IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තම කුසින් වැදූ දියණිය අයාලේ යැවූ මවක්

  21_PAGE_8_RASA

 

උණහපුලූවාට උගේ පැටියා මැණිකක්ලූ. කොච්චර අවලස්සන වුණත් ඌට උගේ පැටියා මැණිකක්. ඒ වගේ තමයි අම්මකුට දරුවෙක් කියන්නෙත් මැණිකක් හැබැයි කුසේ තියාගෙන රැුකල දහදුක් විඳලා හදපු දරුවා මුදලට විකුණන්න තරම් හදවතක් නැති තිරිසන් අම්මලත් මේ සමාජයේ ඉන්නවා. අද විවාහය විලාසිතාවක් වෙලා. දරුවො හැදිල්ල වාණිජකරණය වෙලා. දරුවෙක් වැදුව කියලා හැම ගැහැණියකුටම අම්මෙක් වෙන්න බැහැ. මුදල් තණ්හාවට තමන්ගේ ලෙයින් උපන් දියණිය ගණිකා වෘත්තියේ යොදවන්නෙ මොන හිතකින්ද? අපි අද ජීවත් වෙන්නෙ එවැනි සමාජයක. ඒත් අසාධාරණයට ලක් වෙච්ච මේ දරුවො වෙනුවෙන් කතා කරන්න මේ සමාජයේ කවුරුත් නැහැ. අද සමාජයේ මහා පිළිගැනීමක් තියෙන සමහර උදවිය ගත්තම ළමා අපචාරවලට ලැයිස්තුවෙ මුලින්ම ඉන්නෙ ඒ උදවිය. හැබැයි මේ අසරණ වෙච්ච දරු පැටවුන්ට ආදරේ කරන හදවත් උණුවෙච්ච පිරිසක් මේ සමාජයේ කොතැනක හෝ ඉන්නවා.

 

 

ළමා නිවාසයක් ඇතුළෙ සිරවෙලා දිවි ගෙවන මේ සමනල් පැටවුන්ගෙ ජීවිත ගැන අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහොමයක් තියෙනවා. ඒ දරුවන්ගේ හෙට දවසේ ඉරණම දෙස බලද්දී ඇතිවන්නේ වචනවලින් ලියා අවසන් කළ නොහැකි හැඟීමක්. නිරාෂා කියන්නෙ පවුලෙ එකම දරුවා. ඇගේ තාත්තා ඇය මෙලොව එළිය දකින අවස්ථාවෙත් හිටියෙ විදේශගත වෙලා. ඉපදිලා අවුරුදු තුනකට පස්සෙ දකින තාත්තව පුංචි නිරාෂා අඳුරන්න නැහැ.

තාත්තට කතා කරේ අංකල් කියලා. ඒ ආවත් තාත්තාගේ ආදරේ උණුසුම විඳින්න ඇය වාසනාවන්ත වුණේ මාස තුනයි. නිරාෂාගෙ අම්මයි තාත්තයි අතර එතරම්ම සමගියක් තිබුණෙ නැහැ. ඇගේ පියා නිතරම විදේශගත වෙලා හිටියෙත් ගෙදර අඬ දබර නිසා. නිරාෂාගෙ අම්මා කියන්නෙ කොළඹ පරිසරයේ හැදිච්ච සංකර කාන්තාවක්. නිරාෂාගෙ තාත්තා ඈත පිටිසර ගමක ඉපදුණු කෙනෙක්. ඇගේ අම්මට නිතර තාත්තව පෙණුනෙ වයසින් මුහුකුරා ගිය කෙනෙක් විදිහට. සමහර වෙලාවට ඇගේ අම්මා තාත්තාට බැන්නෙ. මේ මිනිහා එක්ක පාරෙ යන්නත් ලජ්ජයි, කොන්ඩෙත් ඉදිලා. රට ඉඳලා ආවට අඳින්නෙ ගොඬේ විදියට කියලා.


