ඍජු නායකත්වය, ඍජු තීරණ රටකට අතිශය වැදගත්ය. දේශපාලනික වේවා, වෙනයම් ආයතනයක හෝ වේවා එකී ආයතනවල සාර්ථකත්වය රඳා පවතින්නේ නායකත්වය මතය. එනිසා නායකත්වය අතිශය වැදගත්ය. දේශපාලනික නායකත්වයක් වූවත් ආයතනික මට්ටමේ නායකත්වයක් වූවත් එහි වැදගත්කම රඳා පවතින්නේ ඍජු තීරණ ගැනීම මතය. ඍජු තීරණ ගැනීමට අවශ්‍ය දැනුමද මේ නායකත්වය ලබාගෙන තිබිය යුතුය.
එම දැනුම සාකච්ඡා ආදියෙන් ලබන්නට පුළුවන. එසේ ඍජු තීරණයකට එළැඹි පසු එය ක්‍රියාවට නැංවීමද එක සේ වැදගත්ය. ගෙන ඇත්තේ වැනෙන සුළු තීරණයක් නොවන බවත් අදාළ නායකත්වය දිගටම එම තීරණය ඉදිරියට ගෙනයන බවත් එකී තීරණය ක්‍රියාත්මක කරන අයටද අවබෝධ විය යුතුය.
නායකයා ගත් තීරණය රට වෙනුවෙන් සුබවාදී එකක් බව අන් අයට ඒත්තු ගැන්වීමට නායකත්වයට හැකි විය යුතුය. එසේ වටහා දීමෙන් පසුව රටට හිතැති තීරණය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අදාළ නිලධාරී පැළැන්තියට තිබීමද අවශ්‍යය. ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වී එය පහළම ස්ථරය දක්වා ගමන් කරන්නේ එම හැකියාව තිබුණහොත් පමණි.
මේ සමඟ බැඳී ඇති අනෙක් වැදගත් සාධකය වන්නේ කැපවීමය. කැපවීම ඇතිවන්නේ තමන්ගේ ආකල්ප අනුවය. එනිසා හරි ආකල්පයක් ඇතිව ක්‍රියාත්මක වීම රටක් ඉදිරියට යාමේ මූලික පදනම වශයෙන් හඳුනාගන්නට පුළුවන. හරි ආකල්ප ඇති කිරීම කැපවීමක් ඇති කිරීම, කාර්යක්‍ෂමතාව යනාදී සියල්ල රඳා පවතින්නේ නායකත්වය මතය.
කෙනෙක් යමක් කියූ පමණින් එය ක්‍රියාත්මක වීමක් වන්නේ නැත. තමන් හරි ආකල්ප මත පිහිටා කැපවීමෙන් රට වෙනුවෙන් කටයුතු කරන බව නායකත්වය ප්‍රායෝගිකව පෙන්නුම් කළ යුතුය. එසේ නොවන තැනක ඉදිරිගාමීත්වයක් අපේක්‍ෂා කළ නොහැක.
රටක් හැටියට ඉදිරියට යන්නේ කෙසේ දැයි හරි අවබෝධයක් ලබා තිබීමද වැදගත් කරුණකි. කරන්නන් වාලේ යම් යම් දේ සිදුවීම බොහෝ විට දක්නට ලැබෙන ලක්‍ෂණයකි. ඒ සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම්ය. යුද්ධය ඉන් එකකි. විවිධ අය නොයෙක් කාලවකවානුවල යුද්ධය කළ බව සැබෑය. තීරණ ගැනීමේ වෙනස මේ උදාහරණයෙන් වටහා ගන්නට පුළුවන. හමුදාමය තීරණයක් ගන්නවාද නැතිනම් සාකච්ඡාමය විසඳුමකට යනවාද කියන කරුණ සම්බන්ධව නායකත්වය දෙගිඩියාවෙන් සිටින විට එය පහළම මට්ටමටද ගලායාම වැළැක්විය නොහැක.
හමුදාමය තීරණ බොහෝ නායකයන් ගත් බව අපි දනිමු. එහෙත් එම තීරණය නිසිලෙස පහළම ස්ථරයට ගමන් කළාද යන ප්‍රශ්නය තිබුණි. ගන්නා තීරණය නිවැරැදිව පහළට ගමන් නොකර දෙගිඩියාවක් ඇති වූවොත් අපේක්‍ෂිත අරමුණට ළඟාවීමට හැකිවන්නේ නැත. විශේෂයෙන්ම මෙහිදී නායකත්වය ආදර්ශය දිය යුතුය.
