IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


තීරු බදු රහිත වාහන බලපත් ජාවාරම

පොල් ගෙඩි පනහකට ත‍්‍රීරෝද රියක් විකිණුනු යුගයක් තිබුණි. පොල්ගෙඩි දෙකකට යතුරු පැදියක් විකිණුනු යුගයක් විය. එපමණකුදු නොවේ. හාල් ගෝනියකට මෝටර් රථයක් මිල කෙරුණු යුගයක් ද තිබුණි. ඒ අවසන් මානුෂීය මෙහෙයුම ක‍්‍රියාත්මක වෙද්දී වෙල්ල මුල්ලවෛක්කාල් සටන් බිමේ උග‍්‍ර ආහාර හිඟයක් පැවති කාලයේදීය. බඩගින්න නිවාගන්නට ආහාරයක අවශ්‍යතාව මිස වාහනයක වටිනාකම ගැන සිතන්නට ජනතාවට නිනව්වක් නොවූ කාලයේදී පොල් ගෙඩියට සහල් ගෝනියට මිල කෙරුණු වාහන පිළිබඳව මතකය නැවතත් සිහිගැන්වුණේ තීරු බදු රහිත වාහන බලපත් ලාභීන් එම බලපත‍්‍රය දඩමීමා කරගෙන කරන වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය කළ යුතු යැයි සිතුණු පසුබිමකදීය.

 

 

අප රටේ බහුතරය ආර්ථිකමය වශයෙන් අර්බුදකාරි තත්ත්වයකට මුහුණදී සිටිය ද ඉකුත් කාලයේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන මගින් හෙළිදරව් කළ පරිදි එකක් රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුත් වාහන දහයකට වැඩි සංඛ්‍යාවක් දිනකට ලියාපදිංචි කෙරේ. අප රටේ පවතින ආර්ථික විෂමතාව අනුව සුළු පිරිසක් අතරේ ධනය හා සම්පත් කේන්ද්‍රගත වීමත් මීට බලපා ඇත.

ඉකුත් කාලයේ ප‍්‍රවාහන අමාත්‍යංශය මගින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළිදරව් වූ කරුණු අනුව වාහන අයත් ජනගහනය පුද්ගලයන් 1000කට 130කි. 2021 වර්ෂය වන විට පුද්ගලයන් 1000කට 270ක් වශයෙන් වාහන භාවිත කිරීමේ ප‍්‍රවණතාව දෙගුණ වේ යැයි විශ්වාස කෙරේ. අධික මිල ගණන් යටතේ වූ වාහන බොහෝමයක් දේශපාලඥයන් සතු ඒවා වීම ද විශේෂ ලක්‍ෂණයකි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට පළාත් ආණ්ඩුකාරවරුන්ට, පළාත් පාලන ආයතන සභාපති හා උපසභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට, ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්ට, වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, රජයේ ඉහළ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත් හිමි වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වසර පහකට වරක් ද පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අදාළ නිල කාලයේ එක් වතාවක් ද පළාත් පාලන සභාපති හා උපසභාපතිවරුන්ට අදාළ නිල කාලයේ එක් වතාවක් ද මෙම තීරුබදු රහිත වාහන බලපත් හිමිවේ.

රාජ්‍ය සේවයේ නිරත විධායක මට්ටමේ කළමනාකරණ නිලධාරීන් හා වෘත්තියමය තනතුරු දරන්නන්ට සහනදායි කොන්දේසිවලට යටත්ව වාහනයක් ආනයනය කර ගැනීමට ලබා දී තිබූ වරප‍්‍රසාදය දැන් මෙම ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන්ට ද හිමිය.

2011 වසර වෙද්දී තීරුබදු රහිතව ලක්‍ෂ 40කට මිලදී ගත හැකිව තිබූ බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක බලපත‍්‍රය ඇතැම් මන්ත‍්‍රීවරුන් විසින් විකුණන ලද්දේ ලක්‍ෂ 200ක පමණ මුදලකට වූ අතර ලක්‍ෂ 30කට ලබාගත හැකි වූ වොල්වෝ වර්ගයේ මෝටර් රථයක තීරු බදු රහිත වාහන බලපත‍්‍රය අලෙවි කෙරුණේ ලක්‍ෂ 150කට ය. එමෙන්ම එම කාලයේදී තීරුබදු රහිතව ලක්‍ෂ 25ක මුදලට ලබාගත් වාහන බලපත‍්‍රය ලක්‍ෂ 175කටත් ලක්‍ෂ 40ක ප‍්‍රාඩෝ වාහන බලපත‍්‍රය ලක්‍ෂ 200කටත් ඒ කාලයේදී අලෙවි කෙරුණි.

