IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


තරුණ වියේදී වැන්දඹු වුණාම අවිවාහකවම ඉන්න ඕනෑද?

 PAGE_04_RASA

 

නදීකාගේ විසි තුන්වෙනි උපන්දිනයත් ළංවී තිබුණි. තරංග තම ඇඳ මතට වී දස අතේ කල්පනා කළේ මෙවර ඇයට දියයුතු උපන්දින තෑග්ග පිළිබඳවය. නදීකාගේත් තරංගගේත් පේ‍්‍රම සම්බන්ධතාව ආරම්භ වී දෙවන සංවත්සරයත් නදීකාගේ උපන්දිනයත් යෙදී තිබුණේ එකම දවසේමය.

 

 

තරංග හිටි හැටියේම ලකලැහැස්ති වී යතුරුපැදිය පණ ගන්වාගෙන ටවුම වෙත ගියේ අජානිය අශ්වයකුගේ පිට නැඟුනාක් මෙනි. අනතුරුව සුපිරි වෙළඳ සංකීර්ණයේ යතුරුපැදිය නවත්වා එයට ගොඩවිය. 


කඩපිල් පේළියේ එක් කඩයකට ඇතුළු වූ ඔහුට හාත්පස තෑගි භාණ්ඩවලින් පුරවා තිබෙනු දැකිය හැකි වූයේ එවිටය. එහිදී උපන්දින පත් එකතුව දෙසට ඔහුගේ නෙත් යොමුවිණි. හදවත් දෙකකින් සහ මල් පොකුරකින් සැරසුණු අපූරු උපන්දින සුබපැතුම් පතක් ඔහු අතට ගත්තේය. ඒ කාඞ්පතද තවත් තෑගිභෝග කිහිපයක්ද මිලට ගත් ඔහු නැවත නිවසට ඒම සඳහා පිටත් විය. 


නිවසට එනවිට තරමක් රෑ බෝ වී තිබිණි. ඉස්තෝප්පුවේ යතුරුපැදිය නවත්වා එහි තිබූ පාර්සල් දෙකද රැුගෙන ඔහු ගෙතුළට ගොඩ වැදුණි. 


ඉස්තෝප්පුවේ වාඩිවී සිටි පියා ඔහු දෙස බලා සිටියේ තරමක කෝපයෙනි. ඒ ඔහු කාටත් නොකියාම නිවසින් බැහැරව ගිය නිසාය. යතුරුපැදිය නැවැත්වූ හඬ කණ වැකුණු ඔහුගේ මවද සාලය වෙත පැමිණියාය. 


‘‘මෙන්න අම්මේ එළවළු’’ තරංග අතෙහි වූ පාර්සල් දෙකෙන් එකක් තම මව අත තැබීය. ඉන් අනතුරුව කාමරය වෙතට ගිය ඔහු ජංගම දුරකථනය අතට ගෙන ‘‘හෙට උදෙන්ම ටවුමට එන්න’’යි සටහන් කොට නදීකාගේ දුරකථනය වෙත කෙටි පණිවුඩයක් යැවීය. 


රාත‍්‍රී ආහාරය ගත් තරංග එදින නින්දට ගියේ පසුදා උදෑසන වනතෙක් නොඉවසිල්ලෙනි. පසුදා උදාවීමත් සමග තරංගගේ සිතට දැනුණේ කියා නිම කළ නොහැකි තරමේ සතුටකි. තමා පණමෙන් ආදරය කරන පෙම්වතිය නදීකාගේ රුව දැකීමේ බලවත් කැමැත්ත ඔහුගේ සිතේ තෙරපෙන්නට විය. කාමරයේ වූ ඔර්ලෝසුව දෙසට නෙත් යොමු කළ ඔහු ඉක්මණින් ඇඳෙන් නැගිට ලක ලැහැස්ති වී නදීකා හමුවීමට යාම සඳහා පිටත් වූයේ මේසය මත තිබූ තෑගි පාර්සලයද අතට ගනිමිනි. 


ඔහු යනවිටත් නදීකා පැමිණ සිටියාය. ලා නිල් පැහැති ගවුමකින් සැරසී සිටි ඇය වෙනදාටත් වඩා හැඩවී ඇතැයි ඔහුට සිතුණි. ඇගේ මුහුණේ ලස්සන තව තවත් වැඩිවූයේ මුවපුරා නැඟුණු සිහින් සිනහව නිසාය. 