ඍජු තීරණයක් ගෙන තිබේ නම් ඒ අනුව කටයුතු කරනවා විනා දෙපැත්තකට ගමන් කළ නොහැක. එකම අරමුණක් කරා සියලු දෙනා පෙළ ගැසිය යුතුය. ඒ අනුව බලන විට ඍජු තීරණ නොගැනීම කළ බලපෑම අපේ ඉතිහාසයෙන්ම පැහැදිලිය. ඍජු තීරණ, විශ්වාසවන්තව, කැපවීමෙන්, ධෛර්යවන්තව කටයුතු කරන සහ කරවන ආකාරය යුද්ධයෙන් සමාජයට ගත හැකි ආදර්ශයයි.
ධෛර්ය සම්පන්නව, විශ්වාසවන්තව කටයුතු කිරීම කුමන අංශයකදී වුවද වැදගත්ය. විශේෂයෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට මේ කාරණා ගළපා ගැනීම ඉදිරි ගමනට ශක්තිමත් පදනමකි. යම් කරුණකට හමුදාව පැත්තෙන් උදාහරණයක් ගන්නා විට විවිධ විවේචන තිබේ. හමුදාකරණය යනාදී චෝදනා නැගෙනු ඇත. එහෙත් වැදගත් වන්නේ ඒවා නොවේ. ගත යුතු පාඩම්ය.
ලබත හැකි අත්දැකීම්ය. කුමන සැලසුම් හැදුවත් කවරාකාර සිහින මැව්වත් ඒවා ප්‍රතිඵල වශයෙන් භූමියේ ඇති නොවන්නේ නම් එම සැලසුම් හෝ සිහිනවලින් ඵලක් නැත. එනිසා හොඳ සැලසුම් තිබිය යුතුය. සිහිනත් මැවිය යුතුය. ඍජු තීරණත් අවශ්‍යය. මේ සියල්ලටම වඩා ඒවා ක්‍රියාත්මක වීම වුවමනාය. යමක් කරනවිට එය ප්‍රායෝගිකව ජනයාට දැනෙන්නේ නැති නම් එයින් ඇති ප්‍රයෝජනයක් නැත. වැදගත්ම කොටස වන්නේ එයයි.
ක්‍රියාත්මක කිරීමේ කොටස නිසිලෙස සකසා ගන්නේ කෙසේදැයි බැලිය යුත්තේ මේ නිසාය. අවශ්‍ය දැනුම, පුහුණුව ලබාදීම ආදිය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ යුතුය. සංවර්ධනය නිතර කතාකරන මාතෘකාවකි. ආයෝජන එහි උප මාතෘකාවකි. ආයෝජන ගෙනැවිත් රැකියා උත්පාදනය බොහෝ දෙනාගේ අරමුණකි. එහෙත් ආයෝජන ගෙනැවිත් රැකියා බිහිකළ පසු ආයෝජකයාට අවශ්‍ය, සුදුසු පුද්ගලයන් නැති නම් සිදුවන්නේ කුමක්ද? අවශ්‍ය වෘත්තීමය හැකියාව නැති නම් සිදුවන්නේ කුමක්ද? මේවා අවධානයට ගත යුතු කාරණාය.
සියල්ලේ අවසාන ඉලක්කය ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙන ඒමය. ඉහළ මට්ටමක වේතනයක් ලබන්න නම් ඒ තැනට යාහැකි වෘත්තීය මට්ටම දියුණු කර තිබිය යුතුය. යමක් ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වන්නේ මේ කරුණුය. සැලසුම් සකස් කිරීමේදී මේ සෑම සාධකයක් දෙසම බැලීම අවශ්‍යය. ආයෝජකයන් ගෙනෙන බව, රැකියා බිහිකරන බව කියන්නට පුළුවන. අවශ්‍ය වන්නේ වචන නොවේ. ප්‍රායෝගිකත්වයයි. දැනටමත් මේ ප්‍රශ්නය මතුව තිබේ.
