රාතී‍්‍ර අහසේ පෑයූ තාරකා ගැන නොලියූ කවියකු සිටීනම් පුදුමයකි. රාතී‍්‍ර අහසත් එහි ඇති තාරකා සමූහයත් කවි සිත ඒ තරමට අවදි කිරීමට සමත්ව ඇත. නිවි නිවී දැල්වෙමින් රාති‍්‍රයේ අපේ තනිකම මකන්නට මෙන් සිටින මේ තාරකා පිහිටන්නේ සැතපුම් කෝටි ගණනක් ඈතිනි.
විශ්වයේ ඇති තාරකාද ජීවීන් මෙන්ම බිහිවෙති, වර්ධනය වෙති. තරුණ වියට මැදිවියට හා මහලූ වියට එළැඹෙති. ඉන් අනතුරුව මිය යති. මේ සඳහා වර්ෂ කෝටි ගණනක් වැයවේ.
තාරකාවක් බිහිවන්නේ දැවැන්ත දුහුවිලි සහ වායු වලාවක් කැටි වෙමින් හැකිළීම හේතුවෙනි. අණුක වලාවන් ලෙස හැඳින්වෙන තාරුකා බිහිවිය හැකි වලා රාශියක් විශ්වයේ තැන තැන පිහිටා ඇත. මෙවැනි ඇතැම් අණුක වලා, අලෝක වර්ෂ හෙවත් ආලෝකය වසරකට ගමන් කරන දුර මෙන් 300 ගුණයක් මෙන් පළලය. එවැනි එක් වලාවක් රාතී‍්‍ර අහසේ අපගේ පියවි ඇසින් දැකගත හැකි වීමද විශේෂත්වයකි. ඔරායන් තාරකා රාශිය ආසන්නයේ පිහිටි ඔරායන් නිහාරිකාවද තාරකාවක් බිහිකිරීමට සමත්යැයි විද්‍යාඥයන් විශ්වාස කරන අණුක වලාවකි.
අණුක වලාවක් තාරුකාවක බිහිවීමට මුල් බීජ සපයන බවට ඇති මතය ප‍්‍රථම වරට ප‍්‍රකාශ කරන ලද්දේ ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වන පිලිප් මයර්ස් විසිනි.
විශ්වයේ තාරකාවක් පුපුරා යාම වැනි යම් කැලඹීමක් හේතුවෙන් මේ අණුක වලා කැලඹීමට ලක්වේ. වායු අංශු එක් ස්ථානයකට වැඩිපුර එක්රැුස් වීම නිසාම අණුක වලාවේ සෙසු අංශු වෙත ගුරුත්වාකර්ශන බලයක් යෙදේ. ඒ හේතුවෙන් අවට ඇති අංශු ද මෙම ඝණවීම සහිත ස්ථානයට පැමිණේ. මෙය පෙනෙන්නේ අණුක වලාවේ එක් ස්ථානයකට කඩා වැටෙන වායු වලාවක් ආකාරයෙනි. මේ ආකාරයට
![]() |
ප‍්‍රාග් තාරකාවක් හෙවත් තරුවක ආරම්භක අවස්ථාව |
වායු අංශු විශාල වශයෙන් පැමිණීමේ ප‍්‍රතිඵලය වන්නේ මුල් බීජ තිබූ ප‍්‍රදේශයේ පීඩනය ද බොහෝ සෙයින් ඉහළ යාමයි.
