IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තරුණ ලේකම්වරියට පෙම් බැඳි මහලු ජනපති

06-Rasa-p2-BA  

 

ලොව ඇතැම් රටවල පාලකයෝ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ ජීවිතාන්තය තෙක් බලයේ රැඳී සිටීමට උත්සාහ කරති. බොහෝ පාලකයින් මෙය සිදුකරන්නේ එම රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තම අභිමතයට අනුව වෙනස් කරගැනීමෙනි.


 වසර 51ක් බලයේ රැඳී සිටියත් කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ ලෝකයා අතර අපකීර්තියට පත්වූ පාලකයෙක් නොවේ. ලිබියාවේ ගඩාපි අවුරුදු 41ක්ද, ඊජිත්තුවේ මුබාරක් අවුරුදු 30ක්ද, ඉරාකයේ සදාම් හුසේන් අවුරුදු 24ක්ද බලයේ රැඳී සිටියහ. මා මේ ලියන්නේ මේ කිසිවෙකු ගැන නොවේ. සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ (ROBERT MUGABE) ගැනය. 2016 පෙබරවාරි මස දෙවන සතියේ එනම් මීට සති කීපයකට පෙර යළිත් වරක් සිම්බාබ්වේ ජනපති පදවියට පත්වූ දේශපාලකයා ගැනය. අවුරුදු 92ක් වයසැති සිම්බාබ්වේ පාලකයා ගැනය.


 අවුරුදු 35ක් කුත් දින 308ක් බලයේ රැඳී සිටින මේ මහලු පාලකයාගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු හාරා අවුස්සා බලමු. නැතහොත් රොබර්ට් ග්‍රේබියෙල් මුගාබේගේ ජීවිතයේ ආදර සබඳතා පිළිබඳ ගවේෂණයකි මේ.


 ලිබියාවේ ගඩාපි, ඊරිජිත්තුවේ මුබාරක්, ඉරාකයේ සදාම් හුසේන් මෙන්ම මුගාබේද ලෝකයා අතර ප්‍රසාදයට පාත්‍රවූ පාලකයෙකු නොවේ.

 


රොබර්ට් මුගාබේ කවුද?


1924 පෙබරවාරි 21 දා දිළිදු පවුලක උපත ලැබූ මුගාබේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව ජීවිතය ඇරඹුවේ ගුරුවරයකු වශයෙනි. ඔහු එදා තරුණයකු වශයෙන් සිම්බාබ්වේ අප්‍රිකා ජාතික ව්‍යාපාරයට (’ZIMABWE NATIONAL MOVEMENT) උර දුන්නේය. 1964 සිට 1974 දක්වා ඔහුට සිරභාරයේ ගත කිරීමට සිදුවූයේ විමුක්ති අරගලයන්හි සටන් කාමියෙකු වීම නිසාය. දස වසරක් හිරබත් කෑ ඔහු 1980 මහ මැතිවරණයෙන් රටේ පාලන බලය සියතට ගත්තේය. 1980 දී අගමැති තනතුර ලබාගත් ඔහු 1987 දී රටේ ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති තනතුරට පත්විය.


 මේ ඔහුගේ ජීවිතයෙන් බිඳක් පමණකි. ඔහු ඡන්ද මංකොල්ල කෑ පාලකයෙකු වශයෙන් ප්‍රකටය. විරුද්ධ පක්‍ෂ සුනු විසුනු කරමින් භීෂණ ක්‍රියාවල නිරත වෙමින්, ඡන්දය මිලට ගැනීම සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වැය කළ දේශපාලකයෙකු වශයෙන් ඔහු ප්‍රචලිතය. තම බිරිඳත් ළමයින් තිදෙනාත් රටේ සාරය උරා බොද්දී ඊට අනුබල දෙමින් සේනාධිනායක ධුරය තුළින් මුළු බලයම තම ඇඟිලි අතරට ගුළි කරගෙන සිටින පාලකයෙකි මුගාබේ. 

