වෛද්‍යවරයකු වීම යනු සිහිනයක්, අරමුණක් සඵල කර ගැනීමකට එහා ගිය වාසනාවක් යැයි සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරති. ඔහු ඒ වාසනාවට උරුමය ලැබුවේය. නමුත් වෛද්‍යවරයකු ලෙස කටයුතු කළේ පස් වසරකට ආසන්න කාලයක් පමණි. දෛවය ඔහු වෙනත් මාවතකට යොමු කළේය. ආත්ම විශ්වාසය ජීවිතයටත් වඩා ඉහළින් ඔහුට තිබිණ. ඒ හැරත් තමා වඩා දක්ෂ කුමකටද යන්න ගැන දැක්මක් ඔහු සතු විය.
“ඉතින් ආයුබෝවන් ගරු වෛද්‍ය වෘත්තිය” යැයි සඵත වී ඔහු ඊට සමුදුන්නේය. ඉනික්බිතිව “පරිගණක” ක්‍ෂේත්‍රයේ දැනුම ලබා දෙන අධ්‍යයන ආයතනයක් බිහි කිරීමට පුරෝගාමී විය. 2000 වසරේදී ඉතා සුළුවෙන් බිහි වූ එම ආයතනය ටික කාලයක් යාමට මත්තෙන් ශ්‍රී ලංකාවේ පරිගණක අධ්‍යයන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය බවට පත්කිරීමට ඔහුට හැකිවිණි. E - Soft (ඊ-සොෆ්ට්) යන එම ආයතනය ශ්‍රී ලාංකීය ජනතාවට අද වඩාත් සමීප නාමයකි. එතැනින් ද නොනැවතී E - Soft අද ජාත්‍යන්තරය ජය ගනිමින් සිටින අතර ආසියාවේ ප්‍රමුඛතම ආයතනයක් බවට ද පත්ව තිබේ. තම දැක්ම වඩාත් ප්‍රායෝගික කළ ඒ වෛද්‍ය ව්‍යවසායකයා වන වෛද්‍ය දයාන් රාජපක්ෂ ජීවිතය ජයගත් කතාවේ යථාර්ථයයි මේ.
■ වෛද්‍ය වෘත්තියේ ඔබ කොපමණ කල් නියැළුණාද?
සීමාවාසික පුහුණුවෙන් පසුව වසර පහක් විතර.
■ ඒ ගෙවී ගිය කාලයේදී සේවය ලබා දුන්නෙ කොහේ සිටද?
පානදුර රෝහල සහ පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට.
■ ඒ වෛද්‍ය ජීවිතය ඔබට දැනුණෙ කොහොමද?
බොහෝ අත්දැකීම් ලැබුවා විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකයට සම්බන්ධව සිටියදී. රෝගීන්ගේ ඥාතීන් මුහුණ දුන් පීඩනය මම දුටුවා. එයාලගෙ ඥාතීයා වෙනුවෙන් එයාලා අපේක්‍ෂා කරන දේ කොහොමද ප්‍රකාශ කරන්නෙ සහ ආත්ම විශ්වාසය ඇති කරන්නෙ කොහොමද කියන අවස්ථාවලදී අවස්ථානුකූලව මා එයට මුහුණ දුන්නා. ප්‍රතිකාර ලබමින් සිටි රෝගියා හෝ අනතුරට පත් වූ කෙනාගෙ තත්ත්වය ගැන කියලත් බැරි - නොකියත් බැරි අවස්ථා තිබුණා. මිනිස්සුත් එක්ක අවස්ථානුකූලව මුහුණ දී ලොකු අත්දැකීම් ලබා ගත්තා.
■ එවැනි අවස්ථා පාලනය කර ගත්තෙ කොහොමද?
එතෙක් ලබා තිබූ පන්නරය සහ අත්දැකීම් එක්ක ක්‍ෂණිකව ඒ තීරණ ගත්තා.
■ වෛද්‍යවරයකු වීම පිනක් හැටියටයි සමාජය සලකන්නෙ. නමුත් ඔබ වසර පහක් විතරයි එහි නිරත වන්නෙ. ඇයි එහෙම කළේ?