තීරු බදු රහිත වාහන බලපත‍්‍රය මින් පෙර පැවැතියේ නීතිය අනුව වසර 5ක් යන තෙක් විකිණීමට හෝ පැවරීමට නොහැකි ආකාරයෙනි. එහෙත් නව නීති සංශෝධනය අනුව තීරු බදු රහිත වාහන බලපත‍්‍රලාභියාට බලපත‍්‍රය විකිණීමට හෝ පැවරීමට බාධාවක් නැත. එමෙන්ම තමන්ට අවශ්‍ය වාහනයක් ගෙන්වා එය ඒ මොහොතේම අලෙවි කිරීමට ද අද කිසිම බාධාවක් නැත.

පෙර පැවති සීමා යටතේ වුව ද මෙම තීරු බදු රහිත වාහන බලපත් විකිණීම හෝ වාහනයක් ගෙන්වා නාමිකව අලෙවි කිරීමට කිසිදු ආකාරයේ නීතිමය බාධාවක් දේශපාලනඥයන්ට පැවතී යැයි ප‍්‍රායෝගිකව භාවිතය මගින් තේරුම්ගත හැකිය. මක්නිසාදයත් ඔහු එම නීතිමය බාධාව නමැති බන්ධනයෙන් සූක්‍ෂ්ම ලෙස රිංගා යෑම සඳහා පසුබිම සකස් කරගෙන තිබූ හෙයිනි.

එදා මෙම තීරු බදු රහිත වාහන බලපත‍්‍රය පසුබිම් කරගෙන ගෙන්වූ වාහන දේශපාලනඥයන් විසින් දෙවැනි පාර්ශවයක් වෙත අලෙවි කිරීම පිටුපස ජාවාරම ක‍්‍රියාත්මක වූයේ මේ අයුරිනි.

උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා හෝ පළාත් සභා මන්ත‍්‍රිවරයා තම වරප‍්‍රසාද ලෙස රජයෙන් ලැබෙන ඩොලර් 40,000 (ලක්‍ෂ 40ක්) පමණ වූ වාහන බලපත‍්‍රය මගින් ඔහු එය අලෙවි කිරීමට අදහස් කරන අයගේ ඉල්ලීමට සරිලන සේ වාහනයක් ඇණවුම් කර ගෙන්වා ලක්‍ෂ 100කට අවම තරමින් අලෙවි කරයි. එහෙත් තීරු බදු සහිතව මෙහි සැබෑ වෙළෙඳපොළ වටිනාකම ලක්‍ෂ 120ක් පමණ වෙයි. ඒ පසුබිම මත ගැනුම්කරුටද රුපියල් ලක්‍ෂ 20ක පමණ ලාභයක් හිමිවෙයි. මෙම ගණුදෙනුවේදී ඇත්ත වශයෙන්ම දේශපාලනඥයා ලක්‍ෂ 60ක පමණ අයුතු ලාභයක් ලබාගනියි.

මෙහිදී දැකිය හැකි තවත් විශේෂිත කරුණක් වනුයේ දේශපාලනඥයාට ලැබුණු මෙම බදු රහිත වාහන බලපත‍්‍රයේ වටිනාකම වාර්ෂික ක්‍ෂය වීමේ ක‍්‍රමය යටතේ තම මාසික දීමනාවෙන් කොටස් වශයෙන් අඩුකර ගැනීමේ පදනමට යටත්ව මෙය ලබාදීමයි. මේ අනුව දේශපාලනඥයා ලබන ලාභය තව තවත් ඉහළ පරාසයකට ඔසවා තැබේ.

තවත් පැත්තකින් රටේ කවර ප‍්‍රශ්න අර්බුද පැවතියත් දේශපාලනඥයන්ගේ සුබ සාධනය උදෙසා ගැනෙන තීරණයන්ගේ නම් අඩුවක් නැත.
නිල කාලය දීර්ඝ කර ඇති උතුරු හා නැගෙනහිර පළාත් පාලන ආයතන 11ක ප‍්‍රධානීන්ට බදු සහන වාහන බලපත‍්‍ර ලබාදීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වීම ඊට එක් නිදසුනක් පමණි.

ඇමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව ඞීසල් එන්ජින් ධාරිතාව 2500ක හා පෙට‍්‍රල් එන්ජින් ධාරිතාව 1500 නොඉක්මවන වාහන ආනයන කිරීමේ ඉඩහසර මේ යෝජනාව අනුව හිමිවනු ඇත. මෙම යෝජනාවට අනුව නගරාධිපතිවරු තිදෙනකුට ප‍්‍රාදේශීය සභා 8ක සභාපතිවරුන්ට හා උපසභාපතිවරු 16 දෙනකුට මෙම වරප‍්‍රසාදය හිමිවේ.

අප රටේ ස්ථාපිත මහනගර සභා සංඛ්‍යාව 23කි. නගර සභා සංඛ්‍යාව 41ක් වන අතර ප‍්‍රාදේශීය සභා සංඛ්‍යාව 271 කි.

මෙකී පළාත්බද දේශපාලන ආයතනවලට නගරාධිපති, සභාපති සහ උපසභාපති තනතුරු දරණ අනුයුක්තව සිටින දේශපාලනඥයන්ගේ සංඛ්‍යාව 606කි. දළ වශයෙන් මේ දේශපාලනඥයන්ට පමණක් තීරු බදු රහිතව වාහන මිලදී ගන්නේ නම් ඒ සඳහා දරන්නට වන මුදල දළ වශයෙන් රුපියල් කෝටි 120කි. තීරු බදු සහිතව එම දේශපාලනඥයන්ට වාහන මිලදී ගන්නේ නම් ඒ සඳහා වැය කළ යුතු මුදල රුපියල් කෝටි 365 කි. රජයට ඒ අනුව අහිමි විය හැකි මුදල රුපියල් කෝටි 245කි.

උතුරු-නැගෙනහිරට අයත් පළාත් පාලන ආයතන 11ක නගරාධිපතිවරු, සභාපතිවරු හා උපසභාපතිවරු සහ දේශපාලනඥයන් 19 දෙනාට තීරු බදු රහිත වාහන ලබාදීමේ වරප‍්‍රසාදය හිමිකර දීමෙන් රජයට දළ වශයෙන් රුපියල් කෝටි 4කට ආසන්න මූල්‍යමය පාඩුවක් විඳින්නට සිදුවෙයි.

පාසලෙන් ගෙන එන්න යැයි කියූ මුදල දෙන්නට වත්කමක් නැතිකමට පොල් ගෙඩි අටක් සොරකම් කරන්නට සිදුවූ දරුවන් සිටින රටක, ආබාධිත මවුන් රකින්නට පාසල් යන්නට සහ ජීවත්වන්ට පාසල් යන අතරතුරම පෙට්ටි කඩයක් කරමින් ජීවිතය සරිකරගන්නා දරු පැටවුන් සිටින රටක දේශපාලනඥයන්ගේ සුබසාධනය උදෙසා ලබාදෙන වරප‍්‍රසාදයන්හි වපසරිය සැබැවින්ම කණගාටුවට කාරණාවකි.

අනෙක් අතට ලැබෙන වරප‍්‍රසාද පවා ජාවාරමක් බවට පත් කරගත් බහුතරයක් දේශපාලනඥයන්ගේ කල්ක‍්‍රියාව මෙන්ම සංවර්ධනයට මුවා වී තම ගිණුම් තර කරගන්නා බහුතරයක් දේශපාලනඥයන්ගේ පැටිකිරිය ද බරපතළ ඛේදවාචකයකි.

එහෙත් ”වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” අපට අසන්නට සිදුව ඇත්තේ ද එයමයි.

