්තාවන් මෙසේය.

”වයිස්රෝයි සාමිවරයාගේ නිල වෛද්‍යවරයා වන වෛද්‍ය කොස්මස් සරාවියෙන් වන මා විසින් ප‍්‍රැන්සිස් පියතුමන්ගේ (ශාන්ත ප‍්‍රැන්සිස් පියතුමා යැයි සඳහන් කර නොමැත්තේ ඔහු ඒ වනවිට ශාන්තුවරයෙක් ලෙස පත්කර නොමැති නිසායි) දේහය ගෝවේ නගරයේදී පරීක්ෂා කර බැලීමි. සිරුරේ හැම කොටසක්ම පරීක්ෂා කොට බැලූ අතර උදරය ඔබා බැලීමේදී අතුනුබහන් ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බැව් අවබෝධ කොට ගතිමි. සිරුර එම්බාම් නොකොට නරක් නොවීමට කෘති‍්‍රම ලෙස ශරීරයට කිසිවක් ඇතුළු නොකොට මෙම තත්ත්වය පවතී.මා සිරුරේ වම් පැත්තේ හදවත පෙදෙසහි සිදුරක් හෝ තුවාලයක් වැනි දෙයක් දැක ජේසුස් වහන්සේගේ ගිහි සහෝදරයින් දෙදෙනෙකුට ඔවුන්ගේ ඇඟිලි ඒ තුළට දමන ලෙස කියූ අතර එසේ ඇඟිලි දැමූ පසු එකෙණෙහිම පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. මා ඒ රුධිරය ආඝ‍්‍රාණය කළමුත් එහි කිසිදු දුඟඳක් නොවීය. පාද සහ සිරුරේ අනික් කොටස් මාංශ ඇතුළුව ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර මෙම සුරක්ෂිතභාවය රසායනික හෝ වෛදික මාර්ගයකින් පැහැදිලි කළ නොහැක. 1556 නොවැ 18 වන දින ගෝවේහිදී වෘත්තිමය දිව්රුම් දීමක් මත සහතික කොට ප‍්‍රකාශ කරමි.”

”දොස්තර රිබේරියෝ වන මා, මෙම පූජනීය දේහය රිසි සේ පරීක්ෂා කළෙමි. පාද සිට දණහිස් දක්වා සහ දෙඅත් ද පරීක්ෂා කළ අතර සම්පූර්ණ සිරුර මාංශ පේශින්වලින් වැසී, ස්වභාවික වර්ණයෙන් යුතුව හොඳින් සුරැුකී තිබුණි. මාංශ ඉතා මෘදු සහ තෙත් ගතියෙන් යුක්ත විය. වම් පාදයේ දණ හිස මත පිටතින් ඇඟිල්ලක තරමේ එක පහරකින් සිදුවූ තුවාලයක් වූ අතර, පිටවූ පසු කාලයක් තිබීමෙන් කළු පැහැ ගන්වූ ලේ පැල්ලම් තුවාලය වටේට දක්නට ලැබිණ. උදරයේ ද වම් පැත්තේ තුවාලයක් වන් කුඩා සිදුරක් දුටුවෙමි. එම සිදුර තුළින් මා ඇඟිල්ලක් දැමූ අතර පළමුව එහි රික්තයක් වූ නමුත් තවදුරටත් එබීමේදී වියළි ගිය අතුනුබහන් ස්පර්ශකිරීමට හැකිවිය. මම කොපමණ යටට අත දැමුවත් කිසිම දුර්ගන්ධයක් මට නොදැනුණි. හිස යට කුඩා මෙට්ටයේ ද, දණහිස් මත මෙන් දීර්ඝ කාලීනව පිටවූ රුධිරයේ පැල්ලම් දක්නට ලැබුණි. මේ සියල්ල මා 1556 දෙසැම්බර් 1 වන දින නිරීක්‍ෂණය කළෙමි.