මේ වගේ අඬ දබර ඇති වෙන අවස්ථා ඒ ගෙදර සාමාන්‍ය දෙයක්. මේ අඬ දබරත් එක්ක විටින් විට හෝ ලංකාවට ඇවිල්ල ගිය නිරාෂාගෙ තාත්තා ගෙදර ආවෙම නැහැ. ඉපදුණු දවසෙ ඉඳලා අම්මගෙ තුරුළේ හැදුණු නිරාෂාට තාත්තගෙ අඩුව වැඩිය දැනුණෙ නැහැ. නිරාෂාගෙ අම්මට නිතරම  ඕන වුණේ බල්ලො මරල හරි සල්ලි. නිරාෂාගෙ තාත්තා එවන හැම සතයක්ම නිරාෂාගෙ අම්මා කාල බීල ජොලි කරලා නැති නාස්ති කරා මිසක පුංචි නිරාෂාට අනාගතයක් හදන්න ඒ අම්මට වුවමනා වුණේ නැහැ. අද මේ අහිංසක නිරාෂාගෙ ඇස්වලින් වැටෙන කඳුළුවලට වන්දි ගෙවන්න  ඕන ඇගේ අම්ම.
නිරාෂා ඇගේ කතාව වචනවලට පෙරළුවේ මේ විදියට.

 

 

"කටේ කිරි සුවඳවත් නොගිය අවුරුදු පහළොවක පුංචි රෝස මල මුලින්ම විකුණන්නෙ අවුරුදු හතළිස් හතරක මිනිසකුට. එදා නිරාෂාගෙ අම්මට දරු දුක කියන දේ දැණුනෙ නැහැ. ඇය විකුණා ලැබුණු තුටු පඬුරින් සෑහීමකට පත් නොවූ අතර ඇගේ මව විශාල ලෙස මුදල් ලබා ගනිමින් දෛනිකව සිය දියණියව මිනිසුන්ට විකුණුවාය. ඇගේ ඉල්ලූමේ සැපයුම වන්නට සිදු වූයේ අහිංසක නිරාෂාටය.නිරාෂාගෙ මව වාහනයේ සිට සැප ගනිද්දි හෝටල් කාමරය ඇතුළෙ මොරදෙන පුංචි නිරාෂා බේරා ගැනීමට කවුරුත් සිටියේ නැත. දරදඬු දෑතට පොඩි වුණ සමනලීගේ තටු සින්දේ ඇගේ මව බලා සිටියදීය."

 

 


පුංචි කාලෙ ඉඳල අම්මගෙයි තාත්තගෙයි සමගියක් මම දැක්කෙ නැහැ. නිතරම ඒ දෙන්න රණ්ඩුසරුවල් වුණා. අම්මා තාත්තා එක්ක පාරේ එකට යන්න ලජ්ජ වුණා. තාත්ත වයසයි කියලා. නිවාඩුවකට ගෙදර ආවත් අම්ම තාත්තට සැලකුවෙ නැහැ. දුක් විඳලා තාත්තා හම්බ කරන් එන සල්ලිවලට තමයි අම්ම ආදරේ කරේ. මේ දේවල් නිසා තාත්තා ලංකාවට ආවෙම නැහැ. නිවාඩුවකට ගෙදර එන තාත්තා ගෙදර එන්නෙ ගිනි ගොඩකට කකුල තියනවා වගේ. පුංචි කාලෙ ඉඳලා තාත්තා වැඩිය ගෙදර රැුඳුනෙ නැති නිසා මට තාත්තගෙ අඩුව දැණුනෙ නැහැ.