 

6


ගුරු විදුහලේ බැඳි හාද


ඔහුට තම ප්‍රථම පෙම්වතිය හමුවුණේ ඔහු ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරු වෘත්තිය සඳහා පුහුණුව ලබමින් සිටියදීය. මෙම ගුරු විද්‍යාලයේදී ඔහුට එහි ගුරු පුහුණුව ලබමින් සිටි තවත් තරුණියක් හමුවේ. ඇය සැලී හෆ්රොන්ය. SALLY HAFRON රොබර්ට් සැලී අතර ආදර සබඳතාව ඇරඹෙන්නේ ටකරෝයි (TAKAROI) ගුරු අභ්‍යාස විද්‍යාලය තුළදීය. මේ දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 7ක් පමණකි.


රොබට් හා සැලී අතර ආදරය අවුරුදු 3ක ගුරු පුහුණුව නිමවීමෙන් පසුවද අවසන් නොවීය.


 දෙදෙනාම සිම්බාබ්වේ පළාත් දෙකක පාසල් දෙකක ගුරුවරුන් වශයෙන් සේවයට ගියත් ආදර හසුන් හුවමාරු වුයේ තැපැල් මගිනි. මෙම පෙම්හසුන් තුළින් දෙදෙනා අනාගතය සැලසුම් කළහ. බොහෝ විට සති අන්තයේ රොබට් තම පෙම්වතිය හමුවීමට දුර බැහැර ගෙවා ඇය සිටි ප්‍රදේශයට ගියේය. පෙම් පහස විඳගන්නා අතරම රොබර්ට් හා සැලී සිම්බාබ්වේ විමුක්ති අරගලයේ කොටස්කරුවෝ බවට පත්වූහ. ගුරු වෘත්තියෙහි නිරතවී සිටින අතරම මේ තරුණ පෙම් යුවළ වැඩි කාලයක් ගත කළේ සුළුතර සුලු ජාතිකයන් රටේ සාරය උරා බොමින් සිදුකරමින් තිබූ අසාධාරණ ක්‍රියාවලට එරෙහිවය.


රොබර්ට් හා සැලී අතර විවාහය සිදුවුයේ 1961 වර්ෂයේදීය. විවාහයෙන් පසුව දෙදෙනාම එකම පාසලක ගුරු වෘත්තියෙහි නිරත වූහ. විවාහ වූ පසුද මේ දෙදෙනා දේශපාලන කටයුතු නැවැත්වූයේ නැත. සිම්බාබ්වේ - අප්‍රිකා විමුක්ති ව්‍යාපාරයේ මුල් තැනක් හිමිවූයේ සැලීටය. එම ව්‍යාපාරය තුළ වඩාත් ජනප්‍රිය වූයේ රොබර්ට් නොවේ. සැලීය. සිම්බාබ්වේ ජනතාව ඇය හැඳින්වූයේ දේශය ජනිත කළ මාතාව (FOUNDING MOTHER OF THE NATION OF ZIMBABWE) යනුවෙනි. ඇය කෙරෙහි රටේ ජන ප්‍රසාදය දෙගුණ තෙගුණ වූයේ ඇයගේ ආකර්ෂණීය දේශන තුළිනි. 


සැලී රටම ගරු කරන ගුණ ගරුක, විනය ගරුක, ආදර්ශවත් චරිතයක් බවට පත්වීම තුළින් රොබර්ට් මුගාබේට තම දේශපාලන දිවියෙහි ගව් ගාණක් ඉදිරියට යාමට මාර්ගය පෑදුණේය. මේ දෙදෙනා අතර විවාහය සිදුවී හරියටම වසර 3කින් එනම්, 1964 දී රොබර්ට් මුගාබේ සිරගත විය. සැලී තම එකම පුතා සමග නගරයෙන් ඈත ප්‍රදේශයකට ගොස් සැඟවුණාය. රොබර්ට් මුගාබේට 1974 දක්වා එනම්, වසර 10ක්ම සිරගෙදර ගතකිරීමට සිදුවිය. ඔහුගේ බිරිඳ වූ සැලී වනගත ප්‍රදේශයක සැඟවී සිටියදී ඔවුන්ගේ එකම පුතාද මැලේරියාවෙන් මියගියේය. ඉන්පසු සැලී දිවි ගලවා ගැනීමට වෙනත් රටකට පලා  ගියාය. 