වෛද්‍ය වෘත්තියේදී පැවරුණ කාර්යය මම හොඳින් ඉටුකළ බව ඇත්ත. ඒත් මගේ හැකියාව වෙතින් මේ සමාජයට ඊට වඩා විශාල දෙයක් කළ හැකි බව මගේ හිතේ තිබුණු දෙයක්. වෛද්‍ය වෘත්තියටත් වඩා දෙයක් සමාජයට කළ හැකි වූ දැක්ම මා සතු වුණා. විශේෂයෙන්ම වෛද්‍යවරයකු වීමටත් පෙර තොරතුරු තාක්ෂණය සම්බන්ධව බි්‍රතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තීය සුදුසුකම් සපුරා තිබුණා. වයස අවුරුදු 21 දී විතර වූ ළාබාල වයසේදී ඒ සුදුසුකම් සපුරාලූ චරිතයක් වුණා. මට කොතෙක් දුරට ගමනක් යා හැකිද? එයින් සමාජයට සහ තරුණ පරපුරට දිය හැකි ධාරිතාවය දිහා බැලුවාම මට වෛද්‍ය වෘත්තිකයකුට වඩා තොරතුරු තාක්ෂණයෙන් විශාල දෙයක් කළහැකි යැයි විශ්වාස කළා.
■ ඇයි ඔබට තොරතුරු තාක්ෂණය සහ පරිගණක විෂයය කෙරෙහි හිත ගිහින් තිබුණෙ?
ජන්මයෙන්ම ගෙනා පුරුද්දක්ද? කැමැත්තක් ද කියලා මම දන්නෙ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ පංති ආරම්භවීමට කාලයක් ගතවුණා. ඒ කාලයේදී පරිගණක දැනුම ලබා ගැනීමට වෙහෙසුණා. ඊට පෙරත් පරිගණකය ඇසුරු කොට සාමාන්‍ය දැනුමක් ලබා සිටියා.
■ ප්‍රථම වතාවට පරිගණකයක් භාවිත කළේ වයස කීයේදී විතරද?
රූපවාහිනියට සම්බන්ධ වූ යතුරු පුවරුව වගේ එකක් පරිහරණය කරන්න ලැබුණා. එතකොට වයස අවුරුදු 12ක් විතර ඇති. අන්තර්ජාල පහසුකම් සබඳතා තිබුණේ නැහැ. පරිගණක වැඩසටහනක් හදලා එයින් ලැබෙන ප්‍රතිඵලය බලන්න පුළුවන් වුණා. ඒ දිනවල මගේ විනෝදාංශය වුණේ එක් එක් රටවල ජාතික කොඩි ඇඳීමයි. ඉතින් එහෙම කරගෙන යද්දී ලංකාවේ කොඩිය පරිගණක ඇසුරෙන් ඇදීම මට වඩාත්ම අසීරු වුණා.
■ ඒ විදියට පරිගණකයෙන් එදා බි්‍රතාන්‍ය කොඩිය ඇන්ද ඔබ, පසු කළෙක බි්‍රතාන්‍යයෙන් උසස් අධ්‍යාපනය ලැබුවා. එහෙම නේද?
ඇත්තෙන්ම එදා මට පරිගණකයෙන් එංගලන්ත කොඩිය ඇඳීම පහසු වුණේ එහි හැඩතල සරල වූ නිසයි. පසු කලෙක බි්‍රතාන්‍ය පරිගණක සංගමය හා එක්වෙන්න ලැබේවි කියලා නම් එදා හිතුවෙ නැහැ. පසුකලෙක E - Soft මගේ ආයතනයත් ජාත්‍යන්තරව සම්බන්ධ වුණා.
■ හරි අපි දැන් කියමු ඊ-සොෆ්ට් (E - Soft) පටන් ගත්ත විදිය?
එතකොටත් මම වෛද්‍ය වෘත්තියෙ නියැළෙමින් සිටියෙ. වෛද්‍යවරයකු ලෙස පානදුර කටයුතු කරමින් සිටි කාලයේදී මගේ මිතුරන් කීප දෙනෙක් යෝජනාවක් කළා. ඔයාගේ දැනුමත් එක්ක ඒ දැනුම බෙදා දෙන පරිගණක ආයතනයක් පටන් ගනිමුද කියලා. පරිගණක ක්‍ෂේත්‍රය කෙරෙහි මට තියෙන අසීමිත කැමැත්ත නිසා එක පයින්ම ඊට කැමති වුණා.