 

 

සටහන - සංජීවිකා සමරතුංග

 



අදහස් (0)

තීරු බදු රහිත වාහන බලපත් ජාවාරම

මාල Thursday, 11 July 2013 01:39 AM

ටිකිරි ලා වගේ අය කරන්නේ හීන් නුලෙන් කඩේ යන එක. කෙලින් ගොට්ට අල්ලනවා කියල පෙනෙන නිසා ප්‍රබුද්ද කතා හරහා වන්දිබට්ට කොන් කරන එක. ලංකාවේ මහා බැංකුව තරන් බොරු කියන තැනක් තවත් තියනවද.එකේ ඉන්න ලොක්කන්ගේ වාර්තා අනුව ලංකාව කියන්නේ කේතුමතී පුරයක්.හැබැයි අපට වැලේ වැල් නැහැ.(අ)

:       0       0

චන්දිම Thursday, 11 July 2013 02:19 AM

රට රස්සාවල් කරන අපටත් ඔහොම එකක්වත් දෙනවනම් කාර් එකක් ගන්න තිබුනා, අපිට කොහෙන්ද ඉතින් කාර් ගන්න සල්ලි , අනේ ආපොයි මුන් ඕවා අරගෙනවත් හරියට උන්ගේ වැඩේ කරන්නේ නැහැනේ (අ)

:       0       0

අමාලි සිල්වා Sunday, 07 July 2013 04:29 PM

මේ දේශපාන ක්‍රමය තිබෙන තුරු මේවා වලක්වා ගෙනිමට බැරිය. විරුද්ධ පක්ෂයේ අය බලා සිටින්නේ ඔවුන් බලයට පත් වුනාට පසු ඔවුන්ට ලබා ගත නොහැකිවූ බලයත් මුදලත් ඔවුන් මේ ආකාරයටම ලබා ගැනිමට . අද යන දේශපාලන ක්‍රමය අනුව සුළු පක්ෂ වල බලයද රැගෙන හෙමදම බලයට පත් වන්නේ එජාපය හෝ එක්සත් සන්ධානය පමණකි. අපට වෙනත් විකල්පයක් නොමැත. බලයට පැමිණීම සඳහා සුළු ජාතින් සහ සුළු පක්ෂ නැතුවම බැරිය. බලයට පත්වූවන් සහ පාලනය වන අපිත් මේ ක්‍රමයට පුරුදු වෙනවා හැරෙන්න විකල්පයක් නොමැති තරම්ය (නි)

:       0       0

පාල Thursday, 11 July 2013 12:01 PM

ලංකාවේ මහා බැංකු වාර්තා පිලි ගන්ට බෑ දැන් ටිකිරි.එයාල වාර්තා හදන්නේ ලෝක බැංකුවෙන් නය ගන්ට සහ චන්ද දිනන්ට බලාන. ඒසියන් ට්‍රිබුයුන් එක කියනවා ලංකාව කියන්නේ මධ්‍යම පන්තිය සීග්‍රයෙන් දියවෙන රටක් කියල.මහා බැංකුව කියනවා ආර්ථික වර්දනේ සියට පහයි කියල.ලෝකේ අනික් රටවලුත් දැන් මහා බැංකුව විස්වාස නොකරන තැනට ඇවිල්ල.

:       0       0

රානි Thursday, 11 July 2013 12:01 PM

ලංකාව කියන්නේ ලෝකෙන් නයට කන රටක්.එහෙම රටකට මේවා දරන්න පුලුවන්ද. (දී)

:       0       0

දිනේෂ් Wednesday, 10 July 2013 07:53 PM

උත්සාහ කළොත් ඔබට ජය. සුබ අනාගතයක්! (දී)

:       0       0

ගයන් Sunday, 07 July 2013 06:07 PM

කව්ද වැරදිකාරයෝ? දේශපාලුවන්ට ඡන්දෙ දීල පත් කරපු මෝඩ මිනිස්සුමයි. ජනතාවත් රට ගැන හිතලා නෙමේ ඡන්දෙ දෙන්නේ, තමුන් ගැන හිතලා. ඕකයි ප්‍රශ්නේ. තමුන්ගේ ළමයට රජයේ රැකියාවක්, සමෘද්ධි සහනේ වගේ දේවල් වලට ගැති වෙලා ඡන්දෙ දෙනවා. දැන් මුළු රටම අගාදේ. (නි)

:       0       0

වික්‍රම Wednesday, 10 July 2013 09:08 PM

ඔය තීරු බදු රහිත වාහන විකුනන්නේ ආණ්ඩුවේ දේශපාලකයන් විතරද ? (අ)

:       0       0

ටික්කා Wednesday, 10 July 2013 09:14 PM

ඇයි පර්මිට් වාහන විතරද ? කොහොම හරි අවුරුදු 5 ක් හිටියොත් ලැබෙන පැන්ෂන් එක ගැන කතා නොකරන්නේ ?(අ)