එහි ප‍්‍රතිඵලය වන්නේ අතිශය සිසිල්ව පවතින අණු එකිනෙක ආකර්ශනය වී හැකිළීමට පටන් ගැනීමයි. දිගින් දිගටම හැකිළීමේදී වලාවේ අංශු වලාවේ ගුරුත්ව කේන්ද්‍රය දෙසට අතිශය වේගයන් චලනය වීම හේතුවෙන් එහි උෂ්ණත්වය ක‍්‍රමයෙන් ඉහළ නැගීමට පටන් ගනී. අනතුරුව ගුරුත්ව කේන්ද්‍රය දීප්තියෙන් බබලන්නට පටන් ගනී. තාරකාව සෑදීමට තුඩුදුන් දුහුවිලි අංශුවල ඇති පරමාණු එකිනෙක ගැටීමෙන් ප‍්‍රතිකි‍්‍රයා සිදුවීම ආරම්භ වනතුරු හැකිළීමේ කි‍්‍රයාවලිය සිදුවේ. තාරකාවක් බිහිවන්නේ ඒ ආකාරයෙනි. ආරම්භක අවදිය හෙවත් තාරුකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10000ක් දක්වා වූ කාලය විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ ප‍්‍රාග් තාරකාවක් යනුවෙනි. ප‍්‍රාග් තාරකාවක් වටා එය නිර්මාණය වීමට මහෝපකාරී වූ අණු වලාව පිහිටා තිබේ. එබැවින් තාරකාව නිරීක්ෂණය කිරීම අතිශයින්ම අපහසු කාර්යයකි. තාරකාවේ අභ්‍යන්තර උෂ්ණත්වය දිගින් දිගටම වැඩිවෙයි.
පරමාණු ගැටීමේදී ප‍්‍රථමයෙන් හයිඩ‍්‍රජන් හා හීලියම් වායු නිපද වේ. මේ හේතුවෙන් තාරකාවක් විසින් අති විශාල ශක්තියක් නිපදවීම සිදුවේ. මෙලෙස නිපදවන හීලියම් තවදුරටත් ප‍්‍රතිකි‍්‍රයාවට භාජනය වීමෙන් හීලියම් යකඩ හෝ කාබන් සහ ඔක්සිජන් බවට පරිවර්තනය වේ. තාරකාවක ජීව කාලය පුරාම මේ කි‍්‍රයාවලිය දිගින් දිගටම සිදුවන්නකි.
තාරුකාව අභ්‍යන්තරයේ සිදුවන ප‍්‍රතිකි‍්‍රයා හේතුවෙන් තාරුකාවේ සිට ඉවතට ඉතා විශාල සුළං දහරා හැමීමට පටන් ගනී. අපේ සූර්යයාගේ සිට වරින් වර විශ්වයට සූර්ය සුළං හමා යාම එයට උදාහරණයකි. සුළං දහරාව හේතුවෙන් තාරුකාව සෑදීමට මුල් වූ අණුක වලාව ටිකෙන් ටික ඈතට ගසාගෙන යාම සිදුවේ.
අප ජීවත්වන පෘථිවිය අයත් සෞරග‍්‍රහ මණ්ඩලයේ සූර්යයා සෑදීමට මුල් වූ බව පවසන ඌට් නමින් හඳුන්වන අණුක වලාව මේ ආකාරයට සූර්යයාගේ සිට ආලෝක වර්ෂ 1.5 ක් ඈතට ගසාගෙන ගොස් තිබේ. එලෙස අණුක වලාව ඈත්වීමත් සම`ග විද්‍යාඥයන් තාරුකාව හඳුන්වන්නේ තරුණ අවදියක් ගතකරන තාරකාවක් ලෙසිනි. තාරුකාවක් තමන් සතුව ඇති හයිඩ‍්‍රජන් සියල්ල දහනය කරමින් වසර බිලියන ගණනක් දික්වූ තරුණ අවදියක් ගතකරයි.
තරුව නිර්මාණය වීමට මහෝපකාරී වී තරුවේම බලපෑමෙන් ක‍්‍රමයෙන් ඈත්ව ගිය අණුක වලාව ඇතැම් තරු වටා තනි තනි ග‍්‍රහලෝක ලෙස තැන තැන සංකෝචනය වී තිබෙනු දක්නට ලැබේ. අප අයත් සෞරග‍්‍රහ මණ්ඩලය ද එවැන්නකි. මෙලෙස නිර්මාණය වන ග‍්‍රහලෝක අදාළ තාරකාව වටා ගමන් කිරීම හෙවත් පරිභ‍්‍රමණය වීම සිදුකරයි. ප‍්‍රාග් තාරකාවක් වටා මේ ආකාරයට ග‍්‍රහලෝක සෑදෙමින් තිබෙන අවස්ථාවේ අණුක වලාව හඳුන්වන්නේ ප‍්‍රාග් තැටිය යනුවෙනි.