‘‘ඔයා දැන්ද ආවේ?’’


තරංග පැවසුවේ ඇයගේ දෑතින් අල්ලාගෙනය. 


හ්ම්.. එච්චර වෙලා නෑ. දැන් විනාඩි පහක් විතර ඇති...


ඔයාට සුබම සුබ උපන්දිනයක්... තරංග නදීකාට සුබ පතමින් ඇයගේ දෙකොපුල් සිපගත්තේ දැඩි ආදරයකිනි. 


‘‘මේ පුංචි තෑග්ග ඔයාට මගෙ ගාණේ....’’ තරංග ඔහුගේ අත තිබූ පාර්සලය නදීකා අත තැබුවේය. 


‘‘ඔයාට පිස්සුද? මට මොකටද තෑගි? මට  ඕන හැමදාම ඔයාගෙ ආදරේ විතරයි.’’ 


‘‘එහෙම කියලා බෑනේ.. මම ඔයාගේ අනාගත ස්වාමි පුරුෂයනෙ, මම නැතිව කව්ද ඔයාට තෑගි දෙන්නෙ.’’


නදීකා ඊට කිසිවක් නොකියාම තරංගගේ මුහුණ දෙස බැලූවේ ආදරණීය බැල්මකිනි.


‘‘ඔයා වැඩට යන්නෙ කවදද?’’


‘‘හෙටින් නිවාඩු ඉවරයි. සතියයි නිවාඩු තියෙන්නෙ.’’ තරංග එසේ පවසන විට නදීකාගේ මුහුණ ඝන මේඝයක් මෙන් අඳුරු විණි. තරංග මෙරට විශේෂ පොලිස් සේවයේ රාජකාරියේ නිතර වූවෙකි. එබැවින් ඔහුට නිතර නිවාඩු ලබා ගැනීමේ අපහසුතාව පැවතිණි. 


නදීකාගේ සහ තරංගගේ පෙම් පලහිලව්වට විවිධ බාධා ඇති වුවත් ඔවුන් එය බාධාවක් කරගත්තේ නැත. 


තරංගගේ නිවසේ අයද ඒ සඳහා දැක්වූයේ දැඩි විරෝධයකි. ඔවුන් කොතරම් තරංගට බැණ වැදුණද ඔහු එය තඹ දොයිතුවකට මායිම් කළේ නැත. තරංග නදීකාව මඟහැරියේද නැත. ඒ තරමට ඔවුහු පෙම්දැළින් බැඳී සිටියහ. 


ඔහුට අන් ළඳකට පෙම් කළ නොහැකිය. නදීකාව අත්හැර දැමීමටද හැකියාවක් නැත. තරංග මට්ටු කිරීමට අපහසු බව ඔහුගේ පියා හොඳින්ම දැනගෙන සිටියේ ඔහු ටිකක් නහටඅහන්නැති කෙනෙකු නිසාය. 


අවසානයේ ඔහුගේ විවාහයට පියාගේ ආශිර්වාදය ලබාගැනීමටද හැකිවිය. 


දහසක් කම්කටොලූ බාධක මැඩගෙන ඔවුන්ගේ ආදර කතාව විවාහයෙන්ම අවසන් වූයේ ඔවුන්ගේ බලාපොරොත්තු, සිහින මල්පල ගන්වමිනි. 


විවාහයෙන් පසුව නදීකාත්, තරංගත් ඉතා සතුටින් කල්ගත කළහ. තරංග රාජකාරි වැඩත්, නිවසේ වැඩත් නොපිරිහෙළා ඉටු කළේය. එලෙසට වසර තුනක් පමණ ගතවිය. නදීකාගේ සිතේ දරු සුරතල් බැලීමේ ආසාව උපන්නේ මේ කාලයේදීය. නදීකා පමණක් නොව තරංගද දරු සුරතල් බැලීමේ නොතිත් ආශාවෙන් පසුවිය. 