■ මොන විදියටද එදා ඒ ආයතනය පටන් ගත්තේ?
2000 වසරෙදි කිරුළපන හයිලෙවල් පාරට නුදුරු ස්ථානයකදී පටන් ගත්තෙ. පරිගණක 6ක් සහ සේවයට තිදෙනෙකු විතර හිටියා. ඉන් එක් අයෙක් පරිගණක විෂය උගන්වන ගුරුවරයකු ලෙසත්, පිළිගැනීමේ නිලධාරිනියක් සහ කාර්යාල සහායකයකු ලෙස කටයුතු කළා.
■ එතකොට ඔබ මොනවද එහි කළේ?
සති අන්තයේදී මෙහි ගුරුවරයකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා.
■ මොනවද ඔබ ඉගැන්නුවේ?
බි්‍රතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම නිසා මෘදුකාංග නිෂ්පාදනය, ප්‍රෝග්‍රෑමින් වගේ අංශ ගැන දේශන ලබා දීම කළා.
■ ඒ වන විට මොන වගේ අවකාශයක් ද පරිගණක ක්‍ෂේත්‍රයේ තිබුණේ?
පරිගණක උපාධි සඳහා පෞද්ගලික අංශය විවර වී තිබුණාට එතරම්ම ඒ අංශය ව්‍යාප්තව තිබුණෙ නැහැ. විශේෂයෙන්ම විවිධ රැකියා කරන අතරේ මේ අංශය ගැන හදාරණ පිරිසක් තමයි සිටියේ. එයාලා රැකියාවක් කළත් බොහෝ විට මෙම අංශයේ සුදුසුකම් සපුරා තිබුණෙ නැහැ. ඒ නිසාම උසස්වීම් පවා ලබා ගැනීමට එයාලට අපහසු වුණා. එවැනි පසුබිමක සිටි අයට ලොකු අවකාශයක් අපෙන් ලැබුණා. පියවරෙන්-පියවර උපාධියක් දක්වා යා හැකි පෙළ ගැස්ම අපි සකසා දුන්නා.
■ ඊ-සොෆ්ට් (E - Soft) නමින් ද එදා එය පටන් ගත්තේ? ඇයි ඒ නම යොදා ගත්තේ?
විශේෂ හේතුවක් හිතලා නෙවෙයි ඒ නම දැම්මෙ. නමුත් මුලින් කිව්ව විදියට මෘදුකාංග නිර්මාණය ගැන වැඩි අවධානය යොමු කළ නිසා ඉලෙක්ට්‍රොනික් සොෆ්ට්වෙයාර් කියන තේමාව ගැන හිතලා ඒ නම යොදා ගත්තා. ඒ හැර වෙන ආදේශ තිබුණෙ නැහැ.
■ පළමු මාසයේදී එයින් ලද ආදායම එහෙම කොහොමද?
මාස හයක් විතර යන කල් වියදමට සරිලන ආදායමවත් ලැබුණේ නැහැ.
■ කොපමණ ආයෝජනයක් කරලද E - Soft පටන් ගත්තේ?
මගේ ආයෝජනය ඇත්තටම රුපියල් ලක්ෂ දෙකයි. තවත් හතර දෙනෙක් හිටියා. ඒ අය ලක්ෂ දෙක බැගින් යෙදවීම කළා. ඒ විදියට තමයි මුලින්ම පටන් ගත්තෙ.
■ පාඩු ලබමින් සිටියදීත් ඉන්පසු වෛද්‍ය වෘත්තියෙන් ඔබ ඉවත් වීමට තීරණය කළේ?