 


සැලී අතහැර ග්‍රේස්ගේ තුරුලට


ඇය යළිත් සිම්බාබ්වේ රටට පැමිණියේ තම සැමියා වූ රොබර්ට් මුගාබේ 1974 සිර භාරයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුවය. ඔවුන්ගේ තුන් හැවිරිදි පුතා මියයාම තුළින් ඉමහත් ශෝකයට පත්වී සිටි මේ යුවළ එක්වී යළිත් දේශපාලන කටයුතුවල නිරත වූහ. 1980 වර්ෂයේ සිම්බාබ්වේ  පැවැත්වූ මහ මැතිවරණයෙන් ජයගෙන රොබර්ට් මුගාබේ අගමැති තනතුරට පත්වූයේය. ඊට හරියටම අවුරුදු 7කට පසු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක ජනාධිපති ධුරය ඇති කොට  ජීවිතාන්තය දක්වා බලයේ රැඳී සිටීමට මාර්ගය පාදා ගත්තේය.


 1987 දී සිම්බාබ්වේ  විධායක ජනපති ධුරයට පත් රොබර්ට් මුගාබේ දේශපාලනය පාදඩකරණය කළේය. තම ජීවිතය ඇරඹු ගුරු වෘත්තීය තුට්ටුවකට ගණන් නොගත් ඔහු ගුරුවරුන්ගේ අයිතිවාසිකම් ලබා නොදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියා පිටු දැක්කේය. ඔහුගේ බොහෝ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා ඔහුගේ බිරිඳද අනුමත කළේ නැත. විරුද්ධවාදීන් මෙල්ල කිරීම සඳහා ඔහු නිතරම කටයුතු කළේය. ඒකාධිපති වියරුවක් ආරූඨ කරගෙන ක්‍රියා කළේය. තරුණ කාලයේ තිබූ විප්ලවකාරී හැඟීම් ඔහු කෙරෙන් පලා ගියේය. ඡන්ද දූෂණ සඳහා රජයේ දේපොළ අත දිගහැර වියදම් කළේය. 

 


මහලු ජනපතිගේ පෙම් පලහිලව්ව


සිම්බාබ්වේ බහුතර ජනතාව ඔහුට වඩා ඇලුම් කළේ  ඔහුගේ බිරිඳ වූ සැලීටය. එහෙත් ජනතා හඬ වෙනුවෙන් යමක් කිරීමට ඇයට ශක්තියක් හෝ බලයක් හෝ නොතිබුණි. මීට මුලික හේතුව වන්නේ විධායක ජනපති පදවියට පත්වීමෙන් පසු රොබර්ට් මුගාබේ තම තරුණ රූමත් පෞද්ගලික ලේකම්වරිය වූ ග්‍රේස් (GARACE) සමග පෙම් පලහිලව්වක් ඇරඹීමයි.


 ඇය ග්‍රේස් මරුෆුය. (GRACE MARUFU) රොබර්ට් මුගාබේට වඩා අවුරුදු 42ක් ළාබාල වැන්දඹු කාන්තාවකි. රොබර්ට් මුගාබේ ඉපදුණේ 1924 වර්ෂයේය. මේ ග්‍රේස් ඉපදුණේ 1965 වර්ෂයේදීය. රොබර්ට් මුගාබේ ජනපති මන්දිරය තුළ තම පුද්ගලික ලේකම්වරිය වූ ගෙඬ්්‍රස් සමග අනඟ රැඟුම් පාන්නට පටන් ගත්තේය. මුගාබේගේ බිරිඳ මේ සියල්ල ඉවසා විඳදරා ගත්තාය. මුගාබේගේ දෙවැනි ආදරය මාධ්‍යයන්ට රහසක් නොවීය. 


මුගාබේ එරට මාධ්‍ය මර්දනය කිරීමටද අසාර්ථක උත්සාහයක නිරත විය. තමා රටේ මුල් පුටුව දක්වා ඔසවා තැබීම සඳහා මුළු දිවියම කැපකළ තම මුල් බිරිඳ වූ සැලී අමතක කළ අප්‍රිකාවේ මේ කළු මහලු පාලකයා කම්සැප විඳීමට මුල් තැන දුන්නේය. සිම්බාබ්වේ ජනතාව “අමායි” (AMAI) හෙවත් “අම්මා” යනුවෙන් හැඳින්වූ තම මුල් බිරිඳ වූ  “සැලී” පිටු දැක්කේය. බල ලෝභයෙන් යුතුව පුද්ගලික ලේකම්වරිය කියන විධියට රට පාලනය කරන්නට පටන් ගත්තේය. 

