IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


තලකිරියාවේ විමලරතන මා හිමි උපහාර

සම්බුද්ධ සාසනය හැම විටමත් ආරක්ෂාවුණෙත්, මේ තාක් අඛණ්ඩව පැවැත්මට මග පෙන්වූවෙත්,ශාසන භාරධාරීව වැඩ විසූ මහතෙරවරුන් බවට අපේ දීර්ඝ අවිච්චින්න ඉතිහාසයම අපමණ සාක්කි සපයයි.මොන තරම් අතුරු උවදුරු ආක්‍රමණ හා ශාසන විරෝධී බලවේග ක්‍රියාත්මක වුවද එබඳු මහ තෙරවරුන් දිවි දෙවෙනිකොට තකමින්, මහා දුෂ්කර ක්‍රියාවන් හි නියැලෙමින් මෙම සාසනය රැකගත් බවට අපට ඇත්තේමහත් අභිමානයකි.

මාතලේ අඹන ගංගාරාමයත්, එහි පවත්නා විද්‍යාර්ථ මහ පිරිවෙණත් අද එම පළාතේ විද්‍යාමාන, මාතලේ දිස්ත්‍රික්කයටම මිණිපහනක් වූ මහා විද්‍යායතනයකි.ඒ මගින් සිදුකෙරෙණ ශාසනික ,අධ්‍යාපනික, සමාජ හා මහජන සේවාව බෙහෙවින් අගය කළ යුතුය.

මේ සියළු සේවාවන්හි නිර්මාතෘවරයාණන්වහන්සේ මාතලේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන තලකිරියාවේ විමලරතන මහා ස්වාමීන්ද්‍රයාණෝය.මෙයින් අඩ සියවසකට පමණ පෙර මාතලේ දඹුල්ල තලකිරියාවේ සත්ගුණවත් සම්භාවණීය පවුලකට අයත්,ටී.එම්.ආර්.පී.ජී .ඩිංගිරි බණ්ඩා පියතුමාටත්,එච්.එම් ටිකිරි කුමාරි මෑණියන්ටත් පුත් රුවනක්ව මෙලොව පහළවූ, විමලරතන නාහිමියෝ, එම පළාතේ සම්භාවණීය මහ තෙරණුවන් දෙපළක්වූ, අපවත්වී වදාළ  කිල්ලගම පඤ්ඤාරතන මාහිමිපාණන් වහන්සේගේ හා අංකුඹුරේ සුමංගල මාහිමිපාණන්වහන්සේගේ සිසුදරුවෙකු ලෙස  සාමණේර පැවිද්දෙන් ද, විසිවස් සම්පූර්ණවූ කල්හි, මහනුවර අස්ගිරි මහා විහාර උපෝසථාගාර සීමා මාලකයේ දී උපසම්පදාව ලැබීමෙන් ද සිය පැවිදි දිවිය ශෝභාවත් කර ගත්හ.

මූලික දහම් අධ්‍යාපනය,දුල්ලෑව, කපුකොටුව ශාන්ති නිකෙතන මහ පිරිවෙණින් ද, අනාගත ශාසන භාරධාරී තෙරකෙනෙකුට අත්‍යාවශ්‍ය ත්‍රිපිටකධර්ම හා අනෙකුත් අදාළ    උසස් අධ්‍යාපනය මාතලේ ධර්මරාජ මහ පිරිවෙණින් ද ලද අප නාහිමියෝ විනය ගරුක සත්‍ය ගරුක පරිපූර්ණ සම්භාවණීය යතිවරයෙකු ලෙස සිය කුසලතා ප්‍රකට කළහ.

තම ගුරුදේවයන් වහන්සේලාගේ අපවත්වීමෙන් අනතුරව අඹන ගංගාරාමයේ ආධිපත්‍යට පත්ව, ගුරුදෙවයන් නතර කළ තැන් පටන් සිය විහාරයේ දියුණුව පිණිස අප්‍රතිහත වීර්යයකින් කටයුතු කරමින් සිය විහාරස්ථානය පළාතේ සියළු විහාරාංග වලින් සමන් විත සම්භාවණීය පූජනීය බිමක් කළා පමණක් නොව, ඒ තුළ  විද්‍යාර්ථ මහ පිරිවෙණ අරඹමින් කළ මහා ශාස්ත්‍රීය සේවාව මුළු මාතලේ ප්‍රදේශයටම මහත් ආලෝකයක් උදා කළේය. පළාතේ පැවැති සම්භාවණීය පිරිවෙන් නාමයක් භාග්‍යවන්ත ලෙස ලබා ගණිමින් විද්‍යාර්ථ මහ පිරිවෙන ආරම්භ කිරීම උන්වහන්සේගේ අනාගත දැක්ම මැනවින් ප්‍රකට කළ අතිශය ප්‍රඥාවන්ත තීරණයකි.අද මෙම ආයතනය බොහෝ භික්ෂුපිරිසකට පමණක් නොව, පළාතේ දරුවනටද සෙත සදන උසස් අධ්‍යාපන ආයතනයක බවට ඉහළම කීර්තියක් හිමි කරගෙන ඇති අතර, පළාතේ කුදුමහත් සියළු සාසනික සේවා කරන ප්‍රධාන විහාරස්ථානයක් ලෙසටද කාගේත් ගෞරවාදරය දිනාගෙන සිටී.

