IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තරුණියකගේ විලුඹේ ගෑවුණු කොණ්ඩය බස් රියකදී කපාගෙන

10-bus-riye-kondaya-kapala

 

විලුඹතෙක් වැටී තිබූ නීල වරලස ඇයගේ රුව තවත් හැඩ කළාය. කොහේ හෝ ගමනක් බිමනක් යනවිට වරක් දෙවරක් නොව කීපවරක්ම තරුණයන් පමණක් නොව තරුණියන් හා කාන්තාවන් පවා නෙතුඅයා තම වරලස දෙස බලා සිටින බව ඇය නොදැන සිටියා නොවේ.


දිගු වරලස නිසා තරමක ආඩම්බරයක් ඇය සතුව ඇතත් ඇය සැබැවින්ම නිහතමානී තරුණියක වූවාය.


විසිතුන් හැවිරිදි වියේ පමණ පසුවන ඇය කොණ්ඩය වවන්ට පටන්ගෙන ඇත්තේ පුංචි සන්දියේ සිටමය. ඇය තමන්ගේ පණටත්, ඇස් දෙකටත් වඩා වරලසට ආදරය කළාය. එපමණක් නොව වරලස රැක ගැනීමට නිරන්තරයෙන් වග බලාගත්තාය.


ඇයගේ රූපශ්‍රීය ප්‍රභාමත්වූයේ දිගු වරලස නිසායැයි කීවාට එහි කිසිම වරදක් ද නොමැත. කැම්පස් කෙල්ලක වූ ඇය ගම්පහ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.


උපාධිය හදාරන්නේ දකුණු පළාතේ තියෙන කැම්පස් එකකය. කැම්පස් එකේ කවුරුත් ඇය හඳුන්වා ඇතැයි කියන්නේ කොණ්ඩ කිරිල්ලී යැයි කියා බව කියති. මේ වගේ දිගු ලස්සන අයස්කාන්ත වරලසක් ඒ කැම්පස් එකේ කෙල්ලන් කිසිවකුටත් නොවූ නිසා ඇය ගැන නොදන්නා කෙනෙක් ද නැත.


කොණ්ඩය දිග මේ ලස්සන කැම්පස් කෙල්ල සෑම සති අන්තයකම වගේ ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස බලා පැමිණීමට පුරුදුව සිටියාය.


ඇය බොහෝ සති අන්තවල ගෙදර එන්නේ මාතර - කඩවත අධිවේගී මාර්ගයේ  ගමන් ගන්නා බස් රථයක ගොඩවෙලාය.


පසුගිය සති අන්තයේ ද ඇය බස් රථයකට ගොඩවී ඇත්තේ වෙනදා මෙන් ගෙදර බලා ඒමටය.


ඇය එදා පැමිණි බස් එකේ කියන්නට තරම් මගීන්ද සිටියේ නැත. 


සුවපහසු අසුනක ඇය හරිබර ගැසී වාඩිවූයේ අධිවේගී මාර්ගයේ වුවත් මාතර සිට කඩවතට ඒමට සෑහෙන වේලාවක් ගතවෙන නිසාය.


දිගු නීලවරලස මුදාහැර වටපිට සිරිනරඹමින් ඇය පැමිණියාය.


ඒ නිසාම කඩවත ආසන්නයට පැමිණෙන තෙක්ම ඇයට වේලාව ගතවූවා දැනුනේවත් නැත.


බස් එකෙන් බහින්න ළංවී තිබූ නිසා ඇය මෙතෙක් වේලා නිදහසේ මුදාහැර තිබූ දිගු වරලස සියුමැලි අතැඟිලි යැව්වේ සකස්කර ගැනීමටය.


ඇයට දෙලෝ රත්වූයේ ඒ අවස්ථාවේය.


වසර ගණනාවක් තිස්සේ ආදරයෙන් රැකබලාගත් කොයිකාගෙත් නෙත් සිත් පැහැරගත් දිගු නීලවරලස නොමැති බව දැක ඇයට අයියෝ යැයි කියවී ඇත්තේ නිරායාසයෙනි.