අම්මා නිතරම ජීවත් වෙන්න උත්සාහ ගත්තෙ සල්ලි එක්ක. අම්මගෙ අනියම් සබඳතා ගොඩාක් තිබුණා. තාත්තා එක්ක රණ්ඩු වෙන්න ප‍්‍රධාන හේතුව අම්මට තිබුණු අනියම් සබඳතා. තාත්ත ලංකාවට ආවේ නැත්තෙ මේ ප‍්‍රශ්න නිසාද කියලත් මට වෙලාවකට හිතුණා. සමහර දවසට හිතවත් ගෙවල්වල මාව නතර කරල උදේට ගෙදරින් යන අම්මා නැවත ගෙදර ආවේ ගොඩක් ? වෙලා. උදේ හවස ගියේ රස්සාවකට යනවා කියලා. මේ දේවල් එක්ක අපි හිටපු ගෙවල් පැත්තෙ අය අම්මට විවිධ කතා කිව්වා. ”මිනිහත් නැතුව කොහේ යනවද දන්නෙ නැහැ කියලා” අම්මගෙ මේ වැරදි නිසා මාව නතර කරල ගිය හිතවත් තැන්වල අය මාව තියාගන්න කැමැති වුණේ නැහැ. මේ නිසා අම්මට මාව ලොකු කරදරයක් වුණා. හිටි හැටියේම අම්මා මට ඉස්කෝලෙ යන්න එපා කිව්වා. එතකොට මට අවුරුදු පහළොවයි. අම්මා කිව්වා දැන් ඔයා ලොකු ළමයෙක්, ඉගෙන ගන්නවට වඩා රස්සාවක් කරන කොට සල්ලි හම්බ වෙනවා.  ඕන තරම් ළමයි රස්සාවල් කරනවා. අම්මා කියන දේට කැමති වෙලා වැඩ කරන්න කිව්වා. මට මේ දේවල් ගැන ඒ තරම් දැනුම් තේරුමක් තිබුණෙ නැහැ.

1


මුහුදු සුළඟට වැනෙන පොල් ගස අතරින් එන සුළඟ ඇෙඟ් දැවටෙන කොට පුංචි සිසිලසක් දැනුණා. හෝගාන මුහුද මොහොතකට ගොලූ වෙලා. ඇගේ දෑස්වලින් වැටුණ කඳුළු කැට රෝස කම්මුල් තෙත් කළේ දෑසටත් නොදැනීම.


නිරාෂාගෙ අම්මා ගෙදරින් හොඳට ඇඳ පැළඳගෙන ගියේ හෝටලයක වැඩට. එතනදි ඇයට හමුවන විවිධ පුද්ගලයින් හරහා ඇය වැඩි මුදලක් උපයන්න ගණිකා වෘත්තියට යොමු වෙනවා.


ඇගේ මේ කාර්යබහුල ජීවිතයත් එක්ක නිරාෂාගෙ අම්මාට නිරාෂාව මහා බරක් වෙනවා. කාලයක් තිස්සෙ කරපු රැුකියාවෙ පළපුරුද්දත් එක්ක ඇය ගණිකා වෘත්තියේ තරුණියන් සැපයුම්කාරිණියක් විදිහට විවිධ පුද්ගලයන් අතරේ ප‍්‍රසිද්ධ වුණා. ඇය හැම තරුණියක් දෙසම බැලූවේ මුදල් ඉපයීමේ වෙළෙඳ භාණ්ඩයක් විදිහට. අවසානයේ තමන්ගේ කුසින් ඉපදුණ දියණිය ගණිකා වෘත්තියේ යොදවන්න තරම් ඇය සාහසික වුණා.

2


කටේ කිරි සුවඳවත් නොගිය අවුරුදු පහළොවක පුංචි රෝස මල මුලින්ම විකුණන්නෙ අවුරුදු හතළිස් හතරක මිනිසකුට. එදා නිරාෂාගෙ අම්මට දරු දුක කියන දේ දැණුනෙ නැහැ. ඇය විකුණා ලැබුණු තුටු පඬුරින් සෑහීමකට පත් නොවූ අතර ඇගේ මව විශාල ලෙස මුදල් ලබා ගනිමින් දෛනිකව සිය දියණියව මිනිසුන්ට විකුණුවා.


ඇගේ ඉල්ලූමේ සැපයුම වන්නට සිදු වූයේ අහිංසක නිරාෂාටය.


නිරාෂාගෙ මව වාහනයේ සිට සැප ගනිද්දි හෝටල් කාමරය ඇතුළෙ මොරදෙන පුංචි නිරාෂා බේරා ගැනීමට කවුරුත් සිටියේ නැහැ. දරදඬු දෑතට පොඩි වුණ සමනලීගේ තටු සින්දේ ඇගේ මව බලා සිටියදීය.

 

අම්මා කියන වචනෙවත් මතක් කරන්න මම කැමති නැහැ. අම්මා මාව විකුණලා සල්ලි හම්බ කරා. අම්මගෙ රස්සාව වුණේ ඒක. අම්ම මාව විකුණුවෙ බලහත්කාරයෙන්. දවසක් මම මනුස්සයකුට ගහලා කාමරෙන් පැනලා දුවන්න හැදුවා. එතන හිටපු ගෑණු කෙනෙක් මාව අල්ලගෙන මට හොඳටම ගැහුවා. එයා අපේ අම්මගෙ වැඩවලට සම්බන්ධ කෙනෙක්. එදා අම්මා කිව්වා දැන් උඹට මෙතැනින් එළියට ගිහින් රැුකියාවක් කරන්න බැහැ. කැමැත්තෙන් මේ රස්සාව කරපන් කියලා.


සමාජය ගැන දැනුමක් තේරුමක් නැති මං එතැනින් පැනලා ගියා කියලා කොහේ යන්නද?


තමන්ගෙ අම්මා තමන්ට එහෙම දෙයක් කරාවි කියලා නිරාෂා හීනෙන්වත් හිතන්න නැතුව ඇති. තමන්ගෙ අම්මා තමන්ගෙම දරුවට මේ වගේ අපරාධ කරන කොට පිට සමාජය පිළිබඳ විශ්වාසයක් තියන්න පුළුවන්ද?


අද තාත්තාට දියණිය පේන්නෙ නැති සමාජයක් වෙලා. අයියට තමන්ගෙ සහෝදරිය පේන්නෙ නැති සමාජයක් වෙලා. මේ තරමටම හෙට ලෝකය දකින්න ඉන්න පුංචි පැටව් තලා පෙලා දාන්න තරම් අද සමාජය තිරිසන් වෙලා. කාටවත් කරදරයක් නැති මල් පොහොට්ටු මේ විදිහට තලා පෙලා දාන්න තරම් මව් පදවිය පිරිහිලා.


නිරාෂාව ගණිකා වෘත්තියේ යොදවලා ඇගේ අම්මා සැප වින්දා. ඒ හෝටල් කාමර ඇතුළෙ ඇගේ වේදනාව අහන්න කිසිවෙකු හිටියේ නැහැ.


මම හිටපු දවසක හදිසියේම දිපූ ඔත්තුවක් මත හෝටලේ වැටලූව. ඒ වෙලාවෙ මාවත් අහුවුණා. බාල වයස්කාර නිසා මාව හෝටලේ ගොඩක් වෙලා රඳවා ගත්තා. අල්ල ගත්ත අනිත් අය දඩ මත නිදහස් කරා. ඒ සිද්ධිය අවස්ථාවෙ හැමදේම මම ඒ පුද්ගලයින්ට කීවා. අම්ම අත්අඩංගුවට පත් වුණා. ඒත් වැඩක් වුණේ නැහැ. අම්මා දින දෙකකින් නිදහස් වුණා. බාලවයස්කාර නිසා මාව ළමා නිවාසෙට දැම්මා. අවසනාවකට මම එයාගෙ කුසෙන් ඉපදුණාට අම්ම කියන වචනෙවත් එයාට පාවිච්චි කරන්න මම කැමති නැහැ. මාව වැදුවට ඒ උතුම් මව් පදවියට එයා සුදුසු නැහැ. අම්මා ගැන මට තියෙන්නෙ ලොකු කලකිරීමක්. මගේ තාත්තා හම්බ කරපු සල්ලි අම්මාට මදි වුණා. එයා මේ තත්ත්වෙට වැටුණෙ එතනින්.