 


වෛද්‍ය ලැලිසියානෝ රාමොස්ගේ වෛද්‍ය පරීක්‍ෂණය:
මේරි රැුජිනගේ අණ පරිදි 1782 ජනවාරි 1 වන දින දේහය පිළිබඳ තවත් පරීක්‍ෂණයක් පවත්වන ලදී. එය නිරීක්‍ෂණය කිරීමට ආණ්ඩුකාරතුමා, කපිතාන් ජනරාල්වරයා. පරිපාලන නිලධාරී සහ ගෝවේහි පූජක අධිකාරියේ බලධාරීන් පැමිණ සිටි අතර පසු දින පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අති අභිමානවත්, ආණ්ඩුකාර ෆෙඞ්රික් ගිල්ගර්ම් ඩි සොයිසා සාමිවරයාණෙනි. උතුම් වූ රැජිනගේ අණපරිදි පූජනීය දේහය කුමන තත්ත්වයේ තිබේද යන්න පරීක්‍ෂාකිරීමට එය බහාලූ පෙට්ටිය විවෘත කළ අතර එම දේහයට අදාළ පූජනීය සළු අන්දවා තිබිණ. හිස සුරක්ෂිතව තිබූ අතර හිසකෙස් කුඩා ප‍්‍රමාණයක් හිස් කබලේ තිබිණ. මුහුණ දකුණු පැත්ත සීරීමකට අමතරව මනාව සුරක්ෂිතව තිබූ අතර, හොඳ වර්ණයෙන්ද, සමින් ද වැසී තිබුණි. කන් දෙකම හොඳ තත්ත්වයේ තිබූ අතර, එකක් නෑර දත් සියල්ලම තිබුණි. වම්අත සමින් වැසී ස්වභාවික වර්ණයෙන් යුක්තවූ අතර දකුණු අත දක්නට නොවීය. ජේසුස් ෆාහේරාගේ කාලයේ මෙම අත කපා රෝමයට ගෙන යන ලදැයි ජනප‍්‍රවාදයක් වේ. ශරීරයේ අනෙකුත් අවයව පරීක්‍ෂාකිරීමේදී අතුණුබහන් නොමැති බැව් නිරීක්‍ෂණය කරන ලදී.
කලවායන්හි සම ගැලවී යමින් තිබූ නමුත් පාදයන්හි සම තිබූ අතර එය ඉලිප්පී පෙනෙන්නට තිබුණි. පාදවල එක් ඇඟිල්ලක් නැතිව අන් සියලූම ඇඟිලි සහ එහි නියපොතු ද විය. පාදයේ එක් ඇඟිල්ලක් නොතිබූ අතර එය එක්තරා භක්තිමත් කාන්තාවක් විසින් ඩැහැ ගන්නා ලදුව දැන් එය ජනරාල්වරයාගේ නිවාසයේ තිබේ.


(මතු සම්බන්ධයි)


 



 



අදහස් (0)

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන හෙළිනොවූ රහස්

කල්ප Thursday, 28 November 2013 01:01 PM

හොද ලිපියක්. ස්තුතියි ඊලග ලිපියෙන් තවත් ඉදිරිය බලන්න.(නදී)

:       0       0

දිලිප් Wednesday, 27 November 2013 09:30 AM

මේකතමයි ඇත්ත (නි)

:       0       0

අජිත් Tuesday, 03 December 2013 06:38 PM

ඉතාම වටිනා හොද ලිපියක්. ලංකාදීපයට ස්තුතියි.(නදී)

:       0       0

රුබට් Monday, 02 December 2013 09:37 PM

පෘතුගීසි යක්කු අරන් ගිහින් මේ බොරු පොතුත් ලියලා. ඒ වුනාට, රාමා සහ රාවන කියන්නේ චරිත විතරයි. එහෙම අය හිටියේ නැහැ. රාමායනය කියන්නේ ප්‍රබන්ධයක්. කෙනෙක් ලියපු එකක්. (ස)

:       0       0

c.කටුගහගේ Tuesday, 26 November 2013 10:04 PM

ඒක හොද අදහස් සහිත වටිනා ලිපියකි. අපේ ගමේ වීදාගම හා සම්බන්දවයි. බේහේවින් ස්තුති වන්ත වෙමි. (අ) . . .