ඔරායන් නිහාරිකාවේ පමණක් ප‍්‍රාග් තාරකා 150ක් පමණ සොයාගෙන ඇති අතර ඉන් තාරුකා පහක ප‍්‍රාග් තැටි පවා නිර්මාණය වී තිබීම වැදගත් ලක්ෂණයකි. එනම් ඔරායන් නිහාරිකාව යනුවෙන් හඳුන්වන අණුක වළාවේ පමණක් මේ වනවිට ග‍්‍රහ මණ්ඩල සහිත තාරුකා පහක් බිහිවී තිබේ. අනෙක් තාරුකා ද තමා වටා ග‍්‍රහ මණ්ඩල සාදාගනු ඇති බවත් පෘථිවියේ සහ අප සූර්යයාගේ සම්භවය සිදුවූ ආකාරය දැන ගැනීම සඳහා නිරන්තරවම ඔරායන් නිහාරිකාව නිරීක්ෂණය කිරීම වැදගත් බවත් විද්‍යාඥයන්ගේ මතයයි.
නාසා ආයතනය පවසන්නේ මේ ප‍්‍රාග් තැටියක අඩංගු දෑ අතරින් සියයට 90ක් විවිධ වායු වර්ග බවයි. ඉතිරි සියයට 10 දුහුවිලි බවත් ප‍්‍රාග් තැටියක් සාමාන්‍යයෙන් කිලෝ මීටර බිලියන 90ක් පමණ දිගින් යුතු බවයි.
තාරුකාවක ජීවිත කාලය තීරණය වන්නේ එහි ස්කන්ධයෙනි. තරුවක් බිහිවූ පසු එය තරුණ අවදියට පිවිසේ. තරුවේ ඇති හයිඩ‍්‍රජන් එකිනෙක ගැටීමෙන් හෙවත් න්‍යෂ්ටික විලයන කි‍්‍රයාවලිය හේතුවෙන් හීලියම් නිපදවේ. එහි ප‍්‍රතිඵලය වන්නේ අති විශාල ශක්තියක් නිපදවීමයි.
අවසානයේ තාරකාවක ප‍්‍රතිකි‍්‍රයා වීමට කිසිවක් ඉතුරු නොවන විට තාරකාව විනාශ වීම ආරම්භ වේ. අභ්‍යන්තරයේ කිසිදු ප‍්‍රතිකි‍්‍රයාවක් නොවන බැවින් තරුව යළිත් සිසිල් වීම ආරම්භ වේ. එහි අනාගතය තීරණය වන්නේ තාරුකාවේ ස්කන්ධයෙනි.
අපගේ සූර්යයාගේ ස්කන්ධයට වඩා අඩු තාරුකා තරුණ අවදිය පසුකොට කළු දුඹුරු වාමන තාරකාවක් බවට පත්වන්නේය යන්න විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. අපගේ සූර්යා වැනි ස්කන්ධයකින් යුතු තාරුකා ටිකෙන් ටික රතු පැහැයෙන් යුතු වේ. තරුවේ අවසානය ළගාවීමත් සමගම එහි පිටකවරය ප‍්‍රසාරණය වන අතර තාරුකාවද රතු යෝධයකු බවට පත්වේ.
විද්‍යාඥයන් පවසන්නේ අපගේ සූර්යයා යෝධ රතු තාරුකාවක් බවට පත්වෙමින් අගහරුගේ කක්ෂය දක්වාම ප‍්‍රසාරණය වන බවයි. ඉන්පසු විශාල පිපිරීමකින් සිය බාහිර කබොල්ල විනාශ වී යන බවද ඔවුහු පවසති. එය විනාශවූ පසු හඳුන්වන්නේ ග‍්‍රහ නිහාරිකාවක් ලෙසිනි. ග‍්‍රහ නිහාරිකාව මධ්‍යයේ ඇති කුඩා තාරකාව සුදු වාමන තරුවක් බවට පත්වේ.
වසර කෝටි ගණනක ඇවෑමෙන් සුදු වාමන තරුව කළු වාමන තරුවක් බවට පත්වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3000ක් ඈතින් මේ ආකාරයේ තාරුකාවක් සොයාගෙන තිබේ.