මෙය සෑම අංශයකටම පොදු සාධකයක් ලෙස වර්ධනය වෙමින් තිබේ. එයට හේතුව ඍජු තීරණ ගෙන ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමය. මෙකී දුර්වලතාව මඟහරවා නොගෙන රටක් වශයෙන් ඉදිරියට යන්නේ කෙසේද යන ප්‍රශ්නය සමාජය හමුවේ ඇති බව අමතක නොකළ යුතු කරුණකි.
සටහන - චමින්ද මුණසිංහ |
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තීරණ ගැනීමේදී වැනෙන්න එපා
Rathnakeerthie Friday, 16 March 2018 04:48 PM
කාටත් වටින අවවාදයක්...
PerakumSaturday, 17 March 2018 07:43 AM
එ්කනේ... වැනෙන්නේ නැතිව අවුරුදු දෙකකට කලින් ඡන්දෙ තිබ්බේ.
BamunuarachchiMonday, 19 March 2018 12:38 AM
කතාව හරියට හරි. ගත් තීරණය හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් වැනෙන්නේ නැතිව කලින්ම ඡන්දය තියන්න තීරණය කළා.
amilaSunday, 18 March 2018 12:19 PM
ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ මෙයා අහලවත් නැතුව ඇති. කියන දේ කරපන්. නැත්තන් සුදු වෑන්...
BamunuarachchiMonday, 19 March 2018 12:30 AM
ප්‍රජාතන්තරවාදය? ඒ මොකක්ද? ඒක ඉස්සර ප්‍රජාචාරය ඉගෙනගනිද්දී දැනගත් වචනයක් පමණයි ලංකාවට ඔබින එකක් නොවෙයි. ලංකාව හැදීමට උවමනා රටට ආදරය කරන කෙනෙකුගේ එකාදිපති පාලන ක්‍රමයකි. වැනි වැනී තීන්දු තීරණ ගන්න අයගෙන් රටට වැඩක් නැත රට වෙනුවෙන් තීරණ ගන්න වැනුනාට විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩලය දීම වගේ තීරණ පට ගාලා ගන්නවාය.
s.c.perera Saturday, 17 March 2018 08:04 AM
ඍජු තීරණයක් නොවේ... වටින්නේ නිවැරදි තීරණයක්. ඒකට ටිකක් කල් ගියාට කමක් නැහැ.
GihanSunday, 18 March 2018 02:00 AM
සෘජුව ගන්න තීරණේ හරි එක ගන්න කියල තමයි තියෙන්නේ. එහෙම සෘජුව හරි තීරණ අරන් තියෙන බව ප්‍රතිඵල වලින් පේනවා නේද?. යුද්ධෙ දිනන්න සාකච්ඡා හරි යන්නේ නෑ කියල තීරණය කරා, කොනක ඉඳන් සුද්ධ කරා. කොලඹ ජරාව අයින් කරන්න ඕනේ කියල තීරණය කරා, කොළඹම ලස්සන කරා.
V.warnakulasuriya Sunday, 18 March 2018 10:08 PM
යටත් විජිත යුගයක සිටි අප තවමත් වහළුන් මෙන් සිතීම පුදුමයක් නොවේ. බොහෝවිට නිදහස නොහඳුනන්නේ ඒ නිසා වෙන්නට පුළුවනි.
BamunuarachchiTuesday, 20 March 2018 02:21 AM
මේක පුදුම කතාවක්නේ. තීරණය ගන්න කල්ගියාට කමක් නැතිලු. එහෙනම් බීල වාහන පැදෙව්වත් කමක් නැහැනේ. බ්රේක් ගහනවාද කියන තීරණ හැප්පුනාට පස්සෙ ගන්න පුළුවනි. සමහර තීරණ අසුරු ගසන සැනින් ගන්න ඕනේ. යුද්දයේදී සමහර තීරන ගන්න එළිවෙනකම් බලාගෙන සිටියානම් ප්‍රබාකරන්ව කස්ටිය ඇමරිකාවට ගෙන්වාගෙන. හරි තීරණය අසුරු ගසන සැනින් ගන්න කෙනා තමයි දක්ෂයා බුද්දීමතා . මේ යහපාලකයෝ ගොඩේ එහෙම කෙනෙක් ඉන්නවාද කියල කියන්න?
