අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමටමල්ගම, නෙළුම්විල, සඳමල්එලිය, තුප්පිටියාව, නවෝදාගම, මහ ඇහැටුවැව, ඔයාමඩුව යන ගම්මාන තන්තිරිමලේ මුල්කර ගනිමින් පෝෂණය වෙයි. රිටිගල කන්දෙන් ආරම්භ වන මල්වතු ඔය, මහා කනදරා ඔය, හමුවන තෙක් උතුරු දිසාවට ගලාවිත් ක‍්‍රමයෙන් වයඹ දෙසට හැරිම නිසා නිර්මාණය වී ඇති තැනිතලාවේ පිහිටා ඇති මේ ඓතිහාසික පින්බිම උතුරින් සහ නැගෙනහිරින් මල්වතු ඔයත්, බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයත් දකුණින් මහවිලච්චිය ප‍්‍රධාන මාර්ගයත් මෙහි මායිම් වෙයි ශී‍්‍ර ලංකාවේ පැරැණි ජනාවාසයකි. මහින්දා ගමනයට පෙර සිටම මෙහි ජනාවාස තිබූ බවට සක්කි ඇත . අනුරාධපුර රාජධානියෙන් පොෂණය වූ මෙම ප‍්‍රදේශය ආගමික, වාරි කර්මාන්ත, කැටයම්, වාස්තු විද්‍යාත්මක ශිලාලේඛන, සිතුවම් ආදියෙන් හා ආදී මුතුන්මිත්තන් පරිහරණය කළ වෙනත් භාණ්ඩ රාශියකින් තන්තිරිමලේ පුරාවිද්‍යාත්මක වටිනාකමට කදිම සාක්කියකි. ඓතිහාසික මූලාශ‍්‍ර හා ජනප‍්‍රවාද අනුව තන්තිරිමලේ සිට වයඔ දිග මුහුදු වෙරළ දක්වා සශී‍්‍රක ජනාවාස පැවති බව පෙනේ. චෝල. පාණඩ්‍යය, කේරළ හා මාඝ ආක‍්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය කඩාවැටීමත් සමඟ තන්තිරිමලය වල්බිහිවිය. දීර්ඝ කාලයක් එසේ අඳුරුව පැවැති මෙම පුණ්‍ය භූමිය 1960 වර්ෂයේදී යළි ජනාවාසවන්නට පටන් ගැනුණි. වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය අනුව තන්තිරිමලේ රජමහා විහාරස්ථානය මැදිහත්වීමෙන් ප‍්‍රතිසංස්කරණය කළ වැව් 81 ක් යටතේ පවුල් 2700ක් ජීවත් වෙති. විජය කුමාරයා ඇතුළු පිරිස මල්වතු ඔය දිගේ පැමිණ අනුරාධපුරය සිය රාජධානිය කර ගත්හ. ඔහුගේ අමාත්‍යවරුනට ද එක් එක් ප‍්‍රදේශවල ජනාවාස ගොඩනැගීමට උපදෙස් දුන්නේය. උපතිස්ස නම් අමාත්‍යවරයා මල්වතු ඔය සහ මහා කනදරා ඔය හමුවන ස්ථානය මුල්කරගෙන ඇති කළ ගම උපතිස්ස ගමයි. අද තන්තිරිමලය වශයෙන් හඳුන්වන්නේ එම ප‍්‍රදේශයයි. දේවානම්පියතිස්ස රජ සමයේදී තිවක්ඛ නම් බමුණෙක් මෙම ප‍්‍රදේශය පාලනය කළ නිසා තන්තිරිමලේ එකල හැඳින්වූයේ තිවක්ඛ බමුණුගම නම්නි. දුටුගැමුණු රජ සමයේදී සාලිය හා අශෝකමාලා මෙම ප‍්‍රදේශයේ වාසයකර ඇත. ඔවුන්ගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කරන ලදුව සාලිය අශොකමාලා යුවල තන්තිරිමලේ සිටියදී දුටුගැමුණු රජතුමා සමාවදුන් බව සඳහන්ය. එහිදී තන්තිරි යන විශේෂිත හැඩයේ රන් මාලයක් පරිත්‍යාග කළ බවත් එම මාලය නිදන්කොට චෛත්‍යක් කරවූ බවත් එම නිසා තන්තිරිමාලය වූ බව ජනවහරේ එයි. තවත් ජනවහරක් වන්නේ පූජනීය පිරිස නවාතැන් ගත් කන්ද තන්ගෙතිරුමලෙයි යන දෙමල වහර තන්තිරිමලේ වූ බවයි. අනුරාධපුර යුගයේදී මහායානික නිකායට අයත් ත‍්‍රන්ත‍්‍රයානික භික්ෂූන් වහන්සේලා සහ භූතානයේ දැනුදු වෙසෙන ත‍්‍රන්ත‍්‍රික බ‍්‍රාහ්මණයින් වාසය කළ බැවින් තන්තිරිමලේ නම් වු බව ද තවත් ජනවහරක් ගෙන හැර දක්වයි. අෂ්ඨ ඵල රුහ බොධීන්වහන්සේ