:       0       0

ටිකිරි Wednesday, 10 July 2013 03:07 PM

ඉහත ලිපිය සම්පූර්ණයෙන් කියවපුවාම ලංකාව ගැන සතුටු වෙන්න පුළුවනි. මොකද ලංකාවේ පුරවැසියන්ගෙන් 1000 කට වාහන 130 ක් තියනවාලු. 2021 දී මෙය 270 වෙනකල් වැඩි වෙන වාලු. අනෙක් අතට දිනකට සුපිරි වාහන 10 ක් අලුතින් ලියාපදිංචි වෙනවාලු. මේවා පලකරලා තියෙන්නේ සංඛ්‍යා ලේඛන අනුවනම් ඒක හොඳ ප්‍රවනතාවයක්. ඒවගේම දේශපාලකයෝ හැරුනාම තවත් වාහන හිමියෝ මිලියන ගණනක් ලංකාවේ ඉන්නවා වගේ පෙනේනේවා. ලංකාවේ ආර්ථික අර්බුදයක් තියනවා කියල පෙන්නන්න උත්සහකලාට ඉහත සංඛ්‍යා ලේඛන වලට අනුව මට නම් පෙනෙන්නේ ලංකාවේ ධනවතුන්ගේ ගණන එන්න එන්න වැඩිවන පාටයි . මොකද කෙනෙක් වාහනයක් ගන්නේ එක්කෝ වැඩිපුර මුදල් තියෙන හින්දා එහෙම නතිනම් මුදල් උපායා ගන්න පුළුවන් හින්දා. දේශපාලකයන්ට තීරු බදු රහිත වාහන ලබාදීම මමනම් හිතන්නේ නැහැ මොන රජයෙන්වත් නවත්වයි කියලා. ඒවගේම ඒ වරප්‍රසාදය තියන තවත් විශාල සංඛ්‍යායාවක් ලංකාවේ ඉන්නවා. ඉතින් ඔය පිටරට වලට යන්න හිතාගෙන ඉන්න අයත් තව ටිකක් ලංකාවේම ඉඳගෙන අනුන්ට ඉරිසියා නොකර උත්සහ කලොත් දියුණු වෙන්න බැරිවෙන එකක් නැහැ. එතකොට ලංකාවත් ඉබේටම දියුණු වෙයි.(නදී)

:       0       0

එල්.ජී.ජේ.ධර්මරත්න Wednesday, 10 July 2013 11:07 AM

බය වෙන්න එපා. මේ ආත්මෙ විතරයි. ඒවා ගැන හිතලා අපි දුක් වෙන්නෙ මොකට ද? විස ගස් සිටුවන උදවිය ලබන්නෙ විස පලදාවයි. කුසල් කරන අය ලබන්නෙ කළ කුසලේ විපාකයයි.අප කරනා දේ අපටයි ඔබ කරනා දේ ඔබටයි. නරක කළොත් නරකක් වෙයි හොඳක් කලොත් හොඳක්ම වෙයි. (නි)

:       0       0

නලින් Monday, 08 July 2013 03:41 PM

දැන් මේ රට ගන්න දෙයක් නැහැ. තව ඉස්සරහරට අපේ දරුවන්ට හරිම අමාරු තත්වයක් එන්නේ. මම නම් කියන්නේ පුළු පුළුවන් අය වෙනත් රටවල් වලට යන්න. මම මගේ රට ගැන මහා කලකිරීමෙන් ඉන්නේ.(නදී)

:       0       0

අනුරාධ Wednesday, 10 July 2013 03:48 PM

ෂා..... "ටිකිරි" මොලේ! (දී)

:       0       0

ප්‍රදීප් Monday, 08 July 2013 12:45 PM

සර්වබල ඡන්ද හිමි අඥානයින් සහ සමහරක් ඉන්නකන් ඔහොම තමයි ඉතින් (නි)

:       0       0

විජේ Wednesday, 10 July 2013 11:37 AM

පර්මිට් නැති කරලා , හැමෝටම එක විදිහට සැලකුවා නම් වඩා උතුම් නේද ? (නි)

:       0       0

පද්මා Monday, 08 July 2013 05:11 PM

පුළු පුළුවන් අය බෝට්ටුවකින් තෙප්පමකින් හරි කමක් නැහැ ආසියාවේ (අ)මුතු ඇටෙන් මාරු වෙත්වා..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5628 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 805 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1386 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39138 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site