Thilina Saturday, 17 March 2018 11:03 AM
ඉතාමත් හරවත් ලිපියක්.. මෙතුමාගේ කැපවීම සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම්.. දියවන්නාව අසල සිදුකළ සංවර්ධන ව්‍යාපෘති වලදී උදෑසන 6 වෙනකොට මෙතුමා ඒවා නිරීක්ෂණය කරන්න පැමිණෙනවා. මම දින කීපයක්ම දැක තිබෙනවා.. එහෙම නායකයෝ ඉතාමත් විරලයි..
hewawutharana Saturday, 17 March 2018 08:19 PM
මෙන්න මිනිස්සු...
kumar (galf) Sunday, 18 March 2018 08:56 AM
ඍජු තීරණ ගන්න, කියන එක අහන්නේ නැතිනම් කෙලින්ම මෝරුන්ට දාන්න, එතකොට සියලුදෙනා තීරණ වලට යටත්ව වැඩ කරාවි.
BamunuarachchiMonday, 19 March 2018 12:06 AM
අරය වගේ කඩුව වන වන ඉන්න එපා එයා කඩුව වනන්නෙත් වැනි වැනී. ඉතින් කපන්න ඕනේ කෙනා නොවෙයි කැපෙන්නේ...
Bamunuarachchi Sunday, 18 March 2018 10:43 AM
කෙලින් හිටගන්න බැරි යහපාලකයෝ කොහොමද මැතිඳුනි වැනෙන්නේ නැතිව තීරණ ගන්නේ? ඔබතුමාලාගේ ඕනෙම දේකටත් යහපාලකයින් වැනෙනවා. යුද්ධය පවතින වෙලාවේ ඔබතුමන්ලා වැනෙන්නේ නැතිව ගත් තීරණ වලට සිංහල ජාතියම ණය ගැති... ළමයිනි, තීරණ ගන්න හැටි මෙතුමන්ලාගෙන් ඉගෙන ගන්න..
V.warnakulasuriya Monday, 19 March 2018 07:03 AM
බමුණුආරච්චි මහතා ප්‍රජාචාරය විෂය ඉගෙන ගත්තේ පිස්සෙකුගෙන්ද? එහෙම නැති නම් ඉගෙනගත්ත කෙනා එහෙම කෙනෙක්ද?
BamunuarachchiMonday, 19 March 2018 09:25 AM
ඔබ ප්‍රජාචාරය කියන්නේ මොකක්ද කියලා දන්නවාද? අහලා තිබෙනවාද?
sirimal Sunday, 18 March 2018 11:47 AM
මාතලේදී "වැනෙන්නේ නැතුව ගත්තු තනි තීරණවල" ඇටකටු දැන් අත්තිවාරම් හාරද්දී මතුවෙනවා.
Giripura Sunday, 18 March 2018 04:22 PM
කවුරු මොන මොන මතිමතාන්තර වල එල්බ ගෙන සිටියත්, කුමන දෘෂ්ටියකින් බැලුවත්, මොන විදිහට විවේචනය කළත්, කුමන මිනුම් දණ්ඩකින් මැන්නත්, ශාපේක්ෂව...මෑත යුගයේ බිහිවී සිටින ඍජු, දක්ෂ, මනාකොට වූ තීක්ෂණයෙන් හෙබි දූරදර්ශි බලාපොරොත්තු තැබිය හැකි නායකයෙකි. හර බර වැදගත් ලිපියක්. ජයශ්‍රී !!!
BamunuarachchiMonday, 19 March 2018 12:12 AM
ඔබ හරියට හරි Giripura
Ajith Sunday, 18 March 2018 04:42 PM
ලංකාවේ නියම ආරක්ෂකයා ඔබතුමායි...
Bamunuarachchi Sunday, 18 March 2018 04:52 PM
මාතලේදී ගත්ත තීරණත් වැනෙන්නේ නැතිව ගත් ගතයුතු තීරණ. එතන විතරක් නොවෙයි බන්ධනාගාරය සම්බන්දවත්, ඕල්කොට් මාවතේ අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම, ත්‍රස්තවාදය ඉවත් කිරීම වගේ වැනෙන්නේ නැතිව ගත්තීරණ බොහෝමයි. මේ නියම පාලකයෝ. කඩුව බටේ තියාගෙන වනන අය නොවෙයි. මෙවැනි පුද්ගලයින් සමග වැඩකිරීමට ලැබීමත් වාසනාවක්... ගත්ත තීරණය හරිද වැරදිද කියන එක නොවෙයි ප්‍රශ්නය. වැනෙන්නේ නැතිව තීරණ ගැනීමේ හැකියාවයි. ට්‍රම්ප් මහතා වගේ...