මගේ කැමැත්ත, මගේ දැක්ම සහ මගේ රිද්මය මෙම අංශය වුණා. එක් අංශයක් සාර්ථක කර ගන්න නම් කැප කිරීමක් කළ යුතුම වෙනවා. ඒ වගේම මිතුරන් ආයෝජනය කර තිබුණත්, ශ්‍රමය අතින් කැප කිරීම මදි වුණා. එවැනි වාතාවරණයකදී මෙය තවදුරටත් කරගෙන යාමට නම් ජීවිතේ අවදානම කියන දේ ගැන නොසිතා තීරණයක් ගැනීමේ අවස්ථාවකට එළැඹ සිටියා. ඒ අනුව යාළුවන් යෙද වූ කොටස් මිලදී ගෙන E - Soft 2001 අග භාගයේදී විතර සම්පූර්ණයෙන්ම මගේ යටතට පවරා ගත්තා. පසුව එය පුද්ගලික සමාගමක් වුණත් නාමික වශයෙන් අධ්‍යක්‍ෂවරු අවශ්‍ය වුණා. එවර මගේ සහෝදරියන් දෙදෙනා සම්බන්ධ කර ගත්තා. ඒත් එයාලගෙ වෘත්තීන් එක්ක මීට සම්බන්ධ වුණේ නැහැ. මම තනියම කරගෙන ගියා. ඒ විදියට අවුරුදු 3ක් විතර ටිකෙන් ටික ගොඩ නැගෙන්න පටන් ගත්තා. කිරුළපනින් බම්බලපිටියට ආයතනය ගෙන ආවා. පරිගණක අධ්‍යාපනයට සුදුසු පරිසරය එහි තිබුණා. බම්බලපිටියට ගෙන ඒමේදී මව්පියන්ගෙන් මුදල් ඉල්ලාගෙන ආයෝජනයකුත් කළා.
■ පවුලේ වෛද්‍යවරයා මේ වගේ තීරණයක් ගැනීම ගැන අම්මා - තාත්තා මොනවද කිව්වේ?
එයාලා ඇත්තටම කැමති වුණේම නැහැ. අපේ තාත්තාත් වෛද්‍යවරයෙක්. ඒ නිසා කොහෙත්ම කැමති වුණේ නැහැ. ඇත්තම කිව්වොත් අපේ ගෙදර තිබුණු වාහනයක් විකුණලා තමයි සල්ලි ටික ඉල්ලා ගත්තෙ. එය විකිණීමට කැමැත්ත ගත්තෙත් ආයාසයකින්.
■ අම්මා මොනවද කළේ?
අම්මා උපාධිධාරි ගුරුවරියක ලෙස කටයුතු කළා. නමුත් අපේ පාසල් කාලයේදී අපේ කටයුතු ගැන හිතලා අම්මා කලින් විශ්‍රාම ගත්තා.
■ පවුලේ අනෙක් අය ගැන විස්තර කිව්වොත්?
මම වැඩිමලා. නැගණියන් දෙදෙනයි. එක් නැගණියක් වෛද්‍යවරියක්. අනෙක් නැගණිය නීතිඥවරියක්. ඒ දෙදෙනා දැන් පදිංචිය ඔස්ටේ්‍රලියාවේ.
■ ඔබගෙ ගම?
නාරම්මල
■ ඉගෙන ගත්තෙ?
කුරුණෑගල මලියදේව විදුහලෙන්
■ පවුලේ වැඩිමලා ටිකක් මුරණ්ඩු චරිතයක් කියලත් කියනවනෙ. ළමා කාලයේදී ඔබ මොන වගේ කෙනෙක් වීද?
ළමා කාලය හරිම සුන්දර විදියට ගෙවිලා ගියේ. එක්කෝ වෙලේ දුව පැන ඇවිද්දා නැත්නම් ක්‍රිකට් හරි එල්ලේ හරි ගැහුවා. මම එහෙම මුරණ්ඩු චරිතයක් වුණේ නැහැ. සෙල්ලම් - දඟකාරකම් සියල්ල අතරේ ඉගෙනීම් හොඳින් කරගෙන ගියා.
■ අපි නැවත වර්තමානයට එමු. වෛද්‍ය වෘත්තියෙන් ඉවත්වීම කියන දේ වෙතින් ඔබට ජීවිතය ගැන අවදානමක් තිබුණෙ නැද්ද?
ඒ වන විට ව්‍යාපාරය දියුණු වී තිබුණෙ නැහැ. ලොකු ආදායමක් තිබුණෙත් නැහැ. එකම එක ශාඛාවයි තිබුණෙ. රජයේ රැකියාවකින් ඉවත් වීම වගේම කවදාහරි විශ්‍රාම වැටුපක් තිබීම යන සියලු දේ ගැන සිහිපත් වුණා. නමුත් මට මේ දේ කරන්න පුළුවන් කියන අධිෂ්ඨානය ඒ සියල්ලට වඩා ලොකු වුණා.