එහෙත් කාලය ඊට ඉඩ නොදුන්නේය. ඔවුන්ට දරු සම්පත් තිබුණේ නැත. ඒ සඳහා කොයිතරම් මිල මුදල් වියදම් කළද පලක් වූයේ නැත.


‘‘ඔයා කලබල වෙන්න එපා. අපි හොඳ ඩොක්ටර් කෙනෙක් ළඟට යමු.’’


දැන් ඉතින් අපි කොයිතරම් නම් ඩොක්ටර්ස්ලා ළඟට ගියාද? ඒත් වැඩක් වුණේ නෑනේ? එසේ පැවසූ නදීකාගේ දෙනෙතෙහි කඳුළු බිඳු පිරී තිබිණි. පසුදින නදීකාත් තරංගත් විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියේ බලාපොරොත්තු රාශියක් හිතේ හිරකරගෙනය. තරංග සියලූ තොරතුරු වෛද්‍යවරයාට පැවසුවේ සිතේ හටගත් වේදනාවත් සමඟිනි. 


මොකද්ද ඩොක්ටර් අපිට වෙලා තියෙන්නෙ? නදීකා වෛද්‍යවරයාගෙන් විමසා සිටියෙන් කුතුහලයෙන් යුතුවය. 


හරියටම කියන්න බෑ.. අපි පරීක්ෂණ කරලා බලමු. වෛද්‍යවරයා එසේ පවසා සිටියේ ඔවුන්ට යම් හෝ සැනසීමක් ගෙන දෙමින්ය. 


ඉන් සතියකට පසු නදීකා සමග තරංග රෝහල වෙත ගියේ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සඳහාය. නදීකාට දාව තරංගට දරුවෙකු හැදීමට නොහැකිවීමට තරම් බලපා ඇති රෝගී තත්ත්වයක් පසුව පිළිකාවක් දක්වා වර්ධනය වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් හෙළිවිය. 


ඒ සඳහා සති දෙකෙන් දෙකට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගන්නා තරංගගේ ජීවිතයද ඉතා අවදානම් සහගත තත්ත්වයක තිබිණි. ජීවිතේ කුරා කුහුඹුවකුටවත් හිංසාවක් නොකළ තරංගගේ මෙම අසනීපය පිළිබඳ ඔහු සිත යටින් හඬා වැටෙන්නට වූයේ කිසිවක් කරකියාගත නොහැකිවය. 


ඔවුන්ට දරු සම්පත් නොමැති බව දැනගත් දා පටන් නදීකාද පසුවූයේ ගිනිගත් හදවතකිනි. තරංග සමග විවාහ වූ දිනය ඇයට මතක්විය. ඔහු සමග හොඳ විවාහ ජීවිතයක් ගත කිරීමට ඇයට තිබූ සිහිනය ටිකින් ටික බොඳව යන්නට වූයේ ඇයටත් නොදැනිමය. 


තරංගගේ දැඩි රෝගී තත්ත්වය නිසා ඔහුට සේවා ස්ථානයෙන් නිවාඩු ලැබී තිබිණි. ජීවිතය අස්ථාවර මට්ටමක පැවතියත් තරංගට ප‍්‍රතිකාර කිරීම නතර නොවීය. ඔහුට නදීකා නිතර සාත්තු සප්පායම් කළාය. 


තරංගගේ සෑම කටයුත්තකදීම ළඟින් හිඳ ලෙඩ දුක් සොයාබලා උදව් උපකාර කළේ ඔහුගේ හොඳම යහළුවා වූ උදාරය. 


තනිකඩයකු වූ ඔහු තරංගගේ සිත සැමවිටම සනසවන්න උත්සාහ කළේ අවංක හැඟීමකිනි. ඔහු ඇතැම් දිනක තරංගලාගේ නිවසට පැමිණ නදීකාටද උදව් උපකාර කළේය. කෙසඟ සිරුරකට හිමිකම් කී ඔහු සැබවින්ම ප‍්‍රියමනාප පුද්ගලයෙකි. මුහුණේ වවා ඇති උඩු රැවුල ඔහුට ගෙන දුන්නේ කඩවසම් බවකි. 
 ඕනෑම වැඩපළක් කිරීමට උදාරට උපතින්ම හැකියාව ඇති බව නදීකා වටහාගත්තේ ඔහු වැඩ කරන විලාසය දෙස බලා සිටීමෙනි. ඔවුන් අතර මුලදී ඇතිවූයේ හිතවත්කමකි. පසුව මිතුරුකමකි. ඉන්පසුව තහනම් පෙමක් දක්වා එය වර්ධනය විය. 