තිවක්ඛ නා මෝප භූජවිහ | යෝමතී |
පතිට්ඨ පොත්වාන ජලගඝ | මුද්ධනී |
නමස්සී කොවයංච ඵලට්ඨ | නාමිකං |
තමග්ඝ බෝධිං සිරසා සදා | මහං |
අච්ඡොදිකා | පුථුසිලා |
ගොණංගල | මිගායුතා |
අමබුසෙවාල | සඤජනනා |
තෙසෙලා රමයනති | මං |
ශ්රී ලංකාවේ ජනවහර තුළ ‘මුදල් මුද්‍රණය’ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අලුතෙන් මුදල් ආර්ථිකයට එකතු කිරීමයි. ආර්ථික ක
අරුගම්බෙ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි හෙයින් ඇමරිකා එක්සක් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් තම රටවැසියන්ට එම ප්‍රදේශයේ සංචාරයෙන් වැළකී සිට
ශ්රී ලංකාවේ සශ්‍රීක කඳුකරයේ පිහිටා ඇති මහනුවර විස්මිත ස්වාභාවික සුන්දරත්වය සහ පොහොසත් සංස්කෘතික උරුමයත් සමග ආකර්ෂණය වන නගරයකි. නගරයේ කේන්ද්‍රස්ථා
“ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම, අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බව නොබෝදා කී ජනාධිපතිවරයා, ඒ සඳහා වන පුළ
සියවසකට අධික ඉතිහාසයක අපූරු මතක කැටි කරගත්, කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසල වැජඹෙන ඉපැරණි ඔරලෝසු කුලුන වැදගත් ඓතිහාසික ස්මාරකයකි. මෙම ඔරලෝසු කුලු
වසර පහකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ එම වසරේ පාස්කු ඉරිදා දිනයේ දී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කොට එල්ල කළ මරාගෙන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තන්තිරිමලේ උරුමය
හෙට්ටිආරච්චි Friday, 16 December 2011 08:57 AM
වසර 40කට පෙර දුටු තන්තිරිමලය අද සුන්දරයි.විමලඤාණ නාහිමියනි! ඔබට මොක් සුව.
කවිදු Sunday, 19 August 2012 11:33 AM
හොදයි. නමුත් සාර්ථක මදි. (නි)
කුමුදු Monday, 02 July 2012 11:04 AM
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි. පොළොන්නරුව රජ සමයේ සිතියම්,ටොලමිගේ ලෝක සිතියම ආදිය ගැන දැනගෙන අදහස් පළ කරනවා නම් හොදයි...
කීසාගොතමි Tuesday, 12 June 2012 11:34 AM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න...
විශාකා Tuesday, 12 June 2012 12:15 PM
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා
උපතිස්ස Tuesday, 12 June 2012 12:17 PM
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක්අපේ රටේ පිහිටා තිබේ.
kumudumali Tuesday, 12 June 2012 12:22 PM
අපේ හාමුදුරුවෝ සහ දායකවරු සැබෑ විරුවන්ය. අපේ උරුම උතුම් පින් බිම මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂ කරදීම බලධාරීන්ගේ වගකීමයි ලංකාදිපටය ස්තුතියි