■ ඒ අධිෂ්ඨානයත් එක්ක ඇයි ඔබ තොරතුරු තාක්‍ෂණය ගැනම හිතුවෙ?
මුලින්ම මට තිබුණෙ ඒ කෙරෙහි වූ දැක්මක්. ඉන්පසුව දකුණු ආසියාවේ අංක එකේ ආයතනය මෙය බවට පත්කිරීමේ අරමුණ ගැන විශ්වාස කළා.
■ නමුත් ඔබ එලෙසින් තොරතුරු තාක්‍ෂණ අංශයේ ආයතනයක් ස්ථාපිත කිරීමට පෙර ලංකාවේ තවත් ආයතන ස්ථාපිතව තිබුණා. ඒ අතරින් E - Soft වෙනස් වුණේ මොන වගේ සංකල්ප නිසාද? මොකක්ද ඔබ කළ වෙනස?
මේ තොරතුරු තාක්ෂණය නිරන්තරයෙන් වෙනස් වන අංශයක්. දිනෙන් දින සපුරාලිය හැකි සංකල්ප වෙනුවෙන් පෙළ ගැසීම කළ හැකියි. තාක්ෂණය වෙනස් වන විට ඒ වෙනස ගැන හිතන්න පුළුවන් නම් තව ආයතන දහයක් තිබුණත් තාක්‍ෂණයේ වෙනසක් එක්ක ඔවුනට වෙනස්විය නොහැකි වී නම්? ඒ මොහොතේ මා ඒ වෙනස හඳුනාගෙන ඊට අනුගත වී නම්? කවුරුවත් අභියෝග වන්නෙ නැහැ. මා තුළ තිබෙන පෞරුෂය එක්ක සහ මේ ක්‍ෂේත්‍රයේ මම මෙතෙක් හැදෑරූ දේ එක්ක ඒ වෙනස කළ හැකි වුණා. මම නිරන්තරයෙන්ම අලුත් දේ සොයා යනවා. ඒ නිසාම තරගකාරිත්වයට මට මුහුණදීමට පුළුවනි.
■ බම්බලපිටියට පමණක් සීමා නොකොට ඊ-සොෆ්ට් (E - Soft) දීප ව්‍යාප්ත කරන්න හිතුවෙ ඇයි?
මම කිව්වනෙ දකුණු ආසියාවේ අංක එක වීම අරමුණ වුණා කියලා. එහෙම වීමට නම් ඊට පෙර ලංකාවේ අංක එක විය යුතුයි. ඒ නිසා අවශ්‍යතාව ඇති තැන් ගැන අපි විමසිලිමත් වුණා. බම්බලපිටියෙන් පසුව මගේ ගමට, එනම් කුරුණෑගල ඊළඟ ශාඛාව පිහිටෙව්වා. ඊළඟට මහ නුවරට ගෙන ගියා. ඉන්පසු රටේ තවත් ප්‍රදේශවලට ව්‍යාප්ත වුණා. එහෙම වුණේ මා කෙරෙහි තිබු දැක්ම නිසයි.
■ ඒ දැක්ම එක්ක ඊ-සොෆ්ට් ප්‍රචලිත වුණේ මොන වගේ හේතුවක් නිසාද?
තරුණ පරපුරට ගැළපෙන පරිදි ඔවුනට වඩාත් ඵලදායි වන ක්‍රමයක් අපි නිර්මාණය කළා. අවශ්‍ය පොත්. ඊට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව, වෙනත් ක්‍රියාකාරකම්, නායකත්වයේ පෞරුෂයේ පුහුණුව දක්වා ග්‍රාහකයාට අවශ්‍ය දේ අපි හොඳින් ලබාදුන් නිසා එසේ වූ බව මගේ හැඟීමයි. ඒ කාරණා එක්ක තාරුණ්‍ය සහ ජනතාව අතරින්ම කටින් කට අදහස් ගලා ගොස් එය දීප ව්‍යාප්ත වීම දක්වා පුළුල් වන්නට ඇති.
■ අද වන විට දිවයිනේ E - Soft ශාඛා කීයක් තියෙනවද?
45ක් දක්වා ව්‍යාප්තව තිබෙනවා. එතැනින් එහාට අපේ දැක්ම කරා ළඟා වීමට මෑතකදී ලොකු පියවරක් ගත්තා.