 


ජනපතිට වඩා ඉහළට නැග්ග ග්‍රේස්


ඔහු විධායක ජනපති පදවියට පත් වී (1987) අවුරුදු 5කින් එනම් 1992 දී ඔහුගේ මුල් බිරිඳ වූ සැලී වකුගඩු රෝගයකට ගොදුරු වී මිය ගියාය. ඇය මියයාමටත් පෙර රොබර්ට් මුගාබේට දාව තම පුද්ගලික ලේකම්වරිය වූ සුරූපී ග්‍රේස් ළමයෙකු බිහිකර තිබුණි. ඉන් සුළු කලකට පසු මහලු රොබර්ට් මුගාබේ තම ආදරවන්තිය වූ ග්‍රේස් විවාහ කර ගත්තේය. තරුණ ග්‍රේස්ට පින පෑදුණේ මෙසේය. ග්‍රේස් මරුපු, ග්‍රේස් මුගාබේ (GRAACE MUGABE) බවට පත්වීමේ කතාන්දරය මෙසේ කෙටියෙන් දැක්විය හැකිය. මොවුන්ගේ විවාහ මංගල්‍යයට නෙල්සන් මැන්ඩෙලාද සහභාගි විය. ජනපතිගේ පුද්ගලික ලේකම් ජනපතිගේ බිරිඳ බවට  පත්වීමේ කතාන්දරයයි මේ.


ජනපති බිරිඳ බවට පත්වූ ග්‍රේස් රජයේ වියදමින් ලොව වටා සාප්පු සවාරි යන්නට පටන් ගත්තාය. සිම්බාබ්වේ රට පාලනය කරන්නේ අවුරුදු 92ක් වයසැති රොබර්ට් මුගාබේ නොව  අවුරුදු 50ක් වයසැති මේ ග්‍රේස් බව මාධ්‍යයන් කියන්නට විය. විවිධ මාධ්‍යයන් මේ ග්‍රේස් හඳුන්වනු ලබන්නේ “ගුසිග්‍රේස් ”(GUCCI GRACE) යනුවෙනි. සිම්බාබ්වේ ජනතාව කුසගින්නෙන් මියයද්දී මහලු පාලකයාගේ තරුණ බිරිඳ සියලු සැප සම්පත් ලබමින් ලොව වටා රවුම් ගහන බව මාධ්‍යය චෝදනා කරයි. මේ දෙදෙනා දැන් පුත්‍රයන් දෙදෙනෙකුගේ සහ දියණියකගේ මව්පියන්ය. රොබර්ට් මුගාබේ සහ ග්‍රේස් මුගාබේ දැන් උත්සාහ කරන්නේ තම පවුල් බලය තහවුරු කර ගැනීමට බවද මාධ්‍ය චෝදනා කරයි.


 මේ තීරයෙන් හඳුන්වා දුන් බොහෝ බලවතුන් ගැන ලියද්දී ආලය, ආදරය, දයාව, කරුණාව පිළිබඳව ගායනා කළ කර්ණරසායන සිංහල ගී පදවැල් මගේ මතකයට එක්විය. එහෙත් රොබර්ට් මුගාබේගේ ආදර අන්දරය ලියද්දී එවන් සොඳුරු හැඟීමක් මා තුළ ඇති නොවීය. ඊට මූලික හේතුව වූයේ රොබර්ට් මුගාබේ මුල්තැන දුන්නේ ආදරයට නොව කම්සැපයට නිසාය.

m



අදහස් (0)

තරුණ ලේකම්වරියට පෙම් බැඳි මහලු ජනපති

මාලක Saturday, 12 March 2016 11:34 AM

මෙවන් කතා තව තවත් පළකරන්න. අපි ඇත්තටම කැමතියි. (නි)

:       0       0

නන්දසේන Thursday, 10 March 2016 07:10 PM

හොඳ කතාවක් (නි)

:       0       0

සොයිසා Friday, 11 March 2016 11:01 AM

හීන් සැරේ නිව්යෝර්ක් වල ඉඳන් තව තව පෙම් කතා කුරුටු ගාන්න....අපි කියවන්නම් .....(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2936 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 354 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 987 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 87 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site