IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


තලගොයි මස් නැතිව මඩ වතුර බිව් ප‍්‍රභාකරන්

දහස් සංඛ්‍යාත ජනතාවකට සීතල මරණය උරුමකර දෙමින් මරණ මංචකය කරා ගෙන ගිය සුර සැප විඳි මේ මහා ජන ඝාතකයාට කරවටක් වතුරේ බැස මඩ වතුර බීමට සිදුවීමද දෛවෝපගත සිදුවීමක් වශයෙන් සැළකිය හැකිය. පසුදින පහන් වන විට ප‍්‍රභාකරන් කඩොලාන සහිත වගුරු බිමේ තුවාල ලබා සිටින බවට තොරතුරු හමුදා බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබී ඇත. ප‍්‍රභාකරන් ඇතුළු ඉතිරිව සිටි නායක නායිකාවන් සැඟවී සිටි කඩොලාන සහිත වගුරු බිම්කඩ දෙසට පැති කිහිපයකින් හමුදා කණ්ඩායම් දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කළ අතර අවසානයේ 19 වන දින උදේ 10.00 ට පමණ වෙඩිකා මිය ගොස් සිටි ප‍්‍රභාකරන්ගේ සිරුර සොයාගනු ලැබිණි. යාපනය පුරපති ඇල්ෆ‍්‍රඞ් දොරේඅප්පා 1975 වසරේ ජූලි මස 25 ඝාතනය කරමින් ප‍්‍රභාකරන් නමැති මහා ජන ඝාතකයා ආරම්භ කරන ලද ඊලාම් සිහින සටන නන්දිකඩාල් කළපුවේ වගුරු බිමේදී නිමාවට පත්වූයේ මුළු දේශයටම නිදහස හා සාමය ලබාදෙමිනි. ලොව අංක එකේ බිහිසුණු ත‍්‍රස්තවාදියා මැරුම්කෑමත් සමගම තිස්වසරක් පුරාවට පැවති යුද්ධයද අපේ මව්බිමෙන් තුරන් විය. ප‍්‍රභාකරන්ගේ හිසට වෙඩි පහරක් එල්ලවී තිබිණි. ප‍්‍රභාකරන්ගේ ශරීරාරක්ෂකයින් ඇතුළු ඉතිරිව සිටි සියලූම නායක නායිකාවන්ගේ සිරුරු ද තැනින් තැන වැටී තිබී හමුදාව විසින් සොයාගනු ලැබූ අතර එම සංඛ්‍යාව 50 -  60 කට වැඩිය. අපි දැන් පය ගසා සිටින්නේ රුදුරු ත‍්‍රස්තවාදීන් රොත්ත මැරුම්කෑ කඩොලාන සහිත බිම් කඬේය. අපේ රණවිරුවන් විකුම් පෑ විජයග‍්‍රහණයන් කළ රණබිමේය. අන්තිම සති කිහිපය ප‍්‍රභාකරන් කුසගිනි නිවාගෙන ඇත්තේ රොටි කෑල්ලකිනි. අවසාන දවස් දෙක තුන තුළ කුසගින්න නිවා ගැනීමට රොටි කැබැල්ලක්වත් ඔහුට සොයා ගැනීමට නොහැකිව මඩ වතුර බී කුස ගින්න නිවාගෙන ඇත්තේ ඒ නිසාය. වටංවාල් කෝවිල පිහිටා ඇත්තේ මුල්ලයාවේලි ප‍්‍රදේශයේය. මුල්ලයාවේලි පිහිටා ඇත්තේ මුලතිව් දිස්ත‍්‍රික්කයේය. ප‍්‍රභාකරන් දන්න කාලයක සිටම ඒ කෝවිලේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට ගොස් ඇතත් 2009 වසරෙන් පසු යාමට නොහැකිවී තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව යුද්ධය දරුණු අතට හැරී තිබූ නිසාය. කොටි සංවිධානය මුල්වරට සැහැල්ලූ ගුවන් යානයක් ගුවන්ගත කර මල් ඉසිනු ලැබුවේද මෙම කෝවිලට බව බුද්ධි අංශ කියයි. කොටි නායක නායිකාවන් රැසක්ම පදිංචිව සිටි නිවාස පිහිටා තිබුණේ පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේය. පුදුකුඩිරිප්පු යන නමෙහි සිංහල අරුත වන්නේ අලූත් ගම්මානය යන්නයි. මුලතිව් දිස්ත‍්‍රික්කයේ ඇති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහෙන් ලොකුම ප‍්‍රදේශය වන්නේද පුදුකුඩිරිප්පුය. ඉහළම පෙලේ කොටි නායක නායිකාවන් රැසක් පදිංචිව සිටියේ මෙම ප‍්‍රදේශයේ නිසා ඒ කාලයේ පැය 24 පුරාම විදුලිය බලය මෙම ප‍්‍රදේශයට අඛණ්ඩව සපයා තිබී ඇත. විදේශයකින් ගෙන්වන  ලද අධිබලැති විදුලි ජනක යන්ත‍්‍ර පද්ධතියක් පුදුකුඩිරිප්පුවේ පිහිටා තිබී ඇත. කොටි නායකයන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දුවා දරුවන්ද තලගොයි මස් කෑමට බොහොම රුචියක් දක්වා ඇත. මේ නිසා ඒ කාලයේ සමහරුන් කැලෑවට ගොස් තලගොයින් අල්ලා ගෙන පැමිණ පුදුකුඩිරිප්පුව හංදියේ තබාගෙන සිට එකෙක් පණ පිටින් විකුණා ඇත්තේ රුපියල් 1,000 සහ 2,000 අතර මුදලකට බව එහිදී අපට තරුණයින් කිහිප දෙනෙක් පැවසූහ. කැස්බෑ මස්, තලගොයි, කකුළුවන් හා ඉස්සන් කෑමට වඩාත් ප‍්‍රියකරන ප‍්‍රභාකරන් අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්හි ආහාරයට ගන්නේ එළවළු පමණකි. හාල්පිටි වලින් සෑදූ පිට්ටු, පොල් සම්බෝල සමග මුරුංගා හොදි උදේ ආහාරය සඳහා ලබා ගන්නා ප‍්‍රභාකරන් දිවා ආහාරය සඳහා බත් සහ ව්‍යංජන ආහාරයට ගනී. රාත‍්‍රී ආහාරයට පාන්පිටි වලින් සෑදු සැහැල්ලූ ආහාරයක් ගැනීමට ප‍්‍රභාකරන් පුරුදුව සිට ඇත. ප‍්‍රභාකරන් උදෑසනම පැය භාගයක් පමණ ශාරීරික ව්‍යායාම් වල නිරතව තෙල් සහිත සම්බාහනයක් කරගෙන උදෑසන 9.00 පමණ වන විට ස්නානය කර ඇත. සවස 5.00 ට පමණ නැවතත් පැය භාගයක පමණ කාලයක් ඇවිදීමට යන ප‍්‍රභාකරන් නැවත තෙල් සම්භාහනයක් කර ස්නානය කරයි. දකුණු ඉන්දීය රූපවාහිනි වැඩසටහන් නැරඹීමට දැඩි ලෙස ආශා කරන මොහු සවස් කාලයේ ඉහළ පෙලේ කොටිනායකයින් හා විශේෂිත පුද්ගලයින් හමුවීමට යොදාගෙන ඇත. මරාගෙන මැරෙන කොටි සාමාජික සාමාජිකාවන් මුණ ගැසීමට,  යුද්ධයෙන් අනාථ වූ දරුවන් මුණ ගැසීමට හා කොටි කඳවුරු පරික්ෂා කිරීමට යාමටද දවසෙන් පැය කිහිපයක් ප‍්‍රභාකරන් වෙන්කරගෙන තිබේ. වන්නි මානුෂිය මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු මේ දින චර්යාවන් සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වී ඇති බව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත. මුව මස් හා ගෝන මස් වලට අමතරව තලගොයි මස් කෑමට ප‍්‍රභාකරන්ද දැඩි රුචියක් දක්වා ඇති බවත් ඒ නිසා ඔහුට ලබාදීමටද තලගොයි රැගෙන යාමට එකල කොටි ත‍්‍රස්තයින් පැමිණි බව එම තරුණයෝ අප සමග වැඩිදුරටත් පැවසූහ. පහළ මට්ටමේ ඇතැම් කොටි ත‍්‍රස්තවාදීන් එදා මුදල් නොදී බලහත්කාරයෙන් විකිණීමට තබාගෙන සිටි තලගොයි රැගෙන ගිය ආකාරය ගැනද ඒ තරුණයෝ සිහිපත් කළහ.