මට ලොකු ප‍්‍රාර්ථනාවල් නැහැ. බලාපොරොත්තුත් නැහැ. උදේ සවස බුදුන් වැඳලා මම ඉල්ලන්නේ එක දෙයයි. තිරිසන් සතෙකු වෙලා ඉපදුණත් ආයෙමත් මනුෂ්‍ය ආත්මයක් නම් ලබන්න එපා කියලා. බාල වයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම නිසා නිරාෂාගෙ අම්මා සිරභාරයට පත්වුණා. නිරාෂා පුනරුත්ථාපනයට යොමු වුණා. සොයා ගත් තොරතුරු අනුව නිරාෂාගෙ අම්ම යළිත් නිදහස් වෙලා. ඇය මෙසේ නිදහස් වීමෙන් මේ සමාජයේ තවත් නිරාෂා වගේ දරු පැටව් මේ තිරිසන් ගැහැණුන්ගේ වෙළෙඳ භාණ්ඩ ලෙස පත්වීමේ ඉඩකඩ වැඩි බව ද අමතක කළ නොහැක.


නිරාෂාගෙ තාත්තා අම්මාගෙ නපුරුකම් පුදුම විදිහට විඳ දරාගත්තු මනුස්සයෙක්. තාත්තා නැති නිරාෂාගෙ අම්මා නිරාෂාව මිනිසුන්ට විකුණුවෙ සල්ලි හම්බ කරන්න කියලා හිතෙන කොට ඇගේ හිතට ඉවසුම් දෙන්නෙ නැහැ. මේවගේ තිරිසන් මව්වරුන් සිටිනා සමාජයක දියණියකගේ ආරක්ෂාව පිළිබඳ මේ සමාජය දෙවරක් සිතිය යුතුයි. රත්තරං අම්මේ, දරුවො කියන්නෙ රටේ අනාගතය, තිරිසන් විදිහට අහිංසක දරු පැටවුන්ගෙ අනාගතය අඳුරු කරන්න එපා.

අම්මා කියන්නෙ ලෝකෙ තියෙන උත්තරීතර පදවියක්. ලංකාව කියන්නේ ආසියාතික රටක්. ලාංකීය අම්මලා, කුස ගිනි නොබලා දරුවන්ගෙ බඩගින්දර නිවන්න අසීමිත කැපකිරීමක් කරනවා. ඒත් එවැනි සමාජයකම මෙවැනි පව්කාර අම්මා යන උතුම් පදවියට නුසුදුසු කාන්තාවන් ද සිටිනවා. මෙහිදී සමාජයක් ලෙස අපගේ වගකීම වනුයේ මෙවැනි අපරාධකාරී ක‍්‍රියා දුටුවහොත් ඊට විරුද්ධව නැගී සිටීමයි. හේතුව දරුවන් කියන්නෙ මේ රටේ සම්පතක්. ඔවුන්ගෙ ළමා කාලය විනාශ කරන්න මව්පියන් වන ඔවුන්ටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි සදාචාරවත් සමාජයක් සඳහා දරුවන්ගෙ රැුකවරණය වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතුය.


(මෙහි නම් ගම් මනඃකල්පිතයි)

 

m



අදහස් (0)

තම කුසින් වැදූ දියණිය අයාලේ යැවූ මවක්

විපුල Thursday, 26 March 2015 03:39 AM

මේ ගෑණුකෙනාට කරන්න ඕන දේ මේ කොමෙන්ට් එකේ ලියන්න බෑ, මට තියන කලකිරීම මෙයාව නිදහස් කළ අපේ රටේ නිතිය ගැනයි, මොකද නොදන්නා කමට කැටපත් පවුර කුරුටු ගාපු කෙල්ලත් අවුරුදු 2 හිරේ දැම්ම නීතියක් තියන රටක් මේක. (බ)