කිසිවක් තේරුම් බේරුම් කර ගැනීමට නොහැකිව ඇය තුෂ්නිම්භූත වූවාය.


ඇයගේ සිවුමැලි දෙකොපුල් අතරින් උණුකඳුළු රූට රූටා හැළෙන්නට පටන්ගෙන ඇත්තේ ඇයටත් හොරාය. කොණ්ඩය හරි මැදින්ම වාගේ කපා දමා තිබිණි. උහුලා සිටීමට නොහැකි තරම් වේදනාවකින් ඇයගේ හිත රිදුම් දෙන්නට පටන් ගත්තාය.


මුළු ගතම පිළිස්සී යන්නාසේ ඇයට දැනී ගොස් ඇත. 


වෙන කරන්න කිසිම දෙයක් ඉතිරිව  නොතිබූ නිසාමදෝ ඇය ඉකි ගසා හඬන්නට පටන්ගත්තාය. බස් එකේ ඒ වෙලාවේ සිටි මගීන් විස්තර විමසූ අවස්ථාවේ ඇය සිද්ධ වී ඇති දේ කිව්වේ බොහොම අමාරුවෙන් වචන ගළපමිනි.


බස් එකේ පිටුපස සීට් එකේ වාඩිවෙලා හිටිය කවුරුහරි කෙනෙක් මගේ කොණ්ඩය කපාගෙන ගිහින් යැයි ඇය අමාරුවෙන් වචන ගලපා කියද්දී ඒ කතාව ඇසූ අය විශ්මයට පත්ව ඇත්තේ වෙන කිසිම දෙයක් නිසා නොව මෙය එක්වරම විශ්වාස කිරීමට තරම් අපහසු කතාවක් වූ නිසා විය හැකිය.


එහෙත් ඒ වන විටත් බසයේ ඇය වාඩිවී සිටි අසුන පිටුපස අසුනේ කිසිවකු සිටියේ නැත.


අපිත් දැක්කා මේ නංගිගේ ලස්සන කොණ්ඩය කියා බස් එකේ සිටි තරුණ ගැටව් කීහිප දෙනෙක් කියද්දී ඔව් ඔව් අපිත් බස් එකට නගිද්දිම මේ දුවගේ  දිග කොණ්ඩය දැක්කා යනුවෙන් පවසා ඇත්තේ වැඩිහිටි කාන්තාවන් හා පිරිමින් කිහිප දෙනෙකි.


කොහොම වුණත් මෙතුවක් කාලයක් පණමෙන් රැකගත් කොණ්ඩය ඇයට අහිමිවී තිබුණාය.


කිසිමදාක ඇයත් මේ විදිහට විලුඹ දක්වා කොණ්ඩය වවාගත නොහැකි බව දැණුන මොහොතක් පාසා ඇයගේ පපුව හිරවීයන්නා සේ දැනී ඇත.


අනේ මගේ හුස්ම යන්න එනවා වගේ දැනෙනවා යැයි ඇයට කියවී ඇතැයි කියන්නෙ ඉබේටම වාගේය.


බස් එකේ හිටිය අයට අනුකම්පා කරනවා හැරෙන්නට ඇය වෙනුවෙන් කරන්නට වෙන දෙයක් ඉතිරිව තිබුණේ නැත. බස්වල වෙනදා හිටියේ පික් පොකට්කාරයෝ, එහෙමත් නැතිනම් පික්පොකට්කාරියෝ විතරයි. දැන් බලාගෙන ගියාම කෙල්ලන්ගේ කොණ්ඩය කපාගෙන යන එවුනුත් ඉන්නවානේ.
මෙහෙම කියා ඇත්තේ බස් එකේ හිටිය අය මිස වෙන කවුරුත් නොවේ. හැඬූ කඳුළින් යුතුව ඇය බස් එකෙන් බැස යන අයුරු සෙසු මගීන් බලා සිටියේ අනුකම්පාසහගත බැල්මෙනි.