Bamunuarachchi Monday, 19 March 2018 12:00 AM
Sirimal, ගත් තීරණය හරිද වැරදිද කියන එක වෙනම ඉෂු එකක්. යුද්ධය පවතින අවස්ථාවේ වැනෙන්නේ නැතිව තීරණ ගැනීමත්, රටේ ජනාධිපති වරයා තම සහෝදරයා වීමත් යුද්ධය දිනීමට අතිවිශාල රුකුලක් උනා.
sirimalMonday, 19 March 2018 08:12 AM
මාතලේදී වැනෙන්නේ නැතුව "කවුරුවත් ඉතුරු කරන්න එපා" කියලා යුද්ධයක් කරන අවස්ථාවක් නොවේ. මාවිල් ආරු සිද්ධියෙන් පසුව තමන්ව ඝාතනය කිරීමට ප්‍රභාකරන් ගත් උත්සාහය අසාර්ථක වුණා. එදා එහෙම වුණා නම් අදටත් යුද්ධය පවතින්න ඉඩ තිබුණා. හොඳ වෙලාවට ඒ වනවිට සරත් ෆොන්සේකාත් ප්‍රභාකරන්ගේ බෝම්බ ප්‍රහාරයකින් නූලෙන් බේරිලයි හිටියේ. මේ නිසා දෙදෙනාටම ප්‍රභාකරන් මරාදමන්න වුවමනාවක් ඇතිවුණු එක සාධාරණයි. ප්‍රභාකරන් මරාදැමීමේත් ඉන් ඉක්බිතිව යුද්ධය අවසන් වීමේත් හැරවුම එයයි. ඊට කලින් සේරම කලේ යුද්ධය විකුණාගෙන කෑමයි. මිග් ගනුදෙනුව ගැන හෙව්වොත් ගොඩක් දේ හෙළිවේවි. ජනාධිපති වැනෙන තාලෙට එහෙම දෙයක් වෙන එකක් නැහැ මගේ හිතේ. අන්තිමේදී 2020 දී " දැන් මට ඇති" කියලා එයා සභාපතිකම හිටපු කෙනාටම දීලා අයින් වෙයි. එතකොට බලාගන්න පුළුවන් ඔය හොඳයි කියන " ඒකාධිපති පාලනය " කියන්නේ ඇත්තටම මොනවගේ දෙයක්ද කියලා. කලින් තිබුණේ ලාවට ගිය එකක්... හරිද?
janahitha Monday, 19 March 2018 12:47 AM
මෙය කියවන කවුරුත් කකුලෙන් අදින්නේ නැතිව, තම තමාටම අදාල කරගත්තොත් එදාට රටම දියුණුයි. දියුණු රටවල් වල තත්වය ඕක තමයි. ආදර්ශයට ගන්න.
Saman Monday, 19 March 2018 02:21 AM
කියන දේ ඇහුවෙ නෑ.. ගහල දැම්ම ලසන්තට වගේ, ඕව තමයි ඍජු තීරණ නැද්ද ?
Tissa Monday, 19 March 2018 05:30 AM
දැනට අපට ඕන ඔබතුමාවගේ නායකයන්. 2020 රට බාරගන්න. රුහුණු සිංහයාට ජය පතමි.!
පිටිගල මිලානෝ Monday, 19 March 2018 07:46 AM
කොටි බබා මෝටාර් ගහද්දී, යුද්ධය අතහැර ඇමරිකාවට ගිය මොහු ආපසු උන්හිටි තැන් දමා අනිත් සහෝදරයත් එක්ක ලංකාවට එන්නේ අයියාගේ පිහිටෙන්ය. එකපාරම මොහු නැවත යුද්ධය සම්බන්ධ රස්සාව බාරගන්නේ කොටින්ට බර අවි සහ නැව් පවා තිබෙන කලකයි. ඉන්පසු මොහු යුද්ධය ගැන අධ්‍යාපනය ලබන විටම සරත් ෆොන්සේකා වැනි යුග පුරුෂයින් යුද්ධය නැවතත් හමුදාපතිවරයකුට බාර නොදී ඉවර කරනවා. තාප්ප කඩා දැමු පමණින්, නගරයක් සංවර්ධනය වනවා යයි සිතු මොහු එක්වරම තාප්ප කඩා දමන්න පසුකාලීනව හමුදාවන්ට අණ දුන්නා. වාස්තු විද්‍යාඥයින්ට මොහුගෙන් බොහෝදේ ඉගෙන ගන්නට තිබේ.