:       0       0

රොහාන් Monday, 25 November 2013 12:26 AM

අහන්නත් පුදුමයි. (නි)

:       0       0

දම් Thursday, 05 December 2013 01:40 PM

රුබට්, කියල කෙනෙක් නැහැ ඒ චරිතයක් විතරයි...පිස්සු නැත්නම් ෂෝක්.... (ස)

:       0       0

චානු Thursday, 12 December 2013 08:09 AM

හොද ලිපියක්. (නි)

:       0       0

රූපවතී Monday, 25 November 2013 02:10 AM

ගොඩාක් අසාවෙන් කියවූ ලිපියක් වගේම ඉතිරියද කියවීමට නොපසුබටව බලා සිටිමි.ස්තූතියි ලංකාදීප නිතරම වැදගත් දේ අප වෙත පළකිරීම ගැන...!!! (නි)

:       0       0

චතූ Monday, 09 December 2013 12:14 PM

ඉතාම වටිනා හොඳ ලිපියක්. ලංකාදීපයට ස්තුතියි. (ස)

:       0       0

රූපවතී Monday, 25 November 2013 02:18 AM

මීට පෙර මාධ්‍යකින් කිව්වා රාම රජ්ජුරුවන්ගේ දේහය සිහි මුර්ජාවී කුමක්දෝ කදු මුණක තැන්පත් කර ඇති බවත් වසර ගානකට පසුව දකුණු ඇලෙන් වම ඇලයට හැරුණු ඒ හාස් කමින් ඇලදොළ ගංගාවලින් රත්රන් හමු ඌ වගත්. මෑත යුගයේ කැළණි ගගෙන් හමු වුයේ ඒවා විය හැකි බවත්. ඒ රජු අනාගතේ හාස්කමකින් නැගීසිටින වග ජනප්‍රවාදයේ ඇති බැව් වැඩි විස්තරත් සමග පුවත් පතකින් කියෙව්වත් නැවත ඒ ගැන කිසිවක් මා නොදුටුවා සේම ඒ ගැන විස්තර ලංකාදීපය සපයන්නේ නම් ඉතාම වටිනා සේවයකි. (නදී)

:       0       2

අසෝකා Wednesday, 11 December 2013 04:53 PM

වටින ලිපියක්. නුඹලාට ස්තුතියි! ඒ වගේම මෙතන තියෙන අදහස් වලට මමත් කියන්න කැමතියි,ඉතිහාසයේ විතරක් නෙමෙයි කවදත්, කොහෙත්, අදත් හෙටත් රැවටීම් කරන අය ඉන්නවා.ඒකට තමයි අපිටත් පුංචියට හරි මොළයක් දීලා තියෙන්නේ. අපේ පඩිවරු කියලා තියෙන්නේ කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. (නි)

:       0       0

බොතේජු-සෞදි අරාබිය Tuesday, 26 November 2013 04:51 PM

හොද ලිපියක්. ලංකාදීපයට ගොඩක් ස්තුතියි (නි)

:       0       0

මීසා Saturday, 30 November 2013 06:09 AM

අපි කුමක් පිළිගනිමුද දැන්? (නි)

:       0       0

ඉෂාර පෙරේරා Monday, 25 November 2013 07:43 AM

යම රජ්ජුරුවෝ නෙමෙයි ඒ රාවණා රජ්ජුරුවෝ ගැනයි කියලා තියෙන්නේ රූපවති (නි)

:       0       0

සුරේඛා Sunday, 13 December 2015 03:12 AM

හරිම පුදුමයි. (ම)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 06:27 PM

මා දන්නා කරුණු අනුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අපවත් වීමට ප්‍රථම "සිදාලෝක රසය " කියල බෙහෙතක් බිල තියෙනවා. එනිසා මියගියත් සිරුරේ හිසකෙස් නියපොතු වැවෙනවලු. සුද්දෝ ගෝවට අරන් ගියේ මේ සිරුර තමයි.(නදී)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 03 December 2013 11:22 AM

කටුගහගේ, මේකේ කොහෙද වීදාගම ගැන තියෙන්නේ? තොටගමුවේ රාහුල හිමි ගැන මේකේ තියෙන්නේ. වීදාගම මහා මෛත්‍රිය නාහිමි තවත් පඩිරුවනක්. (නදී)

:       0       0

සත්පාදී Sunday, 08 December 2013 09:04 AM

ඉතිහාසයේ කරන රැවටීම් අනාගතයේදී පුම්බලා පෙන්නන පහසුයි. ගෝලීයකරණය තුල ලෝකෙම එකම ආගමකට හරවන්න කතා ලියවෙයි. එහෙත්?......ඇස් අරින්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5251 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 736 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1306 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39104 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site