කොටි නායක ප‍්‍රභාකරන්ට කොයිමොහොතක හෝ සබ්මැරීනයකින් රටින් පලා යාමට සැලසුම්කර තිබූ බවත් ඒ සඳහා විශාල ප‍්‍රමාණයේ සබ්මැරීනයක් සාදමින් සිටි බවත් ප‍්‍රකාශ කරනු ලැබුවේ කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්ටර් විසිනි. හමුදාවට බාරවීමෙන් පසු කිලිනොච්චියේදී පැවති මාධ්‍ය හමුවකදී දයා මාස්ටර් එදා මේ බව හෙළි කර ඇත. වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ කොටින්ගේ සබ්මැරීන් අංගනයක් තිබී හමුදාව සොයාගත් අතර ප‍්‍රභාකරන්ට පලා යාමට සාදමින් තිබූ විශාල ප‍්‍රමාණයේ ඒ සබ්මැරීනය අදටත් එහි දක්නට ඇත. යුද ගැටුම් දරුණුවීම නිසා එය සම්පූර්ණයෙන් සාදා අවසන් කිරීමට නොහැකිවී ඇත. අඩක් නිමවා ඇති ඒ විශාල සබ්මැරීනය වෙඩි නොවදින තහඩු යොදාගෙන සකසා තිබේ. ඒ සබ්මැරීනය මුහුද තෙක් රැගෙන යාම සඳහා සබ්මැරීන අංගනයේ සිට මුහුදු වෙරළ තෙක් කොන්ක‍්‍රීට් වලින් විශාල ප‍්‍රමාණයේ ඇළ මාර්ගයක්ද සකසා තිබේ. මුහුදේ අධික වේගයෙන් ගමන් කළ හැකි ස්කූටර් විශේෂයක්, පාද වලින් දිය මත පැදගෙන යාහැකි ඉතා කුඩා ප‍්‍රමාණයේ යාත‍්‍රා ඇතුළු යාත‍්‍රා රැසක් වෙල්ලමුල්ලිහිදී මහජන ප‍්‍රදර්ශනයට තබා ඇත. පාද වලින් දිය මත පැදගෙන යා හැකි ඉතා කුඩා ප‍්‍රමාණයේ යාත‍්‍රාවේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා ආබාධිත කොටි සෙබළකු හෝ සෙබළියක එයට නංවා එය පදවාගෙන ගොස් නාවික හමුදා යාත‍්‍රාවක ගැටීමට සලස්වා පුපුරුවා හැරීම කර ඇති බව ඒවා ගැන ජනතාවට කරුණු පහදාදෙන හමුදා සෙබළු පවසති. කොටි සංවිධානයේ සබ්මැරීන් අංශය බාරව සිට ඇත්තේ ද වන්නි මානුෂිය මෙහෙයුමේදී මැරුම්කෑ ප‍්‍රභාකරන්ගේ වැඩිමල් පුත් චාල්ස් ඇන්තනීය. චාල්ස් ඇන්තනී යුරෝපීය රටක පිහිටි සරසවියක තොරතුරු තාක්ෂණය හා ගුවන්යානා තාක්ෂණය පිළිබඳව පුහුණුවීම ලබා ඇති බව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත. මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත‍්‍රික්කවල ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් මාර්ග පද්ධතීන්, පාලම්, බෝක්කු දිවා රාත‍්‍රී දෙකේ ඉදිකරගෙන යන අයුරු එම ප‍්‍රදේශවල සංචාරය කරන  ඕනෑම අයෙකුට ඇස්පනාපිටම දක්නට ලැබේ. තව වසර කිහිපයකින් ඒ පළාතේ වසර 30 ක් පුරා යුද්ධයක් තිබුණාදැයි සොයාගැනීමටත් නොහැකිවනු නිසැකය. අහිමිවූ ජීවිත හැරෙන්නට සියල්ල ඔවුනට ලැබෙනු ඇත. මෙම ලිපිය සැකසීමේදී උපකාර කළ උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා, බි‍්‍රගේඩියර් ජයවර්ධන, මුලතිව් කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ජනක ගුණතිලක, උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න, සැරයන් වරුන් වන දිසානායක (22472) සහ නෙල්සන් (46883) යන මහත්වරුන්ටද විශේෂ ස්තුතිය හිමිවේ.