:       0       0

බුද්ධි Thursday, 26 March 2015 01:37 PM

අනේ මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

රජීව් Thursday, 26 March 2015 02:53 PM

මෙයාට ගල් ගාලා මරන්න ඔනී පවු අර අසරණ දරුවා (ස)

:       0       0

හර්ෂනි Wednesday, 25 March 2015 02:37 PM

මේ අම්මා එක්ක බලනකොට අපේ අම්මලාට මල් තියලා වැන්දත් මදි.අම්ම කියන නමටත් මහා කැළලක්.(හේ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 25 March 2015 04:16 PM

දෙමාපියෝ දරුවන්ට කොච්චර ආදරේද එහෙම ලෝකෙක මෙහෙම අම්මලාට දෙවියන් කොහොමද දරුවන් දුන්නේ.(හේ)

:       0       0

දර්ශමාල් Wednesday, 01 July 2015 08:00 AM

ඕකට දෙන්න ඕනේ අරාබි නිතිය. එතකොට ඒ දෙටවත් බයේ අනිත් අය ඔය වගේ අමානුෂික දේවල් කරන් නැ.. සාප කලත් වැඩක් නැ.. කවදාවත් මේ වගේ අම්මෙක්ගේ පුතෙක්වත් වෙන්න එපා.. (ර)

:       0       0

දිනුෂා Saturday, 28 March 2015 06:16 AM

මේ වගේ ගැනුන්ව තියන්න වටින්නේ නැහැ මේවට හරි නීතියක් ගෙන්න ඕනි ලංකාව ගණිකාවන් නැති කරන්න ඕනේ (ම)

:       0       0

ඕනෑගම විමලනන්ද හිමි Thursday, 26 March 2015 06:58 AM

බුදු හමුදුරුවෝ කියලා තියෙන්නේ අම්මා කියන්නේ ගෙදර බුදුන් කියලා ඒත් මේ මව එවැනි උතුම් පදවියට ගැලපෙන කාන්තාවක් නෙවෙයි.මෙවැනි අයට නිසි දඩුවම් කරනම් මෙවැනි දෙවල් නැති වෙන්න ඉඩතිබුනා.(හේ)

:       0       0

සාමා Tuesday, 31 March 2015 08:03 AM

රටකට ගිය කලක් (දිල්)

:       0       0

සම්පත් Monday, 30 March 2015 06:43 AM

මේක සතෙක්වත් නොකරන වැඩක් මරණ දඩුවම දෙන්න ඔනි මේ වගේ දේවලට තමයි (දිල්)

:       0       0

කමණි Monday, 13 April 2015 10:59 AM

විපුල කියන කතාව හරි. (නි)

:       0       0

ෂැගියා Monday, 20 April 2015 11:37 PM

තවත් කඳුලු කතාවක්.. මනුස්ස කම නැති මනුස්ස වෙසින් ඉන්න තවත් අමුනුස්සයෙකුගේ ක්‍රියාවක්.. මේ වගේ අම්මල මේ සමාජයේ ඉන්න එක අනික් අයටත් තර්ජනයක්.. තමන්ගේ දුවගේ ශරිරය විකුණන් කන්න තරම් මේ අම්මා කොහොමද හෘදශාක්ෂියට එකඟ වුණේ.. එක්කෝ හෘද සාක්ෂියක් නැහැ... පව් අසරණ කෙල්ල.. ඒ කෙල්ලගේ පෙර පවක් හින්දා වෙන්න ඇති ඒ වගේ මවකට ඉපදෙන්න ඇති...(අ)

:       0       0

ශ්‍රීයානි මංගලිකා Friday, 27 March 2015 03:29 AM

කියන්න තියෙන එකම දේ අපේ ලංකාවේ නිතිය මදි කියලා.(ම)

:       0       0

කුමාරි Friday, 27 March 2015 03:44 AM

මේ දරුවාගේ තාත්තා හොයලා එයාට දරුවා භාර දෙන්න.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4558 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 584 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1169 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 104 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38995 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site