අනේ කාලේ වනේ වාසේ යැයි කියා කරුණු කාරණා දන්නා වැඩි හිටියෝ පවසා ඇතැයි කියති.


අධිවේගී මාර්ගය ඔස්සේ මාතර සිට කඩවත දක්වා පැමිණි බස් එකෙන් බැස ගණේමුල්ලට යාමට පාගමනින් එද්දී ඇය දන්නා හඳුනන පොලිස් නිලධාරියෙක් හමුවී ඇත්තේ අහම්බෙනි.


ඇය සිද්ධ වෙච්චදේ නොවලහා ඒ පොලිස් නිලධාරියා සමග පවසා ඇත.


“මම බස් එකේ සීට් එකක වාඩිවෙලා හිටිය. පිටුපස සීට් එකේ ඒ වෙලාවේ කිසිම කෙනෙක් වාඩිවෙලා හිටියේ නැති බව මට හොඳට මතකයි. ඒ හින්ද මගේ දිග කොණ්ඩය මගේ පැත්තට දාලා තියාගන්න උත්සාහ ගත්තේ නැහැ. බස් එකෙන් බහින්න කිට්ටු වෙලා බලද්දී තමා කවුරුහරි  බස් එකේ ආපු එකෙක් මගේ කොණ්ඩය කපාගෙන ගිහින් තියෙන්නේ. මගේ කොණ්ඩය කපන වගක් මට තේරුම් ගියේම නැහැ. මම වට පිට බල බලා ඒ ගැන අවධානයෙන් ඉන්නකොට මම නොදැනුවත්වම බස් එකේ පිටුපස සීට් එකේ වාඩිවුණ කෙනෙක් මට නොදැනෙන්න විතරක් නොවේ අනෙක් අයටත් නොපෙනන විදිහට කොණ්ඩය කපාගෙන අතරමගදි බස්එකෙන් බැහැල ගිහින් තියෙනව. මට හරිම පුදුමේ කියන්නේ මට මේ වගක් නොතේරුණ එක ගැනයි.


ඇය පොලිස් නිලධාරියා සමග කියා ඇත්තේ හැඬුම් බරවය.


එහෙම නම් ඔයාට නින්ද යන්න ඇති. ඒ වෙලාවේ කොණ්ඩය කපාගෙන බෑග් එකක දමාගෙන අතරමග පිවිසුම් මාර්ගයකින් බැහැලා යන්න ඇති. නීතියේ හැටියට මේක බරපතළ වරදක්. ඔයා එන්න මාත් එක්ක පොලිසියට යන්න. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. අපි මේ ගැන හොයලා බලමු යැයි කියා මෙම පොලිස් නිලධාරියා යෝජනාකර ඇත.


අනේ වැඩක් නැහැ. කොහේ කියලා මගේ කොණ්ඩය කපාගෙන ගිය එකා හොයා ගන්නද? මම ඒ මිනිහාගේ හැඩරුව ගැන කියන්නවත් දන්නේ නැහැනේ. මොකද මගේ කොණ්ඩය කපාගත් එකාව දැක්කේ නැහැනේ. විලුඹ තෙක් වැටී තිබූ දිගු වරලස අහිමි වී තිබුණු තරුණිය ඇය දන්නා හඳුනන පොලිස් නිලධාරියා සමග පවසා තිබේ.


දිගු වරලස මෙසේ කපාගෙන ගියේ ඇයිද කියා මේ කතාව ඇසූ පොලිස් නිලධාරියාට ද ලොකු ප්‍රශ්නයක් වී ඇත්තේ ඇයට නොදැනෙන්න කපා තිබීම නිසාය.


කොතරම් ඇවිටිලි කළත් පොලිසියට කැඳවාගෙන ගොස් පැමිණිල්ල කිරීමට ඇය කැමතිකරවා ගැනීමට පොලිස් නිලධාරියාට නොහැකි විය.


ඒ ඇයගේ කැමැත්තය. ඇයගේ කැමැත්තට ඉඩදෙනවා හැරෙන්නට පොලිස් නිලධාරියාට වෙන කරන්න දෙයක් තිබුණේ නැත.