nimal Monday, 19 March 2018 07:52 AM
සෘජු තීරණ හරි, වක්‍ර තීරණ හරි ගන්න ඕනෑ නීතියට සදාචාරයට ප්‍රජාත්‍රන්ත්‍රවාදයට එකඟවයි. රටකට අදක් විතරක් නොවේ, හෙටකුත් අවශ්‍යයි. තීරණය නිවැරදි විය යුතුයි. අවශ්‍යවිට සෘජු විය යුතුයි. අවශ්‍ය විට වක්‍ර විය යුතුයි. අපිට හමුවෙනවා තීරණ අරගෙන වැරදියි කියලා දැනුනට පසුවත් එහිම එල්ලී සිටින අය. ඒක හොඳ දෙයක් නොවේ.
shan saudi Monday, 19 March 2018 08:20 AM
අපි වගේ කෙලින්ම අහවර කරන්න. නැත්නම් රැගෙන යන්න.
Bamunuarachchi Monday, 19 March 2018 09:36 AM
සිරිමල් අප දෙදෙනා අතර පත්තර මෑන් කෙනෙක් ඉන්නවා. මම ලියන ඒවා ඒ මෑන්ට ඕනෑ විදිහට පළවෙන්නේ. එමනිසා අපට වෙලා තිබෙන්නේ එක එක් කෙනාගේ බහුබූත අහන්නයි කියවන්නයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වගේම අපට වැඩක් නැති සංහිඳියාවක්... අපේ ඇඟේ ගහන්න හදනවා. ටිකක් හරි ඇත්ත දැනගන්න ඕනෙනම් ඉංග්‍රීසි පත්තරයක් කියවන්න.
sirimalMonday, 19 March 2018 11:28 AM
ඔබ කියන කතාවේ කිසියම් සත්‍යතාවයක් තියෙනවා. ලෝකයේ කොයි රටක වුනත් මාධ්‍ය මගින් ප්‍රමුඛත්වයක් දී ප්‍රචාරය කරන්නේ.., එක්කෝ එම මාධ්‍ය ආයතනවල අයිතිකාරයින්ගේ නැත්නම් ඒවායේ වැඩකරන "මාධ්‍ය වේදීන්ගේ " සිතැඟියාවන්ට අනුකූල දේවලුයි. සදාචාර සම්පන්න මාධ්‍ය " ව්‍යාපාරයක්" කොහෙවත් තියෙනවා යැයි මම නම් සිතන්නේ නැහැ. "ඉංග්‍රීසි පත්තර" කියන්නේ මූලික වශයෙන් එංගලන්තයේ හෝ ඇමෙරිකාවේ පලකෙරෙන ඒවා ලෙසට උපකල්පනය කළහොත් ඒවාත් එක එක වර්ගයේ සමාජ හෝ දේශපාලන මතධාරින්ගෙන් ගහන බවයි කවුරුත් කියන්නේ... මධ්‍යස්ථවාදි මාධ්‍ය කරුවන් ඉන්න පුළුවන්.. නමුත් ඔවුන්ට තැනක් තියෙන්නේ කොහෙද?
Rathna. Monday, 19 March 2018 09:43 AM
බැඳුම්කරේ හොරුන්ට වැනෙන්නේ නැතිව කොහොමද?
අසෝක ජයතිලක මිලානෝ Monday, 19 March 2018 11:08 AM
ලසන්ත වික්‍රමතුංගගේ පුතා ලොකු වන විට මොහු බොහෝ මහලුව සිටිනු ඇත.
Dasuni. Monday, 19 March 2018 12:37 PM
රටකට නියම නායකයින් බිහි නොවී තිබෙන කාලයක, කාඩ්බෝඩ් වීරයොත් කියන දේවල් වලට හුරේ දාන්න වෙනවා.
BamunuarachchiMonday, 19 March 2018 11:53 PM
වීරයා කාඩ්බෝඩ් හරි රිජිෆෝම් හරි උනත් කමක් නැත කියලා දීල තිබෙන දෙයින් යමක් ඉගෙන ගන්නකෝ.