තමා කරන්නේ ලොකු වැරැුද්දක් බව උදාරට හොඳින්ම වැටහිණි. එහෙත් පැටළුණු පෙම්දැලින් මිදීමට ඔවුන්ට ලොකු  ඕනෑකමක් තිබූ නමුත් ඒ සඳහා උත්සාහ කළද තව තවත් එහිම පැටලෙන්නට විය. අවසානයේ උදාර තම මිතුරාට පසමිතුරෙක්ම වූවේය. සුන්දර තරුණියක වූ නදීකාට සැමියාගෙන් නොලැබෙන දේවල් උදාරගෙන් නොඅඩුව ලැබිණි. තරංගගේ අසනීප තත්ත්වය නිසා නදීකාගේ හිතේ තිබුණු පීඩනය මඟහැරෙන්නට වූයේ උදාරගේ සමීප වීමය. 


රූමත් බවත් තරුණකම නිසාත් උදාරට නදීකාගේ ඇසුර වඩා ප‍්‍රිය උපදවන්නක් විය. ජීවත් වුවත් මියගිය අයෙකු මෙන් ජීවත් වන තරංගව නදීකා සිය සැමියා වශයෙන් නාමිකව තබාගෙන ඔහුට ලැබෙන වැටුප හා අනෙකුත් වරප‍්‍රසාදද භුක්ති වින්දාය. නදීකාගේත්, උදාරගේත් අනියම් ඇසුර තරංගට මෙන්ම සමාජයටත් රහසක්ව පැවතිණි. 


තරංගගේ වැටුපෙන් ලැබෙන මුදල් වලින් කා, බී සැපවිඳි ඇය හොඳින් ඇඳ පැලඳගෙන උජාරුවට පාරේ ගියද ඇයගේ හෘද සාක්ෂියට අනුව ඇය වරදකාරියකි.

m



අදහස් (0)

තරුණ වියේදී වැන්දඹු වුණාම අවිවාහකවම ඉන්න ඕනෑද?

අජිත් Wednesday, 21 October 2015 01:38 PM

ගැහැණු කවුරුද වරදේ නොබැ‍ඳෙන කියන කතාව මතක්වුණා. ඒත් සමාවෙන්න හැම ගැහැණියම නොවෙයි (නි)

:       0       0

සාගර Thursday, 22 October 2015 03:46 AM

උදාර වැනි යහළුවන් හරි උදරයි.යහළුවාගේ බිරිය වෙනුවෙන් ජීවිතය පුදයි..(අ)

:       0       0

ගීතා Tuesday, 27 October 2015 12:44 PM

ගැහැණු කවුරුද වරදේ නොබැ‍ඳෙන කිවුවාට මෙතන ගැහැණිය තනිවම වරදේ බැඳී නැහැ. පිරිමියකුත් සම්බන්ධව තිබෙනවා. (නි)

:       0       0

සංජු Friday, 23 October 2015 09:15 AM

මිනිහා මැරුණාම වෙන කෙනෙකු බදින එක වගේද අසනිප මිනිහා ගෙදර ඉද්දී වෙන මිනිහෙක් එක්ක නිදිවදින එක (ම)

:       0       0

ශානිකා Friday, 23 October 2015 04:34 AM

ගැහැණු කෙනාට තමන්ගේ කැමැත්තක් කරන්න පුළුවන්.කැමති නම් ආයෙත් විවාහ වෙනවා නැත්නම් අවිවාහකව ජීවත්වෙනවා. (නි)

:       0       0

චාමර Thursday, 22 October 2015 12:46 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

වසන්ත Thursday, 22 October 2015 01:54 AM

කවුරු හරිද කවුරු වැරදිද මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ඉනෝකා Thursday, 22 October 2015 08:11 AM

තර්කයට බඳුන් වියයුතු ගැටළුවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 548 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 67 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 93 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 319 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 212 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 670 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site