සූර්යයාට වඩා වැඩි ස්කන්ධයකින් යුතු තාරුකා අප සෞරග‍්‍රහ මණ්ඩලයේ පිහිටි බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ කක්ෂයට ඇති දුරකට සමාන විශාලත්වයක් දක්වා ප‍්‍රසාරණය වී පුපුරා යන බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත. එවැනි තාරුකාවක් පුපුරායාමෙන් පසු හඳුන්වන්නේ සුපර් නෝවාවක් ලෙසිනි. සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයක් දක්වා ස්කන්ධයෙන් යුතු තාරුකාවක් පුපුරා යාමෙන් පසු නියුට්‍රෝන තාරුකාවක් බවට පත්වේ.
මෙහිදී තරුවේ ඇතිවන අධික තෙරපුම හේතුවෙන් එහි ඇති පරමාණු බිඳ වැටී නියුට්‍රෝන පමණක් ඉතිරිවේ. නියුට්‍රෝන තාරකා වශයෙන් හඳුන්වන්නේ මේ හේතුවෙනි. මේ ආකාරයේ බිඳ වැටීමකින් පසු නියුට්‍රෝන තාරකාවක අධික චුම්භක ක්ෂේත‍්‍රයක් හටගනී. එමෙන්ම අධික වේගයකින් තමා වටා කරකැවීම හෙවත් භ‍්‍රමණය වීම සිදුවේ. කැරකීමේ ප‍්‍රතිඵලය වන්නේ තාරුකාවේ ශක්තිය ක්ෂය වීමයි. මෙහි චුම්භක ධ‍්‍රැව දෙකෙන් ප‍්‍රබල විකිරණ දහරා දෙපසට විහිදුවන අතර තාරුකාව පුපුරාගිය සුපර් නෝවාවේ දුහුවිලි කොටස් අතර සැගවී තිබේ.
ඊටත් වඩා වැඩි ස්කන්ධයකින් යුතු තාරුකාවක් පුපුරා යාමෙන් පසු කළු කුහරයක් නිර්මාණය වේ. විශාල තාරකාවක් පිපිරී යාමෙන් පසු සිදුවන හැකිළීමේදී අධික ගුරුත්වයක් අත්පත් කැරගන්නා බැවින් මෙම වස්තුවෙන් කිසිදු ආලෝකයක් පිටවන්නේ නැත. මේ නිසාම විද්‍යාඥයෝ එවැනි තාරුකා හැඳින්වීමට කළු කුහර යන නම භාවිතා කරති. කළු කුහරයේ ඇති අධික ගුරුත්වය හේතුවෙන් අවට ඇති සියල්ල ඒ වෙත ඇද ගැනීමට හැකියාව ඇති බව පර්යේෂකයන් ප‍්‍රකාශ කළද ඒ පිළිබඳ මෙතෙක් සාර්ථක පර්යේෂණ සිදුකැර නැත.