කිසියම් මානසික විකෘතිතාවයකින් පෙලුන අයෙක් මේ වගේ දෙයක් කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි. මේ අරුම පුදුම සිද්ධිය ගැන මා සමග උසස් පොලිස් නිලධාරියෙක් කීවේ බස්වල සී.සී.ටී.වී. කැමරා සවිකළ යුතු කාලය දැන් පැමිණ තිබෙනවා යැයි කියාය.


උසස් පොලිස් නිලධාරියා කී කතාව නම් ඇත්තය. එහෙම වුණානම් තරුණියගේ කොණ්ඩය කපාගෙන ගිය එකාව හඳුනා ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබිණි. කෙසේ වෙතත් අවසානයට ඉතිරිව ඇත්තේ ඇයි මෙහෙම කොණ්ඩය කපාගෙන ගියේ කියන ප්‍රශ්නය පමණය.


බස්වල ගමනක් බිමනක් යනවිට තරුණියනි ඔබේ පොකට් එක, රන් භාණ්ඩ විතරක් නොව වරලස ගැනද අවධානය යොමුකළ යුතු කාලය එළඹ තිබෙන බව විතරක් පැවසිය යුතුව ඇත.

m



අදහස් (0)

තරුණියකගේ විලුඹේ ගෑවුණු කොණ්ඩය බස් රියකදී කපාගෙන

අසෝකා Wednesday, 14 September 2016 03:58 PM

මමත් වසන්තගේ කතාව අනුමත කරනවා. බස්වල යනවිට අන් අයට කොණ්ඩය නිසා බොහෝ හිරිහැර වෙනවා. එක කාන්තාවකගේ ඇසක් කැපී තිබුණා. කොණ්ඩය දිගට ලස්සනයි. එත් අනුන අවහිර නොවන ලෙස තබා ගත යුතුයි.(රේ)

:       0       0

රොෂේන් Thursday, 03 November 2016 01:33 PM

කොන්ඩය කපනකන් තේරුනේ නෑ කියන්නේ. පුදුමයි.(හේ)

:       0       0

සමුරි Tuesday, 13 September 2016 03:15 PM

මෙයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කිහිප දෙනෙක් පොලිසියට ගෙනවා නම් කම්පස් එකේ ඉන්න ඇත්ත දැනගන්නේ තිබුණා. මේකට රථයේ කොන්දොස්තර හා රියදුරු දනුවත්ම වුනු දෙයකි (අ)

:       0       0

අරුණ Monday, 12 September 2016 10:29 AM

අය්යෝ හරිම දුකයි! පව් කාරයෙක් කරපු වැඩක්! කමක් නැ කොණ්ඩය ආපහු වැවෙයිනේ! (අ)

:       0       0

සිසිර Monday, 19 September 2016 05:43 AM

අධිවේගී බස් රථයකින් අතරමඟ පිවිසුමකදී බැහැලා යන්න බැහැ. ඔය කැපූ කෙනා ඔය බසයේ ඒ වෙලාවේත් ඉන්න ඇති (නි)

:       0       0

අක්රම් Thursday, 15 September 2016 08:32 AM

බොරු කොණ්ඩ හදන තැනකට විකුණන්න කැපුවද දන්නේ නැහැ (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 13 September 2016 09:27 AM

සමහර තරුණියන් සහ කාන්තාවන් පොදු මගී ප්‍රවාහන සේවා වල යන කොට තම වරලස අනෙක් අයට කරදරයක් වෙන විදියට යන අවස්ථා අපි දැකලා තියෙනවා. හුළඟට කොණ්ඩය ගිහිල්ල පසු පස ඉන්න අයගේ කටේ මුනේ තමයි නවතින්නේ. එහෙම වෙලා තරහා ගිය කෙනෙක් තරහ පිට කරපු විදිය වෙන්නත් පුළුවන් මේ සිද්ධිය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 45 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 389 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1003 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1495 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 241 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 452 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2087 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site