■ ඒ මොනවගේ පියවරක්ද?
ජාත්‍යන්තරව අපේ ශාඛා බිහිවීම අතරින් මුලින්ම බංග්ලාදේශයේ ඩකා නුවරදී ෑ - ීදඓ ආයතනයක් පසුගියදා ස්ථාපිත කළා. එරට මේ ක්‍ෂේත්‍රය වෙනුවෙන් විශාල ඉල්ලුමක් තියෙන රටක්. එහි තවත් ශාඛා විවෘත කිරීමට දැන් කටයුතු සම්පාදනය කරමින් යනවා. ඊළඟට, වියට්නාමය, මියැන්මාරය සහ අප්‍රිකානු කලාපයේ රටවල් කීපයකටත් අපේ සේවය ලබා දීමට කටයුතු යොදා තිබෙන්නෙ. ඉන්පසු අනෙකුත් ආසියාතික රටවල් ගැන සොයා බලනවා. ඉස්සර අපේ තේමාව වුණේ ඊැිඑ ෂඔ ඡ්රඑබැර කියායි. නමුත් අද අපි තවදුරටත් පරිගණක අධ්‍යාපනය විතරක් ලබා දෙන ආයතනයක් නොවෙයි. උසස් අධ්‍යාපන ආයතනයක් බවට පරිවර්තනය කර හමාරයි. අලුත් විදියට හිතන තාරුණ්‍යයක් රටට බිහිකිරීම තමයි අරමුණ.
■ නගරයේ අයට ඉංග්‍රීසි දැනුම තිබුණත් ග්‍රාමීයව බොහෝ දෙනාට ඉංග්‍රීසි දැනුම නැහැ. ඒ අයට පරිගණක දැනුම ලබා ගැනීමට එය බාධකයක් නේද?
පරිගණක පමණක් නොවෙයි. ඕනෑම ක්‍ෂේත්‍රයකට ඉංග්‍රීසි දැනුමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ වෙනුවෙන් අපේ වෙනම අංශයක් ස්ථාපිත කළා. නමුත් මොන දේ කළත් වඩා වැදගත් වන්නේ තමුන් ලබා ගන්නා දැනුම ප්‍රායෝගික කර ගැනීමයි.
■ අද බම්බලපිටියේ විතරක් ඔබගේ ආයතන පරිශ්‍ර නව ගොඩනැගිලි ත්‍රිත්වයක් තිබීම ඔබ කොහොමද දකින්නෙ?
මුලින් කරගෙන ආ ඒවා වෙතින් මුලික දැනුම දෙන අතරේ මෑතකදී බිහි වූ නව පරිශ්‍රයෙන් උපාධි දක්වා වූ කටයුතු සිදු වෙනවා.
■ අද ලෝකයේ මොන වගේ අවස්ථා ලබා ගැනීම සඳහා ද පරිගණක ක්‍ෂේත්‍රයෙන් ඉගෙන ගත යුත්තේ?
මෘදුකාංග කියන අංශය ඉතා සංකීර්ණ පුළුල් අංශයක්. මම විශ්වාස කරන විදියට ශ්‍රී ලාංකීය තාරුණ්‍ය යා යුත්තේ ඒ අවකාශය සොයාගෙනයි.
■ පරිගණක දැනුමත් එක්ක ලෝකය අද කොතැනද සිටින්නෙ? ඊට සාපේක්ෂව ලංකාව කොතැනද සිටින්නෙ?
ශ්‍රී ලංකාව ඇත්තටම ලෝකයේ සෑහෙන තැනක සිටින බව කියන්න පුළුවනි. මෘදුකාංග නිර්මාණයේදී උසස් තාක්‍ෂණය සහිතව නව්‍යකරණයෙන් අන්තර්ජාතිකව තැනක සිටිනවා. ශ්‍රී ලාංකීය මෘදුකාංග ලාබ නැහැ. ගුණාත්මක බවින් ඉහළයි.
■ අද ඔබ රටේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයෙක්. වෛද්‍ය වෘත්තිකයෙක් නොවී ව්‍යවසායකයකු ලෙස තෘප්තියක් ලබනවද?
අනිවාර්යයෙන්ම ඔව්.
■ ඒ කියන්නෙ, මුදල් නිසාද?