අධ්‍යාපන අංශයෙන් අඹන මහා විද්‍යාලයේ වර්තමාන දියුණුවට ද අනෙකුත් වටා පිටාවේ ගම්වල විහාරස්ථාන වලට මෙන්ම  විද්‍යාලවලටත් උන්වහන්සේ ලබා දී ඇති විවිධවූ සහායයන් ප්‍රශංසා සහගතමය.

නාවුල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධීකාරීන් වහන්සේ ලෙස වසර ගණනාවක් පළාතේ දහම් පාසැල් සංවර්ධනයටත්, විහාරස්ථාන වල දියුණුවටත් උන්වහන්සේ කර ඇත්තේ අමිළ සේවාවකි.මේ හැරුණු විට සේනාගම ධර්මරාජ විහරයෙත්,හඳුන්ගමුව ශ්‍රී ලංකාරාමයේත්,කරඳගොල්ල පුණ්‍යවර්ධනාරාමයේත් ආධිපත්‍ය දරමින් පහසුකම් අඩු එම ප්‍රදෙශවල ජනතාවට උන්වහන්සේ සිදුකරන්නේ මහනීය සේවාවකි.

නාවුල අරහන්ත පබ්බත විහාරය,අඹන හංදිය විහාරය, ඕපල්ගල මොරගොල්ල විහාරය ආදී සිය පරපුරේ විහාරස්ථාන වලටද උන්වහන්සේ ලබා දෙන්නේ මහත් ශක්තියකි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආරාධනයෙන් උන්වහන්සේ, ස්විට්සර්ලන්තයේ මෙන්ම ප්‍රංශයේ ද සාසනික සේවා චාරිකාවක නිරත වීමද විමලරතන මාහිමියන්ගේ ජීවිතයේ අනුස්මරණීය සිහිවටනයකි.

මේ සියළු සේවාවන් සිදුකරමින් උන්වහන්සේ අතිශයින් කාර්ය බහුල ජීවිතයක් ගත කරති.ඇසුරු කරන  බොහෝ ගිහි පැවිදි සැමටම උන්වන්වහසේ සැබැවින් ම කළ්‍යාණමිත්‍රයාණ කෙනෙකි. නිතැතින්ම පරර්ථසේවාව සිය ජීවිතය කර ගත් ප්‍රිය මනාප භික්ෂුවරයාණ කෙනෙකි.විවිධ දුෂ්කරතා ජය ගනිමින්, මහ මග අනන්තවත් පයින් ගමන් කරමින්,රෑ-දවල් නොතකා බොහෝ අපහසුතා විඳින ජනතාව වෙනුවෙන් උන්වහන්සේ කරන කැපවීම මුළු පළාතටම මහත් සැනසිල්ලකි.

මෙම මහනීය සේවාව ගැඹුරින් අවධානයට ලක්වූවාසේ, මහනුවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයීය මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින්, අපේ විමලරතන මාහිමිපාණන්වහන්සේට , මාතලේ නැගෙනහිර ප්‍රධාන සංඝ නායක පදවියෙන් සම්මාණිතව පිදුම් කරවීම උන්වහන්සේ ගැන දන්නා, එම සේවාවන් අගයය කරන  ගිහි-පැවිදි සැමගේම බලවත් අමන්දානන්දනයට හේතුවක්වී ඇතිබව ප්‍රශංසා පූර්වකව සඳහන් කළ යුතුමය. මෙම වැදගත් අවස්ථාවේදී උන්වහන්සේට අපිදු දිගාසිරි ප්‍රාර්ථනා කරම්හ.

 

ආචාර්ය තවලම ධම්මික නාහිමි

ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක, ජිනීවා බෞද්ධ ජාත්‍යන්තර බෞද්ධ විහාරය.



අදහස් (0)

තලකිරියාවේ විමලරතන මා හිමි උපහාර

නීල් Thursday, 30 May 2013 12:34 PM

කල්කිරියාව හොඳනම් කුමන පව්ලක කවර පළාතක ඉපදුනත්, ඕනෙම හාමුදුරුනමකට තලකිරියාවේ හාමුදුරුවෝ වගේ උත්තම චරිතයක් ගොඩනගාගන්න පුළුවන්. (ස)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 216 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 43 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 81 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 172 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 224 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 869 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site