විස්තරය- ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප - මාදම්පේ නිර්මාල් ප‍්‍රසංග
නන්දිකඩාල් කළපුවේ අවසන් ගමන් ගිය ප‍්‍රභාකරන් ප‍්‍රභාකරන් අන්තිම මොහොතේ පැනයාම සඳහා සෑදූ සබ්මැරීනය සබ්මැරීනය මුහුදට ගෙනයාමට සෑදූ ඇළ මාර්ගය    



අදහස් (0)

තලගොයි මස් නැතිව මඩ වතුර බිව් ප‍්‍රභාකරන්

ෆෙර්ණන්දෝ Saturday, 09 November 2013 08:08 PM

රට ගැන දුකයි (නි)

:       0       0

අංජු Wednesday, 25 January 2012 11:51 PM

ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න දැන් බය නැතිව පාරේ යන්න පුලුවන්. මමත් බෝම්බයකට මුහුණ දුන්නු කෙනෙක්

:       0       0

ජයලත් Monday, 24 September 2012 10:04 AM

මොහුනම් නියම අමනුස්සයෙක්.. (ස)

:       0       0

සිගිති Monday, 23 January 2012 02:28 PM

ඔහු කොහොමත් මිනිමස් කන්න ඉපදිච කෙනෙක් නෙ

:       0       0

උපුල් Monday, 30 January 2012 01:50 PM

මේවා අ‍පේ අයට ඉක්මණින් අමතක වෙනවනේ මොනව වුණත්. ජනාධිපතිතුමා තව අවුරුදු 20 වත් ඉන්න ඕනා මේ රට හදන්න නම්

:       0       0

අසිත Monday, 23 January 2012 05:42 PM

මෙච්චර කලක් අපේ ලංකාවට පත් වුණ නායකයෝ කළේ කොටියට හොදට කන්න දීලා රට පාවා දුන්න එක. දැන් වෙනකම් ඔහු ජීවත් වෙලා හිටියනම් අපිට වෙන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරි වෙනවා. අපේ අතිගරු ජනාධිපතිතුමාට සහ රණවිරුවන්ට අපි සදා ණයගැතියි!

:       0       0

Saman Friday, 27 January 2012 02:02 PM

අපේ අතිගරු ජනාධිපතිතුමාට සහ රණවිරුවන්ට අපි සදා ණයගැතියි!දැන් බය නැතිව පාරේ යන්න පුලුවන්

:       0       0

තිලක් Saturday, 07 July 2012 09:42 AM

ජනපතිට පින් සිද්ධ වෙන්න අද අපි භය නැතුව පාරේ බැහැලා යනවා.එතුමා හැමදාම මේ රට පාලනය කරනවා නම් තමයි හොද

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1076 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4562 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 412 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site