අනතුරුව සුපර්නෝවාවක් ලෙස තාරුකාව පුපුරා ගොස් එතැන කළු කුහරයක් ඇතිවන බව විද්‍යාඥයෝ පවසති.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තාරකාවක් හැදෙන හැටි
ලහිරු Monday, 07 January 2013 06:13 PM
ගොඩක් ස්තූතියි ලංකාදීප . ඉතාමත් වැදගත් ලිපියක්. පුළුන්නම් දින පතා හෝ සති පතා මෙවැනි ලිපි පෙලක් විදියට අපිට ලැබෙන්න සලස්වන්න (ස)
කැලුම් Sunday, 13 January 2013 01:22 PM
ඉතා හොද ලිපියක්. (නි)
නලින් ප්‍රසන්න Saturday, 12 January 2013 11:22 PM
ගොඩක් වටිනා ලිපියක්. ලංකාදීප හැමදාමත් මේ වගේ වැදගත් ලිපි පළකරන්න. ගොඩක් අගය කරනවා මම නම්. (නි)
සෑම් Sunday, 06 January 2013 09:40 PM
එතකොට ඕවා හදන්නෙ අර සර්ව බලධාරී දෙවි කෙනාමද? මම මේ නොදන්න නිසා අහන්නේ. (නි)
නිත්‍යා Tuesday, 08 January 2013 01:57 PM
වැදගත් ලිපියක්. (ස)
සිනෙත් Tuesday, 15 January 2013 08:50 PM
මෙය ඇත්තෙන්ම වැදගත් ලිපියක් (ස)
සේනත් Tuesday, 15 January 2013 08:50 PM
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)
නිස්ත්‍ර Friday, 18 January 2013 11:29 PM
හරිම අපුරු හොද ලිපියක් (දී)
සෙනෙත් Tuesday, 15 January 2013 08:50 PM
ලංකාදීපයට ස්තුති මේ වගේ පුවත් පල කරනවාට (දී)
රවීන්ද්‍ර Friday, 11 January 2013 05:47 AM
තාරකා විද්‍යාව පිළිබද මෙවැනි ලිපි ලාංකීය දරුවන්ගේ තාරකා විද්‍යාව පිළිබද අනාගත නව සොයාගැනීම් වලට මහගු පිටුවහලක් වේවි. (නි)
පුබුදු Monday, 07 January 2013 03:27 AM
ඉතාම වැදගත් විද්‍යාත්මක ලිපියක්. ස්තූතියි ලංකාදීප (ස)
ගාමිණි Friday, 11 January 2013 07:23 PM
තරුවක් නිර්මාණය මෙහෙම නම් ඉර, හද නිර්මාණය කොහොමට ඇද්ද? (නි)
හේමන්ත Tuesday, 08 January 2013 10:03 AM
අපි නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. හරිම වටිනවා මෙවැනි ලිපි (ස)
ගයාන් Saturday, 19 January 2013 10:04 PM
ගාමිණී, ඉර කියන්නෙත් තරුවක් තමයි. (නි)
තාරක Friday, 11 January 2013 08:02 PM
ගොඩක් හොද ලිපියක්. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
නලින් Tuesday, 08 January 2013 08:19 PM
ගොඩක් හොද ලිපියක්. (නි)
සුගත් Thursday, 10 January 2013 05:17 PM
ගොඩක් හොඳයි (ස)
තුෂාර Sunday, 13 January 2013 06:40 PM
ගොඩක් ස්තූතියි ලංකාදීප. ඉතාමත් වැදගත් ලිපියක්. පුළුවන් නම් දිනපතා හෝ සතිපතා පළකරන්න. ගොඩක් අගය කරනවා මම නම්. (නි)
ජයී තිසර Monday, 14 January 2013 04:56 PM
මේ වටිනා ලිපිය පළකිරීම ගැන ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තූති කරමි. කළු කුහරයේ ඇති අධික ගුරුත්වය කෙතරම්ද යත් එයට විශ්වයෙන් එන ආලෝකය පවා මුළුමනින්ම ඇදගනී. කිසිම පරාවර්තනයක් සිදු නොවන බැවින් එයට කළු කුහරය යන නම දී ඇත. අපේ ක්ෂීරපථය මධ්‍යයේද කළු කුහරය ඇති බවත් වර්ථමාන පරීක්ෂණ වලින් පැහැදිලි වී ඇත. එය වටා අපේ ක්ෂීරපථය කැරකෙන බවත් ඒ අනුව සිතිය හැක. එපමණක් නොව කළු කුහර විශ්ව සීමාවේ ඇති අධික ගුරුත්වය නිසා අපට වඩා වෙනස් ස්වභාවික නීති එහි තිබිය හැකිය. විශේෂයෙන්ම සාපේක්ෂතාවාදය අනුව කාලය ශූන්‍යතාවය වෙතට එහි යා හැකිය. (නි)
නලින් Friday, 11 January 2013 04:07 PM
ඔව් මේවා නිකන් වෙන්නේ නෑ. දෙවියන්ගේ මැදිහත්කම තියෙනවා. ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ (ස)
චතුර Tuesday, 08 January 2013 04:23 PM
ඇත්තටම වැදගත් ලිපියක් තවත් මෙවැනි ලිපි වටිනවා (ස)
සඳලි Wednesday, 09 January 2013 06:53 PM
ඉතා වටිනා ලිපියක්