මුදල් නෙවෙයි. රටට සේවය ලබා දීමට හැකිවීම නිසයි. දකුණේ සිට උතුරට ගිහින් ඒ සේවය ලබා දීමට හැකිවීම නිසා ලබන තෘප්තිය ඉහළයි. මේ ළඟදී යාපනයට ගියා. දමිළ වුවත් එයාලා එක්ක ඉතා සහයෝගයෙන් කටයුතු කළ හැකි වුණා. ඒ විදියට අද මම මේ රටේ ඕනෑම දිස්ත්‍රික්කයක පළාතකට ගියොත්, මාව අනුගමනය කරන්න ආසා, ඇසුරු කරන්න ආසා, මගේ දැනුම ගන්න ආසා කරන මිනිස්සු බොහෝමයි. ඒ වගේ දේ මුදලට ගන්න බැහැ. වෙන වෘත්තියක යෙදී සිටියේ නම්? ඒ පළාතට, තැනට විතරක් බොහෝ විට සීමාවේවි.
■ ඒ විදියට ඔබ අනුගමනය කරන්න කැමති මිනිස්සු ඔබගෙ සාමාන්‍ය ජීවිතයේ රිද්මය ගැන දැන ගන්න කැමති ඇති. ඔබගෙ ප්‍රියතාවයන් මොන වගේද?
ජීවිතය ඇත්තටම විඳින්න ඕනෑ. භෞතික සම්පත් වගේම, මානසික සුවය සඳහා වූ දේටත් කැමතියි. විශේෂයෙන් වනගත වී ඡායාරූපකරණයේ යෙදෙන්න කැමතියි. සමහර අවස්ථාවලදී අප්‍රිකාවේ මහා වනාන්තරවලටත් ගිහින් තියෙනවා. එතකොට පීනන්න කැමතියි. බිලියඞ් ක්‍රීඩා කරන්න කැමතියි. නවීනතම රථයක ආස්වාදය ලබන්න කැමතියි. හොඳ වාහනයක් පාවිච්චි කරන්නෙ පිටස්තරයට දර්ශනය කරවීමට නෙවෙයි. ආරක්ෂාව ගැන ඊට වඩා හිතනවා. අපි පාරේ කොච්චර හොඳට ගියත්. අනතුරුවෙන අවස්ථා තියෙනවා. ඉතින් ආරක්ෂාව ගැන සිතීම වැදගත්. වතාවක් මම ඒ විදියට අනතුරකට ලක්වී දැඩි සත්කාර ඒකකයේ පවා හිටියා. ඒත් කිහිලි කරු දෙකෙන් ඇවිත් මම මගේ දැනුම තරුණ පරපුරට ලබා දුන්නා. ඒ කැප කිරීම් වෙතින් ලැබූ වින්දනය ඉහළයි.
■ සමාජයේ අනෙකුත් චරිත අතර ඔබ වෙනස් වෙන්නෙ මොන වගේ හේතු නිසාද? ස්වභාවයන් නිසා කියල ද ඔබ හිතන්නෙ?
කරන දේ වෙතින් මම නිතරම ඇති කියලා හිතන්නෙ නැහැ. වෙනස සහ එය සොයාගෙන යන්න කැමතියි. අද පවතින දේට වඩා, තියෙන තැනට වඩා දෙයක් කළ යුතුය කියලා හිතනවා. මට තියෙන ලොකුම අභියෝගය වෙන්නේ ලංකාව නිෂ්පාදන ක්‍රියාවලියේදී බිංදුවේ සිටින්නෙ. කවදාහරි යම් හොඳ නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වී රටට ඵල නෙළාදීම අවසන් අභිප්‍රායයි. ඒ වගේම මම හරි නායකයෙක් වන්නේ ඊළඟට මෙය ගෙන යා හැකි දෙවැනි පෙළ නායකත්වයක් බිහිකළොත් විතරයි. එවැනි කණ්ඩායමක් මා සතු බව මට දැනෙනවා. එහෙම නොවූවොත් මා අසාර්ථකයි.
■ මේ සාර්ථක ගමනේදී ඔබ, ඔබ වෙතින් දකින හොඳම දේ මොකක්ද?
වැඩක් පවරා මම නිකම් හිටියෙ නැහැ. පැවැරූ වැඬේ පිටුපස මාත් හිටියා. හරි ගියා හෝ වැරදුණා. එහි අවසන් ඵලය දක්වා මම හිටියා. සමහර විට එය කරන කෙනාට එය වධයක් වෙන්න පුළුවන්. ඒත් අවසන් හොඳ දක්වා මම මගේ කාර්යය කිරීමට කැමතියි.
■ ඒ වගේම ඔබගෙ දුර්වලකම හැටියට දකින්නෙ?
වෙලාවකට තරහා යනවා.
■ ඇයි ඒ?
සියයට සීයකට වඩා ප්‍රතිඵලය උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා. මට වරදින්න බැහැ. හැබැයි එහෙම කියලා ඒ වරද මත ඉන්නෙත් නැහැ. වැරදි දේ නිවැරදි කිරීමේ අධිෂ්ඨානය තියෙනවා. ඒත් වැරදි කරනවාට මම කැමති නැහැ. ඒ මගේ හැටි. මේ නිසා සමහර විට අනෙක් අයට පසුතැවීම් ඇති වනවා ඇති. ඒක මගේ දුර්වලකමක්.
■ අද මේ ආ ගමන දිහා ආපසු හැරී බලද්දී ඔබට මොනවද හිතෙන්නේ?
සතුටුයි. නමුත් පුද්ගලිකව මට ජයග්‍රහණ වැඩක් නැහැ. රටට ජයග්‍රහණ ගෙන දීම වගේම, රටට සංවර්ධනයට අත්වැලක් සැපයීම මගේ බලාපොරොත්තුවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොරතුරු තාක්‍ෂණයෙන් ආසියාවම ඇල්ලූ හිටපු දොස්තර
පාල Wednesday, 10 August 2016 09:25 AM
සුකිරි ඔබ කීව ප්‍රශ්නේ ගැන තමා මාත් මේ හිතුවේ. මට හිතෙන්නේ සිද්ධාලේප සමාගම විතරයි ඇත්ත කිවේ. "ඔබේ විශ්වාශය අපේ දියුණුවයි" කියල තමා සිද්ධාලේප සමාගම ප්‍රචාරය කරන්නේ. (බ)
සොයිසා Wednesday, 10 August 2016 09:32 AM
රටට සේවය කරනවා කියන එක එක්කෝ ෆැෂන් එකක්. එහෙම නැති නම් ජෝක් එකක්. අහන අහන කෙනා කියන්නේ රටට සේවේ කරන්න එක්කෝ දෙශලානේ කරනවා. එක්කෝ ව්‍යාපාර එක්කෝ රටගිහින්. හා අදායම් නැතිව මාසයක් කරලා පෙන්නන්න පුලුවන්නම් ඔය සේවය (අ)
සංජීව Wednesday, 17 August 2016 03:58 AM
සුපුන්, ඔයා කියන දේ දේශපාලකයෝ සම්බන්ධයෙන් නම් ඇත්ත. එ්ත් ව්‍යාපාරිකයෝ නිසා රටට සේවයක් වෙනවා නේද? ඔවුන් නිසා මේ රටේ ජනතාවට රැකියා ලැබෙනවා. විදේශ විනිමය එනවා. ඔවුන් ව්‍යාපාර කරන්නේ රටට සේවය කිරීමේ අභිලාෂයෙන්ම නෙමෙයි වෙන්න පුළුවන්. එ්ත් වක්‍රාකාරව රටේ උන්නතියට දේශපාලනයෙන් වෙනවට වඩා යමක් පුද්ගලික ව්‍යාපාර වලින් වෙනවා. (නි)
සුපුන් Wednesday, 10 August 2016 03:40 AM
ඔබතුො ඉන්න තැන ගැන ඉතාම සන්තෝෂයි. ඒත් තරහ ගන්න එපා මහත්තයෝ මෙහෙම ඇහුවට. මේ ප්‍රශ්නය මහත්තයට පමණක්ම අදාලත් නැහැ. දේශපාලකයෝ සහ ව්‍යාපාරිකයෝ අැයි රටට සේවය කරනවා කියලා කියන්නේ. එ්ක කොයිතරම් දුරට ඇත්තද? (නි)
කීර්ති Tuesday, 09 August 2016 07:39 AM
ඔබතුමා වාගේ වෙන්න මාත් ආසයි. ඒත් ඉසිලිය නොහැකි බාධා හැමතැනම. (නි)